Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවටම උයන ජාතියේ කෑම රජ්ජුරුවෝ - දේශබන්ධු &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවටම උයන ජාතියේ කෑම රජ්ජුරුවෝ - දේශබන්ධු &#

ලොවටම උයන ජාතියේ කෑම රජ්ජුරුවෝ

දේශබන්ධු ආචාර්ය පබ්ලිස් සිල්වා

අපි ගමෙන් පලවා හරිනු ලැබීමු. එයට හේතුව මා නිෙවසක් ඉදිකිරීමට ගත් උත්සාහයයි. එය කළේ නිෙවසක් කියා කිසිවක් නැති හෙයිනි. එය ඉදිකිරීමට මා උත්සාහ කළේ බෙදුම් ඉඩමකය. ගම්මු අපට පහර දී එළවා ගත්හ. මම කොළඹ ආවෙමි. කොළඹින් නිෙවසක් සෙවීමි. අවසානයේ රුපියල් දෙදහසක ණය මුදලක් සොයාගෙන මම නිවෙසකට සල්ලි බැඳීමි. බිරිය රැගෙන කොළඹ එන්නට සූදානම් වද්දී මා සල්ලි ගෙවා ඇත්තේ බේබද්දෙකුටය. ඔහු මගේ සල්ලිත්, නිවාස සිහිනයත් බොඳ කළේය. මම අසරණ වීමි. එහෙත් ළිං පතුලට වැටුණු මිනිසා යළි පැමිණිය යුත්තේ ළිං කටෙන් නොවේද යන්න මගේ විශ්වාසයය.හැරවුම යනු පැවරුමකි. මාධ්‍ය සතු සමාජ වගවීම ප්‍රකාශය කරන්නකි. මහ ගෙදරින් ඇරැඹි ජාතියේ හැරවුමකි. එය සමාජ ප්රගමනය වෙනුවෙන් අනුපමේය දායකත්වයකි. රටක සමාජය දිනවන තිරසර අත්තිවාරමකි.

1 හැරවුම

මම උපන්නේ රත්ගමය. රත්ගම අන්ත දුගී පවුලකය. එය කොතරම් දුගීද යත් අපට ඉන්නට කියා ගෙයක් වැටී සිටිය හැකි ඉඩමක් පවා තිබුණේ නැත. මා දන්නා මගේ පවුලේ පස්දෙනෙකි. අම්මා, තාත්තා, සහෝදරයෝ දෙනෙක් හා සහෝදරියෝ දෙදෙනෙකු මට සිටියහ. ඒ අතරින් දැනුදු මගේ වැඩිමහල් සොහොයුරිය හා බාල සොහොයුරිය ජීවතුන් අතර සිටිති. අප සැවොම ජීවත්වුණේ අඩි දහයයි දහයක් පමණ විශාල පොල්අතු මඩුවකය. එය පිටුපස තිබුණේ තීරයක් සේ පෙනෙන නිල් මුහුදය. අපව කිසිවෙක් ගණන් ගත්තේ නැත. දුකසේ යන්තමින් හෝ වේලක් පිරිමසා තවත් වේල් කිහිපයක් කුසගින්නේ සිටිමින් අපි ජීවිතය ගෙවා ගතිමු. එකල දෙවැනි ලෝක යුද සමය යැයි මට මතකය. අහස්යාත්රා පියඹනයුරු, පුවත්පත්වල තොරතුරු ගැන මිනිසුන් කතාබස් කරන ආකාරය අපට ඇසේ. එහෙත් අපිකිසිවකුටත් අකුරු අසීරුය. එකල මම හිච්චි කොල්ලෙකි.

අම්මාටත්, තාත්තාටත් හැක්කේ කණ අස්සන පමණය. මෙම දුර්භික්ෂ ජීවිතයේ කුසගිනි නිවන්නේ අම්මාගේ ගාලු ගමනෙනි. මම ද ඈ හා ඒ ගමනට එක්වූයෙමි. මා සමඟ ඈ පයින්ම ගාල්ලට යන්නීය. රථයක නැගී එම ගමන යන්නට තරම් අපට වත්කමක් නැතිවීමට එයට හේතුවය. අප එලෙස යන්නේ වෙළෙඳ පොළටයි. එහි ඇවිද වෙළෙන්දන් ඉවතට විසිකරන එළවළු එකතු කර ඒවායෙන් ප්‍රයෝජනයට ගත හැකි බොහෝ දේ වෙන්කර ගනිමු. මම ඊට අම්මාට උදව් කළෙමි. අම්මා හා මම ඒවා රැගෙන නිෙවසට නොව පැලට එන්නෙමු. ඉන්පසු අපි රැගෙන ආ සියල්ල රස මසුවුළු ලෙස උයා පිහා දින කීපයක් බුදින්නෙමු. එයත් හැමදාම සොයා ගන්නට ලැබෙන්නේ නැත. මේ දුගීභාවය මා තුළ ඇතිකළේ මහත්වූ වේදනාවකි. දුක කියාදෙයක් ජීවිතයට ඇතැයි මට දැනුණේ මෙසමයේය. මේ මහා පීඩනය ඉහළ නංවමින් අපට ගමේ මිනිසුන්ගෙන් ලැබුණේ අඩුසැලකිලිය. එය වෙනස් කරගන්නට අවශ්‍ය ශක්තිය මා වෙත රැගෙන ආවේ මෙම දුප්පත්කමත්, අසරණකමත්, සමාජ අඩුසැලකිල්ලත්ය. කෙසේ හෝ නැගිටිමියැයි කුඩා මා තුළ හැඟීම් ඡායාවක් තිබුණේයැයි මට සිතේ. ඒ මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂයේ ඡායා මාත්‍රයක් විය යුතුය.

2 හැරවුම

මම කුඩා කාලයේ මා දැල් අදින්නෙක්මි. මුදලාලිගේ කරවල කරත්ත තල්ලු කරන්නෙක්මි. කඩවල බඩු අදින්නෙක්මි. විටෙක කත්කාරයෙකි. කලක් මම ඇබිත්තියෙක්මි. පසුව වත්තල ප්‍රදේශයේ නිෙවසක සේවයට ගියෙමි. එහිදී ලැබුණේ පාසල් යෑම නොව කුස්සියේ රස්සාවය.

වතු සුද්ද පවිත්රකිරීම, වළං සේදීම, ගෙහිමියන්ගේ දරුවන් ක්‍රීඩාකරන ආකාරය දෙස බලාසිටීම යනාදී මෙකී නොකී වැඩ රැසක් මට එම නිවසේදී පැවරී තිබිණි. මා පාසල් යවන්නේ යැයි පොරොන්දුවපිට කොළඹ රැගෙන ආ මට එම නිවසේදී නොලැබුණු එකම සත්කාරය එකී පාසල් ගමනය. මෙම තත්ත්වය දරාගත නොහැකිවූ තැන මම නිවසට තැපැල්පතක් දැමුවෙමි. පියා පැමිණ මා නැවත පැලට රැගෙන ගියේය. යළිත් සමාජ පීඩන දැනෙන්ට වූයෙන් මම මඩකලපුවට පලායන්නට තීරණය කිරීමි. ඒ ධීවරයන් කණ්ඩායමක් සමඟය. අප ගියේ ලොරිවල නැගීය. අප හා ධීවර කටයුතුවලට යොදාගන්නා දැල් ආම්පන්නද විය. එහිදී මට තිබුණේ ඒ දැල් ආම්පන්න ආරක්ෂා කිරීම ආදියය.

අපි රාත්‍රියට මේ දැල් ආම්පන්න අසල නින්දට වැටුණෙමු. සුළං හෝ හඬ නගමින් සීතල සමඟ මුසුව හමා ගියේය. එහි කරදිය රසයක් තැවරී තිබිණි. මුහුද අඛණ්ඩව වෙරළේ වදිමින් හෝ හෝ ගෑවේ මගේ කනට රහස් මහ හඬින් කියන්නාක් මෙනි. කෙසේවෙතත් ඒ ජීවිතය ඉතා දුෂ්කරය. උදාසන ලැබෙන්නේ තේ කහට කෝප්පයක් පමණි. දිවා ආහාරය සඳහා බත්මඩක්කුවක් හා මාළු කැබැල්ලක් සමඟින් හොදි සුඟකි. වැටුපක් කියා කිසිදු ආදායමක් නොලැබුණෙන් දැඩි පීඩනයක් ඇතිවෙමින් තිබුණේය. මම කළේ මුදල් සොයා මෙම කණ්ඩායමේම කුස්සියේ උයන පිහන පුද්ගලයා සමඟ එක්ව පොල් කැඩීම සඳහා මඩකලපුවේ සංචාරය කිරීමය. මට නම් ගස් නගින්නට බැරිය. එය කළේ මගේ මිත්‍රයාය.

මට තිබුණේ පොල් කඩනවා පොල් කඩනවා එසේ නැතහොත් මා අදටත් දන්නා එකම දෙමළ වචන දෙකවන ‘තේන්ගා ඉරන්ගා’යැයි කෑගසමින් මඩකලපුවේ පාරවල් දිගේ ඇවිදීමයි. මා සමඟ මගේ මිත්‍රයාද සිටියේය. එමගින් මම කොළඹට පැමිණීමට මුදල් සොයාගත්තෙමි. කෙසේ හෝ කොළඹ ආවෙමි. එතැන් සිට ගාලු යන්නට මුදල් නැත. බස්නැවතුමට පැමිණ අපේ අම්මා හා තාත්තා අඳුනන බස් රියැදුරකු සමඟින් මම යළි රත්ගමට ගියෙමි. කොළඹ දී හමුවූ රත්ගම කොල්ලන් දුටුවෙන්ම මම යළිත් ගිය පයින් කොළඹට පලා ආවෙමි. එහිදී මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලයට මම ඇතුළත් වූයෙමි. එය මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයයි. අදටත් මා ජීවිතයට සෘජුව මුහුණදෙන්නේ මෙම ජීවන තක්සලාවේ ලැබූ අධ්‍යාපනය හේතුවෙන්යැයි කිවහැකිය.

3 හැරවුම

එලෙස කොළඹ ආ මම හතර වැනි හරස්වීදියේ තේ කඩයක රස්සාවකට බැඳුනෙමි. දිනය නිම වද්දී වැටුප් මුදල් බේරීමට මුදලාලි පැමිණියේය. මම සේවයට එක්වන විට ඔහු එහි නොසිටි හෙයින් මා දුටු සැණින් ගම පිළිබඳව විමසීය. මම කට විහිදා රත්ගමයැයි කීමි.

‘පලයං මගේ කඩෙන් එළියට. ආයෙත් මෙහෙ හතර මායිමටවත් එන්න එපා.’ මුදලාලි සැර දැම්මේය. මම කඩෙන් පදික වේදිකාවට වැටුණෙමි. මෙම රස්සාවට මා පංගාර්තු කළ වැඩිහිටියා මට හමුවුණේය. මම සිදුවූ අකරතැබ්බය ගැන ඔහුට කීවෙමි. ‘ඔහේ මොකටද ගම ගැන ඇත්ත කියන්න ගියේ. තිබුණේ බොරු ගමක් ගැන කියන්නනෙ. මීට පස්සේ ගමේ නම එහෙම කියනවා නොවෙයි.’ මට උපදෙස් දුන්නේය. මම එලෙස කියූයේ ඒ මගේ ගම නිසා බව මම ඔහුට පිළිතුරු දුනිමි. ‘ඒකට කමක් නෑ. ආයෙ ගම ගැන කියන්න එපා.’ඔහු තදින් පැවසුවේය.

බෝතලයක දමා ටොෆි, ලොසින්ජර විකුණන කොල්ලෙකු බවට මා පත්වුණේ එලෙසිනි. දැන් ඉතින් ඉතිරිව ඇත්තේ මේ ටොෆි වෙළෙන්දකු වීමය. මම බස් රථ තුළට නගිමින් ඇරඹි ටොෆි වෙළෙදාමෙන් ඇපල් දොඩම් දක්වා මාරුවූයෙමි. එහෙත් එය ජීවත්වීමට තරම් වුවද දියුණු වීමට තරම් නොවේ. එය මට ඉවෙන් මෙන් දැනුණේය. ඒ ඉව මා තුළට ලබාදී තිබුණේ හතරවැනි හරස් වීදියේ පදික වේදිකාවය. ඒ බව තේරුම් යෑම මගේ ජීවිතයේ තවත් එක් හැරවුමකි.

4 හැරවුම

බොහෝ දුක් භජනය කර මම අවසන ගමට ගොස් යළි කොළඹ පැමිණියේ විවාහයක් සිදුකරගෙන පවුලක් පන්සලක හිමිකරුවකු ලෙසය. එහෙත් මම විවාහ කරගත් ගැහැනිය පෝෂණය කළ යුතු බව නම් ඒ සන්ධියේ මට වැටහීමක් නොවිණි. මා කොළඹ ආවේ මා හා විවාහවූ බිරියගේ මාමා කෙනෙකුගේ හෝඩුවාවකටය. එහි අවසන් නවාතැන් පොළ ගල්කිස්ස මහ හෝටලයයි. පැමිණි සැණින් මට රැකියාවක් ලැබිණි. පසුදා සේවය නවත්වා තිබුණේ නොපවසාමය.

මම දෙවැනි දිනයේ එලෙස සේවය අහිමි කළේ කුමන පදනමකින්දැයි විමසා සිටියෙමි. මගේ කළමනාකරු මා දෙස බලා ‘නුඹට ඒක දැනගන්නම අවශ්‍යද?’ යැයි ඇසුවේය. මම හිස වැනුවෙමි. ‘යමු’ ඔහු පරිපාලන ප්‍රධානියා හා හිමිකරුගේ පුත්‍රයා වෙත මා පිටත් කර හැරියේය.’ මගේ පැමිණීමෙන් විමතියට පත් ඔවුන් මා දෙස බැලුවේ අරුමැසි සිදුවීමකට පැමිණි ආගන්තුකයකු ලෙසය. මම මගේ ගැටලුව ඔවුන් හමුවේ තැබීමි. ‘දැන්ගන්නම ඕනැද?’ ඔවුහු මගෙන් විමසූහ. මම හිස සැලුවෙමි. මගේ මාමාගේ නම කියා ඔහු කවුරුන්දැයි ඔවුහු විමසීමක් කළහ. මම ඔහු මාමා යැයි කීවෙමි. මගේ එම පිළිතුරෙන් ඔවුහු දෙදෙන එකිනෙකාගේ මුහුණ බැලූහ.

‘හොඳයි දැන් ඉඳලා ආයෙත් වැඩ පටන් ගන්න පුළුවන්. හැබැයි මිනිස්සු තමන්ට මොනදේ කිව්වත් ඒවා නෑහුණු කං ඇතිව ඉන්න ඕනෑ.’ ඔවුහු කීහ.

පසුව මම සිද්ධිය කුමක්දැයි සොයා බැලීමි. මගේ මාමා කලක් ගල්කිස්ස හෝටලයේ සේවය කර එයින් අස්වී තිබුණේ සොරකමකට වරදකරුවකු වශයෙනි. මම හිමිකරුවා ඉදිරියේ සත්‍ය ප්‍රකාශ කිරීම මට රැකියාව හිමිවීමට හේතුවී තිබිණි. සත්‍ය ප්‍රකාශ කිරීම මට මගේ ජීවිතයේ යතුර හිමිකර දී තිබුණේ ඒ අයුරිනි. එය මට ජීවිත කාලය පුරාම සත්‍යගරුක වීම සඳහා හොඳ පාඩමක් කියාදී තිබුණේය. එය අදද මම මගේ ජීවිතයේදී ඉතසිතින් පිළිගනිමි.

5 හැරවුම

කුස්සියේ පෝරණුවට ගල් අඟුරු දැමීම මගේ මුල් රස්සාවය. එය කළේ තවකකු සමගය. ඔහු පැයක් කා පැය තුනක් බූරුවා ගසා ඉන්පසු ගල් අඟුරු රැගෙන එන කටයුත්ත කරයි. මට මෙය මහත් හිසරදයකි. මා එතෙක් කාලයක් ඔහේ උඩබලාගෙන සිටිය යුතුය. මම ප්‍රධාන කෝකියා හෙවත් එකල බාස් උන්නැහේ ඇමතුවෙමි. ‘බාස් උන්නැහැ මම ගල් අඟුරු තනියම ගේන්නම්. වෙන කවුරුවත් මට උදව්වට දාන්න එපා.’

‘ඔහේට පුළුවනිද?’ ඔහු ඇසුවේය. මම යළිත් හිස සැලීමි.

කුස්සියට අවශ්‍ය ගල් අඟුරු පැය බාගයකින් කුස්සියේය. බාස් උන්නැහේටත් සතුටුය. ඉන්පසු මම කුස්සියේ සෙසු කාර්යයන් සඳහා ආවතේව කළෙමි. දැන් ගැටලු ගොඩකි. මට දසතින් පීඩන එල්ලවේ. උසුළු විසුළු බස් එමටය. මම බිහිරකුසේ මගේ රාජකාරියේ නිරතවීමි. ඒ සඳහා මට පිහිටවූයේ හතරවැනි හරස් වීදියේ මගේ ජීවන විශ්ව විද්‍යාලයයි. ‘මේ ඉන්නෙ අනාගත බාස් උන්නැහේ.’ ඔවුන් මට කීවේ ඇනුම් පදයක් ලෙසය. මම කිසිවක් ගණන් නොගත්තෙමි. දරාගැනීමේ හැකියාව, ඉවසා සිටීමේ කුසලතාව මගේ ජීවිතයට එක්වූයේ මේ අයුරිනි. එය රත්ගම පැල් කොටයක වේල් ගණන් කුසගින්නේ සිට මා අත්පත් කරගත්තක් විය හැකිය. නමුත් එය මගේ ජීවිතයේ ප්රමුඛ හැරවුමක් වූයේ ගල්කිස්ස මහ හෝටලයේ කුස්සියේදීය.

6 හැරවුම

අපි ගමෙන් පලවා හරිනු ලැබීමු. එයට හේතුව මා නිවසක් ඉදිකිරීමට ගත් උත්සහයයි. එය කළේ නිවසක් කියා කිසිවක් නැති හෙයිනි. එය ඉදිකිරීමට මා උත්සහ කළේ බෙදුම් ඉඩමකය. ගම්මු අපට පහර දී එළවා ගත්හ. මම කොළඹ ආවෙමි. කොළඹින් නිවසක් සෙවීමි. අවසානයේ රුපියල් දෙදහසක ණය මුදලක් සොයාගෙන මම නිවසකට සල්ලි බැඳීමි. බිරිය රැගෙන කොළඹ එන්නට සූදානම් වද්දී මා සල්ලි ගෙවා ඇත්තේ බේබද්දෙකුටය. ඔහු මගේ සල්ලිත්, නිවාස සිහිනයත් බොඳ කළේය. මම අසරණ වීමි. එහෙත් ළිං පතුලට වැටුණු මිනිසා යළි පැමිණිය යුත්තේ ළිං කටෙන් නොවේද යන්න මගේ විශ්වාසයය. ළිං පතුලෙන් වෙනත් මං සොයා ගත හැකිය. මම නව මං සොයා ණය මුදලින් ගැලවී රැකියාවේ තවත් තහවුරුවීමි. එය මා ජීවිතයේ විශ්වාස කරන තවත් න්‍යායකි. එකී හැරවුම මට කියා දුන්නේ මගෙන් මුදල් සොරාගත් දෙහිවල චණ්ඩියකු වූ මේ මිනිසාය.

7 හැරවුම

මට ආයතනයෙන්ම ණය මුදලකට ගෙයක් සොයාදුන්නේය. මම එහි පදිංචියට ආවෙමි. දැන් මගේ සේවා කටයුතු වලට එය පහසුය. දරු පවුල ඇත්තේ ද දැන් ඒ නිවසේය. මම තවත් වෙහෙසවී වැඩ කරන්නට පටන් ගත්තෙමි. මගේ සේවා කාලය සතියේ දින හත පුරාම විහිදුණේය. එක දවසක් හෝ නිවාඩු ගන්නට ඉහෙන් බහින ලෙඩක් මට හැදුණෙත් නැත. දෙයියනේ කියා මගේ බිරිය ගෙදර බලාගත්තාය. මම මගේ රැකියාව බලා ගතිමි. මෙය සිදුකළේ කෙසේදැයි ඇතැමුන් මගෙන් විමසද්දී මට කිවිය හැක්කේ ගමෙන් පලවා හැරි, ඉන්නට තැනක් නැති, මහා අසරණ භාවයක වෙලී ජීවිතය ඇරඹූ මට මේ අධිෂ්ඨානය මහා ධෛර්යයක් වූ බවය. මම ඒ සඳහා කළේ තවතවත් වෙහෙස වීමය. මම රැකියාව වෙනුවෙන් කාලය වෙන් කළේ ඒ ආකාරයෙනි. ඕනෑම යෞවනයකුට එසේත් නැතහොත් මිනිසකුට මා කියන්නේ බොල් අහසට බැණ නොවදිමින් තමන්ගේ යුතුකම් සමාජයට ඉටුකරන ලෙසය. එමගින් කිසිදු ගැටලුවක් නිර්මාණය වන්නේ නැත. හිමිවන්නේ සාර්ථකත්වය. දිනන්නේ තමන්ගේ මතයය. එය හැරවුමක් වූ ප්‍රධාන කාරණයකි.

8 හැරවුම

තමන් සේවය කරන ආයතනය දෙවැනි බිරිය බවට පත්කරගැනීම එහි සේවය කරන්නවුන් අමතක නොකළ යුතුය. මම එසේ මගේ ආයතනය මගේ දෙවැනි බිරිය කරගත්තෙමි. මෙහි හිමිකම ඇත්තේ හිමිකරුවන්ට නොවේ.

එහි සේවය කරන සේවකයන්ටය. මේ ආයතනය මගේය. මම එම මතයේ පිහිටියෙමි. අදත් එහිම පිහිටා සිටිමි. මට විවිධ ආයතනවලින් ආරාධනා ලැබිණි. ඉහළ වැටුප්, වරප්‍රසාද මට ලබාදෙන බව පොරොන්දු විය. එහෙත් මම ඒ ගැන සැලකුවේ නැත. මම අඩු වැටුපක් ලැබුණද එකම සේවාස්ථානයේ රැඳී සිටියෙමි. අද මම 83 වියැති මහල්ලෙකි. වයස සම්බන්ධයෙන් සලකන කල එය එසේය. එහෙත් මම ගතින් තරුණයෙක්මි. සිතින් යෞවනයෙකි. තවමත් විශ්‍රාම නොගෙන ගල්කිස්ස මහ හෝටලයේ සේවය කරන්නෙක්මි.

එවැනි තත්ත්වයක් මගේ ජීවිතයට උදා වූයේ අන්කිසිවක් නිසා නොව ගහින් ගහට මාරු නොවී තනි ගසක් අල්ලාගෙන එම ගසේ ප්‍රවර්ධනය උදෙසා අවංකව කැපවීම හේතුවෙනි. එහෙයින් මගේ ජීවිතයේ තවත් ප්‍රබල හැරවුමක් ලෙස මෙම නොවෙනස්වීම දැක්විය හැකිය.

9 හැරවුම

මම ශ්‍රී ලංකා ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් ලෝකයට කියාදෙමි. දැන් මා කියාදුන් බොහෝදේ රට තුළත් ඉන් පිටතත් හොඳ පිළිගැනීමක් ලබා තිබේ. ලෝකයේ හොඳම සූපවේදය ඇත්තේ ජපානයේය. ඒ ජපන්නු මගෙන් වාර්ෂිකව මෙම ආහාර සංස්කෘතිය ගැන ඉගෙනීමට මෙරටට එති. එමෙන්ම මම ලෝකයේ රටවල් 30ක සංචාරය කර ඇත්තෙමි. ඒ රටවල් තිහ තුළ දහස් වාරයක් මා ගමන් ගන්නට ඇත. මා මේ සියල්ල හිමිකරගත්තේ නිරන්තරයෙන් ගවේෂණශීලී වීමේ ප්‍රතිඵලයක් ලෙසය. කාලයේ වැලිතලාවට යටවූ අපූරු ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එයද මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයකි.

10 හැරවුම

මුල අමතක නොකිරීමත්, ඇරඹුම සදා මතකයේ තබාගැනීමත් එය අන් අයට ආදර්ශයක් කරගැනීමට ඔවුන් හා බෙදා හදා ගැනීමත් මගේ ජීවිතයේ තවත් හැරවුමකි. එය සිදුකිරීමට මට හැකියාව ලැබී ඇත්තේ මගේ පෞරුෂය මගින් බව මම විශ්වාස කරමි. එය වගා කරගත හැක්කේ සිදුවිම් වලට මුහුණදෙන ආකාරයෙනි. ළඟ නොබැලීම, දුර බැලීම, වෛර නොකිරීම, සමාජයට ආදරය කිරීම, මම ජීවත්වන සමාජය විශ්වාස කිරීම, හදවතින් සිනාසීම මගේ ජීවිතයට විශාල හැරවුම් ඇති කළේය. මම අදත් නොසෙල්වී සිටිමි. මම හෙටත් නොසෙල්වී අරමුණ වෙත පිය නගමි. මම මගේ දෑත් විහිදාගෙන සිටින්නෙමි. මම ගන්නේ රුපියන් ලක්ෂයක වැටුපක් පමණි. ඉන් ගෙදරට රැගෙන යන්නේ රුපියල් විසිපන් දහසකි. අනෙක් මුදල් සියල්ල මම සමාජය තුළ විසුරුවා හරිමි. මා එන විට කිසිවක් රැගෙන ආවේ නැත. මා යන දිනක කිසිවක් රැගෙන යන්නේද නැත. මුහුද කියා දෙන පාඩම සේ මම ජිවිතය ගැන කියවමි. ඒ අනුව ජීවත් වෙමි. ඔබටත් ඒ අනුව වැඩකටයුතු කළ හැක්කේ නම් ශ්‍රී ලංකාව බොහෝ වෙනස් කරගන්නට හැකියාව ලැබෙනු ඇති බව මම අදහමි.

නිගමනය - අප්‍රතිහත ධෛර්යය, දැඩි අධිෂ්ඨානය, නව මංමාවත් සොයායෑම හා සැමවිටම සමාජයට ආදරය කරමින් දුර බලා ළඟ නොබැලීම මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ජීවිතයේ මගය. එය දුක්මුසුය. වේදනාබරය. එහෙත් අවසන් වශයෙන් යසසින් සජ්ජිතය. අනුදත් හැරවුම් මං ලකුණු සහිත ජීවිතයක්ය. එනයින් බලන කල්හි මැඳුර තැනීමේ වගකීම ඔබ සතුය. එහි වර්ගප්රමාණයේ තීරකයා ඔබමය.

කසුන් ඉරුගල්බණ්ඩාර

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

Silumina විවර

[QUOTE="SinhaRuba, post: 22772906, member: 401258"] [b]ලොවටම උයන ජාතියේ කෑම රජ්ජුරුවෝ - දේශබන්ධු &#[/b] [SIZE=6]ලොවටම උයන ජාතියේ කෑම රජ්ජුරුවෝ[/SIZE][SIZE=6] [/SIZE] [SIZE=6] දේශබන්ධු ආචාර්ය පබ්ලිස් සිල්වා[/SIZE] [IMG]http://dinamina.lk/sites/default/files/news/2017/04/11/dsc_0220_219096_11042017_FID.jpg[/IMG] [SIZE=4] අපි ගමෙන් පලවා හරිනු ලැබීමු. එයට හේතුව මා නිෙවසක් ඉදිකිරීමට ගත් උත්සාහයයි. එය කළේ නිෙවසක් කියා කිසිවක් නැති හෙයිනි. එය ඉදිකිරීමට මා උත්සාහ කළේ බෙදුම් ඉඩමකය. ගම්මු අපට පහර දී එළවා ගත්හ. මම කොළඹ ආවෙමි. කොළඹින් නිෙවසක් සෙවීමි. අවසානයේ රුපියල් දෙදහසක ණය මුදලක් සොයාගෙන මම නිවෙසකට සල්ලි බැඳීමි. බිරිය රැගෙන කොළඹ එන්නට සූදානම් වද්දී මා සල්ලි ගෙවා ඇත්තේ බේබද්දෙකුටය. ඔහු මගේ සල්ලිත්, නිවාස සිහිනයත් බොඳ කළේය. මම අසරණ වීමි. එහෙත් ළිං පතුලට වැටුණු මිනිසා යළි පැමිණිය යුත්තේ ළිං කටෙන් නොවේද යන්න මගේ විශ්වාසයය.හැරවුම යනු පැවරුමකි. මාධ්‍ය සතු සමාජ වගවීම ප්‍රකාශය කරන්නකි. මහ ගෙදරින් ඇරැඹි ජාතියේ හැරවුමකි. එය සමාජ ප්රගමනය වෙනුවෙන් අනුපමේය දායකත්වයකි. රටක සමාජය දිනවන තිරසර අත්තිවාරමකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1 හැරවුම[/SIZE] [SIZE=4] මම උපන්නේ රත්ගමය. රත්ගම අන්ත දුගී පවුලකය. එය කොතරම් දුගීද යත් අපට ඉන්නට කියා ගෙයක් වැටී සිටිය හැකි ඉඩමක් පවා තිබුණේ නැත. මා දන්නා මගේ පවුලේ පස්දෙනෙකි. අම්මා, තාත්තා, සහෝදරයෝ දෙනෙක් හා සහෝදරියෝ දෙදෙනෙකු මට සිටියහ. ඒ අතරින් දැනුදු මගේ වැඩිමහල් සොහොයුරිය හා බාල සොහොයුරිය ජීවතුන් අතර සිටිති. අප සැවොම ජීවත්වුණේ අඩි දහයයි දහයක් පමණ විශාල පොල්අතු මඩුවකය. එය පිටුපස තිබුණේ තීරයක් සේ පෙනෙන නිල් මුහුදය. අපව කිසිවෙක් ගණන් ගත්තේ නැත. දුකසේ යන්තමින් හෝ වේලක් පිරිමසා තවත් වේල් කිහිපයක් කුසගින්නේ සිටිමින් අපි ජීවිතය ගෙවා ගතිමු. එකල දෙවැනි ලෝක යුද සමය යැයි මට මතකය. අහස්යාත්රා පියඹනයුරු, පුවත්පත්වල තොරතුරු ගැන මිනිසුන් කතාබස් කරන ආකාරය අපට ඇසේ. එහෙත් අපිකිසිවකුටත් අකුරු අසීරුය. එකල මම හිච්චි කොල්ලෙකි.[/SIZE] [SIZE=4] අම්මාටත්, තාත්තාටත් හැක්කේ කණ අස්සන පමණය. මෙම දුර්භික්ෂ ජීවිතයේ කුසගිනි නිවන්නේ අම්මාගේ ගාලු ගමනෙනි. මම ද ඈ හා ඒ ගමනට එක්වූයෙමි. මා සමඟ ඈ පයින්ම ගාල්ලට යන්නීය. රථයක නැගී එම ගමන යන්නට තරම් අපට වත්කමක් නැතිවීමට එයට හේතුවය. අප එලෙස යන්නේ වෙළෙඳ පොළටයි. එහි ඇවිද වෙළෙන්දන් ඉවතට විසිකරන එළවළු එකතු කර ඒවායෙන් ප්‍රයෝජනයට ගත හැකි බොහෝ දේ වෙන්කර ගනිමු. මම ඊට අම්මාට උදව් කළෙමි. අම්මා හා මම ඒවා රැගෙන නිෙවසට නොව පැලට එන්නෙමු. ඉන්පසු අපි රැගෙන ආ සියල්ල රස මසුවුළු ලෙස උයා පිහා දින කීපයක් බුදින්නෙමු. එයත් හැමදාම සොයා ගන්නට ලැබෙන්නේ නැත. මේ දුගීභාවය මා තුළ ඇතිකළේ මහත්වූ වේදනාවකි. දුක කියාදෙයක් ජීවිතයට ඇතැයි මට දැනුණේ මෙසමයේය. මේ මහා පීඩනය ඉහළ නංවමින් අපට ගමේ මිනිසුන්ගෙන් ලැබුණේ අඩුසැලකිලිය. එය වෙනස් කරගන්නට අවශ්‍ය ශක්තිය මා වෙත රැගෙන ආවේ මෙම දුප්පත්කමත්, අසරණකමත්, සමාජ අඩුසැලකිල්ලත්ය. කෙසේ හෝ නැගිටිමියැයි කුඩා මා තුළ හැඟීම් ඡායාවක් තිබුණේයැයි මට සිතේ. ඒ මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂයේ ඡායා මාත්‍රයක් විය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2 හැරවුම[/SIZE] [SIZE=4] මම කුඩා කාලයේ මා දැල් අදින්නෙක්මි. මුදලාලිගේ කරවල කරත්ත තල්ලු කරන්නෙක්මි. කඩවල බඩු අදින්නෙක්මි. විටෙක කත්කාරයෙකි. කලක් මම ඇබිත්තියෙක්මි. පසුව වත්තල ප්‍රදේශයේ නිෙවසක සේවයට ගියෙමි. එහිදී ලැබුණේ පාසල් යෑම නොව කුස්සියේ රස්සාවය.[/SIZE] [SIZE=4] වතු සුද්ද පවිත්රකිරීම, වළං සේදීම, ගෙහිමියන්ගේ දරුවන් ක්‍රීඩාකරන ආකාරය දෙස බලාසිටීම යනාදී මෙකී නොකී වැඩ රැසක් මට එම නිවසේදී පැවරී තිබිණි. මා පාසල් යවන්නේ යැයි පොරොන්දුවපිට කොළඹ රැගෙන ආ මට එම නිවසේදී නොලැබුණු එකම සත්කාරය එකී පාසල් ගමනය. මෙම තත්ත්වය දරාගත නොහැකිවූ තැන මම නිවසට තැපැල්පතක් දැමුවෙමි. පියා පැමිණ මා නැවත පැලට රැගෙන ගියේය. යළිත් සමාජ පීඩන දැනෙන්ට වූයෙන් මම මඩකලපුවට පලායන්නට තීරණය කිරීමි. ඒ ධීවරයන් කණ්ඩායමක් සමඟය. අප ගියේ ලොරිවල නැගීය. අප හා ධීවර කටයුතුවලට යොදාගන්නා දැල් ආම්පන්නද විය. එහිදී මට තිබුණේ ඒ දැල් ආම්පන්න ආරක්ෂා කිරීම ආදියය.[/SIZE] [SIZE=4] අපි රාත්‍රියට මේ දැල් ආම්පන්න අසල නින්දට වැටුණෙමු. සුළං හෝ හඬ නගමින් සීතල සමඟ මුසුව හමා ගියේය. එහි කරදිය රසයක් තැවරී තිබිණි. මුහුද අඛණ්ඩව වෙරළේ වදිමින් හෝ හෝ ගෑවේ මගේ කනට රහස් මහ හඬින් කියන්නාක් මෙනි. කෙසේවෙතත් ඒ ජීවිතය ඉතා දුෂ්කරය. උදාසන ලැබෙන්නේ තේ කහට කෝප්පයක් පමණි. දිවා ආහාරය සඳහා බත්මඩක්කුවක් හා මාළු කැබැල්ලක් සමඟින් හොදි සුඟකි. වැටුපක් කියා කිසිදු ආදායමක් නොලැබුණෙන් දැඩි පීඩනයක් ඇතිවෙමින් තිබුණේය. මම කළේ මුදල් සොයා මෙම කණ්ඩායමේම කුස්සියේ උයන පිහන පුද්ගලයා සමඟ එක්ව පොල් කැඩීම සඳහා මඩකලපුවේ සංචාරය කිරීමය. මට නම් ගස් නගින්නට බැරිය. එය කළේ මගේ මිත්‍රයාය.[/SIZE] [SIZE=4] මට තිබුණේ පොල් කඩනවා පොල් කඩනවා එසේ නැතහොත් මා අදටත් දන්නා එකම දෙමළ වචන දෙකවන ‘තේන්ගා ඉරන්ගා’යැයි කෑගසමින් මඩකලපුවේ පාරවල් දිගේ ඇවිදීමයි. මා සමඟ මගේ මිත්‍රයාද සිටියේය. එමගින් මම කොළඹට පැමිණීමට මුදල් සොයාගත්තෙමි. කෙසේ හෝ කොළඹ ආවෙමි. එතැන් සිට ගාලු යන්නට මුදල් නැත. බස්නැවතුමට පැමිණ අපේ අම්මා හා තාත්තා අඳුනන බස් රියැදුරකු සමඟින් මම යළි රත්ගමට ගියෙමි. කොළඹ දී හමුවූ රත්ගම කොල්ලන් දුටුවෙන්ම මම යළිත් ගිය පයින් කොළඹට පලා ආවෙමි. එහිදී මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලයට මම ඇතුළත් වූයෙමි. එය මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයයි. අදටත් මා ජීවිතයට සෘජුව මුහුණදෙන්නේ මෙම ජීවන තක්සලාවේ ලැබූ අධ්‍යාපනය හේතුවෙන්යැයි කිවහැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 3 හැරවුම[/SIZE] [SIZE=4] එලෙස කොළඹ ආ මම හතර වැනි හරස්වීදියේ තේ කඩයක රස්සාවකට බැඳුනෙමි. දිනය නිම වද්දී වැටුප් මුදල් බේරීමට මුදලාලි පැමිණියේය. මම සේවයට එක්වන විට ඔහු එහි නොසිටි හෙයින් මා දුටු සැණින් ගම පිළිබඳව විමසීය. මම කට විහිදා රත්ගමයැයි කීමි.[/SIZE] [SIZE=4] ‘පලයං මගේ කඩෙන් එළියට. ආයෙත් මෙහෙ හතර මායිමටවත් එන්න එපා.’ මුදලාලි සැර දැම්මේය. මම කඩෙන් පදික වේදිකාවට වැටුණෙමි. මෙම රස්සාවට මා පංගාර්තු කළ වැඩිහිටියා මට හමුවුණේය. මම සිදුවූ අකරතැබ්බය ගැන ඔහුට කීවෙමි. ‘ඔහේ මොකටද ගම ගැන ඇත්ත කියන්න ගියේ. තිබුණේ බොරු ගමක් ගැන කියන්නනෙ. මීට පස්සේ ගමේ නම එහෙම කියනවා නොවෙයි.’ මට උපදෙස් දුන්නේය. මම එලෙස කියූයේ ඒ මගේ ගම නිසා බව මම ඔහුට පිළිතුරු දුනිමි. ‘ඒකට කමක් නෑ. ආයෙ ගම ගැන කියන්න එපා.’ඔහු තදින් පැවසුවේය.[/SIZE] [SIZE=4] බෝතලයක දමා ටොෆි, ලොසින්ජර විකුණන කොල්ලෙකු බවට මා පත්වුණේ එලෙසිනි. දැන් ඉතින් ඉතිරිව ඇත්තේ මේ ටොෆි වෙළෙන්දකු වීමය. මම බස් රථ තුළට නගිමින් ඇරඹි ටොෆි වෙළෙදාමෙන් ඇපල් දොඩම් දක්වා මාරුවූයෙමි. එහෙත් එය ජීවත්වීමට තරම් වුවද දියුණු වීමට තරම් නොවේ. එය මට ඉවෙන් මෙන් දැනුණේය. ඒ ඉව මා තුළට ලබාදී තිබුණේ හතරවැනි හරස් වීදියේ පදික වේදිකාවය. ඒ බව තේරුම් යෑම මගේ ජීවිතයේ තවත් එක් හැරවුමකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 4 හැරවුම[/SIZE] [SIZE=4] බොහෝ දුක් භජනය කර මම අවසන ගමට ගොස් යළි කොළඹ පැමිණියේ විවාහයක් සිදුකරගෙන පවුලක් පන්සලක හිමිකරුවකු ලෙසය. එහෙත් මම විවාහ කරගත් ගැහැනිය පෝෂණය කළ යුතු බව නම් ඒ සන්ධියේ මට වැටහීමක් නොවිණි. මා කොළඹ ආවේ මා හා විවාහවූ බිරියගේ මාමා කෙනෙකුගේ හෝඩුවාවකටය. එහි අවසන් නවාතැන් පොළ ගල්කිස්ස මහ හෝටලයයි. පැමිණි සැණින් මට රැකියාවක් ලැබිණි. පසුදා සේවය නවත්වා තිබුණේ නොපවසාමය.[/SIZE] [SIZE=4] මම දෙවැනි දිනයේ එලෙස සේවය අහිමි කළේ කුමන පදනමකින්දැයි විමසා සිටියෙමි. මගේ කළමනාකරු මා දෙස බලා ‘නුඹට ඒක දැනගන්නම අවශ්‍යද?’ යැයි ඇසුවේය. මම හිස වැනුවෙමි. ‘යමු’ ඔහු පරිපාලන ප්‍රධානියා හා හිමිකරුගේ පුත්‍රයා වෙත මා පිටත් කර හැරියේය.’ මගේ පැමිණීමෙන් විමතියට පත් ඔවුන් මා දෙස බැලුවේ අරුමැසි සිදුවීමකට පැමිණි ආගන්තුකයකු ලෙසය. මම මගේ ගැටලුව ඔවුන් හමුවේ තැබීමි. ‘දැන්ගන්නම ඕනැද?’ ඔවුහු මගෙන් විමසූහ. මම හිස සැලුවෙමි. මගේ මාමාගේ නම කියා ඔහු කවුරුන්දැයි ඔවුහු විමසීමක් කළහ. මම ඔහු මාමා යැයි කීවෙමි. මගේ එම පිළිතුරෙන් ඔවුහු දෙදෙන එකිනෙකාගේ මුහුණ බැලූහ.[/SIZE] [SIZE=4] ‘හොඳයි දැන් ඉඳලා ආයෙත් වැඩ පටන් ගන්න පුළුවන්. හැබැයි මිනිස්සු තමන්ට මොනදේ කිව්වත් ඒවා නෑහුණු කං ඇතිව ඉන්න ඕනෑ.’ ඔවුහු කීහ.[/SIZE] [SIZE=4] පසුව මම සිද්ධිය කුමක්දැයි සොයා බැලීමි. මගේ මාමා කලක් ගල්කිස්ස හෝටලයේ සේවය කර එයින් අස්වී තිබුණේ සොරකමකට වරදකරුවකු වශයෙනි. මම හිමිකරුවා ඉදිරියේ සත්‍ය ප්‍රකාශ කිරීම මට රැකියාව හිමිවීමට හේතුවී තිබිණි. සත්‍ය ප්‍රකාශ කිරීම මට මගේ ජීවිතයේ යතුර හිමිකර දී තිබුණේ ඒ අයුරිනි. එය මට ජීවිත කාලය පුරාම සත්‍යගරුක වීම සඳහා හොඳ පාඩමක් කියාදී තිබුණේය. එය අදද මම මගේ ජීවිතයේදී ඉතසිතින් පිළිගනිමි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 5 හැරවුම[/SIZE] [SIZE=4] කුස්සියේ පෝරණුවට ගල් අඟුරු දැමීම මගේ මුල් රස්සාවය. එය කළේ තවකකු සමගය. ඔහු පැයක් කා පැය තුනක් බූරුවා ගසා ඉන්පසු ගල් අඟුරු රැගෙන එන කටයුත්ත කරයි. මට මෙය මහත් හිසරදයකි. මා එතෙක් කාලයක් ඔහේ උඩබලාගෙන සිටිය යුතුය. මම ප්‍රධාන කෝකියා හෙවත් එකල බාස් උන්නැහේ ඇමතුවෙමි. ‘බාස් උන්නැහැ මම ගල් අඟුරු තනියම ගේන්නම්. වෙන කවුරුවත් මට උදව්වට දාන්න එපා.’[/SIZE] [SIZE=4] ‘ඔහේට පුළුවනිද?’ ඔහු ඇසුවේය. මම යළිත් හිස සැලීමි.[/SIZE] [SIZE=4] කුස්සියට අවශ්‍ය ගල් අඟුරු පැය බාගයකින් කුස්සියේය. බාස් උන්නැහේටත් සතුටුය. ඉන්පසු මම කුස්සියේ සෙසු කාර්යයන් සඳහා ආවතේව කළෙමි. දැන් ගැටලු ගොඩකි. මට දසතින් පීඩන එල්ලවේ. උසුළු විසුළු බස් එමටය. මම බිහිරකුසේ මගේ රාජකාරියේ නිරතවීමි. ඒ සඳහා මට පිහිටවූයේ හතරවැනි හරස් වීදියේ මගේ ජීවන විශ්ව විද්‍යාලයයි. ‘මේ ඉන්නෙ අනාගත බාස් උන්නැහේ.’ ඔවුන් මට කීවේ ඇනුම් පදයක් ලෙසය. මම කිසිවක් ගණන් නොගත්තෙමි. දරාගැනීමේ හැකියාව, ඉවසා සිටීමේ කුසලතාව මගේ ජීවිතයට එක්වූයේ මේ අයුරිනි. එය රත්ගම පැල් කොටයක වේල් ගණන් කුසගින්නේ සිට මා අත්පත් කරගත්තක් විය හැකිය. නමුත් එය මගේ ජීවිතයේ ප්රමුඛ හැරවුමක් වූයේ ගල්කිස්ස මහ හෝටලයේ කුස්සියේදීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 6 හැරවුම[/SIZE] [SIZE=4] අපි ගමෙන් පලවා හරිනු ලැබීමු. එයට හේතුව මා නිවසක් ඉදිකිරීමට ගත් උත්සහයයි. එය කළේ නිවසක් කියා කිසිවක් නැති හෙයිනි. එය ඉදිකිරීමට මා උත්සහ කළේ බෙදුම් ඉඩමකය. ගම්මු අපට පහර දී එළවා ගත්හ. මම කොළඹ ආවෙමි. කොළඹින් නිවසක් සෙවීමි. අවසානයේ රුපියල් දෙදහසක ණය මුදලක් සොයාගෙන මම නිවසකට සල්ලි බැඳීමි. බිරිය රැගෙන කොළඹ එන්නට සූදානම් වද්දී මා සල්ලි ගෙවා ඇත්තේ බේබද්දෙකුටය. ඔහු මගේ සල්ලිත්, නිවාස සිහිනයත් බොඳ කළේය. මම අසරණ වීමි. එහෙත් ළිං පතුලට වැටුණු මිනිසා යළි පැමිණිය යුත්තේ ළිං කටෙන් නොවේද යන්න මගේ විශ්වාසයය. ළිං පතුලෙන් වෙනත් මං සොයා ගත හැකිය. මම නව මං සොයා ණය මුදලින් ගැලවී රැකියාවේ තවත් තහවුරුවීමි. එය මා ජීවිතයේ විශ්වාස කරන තවත් න්‍යායකි. එකී හැරවුම මට කියා දුන්නේ මගෙන් මුදල් සොරාගත් දෙහිවල චණ්ඩියකු වූ මේ මිනිසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 7 හැරවුම[/SIZE] [SIZE=4] මට ආයතනයෙන්ම ණය මුදලකට ගෙයක් සොයාදුන්නේය. මම එහි පදිංචියට ආවෙමි. දැන් මගේ සේවා කටයුතු වලට එය පහසුය. දරු පවුල ඇත්තේ ද දැන් ඒ නිවසේය. මම තවත් වෙහෙසවී වැඩ කරන්නට පටන් ගත්තෙමි. මගේ සේවා කාලය සතියේ දින හත පුරාම විහිදුණේය. එක දවසක් හෝ නිවාඩු ගන්නට ඉහෙන් බහින ලෙඩක් මට හැදුණෙත් නැත. දෙයියනේ කියා මගේ බිරිය ගෙදර බලාගත්තාය. මම මගේ රැකියාව බලා ගතිමි. මෙය සිදුකළේ කෙසේදැයි ඇතැමුන් මගෙන් විමසද්දී මට කිවිය හැක්කේ ගමෙන් පලවා හැරි, ඉන්නට තැනක් නැති, මහා අසරණ භාවයක වෙලී ජීවිතය ඇරඹූ මට මේ අධිෂ්ඨානය මහා ධෛර්යයක් වූ බවය. මම ඒ සඳහා කළේ තවතවත් වෙහෙස වීමය. මම රැකියාව වෙනුවෙන් කාලය වෙන් කළේ ඒ ආකාරයෙනි. ඕනෑම යෞවනයකුට එසේත් නැතහොත් මිනිසකුට මා කියන්නේ බොල් අහසට බැණ නොවදිමින් තමන්ගේ යුතුකම් සමාජයට ඉටුකරන ලෙසය. එමගින් කිසිදු ගැටලුවක් නිර්මාණය වන්නේ නැත. හිමිවන්නේ සාර්ථකත්වය. දිනන්නේ තමන්ගේ මතයය. එය හැරවුමක් වූ ප්‍රධාන කාරණයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 8 හැරවුම[/SIZE] [SIZE=4] තමන් සේවය කරන ආයතනය දෙවැනි බිරිය බවට පත්කරගැනීම එහි සේවය කරන්නවුන් අමතක නොකළ යුතුය. මම එසේ මගේ ආයතනය මගේ දෙවැනි බිරිය කරගත්තෙමි. මෙහි හිමිකම ඇත්තේ හිමිකරුවන්ට නොවේ.[/SIZE] [SIZE=4] එහි සේවය කරන සේවකයන්ටය. මේ ආයතනය මගේය. මම එම මතයේ පිහිටියෙමි. අදත් එහිම පිහිටා සිටිමි. මට විවිධ ආයතනවලින් ආරාධනා ලැබිණි. ඉහළ වැටුප්, වරප්‍රසාද මට ලබාදෙන බව පොරොන්දු විය. එහෙත් මම ඒ ගැන සැලකුවේ නැත. මම අඩු වැටුපක් ලැබුණද එකම සේවාස්ථානයේ රැඳී සිටියෙමි. අද මම 83 වියැති මහල්ලෙකි. වයස සම්බන්ධයෙන් සලකන කල එය එසේය. එහෙත් මම ගතින් තරුණයෙක්මි. සිතින් යෞවනයෙකි. තවමත් විශ්‍රාම නොගෙන ගල්කිස්ස මහ හෝටලයේ සේවය කරන්නෙක්මි.[/SIZE] [SIZE=4] එවැනි තත්ත්වයක් මගේ ජීවිතයට උදා වූයේ අන්කිසිවක් නිසා නොව ගහින් ගහට මාරු නොවී තනි ගසක් අල්ලාගෙන එම ගසේ ප්‍රවර්ධනය උදෙසා අවංකව කැපවීම හේතුවෙනි. එහෙයින් මගේ ජීවිතයේ තවත් ප්‍රබල හැරවුමක් ලෙස මෙම නොවෙනස්වීම දැක්විය හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 9 හැරවුම[/SIZE] [SIZE=4] මම ශ්‍රී ලංකා ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් ලෝකයට කියාදෙමි. දැන් මා කියාදුන් බොහෝදේ රට තුළත් ඉන් පිටතත් හොඳ පිළිගැනීමක් ලබා තිබේ. ලෝකයේ හොඳම සූපවේදය ඇත්තේ ජපානයේය. ඒ ජපන්නු මගෙන් වාර්ෂිකව මෙම ආහාර සංස්කෘතිය ගැන ඉගෙනීමට මෙරටට එති. එමෙන්ම මම ලෝකයේ රටවල් 30ක සංචාරය කර ඇත්තෙමි. ඒ රටවල් තිහ තුළ දහස් වාරයක් මා ගමන් ගන්නට ඇත. මා මේ සියල්ල හිමිකරගත්තේ නිරන්තරයෙන් ගවේෂණශීලී වීමේ ප්‍රතිඵලයක් ලෙසය. කාලයේ වැලිතලාවට යටවූ අපූරු ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එයද මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 10 හැරවුම[/SIZE] [SIZE=4] මුල අමතක නොකිරීමත්, ඇරඹුම සදා මතකයේ තබාගැනීමත් එය අන් අයට ආදර්ශයක් කරගැනීමට ඔවුන් හා බෙදා හදා ගැනීමත් මගේ ජීවිතයේ තවත් හැරවුමකි. එය සිදුකිරීමට මට හැකියාව ලැබී ඇත්තේ මගේ පෞරුෂය මගින් බව මම විශ්වාස කරමි. එය වගා කරගත හැක්කේ සිදුවිම් වලට මුහුණදෙන ආකාරයෙනි. ළඟ නොබැලීම, දුර බැලීම, වෛර නොකිරීම, සමාජයට ආදරය කිරීම, මම ජීවත්වන සමාජය විශ්වාස කිරීම, හදවතින් සිනාසීම මගේ ජීවිතයට විශාල හැරවුම් ඇති කළේය. මම අදත් නොසෙල්වී සිටිමි. මම හෙටත් නොසෙල්වී අරමුණ වෙත පිය නගමි. මම මගේ දෑත් විහිදාගෙන සිටින්නෙමි. මම ගන්නේ රුපියන් ලක්ෂයක වැටුපක් පමණි. ඉන් ගෙදරට රැගෙන යන්නේ රුපියල් විසිපන් දහසකි. අනෙක් මුදල් සියල්ල මම සමාජය තුළ විසුරුවා හරිමි. මා එන විට කිසිවක් රැගෙන ආවේ නැත. මා යන දිනක කිසිවක් රැගෙන යන්නේද නැත. මුහුද කියා දෙන පාඩම සේ මම ජිවිතය ගැන කියවමි. ඒ අනුව ජීවත් වෙමි. ඔබටත් ඒ අනුව වැඩකටයුතු කළ හැක්කේ නම් ශ්‍රී ලංකාව බොහෝ වෙනස් කරගන්නට හැකියාව ලැබෙනු ඇති බව මම අදහමි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නිගමනය - අප්‍රතිහත ධෛර්යය, දැඩි අධිෂ්ඨානය, නව මංමාවත් සොයායෑම හා සැමවිටම සමාජයට ආදරය කරමින් දුර බලා ළඟ නොබැලීම මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ජීවිතයේ මගය. එය දුක්මුසුය. වේදනාබරය. එහෙත් අවසන් වශයෙන් යසසින් සජ්ජිතය. අනුදත් හැරවුම් මං ලකුණු සහිත ජීවිතයක්ය. එනයින් බලන කල්හි මැඳුර තැනීමේ වගකීම ඔබ සතුය. එහි වර්ගප්රමාණයේ තීරකයා ඔබමය. [/SIZE] කසුන් ඉරුගල්බණ්ඩාර ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු Silumina විවර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom