Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලිංගික සුවය විකිණූ KGB ඔත්තුකරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික සුවය විකිණූ KGB ඔත්තුකරුවෝ

හිටපු ඉන්දුනීසියා ජනාධිපති අහමඩ් සුකර්ණෝ වරක් මොස්කව් වෙත නිල සංචාරයක් සඳහා පැමිණියා. සුකර්ණෝ ස්ත්‍රී ලෝලියකු ලෙස ප්රකටව සිටි අයෙක්. රුසියානුවන් විසින් ඔහුගේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා තරුණියන් කිහිප දෙනකු අනුයුක්ත කර තිබුණා. සුකර්ණෝ ඔවුන් සැබෑ ලෙසම කවුරුන් ද යන්න දැන නොසිටින්නත් ඇති. කෙසේ හෝ ඔහු ඒ සියල්ලන්ම සමග ලිංගික සබඳතා පැවැත්වූවා.

ඔහු දැන හෝ නොදැන හෝ ඔහුගේ කටයුතු සොයා බැලීම සඳහා පත්කර තිබුණේ පුහුණුව ලද කාන්තාවන් පිරිසක්. ඔහුගේ ලිංගික ක්‍රියා සියල්ලම රහස් කැමරාවලින් වීඩියෝ කරනු ලැබ තිබුණා.

සුකර්ණෝ (Public Domain)

KGBය මෙම වීඩියෝපට පිළිබඳව සුකර්ණෝ වෙත දන්වා සිටිමින් සෝවියට් රජයට අවාශ්‍ය ලෙස කටයුතු නොකළහොත් ඒවා ප්‍රසිද්ධ කරන බව සඳහන් කළා. නමුත් සුකර්ණෝගේ ප්‍රතික්‍රියාව KGBය බලාපොරොත්තු වූවක් නොවේ.

ඔහු තම ජනතාවට පෙන්වීම සඳහායැ යි කියමින් එම වීඩියෝපට ඉල්ලා සිටියා. "මගේ ජනතාව මා ගැන ආඩම්බර වේවි", ඔහු කියා සිටියා.

රුසියානු ලිහිණියෝ

ලිංගික සබඳතාවක් ඇරඹීමෙන් හෝ ලිංගික කටයුත්තක් පිළිබඳව රහස් හෙළි කරන බවට තර්ජනය කිරීම මඟින් අවනත කරගැනීමෙන් පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා ගැනීම කලෙක පටන් විවිධ ඔත්තු සේවාවන් විසින් සිදු කරන ලද්දක්. නමුත් මෙය ඉතාම සංවිධානාත්මකව සිදු කළේ KGBය බව පැහැදිලිවම කිව හැකියි.

KGBය මෙවන් කටයුතු සඳහා කාන්තාවන් පුහුණු කළා. එය KGBය විසින් සිදුකරන ලද වෙනම ම වැඩ පිළිවෙලක කොටසක් වුණා. මෙසේ පුහුණු කළ කන්තාවන් "ලිහිණියන්" ලෙස හඳුන්වනු ලැබුණා. මීට අමතරව පුරුෂයින් ද මෙවැනි කටයුතුවල යොදවනු ලැබුණා.

1963 දී බටහිරට පළා ආ "ලිහිණියක" විසින් හෙළිදරව් කරන ලද තොරතුරු අනුව, KGB ය විසින් සුරූපී කාන්තාවන් මේ සඳහා බඳවා ගැනුණේ සාමාන්‍ය සෝවියට් වැසියකුට වඩා යහපත් වැටුපක් සහ අන් පහසුකම් ලබාදෙන බවට පොරොන්දුව පිට යි. ඉන්පසු ඔවුන් ලිංගික කාර්යයන් සඳහා පුහුණු කරනු ලැබුණා. මෙහිදී ඔවුන් එහි නියැලෙන අයුරු පටිගත කර එහි ගුණ දොස් විචාරමින් එය දියුණු කරගන්නා අයුරු පිළිබඳව ද උපදෙස් ලබා දුන්නා. ඔවුන් පුහුණු කෙරුණේ තම ඉලක්ක වන පිරිමින් උපරිම ලෙස සතුටු කරමින් ඔවුන් සම්පූර්ණයෙන්ම දැලේ දමා ගැනීමට යි.

ඔවුනට KGBය විසින් උපදෙස් දී තිබුණේ ඔවුන් සටන් බිමක සටන් වදින සොල්දාදුවන් හා සමාන බව යි. ඇතැම් විට, සොල්දාදුවන්ට ද ඔවුන් අකමැති දේ කිරීමට සිදුවන බව KGB උපදේශකයින් මෙම කාන්තාවන්ට මතක් කර දුන්නා. ඔවුනගේ ශරීර තම රටෙහි ආරක්ෂාව උදෙසා භාවිතා කරන ආයුධ බව යි ඔවුනට පවසන ලද්දේ.

ඇතැම් විට, මේ අයුරින් යමකු දැලේ දා ගැනීම පවසන තරම් පහසු වූයේ නැහැ. විශේෂයෙන්ම සෝවියට් දේශයේ සේවයට එන තානාපති නිලධාරීන්ට මෙවන් ලිහිණියන් පිළිබඳ අනතුරු අඟවනු ලැබුණා. නමුත් KGBය ද තානාපති නිලධාරීන් ආදී වැදගත් පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් සිටි අතර කාන්තාවන් යොදවා කොටු කරගැනීමට හැකි අය කවුරුන් ද යැ යි තීරණය කර ඔවුන් දැලේ දා ගැනීමට මෙහෙයුම් දියත් කළා.

ප්‍රංශ තානාපති කොටු වෙයි

මුල් කාලීනව මෙවන් කාන්තාවන් විසින් කොටු කරගත් අයකු වූයේ 1955 දී මොස්කව් වෙත පැමිණි ප්‍රංශ තානාපතිවරයා වූ මොරිස් දෙශෝන්. ඔහු කොටු කරගැනීමට KGBය ඉතා සැලසුම් සහගත මෙහෙයුමක් දියත් කළා. KGB ලුතිනන් ජෙනරාල් ඔලෙග් ග්රිබානොෆ් සැලසුම් කළ මෙම මෙහෙයුම සඳහා යොදාගනු ලැබුණේ යූරි ක්රොට්කොෆ් නම් තිර රචකයකු සහ නිළියන් දෙදෙනෙක්.

ක්රොට්කොෆ්, තානාපතිවරයාගේ බිරිඳ සහ ඒ හරහා තානාපතිවරයා ද සමග මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. ඔහු තානාපති බිරිඳ සඳහා නගරයෙන් පිට විවිධ සංචාරයන් සංවිධානය කළා. මේ අතර ලිඩියා නම් වූ කාන්තාවක තානාපතිවරයා සමග හාදකමක් පටන් ගත්තා.

කෙසේ වෙතත් ලිඩියා දික්කසාද වූවකු ලෙස ප්රකටව තිබුණු හෙයින් ඇයව භාවිතා කර තානාපතිවරයාව කොටු කරගැනීම එකවර පහසු වූයේ නැහැ. ඔවුන් ඒ සඳහා තවත් කාන්තාවක යොදාගත්තා. නිළියක වූ ලැරිස්සා කවරෙකුදැ යි තානාපතිවරයා හරිහැටි දැන සිටියේ නැහැ. නමුත් ඇයව හඳුනාගෙන ස්වල්ප දිනෙකින් ඇය ඔහුව දැලට හසු කරගත්තා.

මොරිස් දෙශෝන් (cairn.info)

ඔවුන් දෙදෙනා සිටින කාමරයට පිරිමින් දෙදෙනකු කඩා වැදුණේ මෙවන් අවස්ථාවක යි. ඉන් එක් අයකු ලැරිස්සාගේ සැමියා ලෙස රඟපෑවා. ඔහු තානාපතිවරයාට එරෙහිව පොලිසියට යන බව තර්ජනය කළා.

මෙම අවස්ථාවේ තානාපතිවරයා තම මිතුරා වූ ක්රොට්කොෆ් විසින් හඳුන්වා දෙන ලද නිලධාරියකු හමුවුණා. මේ නිලධාරියා අන් කවරකු හෝ නොව ග්රිබානොෆ්ම යි. ඔහු තමන්ට හැකි උපකාරයක් කිරීමට ප්‍රතිඥා දුන්නා. ඔහු දින කිහිපයකට පසු පැමිණ තානාපතිවරයාට කියා සිටියේ ගැටළුව නිරාකරණය කරගත් බව යි. නමුත් ඒ වෙනුවෙන් KGBය ද උපකාරයක් බලාපොරොත්තු වුණා. ප්‍රංශ තානාපතිවරයා KGBයට කොටු වූයේ ඒ අයුරින්.

මෙම මෙහෙයුම පිළිබඳව සහ තානාපතිවරයාගේ රහසිගත කටයුතු පිළිබඳ ප්‍රංශය දැනගත්තේ 1963 දී ක්රොට්කොෆ් බටහිරට පළා ආ විට යි.

ප්‍රංශ තනාපතිවරයා මෙසේ හසුවූ එකම නිලධාරියා ද නොවේ. ඇතැම් නිලධාරීන් මෙවන් සිදුවීම්වල දී තම රජයයන් දැනුවත් කර තානාපති සේවයෙන් ඉවත් වුණා. ඇතැමුන් එම උගුලෙහි තව තවත් පැටළුණා.

KGBය ඉලක්ක කරගත්තේ සෝවියට් දේශයෙහි සේවය කරන තානාපති නිලධාරීන් පමණක් නොවේ. බටහිර රටවල සේවය කරන තානාපති නිලධාරීන්, හමුදා නිලධාරීන් ආදීන් ද මොවුනගේ ඉලක්ක බවට පත් වුණා. ධනවාදී සහ සමාජවාදී කඳවුරුවල ගැටුමෙහි වැදගත් සන්ධිස්ථානයක් වූ ජර්මනිය මෙහිදී වැදගත් ස්ථානයක් වුණා. ෆ්රැන්ක්ෆර්ට් සහ බොන් වැනි නගරයන්හි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් මෙහිදී ප්‍රධාන ඔත්තු සේවා මධ්‍යස්ථානයන් වුණ. මේවායෙහි ගනුදෙනුකරුවන් වූයේ බටහිර රටවල රාජ්‍ය සහ හමුදා නිලධාරීන්. ඔවුන් ගණිකාවන් ඇසුරු කරන අයුරු පටිගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීමෙන් උසස් නිලධාරීන් කොටු කරගැනීම යෙහි ක්‍රමවේදය වුණා. මෙවන් මධ්‍යස්ථාන කිහිපයක්ම ජර්මනියෙහි වුණා.

ලේකම්වරියන්ට ආදරවන්තයෝ

ජර්මනියේ දී ඉලක්ක බවට පත් වූයේ පිරිමින් පමණක් නොවේ. කාන්තාවන් ද ඔවුනගේ ඉලක්ක බවට පත් වුණා. රාජ්‍ය ආයතනවල හෝ වෙනත් වැදගත් ආයතනවල ලේකම්වරියන් ලෙස කටයුතු කළ අවිවාහක කාන්තාවන් ගත කළේ රැකියාවටම යට වූ ජීවිත යි. ඔවුන් විවාහ වන වයස ද පසු කරමින් සිටියා. මෙවන් පිරිස් පිළිබඳ අවධානයෙන් පසු වූ KGBය ඔවුන් ඉලක්ක කරගැනීම සඳහා පුහුණුව ලද පිරිමින් යෙදවූවා.

මෙම පිරිමින්ට තිබුණ අභියෝගය සෝවියට් දේශය තුළ කටයුතු කළ ලිහිණියන්ට වූ අභියෝගයට වඩා විශාල යි. හේතුව ඔවුන්, ඔවුනට නුහුරු රටක ජීවත් විය යුතු වූ නිසා යි. ඔවුන් පුහුණු වන සමයේ, බටහිර නගරවල ආකෘතීන් ලෙස නිර්මාණය කළ ස්ථානයන්හි ජීවත් වෙමින් එම අත්දැකීම් ලබාගත් බව සඳහන්. මීට අමතරව කාන්තාවක ලිංගිකව තෘප්තිමත් කිරීමට අවශ්‍ය සියළු කුසලතා ද ඔවුනට පුහුණු කරනු ලැබුණා.

බටහිර ජර්මනියේ විදේශ අමාත්‍යාංශයේ සේවය කළ ලියනෝර් හයින්ස් පිළිබඳ කතා පුවත මෙහි ලා සැලකිය හැකි කණගාටුදායක කතාවක්.

ලියනෝර් හමුවන්නට 1960 දී දිනෙක හයින්ස් සුටර්ලින් නමැත්තකු පැමිණියා. ඔහු මවාපෑවේ තමන් වැරදීමකින් ඇගේ නිවස වෙත පැමිණ ඇති බව යි. ඒ අවස්ථාවේ ඇති වූ කතාබහ පසුව ආදර සබඳතාවක් කරා ඇදී ගිය අතර ලියනෝර්ට පෙනී ගියේ ඔවුන් දෙදෙනා අතර බොහෝ සමානකම් ඇති බව යි. මාස කිහිපයකට පසු ඔවුන් විවාහ වුණා.

විවාහයෙන් පසුව සුටර්ලින් ඇගේ කාර්යාලයේ විස්තර වැඩිපුර සොයන්නට වුණා. ඔහු අමාත්‍යාංශයේ ලියකියවිලි ඉල්ලා සිටියා. ඇය ඔහු වෙත ඒවා ගෙනැවිත් දුන්නා. ඒ සඳහා ව්‍යාජ පතුලක් සහිත බෑගයක් ද ඔහු ඇයට ලබා දුන්නා. වසර හයක් තිස්සේ ඇදී ගිය මෙම මෙහෙයුමෙන් රහස්‍ය ලියවිලි 3,000ක් පමණ KGBය වෙත ලැබුණ බව විශ්වාස කරනු ලබනවා.

මෙම මෙහෙයුම හෙළි වූයේ 1967 දී සුටර්ලින් මෙහෙයවූ KGB නිලධාරියා වූ යෙව්ගෙනි රුන්ග බටහිරට පළා ඒමත් සමග යි. මේ අනුව සුටර්ලින් යුවළ අත්අඩංගුවට ගනු ලැබුණා. නමුත් ලියනෝර් ඇගේ සැමියා පාවා දුන්නේ නැහැ. එවිට ජර්මන් පොලිසිය ඔහුගේ ප්‍රකාශය ඇයට පෙන්වා දුන්නා. ඔහු එහිදී සඳහන් කළේ ලියනෝර් සමග හාද වීමේ සිට සියල්ලම ප්‍රෝඩාවක් වූ බව යි. එය ඔහුගේ රැකියාව මිස අනෙකක් නොවූ බව යි.

එදින රාත්‍රියේ ලියනෝර් ඈ රඳවන ලද කුටිය තුළ දී, ඇගේ ගවුම් පටියකින් ගෙල වැල ලාගෙන මියගොස් සිටියා.

මෙම සිද්ධියෙන් පසුව ද අවස්ථා කිහිපයක මෙවන් ලේකම්වරියන් පිළිබඳ වාර්තා වුණා. ඉන්පසු, බටහිර ජර්මනියම කැළඹී ගියේ 1979 මාර්තුවේ දී එක් මාසයක් තුළ විවිධ ආයතනවල සේවය කළ ලේකම්වරියන් සය දෙනකු නැගෙනහිර ජර්මනියට පළා යාමත් සමග යි. මින්පසු මෙවන් ලේකම්වරියන් සහ ඔවුනට සමීප වන්නන් පිළිබඳ විශේෂ අවධානයෙන් සිටීම බටහිර ජර්මනියේ සහ අනෙකුත් බටහිර රටවල ඔත්තු සේවාවන්හි විශේෂ කාර්යයක් වුණා.

සමරිසි ඒජන්තයෝ

පිරිමි KGB ආදරවන්තයින් ඉලක්ක කළේ කාන්තාවන්ම පමණක් නොවේ. සමරිසි පුරුෂයින් ද මෙසේ ඉලක්ක කරනු ලැබුණා. ඒ සඳහා ද ඒජන්තයින් පුහුණු කෙරුණා. සමරිසි සබඳතා පැවැත්වීම අපරාධමය වරදක් ලෙසම කලක් තිස්සේ බටහිර රටවල පිළිගනු ලැබුණා. එය වෙනසකට භාජනය වුණේ 1960 දශකයෙන් පමණ පසු යි. එම නිසා මුල් කාලීනව එවන් උගුල්වලට හසු වූ පිරිමි පාර්ශවයේ පුද්ගලයින්ට තම රහස හෙළි වුවහොත් සිර භාරයට පවා පත්වීමේ ඉඩක් තිබුණා. මේ හේතුව නිසා ඔවුන් KGBය වෙනුවෙන් කටයුතු කරන තැනට පත් වුණා. බ්‍රිතාන්‍ය අද්මිරාල්තියේ නිලධාරියකු වූ ජෝන් වසාල් මෙසේ කොටුකරගත් අයෙක්. ඔහු 1954 සිට 1962 දක්වා KGBය වෙනුවෙන් ඔත්තු බැලුවා.

ජෝන් වසාල් (Pinterest)

1954 සිට 1956 දක්වා එරට කැනේඩියානු තානාපතිවරයා වූ ජෝන් වොට්කින්ස් සෝවියට් දේශයේ තවත් ඉලක්කයක් වුණා. වොට්කින්ස් සෝවියට් දේශයට් තොරතුරු ලබා දුන්නේයැ යි සනාථ වී නැතත් ඔහු ලවා සෝවියට් දේශය පිළිබඳ කැනේඩියානු ස්ථාවරය වෙනස් කිරීමේ උත්සාහයක KGBය යෙදුණ බව සැක කෙරෙනවා. එය කෙතරම් සාර්ථක වීදැ යි පැහැදිලි නැහැ.

ලිංගික උගුල් අටවා පුද්ගලයින් කොටුකර ගැනීම පිළිබඳ KGBය දැක්වූ තරම් උනන්දුවක් බටහිර රටවල ඔත්තු සේවා පෙන්වූයේ නැහැ.

Copy from - https://roar.media/sinhala/main/features/kgb-part-v-sex-spies/

සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.

Thank You

[QUOTE="Yastysan, post: 24573116, member: 565864"] [b]ලිංගික සුවය විකිණූ KGB ඔත්තුකරුවෝ[/b] [SIZE="5"][IMG]https://assets.roar.media/assets/xhQg9EoDhRXi1Rev_Article-Cover-5.jpg[/IMG] හිටපු ඉන්දුනීසියා ජනාධිපති අහමඩ් සුකර්ණෝ වරක් මොස්කව් වෙත නිල සංචාරයක් සඳහා පැමිණියා. සුකර්ණෝ ස්ත්‍රී ලෝලියකු ලෙස ප්රකටව සිටි අයෙක්. රුසියානුවන් විසින් ඔහුගේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා තරුණියන් කිහිප දෙනකු අනුයුක්ත කර තිබුණා. සුකර්ණෝ ඔවුන් සැබෑ ලෙසම කවුරුන් ද යන්න දැන නොසිටින්නත් ඇති. කෙසේ හෝ ඔහු ඒ සියල්ලන්ම සමග ලිංගික සබඳතා පැවැත්වූවා. ඔහු දැන හෝ නොදැන හෝ ඔහුගේ කටයුතු සොයා බැලීම සඳහා පත්කර තිබුණේ පුහුණුව ලද කාන්තාවන් පිරිසක්. ඔහුගේ ලිංගික ක්‍රියා සියල්ලම රහස් කැමරාවලින් වීඩියෝ කරනු ලැබ තිබුණා. [CENTER][IMG]https://assets.roar.media/assets/43gmZ6Wes3dH7sKL_1.jpg?fit=clip&w=700[/IMG] සුකර්ණෝ (Public Domain)[/CENTER] KGBය මෙම වීඩියෝපට පිළිබඳව සුකර්ණෝ වෙත දන්වා සිටිමින් සෝවියට් රජයට අවාශ්‍ය ලෙස කටයුතු නොකළහොත් ඒවා ප්‍රසිද්ධ කරන බව සඳහන් කළා. නමුත් සුකර්ණෝගේ ප්‍රතික්‍රියාව KGBය බලාපොරොත්තු වූවක් නොවේ. ඔහු තම ජනතාවට පෙන්වීම සඳහායැ යි කියමින් එම වීඩියෝපට ඉල්ලා සිටියා. "මගේ ජනතාව මා ගැන ආඩම්බර වේවි", ඔහු කියා සිටියා. [B][COLOR="Blue"]රුසියානු ලිහිණියෝ[/COLOR][/B] ලිංගික සබඳතාවක් ඇරඹීමෙන් හෝ ලිංගික කටයුත්තක් පිළිබඳව රහස් හෙළි කරන බවට තර්ජනය කිරීම මඟින් අවනත කරගැනීමෙන් පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා ගැනීම කලෙක පටන් විවිධ ඔත්තු සේවාවන් විසින් සිදු කරන ලද්දක්. නමුත් මෙය ඉතාම සංවිධානාත්මකව සිදු කළේ KGBය බව පැහැදිලිවම කිව හැකියි. KGBය මෙවන් කටයුතු සඳහා කාන්තාවන් පුහුණු කළා. එය KGBය විසින් සිදුකරන ලද වෙනම ම වැඩ පිළිවෙලක කොටසක් වුණා. මෙසේ පුහුණු කළ කන්තාවන් "ලිහිණියන්" ලෙස හඳුන්වනු ලැබුණා. මීට අමතරව පුරුෂයින් ද මෙවැනි කටයුතුවල යොදවනු ලැබුණා. 1963 දී බටහිරට පළා ආ "ලිහිණියක" විසින් හෙළිදරව් කරන ලද තොරතුරු අනුව, KGB ය විසින් සුරූපී කාන්තාවන් මේ සඳහා බඳවා ගැනුණේ සාමාන්‍ය සෝවියට් වැසියකුට වඩා යහපත් වැටුපක් සහ අන් පහසුකම් ලබාදෙන බවට පොරොන්දුව පිට යි. ඉන්පසු ඔවුන් ලිංගික කාර්යයන් සඳහා පුහුණු කරනු ලැබුණා. මෙහිදී ඔවුන් එහි නියැලෙන අයුරු පටිගත කර එහි ගුණ දොස් විචාරමින් එය දියුණු කරගන්නා අයුරු පිළිබඳව ද උපදෙස් ලබා දුන්නා. ඔවුන් පුහුණු කෙරුණේ තම ඉලක්ක වන පිරිමින් උපරිම ලෙස සතුටු කරමින් ඔවුන් සම්පූර්ණයෙන්ම දැලේ දමා ගැනීමට යි. ඔවුනට KGBය විසින් උපදෙස් දී තිබුණේ ඔවුන් සටන් බිමක සටන් වදින සොල්දාදුවන් හා සමාන බව යි. ඇතැම් විට, සොල්දාදුවන්ට ද ඔවුන් අකමැති දේ කිරීමට සිදුවන බව KGB උපදේශකයින් මෙම කාන්තාවන්ට මතක් කර දුන්නා. ඔවුනගේ ශරීර තම රටෙහි ආරක්ෂාව උදෙසා භාවිතා කරන ආයුධ බව යි ඔවුනට පවසන ලද්දේ. ඇතැම් විට, මේ අයුරින් යමකු දැලේ දා ගැනීම පවසන තරම් පහසු වූයේ නැහැ. විශේෂයෙන්ම සෝවියට් දේශයේ සේවයට එන තානාපති නිලධාරීන්ට මෙවන් ලිහිණියන් පිළිබඳ අනතුරු අඟවනු ලැබුණා. නමුත් KGBය ද තානාපති නිලධාරීන් ආදී වැදගත් පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් සිටි අතර කාන්තාවන් යොදවා කොටු කරගැනීමට හැකි අය කවුරුන් ද යැ යි තීරණය කර ඔවුන් දැලේ දා ගැනීමට මෙහෙයුම් දියත් කළා. [B][COLOR="blue"]ප්‍රංශ තානාපති කොටු වෙයි[/COLOR][/B] මුල් කාලීනව මෙවන් කාන්තාවන් විසින් කොටු කරගත් අයකු වූයේ 1955 දී මොස්කව් වෙත පැමිණි ප්‍රංශ තානාපතිවරයා වූ මොරිස් දෙශෝන්. ඔහු කොටු කරගැනීමට KGBය ඉතා සැලසුම් සහගත මෙහෙයුමක් දියත් කළා. KGB ලුතිනන් ජෙනරාල් ඔලෙග් ග්රිබානොෆ් සැලසුම් කළ මෙම මෙහෙයුම සඳහා යොදාගනු ලැබුණේ යූරි ක්රොට්කොෆ් නම් තිර රචකයකු සහ නිළියන් දෙදෙනෙක්. ක්රොට්කොෆ්, තානාපතිවරයාගේ බිරිඳ සහ ඒ හරහා තානාපතිවරයා ද සමග මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. ඔහු තානාපති බිරිඳ සඳහා නගරයෙන් පිට විවිධ සංචාරයන් සංවිධානය කළා. මේ අතර ලිඩියා නම් වූ කාන්තාවක තානාපතිවරයා සමග හාදකමක් පටන් ගත්තා. කෙසේ වෙතත් ලිඩියා දික්කසාද වූවකු ලෙස ප්රකටව තිබුණු හෙයින් ඇයව භාවිතා කර තානාපතිවරයාව කොටු කරගැනීම එකවර පහසු වූයේ නැහැ. ඔවුන් ඒ සඳහා තවත් කාන්තාවක යොදාගත්තා. නිළියක වූ ලැරිස්සා කවරෙකුදැ යි තානාපතිවරයා හරිහැටි දැන සිටියේ නැහැ. නමුත් ඇයව හඳුනාගෙන ස්වල්ප දිනෙකින් ඇය ඔහුව දැලට හසු කරගත්තා. [CENTER][IMG]https://assets.roar.media/assets/rgXc7NglxOWb4fPn_2.png?fit=clip&w=700[/IMG] මොරිස් දෙශෝන් (cairn.info)[/CENTER] ඔවුන් දෙදෙනා සිටින කාමරයට පිරිමින් දෙදෙනකු කඩා වැදුණේ මෙවන් අවස්ථාවක යි. ඉන් එක් අයකු ලැරිස්සාගේ සැමියා ලෙස රඟපෑවා. ඔහු තානාපතිවරයාට එරෙහිව පොලිසියට යන බව තර්ජනය කළා. මෙම අවස්ථාවේ තානාපතිවරයා තම මිතුරා වූ ක්රොට්කොෆ් විසින් හඳුන්වා දෙන ලද නිලධාරියකු හමුවුණා. මේ නිලධාරියා අන් කවරකු හෝ නොව ග්රිබානොෆ්ම යි. ඔහු තමන්ට හැකි උපකාරයක් කිරීමට ප්‍රතිඥා දුන්නා. ඔහු දින කිහිපයකට පසු පැමිණ තානාපතිවරයාට කියා සිටියේ ගැටළුව නිරාකරණය කරගත් බව යි. නමුත් ඒ වෙනුවෙන් KGBය ද උපකාරයක් බලාපොරොත්තු වුණා. ප්‍රංශ තානාපතිවරයා KGBයට කොටු වූයේ ඒ අයුරින්. මෙම මෙහෙයුම පිළිබඳව සහ තානාපතිවරයාගේ රහසිගත කටයුතු පිළිබඳ ප්‍රංශය දැනගත්තේ 1963 දී ක්රොට්කොෆ් බටහිරට පළා ආ විට යි. ප්‍රංශ තනාපතිවරයා මෙසේ හසුවූ එකම නිලධාරියා ද නොවේ. ඇතැම් නිලධාරීන් මෙවන් සිදුවීම්වල දී තම රජයයන් දැනුවත් කර තානාපති සේවයෙන් ඉවත් වුණා. ඇතැමුන් එම උගුලෙහි තව තවත් පැටළුණා. KGBය ඉලක්ක කරගත්තේ සෝවියට් දේශයෙහි සේවය කරන තානාපති නිලධාරීන් පමණක් නොවේ. බටහිර රටවල සේවය කරන තානාපති නිලධාරීන්, හමුදා නිලධාරීන් ආදීන් ද මොවුනගේ ඉලක්ක බවට පත් වුණා. ධනවාදී සහ සමාජවාදී කඳවුරුවල ගැටුමෙහි වැදගත් සන්ධිස්ථානයක් වූ ජර්මනිය මෙහිදී වැදගත් ස්ථානයක් වුණා. ෆ්රැන්ක්ෆර්ට් සහ බොන් වැනි නගරයන්හි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් මෙහිදී ප්‍රධාන ඔත්තු සේවා මධ්‍යස්ථානයන් වුණ. මේවායෙහි ගනුදෙනුකරුවන් වූයේ බටහිර රටවල රාජ්‍ය සහ හමුදා නිලධාරීන්. ඔවුන් ගණිකාවන් ඇසුරු කරන අයුරු පටිගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීමෙන් උසස් නිලධාරීන් කොටු කරගැනීම යෙහි ක්‍රමවේදය වුණා. මෙවන් මධ්‍යස්ථාන කිහිපයක්ම ජර්මනියෙහි වුණා. [B][COLOR="blue"]ලේකම්වරියන්ට ආදරවන්තයෝ[/COLOR][/B] ජර්මනියේ දී ඉලක්ක බවට පත් වූයේ පිරිමින් පමණක් නොවේ. කාන්තාවන් ද ඔවුනගේ ඉලක්ක බවට පත් වුණා. රාජ්‍ය ආයතනවල හෝ වෙනත් වැදගත් ආයතනවල ලේකම්වරියන් ලෙස කටයුතු කළ අවිවාහක කාන්තාවන් ගත කළේ රැකියාවටම යට වූ ජීවිත යි. ඔවුන් විවාහ වන වයස ද පසු කරමින් සිටියා. මෙවන් පිරිස් පිළිබඳ අවධානයෙන් පසු වූ KGBය ඔවුන් ඉලක්ක කරගැනීම සඳහා පුහුණුව ලද පිරිමින් යෙදවූවා. මෙම පිරිමින්ට තිබුණ අභියෝගය සෝවියට් දේශය තුළ කටයුතු කළ ලිහිණියන්ට වූ අභියෝගයට වඩා විශාල යි. හේතුව ඔවුන්, ඔවුනට නුහුරු රටක ජීවත් විය යුතු වූ නිසා යි. ඔවුන් පුහුණු වන සමයේ, බටහිර නගරවල ආකෘතීන් ලෙස නිර්මාණය කළ ස්ථානයන්හි ජීවත් වෙමින් එම අත්දැකීම් ලබාගත් බව සඳහන්. මීට අමතරව කාන්තාවක ලිංගිකව තෘප්තිමත් කිරීමට අවශ්‍ය සියළු කුසලතා ද ඔවුනට පුහුණු කරනු ලැබුණා. බටහිර ජර්මනියේ විදේශ අමාත්‍යාංශයේ සේවය කළ ලියනෝර් හයින්ස් පිළිබඳ කතා පුවත මෙහි ලා සැලකිය හැකි කණගාටුදායක කතාවක්. ලියනෝර් හමුවන්නට 1960 දී දිනෙක හයින්ස් සුටර්ලින් නමැත්තකු පැමිණියා. ඔහු මවාපෑවේ තමන් වැරදීමකින් ඇගේ නිවස වෙත පැමිණ ඇති බව යි. ඒ අවස්ථාවේ ඇති වූ කතාබහ පසුව ආදර සබඳතාවක් කරා ඇදී ගිය අතර ලියනෝර්ට පෙනී ගියේ ඔවුන් දෙදෙනා අතර බොහෝ සමානකම් ඇති බව යි. මාස කිහිපයකට පසු ඔවුන් විවාහ වුණා. විවාහයෙන් පසුව සුටර්ලින් ඇගේ කාර්යාලයේ විස්තර වැඩිපුර සොයන්නට වුණා. ඔහු අමාත්‍යාංශයේ ලියකියවිලි ඉල්ලා සිටියා. ඇය ඔහු වෙත ඒවා ගෙනැවිත් දුන්නා. ඒ සඳහා ව්‍යාජ පතුලක් සහිත බෑගයක් ද ඔහු ඇයට ලබා දුන්නා. වසර හයක් තිස්සේ ඇදී ගිය මෙම මෙහෙයුමෙන් රහස්‍ය ලියවිලි 3,000ක් පමණ KGBය වෙත ලැබුණ බව විශ්වාස කරනු ලබනවා. මෙම මෙහෙයුම හෙළි වූයේ 1967 දී සුටර්ලින් මෙහෙයවූ KGB නිලධාරියා වූ යෙව්ගෙනි රුන්ග බටහිරට පළා ඒමත් සමග යි. මේ අනුව සුටර්ලින් යුවළ අත්අඩංගුවට ගනු ලැබුණා. නමුත් ලියනෝර් ඇගේ සැමියා පාවා දුන්නේ නැහැ. එවිට ජර්මන් පොලිසිය ඔහුගේ ප්‍රකාශය ඇයට පෙන්වා දුන්නා. ඔහු එහිදී සඳහන් කළේ ලියනෝර් සමග හාද වීමේ සිට සියල්ලම ප්‍රෝඩාවක් වූ බව යි. එය ඔහුගේ රැකියාව මිස අනෙකක් නොවූ බව යි. එදින රාත්‍රියේ ලියනෝර් ඈ රඳවන ලද කුටිය තුළ දී, ඇගේ ගවුම් පටියකින් ගෙල වැල ලාගෙන මියගොස් සිටියා. මෙම සිද්ධියෙන් පසුව ද අවස්ථා කිහිපයක මෙවන් ලේකම්වරියන් පිළිබඳ වාර්තා වුණා. ඉන්පසු, බටහිර ජර්මනියම කැළඹී ගියේ 1979 මාර්තුවේ දී එක් මාසයක් තුළ විවිධ ආයතනවල සේවය කළ ලේකම්වරියන් සය දෙනකු නැගෙනහිර ජර්මනියට පළා යාමත් සමග යි. මින්පසු මෙවන් ලේකම්වරියන් සහ ඔවුනට සමීප වන්නන් පිළිබඳ විශේෂ අවධානයෙන් සිටීම බටහිර ජර්මනියේ සහ අනෙකුත් බටහිර රටවල ඔත්තු සේවාවන්හි විශේෂ කාර්යයක් වුණා. [B][COLOR="blue"]සමරිසි ඒජන්තයෝ[/COLOR][/B] පිරිමි KGB ආදරවන්තයින් ඉලක්ක කළේ කාන්තාවන්ම පමණක් නොවේ. සමරිසි පුරුෂයින් ද මෙසේ ඉලක්ක කරනු ලැබුණා. ඒ සඳහා ද ඒජන්තයින් පුහුණු කෙරුණා. සමරිසි සබඳතා පැවැත්වීම අපරාධමය වරදක් ලෙසම කලක් තිස්සේ බටහිර රටවල පිළිගනු ලැබුණා. එය වෙනසකට භාජනය වුණේ 1960 දශකයෙන් පමණ පසු යි. එම නිසා මුල් කාලීනව එවන් උගුල්වලට හසු වූ පිරිමි පාර්ශවයේ පුද්ගලයින්ට තම රහස හෙළි වුවහොත් සිර භාරයට පවා පත්වීමේ ඉඩක් තිබුණා. මේ හේතුව නිසා ඔවුන් KGBය වෙනුවෙන් කටයුතු කරන තැනට පත් වුණා. බ්‍රිතාන්‍ය අද්මිරාල්තියේ නිලධාරියකු වූ ජෝන් වසාල් මෙසේ කොටුකරගත් අයෙක්. ඔහු 1954 සිට 1962 දක්වා KGBය වෙනුවෙන් ඔත්තු බැලුවා. [CENTER][IMG]https://assets.roar.media/assets/O86u1Tp464guDrAB_3.jpeg?fit=clip&w=700[/IMG] ජෝන් වසාල් (Pinterest)[/CENTER] 1954 සිට 1956 දක්වා එරට කැනේඩියානු තානාපතිවරයා වූ ජෝන් වොට්කින්ස් සෝවියට් දේශයේ තවත් ඉලක්කයක් වුණා. වොට්කින්ස් සෝවියට් දේශයට් තොරතුරු ලබා දුන්නේයැ යි සනාථ වී නැතත් ඔහු ලවා සෝවියට් දේශය පිළිබඳ කැනේඩියානු ස්ථාවරය වෙනස් කිරීමේ උත්සාහයක KGBය යෙදුණ බව සැක කෙරෙනවා. එය කෙතරම් සාර්ථක වීදැ යි පැහැදිලි නැහැ. ලිංගික උගුල් අටවා පුද්ගලයින් කොටුකර ගැනීම පිළිබඳ KGBය දැක්වූ තරම් උනන්දුවක් බටහිර රටවල ඔත්තු සේවා පෙන්වූයේ නැහැ.[/SIZE] [SIZE="4"]Copy from - [url]https://roar.media/sinhala/main/features/kgb-part-v-sex-spies/[/url] සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය. [COLOR="Red"]Thank You[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom