Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ අලුත්ම ස්වභාවික පුදුම හත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ අලුත්ම ස්වභාවික පුදුම හත

පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි්රයාවේ ප්රදීපාගාරයයි.

පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය!

මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය.

මේ thread එකෙන් කියන්නේ ඒ ස්වභාවික පුදුම හත පිළිබඳවයි

1. ඇමේසන්

ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.

එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනි.

වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය.

ඉතින් මේ හරිත වනය ලෝකයේ ලොකුම පුදුමයක් වීම කිසිසේත්ම පුදුමයක් නොවේ.

2.ඉගුආසු ඇල්ල

බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ්රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය.

ඉඟුආසු ඇල්ලේ ප්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ්රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය.

තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි.

ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.

3.හා ලොන්ග් බොක්ක

වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප්‍රමාණයෙන් කුඩා ගුහාවකි.

අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය.

4.කොමොඩෝ

බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි.

5. ටේබල් මවුන්ටන්

ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි.

උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප්‍රධානතම කඳු හිස්ය.

විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය.

පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ්රාවන්ගේද නිජබිමයි.

6.පූවර්වෝ ප්රින්සෙසා

පූවර්වෝ ප්රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප්රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය.

මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති.

7.ජේජු දුපත

දර්ශණීය දියඇලි තුනක ජන්ම භූමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූවකි. වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොඳුරු වනගහනයකින් ද යුත් ජේජු දුපත මේ වනවිටත් දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත. විවිධ වර්ග වල මැණික් වලටද උරුමකම් කියන මේ අපූරු දුපත සීත සෘතුවේ දී අධික ශීතල දේශගුණයකින් යුක්තයි.

මීටර් 1950න් යුත් මහල් කඳු මුදුනක්ද තවත් යමහල් කිහිපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානය යුනේස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ

කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැකගැනීමටද වරම් ලැබෙන ජේජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය.

මෙකී නවතම පුදුම හත හේතුවෙන් මේ ස්ථානවලට මෙතෙක් නොවූ විරූ අන්දමේ සංචාරක ආකර්ශනයක් උරුම වෙයි. ඒ නිසාම මේප්රදේශ වලට යටිතල පහසුකම් සැපයීමෙන් යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමටද ඒ රටවලට පුළුවන්.

මේ නවතම පුදුම හත පිළිබඳව මහත් උත්සව ශ්‍රීයෙන් කෙරෙන ප්‍රකාශයක් ඉදිරි මාස දෙක තුන ඇතුලත සිදුවන බව පැවසේ.

සොබාදහමේ මේ පුදුම හතට වඩා පුදුම සහගත පුදුම ලෝකයේ තවත් තිබෙතැයි සමහරු චෝදනා කළ හැකිය. එහෙත් මේ පුදුම හත තෝරාගෙන ඇත්තෙ මිලියන සංඛ්‍යාත ඡන්ද වලින් බැවින් මේ ප්‍රතිඵල සාධාරණයැයි අපට පිළිගන්නට සිදුවේ.

උපුටා ගැනීම ලංකාදීප web site එකෙන් .

ශාන්ත කුමාර විතාන ගේ article එකක් .

එළකිරි එකේ දාන්න පුළුවන් විදියට හැදුවේ නම් මම .

හොදැයි නම් ඉතින් කොරල ගියාට කමක් නැ

[QUOTE="chathurakalugal, post: 11547056, member: 75383"] [b]ලෝකයේ අලුත්ම ස්වභාවික පුදුම හත[/b] පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි්රයාවේ ප්රදීපාගාරයයි. පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය! මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය. මේ thread එකෙන් කියන්නේ ඒ ස්වභාවික පුදුම හත පිළිබඳවයි [B][SIZE="5"]1. ඇමේසන්[/SIZE][/B] [IMG]http://i40.tinypic.com/ddggmd.jpg[/IMG] ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි. එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනි. වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය. ඉතින් මේ හරිත වනය ලෝකයේ ලොකුම පුදුමයක් වීම කිසිසේත්ම පුදුමයක් නොවේ. [B][SIZE="5"]2.ඉගුආසු ඇල්ල[/SIZE][/B] [IMG]http://i44.tinypic.com/262s2zn.jpg[/IMG] බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ්රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය. ඉඟුආසු ඇල්ලේ ප්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ්රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය. තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි. ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි. [B][SIZE="5"]3.හා ලොන්ග් බොක්ක[/SIZE][/B] [IMG]http://i44.tinypic.com/2rwow.jpg[/IMG] වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප්‍රමාණයෙන් කුඩා ගුහාවකි. අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය. [B][SIZE="5"]4.කොමොඩෝ[/SIZE][/B] [IMG]http://i39.tinypic.com/1pialx.jpg[/IMG] බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි. [B][SIZE="5"]5. ටේබල් මවුන්ටන්[/SIZE][/B] [IMG]http://i44.tinypic.com/9qied0.jpg[/IMG] ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි. උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප්‍රධානතම කඳු හිස්ය. විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය. පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ්රාවන්ගේද නිජබිමයි. [B][SIZE="5"]6.පූවර්වෝ ප්රින්සෙසා[/SIZE][/B] [IMG]http://i42.tinypic.com/ejzmva.jpg[/IMG] පූවර්වෝ ප්රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප්රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය. මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති. [B][SIZE="5"]7.ජේජු දුපත[/SIZE][/B] [IMG]http://i40.tinypic.com/2vb7j48.jpg[/IMG] දර්ශණීය දියඇලි තුනක ජන්ම භූමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූවකි. වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොඳුරු වනගහනයකින් ද යුත් ජේජු දුපත මේ වනවිටත් දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත. විවිධ වර්ග වල මැණික් වලටද උරුමකම් කියන මේ අපූරු දුපත සීත සෘතුවේ දී අධික ශීතල දේශගුණයකින් යුක්තයි. මීටර් 1950න් යුත් මහල් කඳු මුදුනක්ද තවත් යමහල් කිහිපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානය යුනේස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැකගැනීමටද වරම් ලැබෙන ජේජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය. මෙකී නවතම පුදුම හත හේතුවෙන් මේ ස්ථානවලට මෙතෙක් නොවූ විරූ අන්දමේ සංචාරක ආකර්ශනයක් උරුම වෙයි. ඒ නිසාම මේප්රදේශ වලට යටිතල පහසුකම් සැපයීමෙන් යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමටද ඒ රටවලට පුළුවන්. මේ නවතම පුදුම හත පිළිබඳව මහත් උත්සව ශ්‍රීයෙන් කෙරෙන ප්‍රකාශයක් ඉදිරි මාස දෙක තුන ඇතුලත සිදුවන බව පැවසේ. සොබාදහමේ මේ පුදුම හතට වඩා පුදුම සහගත පුදුම ලෝකයේ තවත් තිබෙතැයි සමහරු චෝදනා කළ හැකිය. එහෙත් මේ පුදුම හත තෝරාගෙන ඇත්තෙ මිලියන සංඛ්‍යාත ඡන්ද වලින් බැවින් මේ ප්‍රතිඵල සාධාරණයැයි අපට පිළිගන්නට සිදුවේ. උපුටා ගැනීම ලංකාදීප web site එකෙන් . ශාන්ත කුමාර විතාන ගේ article එකක් . එළකිරි එකේ දාන්න පුළුවන් විදියට හැදුවේ නම් මම . හොදැයි නම් ඉතින් කොරල ගියාට කමක් නැ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom