Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවම වශී කරගත් “බ්ලැක් පැන්තර්”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවම වශී කරගත් “බ්ලැක් පැන්තර්”

මාවල් විශ්වය (Marvel Universe) තුළ සිටින සුපිරි වීරයින්ගේ චිත්‍රකතා එක් යුගයක ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක චිත්‍රකතා රසිකයන්ගේ ආදරයට බඳුන් වුණා. එම චිත්‍රකතා ඇසුරින් මීට වසර කිහිපයකට පෙර පටන් චිත්‍රපට ද නිපදවුණා. එම චිත්‍රපටයන් ද ජනතාව විසින් වැළඳගනු ලැබුවේ නොමද ආදරයකින් යුතුවයි. මාවල් චිත්‍රකතා ඇසුරින් නිමැවුණු නවතම චිත්‍රපටය වන්නේ “බ්ලැක් පැන්තර්” (Black Panther) චිත්‍රපටය යි. රයන් කූග්ලර් විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් හෙවත් ට්’චලා (T’challa) නැමති රජ කුමරුගේ චරිතයට පණ පොවන්නේ චැඩ්වික් බෝස්මන් විසිනුයි. මාවල් චිත්‍රකතා විශ්වයේ පළමුවන කළු ජාතික සුපිරි වීරයා වන බ්ලැක් පැන්තර් චරිතය මුලින්ම චිත්‍රපටයක් තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආවේ 2016 දී තිරගත වුණු “කැප්ටන් ඇමරිකා – සිවිල් වෝ(ර්)” (Captain America – Civil War) චිත්‍රපටයේ අයන් මෑන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසයි. ළඟදීම තිරගත වීමට නියමිත “ඇවෙන්ජර්ස් – ඉන්ෆිනිටි වෝ(ර්)” (Avengers – Infinity War) චිත්‍රපටය තුලිනුත් ඔබට බ්ලැක් පැන්තර් චරිතය දැකගන්නට පුළුවන්.

“බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ දසුනක් (www.history.com)

ලොව පුරා ප්‍රේක්ෂක අවධානය හා නොමද ආදරය දිනා ගනිමින් මේ වන විට රටවල් ගණනාවක තිරගත වන බ්ලැක් පැන්තර් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන දෙසියයක් වැය කොට සාදන ලද චිත්‍රපටයක්. මේ වන විට ඇමරිකානු ඩොලර් හාරසිය හැට දෙකක ආදායමක් උපයාගෙන ඇති බ්ලැක් පැන්තර් චිත්‍රපටය චිත්‍රපට දර්ශකයේ 7.9ක අගයක්ද, චිත්‍රපට දර්ශකයේ 97%ක ප්‍රතිශතයක්ද හිමි කරගෙන සිටිනවා. මෙම චිත්‍රපටය තිරගත වනතුරු ප්‍රේක්ෂක ජනතාව කෙතරම් නොඉවසිලිවන්ත වූවා ද කියතොත් චිත්‍රපටය තිරගත වීමට පෙර පටන්ම එහි ටිකට්පත් සියල්ලක්ම පාහේ විකිණී තිබුණා. මෙම ලිපියෙන් roar.lk පාඨක ඔබ වෙත ගෙන එනු ලබන්නේ බ්ලැක් පැන්තර් හෙවත් වඛන්ඩා දේශයේ ඔටුන්න හිමි කුමාරයා පිළිබඳව ඔබ නොදත් කතාවයි.

බ්ලැක් පැන්තර්ගේ ආගමනය

මාවල් චිත්‍රකතා වල බ්ලැක් පැන්තර් චරිතය මුලින්ම දිස්වූයේ 1966 වසරේදීයි. ඒ, “ෆැන්ටෑස්ටික් ෆෝ(ර්)” (Fantastic Four) චිත්‍රකතා පෙල තුළයි. ඉන් දෙවසරකට පසුව, එනම් 1968 වසරේ දී, බ්ලැක් පැන්තර් චරිතය මාවල් විශ්වයේ “ඇවෙන්ජර්ස්” සුපිරි වීරයින්ගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් නම් කරන ලද අතර, ඇවෙන්ජර්ස් කණ්ඩායමේ චිත්‍රකතා පොත් වල බ්ලැක් පැන්තර්ව දැකගන්නට රසික රසිකාවියන්ට හැකි වුණා. නමුත් බ්ලැක් පැන්තර් වෙනුවෙන්ම වෙන් කරන ලද චිත්රකතාවක් කරළියට පැමිණුනේ 1977 වසරේදී යි.

වඛන්ඩාවේ කුමරා

මාවල් විශ්වයේ චරිත පිළිබඳව හඳුනන බොහෝ රසික රසිකාවියන් සිතා සිටින්නේ ඇවෙන්ජර්ස් කණ්ඩායමේ ධනවත්ම සාමාජිකයා වන්නේ ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් බවයි. නමුත් බ්ලැක් පැන්තර් චරිතයේ සම-නිර්මාතෘවරයකු වන ජැක් කර්බි පවසන්නේ ඇවෙන්ජර්ස් කණ්ඩායමේ ධනවත්ම සාමාජිකයා වන්නේ බ්ලැක් පැන්තර් බවයි. මීට හේතුව බ්ලැක් පැන්තර් හෙවත් ට්’චලා යනු වඛන්ඩා නැමති අප්‍රිකානු දේශයේ ඔටුන්න හිමි කුමරා වීමයි. වඛන්ඩා දේශය යනු මෙතෙක් කිසිදු අධිරාජ්‍යයක බලපෑම් වලට යටත් වී නැති, කිසිදු බලවත් රාජ්‍යයක යටත් විජිතයක් වී නොමැති, ස්වාධීන, සහ අනෙක් රාජ්‍යයන්ගෙන් වෙන්ව පවතින අප්‍රිකානු දේශයක්. විවිධ අධිරාජ්‍යවාදීන් විසින් විටින් විට අත්පත් කරගන්නට තැත් කළ ද යටත් කරගත නොහැකි වුණු එකම අප්‍රිකානු දේශය වන්නේ ද වඛන්ඩා දේශය යි. වඛන්ඩා දේශයේ අනෙක් විශේෂත්වය වන්නේ එය තාක්ෂණික වශයෙන් අතිශය දියුණු රාජ්‍යයක් වීමයි. වඛන්ඩා දේශයේ රජු වන ට්’චකා රජුගෙන් පසුව එහි පාලනය අත්පත් කරගනුයේ ට්’චලා විසිනුයි.

“බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන නළු චැඩ්වික් බෝස්මන් (theedgesusu.co.uk)

කිසිදු රටක් විසින් තම රටේ ඇති ස්වභාවික සම්පත් සූරා නොකන ලද නිසාම තමන් සතු ස්වභාවික සම්පත් සහ තාක්ෂණික දැනුම මගින් තම රට සෞභාග්‍යමත් කරගන්නා වඛන්ඩා වැසියන්, මෙලොව සිටින තාක්ෂණික වශයෙන් වඩාත්ම දියුණු දේශය බවට පත්ව තිබෙනවා. වඛන්ඩා වැසියන් සතු වටිනාම මූලද්‍රව්‍ය වන්නේ “වයිබ්‍රේනියම්” (Vibranium) නැමති මූලද්‍රව්‍යයයි (ඔබ ඉතා උද්යෝගී මාවල් රසිකයකු නම් වයිබ්‍රේනියම් නැමති වචනය කියූ සැනින්ම ඔබට යමක් මතක් වේවි. කැප්ටන් ඇමරිකා හට හිමි සුපිරි පළිහ සාදා ඇත්තේ වයිබ්‍රේනියම් යොදාගනිමිනුයි). ඇවෙන්ජර්ස් කණ්ඩායම ඇතුළු, මාවල් විශ්වයේ අනෙකුත් චරිත සමග බ්ලැක් පැන්තර්ගේ මවුබිම සම්බන්ධ වන ආකාරය ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන්ම මනාව වටහාගන්නට හැකි වේවි.

සුපිරි බලය

අතිශයින්ම නිරවද්‍ය සංවේදනයන් හිමි බ්ලැක් පැන්තර් සුපිරි වේගයකට ද හිමිකම් කියනවා. එමෙන්ම ඔහු අතිශයින්ම ශක්තිමත් ජවසම්පන්න සුපිරි වීරයෙක්. ට්’චලාට මෙම සුපිරි බලයන් ලැබෙන්නේ ඔහුගේ දක්ෂතාවය, දේවමය බලයක්, සහ ආයුර්වේදීය බලයක් සහිත පැළෑටියක එකතුවක් මගිනුයි. මෙම සුපිරි බලයන් ඔහුට ලැබීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට නම් චිත්‍රපටය නැරඹීම තරම් හොඳ ක්‍රමයක් වෙන නොමැති තරම්. චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මෙතැනින්:

“කළු” සුපිරි වීරයකුගේ අවශ්‍යතාවය

1990 වසරේ පෙබරවාරි මස පළ කෙරුණු “The comics Journal” නැමති චිත්‍රකතා පිළිබඳ සඟරාව විසින් බ්ලැක් පැන්තර් චරිතයේ සම-නිර්මාතෘ ජැක් කර්බි සමග සිදු කරන ලද සාකච්ඡාවක දී ඔහු පවසා සිටියේ, සැබවින්ම මාවල් චිත්රකථා තුල කළු ජාතික සුපිරි වීරයකු වෙනුවෙන් ඉඩක් වෙන්වී නොමැති බැවින් තමා එවැනි චරිතයක් නිර්මාණය කිරීමට පෙළඹුණු බවයි. “මගේ චිත්‍රකතා කළු ජාතික රසිකයින් විශාල ප්‍රමාණයක් විසින් කියවනු ලබනවා. එපමණක් නොවෙයි, මගේ ජීවිතයේ මට මුණගැසුණු පළමු යාළුවාත් කළු ජාතිකයෙක්! ඒත් මම ඉතා දිගු කාලයක් තිස්සේ ඔවුන්ව ගණනකට නොගෙන සිටිමින් වෙනත් අයවලුන් පමණක් ඇසුරු කළා සේ මට දැනුණා..” යනුවෙන් ඔහු එම සඟරාවට ප්‍රකාශ කොට තිබුණා. 1966 වසරේදී මාවල් විශ්වයට කළු ජාතික සුපිරි වීරයෙක් එක් වූයේ ඒ ආකාරයෙනුයි.

“බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ දසුනක් (vanityfair.com)

බ්ලැක් පැන්තර්ගේ සමාජයීය කර්තව්‍යය

1966 වසර යනු ඇමරිකාව තුළ වර්ණභේදවාදයට එරෙහිව හඬක් නැගුණු සමයක්. කළු ජාතික ඇමරිකානුවන් දෙවන ගණයේ පුරවැසියන් (Second class citizens) ලෙස සැළකීමට එරෙහිව උද්ඝෝෂණයන්, සහ විවිධ ප්‍රතිපත්තිමය වෙනස්කිරීම් සිදු කරන ලෙස රජයට බල කිරීම් සිදු කෙරෙමින් තිබූ මේ සමයේ චිත්‍රකතා වලට කළු සුපිරි වීරයකු එක් කිරීම මගින් විශාල සමාජයීය සහ දේශපාලනමය පරිවර්තනයක් සිදු කෙරුණු බව “Super Black: American Pop Culture and Black Superheroes” නැමති කෘතියේ කර්තෘ අඩිලිෆු නාමා ප්‍රකාශ කරනවා. ජාතිවාදය බිඳ හෙලමින්, කළු ජාතිකයින් හට වෙනස් කොට සැළකීම තුරන් කිරීම පිණිස තරුණ පරපුරේ අදහස් යොමු කිරීම සඳහා එය එකල මහත් පිටිවහලක් වී තිබෙනවා. එපමණක් ද නොවෙයි, අධිරාජ්‍යවාදයෙන් සහ ජාතිවාදයෙන් කෙළෙසී නැති කළු ජාතිකයින්ගේ රාජ්‍යයක් කෙබඳු වනු ඇත්ද යන පණිවිඩය මුළු ලොවටම බෙදා දීමට වඛන්ඩා නැමති මනඃකල්පිත දේශය සමත් වන බවයි අඩිලිෆු නාමා ප්‍රකාශ කරන්නේ. වඛන්ඩා දේශය බොහෝ දුරට ඉතියෝපියාවට සමාන බවට ද මතයක් පැවතෙනවා. එපමණක් නොවෙයි, තවමත් අළු යට ගිනි මෙන් පවතින ඇමරිකාවේ වර්ණභේදවාදී අදහස් වලට පිළිතුරක් ලෙස නවතම බ්ලැක් පැන්තර් චිත්‍රපටය යොදාගත හැකි බවටත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

[QUOTE="Idias, post: 23476897, member: 556682"] [b]ලොවම වශී කරගත් “බ්ලැක් පැන්තර්”[/b] [SIZE=4]මාවල් විශ්වය (Marvel Universe) තුළ සිටින සුපිරි වීරයින්ගේ චිත්‍රකතා එක් යුගයක ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක චිත්‍රකතා රසිකයන්ගේ ආදරයට බඳුන් වුණා. එම චිත්‍රකතා ඇසුරින් මීට වසර කිහිපයකට පෙර පටන් චිත්‍රපට ද නිපදවුණා. එම චිත්‍රපටයන් ද ජනතාව විසින් වැළඳගනු ලැබුවේ නොමද ආදරයකින් යුතුවයි. මාවල් චිත්‍රකතා ඇසුරින් නිමැවුණු නවතම චිත්‍රපටය වන්නේ “බ්ලැක් පැන්තර්” (Black Panther) චිත්‍රපටය යි. රයන් කූග්ලර් විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් හෙවත් ට්’චලා (T’challa) නැමති රජ කුමරුගේ චරිතයට පණ පොවන්නේ චැඩ්වික් බෝස්මන් විසිනුයි. මාවල් චිත්‍රකතා විශ්වයේ පළමුවන කළු ජාතික සුපිරි වීරයා වන බ්ලැක් පැන්තර් චරිතය මුලින්ම චිත්‍රපටයක් තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආවේ 2016 දී තිරගත වුණු “කැප්ටන් ඇමරිකා – සිවිල් වෝ(ර්)” (Captain America – Civil War) චිත්‍රපටයේ අයන් මෑන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසයි. ළඟදීම තිරගත වීමට නියමිත “ඇවෙන්ජර්ස් – ඉන්ෆිනිටි වෝ(ර්)” (Avengers – Infinity War) චිත්‍රපටය තුලිනුත් ඔබට බ්ලැක් පැන්තර් චරිතය දැකගන්නට පුළුවන්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-111-680x296.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]“බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ දසුනක් ([url]www.history.com[/url])[/SIZE] [SIZE=4]ලොව පුරා ප්‍රේක්ෂක අවධානය හා නොමද ආදරය දිනා ගනිමින් මේ වන විට රටවල් ගණනාවක තිරගත වන බ්ලැක් පැන්තර් චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන දෙසියයක් වැය කොට සාදන ලද චිත්‍රපටයක්. මේ වන විට ඇමරිකානු ඩොලර් හාරසිය හැට දෙකක ආදායමක් උපයාගෙන ඇති බ්ලැක් පැන්තර් චිත්‍රපටය චිත්‍රපට දර්ශකයේ 7.9ක අගයක්ද, චිත්‍රපට දර්ශකයේ 97%ක ප්‍රතිශතයක්ද හිමි කරගෙන සිටිනවා. මෙම චිත්‍රපටය තිරගත වනතුරු ප්‍රේක්ෂක ජනතාව කෙතරම් නොඉවසිලිවන්ත වූවා ද කියතොත් චිත්‍රපටය තිරගත වීමට පෙර පටන්ම එහි ටිකට්පත් සියල්ලක්ම පාහේ විකිණී තිබුණා. මෙම ලිපියෙන් roar.lk පාඨක ඔබ වෙත ගෙන එනු ලබන්නේ බ්ලැක් පැන්තර් හෙවත් වඛන්ඩා දේශයේ ඔටුන්න හිමි කුමාරයා පිළිබඳව ඔබ නොදත් කතාවයි.[/SIZE] [B][SIZE=4][B]බ්ලැක් පැන්තර්ගේ ආගමනය[/B][/SIZE][/B] [SIZE=4]මාවල් චිත්‍රකතා වල බ්ලැක් පැන්තර් චරිතය මුලින්ම දිස්වූයේ 1966 වසරේදීයි. ඒ, “ෆැන්ටෑස්ටික් ෆෝ(ර්)” (Fantastic Four) චිත්‍රකතා පෙල තුළයි. ඉන් දෙවසරකට පසුව, එනම් 1968 වසරේ දී, බ්ලැක් පැන්තර් චරිතය මාවල් විශ්වයේ “ඇවෙන්ජර්ස්” සුපිරි වීරයින්ගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් නම් කරන ලද අතර, ඇවෙන්ජර්ස් කණ්ඩායමේ චිත්‍රකතා පොත් වල බ්ලැක් පැන්තර්ව දැකගන්නට රසික රසිකාවියන්ට හැකි වුණා. නමුත් බ්ලැක් පැන්තර් වෙනුවෙන්ම වෙන් කරන ලද චිත්රකතාවක් කරළියට පැමිණුනේ 1977 වසරේදී යි.[/SIZE] [B][SIZE=4][B]වඛන්ඩාවේ කුමරා [/B][/SIZE][/B] [SIZE=4]මාවල් විශ්වයේ චරිත පිළිබඳව හඳුනන බොහෝ රසික රසිකාවියන් සිතා සිටින්නේ ඇවෙන්ජර්ස් කණ්ඩායමේ ධනවත්ම සාමාජිකයා වන්නේ ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් බවයි. නමුත් බ්ලැක් පැන්තර් චරිතයේ සම-නිර්මාතෘවරයකු වන ජැක් කර්බි පවසන්නේ ඇවෙන්ජර්ස් කණ්ඩායමේ ධනවත්ම සාමාජිකයා වන්නේ බ්ලැක් පැන්තර් බවයි. මීට හේතුව බ්ලැක් පැන්තර් හෙවත් ට්’චලා යනු වඛන්ඩා නැමති අප්‍රිකානු දේශයේ ඔටුන්න හිමි කුමරා වීමයි. වඛන්ඩා දේශය යනු මෙතෙක් කිසිදු අධිරාජ්‍යයක බලපෑම් වලට යටත් වී නැති, කිසිදු බලවත් රාජ්‍යයක යටත් විජිතයක් වී නොමැති, ස්වාධීන, සහ අනෙක් රාජ්‍යයන්ගෙන් වෙන්ව පවතින අප්‍රිකානු දේශයක්. විවිධ අධිරාජ්‍යවාදීන් විසින් විටින් විට අත්පත් කරගන්නට තැත් කළ ද යටත් කරගත නොහැකි වුණු එකම අප්‍රිකානු දේශය වන්නේ ද වඛන්ඩා දේශය යි. වඛන්ඩා දේශයේ අනෙක් විශේෂත්වය වන්නේ එය තාක්ෂණික වශයෙන් අතිශය දියුණු රාජ්‍යයක් වීමයි. වඛන්ඩා දේශයේ රජු වන ට්’චකා රජුගෙන් පසුව එහි පාලනය අත්පත් කරගනුයේ ට්’චලා විසිනුයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-211-680x359.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]“බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන නළු චැඩ්වික් බෝස්මන් (theedgesusu.co.uk)[/SIZE] [SIZE=4]කිසිදු රටක් විසින් තම රටේ ඇති ස්වභාවික සම්පත් සූරා නොකන ලද නිසාම තමන් සතු ස්වභාවික සම්පත් සහ තාක්ෂණික දැනුම මගින් තම රට සෞභාග්‍යමත් කරගන්නා වඛන්ඩා වැසියන්, මෙලොව සිටින තාක්ෂණික වශයෙන් වඩාත්ම දියුණු දේශය බවට පත්ව තිබෙනවා. වඛන්ඩා වැසියන් සතු වටිනාම මූලද්‍රව්‍ය වන්නේ “වයිබ්‍රේනියම්” (Vibranium) නැමති මූලද්‍රව්‍යයයි (ඔබ ඉතා උද්යෝගී මාවල් රසිකයකු නම් වයිබ්‍රේනියම් නැමති වචනය කියූ සැනින්ම ඔබට යමක් මතක් වේවි. කැප්ටන් ඇමරිකා හට හිමි සුපිරි පළිහ සාදා ඇත්තේ වයිබ්‍රේනියම් යොදාගනිමිනුයි). ඇවෙන්ජර්ස් කණ්ඩායම ඇතුළු, මාවල් විශ්වයේ අනෙකුත් චරිත සමග බ්ලැක් පැන්තර්ගේ මවුබිම සම්බන්ධ වන ආකාරය ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන්ම මනාව වටහාගන්නට හැකි වේවි.[/SIZE] [B][SIZE=4][B]සුපිරි බලය[/B][/SIZE][/B] [SIZE=4]අතිශයින්ම නිරවද්‍ය සංවේදනයන් හිමි බ්ලැක් පැන්තර් සුපිරි වේගයකට ද හිමිකම් කියනවා. එමෙන්ම ඔහු අතිශයින්ම ශක්තිමත් ජවසම්පන්න සුපිරි වීරයෙක්. ට්’චලාට මෙම සුපිරි බලයන් ලැබෙන්නේ ඔහුගේ දක්ෂතාවය, දේවමය බලයක්, සහ ආයුර්වේදීය බලයක් සහිත පැළෑටියක එකතුවක් මගිනුයි. මෙම සුපිරි බලයන් ඔහුට ලැබීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට නම් චිත්‍රපටය නැරඹීම තරම් හොඳ ක්‍රමයක් වෙන නොමැති තරම්. චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මෙතැනින්:[/SIZE] [B][SIZE=4][B]“කළු” සුපිරි වීරයකුගේ අවශ්‍යතාවය[/B][/SIZE][/B] [SIZE=4]1990 වසරේ පෙබරවාරි මස පළ කෙරුණු “The comics Journal” නැමති චිත්‍රකතා පිළිබඳ සඟරාව විසින් බ්ලැක් පැන්තර් චරිතයේ සම-නිර්මාතෘ ජැක් කර්බි සමග සිදු කරන ලද සාකච්ඡාවක දී ඔහු පවසා සිටියේ, සැබවින්ම මාවල් චිත්රකථා තුල කළු ජාතික සුපිරි වීරයකු වෙනුවෙන් ඉඩක් වෙන්වී නොමැති බැවින් තමා එවැනි චරිතයක් නිර්මාණය කිරීමට පෙළඹුණු බවයි. [I]“මගේ චිත්‍රකතා කළු ජාතික රසිකයින් විශාල ප්‍රමාණයක් විසින් කියවනු ලබනවා. එපමණක් නොවෙයි, මගේ ජීවිතයේ මට මුණගැසුණු පළමු යාළුවාත් කළු ජාතිකයෙක්! ඒත් මම ඉතා දිගු කාලයක් තිස්සේ ඔවුන්ව ගණනකට නොගෙන සිටිමින් වෙනත් අයවලුන් පමණක් ඇසුරු කළා සේ මට දැනුණා..”[/I] යනුවෙන් ඔහු එම සඟරාවට ප්‍රකාශ කොට තිබුණා. 1966 වසරේදී මාවල් විශ්වයට කළු ජාතික සුපිරි වීරයෙක් එක් වූයේ ඒ ආකාරයෙනුයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-310-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]“බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ දසුනක් (vanityfair.com)[/SIZE] [B][SIZE=4][B]බ්ලැක් පැන්තර්ගේ සමාජයීය කර්තව්‍යය[/B][/SIZE][/B] [SIZE=4]1966 වසර යනු ඇමරිකාව තුළ වර්ණභේදවාදයට එරෙහිව හඬක් නැගුණු සමයක්. කළු ජාතික ඇමරිකානුවන් දෙවන ගණයේ පුරවැසියන් (Second class citizens) ලෙස සැළකීමට එරෙහිව උද්ඝෝෂණයන්, සහ විවිධ ප්‍රතිපත්තිමය වෙනස්කිරීම් සිදු කරන ලෙස රජයට බල කිරීම් සිදු කෙරෙමින් තිබූ මේ සමයේ චිත්‍රකතා වලට කළු සුපිරි වීරයකු එක් කිරීම මගින් විශාල සමාජයීය සහ දේශපාලනමය පරිවර්තනයක් සිදු කෙරුණු බව “[I]Super Black: American Pop Culture and Black Superheroes[/I]” නැමති කෘතියේ කර්තෘ අඩිලිෆු නාමා ප්‍රකාශ කරනවා. ජාතිවාදය බිඳ හෙලමින්, කළු ජාතිකයින් හට වෙනස් කොට සැළකීම තුරන් කිරීම පිණිස තරුණ පරපුරේ අදහස් යොමු කිරීම සඳහා එය එකල මහත් පිටිවහලක් වී තිබෙනවා. එපමණක් ද නොවෙයි, අධිරාජ්‍යවාදයෙන් සහ ජාතිවාදයෙන් කෙළෙසී නැති කළු ජාතිකයින්ගේ රාජ්‍යයක් කෙබඳු වනු ඇත්ද යන පණිවිඩය මුළු ලොවටම බෙදා දීමට වඛන්ඩා නැමති මනඃකල්පිත දේශය සමත් වන බවයි අඩිලිෆු නාමා ප්‍රකාශ කරන්නේ. වඛන්ඩා දේශය බොහෝ දුරට ඉතියෝපියාවට සමාන බවට ද මතයක් පැවතෙනවා. එපමණක් නොවෙයි, තවමත් අළු යට ගිනි මෙන් පවතින ඇමරිකාවේ වර්ණභේදවාදී අදහස් වලට පිළිතුරක් ලෙස නවතම බ්ලැක් පැන්තර් චිත්‍රපටය යොදාගත හැකි බවටත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom