Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික බැඳීමකට බලපාන කායික රෝගී තත්වයන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික බැඳීමකට බලපාන කායික රෝගී තත්වයන්..

ඉතින් කොහොමද, මීට මාසෙකට විතර කලින් ඉඳන් අපි අදහස් හුවමාරු කරගන්න ආරම්භ කරපු “සිරි යහනේ - නෑ සහනේ” ලිපි මාලාව දැන් බොහොම ජනප්‍රියයි. සමාජ ජාල වෙබ් අඩවිවල, විවිධ forum වල විතරක්ම නෙවෙයි, මගතොට පවා බොහෝ දෙනෙක් මේ ලිපි මාලාව කියවනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා.

ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරද්දි කාන්තාවන්,පිරිමින් බාල මහළු භේදයක් නැතිව තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් මේ ලිපි කියවන අවස්ථා ඕන තරම් අපි දකිනවා. ඒක නිසා මේ කතාකරන මාතෘකා කොයිතරම් ඔබට වැදගත්ද කියලා අපි දන්නව. ඉතින් මූලිකවම පළමු ලිපියේදී අපි සඳහන් කරපු මාතෘකා ඔස්සේ කකා කරගෙන ඇවිත් අද 5 වැනි කොටසයි ඔබ එක්ක කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ.

පහුගිය කොටස් කියවන්න බැරිවුණානම් හොඳම දේ මුලින් ඒ ටික කියවලා එන එකයි. නැත්නම් වෙන වෙලාවක කියවන්න bookmark කරලා තියාගන්න. මෙන්න මෙතනින් ඒ ලිපිටික කියවන්න පුළුවන්.

හරි එහෙනම් අපි අද මාතෘකාවට බහිමු. අද අපි කතාකරන්න හිතාගෙන ඉන්නේ යුවලකගේ ලිංගික බැඳීමකට බාධා ඇතිකරන විවිධ කායික සහ මානසික රෝග සම්බන්ධයෙන්. අපි ඒ පොදු හැඳින්වීමක් වගේම ඒවායෙන් ඇතිවෙන බලපෑම සහ ඒවා මගහැරගන්න ආකාරය කතාකරමු.

මුලින්ම අපි කතාකරමු මොනවද මේ කායික බැඳීමකට එහෙමත් නැත්නම් කාන්තාවකගේ සහ පුරුෂයෙක්ගේ ලිංගික එක්වීමකට බාධා ඇතිකරවන කායික රෝග කියලා. කායික රෝග කියන්නෙම ආයුර්වේදයේ නම් වාතය, පිත සහ සෙම අසමතුලිත වීම නිසා ශරීරයේ ඇතිවෙන රෝග. බටහිර වෙදකමට අනුවනම් මිනිසාගේ ශරීරයේ පද්ධතීන් සහ අවයව වලට ඇතිවෙන රෝග තත්ත්වයන්.

සාමාන්‍යයෙන් මොනයම් ආකාරයක හෝ කායික රෝගී තත්වයක් ඇතිවුනොත් යුවලකට පුරුදු විදිහට ලිංගිකව එක්වෙන්න වගේම සුපුරුදු මානසික තත්ත්වයෙන් සතුටින් ඉන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. අපි හිතමු දෙන්නගෙන් එක් අයෙක්ට උණ හෙම්බිරිසාව ඒත් නැත්නම් ඊට එහා ගියපු ටිකක් දරුණු අසනීපයක් හැදිලා තියන අවස්ථාවක ලිංගිකව සතුටු වෙන්න පුළුවන් තරම් ශාරීරික ශක්තියකින් වගේම සැහැල්ලුවකින් නොඉන්න පුළුවන්.

