Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව කුඩාම කාලතුවක්කුව ලoකාවෙන් සොයාගැනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව කුඩාම කාලතුවක්කුව ලoකාවෙන් සොයාගැනේ

මහ සමන් දේවාලයේ අදත් තිබෙන ලොව කුඩාම ‘කාලතුවක්කුව’

සබරගමුව මහ සමන් දේවාලය පිහිටා තිබෙන්නේ රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇත. මෙම සමන් දේවාලය “පෘතුගීසීන්ගේ බළකොටුවක්” බවට පත් වී තිබූ බවත්, දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමග යුද්ධ කර පරාජය කොට සබරගමුවෙන් එළවා දැමූ අතර, මුදාගත් බළකොටුව තුළ තිබී “වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්” සොයා ගත් බවත් එච්.එම්. ජයන්ත විජේරත්න මහතා විසින් රචිත “සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල” කෘතියේ සඳහන් කර තිබේ.

සිංහලයාගේ පුරාණ ගිනිඅවි භාවිත කළ අන්දම ගැන සොයා යන ගමනේ, අප මෙවර නවතින්නේ සබරගමුව මහ සමන් දේවාලයේ ය. එහි විශාලත්වයෙන් වැඩි ලොව පැරණිතම සහ සම්පූර්ණයෙන්ම වානේවලින් නිෂ්පාදිත සිංහල කොඩිතුවක්කුව තිබෙන බව, මට පැවැසුවේ චාමිකර පිලපිටිය මහතාය.

තවදුරටත් ජයරත්න මහතා මෙසේ ද පවසයි.

“සිංහලයන්ගේ තුවක්කු භාවිතය ගැන කතා කරද්දී ඩී කූටෝ නමැති ලේඛකයා සඳහන් කරන්නේ, සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1554-1593) කොළඹ පරංගි කොටුවට පහර දීමට එක් වූ හමුදාවේ සිංහල කාලතුවක්කු 150ක් පමණ භාවිත තළ බවයි. අපේ සිංහල කාලතුවක්කු ගැන කියන මේ ලේඛකයා සඳහන් කරන්නේ පෘතුගීසින්ගේ කාලතුවක්කුවලට වඩා බරින් වැඩි උණ්ඩ පවා අපේ කාලතුවක්කුවලට යෙදීමේ තාක්ෂණ දියුණුවක් තිබූ බවයි. තව ද පරංගි බළකොටුව තුළ තිබී සොයාගත් බව සඳහන් කළ ඉහත කොඩිතුවක්කුව, එහි තිබී හමු වූ පමණින් ම මෙය පරංගීන් සතු කාලතුවක්කුවක් යයි නිගමනය කිරීම වැරදි සහගත බවය.”

සබරගමු මහ සමන් දේවාලයේ ඇති කොඩිතුවක්කුව සම්බන්ධයෙන් පර් යේෂණ කළ චාමිකර පිලපිටිය මහතා, ඔහුගේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති” කෘතියට ඇතුළත් කර තිබෙන්නේ මෙවන් අදහසකි.

මෙම තුවක්කුව සම්බන්ධයෙන් තොරතුරක් විලියම් ස්කින්ගේ The Adam's Peak (Samanala & Sri-pada with a descriptive account of pilgrim's rout from Colombo to the Scared foot-print - 1870) ග්‍රන්ථයේ සඳහන් වේ. එම ග්‍රන්ථයේ දැක්වෙන චිත්‍ර සටහනකට අනුව පෙනී යන්නේ, ක්‍රි.ව. 1870 වසර වනවිට ද සමන් දේවාලයේ පැරණි ළිඳ ළඟ මෙවැනි තුවක්කු 3ක් සවි කර ඇති අයුරුය. එයින් තුවක්කු 2ක් තරමක විශාලත්වයෙන් යුතු අතර අනෙක කුඩා එකකි.

සීතාවක රාජසිංහ රජ සමයේ මෙම තුවක්කු වර්ගය හඳුන්වා ඇත්තේ “කොඩිතුවක්කුව” යන නමින් ය. චීන ජාතිකයන් මෙම තුවක්කුව ජින්ගල් (Jingal) නමින් හඳුන්වා ඇති අතර, එකල සිංහලයන් මෙය හඳුන්වා ඇත්තේ ගින්ගල් (Gingal) යන නමින් ය.

විලියම් ස්කින්ගේ Adam's Peak ග්‍රන්ථයේ සිංහලයෝ සාදන ලද කොඩිතුවක්කු ළිඳ අසල ස්ථානගත කර තිබෙන අයුරු දැක්වෙන චිත්‍රයක්

සිංහල සෙබළුන් දෙදෙනෙක් කොඩිතුවක්කුවකින් වෙඩි තබන අයුරු

පිලපිටිය මහතා වැඩිදුරටත් එහි මෙසේ ද සඳහන් කර තිබේ.

“මා විසින් රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය හොබවන කමල් රත්වත්තේ මහතාගේ අවසරය යටතේ (වර්තමානයේ මෙහි බස්නායක නිලමේ තනතුර හොබවන්නේ ජයසුන්දර මුදියන්සේලාගේ මිගාර ජයසුන්දර මහතාය) එහි ඇති “කොඩිතුවක්කුව” අධ්‍යයනය කරන ලදී. එම අධ්‍යයනයට අනුව රත්නපුර මහ සමන් දේවාලයේ තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති කොඩිතුවක්කු අතුරින් විශාලත්වයෙන් වැඩිම සහ පෞරාණික බවින් දෙවැනි ස්ථානය හිමි සීතාවක රාජසිංහ රජදවසට අයත් කොඩිතුවක්කුවක් බව හඳුනාගත හැකි විය. මේ වනවිට ලංකාවේ ඉතිරිව ඇති එකම සහ පැරණිතම තවමත් හොඳ තත්ත්වයේ පවතින තුවක්කුව මෙය විය හැකි අතර, අද සමන් දේවාලයේ දැක ගන්නට ඇත්තේ රූප සටහනෙහි දැක්වෙන කුඩා තුවක්කුව බව පැහැදිලිය. මෙය දෙවැනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලයේ පෙරහර ශබ්ද පූජාව සඳහා ක්‍රි.ව. 1590 දී පූජා කළ තුවක්කුවක්” බවත් ඔහුගේ අදහසයි.

මෙම කොඩිතුවක්කුව නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ වානේ ය. කටෙහි විශ්කම්භය අඟල් 1.5 කි. තුවක්කු බටයෙහි සහ කඳෙහි දිග අඟල් 25 කි. තුවක්කුවෙහි සම්පූර්ණ දිග අඟල් 62 කි. තුවක්කුව රඳවා ඇත්තේ ආධාරකයක් මඟින් ය. තුවක්කුව ක්‍රියාකාරී තත්ත්වයේ පවතී.

“ඇත්තෙන්ම මෙය විජාතිකයන් සතු වූ තුවක්කුවක් නොව දේශීය තුවක්කුවක් බව බොහෝ දෙනෙක් නොදන්නා සේ ය. අපේ රටේ බහුතරයක් තවමත් සිතන්නේ තුවක්කු පිළිබඳ දැනුමක් ශ්‍රී ලාංකිකයා දැන උගත්තේ ක්‍රි.ව. 1505 දී පෘතුගීසින් ලංකාවට පැමිණීමෙන් පසුව බවයි. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් විද්වතුන් සඳහන් කරන්නේ සිංහලයාගේ තුවක්කු පිළිබඳ දැනුම භාවිතය සහ තාක්ෂණය හමුවේ ඇති හොඳම නිදර්ශකය රත්නපුර සමන් දේවාලයේ තිබෙන මෙම තුවක්කුව බවයි. තවමත් භාවිතයට ගනු ලබන ලොව පැරණිතම තුවක්කුව මෙය විය හැකි අතර, මෙය වසර 400ක් පමණ පැරණි යයි විශ්වාස කරති. මෙය දේවාල පෙරහරේ දී පත්තු කිරීම අද නිල රාජකාරිය බවට පත්ව ඇත. පෘතුගීසින් අප රට ආක්‍රමණය කිරීමට වසර 200කටත් පෙර සිටම දේශීය තුවක්කු තිබුණ බව ඉතිහාසයෙන් අනාවරණය වේ. සිංහලයාගේ තුවක්කුවල ක්‍රියාකාරීත්වය සහ භාවිතය සම්බන්ධයෙන් පෘතුගීසින් පවා පුදුමයට පත් වූ බව ක්වේරෝස් නමැති ඉතිහාසඥයා වාර්තා කරයි. කොළඹ පෘතුගීසි බළකොටුවට ක්‍රි.ව. 1518 දී සිංහල හමුදාව පහර දුන් අතර, එම හමුදාවේ කාලතුවක්කු බළඇණියක් තිබුණ බව සඳහන් කරන ක්වේරෝස් තවදුරටත් කියා සිටින්නේ මෙම කාලතුවක්කු බළඇණිය මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වූ බවයි. මෙරට රජ්ජුරුවන්ගේ සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්ස් සඳහන් කරන්නේ, ලන්දේසින්ගේ කාලතුවක්කුවලට වඩා ඉහළ ම තත්ත්වයේ කාලතුවක්කු සිංහලයන් සතුව තිබුණ බවයි, ඒවා ඉතාමත් ඉහළ තාක්ෂණයකින් නිපදවන ලද ඒවා” බව, ජයන්ත විජේරත්න මහතා ඔහුගේ “සබරගමු මහ සමන් දේවාල” කෘතියේ සඳහන් කර තිබේ.

පළමුවැනි රාජසිංහ රජුගේ අභාවයත් සමග සබරගමු මහ සමන් දේවාලයට අත්වූයේ කනගාටුදායක තත්ත්වයකි. පෘතුගීසිහු සබරගමුව ආක්‍රමණය කළහ. ඔවුහු කුරුවිට දෙගල්ගමුව රජමහා විහාරයත්, සබරගමු මහ සමන් දේවාලයත් කොල්ල කා විනාශ කළහ. සමන් වෙහෙර ද මහ සමන් දේවාලය ද සම්පූර්ණයෙන් ම විනාශ කළ පෘතුගීසිහු, ඒ මත ඔවුන්ගේ බළකොටුවක් සහ පල්ලියක් ඉදිකර ගත්හ. එහි සිට වසර 43ක පමණ කාලයක් සබරගමුවේ විවිධ පෙදෙස් පාලනය කළහ. මහ සමන් දේවාලයෙහි සුන්බුන්, අසලින් ගලා බසින කළු ගඟට විසි කර දමන ලදී. ඔවුන් ඉදිකළ පල්ලිය ශාන්ත සැල්වදෝර් නම් විය.

රොබයිරෝගේ වාර්තාවේ සඳහන් වන පරිදි සමන් දේවාලය පිහිටි භූමියේ පෘතුගීසි බළකොටුවක් වූ බවත්, එහි හේවායන් 4000-5000ත් අතර ප්‍රමාණයක් විසූ බවත්, එක කණ්ඩායමකට 150ක් බැගින් වූ ලස්කිරිඤ්ඤ සේනාංක 5ක් වූ බවත් සඳහන් කර තිබේ. තව ද එහි මෙසේ ද සඳහන් කර තිබේ.

“රුවන්වැල්ල බළකොටුව තැනූ ලන්දේසි කපිතාන් යාන් ෆෝන් ඇම්සල් සමග සැතපුම් 12ක් පමණ (ඉංග්‍රීසි සැතපුම් 30) ගමන් කොට සෆ්රගාම් (සබරගමුව) යන ස්ථානයට පැමිණියෙමු. පෘතුගීසින් විසින් ඉදිකරන ලද බළකොටුව තුළ තුවක්කු සතර බැගින් යුත් කාලතුවක්කු කණ්ඩායම් 2ක් නවත්වන ලදහ. මෙම බලකොටුව තනත ලද කන්ද පාමුලින් ගලා බසිනා දොළ වනාහි රජුට අයත් අගනා රත්න වර්ග ලැබෙන ඉතා හොඳ ගංගාවකින් පෝෂණය වූවකි. මේ ගංවැල්ලේ මැණික් සෙවීමේ යෙදුණු අපිට රතු කැට කිහිපයක් සොයා ගැනීමට හැකි විය” යනුවෙනි.

එකල මල්වාන සහ සීතාවක සිට සබරගමුව දක්වා පාලන කටයුතු මෙහෙයවා ඇත්තේ දොන් ජෙරෝනිමෝ ද අසුවේදු නමැති පෘතුගීසි සෙන්පතියා ය. මොහු බිහිසුණු පුද්ගලයෙක් සහ ජන ඝාතකයකු බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. එසේ වුවත් සිංහල ජනතාව නිරතුරුවම පසු වූයේ පෘතුගීසින් ගැන වෛරයෙනි. ඉතා රහසිගතව යුද සංවිධාන කටයුතු සිදු කෙරිණි. ඊට පසුව දෙවැනි රාජසිංහ (ක්‍රි.ව. 1635-1687) යුගය ඇරඹුණි. ඒ සමඟ පෘතුගීසින්ට මහත් අභාග්‍ය සම්පන්න කාලයක් එළඹිණි. දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට තම රාජ්‍යය මුදා ගත්තේය.

ඉතිහාස පුවත්වල සඳහන් වන පරිදි මහ සමන් දේවාලයේ ඉදිකළ පෘතුගීසි බළකොටුව විනාශ කර නැවත වරක් සිංහල බලය තහවුරු කරගෙන ඇත්තේ කුරුවිට රාල විසිනි. ඔහු දෙවැනි රාජසිංහ රජුගේ සෙන්පතියෙකි.

සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර මහතා මෙසේ කියයි.

“වර්තමානයේ අපට දකින්නට ඇත්තේ පෘතුගීසි ආක්‍රමණයෙන් පසුව නැවත ගොඩනංවන ලද මහ සමන් දේවාලය යි. පරසතුරු උවදුරු රාශියකට ම මුහුණ දුන් තැනක්. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව, සබරගමුව මහ සමන් දේවාලය මීට අවුරුදු 786කට පෙර ඉදිකර තිබෙනවා. ඒ දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1228-1263) රජ දවස, එතුමාගේ මහ ඇමැති ආර්යකාමදේව ය. සබරගමුවේ පිහිටි ඉඩම්වල මැණික් ගරා, රාජ භාණ්ඩාගාරය තර කිරීමේ රාජකාරිය පැවැරුණේ ඔහුටයි. පසුව ඔහු සබරගමුවට පැමිණ ප්‍රථමයෙන් ම සිදු කළේ තම රාජකාරිය සාර්ථකව ඉටු කර ගැනීමට පිහිට සහ ආරක්ෂාව පතා රජතුමා වෙනුවෙන් සමන් දෙවියන්ට භාරයක් වීමයි. තමන්ට වටිනා මැණික් ලබා දුන්නොත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ සඳහන් වෙනවා. ඉන්පසු ඉතා වටිනා මැණික් රාශියක්ම ලැබෙනවා. ඒ අනුව සමන් දෙවියන්ට වූ භාරය ඉටු කරනවා.

සමන් දේවාලය ඉදි කළේ විහාර මළුවේ නොවන බව පෙනෙනවා. තුන් මහල් දේව මන්දිරයක් පහළ මළුවේ ඉදිකර එහි මුදුනේ රන් කොත් පැලඳ වූ බව ද සඳහන් වෙනවා. රජතුමාගේ දේවාලයේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කපු මහත්වරු ද සේවක පිරිස් ද අවශේෂ පූජා භාණ්ඩ ආදිය සැපයීමට ජන කොටස් පත් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි ආර්යකාමදේව මහ ඇමැතිවරයා මෙම ස්ථානයේ සබරගමු මහ සමන් දේවාලය ඉදිකරනවිට ද සබරගමු වෙහෙර නමින් බෞද්ධ සිද්ධස්ථානයක් තිබෙන්නට ඇති. ඉන් පසුව සබරගමු වෙහෙරේ උපාංගයක් ලෙසින් මහ සමන් දේවාලය ගොඩනගන්නට ඇති කියා හිතෙනවා.

මෙහි දැනට ඉතිරිව ඇති නටබුන් අතර, පෘතුගීසි සමයට අයත් ශෛලමය ලාංඡන දෙකක්, පැරණි කාලතුවක්කුවක්, සිංහල අකුරු සඳහන් සෙල් ලිපියක කැබලි තුනක්, ළිඳක්, ඇත් දළ යුගලක්, බෝධි වෘක්ෂයක් දැක බලා ගත හැකියි.

සමන් දේවාල ගොඩනැගිල්ලේ පහත පිවිසුම අසල ශෛලමය පුවරුවක් දක්නට ලැබෙනවා. එහි උස අඟල් 48ක් වන අතර, පළල අඟල් 32ක්. පෘතුගීසි යුද්ධ හමුදා නිල ඇඳුමින් සැරසුන, දකුණතෙහි ඉහළට ඔසවා ගත් කඩුවක් ද වමතෙහි පළිහක් ද දරණ සොල්දාදුවකු සිය වම් කකුලෙන් පුද්ගලයකු පාගා ගෙන සිටින අයුරු නිරූපණය වෙනවා. මෙම කැටයම සම්බන්ධයෙන් මත කිහිපයක් ම තිබෙනවා. මෙය පෘතුගීසින්ගේ බලකොටුවක්ව තිබූ බවට එක් උදාහරණයක්.

මෙහි බුදු මැඳුර හෙවත් දළදා ගෙයක් පිහිටා තිබෙනවා. සමන් දේවාලය භූමිය පෘතුගීසින් විනාශ කිරීමට පෙර දළදාවහන්සේ තැන්පත් කර තිබුණේ මෙම බුදු මැඳුරෙහි බවත්, එය දළදා ගෙය බවත් කියැවෙනවා.

පෘතුගීසින් සිටිය බවට තවත් උදාහරණයක් නම් මෙහි පිහිටා ඇති ළිඳ යි. පුරාවිද්‍යාත්මක සාධක ලෙස දක්නට ලැබෙන්නේ ළිඳේ ආරුක්කු බැම්ම පමණි. සමන් දේවාලයේ ප්‍රතිසංස්කරණයට හෝ පෘතුගීසින්ගේ විනාශයට ලක් නොවුණු ස්ථානයක්. ඒ අනුව පෘතුගීසි නිර්මාණ වශයෙන් ඉතිරිව ඇත්තේ මෙම ළිඳේ උළුවස්සත්, පෘතුගීසි ලාංඡනයත්, පෘතුගීසි හේවායා සහිත පුවරුවත් පමණි. මෙම ළිඳ සම්බන්ධයෙන් ජනප්‍රවාදයක් පවතිනවා. එනම් පොත්ගුල් විහාර ළිඳෙන් දමනු ලබන මල් මේ සමන් දේවාල ළිඳෙන් මතුවන බවයි.”

“මා මේ දේවාලයේ විජයනාරායන 15 වෙනි කපු පරම්පරාව නියෝජනය කරන සාමාජිකයෙක්. අපේ මුතුන් මිත්තෝ ඉන්දියානු පුරවැසියන්. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දේවාලයේ කපු රාජකාරි සඳහා අපේ මුතුන් මිත්තෝ පැමිණ තිබෙනවා. මේ දේවාලය සාදා තිබෙන්නේ අපේ පරම්පරාවේ අයයි.

මේ කොඩිතුවක්කුවෙන් එදා වෙඩි තැබීම සඳහා භාවිතා කර තිබෙන්නේ වෙඩි බෙහෙත් වෙනුවට, ගස්වල කොළ විශේෂයක් බව අපේ මුතුන් මිත්තෝ පවසා තිබෙනවා. ක්‍රි.ව. එක්දහස් අටසිය ගණන්වල සිංහලයෝ නිෂ්පාදනය කරන ලද මෙම තුවක්කුව පෘතුගීසින්ට එරෙහිව යුද්ධයට පාවිච්චි කළා. මෙය භාවිතා කර තිබෙන්නේ සතුරාට ආසන්නයේ සිට පහරදීම සඳහායි. ආරම්භයේදී වෙඩි බෙහෙත් වෙනුවට කොළ දමා භාවිතා කර, පසුව වෙඩි බෙහෙත් සහ යකඩ බෝල දමා සතුරාට පහර දුන්නා.

මෙම තුවක්කුවේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් එදා පෘතුගීසින් සතුව තිබූ තුවක්කුවලින් ළඟට නැතිනම් ආසන්නයට පමණයි වෙඩි තැබිය හැකි වූයේ. එහෙත් සිංහලයෝ හදපු මේ කොඩිතුවක්කුවෙන් ඊට වඩා දුරට වෙඩි තැබීමට හැකියාව පැවැතියා. එය සිංහලයන්ට යුද්ධය ජය ගැනීමට හේතුවක් වුණා.”

කොඩිතුවක්කු ක්‍රියාකරු ආර්.එම්. සමන් හේමන්ත ජයවර්ධන

“මෙම කොඩිතුවක්කුව අවසාන වරට පත්තු කළේ මගේ ආතා වන සැරහාමි යි. ඔහු මෙය පත්තු කරන විට ළඟට වී මා බලාගෙන සිටියා. එතකොට මා කුඩා වයසේ පසු වූ නිසා පත්තු කරන හැටි පුරුදු කරන්න කීවත්, එය ඉටු කළේ නැහැ. ආතා මිය ගියාට පසු වෙනත් කෙනෙක් මෙය පත්තු කළා. පසුව වත්මන් දළදා මාලිගාවේ බස්නායක නිලමේතුමා ප්‍රදීප් නිලංග දෑල මහතා, එවකට සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරන කාලයේ මට පණිඩුඩයක් එවා භාර දුන්නා. එදා සිට මේ දක්වා වසර දහඅටක කාලයක් මේ තුවක්කුව පත්තු කරන්නේ මමයි. මෙය රජ කාලේ සිංහලයෝ හදපු තුවක්කුවක් කියලයි කියන්නේ. මට එය ආඩම්බරයක්. මම මේ තුවක්කුව ආතාට වඩා හොඳින්, අලි බිම වැටෙන ශබ්දයෙන් පත්තු කරනවා. සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර අවසන් වනවිට වෙඩි 21ක් තියනවා. ඊට අමතරව මාස තුනෙන් තුනට දේවාලයේ කටයුතු සම්බන්ධයෙන් වෙඩි තැබීම සඳහා භාවිතා කරනවා.”

ස්තුතිය - තේ රස පරීක්ෂක, ලේඛක සහ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමයේ උපසභාපති චාමිකර පිලපිටිය, රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර බණ්ඩාර, විජයනාරායන කපු මහතා, ලිපිකරු දයාරත්න වික්‍රමආරච්චි, තුවක්කු ක්‍රියාකරු සමන් හේමන්ත ජයවර්ධන, මහනුවර දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ අජන්ත කුමාර සමරකෝන් යන මහත්වරුන්ට.

සටහන සහ ඡායාරූප

සිසිර කුමාර බණ්ඩාර

Lankadeepa කතෘ මණ්ඩලය // 2018 දෙසැ 29 වන සෙනසුරාදා

රෙප් ඔනි

[QUOTE="sj91, post: 24138380, member: 514405"] [b]ලොව කුඩාම කාලතුවක්කුව ලoකාවෙන් සොයාගැනේ[/b] [IMG]https://scontent.fcmb9-1.fna.fbcdn.net/v/t1.0-9/50015989_517874715371744_3677836708096770048_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb9-1.fna&oh=3782e6d5d9186c37182d319464da65cb&oe=5D0009E7[/IMG] [IMG]https://scontent.fcmb9-1.fna.fbcdn.net/v/t1.0-9/49898514_517874782038404_3265591625174220800_n.jpg?_nc_cat=100&_nc_ht=scontent.fcmb9-1.fna&oh=e1d679b48341fea442bfee067e262bc7&oe=5CBED6EC[/IMG] [COLOR="DarkRed"][SIZE="3"][B]මහ සමන් දේවාලයේ අදත් තිබෙන ලොව කුඩාම ‘කාලතුවක්කුව’ --------------------------------------------------------------------- සබරගමුව මහ සමන් දේවාලය පිහිටා තිබෙන්නේ රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇත. මෙම සමන් දේවාලය “පෘතුගීසීන්ගේ බළකොටුවක්” බවට පත් වී තිබූ බවත්, දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමග යුද්ධ කර පරාජය කොට සබරගමුවෙන් එළවා දැමූ අතර, මුදාගත් බළකොටුව තුළ තිබී “වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්” සොයා ගත් බවත් එච්.එම්. ජයන්ත විජේරත්න මහතා විසින් රචිත “සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල” කෘතියේ සඳහන් කර තිබේ. සිංහලයාගේ පුරාණ ගිනිඅවි භාවිත කළ අන්දම ගැන සොයා යන ගමනේ, අප මෙවර නවතින්නේ සබරගමුව මහ සමන් දේවාලයේ ය. එහි විශාලත්වයෙන් වැඩි ලොව පැරණිතම සහ සම්පූර්ණයෙන්ම වානේවලින් නිෂ්පාදිත සිංහල කොඩිතුවක්කුව තිබෙන බව, මට පැවැසුවේ චාමිකර පිලපිටිය මහතාය. තවදුරටත් ජයරත්න මහතා මෙසේ ද පවසයි. “සිංහලයන්ගේ තුවක්කු භාවිතය ගැන කතා කරද්දී ඩී කූටෝ නමැති ලේඛකයා සඳහන් කරන්නේ, සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1554-1593) කොළඹ පරංගි කොටුවට පහර දීමට එක් වූ හමුදාවේ සිංහල කාලතුවක්කු 150ක් පමණ භාවිත තළ බවයි. අපේ සිංහල කාලතුවක්කු ගැන කියන මේ ලේඛකයා සඳහන් කරන්නේ පෘතුගීසින්ගේ කාලතුවක්කුවලට වඩා බරින් වැඩි උණ්ඩ පවා අපේ කාලතුවක්කුවලට යෙදීමේ තාක්ෂණ දියුණුවක් තිබූ බවයි. තව ද පරංගි බළකොටුව තුළ තිබී සොයාගත් බව සඳහන් කළ ඉහත කොඩිතුවක්කුව, එහි තිබී හමු වූ පමණින් ම මෙය පරංගීන් සතු කාලතුවක්කුවක් යයි නිගමනය කිරීම වැරදි සහගත බවය.” සබරගමු මහ සමන් දේවාලයේ ඇති කොඩිතුවක්කුව සම්බන්ධයෙන් පර් යේෂණ කළ චාමිකර පිලපිටිය මහතා, ඔහුගේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති” කෘතියට ඇතුළත් කර තිබෙන්නේ මෙවන් අදහසකි. මෙම තුවක්කුව සම්බන්ධයෙන් තොරතුරක් විලියම් ස්කින්ගේ The Adam's Peak (Samanala & Sri-pada with a descriptive account of pilgrim's rout from Colombo to the Scared foot-print - 1870) ග්‍රන්ථයේ සඳහන් වේ. එම ග්‍රන්ථයේ දැක්වෙන චිත්‍ර සටහනකට අනුව පෙනී යන්නේ, ක්‍රි.ව. 1870 වසර වනවිට ද සමන් දේවාලයේ පැරණි ළිඳ ළඟ මෙවැනි තුවක්කු 3ක් සවි කර ඇති අයුරුය. එයින් තුවක්කු 2ක් තරමක විශාලත්වයෙන් යුතු අතර අනෙක කුඩා එකකි. සීතාවක රාජසිංහ රජ සමයේ මෙම තුවක්කු වර්ගය හඳුන්වා ඇත්තේ “කොඩිතුවක්කුව” යන නමින් ය. චීන ජාතිකයන් මෙම තුවක්කුව ජින්ගල් (Jingal) නමින් හඳුන්වා ඇති අතර, එකල සිංහලයන් මෙය හඳුන්වා ඇත්තේ ගින්ගල් (Gingal) යන නමින් ය. විලියම් ස්කින්ගේ Adam's Peak ග්‍රන්ථයේ සිංහලයෝ සාදන ලද කොඩිතුවක්කු ළිඳ අසල ස්ථානගත කර තිබෙන අයුරු දැක්වෙන චිත්‍රයක් සිංහල සෙබළුන් දෙදෙනෙක් කොඩිතුවක්කුවකින් වෙඩි තබන අයුරු පිලපිටිය මහතා වැඩිදුරටත් එහි මෙසේ ද සඳහන් කර තිබේ. “මා විසින් රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය හොබවන කමල් රත්වත්තේ මහතාගේ අවසරය යටතේ (වර්තමානයේ මෙහි බස්නායක නිලමේ තනතුර හොබවන්නේ ජයසුන්දර මුදියන්සේලාගේ මිගාර ජයසුන්දර මහතාය) එහි ඇති “කොඩිතුවක්කුව” අධ්‍යයනය කරන ලදී. එම අධ්‍යයනයට අනුව රත්නපුර මහ සමන් දේවාලයේ තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති කොඩිතුවක්කු අතුරින් විශාලත්වයෙන් වැඩිම සහ පෞරාණික බවින් දෙවැනි ස්ථානය හිමි සීතාවක රාජසිංහ රජදවසට අයත් කොඩිතුවක්කුවක් බව හඳුනාගත හැකි විය. මේ වනවිට ලංකාවේ ඉතිරිව ඇති එකම සහ පැරණිතම තවමත් හොඳ තත්ත්වයේ පවතින තුවක්කුව මෙය විය හැකි අතර, අද සමන් දේවාලයේ දැක ගන්නට ඇත්තේ රූප සටහනෙහි දැක්වෙන කුඩා තුවක්කුව බව පැහැදිලිය. මෙය දෙවැනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලයේ පෙරහර ශබ්ද පූජාව සඳහා ක්‍රි.ව. 1590 දී පූජා කළ තුවක්කුවක්” බවත් ඔහුගේ අදහසයි. මෙම කොඩිතුවක්කුව නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ වානේ ය. කටෙහි විශ්කම්භය අඟල් 1.5 කි. තුවක්කු බටයෙහි සහ කඳෙහි දිග අඟල් 25 කි. තුවක්කුවෙහි සම්පූර්ණ දිග අඟල් 62 කි. තුවක්කුව රඳවා ඇත්තේ ආධාරකයක් මඟින් ය. තුවක්කුව ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. “ඇත්තෙන්ම මෙය විජාතිකයන් සතු වූ තුවක්කුවක් නොව දේශීය තුවක්කුවක් බව බොහෝ දෙනෙක් නොදන්නා සේ ය. අපේ රටේ බහුතරයක් තවමත් සිතන්නේ තුවක්කු පිළිබඳ දැනුමක් ශ්‍රී ලාංකිකයා දැන උගත්තේ ක්‍රි.ව. 1505 දී පෘතුගීසින් ලංකාවට පැමිණීමෙන් පසුව බවයි. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් විද්වතුන් සඳහන් කරන්නේ සිංහලයාගේ තුවක්කු පිළිබඳ දැනුම භාවිතය සහ තාක්ෂණය හමුවේ ඇති හොඳම නිදර්ශකය රත්නපුර සමන් දේවාලයේ තිබෙන මෙම තුවක්කුව බවයි. තවමත් භාවිතයට ගනු ලබන ලොව පැරණිතම තුවක්කුව මෙය විය හැකි අතර, මෙය වසර 400ක් පමණ පැරණි යයි විශ්වාස කරති. මෙය දේවාල පෙරහරේ දී පත්තු කිරීම අද නිල රාජකාරිය බවට පත්ව ඇත. පෘතුගීසින් අප රට ආක්‍රමණය කිරීමට වසර 200කටත් පෙර සිටම දේශීය තුවක්කු තිබුණ බව ඉතිහාසයෙන් අනාවරණය වේ. සිංහලයාගේ තුවක්කුවල ක්‍රියාකාරීත්වය සහ භාවිතය සම්බන්ධයෙන් පෘතුගීසින් පවා පුදුමයට පත් වූ බව ක්වේරෝස් නමැති ඉතිහාසඥයා වාර්තා කරයි. කොළඹ පෘතුගීසි බළකොටුවට ක්‍රි.ව. 1518 දී සිංහල හමුදාව පහර දුන් අතර, එම හමුදාවේ කාලතුවක්කු බළඇණියක් තිබුණ බව සඳහන් කරන ක්වේරෝස් තවදුරටත් කියා සිටින්නේ මෙම කාලතුවක්කු බළඇණිය මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වූ බවයි. මෙරට රජ්ජුරුවන්ගේ සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්ස් සඳහන් කරන්නේ, ලන්දේසින්ගේ කාලතුවක්කුවලට වඩා ඉහළ ම තත්ත්වයේ කාලතුවක්කු සිංහලයන් සතුව තිබුණ බවයි, ඒවා ඉතාමත් ඉහළ තාක්ෂණයකින් නිපදවන ලද ඒවා” බව, ජයන්ත විජේරත්න මහතා ඔහුගේ “සබරගමු මහ සමන් දේවාල” කෘතියේ සඳහන් කර තිබේ. පළමුවැනි රාජසිංහ රජුගේ අභාවයත් සමග සබරගමු මහ සමන් දේවාලයට අත්වූයේ කනගාටුදායක තත්ත්වයකි. පෘතුගීසිහු සබරගමුව ආක්‍රමණය කළහ. ඔවුහු කුරුවිට දෙගල්ගමුව රජමහා විහාරයත්, සබරගමු මහ සමන් දේවාලයත් කොල්ල කා විනාශ කළහ. සමන් වෙහෙර ද මහ සමන් දේවාලය ද සම්පූර්ණයෙන් ම විනාශ කළ පෘතුගීසිහු, ඒ මත ඔවුන්ගේ බළකොටුවක් සහ පල්ලියක් ඉදිකර ගත්හ. එහි සිට වසර 43ක පමණ කාලයක් සබරගමුවේ විවිධ පෙදෙස් පාලනය කළහ. මහ සමන් දේවාලයෙහි සුන්බුන්, අසලින් ගලා බසින කළු ගඟට විසි කර දමන ලදී. ඔවුන් ඉදිකළ පල්ලිය ශාන්ත සැල්වදෝර් නම් විය. රොබයිරෝගේ වාර්තාවේ සඳහන් වන පරිදි සමන් දේවාලය පිහිටි භූමියේ පෘතුගීසි බළකොටුවක් වූ බවත්, එහි හේවායන් 4000-5000ත් අතර ප්‍රමාණයක් විසූ බවත්, එක කණ්ඩායමකට 150ක් බැගින් වූ ලස්කිරිඤ්ඤ සේනාංක 5ක් වූ බවත් සඳහන් කර තිබේ. තව ද එහි මෙසේ ද සඳහන් කර තිබේ. “රුවන්වැල්ල බළකොටුව තැනූ ලන්දේසි කපිතාන් යාන් ෆෝන් ඇම්සල් සමග සැතපුම් 12ක් පමණ (ඉංග්‍රීසි සැතපුම් 30) ගමන් කොට සෆ්රගාම් (සබරගමුව) යන ස්ථානයට පැමිණියෙමු. පෘතුගීසින් විසින් ඉදිකරන ලද බළකොටුව තුළ තුවක්කු සතර බැගින් යුත් කාලතුවක්කු කණ්ඩායම් 2ක් නවත්වන ලදහ. මෙම බලකොටුව තනත ලද කන්ද පාමුලින් ගලා බසිනා දොළ වනාහි රජුට අයත් අගනා රත්න වර්ග ලැබෙන ඉතා හොඳ ගංගාවකින් පෝෂණය වූවකි. මේ ගංවැල්ලේ මැණික් සෙවීමේ යෙදුණු අපිට රතු කැට කිහිපයක් සොයා ගැනීමට හැකි විය” යනුවෙනි. එකල මල්වාන සහ සීතාවක සිට සබරගමුව දක්වා පාලන කටයුතු මෙහෙයවා ඇත්තේ දොන් ජෙරෝනිමෝ ද අසුවේදු නමැති පෘතුගීසි සෙන්පතියා ය. මොහු බිහිසුණු පුද්ගලයෙක් සහ ජන ඝාතකයකු බවත් ඉතිහාසයෙහි සඳහන් වේ. එසේ වුවත් සිංහල ජනතාව නිරතුරුවම පසු වූයේ පෘතුගීසින් ගැන වෛරයෙනි. ඉතා රහසිගතව යුද සංවිධාන කටයුතු සිදු කෙරිණි. ඊට පසුව දෙවැනි රාජසිංහ (ක්‍රි.ව. 1635-1687) යුගය ඇරඹුණි. ඒ සමඟ පෘතුගීසින්ට මහත් අභාග්‍ය සම්පන්න කාලයක් එළඹිණි. දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට තම රාජ්‍යය මුදා ගත්තේය. ඉතිහාස පුවත්වල සඳහන් වන පරිදි මහ සමන් දේවාලයේ ඉදිකළ පෘතුගීසි බළකොටුව විනාශ කර නැවත වරක් සිංහල බලය තහවුරු කරගෙන ඇත්තේ කුරුවිට රාල විසිනි. ඔහු දෙවැනි රාජසිංහ රජුගේ සෙන්පතියෙකි. සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර මහතා මෙසේ කියයි. “වර්තමානයේ අපට දකින්නට ඇත්තේ පෘතුගීසි ආක්‍රමණයෙන් පසුව නැවත ගොඩනංවන ලද මහ සමන් දේවාලය යි. පරසතුරු උවදුරු රාශියකට ම මුහුණ දුන් තැනක්. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව, සබරගමුව මහ සමන් දේවාලය මීට අවුරුදු 786කට පෙර ඉදිකර තිබෙනවා. ඒ දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1228-1263) රජ දවස, එතුමාගේ මහ ඇමැති ආර්යකාමදේව ය. සබරගමුවේ පිහිටි ඉඩම්වල මැණික් ගරා, රාජ භාණ්ඩාගාරය තර කිරීමේ රාජකාරිය පැවැරුණේ ඔහුටයි. පසුව ඔහු සබරගමුවට පැමිණ ප්‍රථමයෙන් ම සිදු කළේ තම රාජකාරිය සාර්ථකව ඉටු කර ගැනීමට පිහිට සහ ආරක්ෂාව පතා රජතුමා වෙනුවෙන් සමන් දෙවියන්ට භාරයක් වීමයි. තමන්ට වටිනා මැණික් ලබා දුන්නොත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ සඳහන් වෙනවා. ඉන්පසු ඉතා වටිනා මැණික් රාශියක්ම ලැබෙනවා. ඒ අනුව සමන් දෙවියන්ට වූ භාරය ඉටු කරනවා. සමන් දේවාලය ඉදි කළේ විහාර මළුවේ නොවන බව පෙනෙනවා. තුන් මහල් දේව මන්දිරයක් පහළ මළුවේ ඉදිකර එහි මුදුනේ රන් කොත් පැලඳ වූ බව ද සඳහන් වෙනවා. රජතුමාගේ දේවාලයේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කපු මහත්වරු ද සේවක පිරිස් ද අවශේෂ පූජා භාණ්ඩ ආදිය සැපයීමට ජන කොටස් පත් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙහි ආර්යකාමදේව මහ ඇමැතිවරයා මෙම ස්ථානයේ සබරගමු මහ සමන් දේවාලය ඉදිකරනවිට ද සබරගමු වෙහෙර නමින් බෞද්ධ සිද්ධස්ථානයක් තිබෙන්නට ඇති. ඉන් පසුව සබරගමු වෙහෙරේ උපාංගයක් ලෙසින් මහ සමන් දේවාලය ගොඩනගන්නට ඇති කියා හිතෙනවා. මෙහි දැනට ඉතිරිව ඇති නටබුන් අතර, පෘතුගීසි සමයට අයත් ශෛලමය ලාංඡන දෙකක්, පැරණි කාලතුවක්කුවක්, සිංහල අකුරු සඳහන් සෙල් ලිපියක කැබලි තුනක්, ළිඳක්, ඇත් දළ යුගලක්, බෝධි වෘක්ෂයක් දැක බලා ගත හැකියි. සමන් දේවාල ගොඩනැගිල්ලේ පහත පිවිසුම අසල ශෛලමය පුවරුවක් දක්නට ලැබෙනවා. එහි උස අඟල් 48ක් වන අතර, පළල අඟල් 32ක්. පෘතුගීසි යුද්ධ හමුදා නිල ඇඳුමින් සැරසුන, දකුණතෙහි ඉහළට ඔසවා ගත් කඩුවක් ද වමතෙහි පළිහක් ද දරණ සොල්දාදුවකු සිය වම් කකුලෙන් පුද්ගලයකු පාගා ගෙන සිටින අයුරු නිරූපණය වෙනවා. මෙම කැටයම සම්බන්ධයෙන් මත කිහිපයක් ම තිබෙනවා. මෙය පෘතුගීසින්ගේ බලකොටුවක්ව තිබූ බවට එක් උදාහරණයක්. මෙහි බුදු මැඳුර හෙවත් දළදා ගෙයක් පිහිටා තිබෙනවා. සමන් දේවාලය භූමිය පෘතුගීසින් විනාශ කිරීමට පෙර දළදාවහන්සේ තැන්පත් කර තිබුණේ මෙම බුදු මැඳුරෙහි බවත්, එය දළදා ගෙය බවත් කියැවෙනවා. පෘතුගීසින් සිටිය බවට තවත් උදාහරණයක් නම් මෙහි පිහිටා ඇති ළිඳ යි. පුරාවිද්‍යාත්මක සාධක ලෙස දක්නට ලැබෙන්නේ ළිඳේ ආරුක්කු බැම්ම පමණි. සමන් දේවාලයේ ප්‍රතිසංස්කරණයට හෝ පෘතුගීසින්ගේ විනාශයට ලක් නොවුණු ස්ථානයක්. ඒ අනුව පෘතුගීසි නිර්මාණ වශයෙන් ඉතිරිව ඇත්තේ මෙම ළිඳේ උළුවස්සත්, පෘතුගීසි ලාංඡනයත්, පෘතුගීසි හේවායා සහිත පුවරුවත් පමණි. මෙම ළිඳ සම්බන්ධයෙන් ජනප්‍රවාදයක් පවතිනවා. එනම් පොත්ගුල් විහාර ළිඳෙන් දමනු ලබන මල් මේ සමන් දේවාල ළිඳෙන් මතුවන බවයි.” “මා මේ දේවාලයේ විජයනාරායන 15 වෙනි කපු පරම්පරාව නියෝජනය කරන සාමාජිකයෙක්. අපේ මුතුන් මිත්තෝ ඉන්දියානු පුරවැසියන්. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දේවාලයේ කපු රාජකාරි සඳහා අපේ මුතුන් මිත්තෝ පැමිණ තිබෙනවා. මේ දේවාලය සාදා තිබෙන්නේ අපේ පරම්පරාවේ අයයි. මේ කොඩිතුවක්කුවෙන් එදා වෙඩි තැබීම සඳහා භාවිතා කර තිබෙන්නේ වෙඩි බෙහෙත් වෙනුවට, ගස්වල කොළ විශේෂයක් බව අපේ මුතුන් මිත්තෝ පවසා තිබෙනවා. ක්‍රි.ව. එක්දහස් අටසිය ගණන්වල සිංහලයෝ නිෂ්පාදනය කරන ලද මෙම තුවක්කුව පෘතුගීසින්ට එරෙහිව යුද්ධයට පාවිච්චි කළා. මෙය භාවිතා කර තිබෙන්නේ සතුරාට ආසන්නයේ සිට පහරදීම සඳහායි. ආරම්භයේදී වෙඩි බෙහෙත් වෙනුවට කොළ දමා භාවිතා කර, පසුව වෙඩි බෙහෙත් සහ යකඩ බෝල දමා සතුරාට පහර දුන්නා. මෙම තුවක්කුවේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් එදා පෘතුගීසින් සතුව තිබූ තුවක්කුවලින් ළඟට නැතිනම් ආසන්නයට පමණයි වෙඩි තැබිය හැකි වූයේ. එහෙත් සිංහලයෝ හදපු මේ කොඩිතුවක්කුවෙන් ඊට වඩා දුරට වෙඩි තැබීමට හැකියාව පැවැතියා. එය සිංහලයන්ට යුද්ධය ජය ගැනීමට හේතුවක් වුණා.” කොඩිතුවක්කු ක්‍රියාකරු ආර්.එම්. සමන් හේමන්ත ජයවර්ධන “මෙම කොඩිතුවක්කුව අවසාන වරට පත්තු කළේ මගේ ආතා වන සැරහාමි යි. ඔහු මෙය පත්තු කරන විට ළඟට වී මා බලාගෙන සිටියා. එතකොට මා කුඩා වයසේ පසු වූ නිසා පත්තු කරන හැටි පුරුදු කරන්න කීවත්, එය ඉටු කළේ නැහැ. ආතා මිය ගියාට පසු වෙනත් කෙනෙක් මෙය පත්තු කළා. පසුව වත්මන් දළදා මාලිගාවේ බස්නායක නිලමේතුමා ප්‍රදීප් නිලංග දෑල මහතා, එවකට සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරන කාලයේ මට පණිඩුඩයක් එවා භාර දුන්නා. එදා සිට මේ දක්වා වසර දහඅටක කාලයක් මේ තුවක්කුව පත්තු කරන්නේ මමයි. මෙය රජ කාලේ සිංහලයෝ හදපු තුවක්කුවක් කියලයි කියන්නේ. මට එය ආඩම්බරයක්. මම මේ තුවක්කුව ආතාට වඩා හොඳින්, අලි බිම වැටෙන ශබ්දයෙන් පත්තු කරනවා. සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර අවසන් වනවිට වෙඩි 21ක් තියනවා. ඊට අමතරව මාස තුනෙන් තුනට දේවාලයේ කටයුතු සම්බන්ධයෙන් වෙඩි තැබීම සඳහා භාවිතා කරනවා.” ස්තුතිය - තේ රස පරීක්ෂක, ලේඛක සහ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමයේ උපසභාපති චාමිකර පිලපිටිය, රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර බණ්ඩාර, විජයනාරායන කපු මහතා, ලිපිකරු දයාරත්න වික්‍රමආරච්චි, තුවක්කු ක්‍රියාකරු සමන් හේමන්ත ජයවර්ධන, මහනුවර දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ අජන්ත කුමාර සමරකෝන් යන මහත්වරුන්ට. සටහන සහ ඡායාරූප සිසිර කුමාර බණ්ඩාර Lankadeepa කතෘ මණ්ඩලය // 2018 දෙසැ 29 වන සෙනසුරාදා[/B][/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="3"][B]රෙප් ඔනි[/B][/SIZE][/COLOR]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom