ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්..

    ලුණු වතුරෙන් ධාවනය වන කාරයක්...​

    lunucar1.jpg

    ජර්මන් විද්‍යාඥයන් පිරිසක් නිපදවූ ලුණු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනයට අවසර ලබා දී තිබෙනවා. පැයට කිලෝමී‍ටර් 350 වේගයෙන් ධාවනය කළ හැකි එම
    කාරය පණගන්වා තත්ත්පර 2.8 ක දී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

    ‘ක්වොන්ට් ඊ ස්පෝට්ස් ලිමොසින්’ ලෙස නම් කර ඇති මේ නව කාරයේ ඇති විදුලි මෝටර් හතර ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් වි‍ච්ඡේදනයෙන් සැපයෙන බලයකිනි. ලවණ ජලය හෙවත් ලුණු වතුර ඉන්ධන ලෙස භාවිතා වන මෙහි ක්‍රියාකාරීත්වය හයිඩ්‍රිජන් ඉන්ධන කෝෂවලට සමානය.

    මෙහි එක් ටැංකියක ලවණ ජලය පුරවා තිබේ. එම ලවණ දියරය පෙරණ පටලයක් ඔස්සේ අනෙක් ටැංකියට මාරු කරයි. ඒ ක්‍රියාවලියේ දී විදුලි ආරෝපණයෙන් ඈත්ව විදුලිය සුපිරි කැපෑසිටරයන් හෙවත් ධාරිතයක් මගින් ගබඩාකර රථයේ රෝදවලට සවිකර ඇති මෝටර්වලට බෙදාහරියි.
    නිෂ්පාදකයන් පවසන්නේ කාරයේ ඇති ලීටර 200ක ජලටැංකියෙන් කිලෝමීටර් 600ක දුරක් ධාවනය කළ හැකි බවයි.

    2014 වර්ෂයේ මහජනයාට මුල්වරට ප්‍රදර්ශනය කළ කාරයේ ඇති බැටරිවල බලශක්තිය එයට සමාන වූ ලිතියම් අයන් බැටරියක මෙන් පස්ගුණයකින් වැඩි බවද නිෂ්පාදකයෝ පවසති.

    මේ මෝටර් රථය නිපද වූ ජර්මනියේ ලී චේන් ස්මිත්හි නැනෝෆ්ලෝ සෙල් ඒ.ජී.සමාගමේ සභාපති මහාචාර්ය පීටර් එලර්මාන් පවසන්නේ මෝටර් රථ කර්මාන්තයට වඩා එහා ගිය සැලසුම් තම සමාගම සතු බවයි.

    ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන් යානා ආදී අංශවලටත් මේ බලශක්තිය හඳුන්වාදීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.​