එවැනි තැනකදි හොඳම දේ තමයි තමන්ගේ සහකරුවා හෝ සහකාරියට මේක සරලව සහ කාරුණිකව පැහැදිලි කරලා දෙන එක. එතකොට අසනීප තත්ත්වයේ ඇති අමාරුකම වගේම තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට තමන්ගේ උදව් අවශ්‍යයි කියන එක අනිත් කෙනාට බොහොම තදින් දැනෙනවා. එතනදි ලිංගික තෘප්තිය සම්බන්ධයෙන් මානසික සහ කායික අවශ්‍යතාව ඉක්මවලා කරුණාව සහ වේදනාව කියන හැඟීම් ඉස්මතුවෙලා අවස්ථානුකූලව කටයුතු කරන තැනට අනිත් කෙනත් පත්වෙනවා.

ඒක නිසා ප්‍රධානම අවශ්‍යතාවය තමයි මේ කායික අපහසුතා ගැන කතා කරන එක. විශේෂයෙන්ම කාන්තාවගේ මාසික ඔසප්වීම් කාල සීමාවට ආසන්නව සතියක විතර කාලය තුලදි කාන්තාවට විවිධ කායික අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. බඩ කොරවීම්, කෑම අජීර්ණ, බඩ බුරුල්වීම, කලවා සහ අත්වල මාංශ පේශි සිරවීම්, පියයුරු සහ තනපුඩු ආශ්රිත වේදනා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ කාලසීමාවකදි කාන්තාවකට ලිංගිකව එක්වීම එතරම් පහසු දෙයක් නෙවෙයි.ඒත් ඒක තාවකාලිකව පමණයි. ඒ වගේම මාසික ඔසප්වීම් සිදුවන කාල සීමාවේදී බොහෝ කාන්තාවන්ට ලිංගිකව එකතුවීමට අවශ්‍ය වුනත් රුධිරය පිටවීම නිසා එය අපහසු තත්ත්වයක්, එවැනි තැනකදි ඇගේ ඒ අපහසුතාවයන් පිළිකුල් නොකර ඇය ලඟින් රැඳෙන්න පුරුෂයා කටයුතු කරනවනම් ඒක කාන්තාවට ලොකු ශක්තියක්.

ඒ වගේම තමයි පිරිමින්ගේ පැත්තෙන් ගත්තත් විවිධ අවස්ථාවල ලිංගික එක්වීම්වලට බාධාවෙන කායික රෝගී තත්තවයන් බලපානවා. ඇතැම්විට ඔබ දන්නවා ඇති හර්නියා, මුත්‍රාශයේ ගල් තැන්පත්වීම් වගේ රෝගී තත්වයන් ඇතිවුණාම පිරිමියෙක්ට තමන්ගේ ලිංගේන්ද්‍රයට පිඩනයක් ඇතිවීම අධික වේදනාවක් ඇතිකිරීමට හේතුවෙන්න පුළුවන්. ඒ වගේම වෘෂණ කෝෂ ඉදිමීම, තැලීම් සිදුවීම, මුත්‍රා දැවිල්ල වගේ රෝගී තත්ත්වයන් ඇති අවස්ථාවලත් පිරිමියාට ලිංගික තෘප්තිය විඳීමට බාධා ගෙන දෙන්න පුළුවන්. ඉතින් මේ අමාරුකම් ටිකත් තමන්ගේ සහකාරිය එක්ක කතාබහ කරන්න පුළුවන්නම් දෙන්නටම මේ තත්වය ගැන අවබෝධයක් ලැබෙනවා. එතකොට සිරියහන තුල ගැටළු ඇතිවීම අවම වෙනවා.

මේ වගේ කායික රෝග ගණනාවක් විවිධ ආකාරයෙන් යුවලකගේ ලිංගික ජීවිතයට බලපෑම් ඇතිකරනවා. මේ ලෙඩ රෝගනම් බෙහෙත් කරලා හොඳ කරගන්න පුළුවන්, ඒත් මේවා නිසා දෙන්නාගේ ජීවිතයේ අවබෝධයට, තෘප්තියට ඇතිවෙන තුවාල නම් එහෙම ලේසියෙන් හොඳකරන්න බෑ. ඒක නිසා එහෙම තුවාල බැඳීම්වලට ඇතිනොවෙන්න කටයුතු කරන්න පුළුවන්නම් ඉතාම හොඳයි. ඒකට හොඳම මාර්ගය සංවේදී අදහස් හුවමාරුව තමයි. එහෙම නොවී දෙන්නගෙම අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොවී කායික අමාරුකම් පැවතීම සමහර වෙලාවට වෙනත් අනියම් සම්බන්ධතා දක්වා දුරට යන අවසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කරනවා.

තව එක දෙයක් කියන්න අමතක වුනා, ඒ තමයි සමහර අවිවාහක වගේම විවාහක කාන්තාවන්ටත් ඇති වෙන Vaginismus රෝගී තත්වය. මෙතනදි වෙන්නේ කාන්තාවගේ යෝනි මාර්ගය හැකිලීම. මෙය අධික තරබාරු කාන්තාවන්ට වගේම අධික කෙට්ටු කාන්තාවන්ටත් ඇතිවෙන්න පුළුවන්. මේ විදිහට යෝනි මාර්ගය හැකිලීම නිසා ලිංගික සබඳතාවකදී ඇතිවෙන අධික වේදනවා නිසා ඔවුන් ලිංගික එක්වීමකින් පලායන අවස්ථා දකින්න පුළුවන්.

මේ රෝගී තත්වයෙන් වේදනා විඳිනවා වෙනුවට ඔබට පුළුවන් ස්ත්‍රී රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙලා මේ සම්බන්ධයෙන් කතාකරන්න. මේ රෝගයට අවශ්‍ය ඕනෑතරම් ප්‍රතිකාර තිබෙන නිසා තවදුරටත් බයවෙන්න දෙයක් නෑ.

අපි අද කතාකරේ ලිංගික බැඳීමකට බාධා කරන කායික රෝගී තත්ත්වයන් ගැන. ලඟදිම ඔබට ලියන මේ ලිපි මාලාවේ ඊළඟ කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගික බැඳීමකට බාධා කරන මානසික රෝගී තත්ත්වයන් ගැන. ඔබට මොනවාහරි ගැටළු තිබෙනවනම් මේ ගැන editor.her.lk@gmail.com ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවන්න දෙපාරක් හිතන්න එපා.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23008918, member: 421102"] [b]ලිංගික බැඳීමකට බලපාන කායික රෝගී තත්වයන්..[/b] ඉතින් කොහොමද, මීට මාසෙකට විතර කලින් ඉඳන් අපි අදහස් හුවමාරු කරගන්න ආරම්භ කරපු “සිරි යහනේ - නෑ සහනේ” ලිපි මාලාව දැන් බොහොම ජනප්‍රියයි. සමාජ ජාල වෙබ් අඩවිවල, විවිධ forum වල විතරක්ම නෙවෙයි, මගතොට පවා බොහෝ දෙනෙක් මේ ලිපි මාලාව කියවනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරද්දි කාන්තාවන්,පිරිමින් බාල මහළු භේදයක් නැතිව තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් මේ ලිපි කියවන අවස්ථා ඕන තරම් අපි දකිනවා. ඒක නිසා මේ කතාකරන මාතෘකා කොයිතරම් ඔබට වැදගත්ද කියලා අපි දන්නව. ඉතින් මූලිකවම පළමු ලිපියේදී අපි සඳහන් කරපු මාතෘකා ඔස්සේ කකා කරගෙන ඇවිත් අද 5 වැනි කොටසයි ඔබ එක්ක කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය කොටස් කියවන්න බැරිවුණානම් හොඳම දේ මුලින් ඒ ටික කියවලා එන එකයි. නැත්නම් වෙන වෙලාවක කියවන්න bookmark කරලා තියාගන්න. මෙන්න මෙතනින් ඒ ලිපිටික කියවන්න පුළුවන්. හරි එහෙනම් අපි අද මාතෘකාවට බහිමු. අද අපි කතාකරන්න හිතාගෙන ඉන්නේ යුවලකගේ ලිංගික බැඳීමකට බාධා ඇතිකරන විවිධ කායික සහ මානසික රෝග සම්බන්ධයෙන්. අපි ඒ පොදු හැඳින්වීමක් වගේම ඒවායෙන් ඇතිවෙන බලපෑම සහ ඒවා මගහැරගන්න ආකාරය කතාකරමු. මුලින්ම අපි කතාකරමු මොනවද මේ කායික බැඳීමකට එහෙමත් නැත්නම් කාන්තාවකගේ සහ පුරුෂයෙක්ගේ ලිංගික එක්වීමකට බාධා ඇතිකරවන කායික රෝග කියලා. කායික රෝග කියන්නෙම ආයුර්වේදයේ නම් වාතය, පිත සහ සෙම අසමතුලිත වීම නිසා ශරීරයේ ඇතිවෙන රෝග. බටහිර වෙදකමට අනුවනම් මිනිසාගේ ශරීරයේ පද්ධතීන් සහ අවයව වලට ඇතිවෙන රෝග තත්ත්වයන්. සාමාන්‍යයෙන් මොනයම් ආකාරයක හෝ කායික රෝගී තත්වයක් ඇතිවුනොත් යුවලකට පුරුදු විදිහට ලිංගිකව එක්වෙන්න වගේම සුපුරුදු මානසික තත්ත්වයෙන් සතුටින් ඉන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. අපි හිතමු දෙන්නගෙන් එක් අයෙක්ට උණ හෙම්බිරිසාව ඒත් නැත්නම් ඊට එහා ගියපු ටිකක් දරුණු අසනීපයක් හැදිලා තියන අවස්ථාවක ලිංගිකව සතුටු වෙන්න පුළුවන් තරම් ශාරීරික ශක්තියකින් වගේම සැහැල්ලුවකින් නොඉන්න පුළුවන්. එවැනි තැනකදි හොඳම දේ තමයි තමන්ගේ සහකරුවා හෝ සහකාරියට මේක සරලව සහ කාරුණිකව පැහැදිලි කරලා දෙන එක. එතකොට අසනීප තත්ත්වයේ ඇති අමාරුකම වගේම තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට තමන්ගේ උදව් අවශ්‍යයි කියන එක අනිත් කෙනාට බොහොම තදින් දැනෙනවා. එතනදි ලිංගික තෘප්තිය සම්බන්ධයෙන් මානසික සහ කායික අවශ්‍යතාව ඉක්මවලා කරුණාව සහ වේදනාව කියන හැඟීම් ඉස්මතුවෙලා අවස්ථානුකූලව කටයුතු කරන තැනට අනිත් කෙනත් පත්වෙනවා. ඒක නිසා ප්‍රධානම අවශ්‍යතාවය තමයි මේ කායික අපහසුතා ගැන කතා කරන එක. විශේෂයෙන්ම කාන්තාවගේ මාසික ඔසප්වීම් කාල සීමාවට ආසන්නව සතියක විතර කාලය තුලදි කාන්තාවට විවිධ කායික අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. බඩ කොරවීම්, කෑම අජීර්ණ, බඩ බුරුල්වීම, කලවා සහ අත්වල මාංශ පේශි සිරවීම්, පියයුරු සහ තනපුඩු ආශ්රිත වේදනා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ කාලසීමාවකදි කාන්තාවකට ලිංගිකව එක්වීම එතරම් පහසු දෙයක් නෙවෙයි.ඒත් ඒක තාවකාලිකව පමණයි. ඒ වගේම මාසික ඔසප්වීම් සිදුවන කාල සීමාවේදී බොහෝ කාන්තාවන්ට ලිංගිකව එකතුවීමට අවශ්‍ය වුනත් රුධිරය පිටවීම නිසා එය අපහසු තත්ත්වයක්, එවැනි තැනකදි ඇගේ ඒ අපහසුතාවයන් පිළිකුල් නොකර ඇය ලඟින් රැඳෙන්න පුරුෂයා කටයුතු කරනවනම් ඒක කාන්තාවට ලොකු ශක්තියක්. ඒ වගේම තමයි පිරිමින්ගේ පැත්තෙන් ගත්තත් විවිධ අවස්ථාවල ලිංගික එක්වීම්වලට බාධාවෙන කායික රෝගී තත්තවයන් බලපානවා. ඇතැම්විට ඔබ දන්නවා ඇති හර්නියා, මුත්‍රාශයේ ගල් තැන්පත්වීම් වගේ රෝගී තත්වයන් ඇතිවුණාම පිරිමියෙක්ට තමන්ගේ ලිංගේන්ද්‍රයට පිඩනයක් ඇතිවීම අධික වේදනාවක් ඇතිකිරීමට හේතුවෙන්න පුළුවන්. ඒ වගේම වෘෂණ කෝෂ ඉදිමීම, තැලීම් සිදුවීම, මුත්‍රා දැවිල්ල වගේ රෝගී තත්ත්වයන් ඇති අවස්ථාවලත් පිරිමියාට ලිංගික තෘප්තිය විඳීමට බාධා ගෙන දෙන්න පුළුවන්. ඉතින් මේ අමාරුකම් ටිකත් තමන්ගේ සහකාරිය එක්ක කතාබහ කරන්න පුළුවන්නම් දෙන්නටම මේ තත්වය ගැන අවබෝධයක් ලැබෙනවා. එතකොට සිරියහන තුල ගැටළු ඇතිවීම අවම වෙනවා. මේ වගේ කායික රෝග ගණනාවක් විවිධ ආකාරයෙන් යුවලකගේ ලිංගික ජීවිතයට බලපෑම් ඇතිකරනවා. මේ ලෙඩ රෝගනම් බෙහෙත් කරලා හොඳ කරගන්න පුළුවන්, ඒත් මේවා නිසා දෙන්නාගේ ජීවිතයේ අවබෝධයට, තෘප්තියට ඇතිවෙන තුවාල නම් එහෙම ලේසියෙන් හොඳකරන්න බෑ. ඒක නිසා එහෙම තුවාල බැඳීම්වලට ඇතිනොවෙන්න කටයුතු කරන්න පුළුවන්නම් ඉතාම හොඳයි. ඒකට හොඳම මාර්ගය සංවේදී අදහස් හුවමාරුව තමයි. එහෙම නොවී දෙන්නගෙම අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොවී කායික අමාරුකම් පැවතීම සමහර වෙලාවට වෙනත් අනියම් සම්බන්ධතා දක්වා දුරට යන අවසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කරනවා. තව එක දෙයක් කියන්න අමතක වුනා, ඒ තමයි සමහර අවිවාහක වගේම විවාහක කාන්තාවන්ටත් ඇති වෙන Vaginismus රෝගී තත්වය. මෙතනදි වෙන්නේ කාන්තාවගේ යෝනි මාර්ගය හැකිලීම. මෙය අධික තරබාරු කාන්තාවන්ට වගේම අධික කෙට්ටු කාන්තාවන්ටත් ඇතිවෙන්න පුළුවන්. මේ විදිහට යෝනි මාර්ගය හැකිලීම නිසා ලිංගික සබඳතාවකදී ඇතිවෙන අධික වේදනවා නිසා ඔවුන් ලිංගික එක්වීමකින් පලායන අවස්ථා දකින්න පුළුවන්. මේ රෝගී තත්වයෙන් වේදනා විඳිනවා වෙනුවට ඔබට පුළුවන් ස්ත්‍රී රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙලා මේ සම්බන්ධයෙන් කතාකරන්න. මේ රෝගයට අවශ්‍ය ඕනෑතරම් ප්‍රතිකාර තිබෙන නිසා තවදුරටත් බයවෙන්න දෙයක් නෑ. අපි අද කතාකරේ ලිංගික බැඳීමකට බාධා කරන කායික රෝගී තත්ත්වයන් ගැන. ලඟදිම ඔබට ලියන මේ ලිපි මාලාවේ ඊළඟ කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගික බැඳීමකට බාධා කරන මානසික රෝගී තත්ත්වයන් ගැන. ඔබට මොනවාහරි ගැටළු තිබෙනවනම් මේ ගැන [email]editor.her.lk@gmail.com[/email] ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවන්න දෙපාරක් හිතන්න එපා. උපුටා ගැනීම - [url]www.her.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom