ඒබ්‍රහම් ලින්කන් යන නම අප රටට අයිති නොවූවක් වූවත් ඒ නම අසා නැති අය බොහෝ විට හිඟ විය හැකියි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක්.
ලින්කන් යනු දුක්පත් පවුලක ඉපිද ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් ඒ ජීවිතය තුළම විශාල ජයක් අත්පත් කර ගත් අයෙක්.
දුක්පතෙකුව හිඳිමින් ධවල මන්දිරය කරා ආ ගමන් මඟ කෙසේවීදැයි විමසා බැලීම ඇතැම් විට අපටද කිසියම් දෙයක් උකහා ගැනීමට ඉඩ සලස්වන්නක් විය හැකියි.
වර්ෂ 1816 - ලින්කන්ගේ පවුලේ උදවිය සමගින් ඔහුටද නිවස අහිමිවීම නිසා මහ මඟට බසින්නට සිදු විය.එවිට ඔහුගේ වයස අවුරුදු හතකි.
(ඒබ්‍රහම් ලින්කන් - 1809 පෙබරවාරි 12 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ උපත ලද්දේය.)
වර්ෂ 1818 - ලින්කන්ගේ මවගේ අභාවය.
වර්ෂ 1831 - ව්‍යාපාරවලින් පාඩු ලැබීය.
වර්ෂ 1832 - ව්‍යවස්ථාදායකයට බැඳෙන්නට ගත් උත්සාහය ව්‍යර්ථ විය. කරමින් සිටි රැකියාව අහිමි විය.නීති විද්‍යාලයට ඇතුළු වන්නට ගත් වෑයමද අසාර්ථක විය.
වර්ෂ 1833 - මිතුරෙකුගෙන් මුදලක් නයට ගත් ලින්කන් ව්‍යාපාරයක් පටන් ගත්තේය. එම වසර අවසාන වන විට එම ව්‍යාපාරය බංකොලොත් විය.ඔහු ඊළඟ වසර දහහත මුළුල්ලේම මිතුරාට එම නය ගෙව්වේය.
වර්ෂ 1834 - ගත් උත්සාහය සාර්ථක කර ගනිමින් ව්‍යවස්ථාදායකයට තේරී පත් විය.
වර්ෂ 1835 - සිත් ගත් යුවතියක හා විවාහ ගිවිස ගත්තේ මතු ඇය හා විවාහ වීමේ බලපොරොත්තුවෙනි. එහෙත් නැවතත් අවාසනාව ඉස්මතු කරමින් නොසිතූ ලෙස හදිසියේ ඇය මිය ගියාය.මේ නිසා ලින්කන් දැඩිසේ මානසික පීඩාවකට ලක් විය.
වර්ෂ 1836 - ලින්කන්ට ස්නායු ආබාධයකට මුහුණ දෙන්නට සිදු විය.මාස හයක කාලයක් ඔහු රෝගී යහනට පමණක් සීමා විය.
වර්ෂ 1838 - ව්‍යවස්ථාදයක සභාවේ කතානායක ධූරයට තරග වැදුනත් ජයගත නොහැකි විය.
වර්ෂ 1840 - ඡන්දදායකත්වය අහෝසි විය.
වර්ෂ 1843 - කොන්ග්‍රස් මණ්ඩල අපේක්‍ෂත්වය සඳහා තරග වැදුණේය.පරාජය විය.
වර්ෂ 1846 - නැවතත් කොන්ග්‍රස් මණඩලයට පත් වීම සඳහා තරග කළේය.ජය ගත්තේය. වොෂින්ටනයට පැමිණි ඔහු ජනතාව වෙනුවෙන් හොඳ සේවාවක් ඉෂ්ට කළේය.
වර්ෂ 1848 - කොන්ග්‍රස් මණඩල සාමාජිකත්වය වෙනුවෙන් යළිත් තරග වැදුණේය.පරාජය විය.
වර්ෂ 1849 - රාජ්‍ය සේවාවට රැකියාවක් වෙනුවෙන් බැඳෙන්නට ගත් උත්සාහය ව්‍යර්ථ විය.
වර්ෂ 1854 - ඇමෙරිකානු සෙනෙට් සභාවට බැඳෙන්නට ගත් උත්සාහය අසාර්ථක විය.
වර්ෂ 1856 - තම පක්‍ෂයේ උප සභාපති තනතුර වෙනුවෙන් තරග වැදුණේය.ලබා ගත හැකි වූයේ ඡන්ද සියයකටත් අඩු ප්‍රමාණයකි.
වර්ෂ 1858 - සෙනෙට් සභා සාමාජිකත්වය පතා නැවත තරග වැදුණේය.පරාජය විය.
වර්ෂ 1860 - ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසය වැනි ජනාධිපති ලෙස තේරී පත් විය.
ඒ එම වසරේ නොවැම්බරයේය. එසේම ඇමෙරිකානු සිවිල් යුද්ධය පැතිර යාමට පෙරාතුවය.
දැඩි ජීවන අරගලකින් පසු ස්ථාවරවූ ඒබ්‍රහම් ලින්කන් සැලැකෙන්නේ වහල් භාවයට එරෙහිව චතුර ලෙස හඬ නැගූ විශිෂ්ට නායකයකු ලෙසය.
වර්ෂ 1865 අප්‍රේ මාසයේදී ජෝන් බූත් නමැත්තකු විසින් ඔහුව ඝාතනය කරනු ලැබීය.මේ නොකල් මරණය නිසාම ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකානු එක්සත් ජනපද ඉතිහාසයට ඒක්වී සිටින්නේ ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයකු ලෙසය.
මේ සටහන ඔබ කියවන විට ඔබට තේරුම් ගියේ කුමක්ද? ලින්කන්ගේ ජීවිතය පුරා වැඩියෙන්ම ඇත්තේ අසාර්ථකවීම් බවය.
එහෙත් ඔහු ජීවිතය විශිෂ්ට ලෙසින්ම ජය ගන්නට ඇත්තේ ඒ අසාර්ථකවීම් නිසාම විය යුතුය.
ඔබ මෙන්ම මාත්, මා මෙන්ම ඔබත් අපේ ගමන් මඟ සිටින්නේ කොතැනකදැයි සිතා ගන්නට අභාවයෙන් වසර එකසිය පනස්තුනකට පසුව වුවත් ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවන චරිතයෙන් කිසියම් උදව්වක් නොවෙතැයි අපට සිතිය හැකිද?
(තොරතුරු මූලාශ්‍රය - අන්තර්ජාලය)