Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ලේච්චමිලාට කෙළවන යහපාලනය ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේච්චමිලාට කෙළවන යහපාලනය ...

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගැඹුරු වන අර්බුදය හමුවේ බැරෑරුම් ගැටළු වලට මුහුන දී සිටින කුඩා තේ වගා කරුවෝ නොවැම්බර් 6 දා කොලඹ කොටුව දුම්රියපල ඉදිරියේ උද්ඝෝෂනයක නිරත වුහ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන්ගෙන් පැවති ඉල්ලුම පහත යාම, තේ වලට සහතික මිලක් නොමැති වීම, පොහොර හා කෘෂි රසායන වල මිල ඉහල යාම හා ඒවායේ තත්වය බාල වීම වැනි හේතු නිසා තමන් මුහුන දී ඇති දුෂ්කරතාවයන් විසඳීමට රජයට මැදිහත් වන ලෙස බලකිරීමට කුඩා තේ වගාකරුවෝ උද්ඝෝෂනයේ යෙදී සිටිති.

මෙවන් විරෝධතා උද්ඝෝෂන ගනනාවක් පසුගිය සති කිහිපය තුල බුලත්සිංහල, ගාල්ල ආදී ප්‍රදේශ වලද පැවැත්විනි. කොලඹ උද්ඝෝෂනයේ කැඳවුම්කරු වන, ශ්‍රී ලංකා කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ ඉල්ලීම් 14ක් අඩංගු ප්‍රකාශයක් මුදල් ඇමති රවී කරුනානායක වෙත ලබා දීමට පියවර ගන්නා බවයි. උද්ඝෝෂනයේ මූලික අරමුන සහනාධාර ඉල්ලීම නොව ශ්‍රී ලංකා තේ වල කීර්ති නාමය ආරක්ෂා කර එයට හොඳ වෙලඳ පොලක් ලබා ගැනීම සඳහා තේ අපනයනයේදී අයකරන සෙස් බද්ද නිසියාකාරව යොදවන ලෙසට රජයට බල කිරීම බව ද ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකාවට බාල තේ පිටරටින් ගෙන්වා ඒවා “ශ්‍රී ලංකා තේ” ලෙස ප්‍රති අපනයනය කිරීම වහා නතර කල යුතු බව ද ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

සුළු තේ ගොවීන් මුහුන දී ඇති ව්‍යසනය පේ‍්‍රමනාත් ප්‍රකාශ කරන ආකාරයට විවිධ උපාමාරු මගින් විසඳා ගත හැකි සරල ප්‍රශ්නයක් නො වේ. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදය ගැඹුරුවන ලෝක ධනවාදී අර්බුදයේ ප්රතිවිපාකයකි. සුළු තේ ගොවීන් මුහුන දෙන අර්බුදය ඊට සම්බන්ධිත ය. ආන්ඩුව උත්සාහ කරන්නේ මෙම අර්බුදයේ බර මුළුමනින් ම කුඩා තේ වගාකරුවන් සහ තේ වතු කම්කරුවන් මත පැටවීමට ය.

ශ්‍රී ලංකාවෙන් වැඩියෙන්ම තේ මිලදීගත් මැදපෙරදිග හා රුසියාව වැනි කලාප වල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අවුළුවා ඇති යුද ගැටුම් නිසා තේ ඉල්ලුම හා මිල බරපතල ලෙස පහත වැටී ඇත. මේ තත්වය යටතේ වතු සමාගම් තම ලාභ ආරක්ෂා කර ගැනීමේ අරමුනින් ආන්ඩුවේ හා වෘත්තීය සමිති වල සම්පුර්න පිටුබලය සහිතව වතු කම්කරුවන්ගේ වැටුප් හා ජීවන තත්වය කප්පාදු කිරීමේ හා අයිතීන් මකා දැමීමේ දුෂ්ට සැලසුමක් ක්‍රියාවට දැමීමට සැරසෙයි. මෙම කප්පාදුවට එරෙහිව දික්වැල්ල හා ග්ලෙනුයිජ් වැනි ප්‍රධාන වතුයාය වල කම්කරුවෝ පසුගිය දිනවල ස්වාධීනව අරගල වලට එලඹුනහ.

කුඩා තේ වගා කරුවන්ද පීඩාවට පත්වී සිටින්නේ මෙම සමස්ත අර්බුදයේ කොටසක් ලෙසය. මේ වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් සියයට 70 වැඩි ප්‍රමානයක් සැපයෙන්නේ කුඩා තේ වතු වලින් වුවද, ග්‍රාමීය මධ්‍යම පන්තික හා දිලිඳු පවුල් මගින් යැපුම් මට්ටමෙන් පැවතගෙන ආ මේ කර්මාන්තය, පසුගිය දශක ගනනාව පුරාම පන ගැට ගසා ගත්තේ රජයෙන් ලැබුනු සුළු සහනාධාර මගිනි. දුෂ්කර ජීවන තත්වයන් හා පසුගාමී කෘෂි තාක්ෂනය තුල සිරවී සිටි කුඩා තේ වගාකරුවන් හට ජාත්‍යන්තර පරිමානයෙන් පැන නැගී ඇති තේ කර්මාන්තයේ වර්තමාන අර්බුදය ඉමහත් ආපදාවක් බවට පත්වෙමින් තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තා කරුවන් කුඩා තේ වතු බහුලව පිහිටා ඇති බුලත්සිංහල ප්‍රදේශයේ තේ ගොවීන් ගේ ගැටළු පිලිබඳව කල කරුනු සොයා බැලීමක දී පහත කරුනු අනාවරනය විය.

අමු තේ දළු කිලෝවක මිල රු. 50-55 දක්වා පහත වැටී ඇති බව සුළු ව්‍යාපාරිකයෙක් හා තේ වගා කරුවෙක් වන ටියුඩර් සිල්වා පැවසුවේ ය. වර්තමාන ආන්ඩුව ඡන්ද ගසාකෑමේ අරමුනෙන් පෙබරවාරි මාසයේ සිට දළු කිලෝවකට දුන් රුපියල් 80 සහතික මිල සහනාධාරය අගෝස්තු මාසයේ සිට සම්පූර්නයෙන් ම නතර කර ඇත. ප්‍රදේශයේ කර්මාන්ත ශාලා බොහෝ විට දළු ලබා ගන්නේ අතරමැදියන් හරහා බවත්, එසේ මිලදී ගන්නා විට සියයට 8-10 අතර බර ප්‍රමානයක් “වතුර බර” හා අනෙකුත් වියදම් ලෙස කපා ගන්න බවත් ටියුඩර් පැවසීය. “දැන් ෆැක්ටරි හා අතරමැදියන් ඉල්ලන්නේ දළු දෙක හා තීරය තියෙන හොඳම දල්ල විතරයි. කොල තුන හරි, ලොකු කොල හරි තිබුනොත් බරෙන් ගානක් කපනවා. හැබැයි ඒ ප්‍රතික්ෂේප කල දළු අපිට ආපහු ලැබෙන්නේ නෑ, ඒවත් අඹරල අඩු ගානට විකුනනවා. ඔය ඔක්කොම නීති එන්නේ තේ වල මිල වැටුනාම විතරයි” සිල්වා කීවේ ය.

වසර 40ක් පමන කාලයක් තේ වගාවේ යෙදෙන වැඩිමහලු කාන්තාවන් දෙදෙනෙකු වන කේ. ඩබ්ලිව්. ගුනවතී හා රූපා ලියනගේ කියා සිටියේ, වගා වියදමවත් පියවා ගත නොහැකි තැනකට ඔවුන් පත්වී ඇති බැවින්, පසුගිය මාසයේදී වගාවෙන් අක්කරයක පමන කොටසක් කප්පාදු කර දැමූ බවයි. කම්කරුවෙකුට දිනකට රු. 600 කුලිය ගෙවීමට අපහසු නිසා මෙම ප්‍රදේශයේ බොහෝ කුඩා තේ වතු හිමියන්ට, තේ දළු කැඩීම, වල් ඉවත් කිරීම වැනි ඉතා වෙහෙසකර කටයුතු තමන් ට ම කර ගැනීමට සිදු වී ඇත්තේ වයස හා සෞඛ්‍ය තත්වය ද නොතකමිනි. “ඉස්සර අපේ වත්තේ මිනිස්සු තුන් දෙනෙකුටවත් දිනපතා වැඩ දුන්න, දැන් ඉඩමෙන් බාගයක් කප්පාදු කරලා. මේ වයසක අපිම හුඟක් වැඩ කරනවා.” ගුනවතී පැවසීය.

ප්‍රදේශයේ තේ ගොවීන්ගෙන් බහුතරයක් දළු දෙන්නේ දෙල්මෑල්ල තරුන ගොවි ජනපදයේ සමුපකාර සමිතියට ය. 1966 ආරම්භවූ සමුපකාරය, කුඩා තේ වගා කරුවන් ආරක්ෂා කරමින් ෆැක්ටරි වලින් ඉහල මිලක් ලබා ගැනීම අරමුනින් ක්‍රියාත්මක වුවත්, එයද අද වන විට දැඩි අර්බුදයකට මුහුන දී ඇත. මිල පහල වැටීම නිසා සමුපකාරය මගින් තේ ගොවීන්ට ලබා දෙන පොහොර හා කෘෂි රසායන සඳහා නය අයකර ගැනීමට නොහැකි වීමේ දැඩි අවදානමක් පවතී. වල් නාශක හා පොහොර මිල ඉහල යාමත් දැඩි ලෙස ගොවීන් ට බල පා ඇත. කිලෝ 50 පොහොර මිටියක මිල රු. 1300 කි. හොඳ අස්වැන්නක් ලැබීමට නම් පොහොර මිටි 4ක් වත් මසකට වරක් තේ අක්කරයකට යෙදිය යුතු බව සමුපකාර සේවිකාවක් පැවසුවාය. “හොඳ තේ ලබා දීමට අවශ්‍ය ප්‍රමිතියෙන් ඉහල ගෝනි හා ඇසුරුම් පෙට්ටි වැනි දේ සමුපකාරය විසින් කලින් ලබා දුන්න. තේ මිල අඩු වීම නිසා ඒ දේවල් කරන්න දැන් අපහසුයි. මිල අඩු වීම සමුපකාර සේවකයන්ගේ දීමනා හා සුබසාධන වලටත් බලපාල තියෙනවා.” යැයි ඇය පැවසීය.

දෛනික කුලියට තේ දළු කැඩීම තව දුරටත් රැකියාවක් වශයෙන් කිරීමට බොහෝ දෙනකුට අපහසුවී ඇති බව කම්කරුවෙක් පැවසුවේ ය. “බොහෝවිට මම සතියට දින තුනයි වැඩ කරන්නේ. මට නම් ගෙයක් තියෙනව. නමුත් සමහර අය ඉන්නේ කුලියට. ලොකු වතුවල වැඩ කරල රැකියා නැතිවුන අය මේ පලාත් වල පදිංචි වෙලා කිලෝමීටර අට දහය පයින් ගිහින් පොඩි වතු වල වැඩ කරනවා”

වින්වූඩ් වතු සමාගමට අයත් හේනතනන ෆැක්ටරියේ නිලධාරියෙක් කියා සිටියේ, ලෝක වෙලඳපොලේ “තාවකාලික මිල උච්ඡාවචනයක්” මිස තේ කර්මාන්තයේ වෙනත් අර්බුදයක් නොමැති බවය. රජයේ මැදිහත් වීමෙන් එය බොහෝ දුරට විසඳී ඇති අතර, කුඩා තේ වගා කරුවන්ට තම නිෂ්පාදන විකුනා ගත නොහැකි වී ඇත්තේ උසස් තත්වයේ තේ දළු සැපයීමට ඔවුන්ට “උවමනාවක්” නැති නිසා බවයි. “විසඳුම තියෙන්නේ ශ්‍රී ලංකා තේ කියන වටිනා වෙලඳ නාමය යලි ගොඩ ගැනීමට කම්මැලි නොවී වැඩ කිරීම තුලයි. මේ වගේ කාල වලදී සමහර දුර්වල තේ වවන්නෝ වැටෙයි, හොඳ අය නැගල එයි.”

ඔහුගේ කතාව අමුලික පචයකි. ආන්ඩුවේ මැදිහත් වීමෙන් තේ කර්මාන්තයේ අර්බුදය විසඳී නැතිවා පමනක් නොව; එය වඩා උග්‍ර වෙමින් ඇත. දුර්වලයා බංකොලොත් වී දක්ෂයා නැගිටිනු ඇතැයි ඔහු කරන සඳහන සුළු තේ ගොවීන් කෙරෙහි ඔහුගේ නරුම ආකල්පය පෙන්නුම් කරයි.

බුලත්සිංහල නගරයේ ව්‍යපාරිකයෙකු හා තේ වගා කරුවන්ගේ ප්‍රශ්න සම්බන්දයෙන් ආන්ඩුවට බලපෑම් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රාදේශීය නායකයෙකු වන බන්දුල ඉදිරිපත් කලේ ද ෆැක්ටරි නිලධාරියාගේ අදහසට සමාන අදහසකි. “තේ වලට හොඳ සහතික මිලක් අපි ඉල්ලා සිටියත්, ආන්ඩුවේ අයවැයෙන් අපි බලා පොරොත්තු වෙන්නේ සහන ම විතරක් නෙමෙයි. බිඳ වැටිලා තියෙන ශ්‍රී ලංකා තේ කීර්ති නාමය යලි ගොඩ නැගීමට හොඳ අලෙවිකරන උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපි ෆැක්ටරි හිමියන් ගැනත් හිතන්න ඕන, මොකද ඔවුන්ට පුළුවන් ආයෝජන වෙන කොහාට හරි අරගෙන යන්න.”

මෙවැනි ජාතිකවාදී උපමාරු දැමීම් තුලින් හෝ යටත් විජිත යුගයේ යල්පැන ගිය ඉතුරු බිතුරුවක් වන ඊනියා “ශ්‍රී ලංකා තේ කීර්ති නාමය” යලි නගා සිටුවීම මගින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදය විසඳිය නොහැකි ය. ඉල්ලුම පහත වැටෙමින් වඩ වඩා හැකිලෙන ලෝක වෙලඳපොල තුල තරඟය උග්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසරක් පුරා එක දිගට කඩා වැටෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේ දී මේ අගෝස්තු මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 6.3 කින් ද, අපනයන ආදාය ම රුපියල් බිලියන 5.8 කින් ද පහත වැටුනි.

තේ කර්මාන්තයේ අර්බුදය උග්‍ර වීම තුල වතු සමාගම් ද කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් මුළුමනින් ම ප්‍රතික්ෂේප කරමින් ඵලදායිත්වය මත පදනම් වූ නව කොන්ත්‍රාත් ක්‍රමයක් කම්කරුවන් මත පැට වීමේ සහ දශක ගනනාවක අරගල මගින් ඔවුන් දිනාගෙන ඇති සොච්චම් සහන පවා ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇති ව කප්පාදු කිරීමේ තැතක යෙදී සිටිති.

මෙම තතු තුල ආන්ඩුවට බලපෑම් දැමීම මගින් සුළු තේ ගොවීන් ට තම ගැටුලු වලට විසඳුම් ලබා ගත නොහැක. නිෂ්පාදන වියදම අඩුකර ගනිමින් තේ ගොවිතැන නඩත්තු කර ගැනීමට හා ඉන් යැපීම සඳහා ප්‍රමානවත් ආදායමක් ලබා ගැනීමට අඩු මිලට පොහොර සහ කෘෂිරසායන, අඩු පොලී නය, නිෂ්පාදන මිලට සරිලන සහතික මිලක් ඒ සඳහා පහසුකම් සපයන ගොවි සමුපකාර අවශ්‍ය වේ. එහෙත් අර්බුදයට මුහුන දී සිටින ධනපති ක්‍රමය තුල සුළු තේ ගොවීන් ට මෙම පහසුකම් ලබා ගත නොහැකි ය.

සුළු තේ ගොවීන් ට තම වගාවන් සාර්ථකව පවත්වා ගෙන යාමට හා තම ජීවන තත්වයන් වැඩි දියුනු කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුලින් තහවුරු කෙරෙන විද්‍යාත්මක හා සැලසුම් ගත ලෝක ආර්ථිකයක පදනම මත පමනි. එහි කොටසක් ලෙස ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට අනකරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර බැංකුවල හා මහ ව්‍යාපාරිකයන්ගේ උපකරනයක් ලෙස ක්‍රියා කරන මෙරට ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී වැඩ පිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩ නැගිය යුතු ය. එය දේශපාලන අරගලයකි. ඒ සඳහා පෙරමුන හා නායකත්වය ගත හැකි එක ම පන්තිය කම්කරු පන්තියයි.

මෙම අරගලය සඳහා තමන් මෙන් ම සමාන ප්‍රශ්නවලට මුහුන දී සිටින වී ගොවීන් ඇතුළු ගම්බද සෙසු දුගී ගොවීන් හා දුගී ධීවර ජනයා සමග ඒකාබද්ධ වෙමින් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ධනපති පන්තියෙන් ස්වාධීන වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුළු තේ ගොවීන් පෙරෙට ආ යුතු ය.

http://www.wsws.org/sinhala/2015/2015nov/sltm-15n.html

[QUOTE="සොහොන, post: 19294083, member: 454429"] [b]ලේච්චමිලාට කෙළවන යහපාලනය ...[/b] [COLOR=DarkRed][CENTER][SIZE=3][COLOR=DarkRed][CENTER][SIZE=3][img]http://www.srilankabusiness.com/tea/images/sectors/tea_overview.jpg[/img] ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගැඹුරු වන අර්බුදය හමුවේ බැරෑරුම් ගැටළු වලට මුහුන දී සිටින කුඩා තේ වගා කරුවෝ නොවැම්බර් 6 දා කොලඹ කොටුව දුම්රියපල ඉදිරියේ උද්ඝෝෂනයක නිරත වුහ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන්ගෙන් පැවති ඉල්ලුම පහත යාම, තේ වලට සහතික මිලක් නොමැති වීම, පොහොර හා කෘෂි රසායන වල මිල ඉහල යාම හා ඒවායේ තත්වය බාල වීම වැනි හේතු නිසා තමන් මුහුන දී ඇති දුෂ්කරතාවයන් විසඳීමට රජයට මැදිහත් වන ලෙස බලකිරීමට කුඩා තේ වගාකරුවෝ උද්ඝෝෂනයේ යෙදී සිටිති. මෙවන් විරෝධතා උද්ඝෝෂන ගනනාවක් පසුගිය සති කිහිපය තුල බුලත්සිංහල, ගාල්ල ආදී ප්‍රදේශ වලද පැවැත්විනි. කොලඹ උද්ඝෝෂනයේ කැඳවුම්කරු වන, ශ්‍රී ලංකා කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ ඉල්ලීම් 14ක් අඩංගු ප්‍රකාශයක් මුදල් ඇමති රවී කරුනානායක වෙත ලබා දීමට පියවර ගන්නා බවයි. උද්ඝෝෂනයේ මූලික අරමුන සහනාධාර ඉල්ලීම නොව ශ්‍රී ලංකා තේ වල කීර්ති නාමය ආරක්ෂා කර එයට හොඳ වෙලඳ පොලක් ලබා ගැනීම සඳහා තේ අපනයනයේදී අයකරන සෙස් බද්ද නිසියාකාරව යොදවන ලෙසට රජයට බල කිරීම බව ද ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකාවට බාල තේ පිටරටින් ගෙන්වා ඒවා “ශ්‍රී ලංකා තේ” ලෙස ප්‍රති අපනයනය කිරීම වහා නතර කල යුතු බව ද ඔහු තවදුරටත් සඳහන් කලේ ය. සුළු තේ ගොවීන් මුහුන දී ඇති ව්‍යසනය පේ‍්‍රමනාත් ප්‍රකාශ කරන ආකාරයට විවිධ උපාමාරු මගින් විසඳා ගත හැකි සරල ප්‍රශ්නයක් නො වේ. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදය ගැඹුරුවන ලෝක ධනවාදී අර්බුදයේ ප්රතිවිපාකයකි. සුළු තේ ගොවීන් මුහුන දෙන අර්බුදය ඊට සම්බන්ධිත ය. ආන්ඩුව උත්සාහ කරන්නේ මෙම අර්බුදයේ බර මුළුමනින් ම කුඩා තේ වගාකරුවන් සහ තේ වතු කම්කරුවන් මත පැටවීමට ය. ශ්‍රී ලංකාවෙන් වැඩියෙන්ම තේ මිලදීගත් මැදපෙරදිග හා රුසියාව වැනි කලාප වල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අවුළුවා ඇති යුද ගැටුම් නිසා තේ ඉල්ලුම හා මිල බරපතල ලෙස පහත වැටී ඇත. මේ තත්වය යටතේ වතු සමාගම් තම ලාභ ආරක්ෂා කර ගැනීමේ අරමුනින් ආන්ඩුවේ හා වෘත්තීය සමිති වල සම්පුර්න පිටුබලය සහිතව වතු කම්කරුවන්ගේ වැටුප් හා ජීවන තත්වය කප්පාදු කිරීමේ හා අයිතීන් මකා දැමීමේ දුෂ්ට සැලසුමක් ක්‍රියාවට දැමීමට සැරසෙයි. මෙම කප්පාදුවට එරෙහිව දික්වැල්ල හා ග්ලෙනුයිජ් වැනි ප්‍රධාන වතුයාය වල කම්කරුවෝ පසුගිය දිනවල ස්වාධීනව අරගල වලට එලඹුනහ. කුඩා තේ වගා කරුවන්ද පීඩාවට පත්වී සිටින්නේ මෙම සමස්ත අර්බුදයේ කොටසක් ලෙසය. මේ වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් සියයට 70 වැඩි ප්‍රමානයක් සැපයෙන්නේ කුඩා තේ වතු වලින් වුවද, ග්‍රාමීය මධ්‍යම පන්තික හා දිලිඳු පවුල් මගින් යැපුම් මට්ටමෙන් පැවතගෙන ආ මේ කර්මාන්තය, පසුගිය දශක ගනනාව පුරාම පන ගැට ගසා ගත්තේ රජයෙන් ලැබුනු සුළු සහනාධාර මගිනි. දුෂ්කර ජීවන තත්වයන් හා පසුගාමී කෘෂි තාක්ෂනය තුල සිරවී සිටි කුඩා තේ වගාකරුවන් හට ජාත්‍යන්තර පරිමානයෙන් පැන නැගී ඇති තේ කර්මාන්තයේ වර්තමාන අර්බුදය ඉමහත් ආපදාවක් බවට පත්වෙමින් තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තා කරුවන් කුඩා තේ වතු බහුලව පිහිටා ඇති බුලත්සිංහල ප්‍රදේශයේ තේ ගොවීන් ගේ ගැටළු පිලිබඳව කල කරුනු සොයා බැලීමක දී පහත කරුනු අනාවරනය විය. අමු තේ දළු කිලෝවක මිල රු. 50-55 දක්වා පහත වැටී ඇති බව සුළු ව්‍යාපාරිකයෙක් හා තේ වගා කරුවෙක් වන ටියුඩර් සිල්වා පැවසුවේ ය. වර්තමාන ආන්ඩුව ඡන්ද ගසාකෑමේ අරමුනෙන් පෙබරවාරි මාසයේ සිට දළු කිලෝවකට දුන් රුපියල් 80 සහතික මිල සහනාධාරය අගෝස්තු මාසයේ සිට සම්පූර්නයෙන් ම නතර කර ඇත. ප්‍රදේශයේ කර්මාන්ත ශාලා බොහෝ විට දළු ලබා ගන්නේ අතරමැදියන් හරහා බවත්, එසේ මිලදී ගන්නා විට සියයට 8-10 අතර බර ප්‍රමානයක් “වතුර බර” හා අනෙකුත් වියදම් ලෙස කපා ගන්න බවත් ටියුඩර් පැවසීය. “දැන් ෆැක්ටරි හා අතරමැදියන් ඉල්ලන්නේ දළු දෙක හා තීරය තියෙන හොඳම දල්ල විතරයි. කොල තුන හරි, ලොකු කොල හරි තිබුනොත් බරෙන් ගානක් කපනවා. හැබැයි ඒ ප්‍රතික්ෂේප කල දළු අපිට ආපහු ලැබෙන්නේ නෑ, ඒවත් අඹරල අඩු ගානට විකුනනවා. ඔය ඔක්කොම නීති එන්නේ තේ වල මිල වැටුනාම විතරයි” සිල්වා කීවේ ය. වසර 40ක් පමන කාලයක් තේ වගාවේ යෙදෙන වැඩිමහලු කාන්තාවන් දෙදෙනෙකු වන කේ. ඩබ්ලිව්. ගුනවතී හා රූපා ලියනගේ කියා සිටියේ, වගා වියදමවත් පියවා ගත නොහැකි තැනකට ඔවුන් පත්වී ඇති බැවින්, පසුගිය මාසයේදී වගාවෙන් අක්කරයක පමන කොටසක් කප්පාදු කර දැමූ බවයි. කම්කරුවෙකුට දිනකට රු. 600 කුලිය ගෙවීමට අපහසු නිසා මෙම ප්‍රදේශයේ බොහෝ කුඩා තේ වතු හිමියන්ට, තේ දළු කැඩීම, වල් ඉවත් කිරීම වැනි ඉතා වෙහෙසකර කටයුතු තමන් ට ම කර ගැනීමට සිදු වී ඇත්තේ වයස හා සෞඛ්‍ය තත්වය ද නොතකමිනි. “ඉස්සර අපේ වත්තේ මිනිස්සු තුන් දෙනෙකුටවත් දිනපතා වැඩ දුන්න, දැන් ඉඩමෙන් බාගයක් කප්පාදු කරලා. මේ වයසක අපිම හුඟක් වැඩ කරනවා.” ගුනවතී පැවසීය. ප්‍රදේශයේ තේ ගොවීන්ගෙන් බහුතරයක් දළු දෙන්නේ දෙල්මෑල්ල තරුන ගොවි ජනපදයේ සමුපකාර සමිතියට ය. 1966 ආරම්භවූ සමුපකාරය, කුඩා තේ වගා කරුවන් ආරක්ෂා කරමින් ෆැක්ටරි වලින් ඉහල මිලක් ලබා ගැනීම අරමුනින් ක්‍රියාත්මක වුවත්, එයද අද වන විට දැඩි අර්බුදයකට මුහුන දී ඇත. මිල පහල වැටීම නිසා සමුපකාරය මගින් තේ ගොවීන්ට ලබා දෙන පොහොර හා කෘෂි රසායන සඳහා නය අයකර ගැනීමට නොහැකි වීමේ දැඩි අවදානමක් පවතී. වල් නාශක හා පොහොර මිල ඉහල යාමත් දැඩි ලෙස ගොවීන් ට බල පා ඇත. කිලෝ 50 පොහොර මිටියක මිල රු. 1300 කි. හොඳ අස්වැන්නක් ලැබීමට නම් පොහොර මිටි 4ක් වත් මසකට වරක් තේ අක්කරයකට යෙදිය යුතු බව සමුපකාර සේවිකාවක් පැවසුවාය. “හොඳ තේ ලබා දීමට අවශ්‍ය ප්‍රමිතියෙන් ඉහල ගෝනි හා ඇසුරුම් පෙට්ටි වැනි දේ සමුපකාරය විසින් කලින් ලබා දුන්න. තේ මිල අඩු වීම නිසා ඒ දේවල් කරන්න දැන් අපහසුයි. මිල අඩු වීම සමුපකාර සේවකයන්ගේ දීමනා හා සුබසාධන වලටත් බලපාල තියෙනවා.” යැයි ඇය පැවසීය. දෛනික කුලියට තේ දළු කැඩීම තව දුරටත් රැකියාවක් වශයෙන් කිරීමට බොහෝ දෙනකුට අපහසුවී ඇති බව කම්කරුවෙක් පැවසුවේ ය. “බොහෝවිට මම සතියට දින තුනයි වැඩ කරන්නේ. මට නම් ගෙයක් තියෙනව. නමුත් සමහර අය ඉන්නේ කුලියට. ලොකු වතුවල වැඩ කරල රැකියා නැතිවුන අය මේ පලාත් වල පදිංචි වෙලා කිලෝමීටර අට දහය පයින් ගිහින් පොඩි වතු වල වැඩ කරනවා” වින්වූඩ් වතු සමාගමට අයත් හේනතනන ෆැක්ටරියේ නිලධාරියෙක් කියා සිටියේ, ලෝක වෙලඳපොලේ “තාවකාලික මිල උච්ඡාවචනයක්” මිස තේ කර්මාන්තයේ වෙනත් අර්බුදයක් නොමැති බවය. රජයේ මැදිහත් වීමෙන් එය බොහෝ දුරට විසඳී ඇති අතර, කුඩා තේ වගා කරුවන්ට තම නිෂ්පාදන විකුනා ගත නොහැකි වී ඇත්තේ උසස් තත්වයේ තේ දළු සැපයීමට ඔවුන්ට “උවමනාවක්” නැති නිසා බවයි. “විසඳුම තියෙන්නේ ශ්‍රී ලංකා තේ කියන වටිනා වෙලඳ නාමය යලි ගොඩ ගැනීමට කම්මැලි නොවී වැඩ කිරීම තුලයි. මේ වගේ කාල වලදී සමහර දුර්වල තේ වවන්නෝ වැටෙයි, හොඳ අය නැගල එයි.” ඔහුගේ කතාව අමුලික පචයකි. ආන්ඩුවේ මැදිහත් වීමෙන් තේ කර්මාන්තයේ අර්බුදය විසඳී නැතිවා පමනක් නොව; එය වඩා උග්‍ර වෙමින් ඇත. දුර්වලයා බංකොලොත් වී දක්ෂයා නැගිටිනු ඇතැයි ඔහු කරන සඳහන සුළු තේ ගොවීන් කෙරෙහි ඔහුගේ නරුම ආකල්පය පෙන්නුම් කරයි. බුලත්සිංහල නගරයේ ව්‍යපාරිකයෙකු හා තේ වගා කරුවන්ගේ ප්‍රශ්න සම්බන්දයෙන් ආන්ඩුවට බලපෑම් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රාදේශීය නායකයෙකු වන බන්දුල ඉදිරිපත් කලේ ද ෆැක්ටරි නිලධාරියාගේ අදහසට සමාන අදහසකි. “තේ වලට හොඳ සහතික මිලක් අපි ඉල්ලා සිටියත්, ආන්ඩුවේ අයවැයෙන් අපි බලා පොරොත්තු වෙන්නේ සහන ම විතරක් නෙමෙයි. බිඳ වැටිලා තියෙන ශ්‍රී ලංකා තේ කීර්ති නාමය යලි ගොඩ නැගීමට හොඳ අලෙවිකරන උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපි ෆැක්ටරි හිමියන් ගැනත් හිතන්න ඕන, මොකද ඔවුන්ට පුළුවන් ආයෝජන වෙන කොහාට හරි අරගෙන යන්න.” මෙවැනි ජාතිකවාදී උපමාරු දැමීම් තුලින් හෝ යටත් විජිත යුගයේ යල්පැන ගිය ඉතුරු බිතුරුවක් වන ඊනියා “ශ්‍රී ලංකා තේ කීර්ති නාමය” යලි නගා සිටුවීම මගින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදය විසඳිය නොහැකි ය. ඉල්ලුම පහත වැටෙමින් වඩ වඩා හැකිලෙන ලෝක වෙලඳපොල තුල තරඟය උග්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසරක් පුරා එක දිගට කඩා වැටෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේ දී මේ අගෝස්තු මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 6.3 කින් ද, අපනයන ආදාය ම රුපියල් බිලියන 5.8 කින් ද පහත වැටුනි. තේ කර්මාන්තයේ අර්බුදය උග්‍ර වීම තුල වතු සමාගම් ද කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් මුළුමනින් ම ප්‍රතික්ෂේප කරමින් ඵලදායිත්වය මත පදනම් වූ නව කොන්ත්‍රාත් ක්‍රමයක් කම්කරුවන් මත පැට වීමේ සහ දශක ගනනාවක අරගල මගින් ඔවුන් දිනාගෙන ඇති සොච්චම් සහන පවා ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇති ව කප්පාදු කිරීමේ තැතක යෙදී සිටිති. මෙම තතු තුල ආන්ඩුවට බලපෑම් දැමීම මගින් සුළු තේ ගොවීන් ට තම ගැටුලු වලට විසඳුම් ලබා ගත නොහැක. නිෂ්පාදන වියදම අඩුකර ගනිමින් තේ ගොවිතැන නඩත්තු කර ගැනීමට හා ඉන් යැපීම සඳහා ප්‍රමානවත් ආදායමක් ලබා ගැනීමට අඩු මිලට පොහොර සහ කෘෂිරසායන, අඩු පොලී නය, නිෂ්පාදන මිලට සරිලන සහතික මිලක් ඒ සඳහා පහසුකම් සපයන ගොවි සමුපකාර අවශ්‍ය වේ. එහෙත් අර්බුදයට මුහුන දී සිටින ධනපති ක්‍රමය තුල සුළු තේ ගොවීන් ට මෙම පහසුකම් ලබා ගත නොහැකි ය. සුළු තේ ගොවීන් ට තම වගාවන් සාර්ථකව පවත්වා ගෙන යාමට හා තම ජීවන තත්වයන් වැඩි දියුනු කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුලින් තහවුරු කෙරෙන විද්‍යාත්මක හා සැලසුම් ගත ලෝක ආර්ථිකයක පදනම මත පමනි. එහි කොටසක් ලෙස ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට අනකරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර බැංකුවල හා මහ ව්‍යාපාරිකයන්ගේ උපකරනයක් ලෙස ක්‍රියා කරන මෙරට ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී වැඩ පිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩ නැගිය යුතු ය. එය දේශපාලන අරගලයකි. ඒ සඳහා පෙරමුන හා නායකත්වය ගත හැකි එක ම පන්තිය කම්කරු පන්තියයි. මෙම අරගලය සඳහා තමන් මෙන් ම සමාන ප්‍රශ්නවලට මුහුන දී සිටින වී ගොවීන් ඇතුළු ගම්බද සෙසු දුගී ගොවීන් හා දුගී ධීවර ජනයා සමග ඒකාබද්ධ වෙමින් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ධනපති පන්තියෙන් ස්වාධීන වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුළු තේ ගොවීන් පෙරෙට ආ යුතු ය. [url]http://www.wsws.org/sinhala/2015/2015nov/sltm-15n.html[/url] [IMG]http://i.imgur.com/9Y7qmQ3.png [/IMG][/SIZE][/CENTER][/COLOR] [IMG]http://i.imgur.com/9Y7qmQ3.png [/IMG][/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom