Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙඩාට ගුළි අඹරන රටේ වෙද්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙඩාට ගුළි අඹරන රටේ වෙද්දු

ලෙඩාට ගුළි අඹරන රටේ වෙද්දු

ආයුෂ යන්නෙහි තේරුම ආයු යන වදනයි. නැතහොත් ජීවයයි. වේද යනු විද්‍යාවයි. ආයුර්වේදය අර්ථ ගැන්වෙන්නේ එසේය.

මනුෂ්‍ය ප්‍රජාවගේ මෙන්ම ශාක සංහතියේ ද රෝග වා, පිත්, සෙම් තුනෙහි ක්‍රියාකාරීත්වය හා අක්‍රියාකාරීත්වය මත රඳා පවතී. එහෙයින් තුන්දොස් කිපෙන අහිතකර තත්ත්වය දුරු කළ යුතු වේ.

නමුත් ක්‍රියාකාරිත්වයේ අවශ්‍යතාව හරියාකාරව ඉටුවේ දැයි අපි බලමු.

වෙදුන් අතර රටේ වෙදුන් නොයෙක් ජාවාරම් කරමින් මනුෂ්‍ය ජීවිතත් සමඟ සෙල්ලම් කරන බව දැකගත හැකිය. රටේ වෙදුන් නිසා අහිමි වූ ජීවිත ගැන ද අපට නොයෙක් වර අසන්නට ලැබේ.

සුරංග මෝටර් රථ ගරාජයක වැඩ කරන තරුණයෙකි. මෑතක දී තමාගේ දෙපා පණ නැති වීම හොඳ කරගන්නට වෙද මහත්වරුන් පස් හය දෙනකු වෙතවත් ගොස් ඇති බව කියන්නේ තවමත් ලෙඩේ හොඳ නොවී තිබියදීය. තමා ප්‍රතිකාර ගත් වෙද මහත්වරුන් දෙදෙනකුට තමාට බීමට දුන් අරිෂ්ටවලට ඉංග්‍රීසි වෙදකමේ වේදනා නාශක පෙති දිය කර මිශ්‍ර කරනු අතටම අල්ලාගත හැකි වූ බව සුරංග කීවේ කෝපයෙනි.

මං ඒ වෙනකොට අරිෂ්ට බෝතල් 2ක්ම බීවා. දවසක් මං වෙද මහත්තයාගේ වෙද සාප්පුවට යනකොට මනුස්සයා පෙති දෙකක් බෝතලයකින් අඹරනවා දැක්කා. මිනිහාට වෙලාව මදි වුණා. හනික අර කුඩු අරිෂ්ට එකට දැම්මා. කුඩු දිය වුණේ නැහැ. මං ඒ අරිෂ්ට බෝතලය අරං ඉල්ලපු රුපියල් එක්දහස් පන්සීයත් දීලා ගෙනිහින් දුන්නා ඩිස්පැන්සරියට. ඩොක්ටර් තමයි කීවේ මේ මිශ්‍ර කරලා තියෙන්නෙ පැනඩීන් කියන වේදනා නාශකය බව. පැනඩීන් මිශ්‍ර කරලා අරිෂ්ට බීපුවම ඒ වෙලාවට ලෙඩේ සමහන් වෙන්නෙ වේදනාව නැති වෙලා. නැවතත් පැයකින් දෙකකින් වේදනාව මතු වෙනවා.

සුරංග අනෙක් රටේවෙදා ගැන ද කීවේය.

තවත් වෙදකු කීවේ එක දිගට තැඹිලි ගෙඩි 3ක් බොන්න ඕනෑ කියලයි. ඒ තැඹිලිවලටත් වේදනා නාශක පෙති දිය කරන බව පසුව මං දැනගත්තා’ තවත් මෙවැනි හොර වෙදකම් රාශියක් ඇති බව කීවේ ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී ආචාර්ය අමරසිරි පොන්නම්පෙරුම වෛද්‍යවරයාය.

“ආයුර්ෙව්ද වෙදකමේ ගුලි චූර්ණ, කල්ක, පත්තු, අරිෂ්ට, තෙල් දුම්, නස්න, කෂාය වර්ග විශාල ප්‍රමාණයක් නොයෙක් ලෙඩ රෝගවලට දෙනවා. බොහෝ දෙනෙකු සිතන්නේ තුන්දොස් කිපීම විතරයි ආයුර්වේද වෛද්‍යවරුන් බලන්නේ කියලා. ඒක වැරදියි. ඊටත් එහාගිය වෙදකමක් තමයි ආයුර්වේද වෙදකම.

හැම ක්ෂේත්රයේම ගසාකෑම තියෙනවා වාගේ ආයුර්වේද ක්ෂේත්රයේත් ගසාකෑම වංචාව සිද්ධ වෙනවා. එක ගසාකෑමක් කියන්න කැමතියි. එක්තරා ආයුර්වේද රෝහලක පැවැත්වෙන සායනවල දී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබා දෙමින් තිබුණා. ඒ බෙහෙත් මාත්‍රා දෙක බැගින් ගැනීමට තමයි රෝගීන්ට නියම වුණේ. සායනයට රෝගීන් අඩු දවස්වල ඉතිරිවෙන බෙහෙතුත් දෙක බැගින් දිය යුතු මාත්‍රාව එක බැගින් නිකුත් කිරීමෙන් ඉතිරි කර ගන්නා බෙහෙතුත් ඒ වෛද්‍යවරයා තමන්ගෙ ගෙදරට පටවාගෙන ගියා. ගෙදරට රෝගීන් එන සායනයේ දී අර හොරකම් කරපු බෙහෙත් වැඩි මිලට විකුණලා සල්ලි ගන්නවා.

ආයේ දවසක වෛද්‍යවරයකු ළඟට එන රෝගීන් අතර සිටියා

උරහිසේ ආබාධයකට පත්තුවක් බැඳපු පුද්ගලයෙක්. වෛද්‍යවරයා පත්තුව ලිහා බලා තිබෙනවා. ගාලා තිබුණේ රත්හඳුන් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා. ඒ පුද්ගලයාගෙන් වෛද්‍යවරයා ඇහුවා වෙද මහත්තයා ඕකට කීයක් ගත්ත ද කියලා. ඔහු කියා තිබෙනවා රුපියල් දෙදහස් පන්සීයයක් කියලා.

‘ඇතැම් වෙද මහත්වරුන් යැයි කියා ගන්නා අය බොරු නේද කරන්නේ’

මා පොන්නම්පෙරුමයන්ගෙන් ඇසුවේ වට්ටෝරු ගැන සිහියේ තබාගෙනය.

‘ඔව්. කෂායවල් හදන්නේ බෙහෙත් වර්ග කිහිපයක් මිශ්‍ර කිරීමෙන්. සමහරු ඒ බෙහෙත් වට්ටෝරුව සර්ව සම්පූර්ණ කරන්න දන්නේ නැහැ. අනෙක ඒ බෙහෙත් වර්ග සියල්ලම සෙවීම දුෂ්කර වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් කියනවා නම් මිශ්‍ර කළ යුත්තේ එළඟි තෙල් නම් ඒකට පොල්තෙල් දිය කරන අය ඉන්නවා.

වෙළෙඳසල්වල, බෙහෙත් බඩු සාප්පුවල අලෙවියට තබා නොකඩවා ප්‍රචාරය කරන නොයෙක් තෙල් වර්ග නොයෙක් නම්වලින් දක්නට ලැබේ. ඒවා වට්ටෝරුවේ ඇති බෙහෙත් වර්ග සියල්ලම ඒවායේ අඩංගු දැයි සැකහැර දැනගන්නේ කෙසේ ද?

සාමාන්‍ය පාරිභෝගිකයාට එවැනි තෙල් වර්ගවල සැකහැර දැනගන්න ක්‍රමය තමයි ආයුර්වේද ලියාපදිංචි අංකය සහිත ලේබලය.

බොහෝ තෙල් වර්ගවලට වර්ණක හා සුවඳ වර්ග එක් කිරීම තෙල් විකුණා ගැනීමේ එක් උපායකි. තවත් එක්තරා වෙද මහතකු තමා වෙත රෝගීන් ගෙන්වා ගැනීමට කරන පෙලඹවීමක් ද පොන්නම්පෙරුම මහතා පවසා සිටියේය. එනම් ඒ වෙද මහතා ගම් පළාතේ පැවැත්වෙන රැස්වීම්වලටත් මළගෙවල්වල හා මඟුල්ගෙවල්වලටත් ගොස් ඒවාට සුහද සිතින් සහභාගී වෙමින් ඒ ඒ අය සමඟ සාමීචියේ යෙදීමය. ඒ සාමීචි අතරේ ඔහු කියන්නේ අසවල් ඇමැතිවරයා ද බෙහෙත් ගන්නේ තමාගෙන් බවය. හොඳ වෙද මහතකුට නම් එවැනි උප්පරවැට්ටි ඕනෑ නැත. රෝගීන් ඔහු වෙත එන්නේ ස්වෙච්ඡාවෙනි. එසේම ලැබෙන ප්රතිකාරවලින් සුවයක් ලැබෙන විටය.

සියලු අරුචියට ලබාදෙන කෂායක උක්හකුරු වෙනුවට ඇතැමුන් කිතුල් හකුරු දමන බව පැවසුවේ ද ආචාර්ය පොන්නම්පෙරුමය.

මුරුංගා ඇට 18ක්, තිප්පිලි භාග 20ක්, උක්හකුරු පලම් 1ක්, ගම්මිරිස් ඇට 10ක්, අමු ඉඟුරු පලම් 1ක් සහ විනාකිරි නැළි 2ක් මනාසේ මිශ්‍ර කර එය බළල් ලුණු පලම් එකක් දමා චතුර්ජාත චූර්ණ පලම් ක් දමා හැන්දෙන් හොඳින් කලතා වසා තබා ප්‍රයෝජනයට ගත යුතුයි. මෙය අනුභවයෙන් ව්‍යාංජන දහසක් සමඟ ගත් ආහාරයක් වුණත් දිරවීමේ ශක්තිය ලැබෙනවා.

දැන් අප හැරෙමු වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා දෙසට. ඔහු අපට වැදගත් වන්නේ ව්‍යාජ ඔෟෂධ සහ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව කලක පටන් හඬ නැඟූවකු වීමය. එපමණක් ද නොව ඔහු ආචාර්ය පොන්නම්පෙරුමයන්ට පසු ආයුර්වේද වෛද්‍ය සභාවේ මහා ෙල්ඛකාධිකාරවරයා වශයෙන් කටයුතු කිරීමය. දැන් ඔහු යුනෙස්කෝවේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. පළමුවෙන්ම අපි ඔහුගෙන් ඖෂධ හා වෛද්‍යවරුන් පිළිබඳ නෛතික පැත්ත ගැන දැනුම්වත් වෙමු.

මා ලේඛකාධිකාරී ලෙස කටයුතු කරන සමයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 15,000ක් පමණ වුණා. පාර්ලිමේන්තුවෙන් සම්මත පනත අනුව ආයුර්වේද වෛද්‍ය සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කර ගැනීමට නාමලේඛන දෙකක් පවත්වාගෙන යනවා. ඒ සාමාන්‍ය නාමලේඛනය හා විශේෂ නාමලේඛනය වශයෙන්. සාමාන්‍ය නාමලේඛනය යටතේ තමයි සියලු සර්වාංග වෛද්‍යවරුන් ලියාපදිංචි කර ගැනෙන්නේ. සර්වාංග වෛද්‍යවරුන් කීවාම එහි කොටස් 3ක් තියෙනවා. පළමු කොටස විශ්වවිද්‍යාල හා එවැනි ආයතන මගින් සමත්වන ආයුර්වේද උපාධිධරයන්. දෙවැනි කොටස ආයුර්වේද ශාස්ත්‍රී විභාගය නමින් වූ බාහිර පරීක්ෂණයෙන් සමත්වන වෛද්‍යවරුන්. තෙවැනි කොටස පාරම්පරිකව වෛද්‍ය ක්‍රමය හදාරලා වෛද්‍යවරුන් වූ අය.

විශේෂ නාමලේඛනය යටතේය කීවේ විශේෂ අංශයට පමණක් සීමාවූවන්. එනම් කැඩුම් බිඳුම්, සර්ප විෂ හා ඇස් වෙදකම වැනි.

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම්.

තම නම ඉදිරියෙන් වෛද්‍ය වචනය සඳහන් කිරීම වෛද්‍ය ප්‍රතිකාර කර මුදල් අයකිරීම පමණක් නොව දැන්වීම් පුවරුවේ ලියාපදිංචි අංකය සඳහන් කර නොතිබීම, සුදුසුකම් විස්තර සඳහන් කර නොතිබීම සපුරා තහනම්. ඒ වගේම ලියාපදිංචි වූ සහතිකය තමා ප්‍රතිකාර කරන කාමරයේ රාමු කර එල්ලා තැබිය යුතුයි. එය හොරට මුද්‍රණය කළ එකක් නම් රෝගියාට පුළුවන් වෛද්‍ය සභාවට දුරකථනයෙන් හෝ එහි වෙබ් අඩවිය මගින් දන්වන්න. එයින් ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කළ හැකි වෙනවා. පසුගිය කාලේ එවැනි හොර වෛද්‍යවරුන් රැසක් කොටුකර ගැනීමට පොලිසියට හැකි වුණා.

ඊළඟට ආයුර්වේද ඖෂධ ගැනය.

ලියාපදිංචි වූ පමණින් වෛද්‍යවරයකුට බෙහෙත් හදලා දෙන්න බැහැ. එය වලංගුවන්නේ පාරම්පරික වෛද්‍යවරුන්ට විතරයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව වගේම අපේ රටේ පෞද්ගලික ආයතන කිහිපයකුත් බෙහෙත් නිෂ්පාදනය කරනවා. ඒ බෙහෙත් සියල්ල නාවින්නේ ඇති යෝග සංග්‍රහ කමිටුවට ඉදිරිපත් කොට ප්‍රමිතිය ගැන සහතිකයක් ලබාගත යුතුවෙනවා. ඒ යෝග සංග්‍රහ කමිටුවේ නිර්දේශ නොමැතිව කිසිම බෙහෙතක් අලෙවි කරන්න බැහැ. මීට අමතරව ඉන්දියාවෙන් ආයුර්වේද ඖෂධ ආනයනය කරනවා. ඒවා ඇසුරුම්ගතව එන්නේ ප්‍රමිතියක් සහිතවයි.

වෛද්‍යවරුනුත් ජාති 2ක් ඉන්නවා. එක ජාතියක් කිසිදු ලියාපදිංචියක් කර නැහැ. ඔවුන් ඉබේ පහළ වුණා වගෙයි. ජාවාරම්කාරයෝ. අනෙක් පිරිස කෙසේ හෝ ලියාපදිංචිය කරගන්නවා. ඔවුන් ඊට පස්සේ ජනමාධ්‍ය සමඟ ඩීල් ඇති කරගෙන විශාල ප්‍රමාණයක් මුදල් යොදවලා රෝගීන් පොළඹවා ගන්නවා. ඔවුන්ගේ ඉලක්කය තමයි ලාභ රේට්ටුව ඉහළ දමා ගැනීම. රෝග සුව කිරීම නොවෙයි.

ජනමාධ්‍ය දන්නේ නැහැ වෛද්‍යවරුන්ට දැන්වීම් දාලා ප්‍රචාරය කරවාගත නොහැකි තහනමක් පවතින බව. මා මීට එරෙහිව කලක පටන් නොයෙකුත් අවස්ථාවල උස්හඬින් කතාකොට තිබෙනවා. එ්ත් පලක් වී නැහැ. ඒ ගොල්ලන් තමයි නිට්ටාවට සුව කළ නොහැකි රෝග පවා සුව කළ හැකියි බොරු බේගල් ඇදබාන්නෙ. මේවාට එරෙහිව රජය පියවර ගත යුතුයි.

රෝගීන් සම්බන්ධයෙනුත් දැනුම්වත් වීම අත්‍යවශ්‍යයි. ඔවුන් ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගත යුතුයි.

ලංකාවේ ආයුර්වේදයට ප්රශ්නයක්ව ඇත්තේ බෙහෙත් හිඟ වීමයි. ඒ විතරක් නෙවෙයි කිසිදු අනුබලයක් නැති වීමයි. ඒ නිසා තමයි ඉන්දියාවෙන් ආනයනය කරන්න සිදුවෙලා තිබෙන්නේ. පරිසර දූෂණයත් බෙහෙත් හිඟයට මහත් බලපෑමක් කරනවා. එසේම ඖෂධවල මිලත් වැඩි වෙන්න එය හේතුවක්. ඒ නිසා ප්‍රතිකාර ක්‍රමවලත් මිල වැඩිවෙනවා. ක්‍රමවත් වැඩපිළිවෙළක් නැත්නම් තවදුරටත් ආයුර්වේදයට පළිබෝධ එකතුවීම වළක්වන්න බැහැ.

ඊළඟට අපට හමුවීමට හැකිවුණේ බේරුවල වෙදගෙදරට යාමටය. එය ආයුර්වේද රෝහලක් වන අතර ප්‍රතිකාර කෙරෙන්නේ විදේශීය සංචාරක රෝගීන්ටය. දැනටමත් ආතරයිටිස්, කොන්ද අමාරු, ඔස්ටියොපොරොසිස් වැනි රෝගවලට ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය යන රටවලින් රෝගීන් 150ක් පමණ ෙන්වාසිකව ප්‍රතිකාර ලබන මහා රෝහලකි. එහි නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි වෛද්‍යවරයකු කීවේ ඔවුන්ගේ මිල අධික වුවත් තම ආයුර්වේද බෙහෙත් නියම මාත්‍රාවෙන් රෝගීන් ලබා ගන්නා බවයි. එසේම රෝග සුව වී තම රටවලට ආපසු යන ඔවුන් තම නෑදෑ හිතවතුන්ටත් ලංකාවේ මේ ආයුර්වේද රෝහල ගැන කියන්නේ හද පිරි සතුටිනි.

පානදුරේ රස වෛද්‍යවරයකු ලෙස සායන පවත්වන ප්‍රසන්න සිල්වා තරුණ වෛද්‍යවරයෙකි. ඔහු තම රස වෛද්‍ය විද්‍යාව හදාරා ඇත්තේ බෙලිදෙණියේ රස වෛද්යචාර්ය පරම්පරාවෙන් බව කියයි. රත්රන්, රිදී, තඹ, මිනිරන් සහ රසදිය වැනි ලෝහවල භෂ්ම (අළු) වලින් සාදා ගැනෙන රස ඖෂධ ප්රතිකාරවලින් පිළිකාව, හෘද රෝග, දරු ඵල අහිමි වීම යන රෝගවලට ප්‍රතිකාර කෙරේ. මේ ඔහුගේ අදහස්.

ආයුර්වේදය ආවෙ ඉන්දියාවෙන්. ලංකාවේදී එක දේශීය වෙදකමත් සමඟ මිශ්‍ර වෙලා. වට්ටෝරුත් වෙනස් වෙලා පහසු විදිහට.

අප ලෝහ භෂ්ම මිලදී ගන්නේ ඉන්දියාවේ ඖෂධ ආයතනයකින් මෙහි පැමිණ ඔසු අලෙවි කරන වෙළෙන්දන්ගෙන්. එවා යන්ත්රානුසාරයන් නිෂ්පාදනය කෙරෙන ඖෂධයි. අපට ඒවාට වට්ටෝරු තියෙනවා. පුරුෂ ශුක්‍ර ධාතු සඵලතාව වඩවන ලිංගික බෙලහීනකම් දුරලන සහ කාන්තාවන්ගේ රක්තය නසන ප්‍රතිකාර වට්ටෝරුවලට අපි බොරු කරන්නේ නැහැ. වෛද්‍ය සභාව අපව ලියාපදිංචි කරගන්නේ නැතිව අපට හොර වෙද්දු යැයි චෝදනා කිරීම වැරදියි. රස වෙදකම අප සලකන්නේ ආයුර්වේදයටත් පෙර සිට රාවණා යුගයේ සිට පැවත එන්නක් බවයි. ඉන්දියානුවන් සලකන්නේ එය නාගර්ජුන කොණ්ඩය නම් ඉසිවරයාගේ පුරෝගාමීත්වයක් බවයි. ආයුර්වේද වෛද්‍යවරුන් අතර ළෙන්ගතුකම් නැහැ. ඒවා පරම්පරාවලට විතරක් සීමා වෙලා. නමුත් පිටරටකින් යම් බෙහෙතක් සොයා ගත්විට එය මුළු ලෝකෙටම දෙනවා. අපේ රටේ එහෙම නොවන්නේ කුහකකම නිසාය. අන්තිමටත් කියන්නේ අපි හොරු නෙමෙයි. අපි සුවිශේෂයි.

අවසානයට හමුවුණේ හෝමාගම චාන්දනී වෙද හාමිනේය. ඇය ආයුර්වේද වෘත්තියට බැස ඇත්තේ තම සැමියා මිය ගියායින් පසුවයි. ඉදිකිරීම් ක්ෂේත්රයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ ඔහු අකාලයේ මිය පරලොව යෑමත් සමඟ ඇය තමා දන්නා ආයුර්වේදය තෝරා ගත්තේ තම දියණිය සමඟ අවංකව ප්‍රතිකාර කිරීමටය. මේ ඇයගේ අදහස්.

අපි කිසිම බෙහෙතක් එක්ක බටහිර ඖෂධ කලවම් කරන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී අැත්තේ පාරම්පරික ආයුර්වේද පාර්ශ්වයෙන්. මා ෙරා්ගීන්ට ලබාදෙන්නේ අරිෂ්ට නෙවෙයි කසායයි. ඉන්දියාවෙන් මට ඖෂධ ගෙනැත් දෙන කෙනකු ඉන්නවා. මා බෙහෙත් ගන්නේ අපේ රටෙන් නෙමෙයි.

දැන් බෙහෙත්වලට යොදන බිම්කොහොඹ කිලෝවක් රුපියල් 16,000යි. ලංකාවේ හතර දිග්භාගයේ සිටින නොයෙක් රෝගීන් මා සොයා එනවා. විශාල වශයෙන් ඔවුන් ගෙන එන වෛද්‍ය වාර්තා මා පරීක්ෂා කර බලනවා. මට පුළුවනි රෝගියා දෙස බලා ඔහුගේ ඇයගේ රෝගය සුව කළ හැකි එකක්ද නැද්ද කියලා කියන්න. ඒ වගේම මම බෙහෙත් කසාය දෙන්නේ ඒ රෝගය සුවවන දිනයත් පොරොන්දු වෙලායි.

ඡායාරූප හා සටහන

ජගත් රණතුංග

[QUOTE="banda065, post: 21836419, member: 27834"] [b]ලෙඩාට ගුළි අඹරන රටේ වෙද්දු[/b] [SIZE="4"]ලෙඩාට ගුළි අඹරන රටේ වෙද්දු [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e6249517f4.jpg[/IMG] ආයුෂ යන්නෙහි තේරුම ආයු යන වදනයි. නැතහොත් ජීවයයි. වේද යනු විද්‍යාවයි. ආයුර්වේදය අර්ථ ගැන්වෙන්නේ එසේය. මනුෂ්‍ය ප්‍රජාවගේ මෙන්ම ශාක සංහතියේ ද රෝග වා, පිත්, සෙම් තුනෙහි ක්‍රියාකාරීත්වය හා අක්‍රියාකාරීත්වය මත රඳා පවතී. එහෙයින් තුන්දොස් කිපෙන අහිතකර තත්ත්වය දුරු කළ යුතු වේ. නමුත් ක්‍රියාකාරිත්වයේ අවශ්‍යතාව හරියාකාරව ඉටුවේ දැයි අපි බලමු. වෙදුන් අතර රටේ වෙදුන් නොයෙක් ජාවාරම් කරමින් මනුෂ්‍ය ජීවිතත් සමඟ සෙල්ලම් කරන බව දැකගත හැකිය. රටේ වෙදුන් නිසා අහිමි වූ ජීවිත ගැන ද අපට නොයෙක් වර අසන්නට ලැබේ. සුරංග මෝටර් රථ ගරාජයක වැඩ කරන තරුණයෙකි. මෑතක දී තමාගේ දෙපා පණ නැති වීම හොඳ කරගන්නට වෙද මහත්වරුන් පස් හය දෙනකු වෙතවත් ගොස් ඇති බව කියන්නේ තවමත් ලෙඩේ හොඳ නොවී තිබියදීය. තමා ප්‍රතිකාර ගත් වෙද මහත්වරුන් දෙදෙනකුට තමාට බීමට දුන් අරිෂ්ටවලට ඉංග්‍රීසි වෙදකමේ වේදනා නාශක පෙති දිය කර මිශ්‍ර කරනු අතටම අල්ලාගත හැකි වූ බව සුරංග කීවේ කෝපයෙනි. මං ඒ වෙනකොට අරිෂ්ට බෝතල් 2ක්ම බීවා. දවසක් මං වෙද මහත්තයාගේ වෙද සාප්පුවට යනකොට මනුස්සයා පෙති දෙකක් බෝතලයකින් අඹරනවා දැක්කා. මිනිහාට වෙලාව මදි වුණා. හනික අර කුඩු අරිෂ්ට එකට දැම්මා. කුඩු දිය වුණේ නැහැ. මං ඒ අරිෂ්ට බෝතලය අරං ඉල්ලපු රුපියල් එක්දහස් පන්සීයත් දීලා ගෙනිහින් දුන්නා ඩිස්පැන්සරියට. ඩොක්ටර් තමයි කීවේ මේ මිශ්‍ර කරලා තියෙන්නෙ පැනඩීන් කියන වේදනා නාශකය බව. පැනඩීන් මිශ්‍ර කරලා අරිෂ්ට බීපුවම ඒ වෙලාවට ලෙඩේ සමහන් වෙන්නෙ වේදනාව නැති වෙලා. නැවතත් පැයකින් දෙකකින් වේදනාව මතු වෙනවා. සුරංග අනෙක් රටේවෙදා ගැන ද කීවේය. තවත් වෙදකු කීවේ එක දිගට තැඹිලි ගෙඩි 3ක් බොන්න ඕනෑ කියලයි. ඒ තැඹිලිවලටත් වේදනා නාශක පෙති දිය කරන බව පසුව මං දැනගත්තා’ තවත් මෙවැනි හොර වෙදකම් රාශියක් ඇති බව කීවේ ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී ආචාර්ය අමරසිරි පොන්නම්පෙරුම වෛද්‍යවරයාය. “ආයුර්ෙව්ද වෙදකමේ ගුලි චූර්ණ, කල්ක, පත්තු, අරිෂ්ට, තෙල් දුම්, නස්න, කෂාය වර්ග විශාල ප්‍රමාණයක් නොයෙක් ලෙඩ රෝගවලට දෙනවා. බොහෝ දෙනෙකු සිතන්නේ තුන්දොස් කිපීම විතරයි ආයුර්වේද වෛද්‍යවරුන් බලන්නේ කියලා. ඒක වැරදියි. ඊටත් එහාගිය වෙදකමක් තමයි ආයුර්වේද වෙදකම. හැම ක්ෂේත්රයේම ගසාකෑම තියෙනවා වාගේ ආයුර්වේද ක්ෂේත්රයේත් ගසාකෑම වංචාව සිද්ධ වෙනවා. එක ගසාකෑමක් කියන්න කැමතියි. එක්තරා ආයුර්වේද රෝහලක පැවැත්වෙන සායනවල දී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබා දෙමින් තිබුණා. ඒ බෙහෙත් මාත්‍රා දෙක බැගින් ගැනීමට තමයි රෝගීන්ට නියම වුණේ. සායනයට රෝගීන් අඩු දවස්වල ඉතිරිවෙන බෙහෙතුත් දෙක බැගින් දිය යුතු මාත්‍රාව එක බැගින් නිකුත් කිරීමෙන් ඉතිරි කර ගන්නා බෙහෙතුත් ඒ වෛද්‍යවරයා තමන්ගෙ ගෙදරට පටවාගෙන ගියා. ගෙදරට රෝගීන් එන සායනයේ දී අර හොරකම් කරපු බෙහෙත් වැඩි මිලට විකුණලා සල්ලි ගන්නවා. ආයේ දවසක වෛද්‍යවරයකු ළඟට එන රෝගීන් අතර සිටියා උරහිසේ ආබාධයකට පත්තුවක් බැඳපු පුද්ගලයෙක්. වෛද්‍යවරයා පත්තුව ලිහා බලා තිබෙනවා. ගාලා තිබුණේ රත්හඳුන් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා. ඒ පුද්ගලයාගෙන් වෛද්‍යවරයා ඇහුවා වෙද මහත්තයා ඕකට කීයක් ගත්ත ද කියලා. ඔහු කියා තිබෙනවා රුපියල් දෙදහස් පන්සීයයක් කියලා. ‘ඇතැම් වෙද මහත්වරුන් යැයි කියා ගන්නා අය බොරු නේද කරන්නේ’ මා පොන්නම්පෙරුමයන්ගෙන් ඇසුවේ වට්ටෝරු ගැන සිහියේ තබාගෙනය. ‘ඔව්. කෂායවල් හදන්නේ බෙහෙත් වර්ග කිහිපයක් මිශ්‍ර කිරීමෙන්. සමහරු ඒ බෙහෙත් වට්ටෝරුව සර්ව සම්පූර්ණ කරන්න දන්නේ නැහැ. අනෙක ඒ බෙහෙත් වර්ග සියල්ලම සෙවීම දුෂ්කර වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් කියනවා නම් මිශ්‍ර කළ යුත්තේ එළඟි තෙල් නම් ඒකට පොල්තෙල් දිය කරන අය ඉන්නවා. වෙළෙඳසල්වල, බෙහෙත් බඩු සාප්පුවල අලෙවියට තබා නොකඩවා ප්‍රචාරය කරන නොයෙක් තෙල් වර්ග නොයෙක් නම්වලින් දක්නට ලැබේ. ඒවා වට්ටෝරුවේ ඇති බෙහෙත් වර්ග සියල්ලම ඒවායේ අඩංගු දැයි සැකහැර දැනගන්නේ කෙසේ ද? සාමාන්‍ය පාරිභෝගිකයාට එවැනි තෙල් වර්ගවල සැකහැර දැනගන්න ක්‍රමය තමයි ආයුර්වේද ලියාපදිංචි අංකය සහිත ලේබලය. බොහෝ තෙල් වර්ගවලට වර්ණක හා සුවඳ වර්ග එක් කිරීම තෙල් විකුණා ගැනීමේ එක් උපායකි. තවත් එක්තරා වෙද මහතකු තමා වෙත රෝගීන් ගෙන්වා ගැනීමට කරන පෙලඹවීමක් ද පොන්නම්පෙරුම මහතා පවසා සිටියේය. එනම් ඒ වෙද මහතා ගම් පළාතේ පැවැත්වෙන රැස්වීම්වලටත් මළගෙවල්වල හා මඟුල්ගෙවල්වලටත් ගොස් ඒවාට සුහද සිතින් සහභාගී වෙමින් ඒ ඒ අය සමඟ සාමීචියේ යෙදීමය. ඒ සාමීචි අතරේ ඔහු කියන්නේ අසවල් ඇමැතිවරයා ද බෙහෙත් ගන්නේ තමාගෙන් බවය. හොඳ වෙද මහතකුට නම් එවැනි උප්පරවැට්ටි ඕනෑ නැත. රෝගීන් ඔහු වෙත එන්නේ ස්වෙච්ඡාවෙනි. එසේම ලැබෙන ප්රතිකාරවලින් සුවයක් ලැබෙන විටය. සියලු අරුචියට ලබාදෙන කෂායක උක්හකුරු වෙනුවට ඇතැමුන් කිතුල් හකුරු දමන බව පැවසුවේ ද ආචාර්ය පොන්නම්පෙරුමය. මුරුංගා ඇට 18ක්, තිප්පිලි භාග 20ක්, උක්හකුරු පලම් 1ක්, ගම්මිරිස් ඇට 10ක්, අමු ඉඟුරු පලම් 1ක් සහ විනාකිරි නැළි 2ක් මනාසේ මිශ්‍ර කර එය බළල් ලුණු පලම් එකක් දමා චතුර්ජාත චූර්ණ පලම් ක් දමා හැන්දෙන් හොඳින් කලතා වසා තබා ප්‍රයෝජනයට ගත යුතුයි. මෙය අනුභවයෙන් ව්‍යාංජන දහසක් සමඟ ගත් ආහාරයක් වුණත් දිරවීමේ ශක්තිය ලැබෙනවා. දැන් අප හැරෙමු වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා දෙසට. ඔහු අපට වැදගත් වන්නේ ව්‍යාජ ඔෟෂධ සහ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව කලක පටන් හඬ නැඟූවකු වීමය. එපමණක් ද නොව ඔහු ආචාර්ය පොන්නම්පෙරුමයන්ට පසු ආයුර්වේද වෛද්‍ය සභාවේ මහා ෙල්ඛකාධිකාරවරයා වශයෙන් කටයුතු කිරීමය. දැන් ඔහු යුනෙස්කෝවේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. පළමුවෙන්ම අපි ඔහුගෙන් ඖෂධ හා වෛද්‍යවරුන් පිළිබඳ නෛතික පැත්ත ගැන දැනුම්වත් වෙමු. මා ලේඛකාධිකාරී ලෙස කටයුතු කරන සමයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 15,000ක් පමණ වුණා. පාර්ලිමේන්තුවෙන් සම්මත පනත අනුව ආයුර්වේද වෛද්‍ය සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කර ගැනීමට නාමලේඛන දෙකක් පවත්වාගෙන යනවා. ඒ සාමාන්‍ය නාමලේඛනය හා විශේෂ නාමලේඛනය වශයෙන්. සාමාන්‍ය නාමලේඛනය යටතේ තමයි සියලු සර්වාංග වෛද්‍යවරුන් ලියාපදිංචි කර ගැනෙන්නේ. සර්වාංග වෛද්‍යවරුන් කීවාම එහි කොටස් 3ක් තියෙනවා. පළමු කොටස විශ්වවිද්‍යාල හා එවැනි ආයතන මගින් සමත්වන ආයුර්වේද උපාධිධරයන්. දෙවැනි කොටස ආයුර්වේද ශාස්ත්‍රී විභාගය නමින් වූ බාහිර පරීක්ෂණයෙන් සමත්වන වෛද්‍යවරුන්. තෙවැනි කොටස පාරම්පරිකව වෛද්‍ය ක්‍රමය හදාරලා වෛද්‍යවරුන් වූ අය. විශේෂ නාමලේඛනය යටතේය කීවේ විශේෂ අංශයට පමණක් සීමාවූවන්. එනම් කැඩුම් බිඳුම්, සර්ප විෂ හා ඇස් වෙදකම වැනි. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම්. තම නම ඉදිරියෙන් වෛද්‍ය වචනය සඳහන් කිරීම වෛද්‍ය ප්‍රතිකාර කර මුදල් අයකිරීම පමණක් නොව දැන්වීම් පුවරුවේ ලියාපදිංචි අංකය සඳහන් කර නොතිබීම, සුදුසුකම් විස්තර සඳහන් කර නොතිබීම සපුරා තහනම්. ඒ වගේම ලියාපදිංචි වූ සහතිකය තමා ප්‍රතිකාර කරන කාමරයේ රාමු කර එල්ලා තැබිය යුතුයි. එය හොරට මුද්‍රණය කළ එකක් නම් රෝගියාට පුළුවන් වෛද්‍ය සභාවට දුරකථනයෙන් හෝ එහි වෙබ් අඩවිය මගින් දන්වන්න. එයින් ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කළ හැකි වෙනවා. පසුගිය කාලේ එවැනි හොර වෛද්‍යවරුන් රැසක් කොටුකර ගැනීමට පොලිසියට හැකි වුණා. ඊළඟට ආයුර්වේද ඖෂධ ගැනය. ලියාපදිංචි වූ පමණින් වෛද්‍යවරයකුට බෙහෙත් හදලා දෙන්න බැහැ. එය වලංගුවන්නේ පාරම්පරික වෛද්‍යවරුන්ට විතරයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව වගේම අපේ රටේ පෞද්ගලික ආයතන කිහිපයකුත් බෙහෙත් නිෂ්පාදනය කරනවා. ඒ බෙහෙත් සියල්ල නාවින්නේ ඇති යෝග සංග්‍රහ කමිටුවට ඉදිරිපත් කොට ප්‍රමිතිය ගැන සහතිකයක් ලබාගත යුතුවෙනවා. ඒ යෝග සංග්‍රහ කමිටුවේ නිර්දේශ නොමැතිව කිසිම බෙහෙතක් අලෙවි කරන්න බැහැ. මීට අමතරව ඉන්දියාවෙන් ආයුර්වේද ඖෂධ ආනයනය කරනවා. ඒවා ඇසුරුම්ගතව එන්නේ ප්‍රමිතියක් සහිතවයි. වෛද්‍යවරුනුත් ජාති 2ක් ඉන්නවා. එක ජාතියක් කිසිදු ලියාපදිංචියක් කර නැහැ. ඔවුන් ඉබේ පහළ වුණා වගෙයි. ජාවාරම්කාරයෝ. අනෙක් පිරිස කෙසේ හෝ ලියාපදිංචිය කරගන්නවා. ඔවුන් ඊට පස්සේ ජනමාධ්‍ය සමඟ ඩීල් ඇති කරගෙන විශාල ප්‍රමාණයක් මුදල් යොදවලා රෝගීන් පොළඹවා ගන්නවා. ඔවුන්ගේ ඉලක්කය තමයි ලාභ රේට්ටුව ඉහළ දමා ගැනීම. රෝග සුව කිරීම නොවෙයි. ජනමාධ්‍ය දන්නේ නැහැ වෛද්‍යවරුන්ට දැන්වීම් දාලා ප්‍රචාරය කරවාගත නොහැකි තහනමක් පවතින බව. මා මීට එරෙහිව කලක පටන් නොයෙකුත් අවස්ථාවල උස්හඬින් කතාකොට තිබෙනවා. එ්ත් පලක් වී නැහැ. ඒ ගොල්ලන් තමයි නිට්ටාවට සුව කළ නොහැකි රෝග පවා සුව කළ හැකියි බොරු බේගල් ඇදබාන්නෙ. මේවාට එරෙහිව රජය පියවර ගත යුතුයි. රෝගීන් සම්බන්ධයෙනුත් දැනුම්වත් වීම අත්‍යවශ්‍යයි. ඔවුන් ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගත යුතුයි. ලංකාවේ ආයුර්වේදයට ප්රශ්නයක්ව ඇත්තේ බෙහෙත් හිඟ වීමයි. ඒ විතරක් නෙවෙයි කිසිදු අනුබලයක් නැති වීමයි. ඒ නිසා තමයි ඉන්දියාවෙන් ආනයනය කරන්න සිදුවෙලා තිබෙන්නේ. පරිසර දූෂණයත් බෙහෙත් හිඟයට මහත් බලපෑමක් කරනවා. එසේම ඖෂධවල මිලත් වැඩි වෙන්න එය හේතුවක්. ඒ නිසා ප්‍රතිකාර ක්‍රමවලත් මිල වැඩිවෙනවා. ක්‍රමවත් වැඩපිළිවෙළක් නැත්නම් තවදුරටත් ආයුර්වේදයට පළිබෝධ එකතුවීම වළක්වන්න බැහැ. ඊළඟට අපට හමුවීමට හැකිවුණේ බේරුවල වෙදගෙදරට යාමටය. එය ආයුර්වේද රෝහලක් වන අතර ප්‍රතිකාර කෙරෙන්නේ විදේශීය සංචාරක රෝගීන්ටය. දැනටමත් ආතරයිටිස්, කොන්ද අමාරු, ඔස්ටියොපොරොසිස් වැනි රෝගවලට ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය යන රටවලින් රෝගීන් 150ක් පමණ ෙන්වාසිකව ප්‍රතිකාර ලබන මහා රෝහලකි. එහි නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි වෛද්‍යවරයකු කීවේ ඔවුන්ගේ මිල අධික වුවත් තම ආයුර්වේද බෙහෙත් නියම මාත්‍රාවෙන් රෝගීන් ලබා ගන්නා බවයි. එසේම රෝග සුව වී තම රටවලට ආපසු යන ඔවුන් තම නෑදෑ හිතවතුන්ටත් ලංකාවේ මේ ආයුර්වේද රෝහල ගැන කියන්නේ හද පිරි සතුටිනි. පානදුරේ රස වෛද්‍යවරයකු ලෙස සායන පවත්වන ප්‍රසන්න සිල්වා තරුණ වෛද්‍යවරයෙකි. ඔහු තම රස වෛද්‍ය විද්‍යාව හදාරා ඇත්තේ බෙලිදෙණියේ රස වෛද්යචාර්ය පරම්පරාවෙන් බව කියයි. රත්රන්, රිදී, තඹ, මිනිරන් සහ රසදිය වැනි ලෝහවල භෂ්ම (අළු) වලින් සාදා ගැනෙන රස ඖෂධ ප්රතිකාරවලින් පිළිකාව, හෘද රෝග, දරු ඵල අහිමි වීම යන රෝගවලට ප්‍රතිකාර කෙරේ. මේ ඔහුගේ අදහස්. ආයුර්වේදය ආවෙ ඉන්දියාවෙන්. ලංකාවේදී එක දේශීය වෙදකමත් සමඟ මිශ්‍ර වෙලා. වට්ටෝරුත් වෙනස් වෙලා පහසු විදිහට. අප ලෝහ භෂ්ම මිලදී ගන්නේ ඉන්දියාවේ ඖෂධ ආයතනයකින් මෙහි පැමිණ ඔසු අලෙවි කරන වෙළෙන්දන්ගෙන්. එවා යන්ත්රානුසාරයන් නිෂ්පාදනය කෙරෙන ඖෂධයි. අපට ඒවාට වට්ටෝරු තියෙනවා. පුරුෂ ශුක්‍ර ධාතු සඵලතාව වඩවන ලිංගික බෙලහීනකම් දුරලන සහ කාන්තාවන්ගේ රක්තය නසන ප්‍රතිකාර වට්ටෝරුවලට අපි බොරු කරන්නේ නැහැ. වෛද්‍ය සභාව අපව ලියාපදිංචි කරගන්නේ නැතිව අපට හොර වෙද්දු යැයි චෝදනා කිරීම වැරදියි. රස වෙදකම අප සලකන්නේ ආයුර්වේදයටත් පෙර සිට රාවණා යුගයේ සිට පැවත එන්නක් බවයි. ඉන්දියානුවන් සලකන්නේ එය නාගර්ජුන කොණ්ඩය නම් ඉසිවරයාගේ පුරෝගාමීත්වයක් බවයි. ආයුර්වේද වෛද්‍යවරුන් අතර ළෙන්ගතුකම් නැහැ. ඒවා පරම්පරාවලට විතරක් සීමා වෙලා. නමුත් පිටරටකින් යම් බෙහෙතක් සොයා ගත්විට එය මුළු ලෝකෙටම දෙනවා. අපේ රටේ එහෙම නොවන්නේ කුහකකම නිසාය. අන්තිමටත් කියන්නේ අපි හොරු නෙමෙයි. අපි සුවිශේෂයි. අවසානයට හමුවුණේ හෝමාගම චාන්දනී වෙද හාමිනේය. ඇය ආයුර්වේද වෘත්තියට බැස ඇත්තේ තම සැමියා මිය ගියායින් පසුවයි. ඉදිකිරීම් ක්ෂේත්රයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ ඔහු අකාලයේ මිය පරලොව යෑමත් සමඟ ඇය තමා දන්නා ආයුර්වේදය තෝරා ගත්තේ තම දියණිය සමඟ අවංකව ප්‍රතිකාර කිරීමටය. මේ ඇයගේ අදහස්. අපි කිසිම බෙහෙතක් එක්ක බටහිර ඖෂධ කලවම් කරන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී අැත්තේ පාරම්පරික ආයුර්වේද පාර්ශ්වයෙන්. මා ෙරා්ගීන්ට ලබාදෙන්නේ අරිෂ්ට නෙවෙයි කසායයි. ඉන්දියාවෙන් මට ඖෂධ ගෙනැත් දෙන කෙනකු ඉන්නවා. මා බෙහෙත් ගන්නේ අපේ රටෙන් නෙමෙයි. දැන් බෙහෙත්වලට යොදන බිම්කොහොඹ කිලෝවක් රුපියල් 16,000යි. ලංකාවේ හතර දිග්භාගයේ සිටින නොයෙක් රෝගීන් මා සොයා එනවා. විශාල වශයෙන් ඔවුන් ගෙන එන වෛද්‍ය වාර්තා මා පරීක්ෂා කර බලනවා. මට පුළුවනි රෝගියා දෙස බලා ඔහුගේ ඇයගේ රෝගය සුව කළ හැකි එකක්ද නැද්ද කියලා කියන්න. ඒ වගේම මම බෙහෙත් කසාය දෙන්නේ ඒ රෝගය සුවවන දිනයත් පොරොන්දු වෙලායි. ඡායාරූප හා සටහන ජගත් රණතුංග[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom