Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව සිදු වූ අති බිහිසුණුතම ගුවන් යානා අනතුර!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව සිදු වූ අති බිහිසුණුතම ගුවන් යානා අනතුර!

[MEDIA=facebook]757986223248274[/MEDIA]

වර්ෂ 1977 හි මාර්තු මස 27 වන ඉරිදා පස්වරු දොලොස පසු ව ගිය තිස්වැනි මිනිත්තුවෙහි, ස්පාඤ්ඤයට අයත් කැනරි දූ යායික දැවැන්තයෙකු වූ ග්‍රැන් කැනරියා හී ගුවන් තොටුපළ අභ්‍යන්තර කුඩා මල් සාප්පුවක බෝම්බයක් පිපිරිණි. බය හැගවූ, අඩු පිපිරුම අට දෙනෙකුට තුවාල කැදවීය. ජීවිත හානි කිසිවක් නොවී පිපුරුම අවසන් වී තිබිණි. නමුත් ඉන් උපන් සිදුවීම් දාමයක් අවසන, අහිංසක මිනිස් ජීවිත 583 ක් බිළිගැනීමට නියමිත බව කිසිවෙකු දැන හුන්නේ නැත.

එසේය! දෛවයේ මරණීය අවසාන චුම්බනය, පණ ගැහෙන ජීවිත හුස්මපොදි 583 ක හිස්මත අවසන් භයංකර ස්පර්ශය තබා, චුති රතියෙන් ආශක්තව හෙළුනු ඛේට කැදිලිති බිද බිද තබා, උන් ඉන් මරණයෙන් සනිටුහන් කොට තබා ගොස් තිබිණි.

පිපිරී ගිය බෝම්බයෙන් අහවර, ඒ ගුවන් තොටුපළක් වූ නිසාම, ඊටම ආවේණික වූ භීතිකා විය. තවත් බෝම්බ තිබිය හැකි ද? එවන් කළ සිදුකල යුතුව තිබූ දෙයට පියවර ගැණිනි. ගොඩ බෑමට නියමිත සියළුම ගුවන් යානා අසල ටෙනෙරිෆ් දූපතෙහි වූ ලොස් රෝඩියෝස් වෙත හරවා යැවිණි.

ලොස් රෝඩියෝස්, දූව තරමටම කුඩා වූ ගුවන් තොටුපළක් වූයෙන් එහි එතරම් ගුවන් යානා ගොන්නක් දැරීමට තිබූ අවකාශ අල්ප විය. එහෙයින් ගුවන් යානා ළග ළග පෙළ ගැසිනි. ඒ අතර කුඩා ගුවන් යානා දුසිමකට මදක් වැඩි ගණනක් හා විශාල ගුවන් යාන සතරක් විය. ඒ අතර දෛවෝපගත මරණයෙන් කළු ගැසුනු ගුවන් යානා දෙකක් විය. එකක් ඇම්ස්ටර්ඩෑමයෙහි සිෆෝල් හී සිට පැමිණි 'රයින්' ලෙස නම් දැරූ බෝයිං 747-206B වර්ගයේ KLM රාජකීය ලන්දේසී ගුවන් සමාගමට අයත් දැවැන්තයෙකු වූ අතර එහි මගීන් 234 ක් සහ 14 දෙනෙකින් සමන්විත සේවක මඩුල්ලක් විය. අපි ඊට KLM යැයි කියමු. අනෙක ඇමෙරිකාවෙහි ලොස් ඇන්ජලිස් සිට පැමිණ, නිව් යෝර්ක් හී ගිමන් ලා සේවක මඩුල්ලට ඉසිඹු දී නව සේවක මඩුල්ලක් නංවා පැමිණි බෝයිං 747-121 වර්ගයේ පෑන් ඇමෙරිකන් ගුවන් සේවයට අයත් තවත් පතාකයෙකු වූ අතර එහි මගීන් 380ක් සමග 16ක සේවක මඩුල්ලක් විය. අපි ඊට පෑන්-ඈම් යැයි කියමු.

දැන් අපි මදකට ලොස් රෝඩියස් ගුවන් තොටුපල සැලස්ම දෙස හැරී බලමු. එහි ප්‍රධාන එක් ගුවන් පථයක් හා අතිරේක එක් ටැක්සි පථයක් විය. ප්‍රධාන ගුවන් පථය හා ටැක්සි පථය සම්බන්ධ කරමින් අනු පථ සතරක් වූ අතර ඒවා පිළිවෙලින් C1,C2,C3 සහ C4 ලෙස හදුන්වමු. මින් C1 සහ C2 අනුපථ ප්‍රධාන පථය සමග වම්පසට අංශක 90ක හෝ ඊට ආසන්න කෝනයකින් සම්බන්ධ වී තිබූ අතර C3 ඉතා අපහසු වූ අංශක 150ක පමණ කෝනයකින් ඊට සම්බන්ධ වී තිබිය දී C4 වඩා පහසු ලෙස අංශක 30ක පමණ කෝණයකින් යුක්ත විය. ඊට අමතරව ප්‍රධාන පථය හා ටැක්සි පථය දෙකෙළවර කවාකාරව එකිනෙක සම්බන්ධ කරලූ පූර්ව පථය සහ අපර පථය ලෙස එකිනෙක හැදින්විය හැකි වූ තවත් සම්බන්ධක පථ දෙකක් විය.

යථෝක්ථ කාර්යබහුල සන්ධ්‍යාවෙහි අවකාශ අහේනිය පුරවනු වස් ගුවන් යානා අංගනයන්ට අමතරව, ටැක්සි පථයේද ගුවන් යානා නවතා තබන්නට සිදුව තිබිණි. එහෙයින් ගුවන් යානයක් ගුවන් ගත වීමට නම් ටැක්සි පථයේ වූ විශාල ගුවන් යානා එකින් එක ප්‍රධාන පථයට ගෙන ඒ එක එක ඉහළට නංවා පිළිවෙලින් ටැක්සි පථය හිස් කොට ඉඩ සකස්කරගත යුතු විය.

නැවතත් බෝම්බය පුපුරා ගිය හෝරාව දෙස හැරෙමු.

පිපිරීමෙන් වහා අහවර ග්‍රැන් කැනරියා ගුවන් තොටුපළට පෑන්-ඈම් ගුවන් යානය ගොඩ බැස්විය යුතුව තිබිණි. නමුදු ගුවන් තොටුපළ ආරක්ෂිත තත්වය පිරික්සා අවසන් වන තුරු ඊට, එයට ගොඩබැස්වීමට අවසර නැත. ඇති පමණට ඉන්ධන තිබීම හේතු කොට ගුවන් නියමුවා කලබල තත්වය පහව යනතුරු අහසෙහි කරක් ගසමින් සිටීමට හැකි බව යෝජනා කර තිබූ මුත් ඒ නොසලකා, කැනරියා ගුවන් පාලක මධ්‍යස්ථානය එය ලොස් රෝඩියෝස් වෙත ගොඩබෑ යුතු යැයි උපදෙස් දිණි. නියමුවා ගුවන් යානය හරවා එය වහා ටෙනරිෆ් දූපත දෙස පියාසර කරවීය.

මේ අතර දෙවන ගුවන් යානය වූ KLM, ටෙනරිෆ් දූපත ආසන්න ඉහළ අහසෙහි විය. එයට, සෘජුවම ලොස් රෝඩියස් වෙත ගොඩබෑමට උපදෙස් ලැබුනෙන් එය පෑන්-ඈම් යානයට පසුව ගොඩ බා ටැක්සි පථය වෙත සේන්දු විය. පෑන්-ඈම් යානයෙහි ගුවන්මගීන් එසේම සිටියදී, KLM හී මගීන් ගුවන් තොටුපළ විවේක අංගනය වෙත ඉසිඹු ගැන් වූ අතර වඩා දුරෙක සිට පැමිණි පෑන්-ඈම් මගියා ගුවන් යානය තුළම ඒ මේ අත ඇවිද ඇග හිරිකඩා විඩා නිවීමට යත් දැරීය.

හෝරා කිහිපයක් ගතවිය. කලබලකාරී තත්වය පහව ගොස් තිබුනෙන් පළමුව ග්‍රැන් කැනරියා වෙත ගොඩ බෑ යුතු වූ පෑන්-ඈම් වෙත ලොස් රෝඩියස් වෙතින් පැමිණෙන ලෙස උපදෙස් ලැබිණි. නමුදු, KLM යානය ටැක්සි පථය අවහිර කරමින් සිටිය දී, පෑන්-ඈම් වෙත ඒ ඔස්සේ ප්‍රධාන ගුවන් පථය වෙත ගමන් කිරීමට හැකියාවක් නොතිබිණි. ඒ සදහා KLM යානය පළමුව ඉවත් කරවිය යුතුව තිබිණි.

නමුදු, ලද අවසරයෙන් කාලය ඉතිරි කරගනිමියි සිතා තිබූ KLM ප්‍රධාන ගුවන් නැවියා ප්‍රධාන ගුවන් තොටුපලේදී සිදු කළ යුතුව තිබූ ඉන්ධන පිරවීම, ඊට පොරොතුව මෙහිදීම කරගැන්ම අරඹා තිබිණි. සම්පූර්ණ ඉන්ධන ටැංකිය පුරවාගැන්මට ඊට විනාඩි 30ක් ආසන්නව ගත විය. ඉන්පසු විවේක ගැන්වූ මගීන් ඊට පැටවීම ඇරඹුනෙන් තවත් මිනිත්තු සතළිසක් පමණ බලාහිදීමට නොඉවසිලිමත් පෑන්-ඈම් යානයට සිදුවිය. ඒ අතර KLM යානයේ ගමන්කල එක්තරා නෙදර්ලන්ත පවුලක සාමාජිකයින් සතරක් ආගිය අතක් නොවූයෙන් උන් සෙවීමට තවත් කාලය ගතවිය.

ඒ අතර ලොස් රෝඩියස් වැසියෙකු වූ රොබීනා වෑන් ලාන්ස්කොට් අවසාන මොහොතෙහි සිය සංචාරක අදහස් වෙනස් කරගත්තෙන් සියළු දෙනාගේ විරෝධය නොතකා ඇය KLM යානයෙන් පිට වී නැවතත් ගුවන් යානා විවේකාගාරයට එළඹගති. සියල්ල එකලස් කොට KLM යානය පණ ගන්වා ගන්වා අපර පථය ඔස්සේ ප්‍රධාන පථයට ඇතුළුවන විට පස්වරු 4.59 යන්තමට පසු වී තිබිණි.

KLM ප්‍රධාන පථය ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබියදී ඊට මිනිත්තු තුනක ඇවෑමෙන් පෑන්-ඈම් යානයට ප්‍රධාන පථයට ඇතුළු වීම සදහා උපදෙස් ලැබිණි. පෑන්-ඈම් යානය ප්‍රධාන පථය ඔස්සේ ඉදිරියට ඇදෙද්දී, KLM යානය එහි මුළුදුර ගමන් කොට අංශක 180කින් ආපසු හරවා Backtaxi ක්‍රමය ඔස්සේ යානය ගුවන් ගත කරගත යුතු අතර ඒ අතරතුර පෑන්-ඈම් යානය C3 අනු පථය ඔස්සේ ටැක්සි පථයට එළැඹ පූර්ව පථය ඔස්සේ ප්‍රධාන පථයට පැමිණ KLM යානයට විනාඩි තුනක පරතරයකින් අහසට නංවා ගත යුතුය.

[QUOTE="හෙළයෙක්, post: 30780051, member: 503645"] [SIZE=5]ලොව සිදු වූ අති බිහිසුණුතම ගුවන් යානා අනතුර![/SIZE] [MEDIA=facebook]757986223248274[/MEDIA] [SIZE=5]වර්ෂ 1977 හි මාර්තු මස 27 වන ඉරිදා පස්වරු දොලොස පසු ව ගිය තිස්වැනි මිනිත්තුවෙහි, ස්පාඤ්ඤයට අයත් කැනරි දූ යායික දැවැන්තයෙකු වූ ග්‍රැන් කැනරියා හී ගුවන් තොටුපළ අභ්‍යන්තර කුඩා මල් සාප්පුවක බෝම්බයක් පිපිරිණි. බය හැගවූ, අඩු පිපිරුම අට දෙනෙකුට තුවාල කැදවීය. ජීවිත හානි කිසිවක් නොවී පිපුරුම අවසන් වී තිබිණි. නමුත් ඉන් උපන් සිදුවීම් දාමයක් අවසන, අහිංසක මිනිස් ජීවිත 583 ක් බිළිගැනීමට නියමිත බව කිසිවෙකු දැන හුන්නේ නැත. එසේය! දෛවයේ මරණීය අවසාන චුම්බනය, පණ ගැහෙන ජීවිත හුස්මපොදි 583 ක හිස්මත අවසන් භයංකර ස්පර්ශය තබා, චුති රතියෙන් ආශක්තව හෙළුනු ඛේට කැදිලිති බිද බිද තබා, උන් ඉන් මරණයෙන් සනිටුහන් කොට තබා ගොස් තිබිණි. පිපිරී ගිය බෝම්බයෙන් අහවර, ඒ ගුවන් තොටුපළක් වූ නිසාම, ඊටම ආවේණික වූ භීතිකා විය. තවත් බෝම්බ තිබිය හැකි ද? එවන් කළ සිදුකල යුතුව තිබූ දෙයට පියවර ගැණිනි. ගොඩ බෑමට නියමිත සියළුම ගුවන් යානා අසල ටෙනෙරිෆ් දූපතෙහි වූ ලොස් රෝඩියෝස් වෙත හරවා යැවිණි. ලොස් රෝඩියෝස්, දූව තරමටම කුඩා වූ ගුවන් තොටුපළක් වූයෙන් එහි එතරම් ගුවන් යානා ගොන්නක් දැරීමට තිබූ අවකාශ අල්ප විය. එහෙයින් ගුවන් යානා ළග ළග පෙළ ගැසිනි. ඒ අතර කුඩා ගුවන් යානා දුසිමකට මදක් වැඩි ගණනක් හා විශාල ගුවන් යාන සතරක් විය. ඒ අතර දෛවෝපගත මරණයෙන් කළු ගැසුනු ගුවන් යානා දෙකක් විය. එකක් ඇම්ස්ටර්ඩෑමයෙහි සිෆෝල් හී සිට පැමිණි 'රයින්' ලෙස නම් දැරූ බෝයිං 747-206B වර්ගයේ KLM රාජකීය ලන්දේසී ගුවන් සමාගමට අයත් දැවැන්තයෙකු වූ අතර එහි මගීන් 234 ක් සහ 14 දෙනෙකින් සමන්විත සේවක මඩුල්ලක් විය. අපි ඊට KLM යැයි කියමු. අනෙක ඇමෙරිකාවෙහි ලොස් ඇන්ජලිස් සිට පැමිණ, නිව් යෝර්ක් හී ගිමන් ලා සේවක මඩුල්ලට ඉසිඹු දී නව සේවක මඩුල්ලක් නංවා පැමිණි බෝයිං 747-121 වර්ගයේ පෑන් ඇමෙරිකන් ගුවන් සේවයට අයත් තවත් පතාකයෙකු වූ අතර එහි මගීන් 380ක් සමග 16ක සේවක මඩුල්ලක් විය. අපි ඊට පෑන්-ඈම් යැයි කියමු. දැන් අපි මදකට ලොස් රෝඩියස් ගුවන් තොටුපල සැලස්ම දෙස හැරී බලමු. එහි ප්‍රධාන එක් ගුවන් පථයක් හා අතිරේක එක් ටැක්සි පථයක් විය. ප්‍රධාන ගුවන් පථය හා ටැක්සි පථය සම්බන්ධ කරමින් අනු පථ සතරක් වූ අතර ඒවා පිළිවෙලින් C1,C2,C3 සහ C4 ලෙස හදුන්වමු. මින් C1 සහ C2 අනුපථ ප්‍රධාන පථය සමග වම්පසට අංශක 90ක හෝ ඊට ආසන්න කෝනයකින් සම්බන්ධ වී තිබූ අතර C3 ඉතා අපහසු වූ අංශක 150ක පමණ කෝනයකින් ඊට සම්බන්ධ වී තිබිය දී C4 වඩා පහසු ලෙස අංශක 30ක පමණ කෝණයකින් යුක්ත විය. ඊට අමතරව ප්‍රධාන පථය හා ටැක්සි පථය දෙකෙළවර කවාකාරව එකිනෙක සම්බන්ධ කරලූ පූර්ව පථය සහ අපර පථය ලෙස එකිනෙක හැදින්විය හැකි වූ තවත් සම්බන්ධක පථ දෙකක් විය. යථෝක්ථ කාර්යබහුල සන්ධ්‍යාවෙහි අවකාශ අහේනිය පුරවනු වස් ගුවන් යානා අංගනයන්ට අමතරව, ටැක්සි පථයේද ගුවන් යානා නවතා තබන්නට සිදුව තිබිණි. එහෙයින් ගුවන් යානයක් ගුවන් ගත වීමට නම් ටැක්සි පථයේ වූ විශාල ගුවන් යානා එකින් එක ප්‍රධාන පථයට ගෙන ඒ එක එක ඉහළට නංවා පිළිවෙලින් ටැක්සි පථය හිස් කොට ඉඩ සකස්කරගත යුතු විය. නැවතත් බෝම්බය පුපුරා ගිය හෝරාව දෙස හැරෙමු. පිපිරීමෙන් වහා අහවර ග්‍රැන් කැනරියා ගුවන් තොටුපළට පෑන්-ඈම් ගුවන් යානය ගොඩ බැස්විය යුතුව තිබිණි. නමුදු ගුවන් තොටුපළ ආරක්ෂිත තත්වය පිරික්සා අවසන් වන තුරු ඊට, එයට ගොඩබැස්වීමට අවසර නැත. ඇති පමණට ඉන්ධන තිබීම හේතු කොට ගුවන් නියමුවා කලබල තත්වය පහව යනතුරු අහසෙහි කරක් ගසමින් සිටීමට හැකි බව යෝජනා කර තිබූ මුත් ඒ නොසලකා, කැනරියා ගුවන් පාලක මධ්‍යස්ථානය එය ලොස් රෝඩියෝස් වෙත ගොඩබෑ යුතු යැයි උපදෙස් දිණි. නියමුවා ගුවන් යානය හරවා එය වහා ටෙනරිෆ් දූපත දෙස පියාසර කරවීය. මේ අතර දෙවන ගුවන් යානය වූ KLM, ටෙනරිෆ් දූපත ආසන්න ඉහළ අහසෙහි විය. එයට, සෘජුවම ලොස් රෝඩියස් වෙත ගොඩබෑමට උපදෙස් ලැබුනෙන් එය පෑන්-ඈම් යානයට පසුව ගොඩ බා ටැක්සි පථය වෙත සේන්දු විය. පෑන්-ඈම් යානයෙහි ගුවන්මගීන් එසේම සිටියදී, KLM හී මගීන් ගුවන් තොටුපළ විවේක අංගනය වෙත ඉසිඹු ගැන් වූ අතර වඩා දුරෙක සිට පැමිණි පෑන්-ඈම් මගියා ගුවන් යානය තුළම ඒ මේ අත ඇවිද ඇග හිරිකඩා විඩා නිවීමට යත් දැරීය. හෝරා කිහිපයක් ගතවිය. කලබලකාරී තත්වය පහව ගොස් තිබුනෙන් පළමුව ග්‍රැන් කැනරියා වෙත ගොඩ බෑ යුතු වූ පෑන්-ඈම් වෙත ලොස් රෝඩියස් වෙතින් පැමිණෙන ලෙස උපදෙස් ලැබිණි. නමුදු, KLM යානය ටැක්සි පථය අවහිර කරමින් සිටිය දී, පෑන්-ඈම් වෙත ඒ ඔස්සේ ප්‍රධාන ගුවන් පථය වෙත ගමන් කිරීමට හැකියාවක් නොතිබිණි. ඒ සදහා KLM යානය පළමුව ඉවත් කරවිය යුතුව තිබිණි. නමුදු, ලද අවසරයෙන් කාලය ඉතිරි කරගනිමියි සිතා තිබූ KLM ප්‍රධාන ගුවන් නැවියා ප්‍රධාන ගුවන් තොටුපලේදී සිදු කළ යුතුව තිබූ ඉන්ධන පිරවීම, ඊට පොරොතුව මෙහිදීම කරගැන්ම අරඹා තිබිණි. සම්පූර්ණ ඉන්ධන ටැංකිය පුරවාගැන්මට ඊට විනාඩි 30ක් ආසන්නව ගත විය. ඉන්පසු විවේක ගැන්වූ මගීන් ඊට පැටවීම ඇරඹුනෙන් තවත් මිනිත්තු සතළිසක් පමණ බලාහිදීමට නොඉවසිලිමත් පෑන්-ඈම් යානයට සිදුවිය. ඒ අතර KLM යානයේ ගමන්කල එක්තරා නෙදර්ලන්ත පවුලක සාමාජිකයින් සතරක් ආගිය අතක් නොවූයෙන් උන් සෙවීමට තවත් කාලය ගතවිය. ඒ අතර ලොස් රෝඩියස් වැසියෙකු වූ රොබීනා වෑන් ලාන්ස්කොට් අවසාන මොහොතෙහි සිය සංචාරක අදහස් වෙනස් කරගත්තෙන් සියළු දෙනාගේ විරෝධය නොතකා ඇය KLM යානයෙන් පිට වී නැවතත් ගුවන් යානා විවේකාගාරයට එළඹගති. සියල්ල එකලස් කොට KLM යානය පණ ගන්වා ගන්වා අපර පථය ඔස්සේ ප්‍රධාන පථයට ඇතුළුවන විට පස්වරු 4.59 යන්තමට පසු වී තිබිණි. KLM ප්‍රධාන පථය ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබියදී ඊට මිනිත්තු තුනක ඇවෑමෙන් පෑන්-ඈම් යානයට ප්‍රධාන පථයට ඇතුළු වීම සදහා උපදෙස් ලැබිණි. පෑන්-ඈම් යානය ප්‍රධාන පථය ඔස්සේ ඉදිරියට ඇදෙද්දී, KLM යානය එහි මුළුදුර ගමන් කොට අංශක 180කින් ආපසු හරවා Backtaxi ක්‍රමය ඔස්සේ යානය ගුවන් ගත කරගත යුතු අතර ඒ අතරතුර පෑන්-ඈම් යානය C3 අනු පථය ඔස්සේ ටැක්සි පථයට එළැඹ පූර්ව පථය ඔස්සේ ප්‍රධාන පථයට පැමිණ KLM යානයට විනාඩි තුනක පරතරයකින් අහසට නංවා ගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom