Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෙඩක් නෑ ලෙඩක් තියෙනවා මොකද වුණේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙඩක් නෑ ලෙඩක් තියෙනවා මොකද වුණේ?

නවීන විද්‍යාව තවමත් දණ ගාමින් සිටිතැයි අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියෝ පැවසූහ. නවීන විද්‍යාව බඩගාමින් සිටින බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එහෙත් අප නොදන්නා, නොහඳුනන විද්‍යාඥයන් හා විද්‍යාවක් කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටිමු. එතැන ම පිළිබිඹු වන්නේ අවිද්‍යාවයි.

සමන් පතිරණ මහතා ආයුර්වේද වෛද්‍ය වරයෙකි. ඔහු මාතර පදිංචි කරුවෙකි. මඩකලපුව ප්‍රදේශයේ රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයක සේවය කරයි. සතියේ නිවාඩු දිනවල ගමට පැමිණ රෝගීන්ට පෞද්ගලිකව ප්‍රතිකාර කරයි. දිනක් කුමාර නමැති ව්‍යාපාරිකයෙක් ඔහුගේ රෝගී බිරිය ප්‍රතිකාර සඳහා කැඳවාගෙන ආවේය. ඇය ශරීරය ඉදිමී සන්ධිගත වේදනාවන් ගෙන් පීඩා විඳින්නියකි. විවිධ ප්රතිකාරවලින් සුවයක් නොලැබ සමන් පතිරණ මහතා වෙත මෙසේ කැඳවා ගෙන ආ රෝගී කාන්තාව පරීක්ෂා කළ ද රෝග නිධානය සොයා ගත නොහැකිව අනුමානයන්ට ප්‍රතිකාර කරන්නට යෙදුණි. සතියකට පසු නැවතත් දෙවෙනි වරට ද ප්‍රතිකාර ගත්තේ ය. සුවයක් ලැබුණේ ද නැත. රෝගයට හේතුව සොයා ගන්නට ද නොහැකි විය.

දිනක් රාත්‍රියේ මේ කාන්තාවගේ රෝගය උත්සන්න වූ බැවින් කුමාර දුරකතනයෙන් සමන් පතිරණ මහතාට ඒ බව දැන්වූයේ ය. ඒ වන විට සමන් පතිරණ මහතා සිටියේ මඩකලපුවේ ය. කුමාර දැනුම් දුන් ආකාරයට රෝගයේ තත්ත්වය බරපතළ බැවින් වහාම මාතර රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියකට ඉදිරිපත් කොට ප්‍රතිකාර ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. ඒ විශේෂඥ වෛද්‍යවරිය සමන් පතිරණ මහතා ද දන්නා හඳුනන දක්ෂ වෛද්‍යවරියකි. ඒ වෛද්‍යවරිය ද හමු වී ප්‍රතිකාර ගත් නමුත් රෝගයේ අඩුවක් නම් නොවීය.

මේ වන විට කුමාර ව්‍යාපාරික කටයුතු ද නතර කොට සිය බිරිය ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සටනක යෙදී සිටියේ ය. ඔහු ද කායිකවත් මානසිකවත් හෙම්බත් වී සිටියේය. ඒ විශේෂඥ වෛද්‍යවරිය ගේ ප්රතිකාරවලින් ද සුවයක් නොලැබු අතර ගාල්ල රජයේ වෛද්‍ය ආයතනයකට සම්බන්ධ මහාචාර්යවරයකුට රෝගියා ඉදිරිපත් කරන්නට යෙදුණි. පැරණි රෝග පරීක්ෂණ වාර්තා පරීක්ෂා කළ මහාචාර්යවරයා නැවත පරීක්ෂණවලට භාජනය කැරවීය. එහෙත් මේ එක ද පරීක්ෂණ වාර්තාවකින්වත් ඇයට රෝගයක් ඇතැයි සනාථ වූයේ නැත.

මේ වන විට රෝගී කාන්තාවගේ මුළු ශරීරයම ඉදිමී කෑමක් බීමක් පවා ගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයක පසු වූවා ය. දේශීය වෛද්‍ය ප්රතිකාරවලින් සුවයක් නොලැබ ඉංගී්රසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට ගොස් විශේෂඥ වෛද්‍යවරියකගෙන් ද මහාචාර්ය වරයෙකුගෙන් ද ලැබූ ප්රතිකාරවලින් සුවයක් නොලැබ අසාධ්‍යව සිටින තම ආදරණීය බිරිය දෙස බලා සිටිය නොහැකි වූ කුමාරට දෙවියන් බුදුන් සිහිපත් විය. ගුප්ත විද්යාවන්ගෙන්වත් පිහිටක් පතා බිරියගේ හඳහන රැගෙන ඡ්‍යොතීර් විද්‍යාඥයකු සොයා ගියේය. ඇගේ හඳන පරීක්ෂා කළ දෛවඥ මහතා ගේ නළල රැළි ගැන්විණි.

“දියුණු වේ යැයි ඊර්ෂ්‍යාවෙන් බරපතළ වින බන්ධනයක් කැර තියෙනවා. තත්ත්වය ඉතා ම බරපතළ යි. තවත් දවස් දෙකකට වඩා ජීවත් කරවන්නත් අමාරු බවයි පෙනෙන්නේ. වහාම වින බන්ධන කපා රෝගියා ආරක්ෂා කරන්න. මේ වින බන්ධනයට සම්බන්ධ භූතයන් ගේ බලපෑම නිසා කොයි තරම් වෙද හෙදකම් කළත් ඖෂධ බල ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ඉක්මන් ක්‍රියා මාර්ගයකින් රෝගියා ගේ ජීවිතය බේරා ගන්නැයි උපදෙස් දුන්නේ ය. එසේ ම සිදු කරන යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ඉතා රහසිගතව සිදු කරන ලෙස ද වැඩි දුරටත් උපදෙස් දුන්නේ ය.

“අනේ! දෙය්යනේ! කාටවත් වරදක් නැතිව අපේ උත්සාහයෙන් ජීවත්වන අපට කඩාපාත් වුණේ මොන වින්නැහියක් දැ” යි කුමාරට දෙලොව රත් විය. “මගේ ජීවිතයට අත් වැලක් වූ ආදරණීය බිරිය තවත් ජීවත් වීමට ඉඩ ඇත්තේ දවස් දෙකක් පමණ ද?” ඔහු වහාම ක්‍රියාත්මක විය. ගමෙන් පිට ප්‍රදේශයක ජීවත් වූ සමීප හිතවතෙකු සොයා ගියේ ය. ඔහු සමඟ තමන් පත් වී සිටින අසහනකාරී තත්ත්වය විස්තර කළේ ය. දින දෙකක් ඇතුළත තම බිරිය ගේ ජීවිතය ආරක්ෂා කැර ගැනීමට උදව් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව කුමාර ගේ හිතවතා කුමාර සමඟ දෙය්යන්දර ප්‍රදේශයේ ඇදුරෙකු සොයා ගියේ ය. මේ හදිසි තත්ත්වය අනුව වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔහු ඔවුන්ට අවධාරණය කළේ ය. ඔහුගේ උපදෙස් අනුව ශාන්ති කර්මයට අවශ්‍ය සියලු ද්‍රව්‍ය හිතවතා ගේ නිවසට ඒකරාශි කැර ගත්තේය. අවශ්‍ය සියල්ල සපයා ගෙන ඇදුරා ද සමඟ රාත්‍රියේ ම වාහනයකින් නිවස බලා ගියහ. ඇදුරා ද ඉක්මනින් අවශ්‍ය කටයුතු පටන් ගත්තේ ය.

පාන්දර තුනට පමණ ඇදුරා වින බන්ධන කැපීමේ කටයුතු ආරම්භ කළේ ය. පුහුලය ජීවම් කොට අදාළ මන්ත්‍ර කියමින් උඩුකුරුව දපමින් පුහුලය කැපීය. ඒ සමඟ බලාපොරොත්තු නැති අයුරින් විශාල සුළඟක් හමා ආවේය. ගස් කොළන් ඒ සුළඟට ඇඹරී යන හඬක් ඇසුණි.

ගස්වල අතු කඩා වැටෙන හඬක් ඇසුණි. ඒ අතර ම වින බන්ධන කපා ආතුර කාන්තාවටත්, නිවසටත් ආරක්ෂා දැමීය. තද නින්දකට වැටුණු කාන්තාව පැයකට පමණ පසු නින්දෙන් අවදි වූයේ සම්පූර්ණයෙන් නිරෝගීව සිටියා ය. සියලු ඉදිමුම් බැස ගොස් තිබුණි.

උදේ හිරු නැගෙන විට ශාන්ති කර්මය අවසන් විය. රාත්‍රි ඇසුණු ගස් කොළන් කැඩී ගිය ශබ්දය ගැන සොයා බලන විට දුටුවේ එම නිවස පිටුපස තිබුණු පොල් ගස් කීපයක්, පුවක් ගස් ගණනාවක් හා කොට්ටම්බා ගසක් ඇතුළු සියලු ගස් මුදුනින් එක ම මට්ටමකට කැඩී ගොස් තිබුණ සැටියකි. එසේ ම කුමාරට අයිති ඉඩමේ ගස් හැරෙන්නට යාබද ඉඩම්වල කිසි ම ගහ කොළකට හානි සිදු වී නොතිබුණි. උදේ එළිවෙනකොට කුමාර ගේ බිරිය සම්පූර්ණ සුවය ලබා සිටියා ය.

මේ කිසිවක් සමන් පතිරණ වෛද්‍යවරයා දැන සිටියේ නැත. ඔහුගෙන් ප්‍රතිකාර ගන්නට ආ රෝගියකු අත කුමාරට “පැමිණ හමුවන ලෙස” පණිවුඩයක් යැවී ය. එහෙත් කුමාර පැමිණියේ නැත. එයින් තවත් මාසයකට පමණ පසු කුමාර ගේ බිරිය තමන්ගේ දරුවෙකුට ප්‍රතිකාර ගැනීම සඳහා පතිරණ මහතා හමුවීමට පැමිණියා ය. එහි දී ඇය සුවපත් වූ ආකාරය පතිරණ මහතා ඇගෙන් විමසූ විට මේ සියලු විස්තර අනාවරණය කළා ය.

“අපේ වෛද්‍ය විද්‍යාවට හසු නොවන බොහෝ දේවල් තියෙනවා. මේ කාන්තාවගේ මරණාසන්න වූ අසාධ්‍ය රෝගයේ දීත් විශේෂ වෛද්‍යවරියක ගේ මෙන් ම මහාචාර්යවරයකුගේ බටහිර ප්රතිකාරවලින්වත් සුවපත් නොවූ බරපතළ අසනීපය ගුප්ත විද්‍යා ක්‍රමයක් මඟින් එක රැයින් සුවපත් වුණා. ඒ නිසා අප නොදන්නා, අපට ගෝචර නොවන දේවල් බොහොමයක් තියෙනවා. ඒවා භෞතික ඇසින් ම බලා අපහාසයට උපහාසයට ලක් කරන්න හොඳ නෑ” යි වෛද්යාචාර්ය සමන් පතිරණ මහතා අවංක අදහසින් ම අප සමඟ පැවසී ය.

එසේ ම වර්තමාන සමාජයේ බොහෝ රෝගාබාධවලට දිගින් දිගට ප්‍රතිකාර කළ ද සුවයක් නොලබන අවස්ථා බොහෝ ය. සමහර ශරීර සැත්කම් මඟින් ද කපා කොටා සුවපත් නොවන අවස්ථා බොහෝ ය. තවත් සමහර රෝගීන් ඉතා බරපතළ රෝගී තත්ත්වයන්ට පත්ව ප්‍රතිකාර ගනිද්දී සිදු කරන පරීක්ෂණවලින් “රෝගය අසු නොවන” අවස්ථා ද බහුල ය. ඒ වැනි අවස්ථාවල සමහර වෛද්‍යවරු “තමන් ගේ ආගම දහම පැත්තෙනුත් යමක් කර බලන්නැ” යි උපදෙස් දෙන අවස්ථා ද නැතුවා නොවේ. ඒ නිසා අප ජීවත්වන මේ ලෝකයේ අපට නොපෙනෙන, පියවි ඇසට ගෝචර නොවන ක්‍රියාකාරකම් සිදුවන බව පිළිගත යුතු ව ඇත.

මතුගම මහින්ද විජේතිලක

[QUOTE="mensoft2003, post: 10750385, member: 49361"] [b]ලෙඩක් නෑ ලෙඩක් තියෙනවා මොකද වුණේ?[/b] [SIZE="3"]නවීන විද්‍යාව තවමත් දණ ගාමින් සිටිතැයි අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියෝ පැවසූහ. නවීන විද්‍යාව බඩගාමින් සිටින බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එහෙත් අප නොදන්නා, නොහඳුනන විද්‍යාඥයන් හා විද්‍යාවක් කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටිමු. එතැන ම පිළිබිඹු වන්නේ අවිද්‍යාවයි. සමන් පතිරණ මහතා ආයුර්වේද වෛද්‍ය වරයෙකි. ඔහු මාතර පදිංචි කරුවෙකි. මඩකලපුව ප්‍රදේශයේ රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයක සේවය කරයි. සතියේ නිවාඩු දිනවල ගමට පැමිණ රෝගීන්ට පෞද්ගලිකව ප්‍රතිකාර කරයි. දිනක් කුමාර නමැති ව්‍යාපාරිකයෙක් ඔහුගේ රෝගී බිරිය ප්‍රතිකාර සඳහා කැඳවාගෙන ආවේය. ඇය ශරීරය ඉදිමී සන්ධිගත වේදනාවන් ගෙන් පීඩා විඳින්නියකි. විවිධ ප්රතිකාරවලින් සුවයක් නොලැබ සමන් පතිරණ මහතා වෙත මෙසේ කැඳවා ගෙන ආ රෝගී කාන්තාව පරීක්ෂා කළ ද රෝග නිධානය සොයා ගත නොහැකිව අනුමානයන්ට ප්‍රතිකාර කරන්නට යෙදුණි. සතියකට පසු නැවතත් දෙවෙනි වරට ද ප්‍රතිකාර ගත්තේ ය. සුවයක් ලැබුණේ ද නැත. රෝගයට හේතුව සොයා ගන්නට ද නොහැකි විය. දිනක් රාත්‍රියේ මේ කාන්තාවගේ රෝගය උත්සන්න වූ බැවින් කුමාර දුරකතනයෙන් සමන් පතිරණ මහතාට ඒ බව දැන්වූයේ ය. ඒ වන විට සමන් පතිරණ මහතා සිටියේ මඩකලපුවේ ය. කුමාර දැනුම් දුන් ආකාරයට රෝගයේ තත්ත්වය බරපතළ බැවින් වහාම මාතර රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියකට ඉදිරිපත් කොට ප්‍රතිකාර ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. ඒ විශේෂඥ වෛද්‍යවරිය සමන් පතිරණ මහතා ද දන්නා හඳුනන දක්ෂ වෛද්‍යවරියකි. ඒ වෛද්‍යවරිය ද හමු වී ප්‍රතිකාර ගත් නමුත් රෝගයේ අඩුවක් නම් නොවීය. මේ වන විට කුමාර ව්‍යාපාරික කටයුතු ද නතර කොට සිය බිරිය ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සටනක යෙදී සිටියේ ය. ඔහු ද කායිකවත් මානසිකවත් හෙම්බත් වී සිටියේය. ඒ විශේෂඥ වෛද්‍යවරිය ගේ ප්රතිකාරවලින් ද සුවයක් නොලැබු අතර ගාල්ල රජයේ වෛද්‍ය ආයතනයකට සම්බන්ධ මහාචාර්යවරයකුට රෝගියා ඉදිරිපත් කරන්නට යෙදුණි. පැරණි රෝග පරීක්ෂණ වාර්තා පරීක්ෂා කළ මහාචාර්යවරයා නැවත පරීක්ෂණවලට භාජනය කැරවීය. එහෙත් මේ එක ද පරීක්ෂණ වාර්තාවකින්වත් ඇයට රෝගයක් ඇතැයි සනාථ වූයේ නැත. [IMG]http://www.silumina.lk/2011/07/24/aw1107241.jpg[/IMG] මේ වන විට රෝගී කාන්තාවගේ මුළු ශරීරයම ඉදිමී කෑමක් බීමක් පවා ගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයක පසු වූවා ය. දේශීය වෛද්‍ය ප්රතිකාරවලින් සුවයක් නොලැබ ඉංගී්රසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට ගොස් විශේෂඥ වෛද්‍යවරියකගෙන් ද මහාචාර්ය වරයෙකුගෙන් ද ලැබූ ප්රතිකාරවලින් සුවයක් නොලැබ අසාධ්‍යව සිටින තම ආදරණීය බිරිය දෙස බලා සිටිය නොහැකි වූ කුමාරට දෙවියන් බුදුන් සිහිපත් විය. ගුප්ත විද්යාවන්ගෙන්වත් පිහිටක් පතා බිරියගේ හඳහන රැගෙන ඡ්‍යොතීර් විද්‍යාඥයකු සොයා ගියේය. ඇගේ හඳන පරීක්ෂා කළ දෛවඥ මහතා ගේ නළල රැළි ගැන්විණි. “දියුණු වේ යැයි ඊර්ෂ්‍යාවෙන් බරපතළ වින බන්ධනයක් කැර තියෙනවා. තත්ත්වය ඉතා ම බරපතළ යි. තවත් දවස් දෙකකට වඩා ජීවත් කරවන්නත් අමාරු බවයි පෙනෙන්නේ. වහාම වින බන්ධන කපා රෝගියා ආරක්ෂා කරන්න. මේ වින බන්ධනයට සම්බන්ධ භූතයන් ගේ බලපෑම නිසා කොයි තරම් වෙද හෙදකම් කළත් ඖෂධ බල ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ඉක්මන් ක්‍රියා මාර්ගයකින් රෝගියා ගේ ජීවිතය බේරා ගන්නැයි උපදෙස් දුන්නේ ය. එසේ ම සිදු කරන යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ඉතා රහසිගතව සිදු කරන ලෙස ද වැඩි දුරටත් උපදෙස් දුන්නේ ය. “අනේ! දෙය්යනේ! කාටවත් වරදක් නැතිව අපේ උත්සාහයෙන් ජීවත්වන අපට කඩාපාත් වුණේ මොන වින්නැහියක් දැ” යි කුමාරට දෙලොව රත් විය. “මගේ ජීවිතයට අත් වැලක් වූ ආදරණීය බිරිය තවත් ජීවත් වීමට ඉඩ ඇත්තේ දවස් දෙකක් පමණ ද?” ඔහු වහාම ක්‍රියාත්මක විය. ගමෙන් පිට ප්‍රදේශයක ජීවත් වූ සමීප හිතවතෙකු සොයා ගියේ ය. ඔහු සමඟ තමන් පත් වී සිටින අසහනකාරී තත්ත්වය විස්තර කළේ ය. දින දෙකක් ඇතුළත තම බිරිය ගේ ජීවිතය ආරක්ෂා කැර ගැනීමට උදව් ඉල්ලා සිටියේ ය. ඒ අනුව කුමාර ගේ හිතවතා කුමාර සමඟ දෙය්යන්දර ප්‍රදේශයේ ඇදුරෙකු සොයා ගියේ ය. මේ හදිසි තත්ත්වය අනුව වහාම ක්‍රියාත්මක විය යුතු බව ඔහු ඔවුන්ට අවධාරණය කළේ ය. ඔහුගේ උපදෙස් අනුව ශාන්ති කර්මයට අවශ්‍ය සියලු ද්‍රව්‍ය හිතවතා ගේ නිවසට ඒකරාශි කැර ගත්තේය. අවශ්‍ය සියල්ල සපයා ගෙන ඇදුරා ද සමඟ රාත්‍රියේ ම වාහනයකින් නිවස බලා ගියහ. ඇදුරා ද ඉක්මනින් අවශ්‍ය කටයුතු පටන් ගත්තේ ය. පාන්දර තුනට පමණ ඇදුරා වින බන්ධන කැපීමේ කටයුතු ආරම්භ කළේ ය. පුහුලය ජීවම් කොට අදාළ මන්ත්‍ර කියමින් උඩුකුරුව දපමින් පුහුලය කැපීය. ඒ සමඟ බලාපොරොත්තු නැති අයුරින් විශාල සුළඟක් හමා ආවේය. ගස් කොළන් ඒ සුළඟට ඇඹරී යන හඬක් ඇසුණි. ගස්වල අතු කඩා වැටෙන හඬක් ඇසුණි. ඒ අතර ම වින බන්ධන කපා ආතුර කාන්තාවටත්, නිවසටත් ආරක්ෂා දැමීය. තද නින්දකට වැටුණු කාන්තාව පැයකට පමණ පසු නින්දෙන් අවදි වූයේ සම්පූර්ණයෙන් නිරෝගීව සිටියා ය. සියලු ඉදිමුම් බැස ගොස් තිබුණි. උදේ හිරු නැගෙන විට ශාන්ති කර්මය අවසන් විය. රාත්‍රි ඇසුණු ගස් කොළන් කැඩී ගිය ශබ්දය ගැන සොයා බලන විට දුටුවේ එම නිවස පිටුපස තිබුණු පොල් ගස් කීපයක්, පුවක් ගස් ගණනාවක් හා කොට්ටම්බා ගසක් ඇතුළු සියලු ගස් මුදුනින් එක ම මට්ටමකට කැඩී ගොස් තිබුණ සැටියකි. එසේ ම කුමාරට අයිති ඉඩමේ ගස් හැරෙන්නට යාබද ඉඩම්වල කිසි ම ගහ කොළකට හානි සිදු වී නොතිබුණි. උදේ එළිවෙනකොට කුමාර ගේ බිරිය සම්පූර්ණ සුවය ලබා සිටියා ය. මේ කිසිවක් සමන් පතිරණ වෛද්‍යවරයා දැන සිටියේ නැත. ඔහුගෙන් ප්‍රතිකාර ගන්නට ආ රෝගියකු අත කුමාරට “පැමිණ හමුවන ලෙස” පණිවුඩයක් යැවී ය. එහෙත් කුමාර පැමිණියේ නැත. එයින් තවත් මාසයකට පමණ පසු කුමාර ගේ බිරිය තමන්ගේ දරුවෙකුට ප්‍රතිකාර ගැනීම සඳහා පතිරණ මහතා හමුවීමට පැමිණියා ය. එහි දී ඇය සුවපත් වූ ආකාරය පතිරණ මහතා ඇගෙන් විමසූ විට මේ සියලු විස්තර අනාවරණය කළා ය. “අපේ වෛද්‍ය විද්‍යාවට හසු නොවන බොහෝ දේවල් තියෙනවා. මේ කාන්තාවගේ මරණාසන්න වූ අසාධ්‍ය රෝගයේ දීත් විශේෂ වෛද්‍යවරියක ගේ මෙන් ම මහාචාර්යවරයකුගේ බටහිර ප්රතිකාරවලින්වත් සුවපත් නොවූ බරපතළ අසනීපය ගුප්ත විද්‍යා ක්‍රමයක් මඟින් එක රැයින් සුවපත් වුණා. ඒ නිසා අප නොදන්නා, අපට ගෝචර නොවන දේවල් බොහොමයක් තියෙනවා. ඒවා භෞතික ඇසින් ම බලා අපහාසයට උපහාසයට ලක් කරන්න හොඳ නෑ” යි වෛද්යාචාර්ය සමන් පතිරණ මහතා අවංක අදහසින් ම අප සමඟ පැවසී ය. එසේ ම වර්තමාන සමාජයේ බොහෝ රෝගාබාධවලට දිගින් දිගට ප්‍රතිකාර කළ ද සුවයක් නොලබන අවස්ථා බොහෝ ය. සමහර ශරීර සැත්කම් මඟින් ද කපා කොටා සුවපත් නොවන අවස්ථා බොහෝ ය. තවත් සමහර රෝගීන් ඉතා බරපතළ රෝගී තත්ත්වයන්ට පත්ව ප්‍රතිකාර ගනිද්දී සිදු කරන පරීක්ෂණවලින් “රෝගය අසු නොවන” අවස්ථා ද බහුල ය. ඒ වැනි අවස්ථාවල සමහර වෛද්‍යවරු “තමන් ගේ ආගම දහම පැත්තෙනුත් යමක් කර බලන්නැ” යි උපදෙස් දෙන අවස්ථා ද නැතුවා නොවේ. ඒ නිසා අප ජීවත්වන මේ ලෝකයේ අපට නොපෙනෙන, පියවි ඇසට ගෝචර නොවන ක්‍රියාකාරකම් සිදුවන බව පිළිගත යුතු ව ඇත. [/SIZE] [B]මතුගම මහින්ද විජේතිලක[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom