Source
ලෝකයේ කාලයෙන් කාලෙට අලුත් දේවල් දැකගන්න අපට අවස්ථාව ලැබෙනවා. තාක්ෂණය, නව සොයා ගැනීම් සහ අත්හදා බැලීම් සමගින් ඉදිරියට යන ගමනේදී අදහන්නත් බැරි තරම් පුදුම හිතෙන දේ අපට දැකගන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ ලෝකේ තියන පුදුම හිතෙන අවන්හල් කිහිපයක් ගැනයි.
01) එල්ලෙන අවන්හල් (Hanging Restaurants)
ඉන්දියාවේ බැංගලෝරයේ තියෙන මෙම අවන්හල හඳුන්වන්නේ Fly Dining කියලයි. එකවර 20 දෙනෙකුට අසුන්ගත හැකි මෙම අවන්හලේ ආහාර ගත හැකි වන්නේ අඩි 160 ක් ඉහලට ගිය පසුවයි. උස තැන්වලට යන්න බය පිරිසක් ඉන්න නිසාම මෙම කෑම මේසයට තිබෙන අසුන් ඉතාමත් ආරක්ෂාකාරීව බඳ පටි සහිතව සකසා තිබීම විශේෂත්වයක්. ඒ වගේම මෙම අවන්හලට යන්න තහනම් පිරිසකුත් ඉන්නවා ඒ තමයි ගැබිනි මව්වරුන් සහ වයස අවුරුදු 15 න් පහළ දරුවන්. ඒ වගේම මෙතනට එන අයගේ බර අනුවත් අවන්හල ඉහළට යන ප්‍රමාණය තීරණය වෙනවා. ඒ වගේම මෙතනදි කන්න පුළුවන් වෙන්නෙ මස් වර්ග සහ Set Menu එකක් වීමත් විශේෂත්වයක්.
02) මුහුද යට ඉඳන් රසට කන්න
ලංකාව වටේටම මුහුද තිබුනත් අපිට තවමත් මුහුද යට ඉඳන් රසම රස කෑම වේලක් කන්න අවස්ථාවක් ලැබුනේ නැහැනෙ. ඒත් ඉතින් මාලදිවයිනේ නිවාඩුවක් ගත කරන්න හිතන කෙනෙක්ට නම් “Ithaa Undersea Restaurant” කියන්නෙ නම් යන්නම ඕන තැනක්. මුහුද යට ඉන්න ලස්සන මාලු දිහා බලාගෙන රසම රස කෑමක් කන්න පුළුවන් වගේම මේ අවන්හලේ තියන සුන්දරත්වය නම් වචනවලින් විස්තර කරන්න බැහැ. “Ithaa Undersea Restaurant” එක තමයි මුහුද යට ආරම්භ කරපු පළමු අවන්හල විදිහට සැලකෙන්නෙ. මෙම අවන්හලේ රාත්‍රී ආහාරය සහ දහවල් ආහාරය ඔබට ලබා ගන්න පුළුවන්.
03)වෙනස්ම වැඩක් කරපු Ninja අවන්හල
Ninja කියන නම ඇහුවත් ටිකක් වෙනස් කියලා හිතනවානේ. නිව්යෝර්ක්වල පිහිටි මෙම අවන්හල අවුරුදු 15ක් කට පසුව මේ වසා දමා තිබෙනවා. විශාල මුදලක් වැය කර ගොඩ නගා තිබෙන මෙම අවන්හලට එන ඕනම කෙනෙක්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න Ninja අවන්හලේ සේවකයින් ලොකු මහන්සියක් අරගෙන තියෙනවා. නින්ජාවරුන් වගේ ඇඳගත් අය තමයි මේ අවන්හලේ කෑම රස විඳින්න එන පිරිසට කෑම පිළිගන්වන්නේ. මෙම අවන්හලට වැඩි පිරිසකගේ ආකර්ෂණයක් තිබුනත් මෙය වසා දැමීමට තීරණය කරලා තියෙන්නේ ලීසිං ගෙවා ගැනීමේ ප්‍රශ්නයක් නිසා බවයි ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වෙන්නෙ.
04) භූ කම්පනයෙදිත් කෑම දෙන Disaster Café
ස්පාඤ්ඤයේ පිහිටා තිබෙන Disaster Café එකට නොදැන කෙනෙක් ගියොත් මුහුණ දෙන්න වෙන්නේ භයානක අත්දැකීමකට. දහවල් කාලයේ ආහාරවේල ලබා දෙන විට මෙම අවන්හලේ කෘතිමව ලබාදෙන භූ කම්පනයේ අත්දැකීම විඳගන්න වැඩි පිරිසක් මේ අවන්හලට එනවා. මෙම අවන්හල තුළ 7.8 ක භූ කම්පනයක් ඇති කරන විට පාරිභෝගිකයින් මහන්සි ගන්නේ බීම සහ ඇනවුම් කළ ආහාර ආරක්ෂා කරගැනීමටයි. නමුත් මෙම අවන්හලේ බීම වර්ග සහ ආහාර උඩින් යන එක නම් නවත්තගන්න බැහැලු. විදුලිය විසන්ධි වෙමින් දිගින් දිගටම ඇතිවෙන භූ කම්පනය එක්ක කෑම ඔක්කොම කන කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්න තමයි හිතාගන්න අමාරු. භූ කම්පනය Photo වලින් පෙන්වන්න අමාරු නිසා අපි වීඩියෝ එකක් ඔයාලත් එක්ක Share කරගන්න හිතුවා.
05) හිර බත් කන්න කැමති අයට “Devil Island Prison Restaurant”
චීනයේ පිහිටලා තියෙන මෙම අපූරු අවන්හල නිර්මාණය කරලා තියෙන්නේ සිරගෙයක් විදිහටයි. යකඩ කූරු සහිත කාමරවල සිර ගෙවල්වල ලබාදෙන භාජනවලටම සිරකරුවන් වගේ හැඳගත් පිරිස ආහාර පිළිගැන්වීම විශේෂත්වයක්. මෙම අවන්හලේ මුරකරුවන් ගාඩ්වරුන් ලෙස හැඳගෙන සිටින අතර මෙම අවන්හල තුළ මාංචු සහ ඇඟිලි සලකුණුවල පින්තූර එල්ලා තිබේ. මෙවැනි අවන්හලක් තුළින් ජනතාවට සිරගෙයක අත්දැකීමක් ලබා දීමටත් අපරාධ සිදු කිරීමට තිබෙන බය ඇති කිරීම මූලිකම අදහස කියලයි අවන්හලේ හිමිකරු කියන්නේ. හිර බත්වල රස නොදන්නවා වුනත් මේ අවන්හලේ කෑමවල රසයට ඉහල ප්‍රතිචාර ලැබෙනවලු.
Source >>>>>>