Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව විෂ අධික ම පලතුර කමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විෂ අධික ම පලතුර කමුද

[ATTACH]45861[/ATTACH]

ඔබත් ‘ෆොරින් මේනියා’වෙන් පෙළෙන්නෙක් ද? ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැති නම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද? අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳ ව කථා කරන, උනන්දුවෙන බොහෝ දෙනෙකු නො තකන, නො දකින සමාජ විද්‍යාත්මක මහා බාධකය (Great barrier) හමුවන්නේ මෙතැන දී ය. ‘‘පිටරටින් ගෙනෙනා හැම දෙයක් ම උසස් ය… ගුණදායක ය…” යන මූඨ ආකල්පය අපේ රටේ අති බහුතරයකගේ සිතේ තදින් පැලපදියම් වී ඇති කාරණාවකි. ‘ෆොරින් බඩුවක්’, ‘ඉම්පෝටඞ් අයිටම් එකක්’ වැනි වචන හරහා ප්‍රකාශ කෙරෙන්නේ එයයි. ජන විඤ්ඤාණයේ ගැඹුරින් ම තැම්පත්ව ඇති මෙම අඳුරු, රැවටිළිකාර ආකල්ප ඉතාමත් ඕනෑකමකින් මකා නො දැම්මොත්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලාංකීය සෞඛ්‍ය සේවා පද්ධතියට ලෙහෙසි පහසු නො වෙනු ඇත. පාන් පිටිවලට අප මේ තරම් ඇලීගැලී සිටින්නේ, එහි ලාක්ෂණික ප්‍රත්‍යස්ථ හා ඇලෙන සුළු ගුණය නිසා ම නො වේ. ඒවා පිටරටින් අපට ගෙන්වන නිසා ය. පිටරටින් ආ අමුතු අමුතු නම් ඇති සුපිරි අවන්හල්, වෙළඳසල් සහ හෝටල් හතු පිපෙන්නාක් මෙන් බිහි වෙන්නේ ඒවා තුළ ඇත්තේ ‘ෆොරින්’ කෑම නිසා ය. ‘ෆ්‍රයිඩ් රයිස්’ කොයි තරම් නම් සෞඛ්‍යයට අහිතකර ද යන්න දැන සිටියත්, මිනිසුන් ඒවා ගිල දැමීමට ගිජු වී ඇත්තේ, ඒවා චීන, තායි කෑම නිසා ය. ගමේ-ගොඬේ, වෙලේ, ලන්දේ තණ උලා කන එළදෙනගේ කිරි නො බී, දියවැඩියාවට, පියයුරු පිළිකාවට, ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර වන්නට ද හේතු විය හැකි හෝමෝන, ප්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින් ආදි එකී නො කී රසායනික ද්‍රව්‍යවලින් දූෂිතව තිබෙනා කිරිපිටි බොන්නේ ඒවා ‘ෆොරින් කිරි’ නිසා ය. ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය කුණු වෙලා යද්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නො වීම පිණිස විෂ රසායන වර්ග යෙදූ, ඇපල්, මිදි, දොඩම් මිනිසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ්රලියාවේ හැදෙන මිදි, ඇපල් කියා හිතාගෙන මහා ආඩම්බරකාරී හැඟීමෙන් ය. එහෙත් මේ බොහෝ ආහාර තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත.

විෂ පොවා වවන පලතුරක් !

මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය ජේ. එම්. ආර්. එස්. බංඩාර මහතා, ආනයනික මිදි සහ ඇපල් පිළිබඳ ව තමන් විසින් කළ පර්යේෂණයක දී මිනිස් සෞඛ්‍යට අහිතකර බැරලෝහ සහ පළිබෝධ නාශකවල අවශේෂ කොටස් 47ක් පමණ එහි අන්තර්ගතව තිබී සොයා ගත් බව එතුමා අප හමුවේ හෙළි කළේ ය. ආනයනික පළිබෝධනාශක හා රසායනික පොහොර හරහා කැඞ්මියම් වැනි විෂ බැර ලෝහ මෙරටට පැමිණෙන බවට තමන් විසින් කළ පර්යේෂණයක දී තහවුරු වූ බවට පළමුව ප්‍රකාශ කළේ ද එතුමා ය. කෙසේ වෙතත් අපේ රටේ ඇත්තන් පවසන කිසිවක් පිළිනොගැනීමටත්, ඒවා අවඥාවේ කෙවිටෙන් තලා වීසි කර දැමීමටත් දක්වන ‘උපන්ගෙයි රුචිකත්වය’ නිසාවෙන්, සුදු ජාතික විද්‍යාඥයින් ම කියන, අප විසින් සුදු යැයි සිතාගෙන ඉන්න ‘රතු ඇපල් ගෙඩියේ’ ශෝචනීය ‘කළු කථාව’ මෙතැන් සිට අපි විමසා බලමු. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රකට පර්යේෂණ පදනමක් වන,Environmental Working Group (EWG) විසින් සෑම වසරක දී ම යුරෝපා වෙළඳපොළේ විකිණීමට තිබෙන පලතුරු හා එළවළුවල ඇති වස විස පිළිබඳ ව සොයා බැලීමක් සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුන් විසින් දූෂිතම එළවළු හා පලතුරු වර්ග 12 තෝරනු ලැබේ(Dirty dozen). සුපුරුදු පරිදි ම මෙම වසරේත් එම ලැයිස්තුවේ අංක එකට පත් වන්නට ‘ඇපල්’ සමත් වී ඇත. එම ආයතනය විසින් පර්යේෂණයට ලක් කළ ඇපල්වලින් 92%ක් පමණ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමකින්, විවිධ පළිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ගවලින් දූෂිත වී තිබුණු බව හෙළි වී ඇත. ඒ සෑම ඇපල් ගෙඩියක ම හානිකර රසායනික ද්‍රව්‍යයන් 56ක්වත් අන්තර්ගත ව තිබුණු බව වැඩිදුරටත් එම වාර්ථාවන්ගේ දැක්වේ. එහෙත් ඇපල් වගාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ඩොලර්, පවුම්වලට කට අරින තවත් විශේෂඥයින් යැයි කියාගත් පිරිසක් (උදා: ශ්‍රී ලාංකීය ඊනියා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන) විසින් EWG ආයතනය සහ වෙනත් පර්යේෂණ රාශියකින් පෙන්වා දී ඇති තොරතුරු අභියෝගයට ලක්කරමින් සාවද්‍ය තොරතුරු ජනතාව අතර ප්‍රචාරණය කරමින් සිටී. එහෙත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම ඇපල් නිතර අනුභවය, නිදන්ගත රෝග රාශියකට ම හේතු වන්නට පිළිවන් වෙන බව සහ විශේෂයෙන් කුඩා ළමුන්, ගර්භිණී මවුවරු සහ රෝගී, දුර්වල උදවිය දූෂිත ඇපල් පරිභෝජනයෙන් වැළකීම ඔවුන්ගේ ශරිර සෞඛ්‍යයට හිතකර වනු ඇති බව ය. එහෙත්… අවාසනාවක තරම! ලංකාවේ අපි තවමත් මෙම ඇපල්, රෝගීන් සහ ගර්භිණී මවුවරුන් බැලීමට යාමේ දී රැගෙන යන්නෙමු. කෙසෙල්, පැපොල්, පේර, නෙල්ලි නො කන අපේ දරුවන්ට අපි මහත් උජාරුවට ඇපල් කවන්නෙමු. අප රටේ නො තිබුණ ද ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් EWG ආහාර ද්‍රව්‍යවල තිබිය හැකි එක් එක් පළිබෝධ නාශකයේ උපරිම ප්‍රමාණයන් සඳහා ප්රමිතීන් හඳුන්වා දී ඇත. නමුත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ, මෙම ඇපල් තුළ ඇතැම් රසායනික ද්‍රව්‍යයන් EWG විසින් අනුමත ප්‍රමාණයන් ප්‍රබල ලෙස ඉක්මවා ඇති බව ය. අනෙක් අතට අනුමත ප්‍රමාණයන් ඉක්මවා නො තිබුණා යැයි සිතමු. එහෙත් විවිධ රසායනික ද්‍රව්‍යයන් පනස් ගණනක් වෙන් වෙන්ව යම් ආහාරයක් මත හෝ ඒවා පරිභෝජනය කරනු ලබන මිනිසුන්ගේ ශරීර තුළ ස්වාධීනව නො පවතින බව නිසැක ය. ඒවා අතර සිදුවන සංකීර්ණ අන්තර් ක්‍රියාවන් රාශියක් හේතු කොටගෙන ඇතැම් විට අනපේක්ෂිත භයානක සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි බව අප අමතක නො කළ යුතු ය.

ගහේ තිබෙනවාට වඩා වැඩි කාලයක් කඩේ තිබෙන්නේ කොහොම ද?

මල් ව්‍යාපාරයේ දී මල් ඉති හා මල් පොහොට්ටු වියළීම හා හැළීම නවතා සජීවි තත්ත්වයෙන් (ෆ්‍රෙෂ් ගතියෙන්) වැඩි කාලයක් තබා ගැනීමට වාණිජමය වශයෙන් භාවිත කරනුයේ සිල්වර් නයිටේ්රට් නම් වූ ද්‍රාවනයකි. වාණිජමය වශයෙන් සිල්වර් නයිටේ්රට් සාදානු ලබන්නේ තනුක නයිට්‍රික් අම්ලය තුළ සිල්වර් ලෝහය දිය කිරීමෙනි. මෙම ද්‍රාවණය මතුපිට තැවරීම හානිකර නො වූවත් ශරීරගත වීම බෙහෙවින් ම හානිකර බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, මෙම ද්‍රාවණය මල් ව්‍යාපාරයේ දී පමණක් නො ව, එළවළු සහ පලතුරු ව්‍යාපාරය තුළ ද සුලභ ව භාවිතයට ගැනෙන බව ලංකාවේ අප දැන නො සිටිය ද එය ලෝක ප්‍රසිද්ධ රහසකි. එබැවින් පරවුණු, කුණු වූ ඇපල් හෝ පිටරටින් ගෙන්වනු ලබන ඇට නැති නාරං හෝ මිදි අපට කිසි දිනක දැක ගන්නට නො ලැබෙණු ඇත. සිල්වර් නයිටේ්රට් පලතුරු මතට යෙදීමෙන් සහ පලතුරු තුළට එන්නත් කිරීමෙන්, (ඇපල් ගෙඩියේ අලවා ඇති ස්ටිකරය ගලවා බැලූ විට මෙම එන්නත් කළ ස්ථානය දැක ගැනීමට ඔබට පිළිවන.) පලතුරු ස්වාභාවිකව ඉදීමේ ක්‍රියාවලියට හේතුවන එතිලීන් නිෂ්පාදනය වීම නිෂේධනය (inhibit) කෙරෙනු ඇත. එවිට පලතුරු දීර්ඝ කාලයක් නැවුම් ව සහ සජීවීව තබා ගැනීමට පිළිවන් වනු ඇත.

කෙසේ වෙතත් සිල්වර් නයිටේ්රට් කාලයක් තිස්සේ ශරීරගත වීමෙන්, ස්නායූ ආබාධ, මොළයට සිදුවන හානිකර තත්ත්වයන්, පිළිකා වැනි රෝගාබාධ රාශියකට ම ඉවහල්වන බවයි විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ.

එතෙර දී සිල්වර් – මෙතෙර දී ෆෝමලින්

ලංකාවේ පලතුරු අලෙවි කරන්නන්, නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව ඔබ නිරීක්ෂණය කර ඇති. මේ නම් පිරිසිදු ඇල් වතුර යැයි ඔබ ද සිතන්නට ඇත. එහෙත් 99%ක් ම අවස්ථාවන් හි දී අවාසනාවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දිය කර ගත් ෆෝමලීන් ද්‍රාවණයකි. සුද්දා සිල්වර් නයිටේ්රට් යොදා මාස ගණනාවක් කල් තබා ගත් ඇපල්, කළු සුද්දා විසින් මළ මිනී එම්බාම් කිරීමට භාවිත කෙරෙන ෆෝමලින් භාවිත කර තව අවුරුද්දක් පමණ යස අපූරුවට කල් තබා ගනු ලබයි. අපේ කට්ටිය ෆෝමලීන් භාවිත කරන්නේ පලතුරුවලට පමණක් නො වේ. පැය 12න් ස්වාභාවිකව මීකිරි මුදවීමේ ක්‍රියාවලිය පැය 4න් කෘති‍්‍රම ව කර ගැනීම සඳහා ද එය බහුලව භාවිත කෙරේ. එසේ ම ඇතැම් කූට ව්‍යාපාරිකයන් විසින් ෆෝමලින් භාවිත කර කරවල, මාළු වැනි ආහාර වර්ගත් කල් තබා ගන්නා බව හෙළි වී ඇත.

විෂ ගැල්වූ ඇපල් දවටනය

ඇපල් වැනි පලතුරු ඔතා ඇති විවර සහිත ‘ඍජිෆෝම්’ දවටන සකස් කර ඇත්තේ පලතුරු, දිලීර හා බැක්ටීරියා ආසාදනවලින් බේරා ගැනීමට හැකි ප්‍රබල පළිබෝධ නාශක වර්ග ඒවා මත ගැල්වීමෙනි. මේ සඳහා තහනම් පළිබෝධ නාශක වර්ගයක් වන තිරාම් (Thiram) සහ ආසනික් අඩංගු දිළිර නාශක භාවිත කෙරෙන බව ද සොයාගෙන ඇත. මෙම හානිකර කටයුත්ත සුලභ වශයෙන් සිදු කෙරෙන්නේ චීනය තුළ වන අතර, වර්තමානයේ දී ලොව ප්‍රමුඛම ඇපල් වෙළෙන්දා වන්නේ ද චීනයයි. මෙම විෂ සහිත දවටන පිළිබඳ චීනයෙන් ඇපල් ගෙන්වනු ලබන වියට්නාමය වැනි රටවල් පවා පරීක්ෂණ සිදු කරමින් නිරන්තර අවධානයෙන් පසු වෙතත්, අපේ රටේ එවැන්නක් පිළිබඳ ව හාංකවිසියක්වත් නොමැත.

ඉටි ගෑ ඇපල්

පලතුරු කල් තබා ගැනීම සඳහා සිදු කරනු ලබන තවත් ක්‍රියාවක් වන්නේ, පලතුරු මත ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් තැවරීමයි. මේ සඳහා බහුල ව ම භාවිත කෙරෙනුයේ ‘මොර්පොලීන්’ (Morpholine) සහ ‘පැරෆින්’ (Paraffin) නමින් හඳුන්වනු ලබන ඉටි වර්ගයන් ය. මින් මොර්පොලීන් රසායනිකය පිළිකා කාරක ලක්ෂණ පෙන්නුම් කරන බවට සැක කරන බැවින්, යුරෝපා සංගමයේ රටවල් තුළ භාවිත කිරීම තහනම් කර ඇත. නමුත් අවාසනාවකට ලංකාවට ඇපල් ගෙන්වනු ලබන රටවල් වන චීනය, ඕස්ටේ්රලියාව වැනි රටවල මෙය තහනම් කර නොමැත. පැරෆින් යනු, පෙටේ්රාලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැති බවට පිළිගැණුනත්, ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභයක් සඳහා තත්ත්වයෙන් බාල පැරෆින් භාවිත කරන බවට හෙළි වී ඇත. මේ බාල පැරෆින් තුළ බෙන්සීන්, ටොලූවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගත විය හැකි බව සොයාගෙන ඇත.

විශේෂ සටහන: මෙහි දී අප හොඳින් මතකයේ තබා ගත යුතු කාරණාවක් වන්නේ ලංකාවට ගෙන්වනු ලබන පලතුරු වනාහි ලොව තත්ත්වයෙන් බාල බවට ‘කන්ඩෙම්’ වූ ඒවා බවත්, උක්ත පර්යේෂණවලට ලක් කොට ඇත්තේ ඇමරිකාව වැනි රටවල අලෙවි කෙරෙන තත්ත්වයෙන් උසස් යැයි සම්මත පලතුරු බවත් ය.

වසරකට ඇපල් ගෙඩි කෝටි 20ක් අනුභව කරන රටක් !

සාමාන්‍යයෙන් වසරකට අපේ රටට පිටරටින් ආනයනය කරනු ලබන පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වේ. ඉන් ඇපල් පමණක් සැලකූ විට එය, ගෙඩිවලින් කෝටි 20ක් පමණ වේ. රට වටකර වරකා ගස්, පේර ගස්, අඹ ගස්, කෙසෙල් ගස් තිබෙනා රටක ජීවත් වෙන අපි, වස විස කන්න මේ තරම් ජාතික ධනයක් කාබාසිනියා කිරීම ගැන හඬා වැලපිය යුත්තෙමු. ලැජ්ජාවට, අපහාසයට හා උපහාසයට ලක්විය යුත්තෙමු.

ඇපල් වගේ ද පැපොල්…?

අපේ රටේ ස්වාභාවිකව හැදෙන නෙල්ලි ගෙඩියේ, පැපොල්, ජමනාරං, වරකා, කාමරංගා, වෙරළු, ජම්බෝල ගෙඩියේ තිබෙන පිළිකා වළක්වන ප්රතිඔක්ෂිකාරක ගුණය ද ඇතුළු මාහැඟි පෝෂණ ගුණයන් පිළිබඳ ව මෙලෝ හසරක් නො දන්නා වූ අපේ රටේ ඇත්තන් බොහෝ දෙනෙකු තවමත් හිතාගෙන ඉන්නේ ඇපල් වනාහි මහා පුදුමාකාර ගුණ කන්දරාවක් ඇති පලතුරක් ලෙස ය. එහෙත් ඇත්ත කතන්දරය වන්නේ පැපොල් ගෙඩියේ පෝෂණය අහලකටවත් ඇපල් ගෙඩියට ළං වන්නට නො හැකි බව ය.

දැන් ඔබට වැටහෙනවා ඇති ‘දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් වෛද්‍යවරයා ඔබේ නිවසට නො ගෙන්වා සිටිය හැකි ය’ යන බටහිර ප්‍රකට කියමන වහාම වෙනස් කළ යුතු ව ඇති බව. ‘දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන්, ඔබේ වෛද්‍යවරයා පොහොසත් වෙනු ඇත’ ලෙස එය වෙනස් කළ යුතු ව ඇත.

විදේශයන්ගෙන් ගෙන්වන බොහෝ ආහාරවල කිසි ගුණයක් නොමැති බවත්, මෙතෙකැයි කිව නො හැකි තරම් ගුණයන් ඇත්තේ අපේ පැරැන්නන්ගේ දිවි රැක දුන් අපේ රටේ ස්වාභාවික ආහාර වර්ගවල බවත්, අපේ රටේ ඇත්තන්ට පසක් වෙන්නේ කවදා ද? අන්න එදාට, පෝෂණ විද්‍යාව, ජාතික ආර්ථිකය විෂයයන්හිලා මහ දැවැන්ත විප්ලවයක් සිදු වෙනු නො අනුමාන ය. එතෙක් මේ පිළිබඳ ව උනන්දුවන, කාරණා කටයුතු අවබෝධකර ගැනීමට තරම් සිහි බුද්ධිය ඇති සහෘදයන්ගේ දැනගැනීම පිණිස මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉහත කාරණා ස්වල්පය ඉතා සෙනෙහසින් අකුරු කළ බව මෙහි ලා අවසනට සටහන් තබමි.

ඇපල් සටහන

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරික්ෂක – දියතලාව

[QUOTE="rm1980, post: 15080433, member: 413392"] [b]ලොව විෂ අධික ම පලතුර කමුද[/b] [ATTACH]45861._xfImport[/ATTACH] [SIZE="4"]ඔබත් ‘ෆොරින් මේනියා’වෙන් පෙළෙන්නෙක් ද? ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැති නම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද? අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳ ව කථා කරන, උනන්දුවෙන බොහෝ දෙනෙකු නො තකන, නො දකින සමාජ විද්‍යාත්මක මහා බාධකය (Great barrier) හමුවන්නේ මෙතැන දී ය. ‘‘පිටරටින් ගෙනෙනා හැම දෙයක් ම උසස් ය… ගුණදායක ය…” යන මූඨ ආකල්පය අපේ රටේ අති බහුතරයකගේ සිතේ තදින් පැලපදියම් වී ඇති කාරණාවකි. ‘ෆොරින් බඩුවක්’, ‘ඉම්පෝටඞ් අයිටම් එකක්’ වැනි වචන හරහා ප්‍රකාශ කෙරෙන්නේ එයයි. ජන විඤ්ඤාණයේ ගැඹුරින් ම තැම්පත්ව ඇති මෙම අඳුරු, රැවටිළිකාර ආකල්ප ඉතාමත් ඕනෑකමකින් මකා නො දැම්මොත්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලාංකීය සෞඛ්‍ය සේවා පද්ධතියට ලෙහෙසි පහසු නො වෙනු ඇත. පාන් පිටිවලට අප මේ තරම් ඇලීගැලී සිටින්නේ, එහි ලාක්ෂණික ප්‍රත්‍යස්ථ හා ඇලෙන සුළු ගුණය නිසා ම නො වේ. ඒවා පිටරටින් අපට ගෙන්වන නිසා ය. පිටරටින් ආ අමුතු අමුතු නම් ඇති සුපිරි අවන්හල්, වෙළඳසල් සහ හෝටල් හතු පිපෙන්නාක් මෙන් බිහි වෙන්නේ ඒවා තුළ ඇත්තේ ‘ෆොරින්’ කෑම නිසා ය. ‘ෆ්‍රයිඩ් රයිස්’ කොයි තරම් නම් සෞඛ්‍යයට අහිතකර ද යන්න දැන සිටියත්, මිනිසුන් ඒවා ගිල දැමීමට ගිජු වී ඇත්තේ, ඒවා චීන, තායි කෑම නිසා ය. ගමේ-ගොඬේ, වෙලේ, ලන්දේ තණ උලා කන එළදෙනගේ කිරි නො බී, දියවැඩියාවට, පියයුරු පිළිකාවට, ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර වන්නට ද හේතු විය හැකි හෝමෝන, ප්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින් ආදි එකී නො කී රසායනික ද්‍රව්‍යවලින් දූෂිතව තිබෙනා කිරිපිටි බොන්නේ ඒවා ‘ෆොරින් කිරි’ නිසා ය. ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය කුණු වෙලා යද්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නො වීම පිණිස විෂ රසායන වර්ග යෙදූ, ඇපල්, මිදි, දොඩම් මිනිසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ්රලියාවේ හැදෙන මිදි, ඇපල් කියා හිතාගෙන මහා ආඩම්බරකාරී හැඟීමෙන් ය. එහෙත් මේ බොහෝ ආහාර තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත. විෂ පොවා වවන පලතුරක් ! මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය ජේ. එම්. ආර්. එස්. බංඩාර මහතා, ආනයනික මිදි සහ ඇපල් පිළිබඳ ව තමන් විසින් කළ පර්යේෂණයක දී මිනිස් සෞඛ්‍යට අහිතකර බැරලෝහ සහ පළිබෝධ නාශකවල අවශේෂ කොටස් 47ක් පමණ එහි අන්තර්ගතව තිබී සොයා ගත් බව එතුමා අප හමුවේ හෙළි කළේ ය. ආනයනික පළිබෝධනාශක හා රසායනික පොහොර හරහා කැඞ්මියම් වැනි විෂ බැර ලෝහ මෙරටට පැමිණෙන බවට තමන් විසින් කළ පර්යේෂණයක දී තහවුරු වූ බවට පළමුව ප්‍රකාශ කළේ ද එතුමා ය. කෙසේ වෙතත් අපේ රටේ ඇත්තන් පවසන කිසිවක් පිළිනොගැනීමටත්, ඒවා අවඥාවේ කෙවිටෙන් තලා වීසි කර දැමීමටත් දක්වන ‘උපන්ගෙයි රුචිකත්වය’ නිසාවෙන්, සුදු ජාතික විද්‍යාඥයින් ම කියන, අප විසින් සුදු යැයි සිතාගෙන ඉන්න ‘රතු ඇපල් ගෙඩියේ’ ශෝචනීය ‘කළු කථාව’ මෙතැන් සිට අපි විමසා බලමු. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රකට පර්යේෂණ පදනමක් වන,Environmental Working Group (EWG) විසින් සෑම වසරක දී ම යුරෝපා වෙළඳපොළේ විකිණීමට තිබෙන පලතුරු හා එළවළුවල ඇති වස විස පිළිබඳ ව සොයා බැලීමක් සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුන් විසින් දූෂිතම එළවළු හා පලතුරු වර්ග 12 තෝරනු ලැබේ(Dirty dozen). සුපුරුදු පරිදි ම මෙම වසරේත් එම ලැයිස්තුවේ අංක එකට පත් වන්නට ‘ඇපල්’ සමත් වී ඇත. එම ආයතනය විසින් පර්යේෂණයට ලක් කළ ඇපල්වලින් 92%ක් පමණ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමකින්, විවිධ පළිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ගවලින් දූෂිත වී තිබුණු බව හෙළි වී ඇත. ඒ සෑම ඇපල් ගෙඩියක ම හානිකර රසායනික ද්‍රව්‍යයන් 56ක්වත් අන්තර්ගත ව තිබුණු බව වැඩිදුරටත් එම වාර්ථාවන්ගේ දැක්වේ. එහෙත් ඇපල් වගාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ඩොලර්, පවුම්වලට කට අරින තවත් විශේෂඥයින් යැයි කියාගත් පිරිසක් (උදා: ශ්‍රී ලාංකීය ඊනියා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන) විසින් EWG ආයතනය සහ වෙනත් පර්යේෂණ රාශියකින් පෙන්වා දී ඇති තොරතුරු අභියෝගයට ලක්කරමින් සාවද්‍ය තොරතුරු ජනතාව අතර ප්‍රචාරණය කරමින් සිටී. එහෙත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම ඇපල් නිතර අනුභවය, නිදන්ගත රෝග රාශියකට ම හේතු වන්නට පිළිවන් වෙන බව සහ විශේෂයෙන් කුඩා ළමුන්, ගර්භිණී මවුවරු සහ රෝගී, දුර්වල උදවිය දූෂිත ඇපල් පරිභෝජනයෙන් වැළකීම ඔවුන්ගේ ශරිර සෞඛ්‍යයට හිතකර වනු ඇති බව ය. එහෙත්… අවාසනාවක තරම! ලංකාවේ අපි තවමත් මෙම ඇපල්, රෝගීන් සහ ගර්භිණී මවුවරුන් බැලීමට යාමේ දී රැගෙන යන්නෙමු. කෙසෙල්, පැපොල්, පේර, නෙල්ලි නො කන අපේ දරුවන්ට අපි මහත් උජාරුවට ඇපල් කවන්නෙමු. අප රටේ නො තිබුණ ද ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් EWG ආහාර ද්‍රව්‍යවල තිබිය හැකි එක් එක් පළිබෝධ නාශකයේ උපරිම ප්‍රමාණයන් සඳහා ප්රමිතීන් හඳුන්වා දී ඇත. නමුත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ, මෙම ඇපල් තුළ ඇතැම් රසායනික ද්‍රව්‍යයන් EWG විසින් අනුමත ප්‍රමාණයන් ප්‍රබල ලෙස ඉක්මවා ඇති බව ය. අනෙක් අතට අනුමත ප්‍රමාණයන් ඉක්මවා නො තිබුණා යැයි සිතමු. එහෙත් විවිධ රසායනික ද්‍රව්‍යයන් පනස් ගණනක් වෙන් වෙන්ව යම් ආහාරයක් මත හෝ ඒවා පරිභෝජනය කරනු ලබන මිනිසුන්ගේ ශරීර තුළ ස්වාධීනව නො පවතින බව නිසැක ය. ඒවා අතර සිදුවන සංකීර්ණ අන්තර් ක්‍රියාවන් රාශියක් හේතු කොටගෙන ඇතැම් විට අනපේක්ෂිත භයානක සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි බව අප අමතක නො කළ යුතු ය. ගහේ තිබෙනවාට වඩා වැඩි කාලයක් කඩේ තිබෙන්නේ කොහොම ද? මල් ව්‍යාපාරයේ දී මල් ඉති හා මල් පොහොට්ටු වියළීම හා හැළීම නවතා සජීවි තත්ත්වයෙන් (ෆ්‍රෙෂ් ගතියෙන්) වැඩි කාලයක් තබා ගැනීමට වාණිජමය වශයෙන් භාවිත කරනුයේ සිල්වර් නයිටේ්රට් නම් වූ ද්‍රාවනයකි. වාණිජමය වශයෙන් සිල්වර් නයිටේ්රට් සාදානු ලබන්නේ තනුක නයිට්‍රික් අම්ලය තුළ සිල්වර් ලෝහය දිය කිරීමෙනි. මෙම ද්‍රාවණය මතුපිට තැවරීම හානිකර නො වූවත් ශරීරගත වීම බෙහෙවින් ම හානිකර බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, මෙම ද්‍රාවණය මල් ව්‍යාපාරයේ දී පමණක් නො ව, එළවළු සහ පලතුරු ව්‍යාපාරය තුළ ද සුලභ ව භාවිතයට ගැනෙන බව ලංකාවේ අප දැන නො සිටිය ද එය ලෝක ප්‍රසිද්ධ රහසකි. එබැවින් පරවුණු, කුණු වූ ඇපල් හෝ පිටරටින් ගෙන්වනු ලබන ඇට නැති නාරං හෝ මිදි අපට කිසි දිනක දැක ගන්නට නො ලැබෙණු ඇත. සිල්වර් නයිටේ්රට් පලතුරු මතට යෙදීමෙන් සහ පලතුරු තුළට එන්නත් කිරීමෙන්, (ඇපල් ගෙඩියේ අලවා ඇති ස්ටිකරය ගලවා බැලූ විට මෙම එන්නත් කළ ස්ථානය දැක ගැනීමට ඔබට පිළිවන.) පලතුරු ස්වාභාවිකව ඉදීමේ ක්‍රියාවලියට හේතුවන එතිලීන් නිෂ්පාදනය වීම නිෂේධනය (inhibit) කෙරෙනු ඇත. එවිට පලතුරු දීර්ඝ කාලයක් නැවුම් ව සහ සජීවීව තබා ගැනීමට පිළිවන් වනු ඇත. කෙසේ වෙතත් සිල්වර් නයිටේ්රට් කාලයක් තිස්සේ ශරීරගත වීමෙන්, ස්නායූ ආබාධ, මොළයට සිදුවන හානිකර තත්ත්වයන්, පිළිකා වැනි රෝගාබාධ රාශියකට ම ඉවහල්වන බවයි විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. එතෙර දී සිල්වර් – මෙතෙර දී ෆෝමලින් ලංකාවේ පලතුරු අලෙවි කරන්නන්, නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව ඔබ නිරීක්ෂණය කර ඇති. මේ නම් පිරිසිදු ඇල් වතුර යැයි ඔබ ද සිතන්නට ඇත. එහෙත් 99%ක් ම අවස්ථාවන් හි දී අවාසනාවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දිය කර ගත් ෆෝමලීන් ද්‍රාවණයකි. සුද්දා සිල්වර් නයිටේ්රට් යොදා මාස ගණනාවක් කල් තබා ගත් ඇපල්, කළු සුද්දා විසින් මළ මිනී එම්බාම් කිරීමට භාවිත කෙරෙන ෆෝමලින් භාවිත කර තව අවුරුද්දක් පමණ යස අපූරුවට කල් තබා ගනු ලබයි. අපේ කට්ටිය ෆෝමලීන් භාවිත කරන්නේ පලතුරුවලට පමණක් නො වේ. පැය 12න් ස්වාභාවිකව මීකිරි මුදවීමේ ක්‍රියාවලිය පැය 4න් කෘති‍්‍රම ව කර ගැනීම සඳහා ද එය බහුලව භාවිත කෙරේ. එසේ ම ඇතැම් කූට ව්‍යාපාරිකයන් විසින් ෆෝමලින් භාවිත කර කරවල, මාළු වැනි ආහාර වර්ගත් කල් තබා ගන්නා බව හෙළි වී ඇත. විෂ ගැල්වූ ඇපල් දවටනය ඇපල් වැනි පලතුරු ඔතා ඇති විවර සහිත ‘ඍජිෆෝම්’ දවටන සකස් කර ඇත්තේ පලතුරු, දිලීර හා බැක්ටීරියා ආසාදනවලින් බේරා ගැනීමට හැකි ප්‍රබල පළිබෝධ නාශක වර්ග ඒවා මත ගැල්වීමෙනි. මේ සඳහා තහනම් පළිබෝධ නාශක වර්ගයක් වන තිරාම් (Thiram) සහ ආසනික් අඩංගු දිළිර නාශක භාවිත කෙරෙන බව ද සොයාගෙන ඇත. මෙම හානිකර කටයුත්ත සුලභ වශයෙන් සිදු කෙරෙන්නේ චීනය තුළ වන අතර, වර්තමානයේ දී ලොව ප්‍රමුඛම ඇපල් වෙළෙන්දා වන්නේ ද චීනයයි. මෙම විෂ සහිත දවටන පිළිබඳ චීනයෙන් ඇපල් ගෙන්වනු ලබන වියට්නාමය වැනි රටවල් පවා පරීක්ෂණ සිදු කරමින් නිරන්තර අවධානයෙන් පසු වෙතත්, අපේ රටේ එවැන්නක් පිළිබඳ ව හාංකවිසියක්වත් නොමැත. ඉටි ගෑ ඇපල් පලතුරු කල් තබා ගැනීම සඳහා සිදු කරනු ලබන තවත් ක්‍රියාවක් වන්නේ, පලතුරු මත ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් තැවරීමයි. මේ සඳහා බහුල ව ම භාවිත කෙරෙනුයේ ‘මොර්පොලීන්’ (Morpholine) සහ ‘පැරෆින්’ (Paraffin) නමින් හඳුන්වනු ලබන ඉටි වර්ගයන් ය. මින් මොර්පොලීන් රසායනිකය පිළිකා කාරක ලක්ෂණ පෙන්නුම් කරන බවට සැක කරන බැවින්, යුරෝපා සංගමයේ රටවල් තුළ භාවිත කිරීම තහනම් කර ඇත. නමුත් අවාසනාවකට ලංකාවට ඇපල් ගෙන්වනු ලබන රටවල් වන චීනය, ඕස්ටේ්රලියාව වැනි රටවල මෙය තහනම් කර නොමැත. පැරෆින් යනු, පෙටේ්රාලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැති බවට පිළිගැණුනත්, ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභයක් සඳහා තත්ත්වයෙන් බාල පැරෆින් භාවිත කරන බවට හෙළි වී ඇත. මේ බාල පැරෆින් තුළ බෙන්සීන්, ටොලූවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගත විය හැකි බව සොයාගෙන ඇත. විශේෂ සටහන: මෙහි දී අප හොඳින් මතකයේ තබා ගත යුතු කාරණාවක් වන්නේ ලංකාවට ගෙන්වනු ලබන පලතුරු වනාහි ලොව තත්ත්වයෙන් බාල බවට ‘කන්ඩෙම්’ වූ ඒවා බවත්, උක්ත පර්යේෂණවලට ලක් කොට ඇත්තේ ඇමරිකාව වැනි රටවල අලෙවි කෙරෙන තත්ත්වයෙන් උසස් යැයි සම්මත පලතුරු බවත් ය. වසරකට ඇපල් ගෙඩි කෝටි 20ක් අනුභව කරන රටක් ! සාමාන්‍යයෙන් වසරකට අපේ රටට පිටරටින් ආනයනය කරනු ලබන පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වේ. ඉන් ඇපල් පමණක් සැලකූ විට එය, ගෙඩිවලින් කෝටි 20ක් පමණ වේ. රට වටකර වරකා ගස්, පේර ගස්, අඹ ගස්, කෙසෙල් ගස් තිබෙනා රටක ජීවත් වෙන අපි, වස විස කන්න මේ තරම් ජාතික ධනයක් කාබාසිනියා කිරීම ගැන හඬා වැලපිය යුත්තෙමු. ලැජ්ජාවට, අපහාසයට හා උපහාසයට ලක්විය යුත්තෙමු. ඇපල් වගේ ද පැපොල්…? අපේ රටේ ස්වාභාවිකව හැදෙන නෙල්ලි ගෙඩියේ, පැපොල්, ජමනාරං, වරකා, කාමරංගා, වෙරළු, ජම්බෝල ගෙඩියේ තිබෙන පිළිකා වළක්වන ප්රතිඔක්ෂිකාරක ගුණය ද ඇතුළු මාහැඟි පෝෂණ ගුණයන් පිළිබඳ ව මෙලෝ හසරක් නො දන්නා වූ අපේ රටේ ඇත්තන් බොහෝ දෙනෙකු තවමත් හිතාගෙන ඉන්නේ ඇපල් වනාහි මහා පුදුමාකාර ගුණ කන්දරාවක් ඇති පලතුරක් ලෙස ය. එහෙත් ඇත්ත කතන්දරය වන්නේ පැපොල් ගෙඩියේ පෝෂණය අහලකටවත් ඇපල් ගෙඩියට ළං වන්නට නො හැකි බව ය. දැන් ඔබට වැටහෙනවා ඇති ‘දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් වෛද්‍යවරයා ඔබේ නිවසට නො ගෙන්වා සිටිය හැකි ය’ යන බටහිර ප්‍රකට කියමන වහාම වෙනස් කළ යුතු ව ඇති බව. ‘දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන්, ඔබේ වෛද්‍යවරයා පොහොසත් වෙනු ඇත’ ලෙස එය වෙනස් කළ යුතු ව ඇත. විදේශයන්ගෙන් ගෙන්වන බොහෝ ආහාරවල කිසි ගුණයක් නොමැති බවත්, මෙතෙකැයි කිව නො හැකි තරම් ගුණයන් ඇත්තේ අපේ පැරැන්නන්ගේ දිවි රැක දුන් අපේ රටේ ස්වාභාවික ආහාර වර්ගවල බවත්, අපේ රටේ ඇත්තන්ට පසක් වෙන්නේ කවදා ද? අන්න එදාට, පෝෂණ විද්‍යාව, ජාතික ආර්ථිකය විෂයයන්හිලා මහ දැවැන්ත විප්ලවයක් සිදු වෙනු නො අනුමාන ය. එතෙක් මේ පිළිබඳ ව උනන්දුවන, කාරණා කටයුතු අවබෝධකර ගැනීමට තරම් සිහි බුද්ධිය ඇති සහෘදයන්ගේ දැනගැනීම පිණිස මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉහත කාරණා ස්වල්පය ඉතා සෙනෙහසින් අකුරු කළ බව මෙහි ලා අවසනට සටහන් තබමි. ඇපල් සටහන ගැමුණු සාලිය පෙරේරා මහජන සෞඛ්‍ය පරික්ෂක – දියතලාව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom