ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_6c9ef472d4.jpg



    චීනයේ පැවති 2024 ලෝක " නිවුන් " මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම , එහිදී ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංගය , එම සමුළුවේ විශිෂ්ඨතම නිර්මාණ තුන අතරට තේරී පත් වී තිබූ අතර , එම ශ්‍රී ලාංකික නිවුන් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

    චීනයේ යුනාන් ප්‍රාන්තයේ , මෝජෑන් නුවර ඉකුත් 05/01 දින සිට 05/04 දින දක්වා ලෝකයේ රටවල් 42 ක නිවුන්නු දහසකගේ පමණ සහභාගීත්වයෙන් මෙම සමුළුව පවත්වා තිබුණි .

    මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුන්නු 06 දෙනෙක් සහ කළමකාරවරයෙක් සහභාගී වූහ
    මෙම සමුළුව අතරතුර පැවති නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී , විශිෂ්ඨතම නිර්මාණ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව , චීනය සහ රුසියාව යන රටවල් ත්‍රිත්වය තේරී පත් වී තිබුණි .

    image_2b38b12c6c.jpg



     
    • Like
    Reactions: lilman