Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවීනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහාන් රාජ් මඩවල ලේඛකයාගේ අභිනව සාහිත්‍යය කෘතිය වන "ලොවීනා" තුළින් පිළිබිඹු වන්නේ ද මෙකී යථාර්ථය යි. නිල බලය, ධන බලය සහ මුදල් බලය උපයෝගි කොට ගෙන තමන් රිසි ඕනැම කාන්තාවක් තම යහනට ගන්නට එකල නොව මෙකල බලවතුන් ද පසුබට නොවන්නෝ ය. එහි දී ආදාළ කාන්තාවගේ ජාතිය, ආගම කුලය හෝ තරාතිරම නොසැලකෙන අතර ඒ සියල්ල වලංගු වන්නේ මතුපිට සමාජය ඉදිරියේ පමණි. සමාජයෙන් වහං වී තමන්ගේ සියලු ආශාවන් මුදුන්පත් කරගැනීම සඳහා මේ දුදන සුදනෝ පසුබට නොවෙති.

එවන් දුදුන සුදනන්ගේ නොපනත්කම් සහ ඔවුන්ගේ බලාධිකාරියට නතු වූ කාන්තා චරිත ත්‍රිත්වයක් වටා රචිත "ලොවීනා" සුන්දර ආදර අන්දරයකි. තමාට අහිමි වු ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වනවා වෙනුවට මතු පරපුරේ ආදරය වෙනුවෙන් සිය දිවි කැප කළ අපූරු කාන්තාවකගේ චරිතාපදානයකි. ආදරය තුළ ගැඹුරින් තැන්පත්ව තිබෙන්නා වූ ලිංගිකත්වය සහ ලිංගිකත්වය පමණක් උදෙසා ම කාන්තාවකගේ ජාතිය ආගම සහ කුලය නොසලකා හරින අවස්ථාවාදි කාමුකයන්ගේ නිරුවත විදහා පාන්නකි.

"ලොවීනා" නමින් කෘතිය නම් කොට තිබුණ ද මෙහි ප්‍රධාන චරිතය වන්නේ පුන්නා හෙවත් පුන්නීය. වසර සියයකටත් වඩා වැඩි කාලයක් ආයු වළඳා මිය පරලොව යන ඇය ආදරයේ සංඛේතය යි. පරමාදර්ශය යි. නොපසුබට උත්සාහයේ සහ පරාර්ථකාමයේ මං සලකුණයි.

යථාර්ථවාදි රීතිය මෙන් ම මායා යථාර්ථවාදී රීතිය ද අනුගමනය කරමින් රචිත "ලොවීනා" හි සැම වාක්‍යයක් ම මතුපිටින් විදහාපාන මායාමය ස්වරුපය විනිවිද දකින්නට සමත් යම් පාඨකයෙක් වේ නම් ඔහු/ඇය මෙම කෘතිය ඇසුරෙන් උකහා ගන්නා දෑ බොහෝ ප්‍රබල බව නොරහසකි. එහෙත් අවාසනාවකට මෙන් බහුතර ලාංකීය පාඨක ප්‍රජාව එකී ප්‍රබලත්වය ග්‍රහණය කර ගන්නට තරම් විදග්ධයෝ නොවෙති. එය ඔවුන්ගේ හෝ කතුවරයාගේ වරදක් ලෙස දකින්නට තරම් ලියුම්කරු මුග්ධ නොවන අතර අප අපේ පාඨකයා සාම්ප්‍රදායික, යථාර්ථවාදී රිතියෙන් ඔබ්බට කැඳවා ගෙන යන්නට යත්න දැරිය යුතු ය. මෙහි දී ලියුම්කරුට යම් ප්‍රකාශයක් කළ යුතුව ඇත. එය ඉතා බැරෑරුම් ප්‍රකාශයක් විය හැකි වුව ද එය ප්‍රකාශ කිරීමේ අයිතිය ලියුම්කරුට ඇතැයි විශ්වාස කරමි.

ගම්පෙරළියෙන්, යුගාන්තයෙන් සහ කළියුගයෙන් මෙන් ම විරාගයෙන් නෙත් සිත් ඉවතට ගන්නට නොහැකිව සිටි ලාංකේය පාඨක ප්‍රජාව ඉන් මුදවා වෙනත් ඉසව්වක් කරා යොමු කරවන්නට උත්සාහ කළ ලේඛකයන් අතර සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන්කුමාර සහ අජිත් තිලකසේන (කෙටිකතාකරුවකු ලෙස) ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය හැකි ය. මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" ඇසුරු කිරීමේ දී ඉහත කී ලේඛක පිරිස සිහියට නැඟෙන්නේ නිතැතිනි. නවගත්තේගමගේ "සංසාරන්යයේ දඩයක්කාරයා", "සංසාරන්යයේ උරුමක්කාරයා", "සංසාරන්යය අසබඩ", "සාංකාව", "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" වැනි කෘති මෙන් ම ටෙනිසන් පෙරේරාගේ "දුට්ඨ ගාමිණී නොමළ වගයි", "සක්වල දඩයම" සහ කේ. කේ සමන්කුමාරගේ "නේරංජනා ස්නානේ" අජිත් තිලකසේනගේ "සුන්නද් දූලි", "සුබ රාත්‍රියක් අහවරයි", "රාත්‍රියේ පූර්ව භාගය" යන කෘති තුළින් අප විදි යම් රසාස්වාදයක් වේද ඒ හා සමාන රසාස්වාදයක් "ලොවීනා" ඇසුරු කිරිමේ දි ලද බව නිර්ලෝභී ව ප්‍රකාශ කළ යුතු ව ඇත. මෙය අතැමකුට විශ්මය දනවන්නක් විය හැකිය. තවකෙකුට ඊර්ෂ්‍යා පරවශ බවක් ඇතිවන්නට හැකි ය. එහෙත් "ලොවිනා" ඇසුරු කිරීමෙන් ලියුම්කරු ලද ආශ්වාදය එය යි.

කතුවරයා ලොවීනාගේ කතන්දරය දිගාරින්නට ප්‍රථමයෙන් වීරපරාක්‍රමබාහු රජ පුවතත්, දස්කොන් ප්‍රමිලා පෙම් පුවතත් හරහා විදාරණය කරනු ලබන්නේ කුමක් ද....? බලවන්තයාගේ පරාක්‍රමය (පුරුෂ) සහ ප්‍රේමවන්තයන්ගේ ඛේදජනක ඉරණම යි. ලිපියේ කලින් සඳහන් කළ පරිදි ම රජුට සිතු සිතු පරිදි තමන් සිත් බැඳගත් කාන්තාවන් සිරි යහනට කැඳවා ගනිද්දි බිසවගේ සිත් බැඳි ප්‍රේමවන්තයා මුහුණ පාන ඉරණම කෙතරම් භයානක ද? නුතනයේ ද මෙම සිදුවිම මේ ආකාරයෙන් ම සිදු වු බව ලාංකේය ප්‍රජාවට රහසක් වුවත් විශ්ව ප්‍රජාවට එය රහසක් නොවේ.

දස්කොන්ගේ ක්‍රියාකලාපය ද මෙහි දී විවේචනයට ලක්විය යුතු බව සැබවි. ඔහු කෙතරම් ප්‍රමිලාට ආශක්ත වි සිටියා ද යන්න ප්‍රමිලාගේ කලවයේ පිහිටි උපන් ලපය ඇගේ රුවට සමාන බලි රුපයේ සලකුණු කිරීමෙන් ගම්‍යමාන වේ. එය නුතන ප්‍රේමවන්තයන්ට ද මහඟු ආදර්ශයක් වනු නොඅනුමාන ය.

මනුෂ්‍යයකු ලෙස උපත ලැබුව ද මනුෂ්‍යයාට හිමි සියලු වරප්‍රසාද මතු නොව එම වරප්‍රසාද වැඩි වැඩියෙන් පවා භුක්ති විඳින්නට උරුමකම් ඇත්තේ බලවන්තයාට ම පමණි. පෑගෙන, පොඩිවෙන පන්තියට එකී සැපසම්පත් ස්පර්ශ කිරිමේ වාසනා මහිමය හෝ නොමැති බව ලොවිනා ස්පර්ශ කළ ඉංග්‍රිසි සෙබළාට අත් වූ ඉරණම හුදී ජනයාට පසක් කරනු ලබයි.

ආදරය සහ ලිංගිකත්වය අතර ඇති සමගාමීත්වය මැනවින් පිළිබිඹු කරන්නට ලොවිනා සහ උතියා අතර ඇති පෙම් සබඳතාව කදිම නිදසුනකි. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයාගේ යහනේ දී හැඟීම් විරහිත ව නිද්‍රාශීලි වන ලොවිනා උතියා අබියස දඟකාර කාමලෝලිනියක සේ හැසිරෙන්නේ ආදරය හා මුසු වන ලිංගිකත්වයේ අපුර්වත්වය විදහා පාමිණි. ලිංගිකත්වය යනු තනිව විඳිමට නොහැකි, දෙපාර්ශවයේ ම සහයෝගයෙන් යුතුව විඳිය යුතු සැපතක් බව එහි අරුත යි.

පුන්නා නම් වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් ගොවිගම කුලකාන්තාව පසුකලක පුන්නී නමින් රොඩි කුලයට පිටුවහල් කරන්නේ ද ප්‍රේම කිරිමේ වරදට ලැබු දඬුවමක් ලෙසිනි. වර්තමානයේ මහත් යෙහෙන් වැජඹෙන කුලවන්තයන් පැවත එන්නේ කුමන පරම්පරාවකින් ද යන්න නිශ්චය කිරීමෙහි ලා පවතින ගැටලුව මෙහි දී වඩ වඩාත් ඉස්මතු වේ. සුනේත්‍රා රාජකරුණානායකගේ "කවිකඳුර" කෘතියේ මෙය කදිමට මතුකොට තිබූ අතර එය වර්තමානයෙන් අවසන් කොට තිබිණ. අනතුරුව සරත් විජේසූරියගේ "සුදම් සභාව" කෘතිය හරහා එය අනාගත පරපුර කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න මැනවින් පිළිබිඹු කොට තිබිණ. "ලොවීනා" කෘතියෙහි නිල, බල ඇති වරප්රසාදලාභීන් අනෙකාගේ සැපත කෙරෙහි දක්වන්නා වූ නොකැමැත්ත සහ ඊර්ෂ්‍යාව කදිමට මතුකොට දක්වයි. එමෙන් ම තමන්ට ම ජාතක වු දරුවා වුව ද බලවන්තයා ට පාවා දෙන්නට සිදුවීම කෙතරම් ඛේද ජනක ද....?

අපොන්සුවා නියෝජනය කරන්නේ මෙකී ඉරණමට මුහුණ පෑ සහ වත්මනෙහි ද එකී ඉරණමට මුහුණ පාමින් සිටින පරපුර යි. යම් පුරුෂයකුගේ කාමලෝලීත්වයට ගොදුරු වන කාන්තාවගේ මෙන් ම උපදින දරුවාගේ ද අනාගත යහපත උදෙසා කිසිඳු හවුහරණක් අතීතයේ මතු නොව වර්තමානයේ ද නොපවතින බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. අපොන්සුවා ද තම ලෙයින් ජාතක වූ දරුවා අකමැත්තෙන් වුව ද මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වෙත යොමු කරවන්නේ එහි ඵලයක් ලෙසිනි. ලොවීනා තමාගේ ම දරුවකු බව දැන සිටියේ ඇගේ මව සහ පුන්නී පමණි. එහෙත් සිය හෘද සාක්ෂියට එකඟව කෙසේ නම් සිය ලෙයින් ජාතක වු දරුවා එවැනි කාමලෝලියකුට බිලි දෙන්න ද? ඒ සියල්ල සිදුවන්නේ අපොන්සුවාගේ පැවැත්ම වෙනුවෙනි. වර්තමානයේ ද එවැනි පියවරු මතු නොව මව්වවරු ද අනන්තවත් වෙසෙති.

කාන්තාවන් බොහෝ විට සිතන්නේ බලවන්තයා තමාට සැබවින් ම ප්‍රේම කරන බවයි. එහෙයින් තමාට වඩා වයසින්, කුලයෙන්, ජාතියෙන්, බලයෙන් උසස් පුරුෂයකු ඇසුරු කිරීමේ දී තම ජීවිතයේ අනේක වූ දුක් කම්කටලු සැපතක් සේ ම බුක්ති විඳිති. එහෙත් කිසියම් නිශ්චිත මොහොතක එකී බලවන්තයා තමන්ගේ ජාතියේ, කුලයේ, ආගමේ, පරම්පරාවේ හෝ පවතින සමාජයේ ගොදුරක් බවට පත්වන බව මොහොතකට හෝ නොසිතන්නී ය. බොහෝ විට සැබෑ ආදරය පවතින්නේ ද කාන්තාව තුළ පමණි. වීරපරාක්‍රමබාහු රජු, අපොන්සුවා සහ මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරා ද සැබෑ ප්‍රේමවන්තයෝ හෝ සැබෑ ආදරවන්තයෝ නොවෙති. ඔවුහු හුදෙක් ස්ත්‍රී සිරුරෙහි පහසට ලොල් වූවෝ පමණක් ම වෙති. ලාංකිය ඉතිහාසයේ සැබෑ ප්‍රේමවන්තයකු ලෙස සාලිය කුමාරයා තැබූ සලකුණ අකා මකා දමන්නට මෙතෙක් කිසිවකු අසමත් ව ඇති බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. අතීතයේ මතු නොව වර්තමානයේ ද යථාර්ථය එයයි. ඒ සඳහා සිංහල සාහිත්‍යයෙන් ගෙනහැර දැක්විය හැකි සාක්ෂි බෝහෝ ඇතත් ලිපියට ඇති ඉඩ- කඩ සීමා සහිත බැවින් කරුණාසේන ජයලත්ගේ "ගැහැනු ළමයි" සාහිත්‍ය කෘතිය සහ ගාමිණී ෆොන්සේකාගේ "පරසතු මල්" සිනමා නිර්මාණය පමණක් සිහි කරමි.

පුන්නී, වීරපරාක්‍රමබාහු රජුගේ අණසකට යටත් වන්නේ ඔහු රජු විම නිසා ම ය. පිංචී, අපොන්සු කෙරෙහි බැඳෙන්නේ කිසිඳු බලහත්කාරයකින් තොරව වුව ද පාලක පෙළැන්තිය හා ඔහුගේ තිබු සහ-සබඳතාව එයට රුකුලක් වූයේ ය. එහෙත් ලොවීනා සැබවින් ම ආදරය කළේ උතියාට පමණි. ආණ්ඩුකාවරයාගේ යෝජනාව ඇසු පළමු දිනයේ ම ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ එහෙයිනි. එහෙත් වත්මන් පාලකයන්ට මෙන් ම එදා පාලකයන්ට ද කළ නොහැකිව තිබුණේ ගැහැණියක් පිරිමියෙක් බවට හෝ පිරිමියෙක් ගැහැණියක් බවට පත් කිරිම පමණි. එහෙයින් කෘතියේ සමස්ථය කැටිකොට ගත් විට අවසන් විග්‍රහය තුළින් ගම්‍යමාන වන්නේ පුන්නි, පිංචී, දස්කොන් - ප්‍රමිලා මතු නොව ලොවීනාගේ ද ඉරණම විසඳෙන්නේ ලිංගික වුවමනාව සහ ලිංගික ඊර්ෂ්‍යයාව මත පදනම් ව බවයි.

ජයසිරි අලවත්ත

බූන්දි වෙබ් අඩවියෙන්

Pdf 1k nam hoyaganna amarui....

[QUOTE="Dineth1990, post: 19076375, member: 504544"] [COLOR="Blue"][SIZE="4"]මොහාන් රාජ් මඩවල ලේඛකයාගේ අභිනව සාහිත්‍යය කෘතිය වන "ලොවීනා" තුළින් පිළිබිඹු වන්නේ ද මෙකී යථාර්ථය යි. නිල බලය, ධන බලය සහ මුදල් බලය උපයෝගි කොට ගෙන තමන් රිසි ඕනැම කාන්තාවක් තම යහනට ගන්නට එකල නොව මෙකල බලවතුන් ද පසුබට නොවන්නෝ ය. එහි දී ආදාළ කාන්තාවගේ ජාතිය, ආගම කුලය හෝ තරාතිරම නොසැලකෙන අතර ඒ සියල්ල වලංගු වන්නේ මතුපිට සමාජය ඉදිරියේ පමණි. සමාජයෙන් වහං වී තමන්ගේ සියලු ආශාවන් මුදුන්පත් කරගැනීම සඳහා මේ දුදන සුදනෝ පසුබට නොවෙති. එවන් දුදුන සුදනන්ගේ නොපනත්කම් සහ ඔවුන්ගේ බලාධිකාරියට නතු වූ කාන්තා චරිත ත්‍රිත්වයක් වටා රචිත "ලොවීනා" සුන්දර ආදර අන්දරයකි. තමාට අහිමි වු ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වනවා වෙනුවට මතු පරපුරේ ආදරය වෙනුවෙන් සිය දිවි කැප කළ අපූරු කාන්තාවකගේ චරිතාපදානයකි. ආදරය තුළ ගැඹුරින් තැන්පත්ව තිබෙන්නා වූ ලිංගිකත්වය සහ ලිංගිකත්වය පමණක් උදෙසා ම කාන්තාවකගේ ජාතිය ආගම සහ කුලය නොසලකා හරින අවස්ථාවාදි කාමුකයන්ගේ නිරුවත විදහා පාන්නකි. "ලොවීනා" නමින් කෘතිය නම් කොට තිබුණ ද මෙහි ප්‍රධාන චරිතය වන්නේ පුන්නා හෙවත් පුන්නීය. වසර සියයකටත් වඩා වැඩි කාලයක් ආයු වළඳා මිය පරලොව යන ඇය ආදරයේ සංඛේතය යි. පරමාදර්ශය යි. නොපසුබට උත්සාහයේ සහ පරාර්ථකාමයේ මං සලකුණයි. යථාර්ථවාදි රීතිය මෙන් ම මායා යථාර්ථවාදී රීතිය ද අනුගමනය කරමින් රචිත "ලොවීනා" හි සැම වාක්‍යයක් ම මතුපිටින් විදහාපාන මායාමය ස්වරුපය විනිවිද දකින්නට සමත් යම් පාඨකයෙක් වේ නම් ඔහු/ඇය මෙම කෘතිය ඇසුරෙන් උකහා ගන්නා දෑ බොහෝ ප්‍රබල බව නොරහසකි. එහෙත් අවාසනාවකට මෙන් බහුතර ලාංකීය පාඨක ප්‍රජාව එකී ප්‍රබලත්වය ග්‍රහණය කර ගන්නට තරම් විදග්ධයෝ නොවෙති. එය ඔවුන්ගේ හෝ කතුවරයාගේ වරදක් ලෙස දකින්නට තරම් ලියුම්කරු මුග්ධ නොවන අතර අප අපේ පාඨකයා සාම්ප්‍රදායික, යථාර්ථවාදී රිතියෙන් ඔබ්බට කැඳවා ගෙන යන්නට යත්න දැරිය යුතු ය. මෙහි දී ලියුම්කරුට යම් ප්‍රකාශයක් කළ යුතුව ඇත. එය ඉතා බැරෑරුම් ප්‍රකාශයක් විය හැකි වුව ද එය ප්‍රකාශ කිරීමේ අයිතිය ලියුම්කරුට ඇතැයි විශ්වාස කරමි. ගම්පෙරළියෙන්, යුගාන්තයෙන් සහ කළියුගයෙන් මෙන් ම විරාගයෙන් නෙත් සිත් ඉවතට ගන්නට නොහැකිව සිටි ලාංකේය පාඨක ප්‍රජාව ඉන් මුදවා වෙනත් ඉසව්වක් කරා යොමු කරවන්නට උත්සාහ කළ ලේඛකයන් අතර සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන්කුමාර සහ අජිත් තිලකසේන (කෙටිකතාකරුවකු ලෙස) ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය හැකි ය. මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" ඇසුරු කිරීමේ දී ඉහත කී ලේඛක පිරිස සිහියට නැඟෙන්නේ නිතැතිනි. නවගත්තේගමගේ "සංසාරන්යයේ දඩයක්කාරයා", "සංසාරන්යයේ උරුමක්කාරයා", "සංසාරන්යය අසබඩ", "සාංකාව", "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" වැනි කෘති මෙන් ම ටෙනිසන් පෙරේරාගේ "දුට්ඨ ගාමිණී නොමළ වගයි", "සක්වල දඩයම" සහ කේ. කේ සමන්කුමාරගේ "නේරංජනා ස්නානේ" අජිත් තිලකසේනගේ "සුන්නද් දූලි", "සුබ රාත්‍රියක් අහවරයි", "රාත්‍රියේ පූර්ව භාගය" යන කෘති තුළින් අප විදි යම් රසාස්වාදයක් වේද ඒ හා සමාන රසාස්වාදයක් "ලොවීනා" ඇසුරු කිරිමේ දි ලද බව නිර්ලෝභී ව ප්‍රකාශ කළ යුතු ව ඇත. මෙය අතැමකුට විශ්මය දනවන්නක් විය හැකිය. තවකෙකුට ඊර්ෂ්‍යා පරවශ බවක් ඇතිවන්නට හැකි ය. එහෙත් "ලොවිනා" ඇසුරු කිරීමෙන් ලියුම්කරු ලද ආශ්වාදය එය යි. කතුවරයා ලොවීනාගේ කතන්දරය දිගාරින්නට ප්‍රථමයෙන් වීරපරාක්‍රමබාහු රජ පුවතත්, දස්කොන් ප්‍රමිලා පෙම් පුවතත් හරහා විදාරණය කරනු ලබන්නේ කුමක් ද....? බලවන්තයාගේ පරාක්‍රමය (පුරුෂ) සහ ප්‍රේමවන්තයන්ගේ ඛේදජනක ඉරණම යි. ලිපියේ කලින් සඳහන් කළ පරිදි ම රජුට සිතු සිතු පරිදි තමන් සිත් බැඳගත් කාන්තාවන් සිරි යහනට කැඳවා ගනිද්දි බිසවගේ සිත් බැඳි ප්‍රේමවන්තයා මුහුණ පාන ඉරණම කෙතරම් භයානක ද? නුතනයේ ද මෙම සිදුවිම මේ ආකාරයෙන් ම සිදු වු බව ලාංකේය ප්‍රජාවට රහසක් වුවත් විශ්ව ප්‍රජාවට එය රහසක් නොවේ. දස්කොන්ගේ ක්‍රියාකලාපය ද මෙහි දී විවේචනයට ලක්විය යුතු බව සැබවි. ඔහු කෙතරම් ප්‍රමිලාට ආශක්ත වි සිටියා ද යන්න ප්‍රමිලාගේ කලවයේ පිහිටි උපන් ලපය ඇගේ රුවට සමාන බලි රුපයේ සලකුණු කිරීමෙන් ගම්‍යමාන වේ. එය නුතන ප්‍රේමවන්තයන්ට ද මහඟු ආදර්ශයක් වනු නොඅනුමාන ය. මනුෂ්‍යයකු ලෙස උපත ලැබුව ද මනුෂ්‍යයාට හිමි සියලු වරප්‍රසාද මතු නොව එම වරප්‍රසාද වැඩි වැඩියෙන් පවා භුක්ති විඳින්නට උරුමකම් ඇත්තේ බලවන්තයාට ම පමණි. පෑගෙන, පොඩිවෙන පන්තියට එකී සැපසම්පත් ස්පර්ශ කිරිමේ වාසනා මහිමය හෝ නොමැති බව ලොවිනා ස්පර්ශ කළ ඉංග්‍රිසි සෙබළාට අත් වූ ඉරණම හුදී ජනයාට පසක් කරනු ලබයි. ආදරය සහ ලිංගිකත්වය අතර ඇති සමගාමීත්වය මැනවින් පිළිබිඹු කරන්නට ලොවිනා සහ උතියා අතර ඇති පෙම් සබඳතාව කදිම නිදසුනකි. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයාගේ යහනේ දී හැඟීම් විරහිත ව නිද්‍රාශීලි වන ලොවිනා උතියා අබියස දඟකාර කාමලෝලිනියක සේ හැසිරෙන්නේ ආදරය හා මුසු වන ලිංගිකත්වයේ අපුර්වත්වය විදහා පාමිණි. ලිංගිකත්වය යනු තනිව විඳිමට නොහැකි, දෙපාර්ශවයේ ම සහයෝගයෙන් යුතුව විඳිය යුතු සැපතක් බව එහි අරුත යි. පුන්නා නම් වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් ගොවිගම කුලකාන්තාව පසුකලක පුන්නී නමින් රොඩි කුලයට පිටුවහල් කරන්නේ ද ප්‍රේම කිරිමේ වරදට ලැබු දඬුවමක් ලෙසිනි. වර්තමානයේ මහත් යෙහෙන් වැජඹෙන කුලවන්තයන් පැවත එන්නේ කුමන පරම්පරාවකින් ද යන්න නිශ්චය කිරීමෙහි ලා පවතින ගැටලුව මෙහි දී වඩ වඩාත් ඉස්මතු වේ. සුනේත්‍රා රාජකරුණානායකගේ "කවිකඳුර" කෘතියේ මෙය කදිමට මතුකොට තිබූ අතර එය වර්තමානයෙන් අවසන් කොට තිබිණ. අනතුරුව සරත් විජේසූරියගේ "සුදම් සභාව" කෘතිය හරහා එය අනාගත පරපුර කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න මැනවින් පිළිබිඹු කොට තිබිණ. "ලොවීනා" කෘතියෙහි නිල, බල ඇති වරප්රසාදලාභීන් අනෙකාගේ සැපත කෙරෙහි දක්වන්නා වූ නොකැමැත්ත සහ ඊර්ෂ්‍යාව කදිමට මතුකොට දක්වයි. එමෙන් ම තමන්ට ම ජාතක වු දරුවා වුව ද බලවන්තයා ට පාවා දෙන්නට සිදුවීම කෙතරම් ඛේද ජනක ද....? අපොන්සුවා නියෝජනය කරන්නේ මෙකී ඉරණමට මුහුණ පෑ සහ වත්මනෙහි ද එකී ඉරණමට මුහුණ පාමින් සිටින පරපුර යි. යම් පුරුෂයකුගේ කාමලෝලීත්වයට ගොදුරු වන කාන්තාවගේ මෙන් ම උපදින දරුවාගේ ද අනාගත යහපත උදෙසා කිසිඳු හවුහරණක් අතීතයේ මතු නොව වර්තමානයේ ද නොපවතින බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. අපොන්සුවා ද තම ලෙයින් ජාතක වූ දරුවා අකමැත්තෙන් වුව ද මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වෙත යොමු කරවන්නේ එහි ඵලයක් ලෙසිනි. ලොවීනා තමාගේ ම දරුවකු බව දැන සිටියේ ඇගේ මව සහ පුන්නී පමණි. එහෙත් සිය හෘද සාක්ෂියට එකඟව කෙසේ නම් සිය ලෙයින් ජාතක වු දරුවා එවැනි කාමලෝලියකුට බිලි දෙන්න ද? ඒ සියල්ල සිදුවන්නේ අපොන්සුවාගේ පැවැත්ම වෙනුවෙනි. වර්තමානයේ ද එවැනි පියවරු මතු නොව මව්වවරු ද අනන්තවත් වෙසෙති. කාන්තාවන් බොහෝ විට සිතන්නේ බලවන්තයා තමාට සැබවින් ම ප්‍රේම කරන බවයි. එහෙයින් තමාට වඩා වයසින්, කුලයෙන්, ජාතියෙන්, බලයෙන් උසස් පුරුෂයකු ඇසුරු කිරීමේ දී තම ජීවිතයේ අනේක වූ දුක් කම්කටලු සැපතක් සේ ම බුක්ති විඳිති. එහෙත් කිසියම් නිශ්චිත මොහොතක එකී බලවන්තයා තමන්ගේ ජාතියේ, කුලයේ, ආගමේ, පරම්පරාවේ හෝ පවතින සමාජයේ ගොදුරක් බවට පත්වන බව මොහොතකට හෝ නොසිතන්නී ය. බොහෝ විට සැබෑ ආදරය පවතින්නේ ද කාන්තාව තුළ පමණි. වීරපරාක්‍රමබාහු රජු, අපොන්සුවා සහ මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරා ද සැබෑ ප්‍රේමවන්තයෝ හෝ සැබෑ ආදරවන්තයෝ නොවෙති. ඔවුහු හුදෙක් ස්ත්‍රී සිරුරෙහි පහසට ලොල් වූවෝ පමණක් ම වෙති. ලාංකිය ඉතිහාසයේ සැබෑ ප්‍රේමවන්තයකු ලෙස සාලිය කුමාරයා තැබූ සලකුණ අකා මකා දමන්නට මෙතෙක් කිසිවකු අසමත් ව ඇති බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. අතීතයේ මතු නොව වර්තමානයේ ද යථාර්ථය එයයි. ඒ සඳහා සිංහල සාහිත්‍යයෙන් ගෙනහැර දැක්විය හැකි සාක්ෂි බෝහෝ ඇතත් ලිපියට ඇති ඉඩ- කඩ සීමා සහිත බැවින් කරුණාසේන ජයලත්ගේ "ගැහැනු ළමයි" සාහිත්‍ය කෘතිය සහ ගාමිණී ෆොන්සේකාගේ "පරසතු මල්" සිනමා නිර්මාණය පමණක් සිහි කරමි. පුන්නී, වීරපරාක්‍රමබාහු රජුගේ අණසකට යටත් වන්නේ ඔහු රජු විම නිසා ම ය. පිංචී, අපොන්සු කෙරෙහි බැඳෙන්නේ කිසිඳු බලහත්කාරයකින් තොරව වුව ද පාලක පෙළැන්තිය හා ඔහුගේ තිබු සහ-සබඳතාව එයට රුකුලක් වූයේ ය. එහෙත් ලොවීනා සැබවින් ම ආදරය කළේ උතියාට පමණි. ආණ්ඩුකාවරයාගේ යෝජනාව ඇසු පළමු දිනයේ ම ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ එහෙයිනි. එහෙත් වත්මන් පාලකයන්ට මෙන් ම එදා පාලකයන්ට ද කළ නොහැකිව තිබුණේ ගැහැණියක් පිරිමියෙක් බවට හෝ පිරිමියෙක් ගැහැණියක් බවට පත් කිරිම පමණි. එහෙයින් කෘතියේ සමස්ථය කැටිකොට ගත් විට අවසන් විග්‍රහය තුළින් ගම්‍යමාන වන්නේ පුන්නි, පිංචී, දස්කොන් - ප්‍රමිලා මතු නොව ලොවීනාගේ ද ඉරණම විසඳෙන්නේ ලිංගික වුවමනාව සහ ලිංගික ඊර්ෂ්‍යයාව මත පදනම් ව බවයි.[/SIZE][/COLOR] [COLOR="Red"]ජයසිරි අලවත්ත බූන්දි වෙබ් අඩවියෙන්[/COLOR] Pdf 1k nam hoyaganna amarui.... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom