Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහවිරු , ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහයන් දිවිපුදා අදට වසර 12 කි.

LTTE සංවිධානයේ ප්‍රබල නායකයෙකු වූ ශංකර් නැමැති ත්රස්තවාදියාට මරු පහරක් එල්ලකිරීම සඳහා දියත්කළ රහසිගත අටේ කණ්ඩායම් මෙහෙයුමක් අතරතුර ලලිත් ජයසිංහ විරුවා බරපතල තුවාල ලබා දේශය වෙනුවෙන් තම ජීවිතය පුජා කරන ලදී.

එම මොහොත වන විට යුද්ධ හමුදාව විසින් මාන්කුලම් නගරය අල්ලාගෙන සිටියහ. නමුත් එයින් ඔබ්බට භූමිය පිළිබඳ නිවැරදි අවබෝධයක් අප හමුදාවන්ට තිබුණේ නැත. අවම වශයෙන් ගූගල් සිතියම් වල පවා එම ප්‍රදේශය පෙන්නුම් කළේ නැත. අඩි සියයකටත් වඩා උස් රූස්ස ගස් වලින් වැසුණු ඔඩ්ඩුසුඩාන් වනය තුළ හෙලිකොප්ටරයක් ගොඩබෑ හැකි විවෘත භූමියක් සොයාගන්නටවත් හැකිවේදැයි ගුවන් හමුදාව මුහුණ දුන් බරපතලම ගැටළුව විය. ඔවුන්ට ලැබී තිබුණේ 8 දෙනාගේ කණ්ඩායම විසින් තෝරාගෙන එවන ලද විවෘත භූමියක GPS පාඨාංක පමණය.

Landing sites නොහොත් හෙලිකොප්ටර් ගොඩබෑ හැකි බිම් තෝරාගැනීමේ යම්කිසි දැනුමක් දිගුදුර මෙහෙයුම් බලකා සෙබලුන්ට ගුවන් හමුදාව මගින් ලබා දෙන්නේ ඔවුන්ගේ පුහුණුවීම් අතරතුරදීමය. මෙම වික්ෂිප්ත තත්වය මධ්‍යයේ වුවද, මේජර් ලලිත් ජයසිංහ සටනේදී මියගොස් ඇතිබව දැනගත් ගුවන් හමුදාව කිසිදු පැකිලීමක් නොමැතිවම මෙම බැරෑරුම් මෙහෙයුම සියතට ගත්හ. 28 වනදා සවස් වන විට තෝරාගත් ප්‍රදේශයට 8 දෙනාගේ කණ්ඩායමට පැමිණ සිටින්නැයි දැනුවත් කෙරිණි. මුදවාගැනීමේ මෙහෙයුම දියත් කෙරුණේ හිඟුරක්ගොඩ ගුවන් හමුදාකඳවුරේ සිටය.

විශේෂ බලකා භට පිරිස මුදාගැනීම සඳහා යොදා ගැනුනේ ගුවන් හමුදාවේ අංක 7 බලඝණයේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකි. එයට පැති ආරක්ෂාව ලබාදීම සඳහා අංක 9 බලඝණයේ Mi 24 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් මෙහෙයුමට එක්විය. එමෙන්ම Beechcraft 2000 නම් ඔත්තු බලන ගුවන් යානාවද මෙහෙයුමට එක් කෙරුණේ හෙලිකොප්ටරය ගොඩබාන භූමිය අවට කිසියම් හෝ සතුරු ක්‍රියාකාරකමක් සිදුවේ දැයි නිරීක්ෂණය කිරීම සඳහාය.

අංක 7 බලඝණයේ නිලධාරී අණදෙන මෙහෙයුම් වශයෙන් කටයුතු කළ, අත්දැකීම් බහුල හෙලිකොප්ටර් නියමුවෙකු වූ බලඝණ නායක ධම්මික ඩයස්ව මුදවා ගැනීමේ හෙලිකොප්ටරයේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කිරීම සඳහා නම්කරන ලදී. මින් පෙරදීත් මෙවැනිම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රධාන ගුවන් නියමුවෙකු ලෙස සම්බන්ධව අත්දැකීම් ලබා සිටි බලපන්ති ලුතිතන් ප්‍රසන්න ගුණරත්න බෙල් 212 යානාවේ සහායක නියමුවා ලෙසත්, ගුවන් අවිකරුවන් ලෙස කෝප්රල් ත්‍රිසිංහ සහ කෝප්රල් දිසානායක යන දෙදෙනාත් මෙහෙයුමට සම්බන්ධ විය.

Mi 24 යානා දෙකෙහි ප්‍රධාන නියමුවන් ලෙස අංක 9 බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සම්පත් තුයියකොන්තාත්, නිළධාරී අණදෙන මෙහෙයුම් වශයෙන් කටයුතු කළ බලඝණ නායක චන්න දිසානායකත්, සහායක නියමුවන් ලෙස බලඝණ නායක අමල් වහීඩ් සහ බලපන්ති ලුතිතන් සුසන්ත අලහකෝන් එක්විය. මේ සියළු දෙනාම එම බලඝණ වල සිටි ජ්‍යේෂ්ඨතම ගුවන් නියමුවන් වීමද, ගුවන් හමුදාව විසින් මෙම මෙහෙයුමට ලබාදෙන ලද වැදගත්කම කියාපාන සාධකයක් විය.

විශේෂ බලකාය වෙනුවෙන් භූමි මෙහෙයුම, නැතහොත් Ground Operation සම්බන්ධීකරණය සඳහා 1 වන විශේෂ බලකා බලඇණියේ අණදෙන නිළධාරී මේජර් මහින්ද රණසිංහ පත්කර තිබුණි. ඔහුත් ඒ වනවිට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට පැමිණ සිටියේය. එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ බලකා භටයින් තිදෙනෙකුද බෙල් 212 යානාවේ නැඟී ගමන් කළහ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරින් නොවැම්බර් මස 28 වන දින සවස 5.00ට පමණ ගුවන්ගත වූ හෙලිකොප්ටර් යානා තුන සතුරු මිසයිල තර්ජනය හැකිතාක් අවම කරගැනීම සඳහා පැදවූයේ තුරු හිස් වල ගෑවෙන නොගෑවෙන තරම් පහතින්ය. විනාඩි 40ක් පමණ ගතවන තැන මාන්කුලමෙන් කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් සතුරු භූමිය තුළ වූ ගොඩබෑමේ ස්ථානය කරා හෙලිකොප්ටර් යානා ළඟා විය. ගුවන් නියමුවන් මුල් වරට මෙම ගොඩබෑමේ භූමිය දුටුවේ ඒ මොහොතේදීය. Mi 24 හෙලිකොප්ටර දෙකෙන් අවට නිරීක්ෂණය කරමින් ගුවනෙහි රැඳී සිටින අතර, රූස්ස ගස් වලින් වටවූ භූමියට බෙල් 212 හෙලිකොප්ටරය ක්ෂණිකව ගොඩබෑවේය. තත්පර හතලිහක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මේජර් ලලිත් ජයසිංහගේ සිරුරත්, තුවාල වූ අනෙක් සෙබලාත් සමග 8 කණ්ඩායමේ අනෙක් සයදෙනා හෙලිකොප්ටරයට ගොඩවුණේ තවත් කිලෝ ගණනාවක් වූ ඔවුන්ගේ අවි ආයුධ සහ ආම්පන්නත් සමගිනි.

පුද්ගලයන් 15 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි ලෙස නිෂ්පාදනය කර ඇති බෙල් 212 හෙලිකොප්ටරය මත මේ වන විට මේජර් ජයසිංහගේ සිරුරත් සමග පුද්ගලයින් 15 දෙනෙකුද සිටියහ. විශාල යුධ ආම්පන්න සහ අවිආයුධ තොගයක් සමග මෙය හෙලිකොප්ටරයට දරාගත හැකි උපරිම බර ප්‍රමාණයද ඉක්ම යෑමකි. එමෙන්ම අඩි සියයකට වඩා උස්වූ රූස්ස ගස් වලින් වටවූ කුඩා බිම්කඩක සිට හෙලිකොප්ටරය ගුවන්ගත කිරීම ඉතා අවදානම්සහගත මෙන්ම බැරෑරුම් කටයුත්තක්ද විය. හෙලිකොප්ටරයේ බර අඩුකර ගැනීම සඳහා කිසිවෙකුවත් හෙලිකොප්ටරයෙන් බස්සවා සතුරු භූමිය තුළ දමා යෑමද කිසිලෙසකින්වත් කළ නොහැක. එතැන් සිට ගතවුණු තත්පර කිහිපය හෙලිකොප්ටරයේ තාක්ෂණික ශක්‍යතාවයත්, ගුවන් නියමුවන්ගේ හැකියාවත් හරි හරියට උරගා බැලෙන මොහොතක් විය.

අත්දැකීම් වලින් සපිරි බලඝණ නායක ධම්මික ඩයස් සුවිශේෂී හෙලිකොප්ටර හැසිරවීමකින් බෙල් 212 යානය නිමේශයකින් ගුවනට ගත්තේය. ඒ වනවිටත් ගොම්මන් අඳුර ඔඩ්ඩුසුඩාන් වනය ගිලගනිමින් සිටියද , වවුනියාව පසුකරන තුරුම හෙලිකොප්ටර් යානාහි විදුලි බල්බ නොදල්වාම පැමිණියේ අඳුරෙහි සැඟවීමේ වාසිය උපරිමයෙන් ලබාගනිමිනි. තවත් විනාඩි 40ක් පමණ ගතවන තැන මුදාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ බෙල් 212 හෙලිකොප්ටර් යානාව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පැමිණියේය. Mi 24 යානා ද්විත්වය නැවත හඟුරක්ගොඩ කඳවුර කරා පැමිණෙන විට ප්‍රදේශය මුළුමනින්ම අඳුරෙහි ගිලී තිබුණි. ගුවන් හමුදාවේ අංක 7 සහ අංක 9 යන බලඝණ ද්විත්වය විසින් සිදු කරන ලද මෙම මුදවා ගැනීමේ මෙහෙයුම ලෝකය පුරා සියළු ගුවන් හමුදාවන්ට අළුත් පාඩමක් කියා දුන්නේය.

මෙහෙයුමේ සාර්ථකත්වය නිසාම ඊට සම්බන්ධ වූ සියළු දෙනාම වීරවික්රම විභූෂණය සඳහා නම් කෙරුණේ මෙම අති අවධානම් සහගත මෙහෙයුමේදී දක්වන ලද නිර්භීතභාවයත්, සිය ජීවිත පරදුවට තබා තම සගයින් මුදවා ගැනීමට ඉදිරිපත් වීමත් නිසාවෙනි.

තම ජීවිත අවධානම නොතකා තම කණ්ඩායමේ ආරක්ෂාවත් , මාතෘභූමියේ නිදහසත් වෙනුවෙන් උත්තම පූජාව සිදුකළ ලලිත් ජයසිංහ විරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන ලදී.

(උපුටා ගත්තේ Sri Lanka Air Force Friends Club Facebook group)

[QUOTE="SMG70, post: 25904565, member: 531208"] මහවිරු , ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහයන් දිවිපුදා අදට වසර 12 කි. LTTE සංවිධානයේ ප්‍රබල නායකයෙකු වූ ශංකර් නැමැති ත්රස්තවාදියාට මරු පහරක් එල්ලකිරීම සඳහා දියත්කළ රහසිගත අටේ කණ්ඩායම් මෙහෙයුමක් අතරතුර ලලිත් ජයසිංහ විරුවා බරපතල තුවාල ලබා දේශය වෙනුවෙන් තම ජීවිතය පුජා කරන ලදී. එම මොහොත වන විට යුද්ධ හමුදාව විසින් මාන්කුලම් නගරය අල්ලාගෙන සිටියහ. නමුත් එයින් ඔබ්බට භූමිය පිළිබඳ නිවැරදි අවබෝධයක් අප හමුදාවන්ට තිබුණේ නැත. අවම වශයෙන් ගූගල් සිතියම් වල පවා එම ප්‍රදේශය පෙන්නුම් කළේ නැත. අඩි සියයකටත් වඩා උස් රූස්ස ගස් වලින් වැසුණු ඔඩ්ඩුසුඩාන් වනය තුළ හෙලිකොප්ටරයක් ගොඩබෑ හැකි විවෘත භූමියක් සොයාගන්නටවත් හැකිවේදැයි ගුවන් හමුදාව මුහුණ දුන් බරපතලම ගැටළුව විය. ඔවුන්ට ලැබී තිබුණේ 8 දෙනාගේ කණ්ඩායම විසින් තෝරාගෙන එවන ලද විවෘත භූමියක GPS පාඨාංක පමණය. Landing sites නොහොත් හෙලිකොප්ටර් ගොඩබෑ හැකි බිම් තෝරාගැනීමේ යම්කිසි දැනුමක් දිගුදුර මෙහෙයුම් බලකා සෙබලුන්ට ගුවන් හමුදාව මගින් ලබා දෙන්නේ ඔවුන්ගේ පුහුණුවීම් අතරතුරදීමය. මෙම වික්ෂිප්ත තත්වය මධ්‍යයේ වුවද, මේජර් ලලිත් ජයසිංහ සටනේදී මියගොස් ඇතිබව දැනගත් ගුවන් හමුදාව කිසිදු පැකිලීමක් නොමැතිවම මෙම බැරෑරුම් මෙහෙයුම සියතට ගත්හ. 28 වනදා සවස් වන විට තෝරාගත් ප්‍රදේශයට 8 දෙනාගේ කණ්ඩායමට පැමිණ සිටින්නැයි දැනුවත් කෙරිණි. මුදවාගැනීමේ මෙහෙයුම දියත් කෙරුණේ හිඟුරක්ගොඩ ගුවන් හමුදාකඳවුරේ සිටය. විශේෂ බලකා භට පිරිස මුදාගැනීම සඳහා යොදා ගැනුනේ ගුවන් හමුදාවේ අංක 7 බලඝණයේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකි. එයට පැති ආරක්ෂාව ලබාදීම සඳහා අංක 9 බලඝණයේ Mi 24 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් මෙහෙයුමට එක්විය. එමෙන්ම Beechcraft 2000 නම් ඔත්තු බලන ගුවන් යානාවද මෙහෙයුමට එක් කෙරුණේ හෙලිකොප්ටරය ගොඩබාන භූමිය අවට කිසියම් හෝ සතුරු ක්‍රියාකාරකමක් සිදුවේ දැයි නිරීක්ෂණය කිරීම සඳහාය. අංක 7 බලඝණයේ නිලධාරී අණදෙන මෙහෙයුම් වශයෙන් කටයුතු කළ, අත්දැකීම් බහුල හෙලිකොප්ටර් නියමුවෙකු වූ බලඝණ නායක ධම්මික ඩයස්ව මුදවා ගැනීමේ හෙලිකොප්ටරයේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කිරීම සඳහා නම්කරන ලදී. මින් පෙරදීත් මෙවැනිම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රධාන ගුවන් නියමුවෙකු ලෙස සම්බන්ධව අත්දැකීම් ලබා සිටි බලපන්ති ලුතිතන් ප්‍රසන්න ගුණරත්න බෙල් 212 යානාවේ සහායක නියමුවා ලෙසත්, ගුවන් අවිකරුවන් ලෙස කෝප්රල් ත්‍රිසිංහ සහ කෝප්රල් දිසානායක යන දෙදෙනාත් මෙහෙයුමට සම්බන්ධ විය. Mi 24 යානා දෙකෙහි ප්‍රධාන නියමුවන් ලෙස අංක 9 බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සම්පත් තුයියකොන්තාත්, නිළධාරී අණදෙන මෙහෙයුම් වශයෙන් කටයුතු කළ බලඝණ නායක චන්න දිසානායකත්, සහායක නියමුවන් ලෙස බලඝණ නායක අමල් වහීඩ් සහ බලපන්ති ලුතිතන් සුසන්ත අලහකෝන් එක්විය. මේ සියළු දෙනාම එම බලඝණ වල සිටි ජ්‍යේෂ්ඨතම ගුවන් නියමුවන් වීමද, ගුවන් හමුදාව විසින් මෙම මෙහෙයුමට ලබාදෙන ලද වැදගත්කම කියාපාන සාධකයක් විය. විශේෂ බලකාය වෙනුවෙන් භූමි මෙහෙයුම, නැතහොත් Ground Operation සම්බන්ධීකරණය සඳහා 1 වන විශේෂ බලකා බලඇණියේ අණදෙන නිළධාරී මේජර් මහින්ද රණසිංහ පත්කර තිබුණි. ඔහුත් ඒ වනවිට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට පැමිණ සිටියේය. එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ බලකා භටයින් තිදෙනෙකුද බෙල් 212 යානාවේ නැඟී ගමන් කළහ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරින් නොවැම්බර් මස 28 වන දින සවස 5.00ට පමණ ගුවන්ගත වූ හෙලිකොප්ටර් යානා තුන සතුරු මිසයිල තර්ජනය හැකිතාක් අවම කරගැනීම සඳහා පැදවූයේ තුරු හිස් වල ගෑවෙන නොගෑවෙන තරම් පහතින්ය. විනාඩි 40ක් පමණ ගතවන තැන මාන්කුලමෙන් කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් සතුරු භූමිය තුළ වූ ගොඩබෑමේ ස්ථානය කරා හෙලිකොප්ටර් යානා ළඟා විය. ගුවන් නියමුවන් මුල් වරට මෙම ගොඩබෑමේ භූමිය දුටුවේ ඒ මොහොතේදීය. Mi 24 හෙලිකොප්ටර දෙකෙන් අවට නිරීක්ෂණය කරමින් ගුවනෙහි රැඳී සිටින අතර, රූස්ස ගස් වලින් වටවූ භූමියට බෙල් 212 හෙලිකොප්ටරය ක්ෂණිකව ගොඩබෑවේය. තත්පර හතලිහක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මේජර් ලලිත් ජයසිංහගේ සිරුරත්, තුවාල වූ අනෙක් සෙබලාත් සමග 8 කණ්ඩායමේ අනෙක් සයදෙනා හෙලිකොප්ටරයට ගොඩවුණේ තවත් කිලෝ ගණනාවක් වූ ඔවුන්ගේ අවි ආයුධ සහ ආම්පන්නත් සමගිනි. පුද්ගලයන් 15 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි ලෙස නිෂ්පාදනය කර ඇති බෙල් 212 හෙලිකොප්ටරය මත මේ වන විට මේජර් ජයසිංහගේ සිරුරත් සමග පුද්ගලයින් 15 දෙනෙකුද සිටියහ. විශාල යුධ ආම්පන්න සහ අවිආයුධ තොගයක් සමග මෙය හෙලිකොප්ටරයට දරාගත හැකි උපරිම බර ප්‍රමාණයද ඉක්ම යෑමකි. එමෙන්ම අඩි සියයකට වඩා උස්වූ රූස්ස ගස් වලින් වටවූ කුඩා බිම්කඩක සිට හෙලිකොප්ටරය ගුවන්ගත කිරීම ඉතා අවදානම්සහගත මෙන්ම බැරෑරුම් කටයුත්තක්ද විය. හෙලිකොප්ටරයේ බර අඩුකර ගැනීම සඳහා කිසිවෙකුවත් හෙලිකොප්ටරයෙන් බස්සවා සතුරු භූමිය තුළ දමා යෑමද කිසිලෙසකින්වත් කළ නොහැක. එතැන් සිට ගතවුණු තත්පර කිහිපය හෙලිකොප්ටරයේ තාක්ෂණික ශක්‍යතාවයත්, ගුවන් නියමුවන්ගේ හැකියාවත් හරි හරියට උරගා බැලෙන මොහොතක් විය. අත්දැකීම් වලින් සපිරි බලඝණ නායක ධම්මික ඩයස් සුවිශේෂී හෙලිකොප්ටර හැසිරවීමකින් බෙල් 212 යානය නිමේශයකින් ගුවනට ගත්තේය. ඒ වනවිටත් ගොම්මන් අඳුර ඔඩ්ඩුසුඩාන් වනය ගිලගනිමින් සිටියද , වවුනියාව පසුකරන තුරුම හෙලිකොප්ටර් යානාහි විදුලි බල්බ නොදල්වාම පැමිණියේ අඳුරෙහි සැඟවීමේ වාසිය උපරිමයෙන් ලබාගනිමිනි. තවත් විනාඩි 40ක් පමණ ගතවන තැන මුදාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ බෙල් 212 හෙලිකොප්ටර් යානාව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පැමිණියේය. Mi 24 යානා ද්විත්වය නැවත හඟුරක්ගොඩ කඳවුර කරා පැමිණෙන විට ප්‍රදේශය මුළුමනින්ම අඳුරෙහි ගිලී තිබුණි. ගුවන් හමුදාවේ අංක 7 සහ අංක 9 යන බලඝණ ද්විත්වය විසින් සිදු කරන ලද මෙම මුදවා ගැනීමේ මෙහෙයුම ලෝකය පුරා සියළු ගුවන් හමුදාවන්ට අළුත් පාඩමක් කියා දුන්නේය. මෙහෙයුමේ සාර්ථකත්වය නිසාම ඊට සම්බන්ධ වූ සියළු දෙනාම වීරවික්රම විභූෂණය සඳහා නම් කෙරුණේ මෙම අති අවධානම් සහගත මෙහෙයුමේදී දක්වන ලද නිර්භීතභාවයත්, සිය ජීවිත පරදුවට තබා තම සගයින් මුදවා ගැනීමට ඉදිරිපත් වීමත් නිසාවෙනි. තම ජීවිත අවධානම නොතකා තම කණ්ඩායමේ ආරක්ෂාවත් , මාතෘභූමියේ නිදහසත් වෙනුවෙන් උත්තම පූජාව සිදුකළ ලලිත් ජයසිංහ විරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන ලදී. (උපුටා ගත්තේ Sri Lanka Air Force Friends Club [URL='https://www.facebook.com/groups/237788020185236']Facebook group[/URL]) [url=https://ibb.co/99yMPWx][img]https://i.ibb.co/qMmZ6pH/127127932-694951351434806-7917371483782863660-o.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom