Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

සතර කෝරළයේ ලෙව්කේ රදල සෙංකඩගලපුර රාජධානි සමයේ සිංහල රාජ පරම්පරාවේ සමග ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වු රදල පරම්පරාවක් විය. රජාධිරාජසිංහ රජු මහනුවර රාජ්‍ය පාලනය කරන සමයේ මෙම රදළ පරපුරේ ප්‍රධාන රදළ යුවළට පුත්‍රයෙකු ලැබිණි. ඔහු ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ ය්නුවෙන් හඳුන්වනු ලැබීය. ළමා වියේ පටන්ම මේ පුත්‍රයාට දුනූ ශිල්පය ,කඩු ශිල්පය ,පොත්පත් පිළිබඳ ශාස්ත්‍රීය දැනුම හා යහපත් ගතිගුණත් ලබාදීම සඳහා දෙමව්පියෝ උත්සුක වූහ.තරුණවියට පත් ලෙව්කේ ආරෝහ පරිණාහ දේහයකින් යුක්ත කඩවසම් පුරුෂයකු විය. එසේම දක්ෂ මල්ලවපොර ශූරයෙකු ලෙසද ඔහු සිංහලය පුරාම ප්‍රසිද්ධ වී සිටියේය.

එකල මහනුවර දළදා මාළිගය ඉදිරිපිට මළුවේ සිංහල රජතුමා වාර්ෂිකව පැවැත්වු මල්ලවපොර තරගයක් විය.මෙයට මෙරට පමණක් නොව විදේශවලින්ද තරඟ කරුවෝ පැමිණියහ. මෙම තරඟාවලියට ලෙව්කේ ද ඉදිරිපත් වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ දකුණු ඉන්දියාවේ නමගිය මල්ලවපොරශූරයෙකි. සටනට පෙර දින දී සියලුම තරඟකරුවන්ට නැවතිමට කුටි,හොඳම අහාර පාන,සත්තු සප්පායම් සහිතව විවේක ගැනිමට කටයුතු යෙදුනි.

ලෙව්කේ කොට්ට පොල්ගෙඩි දෙකක් සහ ඇල්හාලේ බතක් පමණක් ඉල්ලා සිටියේය. කොට්ට පොල් ගෙඩි තම අතින්ම මිරිකා කිරි ගෙන කිරිත් සමග බත් අනුභව කරන්නට විය. ඉන්දීය මල්ලවපොර ශූරයා මෙය කරන්නට හැදු නමුත් එය කරන්නට නොහැකිවිය. ඉන්පසු ලෙව්කේ ඔහුටද කොට්ටපොලය මිරිකා කිරි ලබා දුන්නේය. මෙයින් අන්දමන්ද වූ ඉන්දීය ක්‍රීඩකයා පැයගණනාවක් කල්පනා කොට මෙවැන් දක්ෂයකු සමග කෙසේ සටන් කරමිදැයි සිතා පසුවදා පැදුරටත් නොකියා මහනුවරින් පැනගොස් තිබුනි.මේ පුවත පසුදා උදැසනම ලැව්ගින්නක් මෙන් රාජසභාවට පැතිරි තිබුණි.මේ පුවත ඇසූ සිංහලයෝ මෙන්ම රාජාධි රාජසිංහ රජතුමාද මහත් උද්දාමයට පත්විය. රජතුමා ලෙව්කේ මහවාසලට කැඳවා රටේ මහත්තයා යන ධූරය හා ගම්වරයක් පිරිනමන ලදී.

සිය රාජකාරිය නොපිරිහෙලා ඉටුකළ ලෙව්කේ තුමා එවකට සෑබෑ මහජන හිතෛෂි ප්‍රභුවරයෙකු ලෙස මුළු ලංකාද්වීපයෙම ගෞරවාදරය දිනාගත්තේය.ලෙව්කේගේ මුහුකුරා ගිය නුවණත් ,රාජපාක්ෂිකභාවයත් සිංහල රජතුමාගේ බලවත් සොම්නසට මෙන්ම ගෞරවයටද පාත්රවිය.

ඒනිසා ඔහුට උප අධිකාරම් නිලයත් පසුව උඩරට සේනාවේ සෙනාධිපති ධුරයත් හිමිවිය.උඩරට සේනාධිපති දූරයට පත්වෙද්දි ලෙව්කේ පිළිවෙලින් රජාධි රාජසිංහ , ශ්‍රි වික්රමරාජසිංහ යන රජවරුන් යටතේ සේවය කිරිමට හැකිවිය.

ලෙව්කේ මැතිඳුන් පිළිබඳව අදපවා සත්කෝරලයේ ජනතාව අතර පවතින කතා රාශියක් ඇත. එම කතාවලට අනුව ලෙව්කේ යෝධයෙකුට සම කළ හැකි රූපකායක් තිබුනු පුද්ගලයෙකි. ගල්දුර ගමට නුදුරුව ඇති දන්කිරිගල රජමහාවිහාරය ඔහු විසින් කරවන ලද්දකි.දන්කිරිගල විහාරයේ ඇති පඩිපෙළ ලෙව්කේ මැතිදුන්ගේ කායශක්තියෙන් කරනු ලැබුවක් බව මහජන විශ්වාසයක් පවති.ජනකවියක

ලෙව්කේ මැතිඳුන්ගේ රූපකාය මෙසේ දැක්වෙයි.

ඉඳගත්තම පිළිමය තිබ්බා වාගෙයි

නැඟිටපුවම වේපත බැන්දා වාගෙයි

යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි

ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත වාගෙයි

සැමවිටම ආගමානුකූල ජිවිතයක් ගත කළ ලෙව්කේ තුමා ත්‍යාගශීලි අයෙක් මෙන්ම විනෝදකාමි අයෙක් ද් විය. තම ගම්මානයේ සහ සතර කෝරළයේ වැසියනුත් සහභාගි කරවා ගනිමින් පැවතු ගම්මඩු උලෙළක් විය. එම ගම්මඩු උළෙල සතියක් පුරා පැවත්වූ අතර එහිදි පාරම්පරික නැටුම් ගී , පුද පූජා සිරිත් විරිත් පවත්වා රටටත් ප්‍රදේශවාසින්ටත් සෙත් පැතිම කරන ලදි. ගම්මඩු උලෙළට සහභාගිවූ සියලු දෙනාටම තැගි බෝග නොමසුරුව පිරිනැමිම ඒතුමාගේ සිරිත විය. සමකාලින වියත් හිමිනමක් වූ කරතොට ධම්මාරාම හිමිනම ලවා පිරුවානා පොත් වහන්සේ ලියවීම ලෙව්කේ මැතිඳුන් විසින් කරන ලද අගනා සාහිත්‍ය සේවයකි.

රාජ්යතාන්ත්රිකයෙඋ ,ජනප්‍රිය මහජන සේවකයකු ව සිටි ලෙව්කේට ඊර්ෂ්යාකරයන්ගේන් ද අඩුවක් නොවිනි. විශේෂයෙන්ම පිළිමතලාවේ ප්රමුඛ බොහෝ සිංහල නායකයින්ගේ අපෙක්ෂාව වූයේ නායක්කාර් රාජවංශය එළවා දමා නැවත සිංහල රාජ වංශය ස්ථාපිත කිරිමයි. ඒනිසා පිළිමතලාවේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු හා ලෙව්කේ සේනාධිපති අතර මිත්රත්වය් බිඳ දමා ඔහු රාජ්‍ය විරොධියෙකු ලෙස හංවඩු ගැසිමටත් උත්සාහ ගත් භව සර් පොල් ඊ පිරිස් විසින් රචිත ත්‍රී සිංහලේ කෘතියේ සඳහන්වේ. එහෙත් ලෙව්කේ සේනාධිපති තුමාගේ රාජ්‍ය පාක්ෂික භාවය බිඳුවක් වත් අඩු නොවී පැවතිනි.

වාගොල්ලේදි සටන් මෙහෙයවූ හැටි වැලිගල කිවියා විසින් ලියන ලද ඉංග්‍රිසි හටන නම් ප්රශස්ති කාව්‍යයේ මෙසේ දැක්වේ.

සිව් කෝරළේ රට

දෙවා ලෙව්කේ මැතිඳුට

රුපු වනසන ලෙසට

හැර වදාලේ එම දිසාවට

1803 දි සිංහලයන්ට වාගොල්ල සටනෙන් විශිෂ්ට ජයක් ලබාගත හැකිවිය, සටන මෙහෙය වූ මේජර් ඩේවි සිංහලයන් විසින් අල්ලගනු ලැබිය. ඉංග්‍රීසි හමුදාව සමග පැමිණි සිටි මුත්තුසාමි කුමරා ශ්‍රි වික්‍රම රාජසිංහ රජුවිසින් මරණයට පැමිණවීය, වාගොල්ල සටනේ ජයග්රහණයෙන් උද්දාමයට පත්වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අයත් පහතරට බළකොටුවලට පහරදී අල්ලා ගැනිමට අදිටන් කරගත්තේය.

කොළඹට පහරදීමට කලින් හංවැල්ලෙ පිහිටි ඉංග්‍රිසි බලකොටුවක් පහර්දිමට ලෙව්කේ සහ රජුගේ අරමුණ විය.මේ අවස්ථාවේ හංවැල්ල බලකොටුවේ පොලොක් නම් කපිතාන් වරයා සංග්රාම උපායෙහි දක්ෂවූ අයෙකු විය.

ඔහුගේ සේනාව සටනට පැමිණි සිංහල සේනාවට දෙපැත්තකින් පහර දීම නිසා බොහො සිංහලයන් මරුමුවට පත්වූහ. කාලතුවක්කු ප්‍රහාර නිසා හංවැල්ල අසල මංමාවත් මළසිරිරුවලින් පිරිගියේය. මේ දුටු ලෙව්කේ ඉංගිසි සෙනාවේ බලය වැඩි බව දැන සේනාව අපසු හරවා ගමන්ගත්තේය මේ අතර සටන් බිමේදි රජුගේ ලඟින් උණ්ඩයක් පුපුරා යෑම නිසා රජු තැති ගෙන පළා ගියේය.

තාමට පෙර පැමිණ සිටි ලෙව්කේ දැක රජු කොපයට පත්විය. තමා ලඟින් පත්තුවූ වෙඩිල්ල ලෙව්කේගේ කුමන්ත්‍රණයක් ලෙස සිතාගත්තේය. සේනාව නොමෙහෙයවා ,කැලණි ගගෙන් දියනා කුරුම්බාවක් බොමින්, විවේකීව සිටි වරදට ඔහු වහා මරණයට පත් කරන ලෙස රජු ඇන කළේය. රජතුම විසින් ලෙව්කේගේ හිස සිඳිමට අණ කළ විට සුළු වේලාවකින් බලකොටුව අල්ලා දෙන්නම් යනුවෙන් පැවසූවත් රාජ අණ වෙනස් නොවීය. වක් ඔය අසල කළු අග්ගල වෙල්යාය මැද දී ලෙව්කේ දිසාවගේ හිස සිඳින ලදි.සැබවින්ම මෙහිදි සිදුවී ඇත්තේ බහිරවයාගේ පලිගැනිමකි. ලෙව්කේ විසින් බැඳගෙන සිටි බහිරවයා ලෙව්කේගෙන් නිදහස් වීමට ලෙව්කේගේ වෙස් ගෙන කැලණි ගං වැල්ලේ කුරුම්බ්බාවක් බොමින් සිටියේ රජු කුපිත කර ලෙව්කේ මරවා ඔහුගේ බන්ධනයෙන් මිදියාමටයි.

ලෙව්කේ ගේ මරණය ජනකවියකු විස්තර කරන ආකාරය.

පුන්සඳ සේම පායලා රට මැද්දේ

රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ

මාර සෙනඟ වටකරගෙන යම යුද්දේ

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

ලෙව්කේ දිසාවග හිස ගසා දැමිමේ සිද්ධිය සිහිවිට පසුකලෙක එතැන කරවු සිහිවටන පුවරුවක් පැරණි සහ අලුත් අවිස්සවෙල්ල මාර්ගය සම්බන්ධ වන තැන දැකිය හැකිය.

[QUOTE="hirashgeff, post: 13273545, member: 15895"] [b]ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ[/b] [SIZE="5"]සතර කෝරළයේ ලෙව්කේ රදල සෙංකඩගලපුර රාජධානි සමයේ සිංහල රාජ පරම්පරාවේ සමග ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වු රදල පරම්පරාවක් විය. රජාධිරාජසිංහ රජු මහනුවර රාජ්‍ය පාලනය කරන සමයේ මෙම රදළ පරපුරේ ප්‍රධාන රදළ යුවළට පුත්‍රයෙකු ලැබිණි. ඔහු ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ ය්නුවෙන් හඳුන්වනු ලැබීය. ළමා වියේ පටන්ම මේ පුත්‍රයාට දුනූ ශිල්පය ,කඩු ශිල්පය ,පොත්පත් පිළිබඳ ශාස්ත්‍රීය දැනුම හා යහපත් ගතිගුණත් ලබාදීම සඳහා දෙමව්පියෝ උත්සුක වූහ.තරුණවියට පත් ලෙව්කේ ආරෝහ පරිණාහ දේහයකින් යුක්ත කඩවසම් පුරුෂයකු විය. එසේම දක්ෂ මල්ලවපොර ශූරයෙකු ලෙසද ඔහු සිංහලය පුරාම ප්‍රසිද්ධ වී සිටියේය. එකල මහනුවර දළදා මාළිගය ඉදිරිපිට මළුවේ සිංහල රජතුමා වාර්ෂිකව පැවැත්වු මල්ලවපොර තරගයක් විය.මෙයට මෙරට පමණක් නොව විදේශවලින්ද තරඟ කරුවෝ පැමිණියහ. මෙම තරඟාවලියට ලෙව්කේ ද ඉදිරිපත් වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ දකුණු ඉන්දියාවේ නමගිය මල්ලවපොරශූරයෙකි. සටනට පෙර දින දී සියලුම තරඟකරුවන්ට නැවතිමට කුටි,හොඳම අහාර පාන,සත්තු සප්පායම් සහිතව විවේක ගැනිමට කටයුතු යෙදුනි. ලෙව්කේ කොට්ට පොල්ගෙඩි දෙකක් සහ ඇල්හාලේ බතක් පමණක් ඉල්ලා සිටියේය. කොට්ට පොල් ගෙඩි තම අතින්ම මිරිකා කිරි ගෙන කිරිත් සමග බත් අනුභව කරන්නට විය. ඉන්දීය මල්ලවපොර ශූරයා මෙය කරන්නට හැදු නමුත් එය කරන්නට නොහැකිවිය. ඉන්පසු ලෙව්කේ ඔහුටද කොට්ටපොලය මිරිකා කිරි ලබා දුන්නේය. මෙයින් අන්දමන්ද වූ ඉන්දීය ක්‍රීඩකයා පැයගණනාවක් කල්පනා කොට මෙවැන් දක්ෂයකු සමග කෙසේ සටන් කරමිදැයි සිතා පසුවදා පැදුරටත් නොකියා මහනුවරින් පැනගොස් තිබුනි.මේ පුවත පසුදා උදැසනම ලැව්ගින්නක් මෙන් රාජසභාවට පැතිරි තිබුණි.මේ පුවත ඇසූ සිංහලයෝ මෙන්ම රාජාධි රාජසිංහ රජතුමාද මහත් උද්දාමයට පත්විය. රජතුමා ලෙව්කේ මහවාසලට කැඳවා රටේ මහත්තයා යන ධූරය හා ගම්වරයක් පිරිනමන ලදී. සිය රාජකාරිය නොපිරිහෙලා ඉටුකළ ලෙව්කේ තුමා එවකට සෑබෑ මහජන හිතෛෂි ප්‍රභුවරයෙකු ලෙස මුළු ලංකාද්වීපයෙම ගෞරවාදරය දිනාගත්තේය.ලෙව්කේගේ මුහුකුරා ගිය නුවණත් ,රාජපාක්ෂිකභාවයත් සිංහල රජතුමාගේ බලවත් සොම්නසට මෙන්ම ගෞරවයටද පාත්රවිය. ඒනිසා ඔහුට උප අධිකාරම් නිලයත් පසුව උඩරට සේනාවේ සෙනාධිපති ධුරයත් හිමිවිය.උඩරට සේනාධිපති දූරයට පත්වෙද්දි ලෙව්කේ පිළිවෙලින් රජාධි රාජසිංහ , ශ්‍රි වික්රමරාජසිංහ යන රජවරුන් යටතේ සේවය කිරිමට හැකිවිය. ලෙව්කේ මැතිඳුන් පිළිබඳව අදපවා සත්කෝරලයේ ජනතාව අතර පවතින කතා රාශියක් ඇත. එම කතාවලට අනුව ලෙව්කේ යෝධයෙකුට සම කළ හැකි රූපකායක් තිබුනු පුද්ගලයෙකි. ගල්දුර ගමට නුදුරුව ඇති දන්කිරිගල රජමහාවිහාරය ඔහු විසින් කරවන ලද්දකි.දන්කිරිගල විහාරයේ ඇති පඩිපෙළ ලෙව්කේ මැතිදුන්ගේ කායශක්තියෙන් කරනු ලැබුවක් බව මහජන විශ්වාසයක් පවති.ජනකවියක ලෙව්කේ මැතිඳුන්ගේ රූපකාය මෙසේ දැක්වෙයි. ඉඳගත්තම පිළිමය තිබ්බා වාගෙයි නැඟිටපුවම වේපත බැන්දා වාගෙයි යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත වාගෙයි සැමවිටම ආගමානුකූල ජිවිතයක් ගත කළ ලෙව්කේ තුමා ත්‍යාගශීලි අයෙක් මෙන්ම විනෝදකාමි අයෙක් ද් විය. තම ගම්මානයේ සහ සතර කෝරළයේ වැසියනුත් සහභාගි කරවා ගනිමින් පැවතු ගම්මඩු උලෙළක් විය. එම ගම්මඩු උළෙල සතියක් පුරා පැවත්වූ අතර එහිදි පාරම්පරික නැටුම් ගී , පුද පූජා සිරිත් විරිත් පවත්වා රටටත් ප්‍රදේශවාසින්ටත් සෙත් පැතිම කරන ලදි. ගම්මඩු උලෙළට සහභාගිවූ සියලු දෙනාටම තැගි බෝග නොමසුරුව පිරිනැමිම ඒතුමාගේ සිරිත විය. සමකාලින වියත් හිමිනමක් වූ කරතොට ධම්මාරාම හිමිනම ලවා පිරුවානා පොත් වහන්සේ ලියවීම ලෙව්කේ මැතිඳුන් විසින් කරන ලද අගනා සාහිත්‍ය සේවයකි. රාජ්යතාන්ත්රිකයෙඋ ,ජනප්‍රිය මහජන සේවකයකු ව සිටි ලෙව්කේට ඊර්ෂ්යාකරයන්ගේන් ද අඩුවක් නොවිනි. විශේෂයෙන්ම පිළිමතලාවේ ප්රමුඛ බොහෝ සිංහල නායකයින්ගේ අපෙක්ෂාව වූයේ නායක්කාර් රාජවංශය එළවා දමා නැවත සිංහල රාජ වංශය ස්ථාපිත කිරිමයි. ඒනිසා පිළිමතලාවේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු හා ලෙව්කේ සේනාධිපති අතර මිත්රත්වය් බිඳ දමා ඔහු රාජ්‍ය විරොධියෙකු ලෙස හංවඩු ගැසිමටත් උත්සාහ ගත් භව සර් පොල් ඊ පිරිස් විසින් රචිත ත්‍රී සිංහලේ කෘතියේ සඳහන්වේ. එහෙත් ලෙව්කේ සේනාධිපති තුමාගේ රාජ්‍ය පාක්ෂික භාවය බිඳුවක් වත් අඩු නොවී පැවතිනි. වාගොල්ලේදි සටන් මෙහෙයවූ හැටි වැලිගල කිවියා විසින් ලියන ලද ඉංග්‍රිසි හටන නම් ප්රශස්ති කාව්‍යයේ මෙසේ දැක්වේ. සිව් කෝරළේ රට දෙවා ලෙව්කේ මැතිඳුට රුපු වනසන ලෙසට හැර වදාලේ එම දිසාවට 1803 දි සිංහලයන්ට වාගොල්ල සටනෙන් විශිෂ්ට ජයක් ලබාගත හැකිවිය, සටන මෙහෙය වූ මේජර් ඩේවි සිංහලයන් විසින් අල්ලගනු ලැබිය. ඉංග්‍රීසි හමුදාව සමග පැමිණි සිටි මුත්තුසාමි කුමරා ශ්‍රි වික්‍රම රාජසිංහ රජුවිසින් මරණයට පැමිණවීය, වාගොල්ල සටනේ ජයග්රහණයෙන් උද්දාමයට පත්වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අයත් පහතරට බළකොටුවලට පහරදී අල්ලා ගැනිමට අදිටන් කරගත්තේය. කොළඹට පහරදීමට කලින් හංවැල්ලෙ පිහිටි ඉංග්‍රිසි බලකොටුවක් පහර්දිමට ලෙව්කේ සහ රජුගේ අරමුණ විය.මේ අවස්ථාවේ හංවැල්ල බලකොටුවේ පොලොක් නම් කපිතාන් වරයා සංග්රාම උපායෙහි දක්ෂවූ අයෙකු විය. ඔහුගේ සේනාව සටනට පැමිණි සිංහල සේනාවට දෙපැත්තකින් පහර දීම නිසා බොහො සිංහලයන් මරුමුවට පත්වූහ. කාලතුවක්කු ප්‍රහාර නිසා හංවැල්ල අසල මංමාවත් මළසිරිරුවලින් පිරිගියේය. මේ දුටු ලෙව්කේ ඉංගිසි සෙනාවේ බලය වැඩි බව දැන සේනාව අපසු හරවා ගමන්ගත්තේය මේ අතර සටන් බිමේදි රජුගේ ලඟින් උණ්ඩයක් පුපුරා යෑම නිසා රජු තැති ගෙන පළා ගියේය. තාමට පෙර පැමිණ සිටි ලෙව්කේ දැක රජු කොපයට පත්විය. තමා ලඟින් පත්තුවූ වෙඩිල්ල ලෙව්කේගේ කුමන්ත්‍රණයක් ලෙස සිතාගත්තේය. සේනාව නොමෙහෙයවා ,කැලණි ගගෙන් දියනා කුරුම්බාවක් බොමින්, විවේකීව සිටි වරදට ඔහු වහා මරණයට පත් කරන ලෙස රජු ඇන කළේය. රජතුම විසින් ලෙව්කේගේ හිස සිඳිමට අණ කළ විට සුළු වේලාවකින් බලකොටුව අල්ලා දෙන්නම් යනුවෙන් පැවසූවත් රාජ අණ වෙනස් නොවීය. වක් ඔය අසල කළු අග්ගල වෙල්යාය මැද දී ලෙව්කේ දිසාවගේ හිස සිඳින ලදි.සැබවින්ම මෙහිදි සිදුවී ඇත්තේ බහිරවයාගේ පලිගැනිමකි. ලෙව්කේ විසින් බැඳගෙන සිටි බහිරවයා ලෙව්කේගෙන් නිදහස් වීමට ලෙව්කේගේ වෙස් ගෙන කැලණි ගං වැල්ලේ කුරුම්බ්බාවක් බොමින් සිටියේ රජු කුපිත කර ලෙව්කේ මරවා ඔහුගේ බන්ධනයෙන් මිදියාමටයි. ලෙව්කේ ගේ මරණය ජනකවියකු විස්තර කරන ආකාරය. පුන්සඳ සේම පායලා රට මැද්දේ රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ මාර සෙනඟ වටකරගෙන යම යුද්දේ ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ ලෙව්කේ දිසාවග හිස ගසා දැමිමේ සිද්ධිය සිහිවිට පසුකලෙක එතැන කරවු සිහිවටන පුවරුවක් පැරණි සහ අලුත් අවිස්සවෙල්ල මාර්ගය සම්බන්ධ වන තැන දැකිය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom