Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"ලොව ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ලොව ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?"

"බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාවට. සමහරුන්ට ධර්මය වැඩක්ම නැහැනෙ, තේරෙන්නෙ නැහැනෙ. නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා. බණත් ඇහුවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන්නෙ නැහැ.අනුන්ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.එහෙම වුණාම තමන්ට ධර්මය වැටහෙන්නෙ නැහැ.

කොසොල් රජ්ජුරුවන්ට හිටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හිටියෙ හොඳටම. රජ්ජුරුවො ඔහුට සතියකට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිසවුන් එක්ක හොඳට සතුටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන්සේ ලඟින් ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන්සේ දැක්කාම ඇතා පිටින්වත් බැස්සෙ නැහැ.එතකොට බුදු රජාණන් වහන්සේ සංඝයාට කියනවා "මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා " කියලා. දැන් එතකොට සංඝයාට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීල යන කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අපට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි මේ බීපු කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් වෙන්නෙ කියලා.

ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතුටු වෙවී ඉද්දි ඇය එක පාරටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහුට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු රජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා. එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැටියටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්. කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන්නෙ සාමාන්‍යයෙන් රහතන් වහනන්සේලාටනෙ. ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා "ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු අරිහත්භාවයට පත් වෙලයි පිරිනිවන් පෑවෙ" කියලා. දැන් එතකොට හාමුදුරුවන්ට මේක ප්‍රශ්නයක්, කොහොමද මේ බීල හිටපු කෙනෙක් අරිහත්භාවයට පත් වුණේ කියලා.ඊයෙ හොඳටම බීල වෙරිමතින්නෙ හිටියෙ.

එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙ කාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්. ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක් විතර ජීවත් වෙනවා.) ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ කඩයක් දාගෙන. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙ ඒ පැත්තෙම තපෝවනයේ. ඉතින් ඔහු එහෙට ගිහිල්ලා කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා. නමුත් සෝවාන් වෙන්නෙ නැහැ. පැහැදෙනවා .ආයෙමත් බණ අහන්නවත් සිල් ගන්නවත් මොකකටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතනට එනහැම කෙනෙකුටම කියනවා "අන්න බුදු රජාණන් වහන්සෙ ඉන්නවා තපෝවනේ. ගිහිල්ල බණ අහන්න"කියලා. ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි කරන්නෙ. ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ. අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා. සමහරු සෝවාන් වුණා. සමහරු අනාගාමී වුණා. දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා. නමුත් අර මනුස්සයට මුකුත් වුණේ නැහැ.

බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහුට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කාට අර දස දහස් ලක්ෂ ගණනකට ශීලය රකින්න කළ උපකාරය ඔහුට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා.

සංසාරයේදි අන්න ඒ විදියේ දේ නොකළ අයට කොච්චර ධර්මය කිව්වත් ඔවුන්ට ඒවා වටින්නෙ නැහැ. ඒනිසා ලෝකයේ ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න. ඒකෙන්මයි අපට මාර්ගය පාදල දෙන්නෙ. කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි. දැන් ඔබ කියනවනෙ මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා. නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න. ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අයටත් කියන්න.මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය.ගිලන්පස ආහාර දාන වගේ නෙවේ. ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි. ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකුට කියන්න. තව කෙනෙකුට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න. අනෙක් දාන දුන්න කියල හුඟක්ම වැඩෙන්නෙ ආයුෂ වර්ණ සැප බල විතරයි .ප්‍රඥාවක් වැඩෙන්නෙ නැහැ.

ධර්ම මාර්ගයේ යන්නනම් ප්රඥාවයි වැඩෙන්න ඕන. ප්‍රඥාව තමයි අපට මේ මාර්ගය පෙන්වන්නෙ.සමහරු හොඳ වටිනා බණ අහල යනවා. නමුත් අනෙක් අයට ඒ ගැන කියන්නෙ නැහැ. අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ. එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනවට. ඒ නිසා කවදාකවත් එයාට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නැහැ. ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ අනුන්ට ධර්මය දෙන තරමට.

අතහැරීමක් එතනදි වෙන්නෙ. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. මේවා බොහොම සැඟවිලා තියෙන කරුණු. මේ කාරණා මිනිස්සු කියන්නෙ නැහැ. කියන්න දන්නෙ නැහැ. සමහරුන්ට බණ ඇහුවට දැනෙන්නෙ නැහැ... තේරෙන්නෙ නැහැ.. එතනින් ඉවරයි. අමතක වෙනවා. සමහර විට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා. එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා."

තෙරුවන් සරණයි .....!!!

උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරිනි.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...

[QUOTE="asliyanage, post: 29433534, member: 8764"] "ලොව ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?" "බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාවට. සමහරුන්ට ධර්මය වැඩක්ම නැහැනෙ, තේරෙන්නෙ නැහැනෙ. නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා. බණත් ඇහුවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන්නෙ නැහැ.අනුන්ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.එහෙම වුණාම තමන්ට ධර්මය වැටහෙන්නෙ නැහැ. කොසොල් රජ්ජුරුවන්ට හිටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හිටියෙ හොඳටම. රජ්ජුරුවො ඔහුට සතියකට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිසවුන් එක්ක හොඳට සතුටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන්සේ ලඟින් ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන්සේ දැක්කාම ඇතා පිටින්වත් බැස්සෙ නැහැ.එතකොට බුදු රජාණන් වහන්සේ සංඝයාට කියනවා "මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා " කියලා. දැන් එතකොට සංඝයාට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීල යන කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අපට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි මේ බීපු කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් වෙන්නෙ කියලා. ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතුටු වෙවී ඉද්දි ඇය එක පාරටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහුට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු රජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා. එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැටියටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්. කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන්නෙ සාමාන්‍යයෙන් රහතන් වහනන්සේලාටනෙ. ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා "ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු අරිහත්භාවයට පත් වෙලයි පිරිනිවන් පෑවෙ" කියලා. දැන් එතකොට හාමුදුරුවන්ට මේක ප්‍රශ්නයක්, කොහොමද මේ බීල හිටපු කෙනෙක් අරිහත්භාවයට පත් වුණේ කියලා.ඊයෙ හොඳටම බීල වෙරිමතින්නෙ හිටියෙ. එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙ කාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්. ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක් විතර ජීවත් වෙනවා.) ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ කඩයක් දාගෙන. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙ ඒ පැත්තෙම තපෝවනයේ. ඉතින් ඔහු එහෙට ගිහිල්ලා කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා. නමුත් සෝවාන් වෙන්නෙ නැහැ. පැහැදෙනවා .ආයෙමත් බණ අහන්නවත් සිල් ගන්නවත් මොකකටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතනට එනහැම කෙනෙකුටම කියනවා "අන්න බුදු රජාණන් වහන්සෙ ඉන්නවා තපෝවනේ. ගිහිල්ල බණ අහන්න"කියලා. ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි කරන්නෙ. ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ. අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා. සමහරු සෝවාන් වුණා. සමහරු අනාගාමී වුණා. දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා. නමුත් අර මනුස්සයට මුකුත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහුට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කාට අර දස දහස් ලක්ෂ ගණනකට ශීලය රකින්න කළ උපකාරය ඔහුට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. සංසාරයේදි අන්න ඒ විදියේ දේ නොකළ අයට කොච්චර ධර්මය කිව්වත් ඔවුන්ට ඒවා වටින්නෙ නැහැ. ඒනිසා ලෝකයේ ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න. ඒකෙන්මයි අපට මාර්ගය පාදල දෙන්නෙ. කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි. දැන් ඔබ කියනවනෙ මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා. නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න. ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අයටත් කියන්න.මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය.ගිලන්පස ආහාර දාන වගේ නෙවේ. ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි. ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකුට කියන්න. තව කෙනෙකුට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න. අනෙක් දාන දුන්න කියල හුඟක්ම වැඩෙන්නෙ ආයුෂ වර්ණ සැප බල විතරයි .ප්‍රඥාවක් වැඩෙන්නෙ නැහැ. ධර්ම මාර්ගයේ යන්නනම් ප්රඥාවයි වැඩෙන්න ඕන. ප්‍රඥාව තමයි අපට මේ මාර්ගය පෙන්වන්නෙ.සමහරු හොඳ වටිනා බණ අහල යනවා. නමුත් අනෙක් අයට ඒ ගැන කියන්නෙ නැහැ. අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ. එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනවට. ඒ නිසා කවදාකවත් එයාට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නැහැ. ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නෙ අනුන්ට ධර්මය දෙන තරමට. අතහැරීමක් එතනදි වෙන්නෙ. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. මේවා බොහොම සැඟවිලා තියෙන කරුණු. මේ කාරණා මිනිස්සු කියන්නෙ නැහැ. කියන්න දන්නෙ නැහැ. සමහරුන්ට බණ ඇහුවට දැනෙන්නෙ නැහැ... තේරෙන්නෙ නැහැ.. එතනින් ඉවරයි. අමතක වෙනවා. සමහර විට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා. එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා." තෙරුවන් සරණයි .....!!! උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරිනි. ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom