Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොතරැයියක් ඇදුනම ගන්න යන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම සිද්ධියේ කරුණු මෙසේ ය. සුනිල් හේමචන්ද්‍ර (සුනිල්) නිරෝගී, අකුරු ලියන්නට කියන්නට දත්, පෙර අපරාධ වැරදි කිසිවක් නැති අයෙක් විය. දිනපතා කුලියට වැඩ කළ කම්කරුවෙක් වූ ඔහු, වඩාත්ම කළේ රබර් කිරි කැපීම සහ පොල් කැඞීමයි.

ඔහුගේ දුර්භාග්‍ය සමය පටන් ගත්තේ රුපියල් මිලියන 3කට (ලක්ෂ 30කට) මදක් වැඩි මුදලක් දිනාගනිමින් ලොතරැයි ටිකට් පතකින් ජයග්‍රහණය ලැබීමත් සමග ය. ලොතරැුයි නියෝජිතයා හරහා සුනිල් ලොතරැයිය දිනාඇති බව දැනගත් මොරගහහේන පොලිසිය පොලිස් නිලධාරියෙක් අත පණිවුඩයක් යැව්වේ සුනිල් සිය ලොතරැුයිය ද ගෙන පොලිසියට පැමිණ, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිසියේ සිටින ලෙසට ය. සුනිල් මේ යෝජනාවට අවනත නොවීය. ඒ වෙනුවට සිය මව හා නැන්දණිය සමග වහාම ගොස් ජයග්‍රාහී ලොතරැයිය මුදල්කොට එම මුදල සිය නැන්දණියගේ බැංකු ගිණුමේ තැන්පත් කළේය. ඉන්පසු රුපියල් ලක්ෂ 12කට වෑන් රියක්ද, සිය ලේලියකට ති‍්‍රරෝද රථයක් ද මිලදී ගෙන සිය බෑණාට රුපියල් පන්දහසක් තෑගි වශයෙන් දුන්නේය.

සති කිහිපයකට පසු මොරගහහේන පොලිසියෙන් කණ්ඩායමක් සුනිල්ව සෙවීම සඳහා ඔහුගේ නිවසට ආහ. ඔවුන් සුනිල්ගේ නැන්දණියගෙන් ප්‍රශ්න කර සිටියේ සුනිල් විසින් සිය ලොතරැුයි දිනුම් මුදල් වියදම් කර තිබේද යන්නයි. එක් පොලිස් නිලධාරියෙක් අනතුරු ඇ`ගවූයේ, ‘‘එයාගෙ සතුට වැඩිකල් තියෙන්නෙ නෑ’’ යනුවෙනි. ඉන්පසු සුනිල් ට පොලිසියට වාර්තා කරන ලෙසට පණිවුඩයක් තබා ඔවුහු ආපසු ගියහ.

එදිනම සුනිල්, චානක නමැති තමන් දන්නා හඳුනන අය සහ ලොතරැුයි නියෝජිතයාගේ පුතා වන ලයනල් සමග පොලිස් ස්ථානය වෙත ගියේය. පොලිසියේදී එක් පොලිස් නිලධාරියෙක් (උප පොලිස් පරීක්ෂකවරයෙක්) ‘සපෝට්’ එකක් වශයෙන් මුදල් දෙන ලෙස කියා ඇත. එවිට, තමන් ළ`ග මුදල් නැති බව කියා සුනිල් එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු එම පොලිස් නිලධාරියාම, රුපියල් 25,000 ක් බලකරමින් ඉල්ලා තිබෙන්නේ හොරණ විද්‍යාරත්න පන්සලේ පෙරහැරක වියදම් පියවා ගැනීම සඳහා යැයි කියමිනි. සුනිල් මෙය ලබාදීමට එකඟ වී ඇත.

2003 ජූලි 22 වැනිදා එම පොලිසියේම නිලධාරීන් පස් දෙනෙක් වාහනයකින් සුනිල්ගේ නැන්දණියගේ නිවසට පැමිණ, කාමරයක නිදා සිටින ඔහුව, ‘ලොතරැයිය දිනූ කෙනා’ ලෙස හැඳිනගෙන පහර දෙන්නට පටන් ගෙන තිබේ. මෙහිදී ඔහුගේ හිසට ද පහර දෙනු ලැබීය. සුනිල් හා චානක යන දෙදෙනාව අත්අඩංගුවට ගත් පොලිසිය, එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙන්ම ජීප් රියෙන් ගෙන යන අතර ද පහර දී ඇත. සුනිල්ගේ හිසට සහ යටි බඩට පහර දුන්

අතර, ඔහුට පහර දීම නවත්වන්නැයි කී විට චානකගේ මුහුණ ට ද කිහිප වතාවක් පහර දී තිබේ.

සුනිල් හා චානක ව මොරගහහේන පොලිසියට ගෙන ගොස්, තවත් රැුඳවියන් සිටි කුඩා කූඩුවක රඳවනු ලැබිණි. පසුදින උදෑසන චානක දුටුවේ, සුනිල් හොඳ තත්වයක් නොසිටින බවත්, ඔහුගේ මුවින් හා නාසයෙන් ලේ ගළන බවත්, ඔහුට නැගිටගත නොහැකි බවත් ය.

සුනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන චානක පොලිස් නිලධාරීන්ට දැන්වීය. කෙසේ නමුත් එවිට පොලිස් නිලධාරීන් චානක ට කීවේ සුනිල් ව පොලිසියේ පිටුපසට ගෙන ගොස් මුහුණේ ලේ පිසදාන ලෙසටය. කෙසේ වෙතත් නාසයෙන් හා මුවින් ලේ ගැලීම නතර නොවුණු අතර, සුනිල් ලේ කැටි කැටි වමනය කරන්නට පටන් ගත්තේය. එක් පොලිස් නිලධාරියෙක් චානකට කීවේ, අපස්මාර රෝගීන්ට කරන පරිදි, යකඩ දණ්ඩක් සුනිල්ටඅල්ලාගෙන සිටින්නට

සලස්වන ලෙසට ය.

එදින උදෑසන පොලිසියට පැමිණි සුනිල්ගේ නැන්දා දුටුවේ සුනිල් පොලිස් කූඩුවේ පොළොව මත නාසයෙන් හා කටින් ලේ පෙරාගෙන බිම වැතිර සිටින අන්දමයි. ඇය ද සුනිල්ගේ බරපතළ තත්වය පිළිබඳ පොලිසියට කියූ නමුත් ඇය ව පොලිසිය විසින් පන්නාගෙන තිබේ.

අවසානයේ සුනිල් ව පොලිස් වාහනයක දමාගෙන හොරණ මූලික රෝහල වෙත ගෙන ගියේ එදින පස්වරුවේ ය. සුනිල්ව බැලීමට ගිය නැන්දාට පොලිසියෙන් සුනිල්ට ඉතා දරුණු ලෙස පහර දී තිබෙන බව දැනගන්නට ලැබිණි. ඔහු දරුණු වේදනාවකින් පෙළෙන බවත් ඔහුගේ මුහුණ රතුවී ඉදිමී තිබෙන බවත් ඇය දුටුවාය.

එදිනම පසුභාගයේ සුනිල්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම පොලිස් ස්ථානයෙන්ම පොලින් නිලධාරීන් දෙදෙනෙක් රෝහලට ආහ. නමුත් ඔහුට හැකිවුණේ තමන්ගේ නම කියාගැනීමට පමණි. කෙසේ නමුත් අනෙක් පුද්ගලයා සමග කතා කරමින් කොළ දෙකක් පුරා පොලිස් භටයෝ යම් ලැයිස්තුවක් ලියාගත්හ. සුනිල් සිය නම ලියාගැනීමට හැකි කෙනෙක් වුවද, ඔහුගේ අත්සන වෙනුවට සුනිල්ගේ මහපටැ`ගිල්ලේ ඇඟිලි සලකුණු ද ලබාගැනිණි.

පසුදින සුනිල්ගේ පවුලේ අයට දැනගන්නට ලැබුණේ සුනිල් ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සහ එහිදී මොළයේ සැත්කමකට ඔහු ව ලක්කළ බවයි. 2003 ජූලි 26 වැනිදා කොළඹ ජාතික රෝහලේ කාර්යමණ්ඩලය සුනිල්ගේ නැන්දණිය වෙත දැනුම් දුන්නේ එදින උදෑසන සුනිල් මිය ගිය බවයි.

සුනිල්ගේ මරණයට දින තුනකට පෙර, ඔහු රෝහල්ගත ව සිටින අතර සුනිල්ගේ නැන්දා හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා හමු වී සුනිල් ව අත්අඩංගුවට ගැනීම හා වධහිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළාය. නමුත් පොලිස් අධිකාරිවරයා ඇගේ පැමිණිල්ල සටහන් කර ගත්තේ නැත. එම නැන්දණියගෙන් සහ පොලිස් භාරයෙන් පසුව නිදහස් කෙරුණු චානකගෙන් හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා කටඋත්තර සටහන් කර ගත්තේ 2003 ජූලි 26 වැනිදා ය.

සුනිල්ගේ නැන්දණිය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළ අතර, ‘ජනසංසදය’ මානව හිමිකම් සංවිධානයේ උපකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නිලධාරීන් සහ ආයතන ගණනාවක් නම් කර තිබිණි.

නැන්දණිය කළ පැමිණිල්ලට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් 2008 අගෝස්තු මස වන තෙක්ම පිළිතුරක් නොලැබුණු අතර, 2008 අගෝස්තු මස ඔවුන් සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බැවින් නඩුව ඇසෙන තෙක් තමන් කිසිදු පරීක්ෂණයක් නොකරන බව ය. එතැන් පටන් සුනිල්ගේ පවුලේ අයට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කිසිවක් දැනගන්නට නොලැබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා සුනිල් හේමචන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහිදී සුනිල්ගේ නැන්දණියගේ හා චානකගේ කටඋත්තර අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අතිරේක මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේ, මොරගහහේන පොලිසියේ පොලිස් වාර්තාවේ, ‘සුනිල් ව පොලිසිය විසින් අත්අඩංගුටව ගැනීමට හේතුවක් වශයෙන් දැක්වෙන කිසිවක් පිළිබඳ සඳහනක් නැති’’ බවයි. මෘතශරීරාගාරයේදී වින්දිතයාගේ මළ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා සටහන් කළේ, සෙසු තුවාළ අතර, ‘පිටේ වම්පැත්තට වන්නට, තට්ටම්වලට යන්තම් අ`ගලක් පමණ ඉහළින්’ තුවාළයක් තිබෙන බවයි.

දින කිහිපයකට පසුව කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළේය. මරණයට පෙර සිදුවූ තුවාළ දහයක්, තැළීම් හතරක්, සීරීම් හතරක්, වම් ඇස වටේ පෙරි- ඕබිටල් හිමටෝමා තත්වයන් (‘කළු ඇස්) එකක් සහ එක් ශල්‍ය කැපීමක් පිළිබඳව ඔහුගේ වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සටහන් යෙදූ, පිටේ වම්පැත්තේ වූ තුවාළය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා වාර්තා කර නැත. ‘‘මොට ආයුධයකින් පහර දීමේ කම්පනයෙන් හිස තුවාළ වීමෙන් පසු ඇතිවූ තීව්ර අධෝවරාශික රක්තපාතය’’ වශයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් සුනිල්ගේ මරණයට හේතුව හඳුනාගත්තේය. එම වාර්තාවේ මාරක රක්තපාතයක් හෙවත් ලේ ගැලීමක් සිදුවිය හැකි හේතු හතරක් හඳුනාගත්තේය. එනම්, ආයුධයකින් හෝ බූට් සපත්තු පැළඳ වින්දිතයාගේ පිටුපසට එල්ල කළ දැඩි පහරක්, තල්ලූ කර දැමීම නිසා සිදුවූ වැටීමක්, හදිසි අනතුරකින් ඇද වැටීමක් හෝ මධ්‍යසාර භාවිතය එකවරම නතර කිරීම හෝ මීමැස්මොර රෝගය හේතුවෙන් ඇතිවූ අපස්මාර තත්වයක් යනුවෙනි. පුදුමාකාර ලෙසට එම වාර්තාවෙන් නිගමනය කර තිබුණේ, ‘‘මරණයට හේතුව මධ්‍යසාර අධික ලෙස භාවිතා කරමින් සිට එය හදිසියේ නතර කිරීමෙන් පසු සිදුවූ ඇද වැටීමක් විය හැක, මේ බව මියගිය අයගේ සිරුරේ ‘විශාලනය වූ සහ විඩාපත් තත්වයට පත්වූ අක්මාව’ක් තිබීම නිසා සැකයෙන් තොරව පෙනේ’ යනුවෙනි.

2003 අගෝස්තු 29 වැනිදා හොරණ මහේස්ත්‍රාත්වරයා පානදුර පොලිසියේ පොලිස් අධිකාරිවරයාට නියම කළේ වින්දිතයාගේ මරණය ආශ්රිත කරුණු සැකසහිත බව පෙනෙන හෙයින් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය.

කෙසේ නමුත් 2004 අගෝස්තු 29 වැනිදා නීතිපතිවරයා තීරණය කළේ, වින්දිතයාට සිදුවූ කිසිදු පහරදීමක් පිළිබඳ සාක්ෂි නොමැති නිසා සුනිල් හේමචන්ද්‍රගේ මරණයට සම්බන්ධ ව ගොනු කළ හැකි චෝදනාවක් නැති බවයි. නීතිපතිවරයාගේ මේ සඳහන මත පදනම් ව මහේස්ත්‍රාත්වරයා නඩුව ඉවත් කළේය.

2003 සැප්තැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් 2010 අගෝස්තු 6 වැනිදා තීන්දුවක් ලබාදුන්නේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත නිෂ්ප්රභා කළේ, ‘‘මත්පැන් භාවිතය එකවර නතර කිරීමෙන් පසු හටගත් අපස්මාර තත්වයක් හේතුවෙන් සිදුවූ ඇදවැටීමක්’’ ය යන නිගමනය මත ය

.... read more http://www.humanrights.asia/news/ahrc-news/AHRC-ART-014-2015-SI/

[QUOTE="topkollek, post: 30864171, member: 510150"] මෙම සිද්ධියේ කරුණු මෙසේ ය. සුනිල් හේමචන්ද්‍ර (සුනිල්) නිරෝගී, අකුරු ලියන්නට කියන්නට දත්, පෙර අපරාධ වැරදි කිසිවක් නැති අයෙක් විය. දිනපතා කුලියට වැඩ කළ කම්කරුවෙක් වූ ඔහු, වඩාත්ම කළේ රබර් කිරි කැපීම සහ පොල් කැඞීමයි. ඔහුගේ දුර්භාග්‍ය සමය පටන් ගත්තේ රුපියල් මිලියන 3කට (ලක්ෂ 30කට) මදක් වැඩි මුදලක් දිනාගනිමින් ලොතරැයි ටිකට් පතකින් ජයග්‍රහණය ලැබීමත් සමග ය. ලොතරැුයි නියෝජිතයා හරහා සුනිල් ලොතරැයිය දිනාඇති බව දැනගත් මොරගහහේන පොලිසිය පොලිස් නිලධාරියෙක් අත පණිවුඩයක් යැව්වේ සුනිල් සිය ලොතරැුයිය ද ගෙන පොලිසියට පැමිණ, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිසියේ සිටින ලෙසට ය. සුනිල් මේ යෝජනාවට අවනත නොවීය. ඒ වෙනුවට සිය මව හා නැන්දණිය සමග වහාම ගොස් ජයග්‍රාහී ලොතරැයිය මුදල්කොට එම මුදල සිය නැන්දණියගේ බැංකු ගිණුමේ තැන්පත් කළේය. ඉන්පසු රුපියල් ලක්ෂ 12කට වෑන් රියක්ද, සිය ලේලියකට ති‍්‍රරෝද රථයක් ද මිලදී ගෙන සිය බෑණාට රුපියල් පන්දහසක් තෑගි වශයෙන් දුන්නේය. සති කිහිපයකට පසු මොරගහහේන පොලිසියෙන් කණ්ඩායමක් සුනිල්ව සෙවීම සඳහා ඔහුගේ නිවසට ආහ. ඔවුන් සුනිල්ගේ නැන්දණියගෙන් ප්‍රශ්න කර සිටියේ සුනිල් විසින් සිය ලොතරැුයි දිනුම් මුදල් වියදම් කර තිබේද යන්නයි. එක් පොලිස් නිලධාරියෙක් අනතුරු ඇ`ගවූයේ, ‘‘එයාගෙ සතුට වැඩිකල් තියෙන්නෙ නෑ’’ යනුවෙනි. ඉන්පසු සුනිල් ට පොලිසියට වාර්තා කරන ලෙසට පණිවුඩයක් තබා ඔවුහු ආපසු ගියහ. එදිනම සුනිල්, චානක නමැති තමන් දන්නා හඳුනන අය සහ ලොතරැුයි නියෝජිතයාගේ පුතා වන ලයනල් සමග පොලිස් ස්ථානය වෙත ගියේය. පොලිසියේදී එක් පොලිස් නිලධාරියෙක් (උප පොලිස් පරීක්ෂකවරයෙක්) ‘සපෝට්’ එකක් වශයෙන් මුදල් දෙන ලෙස කියා ඇත. එවිට, තමන් ළ`ග මුදල් නැති බව කියා සුනිල් එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු එම පොලිස් නිලධාරියාම, රුපියල් 25,000 ක් බලකරමින් ඉල්ලා තිබෙන්නේ හොරණ විද්‍යාරත්න පන්සලේ පෙරහැරක වියදම් පියවා ගැනීම සඳහා යැයි කියමිනි. සුනිල් මෙය ලබාදීමට එකඟ වී ඇත. 2003 ජූලි 22 වැනිදා එම පොලිසියේම නිලධාරීන් පස් දෙනෙක් වාහනයකින් සුනිල්ගේ නැන්දණියගේ නිවසට පැමිණ, කාමරයක නිදා සිටින ඔහුව, ‘ලොතරැයිය දිනූ කෙනා’ ලෙස හැඳිනගෙන පහර දෙන්නට පටන් ගෙන තිබේ. මෙහිදී ඔහුගේ හිසට ද පහර දෙනු ලැබීය. සුනිල් හා චානක යන දෙදෙනාව අත්අඩංගුවට ගත් පොලිසිය, එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙන්ම ජීප් රියෙන් ගෙන යන අතර ද පහර දී ඇත. සුනිල්ගේ හිසට සහ යටි බඩට පහර දුන් අතර, ඔහුට පහර දීම නවත්වන්නැයි කී විට චානකගේ මුහුණ ට ද කිහිප වතාවක් පහර දී තිබේ. සුනිල් හා චානක ව මොරගහහේන පොලිසියට ගෙන ගොස්, තවත් රැුඳවියන් සිටි කුඩා කූඩුවක රඳවනු ලැබිණි. පසුදින උදෑසන චානක දුටුවේ, සුනිල් හොඳ තත්වයක් නොසිටින බවත්, ඔහුගේ මුවින් හා නාසයෙන් ලේ ගළන බවත්, ඔහුට නැගිටගත නොහැකි බවත් ය. සුනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන චානක පොලිස් නිලධාරීන්ට දැන්වීය. කෙසේ නමුත් එවිට පොලිස් නිලධාරීන් චානක ට කීවේ සුනිල් ව පොලිසියේ පිටුපසට ගෙන ගොස් මුහුණේ ලේ පිසදාන ලෙසටය. කෙසේ වෙතත් නාසයෙන් හා මුවින් ලේ ගැලීම නතර නොවුණු අතර, සුනිල් ලේ කැටි කැටි වමනය කරන්නට පටන් ගත්තේය. එක් පොලිස් නිලධාරියෙක් චානකට කීවේ, අපස්මාර රෝගීන්ට කරන පරිදි, යකඩ දණ්ඩක් සුනිල්ටඅල්ලාගෙන සිටින්නට සලස්වන ලෙසට ය. එදින උදෑසන පොලිසියට පැමිණි සුනිල්ගේ නැන්දා දුටුවේ සුනිල් පොලිස් කූඩුවේ පොළොව මත නාසයෙන් හා කටින් ලේ පෙරාගෙන බිම වැතිර සිටින අන්දමයි. ඇය ද සුනිල්ගේ බරපතළ තත්වය පිළිබඳ පොලිසියට කියූ නමුත් ඇය ව පොලිසිය විසින් පන්නාගෙන තිබේ. [HEADING=2]අවසානයේ සුනිල් ව පොලිස් වාහනයක දමාගෙන හොරණ මූලික රෝහල වෙත ගෙන ගියේ එදින පස්වරුවේ ය. සුනිල්ව බැලීමට ගිය නැන්දාට පොලිසියෙන් සුනිල්ට ඉතා දරුණු ලෙස පහර දී තිබෙන බව දැනගන්නට ලැබිණි. ඔහු දරුණු වේදනාවකින් පෙළෙන බවත් ඔහුගේ මුහුණ රතුවී ඉදිමී තිබෙන බවත් ඇය දුටුවාය.[/HEADING] එදිනම පසුභාගයේ සුනිල්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම පොලිස් ස්ථානයෙන්ම පොලින් නිලධාරීන් දෙදෙනෙක් රෝහලට ආහ. නමුත් ඔහුට හැකිවුණේ තමන්ගේ නම කියාගැනීමට පමණි. කෙසේ නමුත් අනෙක් පුද්ගලයා සමග කතා කරමින් කොළ දෙකක් පුරා පොලිස් භටයෝ යම් ලැයිස්තුවක් ලියාගත්හ. සුනිල් සිය නම ලියාගැනීමට හැකි කෙනෙක් වුවද, ඔහුගේ අත්සන වෙනුවට සුනිල්ගේ මහපටැ`ගිල්ලේ ඇඟිලි සලකුණු ද ලබාගැනිණි. පසුදින සුනිල්ගේ පවුලේ අයට දැනගන්නට ලැබුණේ සුනිල් ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව සහ එහිදී මොළයේ සැත්කමකට ඔහු ව ලක්කළ බවයි. 2003 ජූලි 26 වැනිදා කොළඹ ජාතික රෝහලේ කාර්යමණ්ඩලය සුනිල්ගේ නැන්දණිය වෙත දැනුම් දුන්නේ එදින උදෑසන සුනිල් මිය ගිය බවයි. සුනිල්ගේ මරණයට දින තුනකට පෙර, ඔහු රෝහල්ගත ව සිටින අතර සුනිල්ගේ නැන්දා හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා හමු වී සුනිල් ව අත්අඩංගුවට ගැනීම හා වධහිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කළාය. නමුත් පොලිස් අධිකාරිවරයා ඇගේ පැමිණිල්ල සටහන් කර ගත්තේ නැත. එම නැන්දණියගෙන් සහ පොලිස් භාරයෙන් පසුව නිදහස් කෙරුණු චානකගෙන් හොරණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයා කටඋත්තර සටහන් කර ගත්තේ 2003 ජූලි 26 වැනිදා ය. සුනිල්ගේ නැන්දණිය ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළ අතර, ‘ජනසංසදය’ මානව හිමිකම් සංවිධානයේ උපකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නිලධාරීන් සහ ආයතන ගණනාවක් නම් කර තිබිණි. නැන්දණිය කළ පැමිණිල්ලට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් 2008 අගෝස්තු මස වන තෙක්ම පිළිතුරක් නොලැබුණු අතර, 2008 අගෝස්තු මස ඔවුන් සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බැවින් නඩුව ඇසෙන තෙක් තමන් කිසිදු පරීක්ෂණයක් නොකරන බව ය. එතැන් පටන් සුනිල්ගේ පවුලේ අයට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කිසිවක් දැනගන්නට නොලැබිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා සුනිල් හේමචන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහිදී සුනිල්ගේ නැන්දණියගේ හා චානකගේ කටඋත්තර අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අතිරේක මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේ, මොරගහහේන පොලිසියේ පොලිස් වාර්තාවේ, ‘සුනිල් ව පොලිසිය විසින් අත්අඩංගුටව ගැනීමට හේතුවක් වශයෙන් දැක්වෙන කිසිවක් පිළිබඳ සඳහනක් නැති’’ බවයි. මෘතශරීරාගාරයේදී වින්දිතයාගේ මළ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා සටහන් කළේ, සෙසු තුවාළ අතර, ‘පිටේ වම්පැත්තට වන්නට, තට්ටම්වලට යන්තම් අ`ගලක් පමණ ඉහළින්’ තුවාළයක් තිබෙන බවයි. දින කිහිපයකට පසුව කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළේය. මරණයට පෙර සිදුවූ තුවාළ දහයක්, තැළීම් හතරක්, සීරීම් හතරක්, වම් ඇස වටේ පෙරි- ඕබිටල් හිමටෝමා තත්වයන් (‘කළු ඇස්) එකක් සහ එක් ශල්‍ය කැපීමක් පිළිබඳව ඔහුගේ වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සටහන් යෙදූ, පිටේ වම්පැත්තේ වූ තුවාළය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා වාර්තා කර නැත. ‘‘මොට ආයුධයකින් පහර දීමේ කම්පනයෙන් හිස තුවාළ වීමෙන් පසු ඇතිවූ තීව්ර අධෝවරාශික රක්තපාතය’’ වශයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් සුනිල්ගේ මරණයට හේතුව හඳුනාගත්තේය. එම වාර්තාවේ මාරක රක්තපාතයක් හෙවත් ලේ ගැලීමක් සිදුවිය හැකි හේතු හතරක් හඳුනාගත්තේය. එනම්, ආයුධයකින් හෝ බූට් සපත්තු පැළඳ වින්දිතයාගේ පිටුපසට එල්ල කළ දැඩි පහරක්, තල්ලූ කර දැමීම නිසා සිදුවූ වැටීමක්, හදිසි අනතුරකින් ඇද වැටීමක් හෝ මධ්‍යසාර භාවිතය එකවරම නතර කිරීම හෝ මීමැස්මොර රෝගය හේතුවෙන් ඇතිවූ අපස්මාර තත්වයක් යනුවෙනි. පුදුමාකාර ලෙසට එම වාර්තාවෙන් නිගමනය කර තිබුණේ, ‘‘මරණයට හේතුව මධ්‍යසාර අධික ලෙස භාවිතා කරමින් සිට එය හදිසියේ නතර කිරීමෙන් පසු සිදුවූ ඇද වැටීමක් විය හැක, මේ බව මියගිය අයගේ සිරුරේ ‘විශාලනය වූ සහ විඩාපත් තත්වයට පත්වූ අක්මාව’ක් තිබීම නිසා සැකයෙන් තොරව පෙනේ’ යනුවෙනි. 2003 අගෝස්තු 29 වැනිදා හොරණ මහේස්ත්‍රාත්වරයා පානදුර පොලිසියේ පොලිස් අධිකාරිවරයාට නියම කළේ වින්දිතයාගේ මරණය ආශ්රිත කරුණු සැකසහිත බව පෙනෙන හෙයින් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය. [HEADING=2]කෙසේ නමුත් 2004 අගෝස්තු 29 වැනිදා නීතිපතිවරයා තීරණය කළේ, වින්දිතයාට සිදුවූ කිසිදු පහරදීමක් පිළිබඳ සාක්ෂි නොමැති නිසා සුනිල් හේමචන්ද්‍රගේ මරණයට සම්බන්ධ ව ගොනු කළ හැකි චෝදනාවක් නැති බවයි. නීතිපතිවරයාගේ මේ සඳහන මත පදනම් ව මහේස්ත්‍රාත්වරයා නඩුව ඉවත් කළේය.[/HEADING] 2003 සැප්තැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් 2010 අගෝස්තු 6 වැනිදා තීන්දුවක් ලබාදුන්නේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම අයදුම්පත නිෂ්ප්රභා කළේ, ‘‘මත්පැන් භාවිතය එකවර නතර කිරීමෙන් පසු හටගත් අපස්මාර තත්වයක් හේතුවෙන් සිදුවූ ඇදවැටීමක්’’ ය යන නිගමනය මත ය .... read more [URL]http://www.humanrights.asia/news/ahrc-news/AHRC-ART-014-2015-SI/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom