Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රසිද්ධ චරිතයන්ගේ නොපළවූ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්‍රසිද්ධ චරිතයන්ගේ නොපළවූ කතා

පුජකයෙක් වෙන්න ඉගනගත් ඇඩොල්ෆ් හිට්ලර්

හිට්ලර් නාසි සම්ප්රදාය අනුව ආචාර කරමින්. (www.socialmatter.net)

ලෝක දේශපාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ජර්මනියේ ආඥාදායකයා වූ හිට්ලර් ඒ පිළිබඳව කිසිදු විවාදයක්නම් නෑ..ජර්මනියේ බියකරු ඒකාධිපති පාලක හිට්ලර් ගැන අපි සියළු දෙනාම අහල තියෙන්නේ දහස් ගණන් යුදෙව්වන් සමුළ ඝාතනයට පත් කරමින් වගේම ඕස්ට්‍රියාව ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කර දහස් ගණන් අහිංසක මිනිසුන්ට මරු කැදවු කෘරතර නායකයෙක් විදිහටයි. හැබැයි අද ඒ දේවල් ගැනනම් නෙවේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ නොපෙනුන දේවල් ගැනයි.

ඔහු කලක් පුජකයෙකු වීමට ඉගන ගත්ත බව ඇසුවොත් ඔබ පුදුම වේවි. හිට්ලර්ගේ මව දැඩි ආගමික ශක්තියෙන් යුක්ත වූ කාන්තාවක උනා. තම පුත්‍රයා ඔස්ට්‍රියාවේ ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ පූජකයකු වනු දැකීමට ඈ තුළ වූ අපේක්ෂාව මුදුන්පත් කර ගන්නට. නමුත් එම පාසලේ දුම්පානය කොට අසුවීම නිසා ඇඩොල්ෆ් පාසලින් පලවා හරිනු ලබනවා. අනතුරුව ඔහුව ජර්මනියේ උසස් කාර්මික විද්‍යාලයකට ඇතුලත් කරන්න හිට්ලර්ගේ පියා සමත් වෙනවා. දිනක් මිතුරන් සමඟ විනෝදවෙමින් සිටිනා විටෙක ඔහු පාසල් සහතිකය ඉරා දමා එය වැසිකිළි කඩදාසියක් ලෙස භාවිත කරනවා. කෙසේ හෝ මේ ආරංචිය විදුහල්පතිතුමාගේ කණට වැටුණු අතර බොහෝ සේ කිපුණු ඔහු හිට්ලර් හට දඬුවම් කොට ඔහු විදුහලෙන් නෙරපා දමනවා. මේ සිද්ධියෙන් පසු හිට්ලර් නැවත කිසිදාක පාසල් ගියේනම් නෑ.

පල්ලියේ ගීතිකා කණ්ඩායමේ කැපී පෙණුනු සාමාජිකයකු වූ අතර ඒ වගේම ඔහු චිත්‍ර කලාවට මහත් ආදරයක් දැක්වුවා. මව මියගිය පසු අවුරුදු පහක් ඔහු දිවි රැක ගත්තේ චිත්‍ර සටහන් විකිණීමෙන්. 1907 දී ඔහු වියානා සෞන්දර්ය ඇකඩමියට ඇයෑදුම්පතක් යවන මුත් චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රමාණවත් නැතැයි කියා ප්‍රතික්ෂේප කරනවා. 1908 දී එම ආයතනයටම ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා ඔහු ඉදිරිපත් කළ අයදුම්පත පවා ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රතික්ෂේප වීම මුළු ලොවේම අවාසනාවට හේතු වෙන්නේ මොහු හමුදාව දෙසට හැරීමයි. මේ කරුණනම් පුදුම හිතෙනවා. ඒ 1914 පෙබරවාරි මාසයේ දී හමුදා සේවයට සුදුසු ද යන්න පරික්ෂා කර බැලීම සඳහා හිට්ලර් තාවකාලික ව ඔස්ට්‍රියාවට කැඳවනු ලබනවා. නමුත් අවි දැරීමට තරම් ශක්තියක් නොමැති දුර්වලයකු සේ සලකා ඒ සඳහා ඔහු තෝරා ගන්නේ නෑ. දෙවන වර කෙසේ හෝ තේරුනත් හමුදාවේදී ලාන්ස් කෝප්රල් තනතුරට වඩා ඉහළට උසස් වෙන්න ඔහුට කවදාවත් ලැබුනේනම් නෑ. මේ අතර යුධ හමුදාව මගින් මුද්‍රණය කරනු ලැබූ පුවත්පතකට කාටුන් චිත්‍ර අඳිමින් සිටි හිට්ලර් එකළ නිදහස් පුවත් පත් කලාවේදියක්.

ජර්මනිය තුල නායකයා වෙමින් ඒකාධිපතිත්වයක් වපුරන ඔහු හාස්‍යජනක තීන්දු දෙකක් ලබා දෙනවා. තම යුධ කටයුතු පිළිබඳ ඇමැති නෙරපා දමන්නේ ඔහුගේ බිරිඳ කලින් වෛශ්‍යාවක් වූ බැවින්. හමුදා ප්‍රධානියා පදවියෙන් පහ කරනු ලබන්නේ ඔහු සමලිංගිකයෙකු ලෙස චෝදනා කරමින්. මිය යන විට වයස අවුරුදු පනස්හයක් වුවත් අවුරුදු අසුවක පෙනුමක් තිබු බව එකල පුවත්පත් වල සටහන් විය.

කුඩා දැරියක් නිසා රැවුල වැවූ ලින්කන්

ලොවක් වෙනස් කළ අඩි 6 4’ උස කෙසඟ මිනිසා. ( feedyweedy.com)

ලෝක ඉතිහාසය පුරාම මිනිස් අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක් ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි වන්නේ නෑ. වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සශෝධනයක් එක් කරමින් වහල් භාවය ඇමරිකාවෙන් ඉවත් කරන්නේ එදා මෙදා තුර ඇමරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම ජනාධිපතිවරයා වෙමින්. හැබැයි මෙතනදී ලියැවෙන්නේ මේ අසහාය නායකයාගේ අපි නොදත් කරුණු කිහිපයක්.

ජනාධිපතිවරයා කල රැකියා ගණන ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ලියුම් බෙදන්නෙක් ලෙසින් මෙන්ම තැපැල් ස්ථානාධිපති ලෙසින්ද කටයුතු කළ ලින්කන්ගේ ඊළග අරමුණ වූයේ මිනින්දෝරුවෙකු වීමයි. ඒ අතර තුර ඒබ්‍රහම් නීතිය ගැන දක්වන ලද නැඹුරුතාවය නිසාම ඉතාමත් කැපවීමෙන් නිතිඥවරයෙකු බවට පත් වීම ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්.

පළමුවර ජනාධිපතිවරණයට සුදානම් වෙමින් සිටින අතරවාරයේ ලින්කන්ට ලියුමක් ලැබෙනවා. එය ලියා තිබුනේ ග්‍රේස් බෙඩෙල් නම් කුඩා දැරියක් විසින්. එහි සටහන්ව තිබුනේ ලින්කන්ගේ හකු ඇකිලී ගිය දිගටි මුහුණට රැවුල වැවීම සුදුසු වන බවත් ඒ තුළින් මිනිසුන්ගේ ආදරය දිනාගත හැකි බවත්ය. ඒ වගේම රැවුල වැවුවොත් ඔබට ජන්දය දීමට සුදානමින් නොසිටින සහෝදරයන් දෙදෙනා අනිවාර්යෙන්ම තමන්ට කැමති කරගත හැකි බවත්ය. මෙම කුඩා දැරියගේ ඉල්ලීමට නිරහංකාර වූ ලින්කන් එදා පටන් රැවුල වවන්නට විය. පසුව ස්තූති කර ලිපියක්ද කුඩා දැරියට යවන්නට අමතක කළේ නෑ. ලින්කන්ට ලැබුණු ලිපිය අදටත් ලින්කන් නිවසේ තැන්පත් කර තිබෙනවා.

ජනාධිපති ලින්කන්ගේ වැදගත් ලිපි ලේඛන උසැති තොප්පිය (විජ්ජකරුවන් පළදින ජාතියේ එකක්) තුළ දමාගෙනයි ඔහු ගමන් බිමන් ගිහින් තියෙන්නේ.

ලෝකය ගැන දන්නෙ නැති මෝඩ කම්මැලි කොල්ලා- ඇල්බර්ට් අයින්ස්ටයින්

හිට්ලර්ට පවා අභියෝග කළ යුදෙව්වා( www.lifehack.org)

වර්තමානයේදී “අයින්ස්ටයින්” යන වචනය බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන් භාවිතා කරනවා කිවොත් හරි නේද? ඒ තරමටම අයින්ස්ටයින් ලොව බුද්ධිමතෙක් ලෙස පිළිගනු ලබනවා. ඔහු සාපේක්ෂතාවාදය ඇතුළු භෞතික විද්‍යාවේ සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කල විද්‍යාඥයෙක්. හැබැයි ඒවා ගැන නම් නෙවේ ලියන්නේ. ඔහුගේ අප්‍රසිද්ධ දේවල් ගැනයි.

කුඩාකල කතා කිරීමේ හැකියාව ඇල්බර්ට්ට තිබුනේ නෑ. දෙමාපියන් සිතුවේ මොහු උපන්ගෙයි ගොලුවෙක් කියලයි. නමුත් අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. වසර ගණනාවක් පාසල් යාමට නොහැකි වුනේ ඔහු විවිධ රෝග වලින් පීඩා විදීම නිසයි. පසුව පාසල් ගියත් ඔහු අනෙක් ළමුන්ට සාපේක්ෂව ඉතා දුර්වල සිසුවෙක් හා බුද්ධිමට්ටමින් අඩු වුවෙක් ලෙස ගුරුවරුන් සැලකුවා. සෑමවිටම කුඩා ඇල්බර්ට් හට “ලෝකය ගැන දන්නෙ නැති මෝඩ කම්මැලි කොල්ලා. මිනිහෙක් වෙන්න ඉගෙන ගනින් ” යනුවෙන් ගුරුවරු නොසතුට ප්‍රකාශ කළා.

අයින්ස්ටයින් කුඩා කල පටන් ප්රචණ්ඩත්වය හා යුද්ධ සහමුලින් ම පිළිකුල් කළා. අඩුම තරමින් ඔහු කුඩා පිරිමි ළමුන් කරන පොලිස් හෝ හමුදා සෙල්ලම් කළේවත් නැහැ. ඔහු සෑම විටම සාමවාදය හා සමාජවාදය අගය කළ පුද්ගලයෙක්.

අයින්ස්ටයින් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ.

කෙදිනකවත් මේස් දමා අනතුරුව සපත්තු පැළඳීම ඔහු කලේ නෑ. පුරුදුව සිටියේ මේස් නොමැතිව සපත්තු පැළදිමටයි. ඔහු ඕනෑ ම ගරු ගාම්භීර සභාවක වුවත් විහිළු තහළු කලේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව. ඔහු කුඩා දරුවෙකු මෙන් නිර්ව්‍යාජ හා කෙලිලොල් චරිතයක්. ඡායාරූප ගන්නා විට විසිලූ මුහුණක් පෑමත්, ඇතැම් විට දිව දික් කරමින් විකාර මුහුණක් මවා පෑම් කළා. ඔබ අනිවාර්යෙන්ම ඔහුගේ එම ජායාරූප දැකලා ඇති.

අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් පවා ප්‍රතික්ෂේප කරනවා. එයට බලකරන වෛද්‍යවරයාට ඔහු මෙසේ පවසනවා. “මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා කිසිම තේරුමක් නෑ. මම මගේ කොටස සම්පුරණයෙන් අවසන් කරලා තියෙන්නේ. කරන්න ඉතිරි දෙයක් නෑ. ඉතින් මට දැන් යන්න ඕනේ”

පුංචි මෙහෙකරුවා- මැක්සිම් ගෝර්කි

නොබෙල් සාහිත්‍ය සම්මානයට පස් වරක් නිර්දේශ වූ ගෝර්කි.( www1.wdr.de)

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් යන නම අපි අහලා නැති වූවත් මැක්සිම් ගෝර්කි ගැනනම් අපි අහලා තියනවා. අපි අහපු නැති නම තමයි ඔහුගේ මුල් නම. රුසියාවේ සාර් රජ පාලනයට එරෙහිව තම ලේඛන කලාව මෙහෙයවූ ගෝර්කි අම්මා, පොමාගර්දේයෙව්, ළමා විය, මිනිසුන් අතර, මගේ සරසවි වැනි සමාජවාදී විප්ලවීය පොත් රචනා කල වීරයෙක්. ඔහු සෑම විටම පෙනී සිටියේ දුක් විදින වැඩකරන ජනතාව වෙනුවෙන් එම නිසා ඔහු සෝවියට් සංගමයේ ප්රසංශාවට බදුන් වෙනවා.

කුඩා කල මව පියා මිය ගිය පසු අත්තම්මගේ සෙවනේ සිටි කුඩා ඇලෙක්සිට පාසල් යාමට හැකි වන්නේ අවුරුදු අට දක්වා පමණයි. අනතුරුව ළමා මෙහෙකරුවෙක් ලෙස සේවය කරනවා.

ඔහුගේ කුඩා කාලය ඉතාම දුක්මුසුයි. ගෝර්කි මෙහෙකාරකම් කළ නිවසකදී වරක් ඔහු අතින් බොයිලේරුවේ කරාමය ගැලවී බොයිලේරුව පිළිස්සෙනවා. හිමිකාරිය කොස්සක් කැඩෙන තුරු කුඩා ගෝර්කිගේ පසු පෙදෙසට පහර දෙනවා. පසු දින වන විට ගෝර්කිගේ පසු පැත්ත ඉදිමී නැගිටීමට නොහැකිව තදින් උණ ගෙන තිබුණ බැවින් ඔහුට දින කිහිපයකට රෝහල්ගත වීමට සිදු වෙනවා.

පාවහන් වෙළෙඳ සලක අත් උදව්කරුවකු ලෙසද, ප්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසින් මෙන්ම වොල්ගා නදියේ දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසින්ද ඔහු සේවය කරනවා. මට ළමා කාලයක් නොතිබුණු බව වරෙක ඔහු ප්‍රකාශ කරනවා.

වීදියේ දාමරිකයා- ව්ලැද්මීර් පුටින්

රුසියානු KGB ඔත්තුකරුවා.( www.cbc.ca)

ධනවාදී රටවල් සමඟ කරට කර සිටිය හැකි රුසියානු නායකයා පූටින් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. හැබැයි ඔහු කුඩා කල අධ්‍යාපනයට දක්ෂතා නොදැක්වූ දාමරික ශිෂයෙක්. වොලොද්යා ලෙස කුඩා කළ මිතුරන් හැදින්වූ කුඩා පූටින් වරෙක වීදියේ බීමතින් හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුට කිසිදු අනුකම්පාවකින් තොරව පහර දෙනවා.

නාහෙට නාහන කොලුගැටයෙක් වූ ඔහු බොක්සින් ක්‍රීඩාව සඳහා යොමු වන්නේ වයස 10දී. ඉන් නහය බිදගත් ඔහු සම්බෝ නම් අවි ආයුධ වලින් තොර ආත්මාරක්ෂක ක්‍රීඩාවක නියැලෙනවා. පසුව ජුඩෝ ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. රුසියානු රහස් ඔත්තු සේවයට බැදීමට කුඩාකළ සිට සිහින මවන පූටින් උපාධිය රැගෙන ඒ සදහා ඇතුළු වෙනවා. නමුත් ඔහුට ලැබෙන්නේ පුවත් පත් වාර්ථා කපා අලවා සංසන්දනය කිරීම හා දුරකථන ඇමතුම් වලට සවන් දීම වැනි ඔහු බලාපොරොත්තු නොවූ දේවල්.

කුඩා කල රහස් පරීක්ෂක ටෙලිනාට්‍ය වලට බොහෝ ඇලුම් කල ඔහු 15 වැනි වියේදී “ද ෆීල්ඩ් ඇන්ඩ් ද ස්වොඩ්” නම් රුසියන් ඔත්තුකරුවෙක්ගේ කතා මාලාවකට කොතරම් ඇබ්බැහි වුනාද කියනවනම් ඉන් වසර 43කට පසු රුසියාවේ අගමැති ධූරය දරන විට ඇමරිකාවෙන් නෙරපූ රුසියන් ඔත්තුකරුවන් 11 දෙනා රුසියාවට පැමිණෙන විට පිළිගත්තේ ඔවුන් සමග එම කතා මාලාවේ තේමා ගීතය ගයනා කරමින්.

ලොව විශිෂ්ටයින්ගේ ජිවන කතා අපි බොහෝ දුරට දැන ගන්නේ ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රියා කලාප වලින් පමණයි. එත් සමඟ ඔවුන්ගේ අනෙකුත් ජිවන තොරතුරු කරලියට එන්නේ නෑ. ඉතින් අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වුනේ ඔවුන්ගේ නොකියවුණු කතා ටිකක් ඔබ වෙනුවෙන් ලියා තබන එකයි. ඉතින් මේ තමයි ලොව ප්‍රභල චරිත වල නොකියවුණු කතා.

[QUOTE="Idias, post: 23447134, member: 556682"] [b]ලොව ප්‍රසිද්ධ චරිතයන්ගේ නොපළවූ කතා[/b] [B][SIZE=4]පුජකයෙක් වෙන්න ඉගනගත් ඇඩොල්ෆ් හිට්ලර්[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2016/09/01.-2-e1474285973141.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිට්ලර් නාසි සම්ප්රදාය අනුව ආචාර කරමින්. ([url]www.socialmatter.net[/url])[/SIZE] [SIZE=4]ලෝක දේශපාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ජර්මනියේ ආඥාදායකයා වූ හිට්ලර් ඒ පිළිබඳව කිසිදු විවාදයක්නම් නෑ..ජර්මනියේ බියකරු ඒකාධිපති පාලක හිට්ලර් ගැන අපි සියළු දෙනාම අහල තියෙන්නේ දහස් ගණන් යුදෙව්වන් සමුළ ඝාතනයට පත් කරමින් වගේම ඕස්ට්‍රියාව ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කර දහස් ගණන් අහිංසක මිනිසුන්ට මරු කැදවු කෘරතර නායකයෙක් විදිහටයි. හැබැයි අද ඒ දේවල් ගැනනම් නෙවේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ නොපෙනුන දේවල් ගැනයි.[/SIZE] [SIZE=4]ඔහු කලක් පුජකයෙකු වීමට ඉගන ගත්ත බව ඇසුවොත් ඔබ පුදුම වේවි. හිට්ලර්ගේ මව දැඩි ආගමික ශක්තියෙන් යුක්ත වූ කාන්තාවක උනා. තම පුත්‍රයා ඔස්ට්‍රියාවේ ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ පූජකයකු වනු දැකීමට ඈ තුළ වූ අපේක්ෂාව මුදුන්පත් කර ගන්නට. නමුත් එම පාසලේ දුම්පානය කොට අසුවීම නිසා ඇඩොල්ෆ් පාසලින් පලවා හරිනු ලබනවා. අනතුරුව ඔහුව ජර්මනියේ උසස් කාර්මික විද්‍යාලයකට ඇතුලත් කරන්න හිට්ලර්ගේ පියා සමත් වෙනවා. දිනක් මිතුරන් සමඟ විනෝදවෙමින් සිටිනා විටෙක ඔහු පාසල් සහතිකය ඉරා දමා එය වැසිකිළි කඩදාසියක් ලෙස භාවිත කරනවා. කෙසේ හෝ මේ ආරංචිය විදුහල්පතිතුමාගේ කණට වැටුණු අතර බොහෝ සේ කිපුණු ඔහු හිට්ලර් හට දඬුවම් කොට ඔහු විදුහලෙන් නෙරපා දමනවා. මේ සිද්ධියෙන් පසු හිට්ලර් නැවත කිසිදාක පාසල් ගියේනම් නෑ.[/SIZE] [SIZE=4]පල්ලියේ ගීතිකා කණ්ඩායමේ කැපී පෙණුනු සාමාජිකයකු වූ අතර ඒ වගේම ඔහු චිත්‍ර කලාවට මහත් ආදරයක් දැක්වුවා. මව මියගිය පසු අවුරුදු පහක් ඔහු දිවි රැක ගත්තේ චිත්‍ර සටහන් විකිණීමෙන්. 1907 දී ඔහු වියානා සෞන්දර්ය ඇකඩමියට ඇයෑදුම්පතක් යවන මුත් චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රමාණවත් නැතැයි කියා ප්‍රතික්ෂේප කරනවා. 1908 දී එම ආයතනයටම ගෘහ නිර්මාණ ශිල්පය හැදැරීම සඳහා ඔහු ඉදිරිපත් කළ අයදුම්පත පවා ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රතික්ෂේප වීම මුළු ලොවේම අවාසනාවට හේතු වෙන්නේ මොහු හමුදාව දෙසට හැරීමයි. මේ කරුණනම් පුදුම හිතෙනවා. ඒ 1914 පෙබරවාරි මාසයේ දී හමුදා සේවයට සුදුසු ද යන්න පරික්ෂා කර බැලීම සඳහා හිට්ලර් තාවකාලික ව ඔස්ට්‍රියාවට කැඳවනු ලබනවා. නමුත් අවි දැරීමට තරම් ශක්තියක් නොමැති දුර්වලයකු සේ සලකා ඒ සඳහා ඔහු තෝරා ගන්නේ නෑ. දෙවන වර කෙසේ හෝ තේරුනත් හමුදාවේදී ලාන්ස් කෝප්රල් තනතුරට වඩා ඉහළට උසස් වෙන්න ඔහුට කවදාවත් ලැබුනේනම් නෑ. මේ අතර යුධ හමුදාව මගින් මුද්‍රණය කරනු ලැබූ පුවත්පතකට කාටුන් චිත්‍ර අඳිමින් සිටි හිට්ලර් එකළ නිදහස් පුවත් පත් කලාවේදියක්.[/SIZE] [SIZE=4]ජර්මනිය තුල නායකයා වෙමින් ඒකාධිපතිත්වයක් වපුරන ඔහු හාස්‍යජනක තීන්දු දෙකක් ලබා දෙනවා. තම යුධ කටයුතු පිළිබඳ ඇමැති නෙරපා දමන්නේ ඔහුගේ බිරිඳ කලින් වෛශ්‍යාවක් වූ බැවින්. හමුදා ප්‍රධානියා පදවියෙන් පහ කරනු ලබන්නේ ඔහු සමලිංගිකයෙකු ලෙස චෝදනා කරමින්. මිය යන විට වයස අවුරුදු පනස්හයක් වුවත් අවුරුදු අසුවක පෙනුමක් තිබු බව එකල පුවත්පත් වල සටහන් විය. [/SIZE] [B][SIZE=4]කුඩා දැරියක් නිසා රැවුල වැවූ ලින්කන්[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2016/09/02.-3-e1474286007831.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ලොවක් වෙනස් කළ අඩි 6 4’ උස කෙසඟ මිනිසා. ( feedyweedy.com)[/SIZE] [SIZE=4]ලෝක ඉතිහාසය පුරාම මිනිස් අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක් ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි වන්නේ නෑ. වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සශෝධනයක් එක් කරමින් වහල් භාවය ඇමරිකාවෙන් ඉවත් කරන්නේ එදා මෙදා තුර ඇමරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම ජනාධිපතිවරයා වෙමින්. හැබැයි මෙතනදී ලියැවෙන්නේ මේ අසහාය නායකයාගේ අපි නොදත් කරුණු කිහිපයක්.[/SIZE] [SIZE=4]ජනාධිපතිවරයා කල රැකියා ගණන ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ලියුම් බෙදන්නෙක් ලෙසින් මෙන්ම තැපැල් ස්ථානාධිපති ලෙසින්ද කටයුතු කළ ලින්කන්ගේ ඊළග අරමුණ වූයේ මිනින්දෝරුවෙකු වීමයි. ඒ අතර තුර ඒබ්‍රහම් නීතිය ගැන දක්වන ලද නැඹුරුතාවය නිසාම ඉතාමත් කැපවීමෙන් නිතිඥවරයෙකු බවට පත් වීම ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්. [/SIZE] [SIZE=4]පළමුවර ජනාධිපතිවරණයට සුදානම් වෙමින් සිටින අතරවාරයේ ලින්කන්ට ලියුමක් ලැබෙනවා. එය ලියා තිබුනේ ග්‍රේස් බෙඩෙල් නම් කුඩා දැරියක් විසින්. එහි සටහන්ව තිබුනේ ලින්කන්ගේ හකු ඇකිලී ගිය දිගටි මුහුණට රැවුල වැවීම සුදුසු වන බවත් ඒ තුළින් මිනිසුන්ගේ ආදරය දිනාගත හැකි බවත්ය. ඒ වගේම රැවුල වැවුවොත් ඔබට ජන්දය දීමට සුදානමින් නොසිටින සහෝදරයන් දෙදෙනා අනිවාර්යෙන්ම තමන්ට කැමති කරගත හැකි බවත්ය. මෙම කුඩා දැරියගේ ඉල්ලීමට නිරහංකාර වූ ලින්කන් එදා පටන් රැවුල වවන්නට විය. පසුව ස්තූති කර ලිපියක්ද කුඩා දැරියට යවන්නට අමතක කළේ නෑ. ලින්කන්ට ලැබුණු ලිපිය අදටත් ලින්කන් නිවසේ තැන්පත් කර තිබෙනවා.[/SIZE] [SIZE=4]ජනාධිපති ලින්කන්ගේ වැදගත් ලිපි ලේඛන උසැති තොප්පිය (විජ්ජකරුවන් පළදින ජාතියේ එකක්) තුළ දමාගෙනයි ඔහු ගමන් බිමන් ගිහින් තියෙන්නේ.[/SIZE] [B][SIZE=4]ලෝකය ගැන දන්නෙ නැති මෝඩ කම්මැලි කොල්ලා- ඇල්බර්ට් අයින්ස්ටයින්[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2016/09/03-3-e1474286046492.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිට්ලර්ට පවා අභියෝග කළ යුදෙව්වා( [url]www.lifehack.org[/url])[/SIZE] [SIZE=4]වර්තමානයේදී “අයින්ස්ටයින්” යන වචනය බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන් භාවිතා කරනවා කිවොත් හරි නේද? ඒ තරමටම අයින්ස්ටයින් ලොව බුද්ධිමතෙක් ලෙස පිළිගනු ලබනවා. ඔහු සාපේක්ෂතාවාදය ඇතුළු භෞතික විද්‍යාවේ සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කල විද්‍යාඥයෙක්. හැබැයි ඒවා ගැන නම් නෙවේ ලියන්නේ. ඔහුගේ අප්‍රසිද්ධ දේවල් ගැනයි.[/SIZE] [SIZE=4]කුඩාකල කතා කිරීමේ හැකියාව ඇල්බර්ට්ට තිබුනේ නෑ. දෙමාපියන් සිතුවේ මොහු උපන්ගෙයි ගොලුවෙක් කියලයි. නමුත් අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. වසර ගණනාවක් පාසල් යාමට නොහැකි වුනේ ඔහු විවිධ රෝග වලින් පීඩා විදීම නිසයි. පසුව පාසල් ගියත් ඔහු අනෙක් ළමුන්ට සාපේක්ෂව ඉතා දුර්වල සිසුවෙක් හා බුද්ධිමට්ටමින් අඩු වුවෙක් ලෙස ගුරුවරුන් සැලකුවා. සෑමවිටම කුඩා ඇල්බර්ට් හට “ලෝකය ගැන දන්නෙ නැති මෝඩ කම්මැලි කොල්ලා. මිනිහෙක් වෙන්න ඉගෙන ගනින් ” යනුවෙන් ගුරුවරු නොසතුට ප්‍රකාශ කළා. [/SIZE] [SIZE=4]අයින්ස්ටයින් කුඩා කල පටන් ප්රචණ්ඩත්වය හා යුද්ධ සහමුලින් ම පිළිකුල් කළා. අඩුම තරමින් ඔහු කුඩා පිරිමි ළමුන් කරන පොලිස් හෝ හමුදා සෙල්ලම් කළේවත් නැහැ. ඔහු සෑම විටම සාමවාදය හා සමාජවාදය අගය කළ පුද්ගලයෙක්.[/SIZE] [SIZE=4]අයින්ස්ටයින් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ.[/SIZE] [SIZE=4]කෙදිනකවත් මේස් දමා අනතුරුව සපත්තු පැළඳීම ඔහු කලේ නෑ. පුරුදුව සිටියේ මේස් නොමැතිව සපත්තු පැළදිමටයි. ඔහු ඕනෑ ම ගරු ගාම්භීර සභාවක වුවත් විහිළු තහළු කලේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව. ඔහු කුඩා දරුවෙකු මෙන් නිර්ව්‍යාජ හා කෙලිලොල් චරිතයක්. ඡායාරූප ගන්නා විට විසිලූ මුහුණක් පෑමත්, ඇතැම් විට දිව දික් කරමින් විකාර මුහුණක් මවා පෑම් කළා. ඔබ අනිවාර්යෙන්ම ඔහුගේ එම ජායාරූප දැකලා ඇති.[/SIZE] [SIZE=4]අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් පවා ප්‍රතික්ෂේප කරනවා. එයට බලකරන වෛද්‍යවරයාට ඔහු මෙසේ පවසනවා. “මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා කිසිම තේරුමක් නෑ. මම මගේ කොටස සම්පුරණයෙන් අවසන් කරලා තියෙන්නේ. කරන්න ඉතිරි දෙයක් නෑ. ඉතින් මට දැන් යන්න ඕනේ”[/SIZE] [B][SIZE=4]පුංචි මෙහෙකරුවා- මැක්සිම් ගෝර්කි[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2016/09/04-4-e1474286081527.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නොබෙල් සාහිත්‍ය සම්මානයට පස් වරක් නිර්දේශ වූ ගෝර්කි.( www1.wdr.de)[/SIZE] [SIZE=4]ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් යන නම අපි අහලා නැති වූවත් මැක්සිම් ගෝර්කි ගැනනම් අපි අහලා තියනවා. අපි අහපු නැති නම තමයි ඔහුගේ මුල් නම. රුසියාවේ සාර් රජ පාලනයට එරෙහිව තම ලේඛන කලාව මෙහෙයවූ ගෝර්කි අම්මා, පොමාගර්දේයෙව්, ළමා විය, මිනිසුන් අතර, මගේ සරසවි වැනි සමාජවාදී විප්ලවීය පොත් රචනා කල වීරයෙක්. ඔහු සෑම විටම පෙනී සිටියේ දුක් විදින වැඩකරන ජනතාව වෙනුවෙන් එම නිසා ඔහු සෝවියට් සංගමයේ ප්රසංශාවට බදුන් වෙනවා.[/SIZE] [SIZE=4]කුඩා කල මව පියා මිය ගිය පසු අත්තම්මගේ සෙවනේ සිටි කුඩා ඇලෙක්සිට පාසල් යාමට හැකි වන්නේ අවුරුදු අට දක්වා පමණයි. අනතුරුව ළමා මෙහෙකරුවෙක් ලෙස සේවය කරනවා.[/SIZE] [SIZE=4]ඔහුගේ කුඩා කාලය ඉතාම දුක්මුසුයි. ගෝර්කි මෙහෙකාරකම් කළ නිවසකදී වරක් ඔහු අතින් බොයිලේරුවේ කරාමය ගැලවී බොයිලේරුව පිළිස්සෙනවා. හිමිකාරිය කොස්සක් කැඩෙන තුරු කුඩා ගෝර්කිගේ පසු පෙදෙසට පහර දෙනවා. පසු දින වන විට ගෝර්කිගේ පසු පැත්ත ඉදිමී නැගිටීමට නොහැකිව තදින් උණ ගෙන තිබුණ බැවින් ඔහුට දින කිහිපයකට රෝහල්ගත වීමට සිදු වෙනවා. [/SIZE] [SIZE=4]පාවහන් වෙළෙඳ සලක අත් උදව්කරුවකු ලෙසද, ප්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසින් මෙන්ම වොල්ගා නදියේ දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසින්ද ඔහු සේවය කරනවා. මට ළමා කාලයක් නොතිබුණු බව වරෙක ඔහු ප්‍රකාශ කරනවා.[/SIZE] [B][SIZE=4]වීදියේ දාමරිකයා- ව්ලැද්මීර් පුටින්[/SIZE][/B] [SIZE=4][IMG]http://assets.roar.media/Sinhala/2016/09/05-3-e1474286114683.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රුසියානු KGB ඔත්තුකරුවා.( [url]www.cbc.ca[/url])[/SIZE] [SIZE=4]ධනවාදී රටවල් සමඟ කරට කර සිටිය හැකි රුසියානු නායකයා පූටින් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. හැබැයි ඔහු කුඩා කල අධ්‍යාපනයට දක්ෂතා නොදැක්වූ දාමරික ශිෂයෙක්. වොලොද්යා ලෙස කුඩා කළ මිතුරන් හැදින්වූ කුඩා පූටින් වරෙක වීදියේ බීමතින් හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුට කිසිදු අනුකම්පාවකින් තොරව පහර දෙනවා.[/SIZE] [SIZE=4]නාහෙට නාහන කොලුගැටයෙක් වූ ඔහු බොක්සින් ක්‍රීඩාව සඳහා යොමු වන්නේ වයස 10දී. ඉන් නහය බිදගත් ඔහු සම්බෝ නම් අවි ආයුධ වලින් තොර ආත්මාරක්ෂක ක්‍රීඩාවක නියැලෙනවා. පසුව ජුඩෝ ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. රුසියානු රහස් ඔත්තු සේවයට බැදීමට කුඩාකළ සිට සිහින මවන පූටින් උපාධිය රැගෙන ඒ සදහා ඇතුළු වෙනවා. නමුත් ඔහුට ලැබෙන්නේ පුවත් පත් වාර්ථා කපා අලවා සංසන්දනය කිරීම හා දුරකථන ඇමතුම් වලට සවන් දීම වැනි ඔහු බලාපොරොත්තු නොවූ දේවල්.[/SIZE] [SIZE=4]කුඩා කල රහස් පරීක්ෂක ටෙලිනාට්‍ය වලට බොහෝ ඇලුම් කල ඔහු 15 වැනි වියේදී “ද ෆීල්ඩ් ඇන්ඩ් ද ස්වොඩ්” නම් රුසියන් ඔත්තුකරුවෙක්ගේ කතා මාලාවකට කොතරම් ඇබ්බැහි වුනාද කියනවනම් ඉන් වසර 43කට පසු රුසියාවේ අගමැති ධූරය දරන විට ඇමරිකාවෙන් නෙරපූ රුසියන් ඔත්තුකරුවන් 11 දෙනා රුසියාවට පැමිණෙන විට පිළිගත්තේ ඔවුන් සමග එම කතා මාලාවේ තේමා ගීතය ගයනා කරමින්.[/SIZE] [SIZE=4]ලොව විශිෂ්ටයින්ගේ ජිවන කතා අපි බොහෝ දුරට දැන ගන්නේ ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රියා කලාප වලින් පමණයි. එත් සමඟ ඔවුන්ගේ අනෙකුත් ජිවන තොරතුරු කරලියට එන්නේ නෑ. ඉතින් අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වුනේ ඔවුන්ගේ නොකියවුණු කතා ටිකක් ඔබ වෙනුවෙන් ලියා තබන එකයි. ඉතින් මේ තමයි ලොව ප්‍රභල චරිත වල නොකියවුණු කතා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom