Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකය දකින්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.මේව මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු සුරංගනා කතා , මෝඩ ජෝක්ස් , අන්ද භක්තිය කියල කියපු කාලයක් මටත් තිබුන.ඒත් ඒ වැරදි දැක්මෙන් මිදුන යන්තම්.විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.

ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.

බම්ප් එකකුත් දාලම යන්න අනිත් අයටත් බලන්න. බුදු සරණයි!

[ATTACH]68710[/ATTACH]

රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි පැවැත්වූ දේශනයක අවසන් කොටසයි මේ.

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ උදය, වැය දකින්න කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් හා ආහාර ප්‍රත්‍යයෙන් පංච උපාදානස්කන්ධයේ ඇති වීම සිදු වෙනවා කියන ඒ බුද්ධ දේශනාව අනුව, පෙනීම කියන සිද්ධිය ඇති වුණේ මෙහෙමයි, නැති වුණේ මෙහෙමයි කියලා දකින්නට අපිට පුළුවන් වෙන්න ඕන.

මෙතැනදී පෙර අවිද්‍යාව නිසා කර්ම, ඒ කර්මයට මරණාසන්න මොහොතේදී තණ්හා කළ නිසා ප්රතිසන්ධි ආවා. ඒ ප්රතිසන්ධි සිතේ වූ නාම-රූප ධර්මවලට අනුව කන-බොන ආහාරය නිසා මේ ආයතන ටික හැදුණා. ඒ ආයතන නිසා ස්පර්ශ හැදුණා නේද කියලා අපිට පටිච්ච සමුප්පාදයට අනුව බලන්න වෙනවා.

“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” කියලා බලන්නට පුළුවන් නම්, මේ පෙනෙන දේට හේතු වශයෙන් ගන්නට වෙන්නේ ඒ ටිකයි. පෙනෙනවා වාගේම, පෙනෙන දේ ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකත් නැති වෙනවා කියලා නේද? පංච උපාදානස්කන්ධයේ උදය වැය බල-බලා හිටියොත් මේ පින්වතුන්ට රූප සංඥාව අතහැරෙනවා.

රූප සංඥාව කියන්නේ මොකක්ද? රූපයක් තියෙනවා කියලා රූපයට නැඹුරු වෙලා ඉන්නවා කියන සිද්ධියටයි. රූපයක් තියෙනවා කියලා හැඳිනීමට කියනවා රූප සංඥාව කියලා. පටිච්ච සමුප්පදායට අනුව පෙනෙන දේ අරභයා හිත තියලා බැලුවොත් ඉන්නේ රූප සංඥාවෙන් මිදිලා. ආයතන ටික නිසාම රූප පෙනෙනවා කියලා තේරෙයි. එතකොට තේරෙනවා, දකින්නට ඉස්සර තිබුණත් නොවෙයි; දැක්කායින් පස්සේ තිබුණත් නොවෙයි. ආයතන ටික නිසාමයි පෙනෙන්නේ. ආයතන ටිකේ හැකියාව නිසා මේ අවකාශ ධාතුවේ රවුම්වට, දිගට, මහතට, රූප කලාප රාශි වෙලා අපට පෙනෙනවා. බාහිර ධාතුව නිසා හැඩතල හදලා අපට පෙන්නන්නේ ඒ ඒ ආයතනයේ හැටියටයි.

අවකාශ කියන-එක සංඛතයි. වැඩි දෙනෙක් කියන්නේ නිවනත් අවකාශ වාගෙයි, අවකාශය ඉබේම තියෙන-එකක්, ඒක හැදිච්ච-එකක් නොවෙයි කියලයි. නමුත් මම කියනවා අවකාශය ප්‍රත්‍යයෙන් උපන්-එකක්. අවකාශයත් සංඛතයි, අවකාශය හේතූන්ගෙන් හටගත්-එකක් කියලා. අවකාශය අසංඛත නම් හැමදාම එක වගේ තියෙන්ට ඕන. එක එක ස්පර්ශයට අනුව අවකාශය වෙනස් වෙනවා නම්, ඒ අවකාශය සංඛතයි නේද? අවකාශය අපේ කර්මයට අනුව සකස් කරගත් එකක් නොවෙයිද? බුදු රජාණන් වහන්සේ දේශනා කළා මේ අවකාශය සහිත ලෝකයක් තියෙන්ට බෑ මේ අධ්‍යාත්මයේ සිදු වන සිද්ධියෙන් තොරව කියලා.

බ්‍රහ්මලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තව්තිසා දෙව්ලොවට එනකොට තව්තිසා වැසි දෙවියන්ට ඒ අය පෙනෙන්නේ නැහැ. පෙනෙන්න නම් රළු ආත්මයක් මවාගෙන එන්න ඕන. තව්තිසා වැසි දෙවියන් මනුෂ්‍ය ලෝකයට එන විට අපිට පෙනෙන්නේ නැහැ; රළු ආත්මයක් මවාගෙන ආවොත් තමයි අපිට පෙනෙන්නේ. මේ අවකාශය තුන් දෙනාට වෙනස්. තව්තිසා වැසි දෙවියන්ට මේ අපේ රූපය ඇතුළෙන් යන්නට පුළුවන්. මේකෙ ගැටෙන්නේ නෑ අවකාශ නිසා. හැබැයි එයාට ඒ මට්ටමේ රූප හරහා යන්න බෑ, ගැටෙනවා.

බ්‍රහ්මයන්ට අපෙත් දෙවියන්ගේත් රූප හරහා යන්න පුළුවන්, අවකාශයයි. හැබැයි එයාට ඒ මට්ටමේ රූපවල යන්න බැහැ. වදිනවා; ගැටෙනවා. එතකොට මේ ආයතන හයෙන් බැහැරව හිස් අවකාශය කියලා එකක් වත් නෑ. ඔය අවකාශය ඉතිරි වුණොත් තමයි අපිට ඒකේ තියෙන රූප ඉතිරි වෙන්නේ. හිස් අවකාශයක් හැදිලා තියෙන්නේ ආයතන හයට සාපේක්ෂව නම් “සළායතන පච්චයා ඵස්සෝ” කියන තැන තේරෙනවා නම්, දකින්න ලෝකය කියන-එක ආයතනයටමයි සම්බන්ධ වෙනනේ කියලා. මේ පටිච්ච සමුප්පාදය හරහා බුදු දහමෙන් පෙන්නන කාරණය ගොඩාක් ගැඹුරුයි. මීට වඩා ගොඩාක් ලස්සනට විස්තර සහිතව විග්රහ කරලා පෙන්නුවොත් ආශ්‍රව ගෙවෙනවා කියන-එක පුදුමයක් නොවෙයි.

ඒ නිසා මම අනුමානයෙන් මතක් කළ තැනක් තියෙනවා දකින්න. සෑම ආගමකටම, සෑම දර්ශනයකටම වඩා බුදු දහම වටිනවා කියන්නේ කුමක් නිසාද? වෙනත් ආගම්වල දර්ශනවල ‘ලෝකය’ කියලා කියන තැන තියෙන ලෝකයක ඉපදුණා. උපදින්නට ඉස්සර වෙලත් ලෝකය තිබුණා, තියෙන ලෝකයේ ජීවත් වෙලා මැරිලා යනවා කියන අදහසයි දෙන්නේ. ඔය දර්ශනයට වඩා බුදුදහම වටින්නෙත්, ශ්‍රේෂ්ඨ වෙන්නෙත් ඔය කාරණය මතමයි.

ඉපදෙන්නට ඉස්සර වෙලා ලෝකය තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තිබෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ ඇසුරු කිරීමම ලෝකයේ ඇසුරු කිරීමයි. ඒ ඇසුරු කළ, ජීවත් වුණ ලෝකයේ ඉඳලා මැරිලා යනවා. ලෝකය ඉතිරි වෙනවා නොවෙයි; ආයතන ටිකේ නැති වීමම ලෝකයේ නැති වීමයි කියන තථාගත දර්ශනය දකින්ට.

මෙන්න මේකමයි ලෝකය පිළිබඳ ඇත්ත. කවදාවත් වරදින්නේ නෑ. සම්මුති දේශනාව අනුව අරමුණක් දකින්නට ඉස්සර තිබුණා නොවෙයි; දැක්කායින් පස්සේ තියෙනවා නොවෙයි; අවස්ථාවට ආයතනය නිසා හැදිලයි පෙනෙන්නේ.

කවුරුහරි ඇහුවොත් ඇයි එහෙම කියන්නේ කියලා ඔබට තවම උත්තරයක් දෙන්ට බැරි වෙයි; නමුත් දැනගෙන ඉන්න: “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” බුදු රජාණන් වහන්සේ මෙය ඔප්පු කරලා පෙන්නන්නේ මේ න්යායෙනුයි කියන-එක. කෙටියෙන් කියනවා නම් මේ දර්ශනයත්, මේ දර්ශනය පෙන්නන්න හේතුව පටිච්චසමුප්පාදය බවත් දැනගන්න. සෑම දහමක්ම අහලා ඔතැන්ට ගළප-ගළපා බලන්න. අහක නොයන නිවැරැදි උත්තරයකට එයි. ඊට මෙහා බුදු රජාණන් වහන්සේ දේශනා කළා කීවාට විශ්වාස කරන්න එපා. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ දහමට විනයට ගැළැපෙනවා නම් බාර ගන්ට, නැත් නම් බැහැර කරන්න කියලනේ.

මේ දහම ලිහලා මීට වඩා තේරෙන මට්ටමකට ආවොත් මේ පින්වතුන් ගොඩ යනවා කියන-එකත් පුදුමයක් නොවෙයි කියල මට හිතෙනවා. එහෙම ලිහලා පෙන්නන්න පුළුවන් වුණොත් නිවන් දකිනවා කියන-එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් මේ අද, මේ පවතින ස්වභාවය ලිහා නොදෙන තාක්, නිවන් දකිනවා කියන-එක නම් ප්‍රශ්නයක් තමයි. අපට හීනයකින් වත් මෙවැනි දර්ශනයක් අහන්නට ලැබුණේ නෑ. හැම වෙලාවෙම අහන්න ලැබෙන්නේ “ලෝකය තියෙනවා, ඒ තියෙන ලෝකයේ තණ්හා නොකර ඉන්න” කියන-එකයි. නමුත් තියෙනවා කියන ලෝකය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් මිදෙන ක්‍රමයක් පෙන්නන්නේ නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න: මේ පටිච්චසමුප්පාදය දේශනා කරලා තියෙන්නේ නිකං නොවෙයි. මේ ලෝකය තුළ අපි විඳින්නේ අපේ කර්මයමයි කියන-එක ඒකෙන් පෙන්නනවා.

තව පැත්තකින් බැලුවොත් ‘ඇත’ හෝ ‘නැත’ කියන උත්තර ගන්ට අපට හරි පහසුයි.

නමුත් කෙනෙකුට ‘නැත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘ඇත’ කියන-එකට පත් නොවී, හා ‘ඇත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘නැත’ කියන තැනට පත් නොවී, ඒක හරි වටිනා දෙයක්, ආශ්චර්යවත් දෙයක් වෙනවා.

අපට හිතෙනවා නම් අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්මලෝක තියෙනවා කියලා, ඒක ශාස්වත දෘෂ්ටියට වැටෙනවා. අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක නෑ කියන උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැතිව, ඒ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් නම් ලෝකයට හිතාගන්නට වත් බැරි තරමට ඒක හරි වටිනවා. තියෙනවා කියන ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ලෝකයා දන්නවා; හැබැයි, ඒ සමඟම අපාය, දිව්‍යලෝක ආදිය නෑ කියලා උච්ඡේද දෘෂ්ටියට පත් වෙලා. ඒ නිසා කෙරෙන්න ඕන උච්ඡේද දෘෂ්ටිය ඇසුරු නොකර ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ඕන; ශාස්වත දෘෂ්ටිය ඇසුරු නොකර උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. එතකොට එයාට ඉතිරි වන එකම න්‍යාය, එකම මාර්ගය වෙන්නේ මධ්‍යම ප්රතපදාවයි.

“අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ අපායට යන මට්ටමේ කර්මයක් කළොත්, මරණාසන්න මොහොතේදී ඒ කර්මය මතක් වුණොත්, ඊළඟ ප්රතිසන්ධි සිත ඇති වන්නේ, ඒ කර්මයේ තියෙන ගති මට්ටමට අනුවයි. ඊට පස්සේ, ඒ ප්රතිසන්ධි සිතට අනුව නාම රූප දෙකත්, ඒ නාම රූප දෙකට අනුව සළායතනත්, ඒ සළායතනවලට ගැළපෙන මට්ටමේ ක්රූර වූ, කටුක වූ, තියුණු වූ ස්පර්ශ මට්ටමකුත් ඇති වෙනවා. එතකොට ඒකට ස්පර්ශ වෙන්නේ දුක එන මට්ටමේ රූප විතරයි. එතකොට එවැනි කර්මයක් තියෙනවා නම් අපායෙ ඉපදෙන්නෙ නෑ කියන්න බෑ. බැරි වෙලා හරි මෙහෙම කර්මයක් නො තිබී, ප්රතිසන්ධි සිතකුත් ඇති නොවුණොත්, ඒ මට්ටමේ නාම රූප හා ආයතන නිසා ස්පර්ශයක් සිදු නොවන නිසා ‘තියෙනවා’ කියන්ටත් බෑ. හැබැයි හොඳට මතක තියාගන්න, “මෙය ඇති කල්හි මෙය වෙයි” කියන-එක.

අපායට යන, ලෝකය හඳුන්වන මට්ටමේ කර්මයක් තිබුණොත් විඤ්ඤාණය ප්රතිසන්ධි වශයෙන් ගිහින් අපා දුකක්ම ස්පර්ශ කරන්න වෙනවා.

අවිද්‍යා, කර්ම, විඤ්ඤාණ, නාම රූප, සළායතන හා ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනාවද ඇති වන්නේ නැති නිසා දුකක් ඇති වන්නේ නැහැ. ඒ නිසා, ‘මෙය ඇති කල්හි මෙය වෙනවා, මෙය නැති කල්හි මෙහෙම දෙයක් වෙන්නේ නෑ’ කියලා තේරුම් ගන්න.

ඒ නිසා අපාය නෑ කියන්න බෑ; තියෙනවා කියන්නත් බෑ. ඒ නිසා මෙබඳු වූ ස්පර්ශයක් ස්පර්ශ කරනවාද, නැද්ද කියන-එක ඔබ සතුයි කියන බව “ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා.” මධ්‍යම ප්‍රතිපදාවෙන් තීරණය කරනවා.

අපාය, දිව්‍යලෝක මෙහේ තියෙනවා නම් කවදාවත් මට නැති කරන්න බැහැ. ඕවාට යන්නම වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේම ඉඳගෙන අපාය උපදවාගෙන ඒ මොහොතෙම අපායෙ දුක් විඳිනවා. ආයතන ටික නිසා ලෝකය උපදවාගෙන දුක් විඳින බව අවිද්‍යාවෙන් පිරුණ මනසකට පෙනෙන්නේ නැහැ. කෙලෙස් නිසා අපට දැනෙන්නේ තියෙන එකක දුක් විඳිනවා කියලයි.

ඒ වාගේමයි, මනුෂ්‍ය ලෝකය කියලා එකකුත් නෑ කියන්ටත් එපා; තියෙනවා කියන්ටත් එපා. අවිද්‍යා මට්ටම මත මනුෂ්‍යයෙක් වෙන කර්මයක් කළොත් ඒ කර්මය මත ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගත්තොත්, නාම රූප හැදුණොත්, ඒ නාම ධර්ම මත රූපයයි ආයතන ටිකයි හැදුණොත්, මේ මට්ටමේ ස්පර්ශ වෙනවා දැකලා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා කියයි. ඉපදෙන්ට ඉස්සර තිබුණු හින්දාවත්, ඉපදුණාට පස්සේ තියෙන මනුෂ්‍ය ලෝකය කියලාවත් නොවෙයි, මේ මනුෂ්‍ය ලෝකය මෙහෙම හමු වුණේ ඇයි කියලා දකින්න.

“අවිජ්ජා පච්චයා සංඛාරා” කියපු තැනින් දකින්න: මේ කර්මය නිසා ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණියා; ඒ විඤ්ඤාණය නිසා නාම රූප දෙක හැදිලා; ඒකෙ ආයතන ටික හැදුණ නිසා මේ මට්ටමේ රූප ප්රකටයි; ඒ ප්‍රකට නාම රූප ‘මගෙ දුව, මගෙ පුතා’ කියල ඔය පෙනෙන ඇහෙන මට්ටමේ හැදිලා තියෙන ඔක්කෝම නව කර්මයි.

ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ක්‍රමයට ලෝකය හැදෙනවා දැක්කහම මනුෂ්‍ය ලෝකය නෑ කියන්නට එපා. හැබැයි මේ මට්ටමේ අවිද්‍යාව, කර්ම නැති වෙලා, ප්රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවී, නාමරූප ආයතන ටික හැදුණේ නැත් නම් මේ වැනි ස්පර්ශයක් වෙනනේ නෑමයි. ඒ නිසා මේ වාගේ රූප හමු වෙනවාද නැද්ද කියන-එක තීරණය වන්නේ මෙහෙන්, මනසින් අවිද්‍යාව නිසා කර්ම රැස් කිරීමෙනුයි. මේ ආයතන ටිකේ මේ ක්‍රියාව නොදන්නා නිසා ලෝකයට බැඳුණාම, බැඳිලා තියෙන්නේ මෙහෙන්, මනසින්. ඒ නිසා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා ගන්නත් එපා.

“අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ නාමරූප නිරෝධා” කියන මේ සිද්ධියෙන් තවත් හොඳ කාරණාවක් හෙළි වෙනවා. බුදු රජාණන් වහනසේ දේශනා කරනවා:

“යේභූය්යෙන කච්චාන, ලෝකෝ, අත්ථිතඤ්චේ ව නත්ථිතිතඤ්ච.” “කච්චාන, මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා.”

“ලෝක සමුදයඤ්ච ඛෝ කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය ඵස්සතෝ යා ලොකේ අත්ථිති යා ලෝකේ නත්ථි ති.” “කච්චාන, ලෝකය ඇති වෙන හැටි හා නැති වෙන හැටි යම්කිසි කෙනෙක් නුවණින් දන්නවා නම්, ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම්, කවදාවත් එයා ලෝකය තියෙනව කියන්නෙත් නෑ; නෑ කියන්නෙත් නෑ.

“ඒතේ තේ උභෝ අන්තේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධො.” මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයෝ අභිසම්බුද්ධත්වයට පත් වුණා.

මේ පටිච්ච සමුප්පාදය හරහා නොගොස් පුළුවන් නම් මේ ලෝකය තුළින්ම එතෙර වෙන්න පුළුවන්ද බලන්න. බාහිරය ඇත්ත වෙච්ච, මෙවැනි දර්ශනයක් නොදන්නා ඔබට බාහිරය ඇත්ත වෙච්ච ලෝකයක් හම්බ වෙන්නේ ඉබේමයි. අවිද්‍යාව අපි ළඟ ගුළිය පිටින්ම තියෙන නිසා ඒක තුළ ඉඳගෙන තණ්හාව නැති කරන්න පුළුවන් කියලා හීනයකින් වත් හිතන්න එපා.

ඒ නිසා සත්පුරුෂයෙක් හැටියට මට කරන්න පුළුවන් එකම දේ, අද දවසෙදි මෙන්න මෙහෙම සිද්ධියකුයි වෙලා තියෙන්නේ, අපි අහු වෙලා තියෙන්නේ මෙහෙමයි කියන-එක පෙන්නන-එක විතරයි.

අනන්ත සංසාරයේ කල්පාන්තර ගණන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ සිද්ධිය දන්නේ නැතුවයි. අපි හැමදාම හිතුවේ: ඉපදෙන්න ඉස්සර තිබුණු ලෝකයක තමයි ඉපදිලා ඉන්නේ, තියෙන ලෝකයක තමයි ඉන්නේ කියලා; එහෙම තියෙන ලෝකයක ඉඳල මැරිලා යනවා කියලා. මෙතෙක් අපට ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි උගන්වන සත්පුරුෂයෝ මුණගැහුණේ නැහැ. පෙර බුදු රජාණන් වහන්සේලාගේ ශාසන අපිට ඇසුරු කරන්න, ඇසුරු කරලා ඒ උත්තමයන්ගේ දහම අහන්න, අපිට ලැබිලා නැහැ. මෙතෙක් මේ සසර ගෙවාගන්න අපට බැරි වුණේ ඒ නිසයි. ඒ නිසා අද දවසේ මේ දේශනා කෙරෙහි ශ්‍රද්ධාවෙන් යොමු වෙන්න ඕන. අපිට පින් තියෙන නිසයි සසර මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිල්ලා, අද දවසේ හරි මෙහෙම තැනකට ඇවිල්ලා, මේ වචන ටික වත් අහන්න පුළුවන් වුණේ.

රෝහිතස්ස සූත්‍රයෙන් මේ ලෝකය කියන-එක බඹයක් පමණ ශරීරයෙන් පනවමි කියලා පෙන්නුවේ ඒ නිසාමයි. “සළායතන පච්චයා ඵස්සෝ” කියන සිද්ධිය නිසා මිසක් බාහිරය නිසා නම් නොවෙයි. අවිද්‍යාව නිසා දිව්‍යලෝක කියන මට්ටමේ කර්මයක් සිදු වුණොත්, ඒ කර්මය දිහා බලාගෙන ප්රතිසන්ධි සිත ඇති වෙලා, ඒ සිත නිසාම නාමරූප, ආයතන, ස්පර්ශ හැදෙනවා. ඒ ආයතනවලට ස්පර්ශ වන්නේ ඒ මට්ටමේ රූප නිසා, මේ වාගේම ඇත්ත නොදන්නා නිසා එදාටත් ඒ මට්ටමේ රූපවලට ඇලෙයි: බිරිය, ස්වාමි පුරුෂයා, පුතා, දුව කියලා. අද අපට වෙලා තියෙන්නේ ඒ ටිකනේ? ඒ සියල්ල නව කර්මයි.

හොඳට දකින්න, අපට දිව්යලෝකවලදී හමු වන දෙවියන් වත් විමාන වත් තියෙනවා නොවෙයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං, නාම රූප පච්චයා සළායතනං” කියන සිද්ධිය අපි දැන් දන්න නිසා “ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති” කියලා මෙය ඇති කල්හි මෙය වෙයි, මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මෙය වෙනවා කියල වැටහෙන නිසා, දිව්‍යලෝක නෑ කියන්න එපා. ඒ මට්ටමේ අවිද්‍යාව. කර්ම, සළායතන, නාම රූප නැති වුණොත්, ඒ මට්ටමේ ස්පර්ශයක් සිදු නොවන නිසා දිව්‍ය ලෝක ඇත කියන්ටත් එපා. බ්‍රහ්මලෝක පිළිබඳවද මෙසේම දැකිය යුතුයි.

එතකොට දැන් අපට බඹයක් පමණ සිරුර තුළින් තුන් ලෝකයම ඇති වන හැටි නැති වන හැටි දකින්න නුවණ එන්න ඕන. ඒ නිසා මේ ආයතන ටික නිසා දෙවියෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, බ්‍රහ්මයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, මනුෂ්‍යයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, සතර අපායේ දුක් විඳිනවාද කියන තීරණය ගන්න, එක් එක් කෙනාට අයිතිය තියෙනවා. මෙවැනි දර්ශනයක් දකින කොට එයා හොඳට දන්නවා පුද්ගලයෙක් හෝ සත්ත්වයෙක් හෝ නොවෙයි, මේ ඇහැ කන ආදි ආයතන මගේ නොවෙයි, මම නොවෙයි, තව කෙනෙකුත් නොවෙයි, සෑම තැනම සිදු වන්නේ මේ සිද්ධියම නේද, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්ම නේද සිදු වන්නේ කියලා තේරෙනවා. මෙන්න මේක දකින මට්ටමට ආවොත් සක්කායදිට්ඨිය ඉතිරි වන්නේ නැහැ. මේ ආයතන ටික මොන විදියටද හැදෙන්නේ, ඒ විදියටම විපාක විඳිය යුතුයි කියලත් තේරෙනවා.

“අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා.” අපායට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට යන මට්ටමේ අවිද්‍යාවත්, ඒ නිසා සිදු වන කර්මත්, විඤ්ඤාණයත්, නාම-රූපත් නොපිහිටයි නම් ආයතන මේ ලෝකය ස්පර්ශ කරයිද? මේ ලෝකය ඇති වීම නැති වීම නොදන්නාකමමයි අවිද්‍යාව. ඒ නිසායි කර්ම රැස් වන්නේ. එහෙම නම් කර්ම රැස් වුණොත් තමයි මෙහෙම උපදින්නට හේතු වන්නේ කියලත් එයා දන්නව නම් තුන් ලෝකයටම යන කර්ම රැස් වීම නවතිනවා. මෙහෙම කර්ම නිරෝධයත්, ලෝක නිරෝධයත් දැක්කොත් එතැනමයි නිවන.

අපාය නිරුද්ධයි නම් එතැනින් එහා දුක නෑ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මලෝක නිරුද්ධයි නම් ඒ ඒ තැන්වලින් එන සැප-දුක් නෑ, “ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසං නිරුජ්ඣන්ති.” දැන් එයා දන්නවා. පටිච්චසමුප්පාදය හරහා ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි මෙනෙහි කිරීමයි කරන්න ඕන කියලා. දැන් ලෝකය දකින මට්ටමට ආවාම එතැන අවිද්‍යාව නෑ. ඇත්තේ සම්මා දිට්ඨියයි. එතැනදී වෙලා තියෙන්නේ කිසිම ලෝකයකට යන කර්ම රැස් නොවීමයි.

ඊළඟට තියෙන්නේ ශීලයක පිහිටලා, සමාධිය වඩ-වඩා, ලෝකය ඇති වීම හා නැති වීම ආධ්‍යාත්මිකව සිදු වන හැටි පටිච්චසමුප්පාදය ඇසුරෙන් නුවණින් මෙනෙහි කිරීමට හුරු කිරීමයි. දුක නැති කිරීම සඳහා කරන්නට ඇත්තේ එපමණයි; වෙන කළ යුත්තක් නෑ, හීනයකින් වත් වෙන කළ යුත්තක් ඇත්තේම නැහැ.

මට තේරෙන විදියට මේ පින්වතුන්ට දෙන්න තියෙන්නේ ඔය පණිවිඩය තමයි. යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ඔහු ධර්මය දැක්කා; ධර්මය දැක්කොත් ඔහු පටිච්චසමුප්පාදය දැක්කා කියලා නැවත නැවත කියන්නේ මේ නිසයි. එහෙම දැක්ක දවසට පටිච්චසමුප්පාදය කියන්නේ “අචිජ්ජා පච්චයා සංඛාරා...” යනාදි වශයෙන් කියවන තුණ්ඩුවක් නොවෙයි. ඒ අපේ ජීවිත පැවැත්මේ කථාවයි.

හොඳට බලන්න: “කම්මස්සකෝ’මිහි කම්මදායාදෝ කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්යාණංවි පාපකංවා තස්ස දායාදෝ භව්ස්සාමී’ති, ඉත්ථියාවා, පුරිසායවා, ගහට්ඨේනවා, පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” කියලා දසධම්ම සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා.

“කම්මස්සකෝ’ ම්හි කම්මදායාදෝ” – මම කර්මය දායාද කරගෙන, “කම්මයෝනි” – කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, “කම්මබන්ධු” – කර්මය නෑදෑ කරගෙන, “කම්මපටිසරණෝ” – කර්මය පිළිසරණ කරගෙන, “යං කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමී’ති.” යම් හොඳ හෝ නරක කර්මයක් කළොත් මම එයම දායාද කරගෙනම සිටිමියි කියලා, “ඉත්ථියාවා, පුරිසායවා. ගහට්ඨේනවා. පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” යම් ස්ත්‍රියක් වේවා. පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතරම මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ මෙන්න මේ වාගේ කාරණා නිසයි.

අවිද්‍යාව නිසා ලෝකය ඇති වෙච්ච හැටිත්, නැති වෙච්ච හැටිත් නොදන්නාකමට ඇති වෙච්චි ඒ ලෝකය ඇත්ත වෙලා, බැඳිලා ඉන්න අපට හම්බ වෙන්නේ අවිද්‍යා, සංඛාරා තණ්හා, භව කියන ක්‍රියාදාමයක්.

ලෝකයත්, ලෝකයේ ඇති වීමත් නැති වීමත් ‘නොදන්නාකම’ නමැති අවිද්‍යාව නිසාම ලෝකය ඇති වෙලා.

අවිද්‍යාව නිසා ඇති වන කර්මයෙන් ලෝකය හටගත්තා කියල නොදන්නාකම නිසාම අපට ඇති ලෝකයක් හම්බ වෙලා තියෙනවා. ඒ ලෝකයට අපි බැඳිලා ඉන්නවා. එම නිසා හොඳට මතක තියාගන්න. කිසිම තැනක දුවෙක්, පුතෙක්, ගෙයක්, දොරක් නොවෙයි මේ ස්කන්ධ ටිකයි, කෙලෙස් ටිකයි තියෙන්නේ කියල.

ඒකෙන් කිව්වේ දූදරුවෝ නැත. ඒ අය එළවන්නට කියලා නොවෙයි. ඒ කිසි දෙයක් ඇති කරන්න හෝ නැති කරන්න යන්න එපා. කරන්න ඕන තම තමන් ගැන පමණක් ඇතුළත බලාගැනීමයි. මේක කාටවත් ඇඟිල්ල දික් කරන ශාසනයක් නොවෙයි.

දුවට දුව විදියටත්, පුතාට පුතා විදියටත්, අම්මාට අම්මා විදියටත් සලකන්න. සැලකිය යුතු අයට උපරිමයෙන් සලකන්න. සමහර විට දහමක් නැති කෙනෙක් එයාගෙ අම්මට තාත්තට වඩා වැඩියෙන් දුවට පුතාට සලකයි. නමුත් මේ දහම දන්න කෙනා දහම නොදන්නා කෙනාට වඩා වැඩියෙන් දෙමව්පියන්ට සලකයි. පටිච්චසමුප්පාදය හරහා ලෝකයේ ඇති වීම හා නැති වීම සිදු වන බව දන්නා නිසා, තවත් සසර දුක් විඳින්න වෙන බව දන්නා නිසා.

මෙතැනට මනස ගන්න ඕනෑ බව දන්නා නිසා, තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා. තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා හොඳට අනිත් කෙනා ගැන හිතන්නට දන්නවා. ඒ නිසා කරන-කියන යුතුකම් ඇප-උපකාර වැඩිමනත් කරන්න. ඒ මගින් එයා කවදා හරි දහමට ගන්න පුළුවන් උපායක් කරගන්න. එසේ කරමින් කිසිවෙකුටත් නොරිදවා මේ ආයතන ටික හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා පටිච්චසමුප්පාදය අනුව නිතරම බලන්න. එවිට ඒ කරණ දෙයින් තමනුත් මිදෙනවා, ලෝකයට උපකාරයකුත් වෙනවා.

මේ විදියට බුද්ධිමත්ව, උපායශීලීව, මේ දහම ගවේෂණය කළොත්, අපිට මේ සසර තව ගොඩාක් දුර යන්න වෙන්නේ නැති වෙයි.

සමහර විට මේ ජීවිතයේ අන්තිම මොහොතේදී හරි නිවන් දැකගන්න පුළුවන් වෙයි.

මේ දීර්ඝ සසරට සාපේක්ෂව මේ ජීවිතය ඇතුළේම ඉක්මනට, හෙටම කරගන්න ඕන කියලා හිතන්න එපා. මෙතැනදී හොඳ උපමාවක් මතක් කරන්නම්: “යන බස්-එකට නඟින්න. හැබැයි බස්-එක ඇතුළේ දුවන්න හදන්න එපා” කියලා. බස්-එකේ වේගයෙන් ඔබට අවශ්‍ය තැනට අරගෙන යයි. නමුත් එය අබිබවා යන්න උත්සාහ ගන්න එපා. ඒක බොහොම හොඳට ගැළපෙන උපමාවක්. ඒ වගේ දහමට එන්න. ඇවිල්ලා ඒ දහමෙහි හැසිරෙන්න. හැබැයි ඉක්මනට කරන්න ඕන කියලා ස්වාභාවික ජීවිතයෙන් පලායන්න හදන්න එපා.

ඊළඟට, ගෙදර-දොර වැඩ-කටයුතු කරනකොට, අනිත් අය ඇසුරු කරන කොට, හැම වෙලාවෙම ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. නුවණ නැති කෙනකුට මේ ගමන යන්න බැහැ. ඇතුළතින් දිවෙන යටි අදහස් පවා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන.

මෙතැනදී පොඩි කථාවක් උදාහරණයක් විදියට කියන්නම්:

ඔන්න එක ගෙදරක හිටියලු අයියයි, මල්ලියි, ආච්චියි. ආච්චි තමයි මේ අයියයි මල්ලියි හදාගත්තෙ. මේ ගෙදරම පූසෙකුත් හිටියා. ආච්චිගේ උදව් උපකාර ඇතිව හැදී වැඩුණු මේ සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාට පසු කාලෙකදී මැද පෙරදිග රැකියාවකට යන්න පුළුවන් වුණා. ඊට පස්සෙ එයා හම්බ කරලා ගෙදරට මුදල් එවනවා. මේ පවුල එකිනෙකාට හරිම ආදරෙන් හිටියේ. අයියාට වැඩ අධික වූ අවස්ථාවක, ටික කාලයක් ගෙදර සමග තොරතුරු හුවමාරු කරගන්න බැරි වුණා.

මාස ගණනාවකට පස්සේ දවසක් කථා කළා. තොරතුරු අහන අතරතුර අයියා මල්ලීගෙන් ඇහුවා පූසා ගැන. මල්ලී කිව්වා ඌ මැරුණා කියලා. මේක ඇහුවාම අයියා හරියට දුක් වුණා. පස්සේ මල්ලීට කියනවා: “දුක හිතෙන පණිවිඩයක් කියන කොට ඔහොම කියන්ට එපා කෙළින්ම. ඉස්සර වෙලාම කියන්න, ‘අයියේ පූසා වහලෙ උඩට නැග්ගා.’ ඊට පස්සෙ කියන්න, ‘පූසා දවස් ගණනක් කෑම කන්නේ නැහැ’ කියලා. ඊළඟට කියන්න, ‘අයියෙ පූසා වහලෙන් වැටුණා නෙ’, කියලා. ඊළඟටයි කියන්න ඕනෑ පූසා මැරුණු බව.” “හා එහෙමද” කියලා මල්ලී ඒක හිතට ගත්තා. ඊළඟට අයියා අහනවා, “ආච්චී කොයි” කියලා. මල්ලී ගත් කටටම කිව්වලු, “අයියේ ආච්චී වහලෙ” කියලා. බලනකොට ආච්චිත් මැරිලා. නමුත් දුක හිතෙන කථාවක් එක පාරටම කියන්න එපා, කියන්න ඕන මෙහෙමයි කියලා අයියා මුලින් සඟවා කියපු ක්‍රමය මල්ලීට තේරුම් ගන්න බැරි වුණා. සඟවා කියන දෙයක අර්ථය තේරුම්ගන්න බැරි වුණොත් සිදු වන්නේ ඔන්න ඔහොම දේවල්!

ඔය වගේ මේ කිව්වේ මේක නේද කියල යමක් අහන කොට තේරුම්ගන්ට පුළුවන් වෙන්න ඕන. අපි තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න දක්ෂ වුණොත් අපිට මේ ජීවිතයේදීම ගැලවෙන්න පුළුවන් බව මතක තියාගන්න ඕනෑ.

[QUOTE="Glonass16, post: 21795766, member: 559002"] [CENTER][SIZE="2"][B]ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.මේව මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු සුරංගනා කතා , මෝඩ ජෝක්ස් , අන්ද භක්තිය කියල කියපු කාලයක් මටත් තිබුන.ඒත් ඒ වැරදි දැක්මෙන් මිදුන යන්තම්.විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම. ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි. බම්ප් එකකුත් දාලම යන්න අනිත් අයටත් බලන්න. බුදු සරණයි!:)[/B][/SIZE] [ATTACH]68710._xfImport[/ATTACH] [SIZE="2"][B]රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි පැවැත්වූ දේශනයක අවසන් කොටසයි මේ.[/B][/SIZE] [/CENTER] [SIZE="3"]බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ උදය, වැය දකින්න කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් හා ආහාර ප්‍රත්‍යයෙන් පංච උපාදානස්කන්ධයේ ඇති වීම සිදු වෙනවා කියන ඒ බුද්ධ දේශනාව අනුව, පෙනීම කියන සිද්ධිය ඇති වුණේ මෙහෙමයි, නැති වුණේ මෙහෙමයි කියලා දකින්නට අපිට පුළුවන් වෙන්න ඕන. මෙතැනදී පෙර අවිද්‍යාව නිසා කර්ම, ඒ කර්මයට මරණාසන්න මොහොතේදී තණ්හා කළ නිසා ප්රතිසන්ධි ආවා. ඒ ප්රතිසන්ධි සිතේ වූ නාම-රූප ධර්මවලට අනුව කන-බොන ආහාරය නිසා මේ ආයතන ටික හැදුණා. ඒ ආයතන නිසා ස්පර්ශ හැදුණා නේද කියලා අපිට පටිච්ච සමුප්පාදයට අනුව බලන්න වෙනවා. “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” කියලා බලන්නට පුළුවන් නම්, මේ පෙනෙන දේට හේතු වශයෙන් ගන්නට වෙන්නේ ඒ ටිකයි. පෙනෙනවා වාගේම, පෙනෙන දේ ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකත් නැති වෙනවා කියලා නේද? පංච උපාදානස්කන්ධයේ උදය වැය බල-බලා හිටියොත් මේ පින්වතුන්ට රූප සංඥාව අතහැරෙනවා. රූප සංඥාව කියන්නේ මොකක්ද? රූපයක් තියෙනවා කියලා රූපයට නැඹුරු වෙලා ඉන්නවා කියන සිද්ධියටයි. රූපයක් තියෙනවා කියලා හැඳිනීමට කියනවා රූප සංඥාව කියලා. පටිච්ච සමුප්පදායට අනුව පෙනෙන දේ අරභයා හිත තියලා බැලුවොත් ඉන්නේ රූප සංඥාවෙන් මිදිලා. ආයතන ටික නිසාම රූප පෙනෙනවා කියලා තේරෙයි. එතකොට තේරෙනවා, දකින්නට ඉස්සර තිබුණත් නොවෙයි; දැක්කායින් පස්සේ තිබුණත් නොවෙයි. ආයතන ටික නිසාමයි පෙනෙන්නේ. ආයතන ටිකේ හැකියාව නිසා මේ අවකාශ ධාතුවේ රවුම්වට, දිගට, මහතට, රූප කලාප රාශි වෙලා අපට පෙනෙනවා. බාහිර ධාතුව නිසා හැඩතල හදලා අපට පෙන්නන්නේ ඒ ඒ ආයතනයේ හැටියටයි. අවකාශ කියන-එක සංඛතයි. වැඩි දෙනෙක් කියන්නේ නිවනත් අවකාශ වාගෙයි, අවකාශය ඉබේම තියෙන-එකක්, ඒක හැදිච්ච-එකක් නොවෙයි කියලයි. නමුත් මම කියනවා අවකාශය ප්‍රත්‍යයෙන් උපන්-එකක්. අවකාශයත් සංඛතයි, අවකාශය හේතූන්ගෙන් හටගත්-එකක් කියලා. අවකාශය අසංඛත නම් හැමදාම එක වගේ තියෙන්ට ඕන. එක එක ස්පර්ශයට අනුව අවකාශය වෙනස් වෙනවා නම්, ඒ අවකාශය සංඛතයි නේද? අවකාශය අපේ කර්මයට අනුව සකස් කරගත් එකක් නොවෙයිද? බුදු රජාණන් වහන්සේ දේශනා කළා මේ අවකාශය සහිත ලෝකයක් තියෙන්ට බෑ මේ අධ්‍යාත්මයේ සිදු වන සිද්ධියෙන් තොරව කියලා. බ්‍රහ්මලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තව්තිසා දෙව්ලොවට එනකොට තව්තිසා වැසි දෙවියන්ට ඒ අය පෙනෙන්නේ නැහැ. පෙනෙන්න නම් රළු ආත්මයක් මවාගෙන එන්න ඕන. තව්තිසා වැසි දෙවියන් මනුෂ්‍ය ලෝකයට එන විට අපිට පෙනෙන්නේ නැහැ; රළු ආත්මයක් මවාගෙන ආවොත් තමයි අපිට පෙනෙන්නේ. මේ අවකාශය තුන් දෙනාට වෙනස්. තව්තිසා වැසි දෙවියන්ට මේ අපේ රූපය ඇතුළෙන් යන්නට පුළුවන්. මේකෙ ගැටෙන්නේ නෑ අවකාශ නිසා. හැබැයි එයාට ඒ මට්ටමේ රූප හරහා යන්න බෑ, ගැටෙනවා. බ්‍රහ්මයන්ට අපෙත් දෙවියන්ගේත් රූප හරහා යන්න පුළුවන්, අවකාශයයි. හැබැයි එයාට ඒ මට්ටමේ රූපවල යන්න බැහැ. වදිනවා; ගැටෙනවා. එතකොට මේ ආයතන හයෙන් බැහැරව හිස් අවකාශය කියලා එකක් වත් නෑ. ඔය අවකාශය ඉතිරි වුණොත් තමයි අපිට ඒකේ තියෙන රූප ඉතිරි වෙන්නේ. හිස් අවකාශයක් හැදිලා තියෙන්නේ ආයතන හයට සාපේක්ෂව නම් “සළායතන පච්චයා ඵස්සෝ” කියන තැන තේරෙනවා නම්, දකින්න ලෝකය කියන-එක ආයතනයටමයි සම්බන්ධ වෙනනේ කියලා. මේ පටිච්ච සමුප්පාදය හරහා බුදු දහමෙන් පෙන්නන කාරණය ගොඩාක් ගැඹුරුයි. මීට වඩා ගොඩාක් ලස්සනට විස්තර සහිතව විග්රහ කරලා පෙන්නුවොත් ආශ්‍රව ගෙවෙනවා කියන-එක පුදුමයක් නොවෙයි. ඒ නිසා මම අනුමානයෙන් මතක් කළ තැනක් තියෙනවා දකින්න. සෑම ආගමකටම, සෑම දර්ශනයකටම වඩා බුදු දහම වටිනවා කියන්නේ කුමක් නිසාද? වෙනත් ආගම්වල දර්ශනවල ‘ලෝකය’ කියලා කියන තැන තියෙන ලෝකයක ඉපදුණා. උපදින්නට ඉස්සර වෙලත් ලෝකය තිබුණා, තියෙන ලෝකයේ ජීවත් වෙලා මැරිලා යනවා කියන අදහසයි දෙන්නේ. ඔය දර්ශනයට වඩා බුදුදහම වටින්නෙත්, ශ්‍රේෂ්ඨ වෙන්නෙත් ඔය කාරණය මතමයි. ඉපදෙන්නට ඉස්සර වෙලා ලෝකය තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තිබෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ ඇසුරු කිරීමම ලෝකයේ ඇසුරු කිරීමයි. ඒ ඇසුරු කළ, ජීවත් වුණ ලෝකයේ ඉඳලා මැරිලා යනවා. ලෝකය ඉතිරි වෙනවා නොවෙයි; ආයතන ටිකේ නැති වීමම ලෝකයේ නැති වීමයි කියන තථාගත දර්ශනය දකින්ට. මෙන්න මේකමයි ලෝකය පිළිබඳ ඇත්ත. කවදාවත් වරදින්නේ නෑ. සම්මුති දේශනාව අනුව අරමුණක් දකින්නට ඉස්සර තිබුණා නොවෙයි; දැක්කායින් පස්සේ තියෙනවා නොවෙයි; අවස්ථාවට ආයතනය නිසා හැදිලයි පෙනෙන්නේ. කවුරුහරි ඇහුවොත් ඇයි එහෙම කියන්නේ කියලා ඔබට තවම උත්තරයක් දෙන්ට බැරි වෙයි; නමුත් දැනගෙන ඉන්න: “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” බුදු රජාණන් වහන්සේ මෙය ඔප්පු කරලා පෙන්නන්නේ මේ න්යායෙනුයි කියන-එක. කෙටියෙන් කියනවා නම් මේ දර්ශනයත්, මේ දර්ශනය පෙන්නන්න හේතුව පටිච්චසමුප්පාදය බවත් දැනගන්න. සෑම දහමක්ම අහලා ඔතැන්ට ගළප-ගළපා බලන්න. අහක නොයන නිවැරැදි උත්තරයකට එයි. ඊට මෙහා බුදු රජාණන් වහන්සේ දේශනා කළා කීවාට විශ්වාස කරන්න එපා. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ දහමට විනයට ගැළැපෙනවා නම් බාර ගන්ට, නැත් නම් බැහැර කරන්න කියලනේ. මේ දහම ලිහලා මීට වඩා තේරෙන මට්ටමකට ආවොත් මේ පින්වතුන් ගොඩ යනවා කියන-එකත් පුදුමයක් නොවෙයි කියල මට හිතෙනවා. එහෙම ලිහලා පෙන්නන්න පුළුවන් වුණොත් නිවන් දකිනවා කියන-එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් මේ අද, මේ පවතින ස්වභාවය ලිහා නොදෙන තාක්, නිවන් දකිනවා කියන-එක නම් ප්‍රශ්නයක් තමයි. අපට හීනයකින් වත් මෙවැනි දර්ශනයක් අහන්නට ලැබුණේ නෑ. හැම වෙලාවෙම අහන්න ලැබෙන්නේ “ලෝකය තියෙනවා, ඒ තියෙන ලෝකයේ තණ්හා නොකර ඉන්න” කියන-එකයි. නමුත් තියෙනවා කියන ලෝකය පිළිබඳ නිත්‍ය සංඥාවෙන් මිදෙන ක්‍රමයක් පෙන්නන්නේ නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න: මේ පටිච්චසමුප්පාදය දේශනා කරලා තියෙන්නේ නිකං නොවෙයි. මේ ලෝකය තුළ අපි විඳින්නේ අපේ කර්මයමයි කියන-එක ඒකෙන් පෙන්නනවා. තව පැත්තකින් බැලුවොත් ‘ඇත’ හෝ ‘නැත’ කියන උත්තර ගන්ට අපට හරි පහසුයි. නමුත් කෙනෙකුට ‘නැත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘ඇත’ කියන-එකට පත් නොවී, හා ‘ඇත’ කියන තැනින් මිදෙන්නට පුළුවන් නම් ‘නැත’ කියන තැනට පත් නොවී, ඒක හරි වටිනා දෙයක්, ආශ්චර්යවත් දෙයක් වෙනවා. අපට හිතෙනවා නම් අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්මලෝක තියෙනවා කියලා, ඒක ශාස්වත දෘෂ්ටියට වැටෙනවා. අපාය, දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක නෑ කියන උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැතිව, ඒ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් නම් ලෝකයට හිතාගන්නට වත් බැරි තරමට ඒක හරි වටිනවා. තියෙනවා කියන ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ලෝකයා දන්නවා; හැබැයි, ඒ සමඟම අපාය, දිව්‍යලෝක ආදිය නෑ කියලා උච්ඡේද දෘෂ්ටියට පත් වෙලා. ඒ නිසා කෙරෙන්න ඕන උච්ඡේද දෘෂ්ටිය ඇසුරු නොකර ශාස්වත දෘෂ්ටියෙන් මිදෙන්න ඕන; ශාස්වත දෘෂ්ටිය ඇසුරු නොකර උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙන්න ඕන. එතකොට එයාට ඉතිරි වන එකම න්‍යාය, එකම මාර්ගය වෙන්නේ මධ්‍යම ප්රතපදාවයි. “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළේ අපායට යන මට්ටමේ කර්මයක් කළොත්, මරණාසන්න මොහොතේදී ඒ කර්මය මතක් වුණොත්, ඊළඟ ප්රතිසන්ධි සිත ඇති වන්නේ, ඒ කර්මයේ තියෙන ගති මට්ටමට අනුවයි. ඊට පස්සේ, ඒ ප්රතිසන්ධි සිතට අනුව නාම රූප දෙකත්, ඒ නාම රූප දෙකට අනුව සළායතනත්, ඒ සළායතනවලට ගැළපෙන මට්ටමේ ක්රූර වූ, කටුක වූ, තියුණු වූ ස්පර්ශ මට්ටමකුත් ඇති වෙනවා. එතකොට ඒකට ස්පර්ශ වෙන්නේ දුක එන මට්ටමේ රූප විතරයි. එතකොට එවැනි කර්මයක් තියෙනවා නම් අපායෙ ඉපදෙන්නෙ නෑ කියන්න බෑ. බැරි වෙලා හරි මෙහෙම කර්මයක් නො තිබී, ප්රතිසන්ධි සිතකුත් ඇති නොවුණොත්, ඒ මට්ටමේ නාම රූප හා ආයතන නිසා ස්පර්ශයක් සිදු නොවන නිසා ‘තියෙනවා’ කියන්ටත් බෑ. හැබැයි හොඳට මතක තියාගන්න, “මෙය ඇති කල්හි මෙය වෙයි” කියන-එක. අපායට යන, ලෝකය හඳුන්වන මට්ටමේ කර්මයක් තිබුණොත් විඤ්ඤාණය ප්රතිසන්ධි වශයෙන් ගිහින් අපා දුකක්ම ස්පර්ශ කරන්න වෙනවා. අවිද්‍යා, කර්ම, විඤ්ඤාණ, නාම රූප, සළායතන හා ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනාවද ඇති වන්නේ නැති නිසා දුකක් ඇති වන්නේ නැහැ. ඒ නිසා, ‘මෙය ඇති කල්හි මෙය වෙනවා, මෙය නැති කල්හි මෙහෙම දෙයක් වෙන්නේ නෑ’ කියලා තේරුම් ගන්න. ඒ නිසා අපාය නෑ කියන්න බෑ; තියෙනවා කියන්නත් බෑ. ඒ නිසා මෙබඳු වූ ස්පර්ශයක් ස්පර්ශ කරනවාද, නැද්ද කියන-එක ඔබ සතුයි කියන බව “ඒතේ තේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා.” මධ්‍යම ප්‍රතිපදාවෙන් තීරණය කරනවා. අපාය, දිව්‍යලෝක මෙහේ තියෙනවා නම් කවදාවත් මට නැති කරන්න බැහැ. ඕවාට යන්නම වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේම ඉඳගෙන අපාය උපදවාගෙන ඒ මොහොතෙම අපායෙ දුක් විඳිනවා. ආයතන ටික නිසා ලෝකය උපදවාගෙන දුක් විඳින බව අවිද්‍යාවෙන් පිරුණ මනසකට පෙනෙන්නේ නැහැ. කෙලෙස් නිසා අපට දැනෙන්නේ තියෙන එකක දුක් විඳිනවා කියලයි. ඒ වාගේමයි, මනුෂ්‍ය ලෝකය කියලා එකකුත් නෑ කියන්ටත් එපා; තියෙනවා කියන්ටත් එපා. අවිද්‍යා මට්ටම මත මනුෂ්‍යයෙක් වෙන කර්මයක් කළොත් ඒ කර්මය මත ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගත්තොත්, නාම රූප හැදුණොත්, ඒ නාම ධර්ම මත රූපයයි ආයතන ටිකයි හැදුණොත්, මේ මට්ටමේ ස්පර්ශ වෙනවා දැකලා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා කියයි. ඉපදෙන්ට ඉස්සර තිබුණු හින්දාවත්, ඉපදුණාට පස්සේ තියෙන මනුෂ්‍ය ලෝකය කියලාවත් නොවෙයි, මේ මනුෂ්‍ය ලෝකය මෙහෙම හමු වුණේ ඇයි කියලා දකින්න. “අවිජ්ජා පච්චයා සංඛාරා” කියපු තැනින් දකින්න: මේ කර්මය නිසා ප්රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණියා; ඒ විඤ්ඤාණය නිසා නාම රූප දෙක හැදිලා; ඒකෙ ආයතන ටික හැදුණ නිසා මේ මට්ටමේ රූප ප්රකටයි; ඒ ප්‍රකට නාම රූප ‘මගෙ දුව, මගෙ පුතා’ කියල ඔය පෙනෙන ඇහෙන මට්ටමේ හැදිලා තියෙන ඔක්කෝම නව කර්මයි. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ක්‍රමයට ලෝකය හැදෙනවා දැක්කහම මනුෂ්‍ය ලෝකය නෑ කියන්නට එපා. හැබැයි මේ මට්ටමේ අවිද්‍යාව, කර්ම නැති වෙලා, ප්රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවී, නාමරූප ආයතන ටික හැදුණේ නැත් නම් මේ වැනි ස්පර්ශයක් වෙනනේ නෑමයි. ඒ නිසා මේ වාගේ රූප හමු වෙනවාද නැද්ද කියන-එක තීරණය වන්නේ මෙහෙන්, මනසින් අවිද්‍යාව නිසා කර්ම රැස් කිරීමෙනුයි. මේ ආයතන ටිකේ මේ ක්‍රියාව නොදන්නා නිසා ලෝකයට බැඳුණාම, බැඳිලා තියෙන්නේ මෙහෙන්, මනසින්. ඒ නිසා මනුෂ්‍ය ලෝකය තියෙනවා කියලා ගන්නත් එපා. “අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ නාමරූප නිරෝධා” කියන මේ සිද්ධියෙන් තවත් හොඳ කාරණාවක් හෙළි වෙනවා. බුදු රජාණන් වහනසේ දේශනා කරනවා: “යේභූය්යෙන කච්චාන, ලෝකෝ, අත්ථිතඤ්චේ ව නත්ථිතිතඤ්ච.” “කච්චාන, මේ ලෝකය බොහෝ සෙයින් ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා.” “ලෝක සමුදයඤ්ච ඛෝ කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය ඵස්සතෝ යා ලොකේ අත්ථිති යා ලෝකේ නත්ථි ති.” “කච්චාන, ලෝකය ඇති වෙන හැටි හා නැති වෙන හැටි යම්කිසි කෙනෙක් නුවණින් දන්නවා නම්, ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම්, කවදාවත් එයා ලෝකය තියෙනව කියන්නෙත් නෑ; නෑ කියන්නෙත් නෑ. “ඒතේ තේ උභෝ අන්තේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධො.” මේ අන්ත දෙකට නොපැමිණි තථාගතයෝ අභිසම්බුද්ධත්වයට පත් වුණා. මේ පටිච්ච සමුප්පාදය හරහා නොගොස් පුළුවන් නම් මේ ලෝකය තුළින්ම එතෙර වෙන්න පුළුවන්ද බලන්න. බාහිරය ඇත්ත වෙච්ච, මෙවැනි දර්ශනයක් නොදන්නා ඔබට බාහිරය ඇත්ත වෙච්ච ලෝකයක් හම්බ වෙන්නේ ඉබේමයි. අවිද්‍යාව අපි ළඟ ගුළිය පිටින්ම තියෙන නිසා ඒක තුළ ඉඳගෙන තණ්හාව නැති කරන්න පුළුවන් කියලා හීනයකින් වත් හිතන්න එපා. ඒ නිසා සත්පුරුෂයෙක් හැටියට මට කරන්න පුළුවන් එකම දේ, අද දවසෙදි මෙන්න මෙහෙම සිද්ධියකුයි වෙලා තියෙන්නේ, අපි අහු වෙලා තියෙන්නේ මෙහෙමයි කියන-එක පෙන්නන-එක විතරයි. අනන්ත සංසාරයේ කල්පාන්තර ගණන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ සිද්ධිය දන්නේ නැතුවයි. අපි හැමදාම හිතුවේ: ඉපදෙන්න ඉස්සර තිබුණු ලෝකයක තමයි ඉපදිලා ඉන්නේ, තියෙන ලෝකයක තමයි ඉන්නේ කියලා; එහෙම තියෙන ලෝකයක ඉඳල මැරිලා යනවා කියලා. මෙතෙක් අපට ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි උගන්වන සත්පුරුෂයෝ මුණගැහුණේ නැහැ. පෙර බුදු රජාණන් වහන්සේලාගේ ශාසන අපිට ඇසුරු කරන්න, ඇසුරු කරලා ඒ උත්තමයන්ගේ දහම අහන්න, අපිට ලැබිලා නැහැ. මෙතෙක් මේ සසර ගෙවාගන්න අපට බැරි වුණේ ඒ නිසයි. ඒ නිසා අද දවසේ මේ දේශනා කෙරෙහි ශ්‍රද්ධාවෙන් යොමු වෙන්න ඕන. අපිට පින් තියෙන නිසයි සසර මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිල්ලා, අද දවසේ හරි මෙහෙම තැනකට ඇවිල්ලා, මේ වචන ටික වත් අහන්න පුළුවන් වුණේ. රෝහිතස්ස සූත්‍රයෙන් මේ ලෝකය කියන-එක බඹයක් පමණ ශරීරයෙන් පනවමි කියලා පෙන්නුවේ ඒ නිසාමයි. “සළායතන පච්චයා ඵස්සෝ” කියන සිද්ධිය නිසා මිසක් බාහිරය නිසා නම් නොවෙයි. අවිද්‍යාව නිසා දිව්‍යලෝක කියන මට්ටමේ කර්මයක් සිදු වුණොත්, ඒ කර්මය දිහා බලාගෙන ප්රතිසන්ධි සිත ඇති වෙලා, ඒ සිත නිසාම නාමරූප, ආයතන, ස්පර්ශ හැදෙනවා. ඒ ආයතනවලට ස්පර්ශ වන්නේ ඒ මට්ටමේ රූප නිසා, මේ වාගේම ඇත්ත නොදන්නා නිසා එදාටත් ඒ මට්ටමේ රූපවලට ඇලෙයි: බිරිය, ස්වාමි පුරුෂයා, පුතා, දුව කියලා. අද අපට වෙලා තියෙන්නේ ඒ ටිකනේ? ඒ සියල්ල නව කර්මයි. හොඳට දකින්න, අපට දිව්යලෝකවලදී හමු වන දෙවියන් වත් විමාන වත් තියෙනවා නොවෙයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං, නාම රූප පච්චයා සළායතනං” කියන සිද්ධිය අපි දැන් දන්න නිසා “ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති” කියලා මෙය ඇති කල්හි මෙය වෙයි, මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මෙය වෙනවා කියල වැටහෙන නිසා, දිව්‍යලෝක නෑ කියන්න එපා. ඒ මට්ටමේ අවිද්‍යාව. කර්ම, සළායතන, නාම රූප නැති වුණොත්, ඒ මට්ටමේ ස්පර්ශයක් සිදු නොවන නිසා දිව්‍ය ලෝක ඇත කියන්ටත් එපා. බ්‍රහ්මලෝක පිළිබඳවද මෙසේම දැකිය යුතුයි. එතකොට දැන් අපට බඹයක් පමණ සිරුර තුළින් තුන් ලෝකයම ඇති වන හැටි නැති වන හැටි දකින්න නුවණ එන්න ඕන. ඒ නිසා මේ ආයතන ටික නිසා දෙවියෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, බ්‍රහ්මයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, මනුෂ්‍යයෙකුගේ මට්ටමේ සැප-දුක් විඳිනවාද, සතර අපායේ දුක් විඳිනවාද කියන තීරණය ගන්න, එක් එක් කෙනාට අයිතිය තියෙනවා. මෙවැනි දර්ශනයක් දකින කොට එයා හොඳට දන්නවා පුද්ගලයෙක් හෝ සත්ත්වයෙක් හෝ නොවෙයි, මේ ඇහැ කන ආදි ආයතන මගේ නොවෙයි, මම නොවෙයි, තව කෙනෙකුත් නොවෙයි, සෑම තැනම සිදු වන්නේ මේ සිද්ධියම නේද, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්ම නේද සිදු වන්නේ කියලා තේරෙනවා. මෙන්න මේක දකින මට්ටමට ආවොත් සක්කායදිට්ඨිය ඉතිරි වන්නේ නැහැ. මේ ආයතන ටික මොන විදියටද හැදෙන්නේ, ඒ විදියටම විපාක විඳිය යුතුයි කියලත් තේරෙනවා. “අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා.” අපායට, මනුෂ්‍ය ලෝකයට, දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට යන මට්ටමේ අවිද්‍යාවත්, ඒ නිසා සිදු වන කර්මත්, විඤ්ඤාණයත්, නාම-රූපත් නොපිහිටයි නම් ආයතන මේ ලෝකය ස්පර්ශ කරයිද? මේ ලෝකය ඇති වීම නැති වීම නොදන්නාකමමයි අවිද්‍යාව. ඒ නිසායි කර්ම රැස් වන්නේ. එහෙම නම් කර්ම රැස් වුණොත් තමයි මෙහෙම උපදින්නට හේතු වන්නේ කියලත් එයා දන්නව නම් තුන් ලෝකයටම යන කර්ම රැස් වීම නවතිනවා. මෙහෙම කර්ම නිරෝධයත්, ලෝක නිරෝධයත් දැක්කොත් එතැනමයි නිවන. අපාය නිරුද්ධයි නම් එතැනින් එහා දුක නෑ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මලෝක නිරුද්ධයි නම් ඒ ඒ තැන්වලින් එන සැප-දුක් නෑ, “ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසං නිරුජ්ඣන්ති.” දැන් එයා දන්නවා. පටිච්චසමුප්පාදය හරහා ලෝකය ඇති වන හැටි හා නැති වන හැටි මෙනෙහි කිරීමයි කරන්න ඕන කියලා. දැන් ලෝකය දකින මට්ටමට ආවාම එතැන අවිද්‍යාව නෑ. ඇත්තේ සම්මා දිට්ඨියයි. එතැනදී වෙලා තියෙන්නේ කිසිම ලෝකයකට යන කර්ම රැස් නොවීමයි. ඊළඟට තියෙන්නේ ශීලයක පිහිටලා, සමාධිය වඩ-වඩා, ලෝකය ඇති වීම හා නැති වීම ආධ්‍යාත්මිකව සිදු වන හැටි පටිච්චසමුප්පාදය ඇසුරෙන් නුවණින් මෙනෙහි කිරීමට හුරු කිරීමයි. දුක නැති කිරීම සඳහා කරන්නට ඇත්තේ එපමණයි; වෙන කළ යුත්තක් නෑ, හීනයකින් වත් වෙන කළ යුත්තක් ඇත්තේම නැහැ. මට තේරෙන විදියට මේ පින්වතුන්ට දෙන්න තියෙන්නේ ඔය පණිවිඩය තමයි. යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ඔහු ධර්මය දැක්කා; ධර්මය දැක්කොත් ඔහු පටිච්චසමුප්පාදය දැක්කා කියලා නැවත නැවත කියන්නේ මේ නිසයි. එහෙම දැක්ක දවසට පටිච්චසමුප්පාදය කියන්නේ “අචිජ්ජා පච්චයා සංඛාරා...” යනාදි වශයෙන් කියවන තුණ්ඩුවක් නොවෙයි. ඒ අපේ ජීවිත පැවැත්මේ කථාවයි. හොඳට බලන්න: “කම්මස්සකෝ’මිහි කම්මදායාදෝ කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්යාණංවි පාපකංවා තස්ස දායාදෝ භව්ස්සාමී’ති, ඉත්ථියාවා, පුරිසායවා, ගහට්ඨේනවා, පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” කියලා දසධම්ම සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා. “කම්මස්සකෝ’ ම්හි කම්මදායාදෝ” – මම කර්මය දායාද කරගෙන, “කම්මයෝනි” – කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, “කම්මබන්ධු” – කර්මය නෑදෑ කරගෙන, “කම්මපටිසරණෝ” – කර්මය පිළිසරණ කරගෙන, “යං කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමී’ති.” යම් හොඳ හෝ නරක කර්මයක් කළොත් මම එයම දායාද කරගෙනම සිටිමියි කියලා, “ඉත්ථියාවා, පුරිසායවා. ගහට්ඨේනවා. පබ්බජිතේනවා, අභින්හං පච්චවෙක්ඛිතබ්බං” යම් ස්ත්‍රියක් වේවා. පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතරම මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ මෙන්න මේ වාගේ කාරණා නිසයි. අවිද්‍යාව නිසා ලෝකය ඇති වෙච්ච හැටිත්, නැති වෙච්ච හැටිත් නොදන්නාකමට ඇති වෙච්චි ඒ ලෝකය ඇත්ත වෙලා, බැඳිලා ඉන්න අපට හම්බ වෙන්නේ අවිද්‍යා, සංඛාරා තණ්හා, භව කියන ක්‍රියාදාමයක්. ලෝකයත්, ලෝකයේ ඇති වීමත් නැති වීමත් ‘නොදන්නාකම’ නමැති අවිද්‍යාව නිසාම ලෝකය ඇති වෙලා. අවිද්‍යාව නිසා ඇති වන කර්මයෙන් ලෝකය හටගත්තා කියල නොදන්නාකම නිසාම අපට ඇති ලෝකයක් හම්බ වෙලා තියෙනවා. ඒ ලෝකයට අපි බැඳිලා ඉන්නවා. එම නිසා හොඳට මතක තියාගන්න. කිසිම තැනක දුවෙක්, පුතෙක්, ගෙයක්, දොරක් නොවෙයි මේ ස්කන්ධ ටිකයි, කෙලෙස් ටිකයි තියෙන්නේ කියල. ඒකෙන් කිව්වේ දූදරුවෝ නැත. ඒ අය එළවන්නට කියලා නොවෙයි. ඒ කිසි දෙයක් ඇති කරන්න හෝ නැති කරන්න යන්න එපා. කරන්න ඕන තම තමන් ගැන පමණක් ඇතුළත බලාගැනීමයි. මේක කාටවත් ඇඟිල්ල දික් කරන ශාසනයක් නොවෙයි. දුවට දුව විදියටත්, පුතාට පුතා විදියටත්, අම්මාට අම්මා විදියටත් සලකන්න. සැලකිය යුතු අයට උපරිමයෙන් සලකන්න. සමහර විට දහමක් නැති කෙනෙක් එයාගෙ අම්මට තාත්තට වඩා වැඩියෙන් දුවට පුතාට සලකයි. නමුත් මේ දහම දන්න කෙනා දහම නොදන්නා කෙනාට වඩා වැඩියෙන් දෙමව්පියන්ට සලකයි. පටිච්චසමුප්පාදය හරහා ලෝකයේ ඇති වීම හා නැති වීම සිදු වන බව දන්නා නිසා, තවත් සසර දුක් විඳින්න වෙන බව දන්නා නිසා. මෙතැනට මනස ගන්න ඕනෑ බව දන්නා නිසා, තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා. තව ටිකක් වැඩිපුර කරුණාවක් දක්වයි. සසර තමන් මේ තත්ත්වයට පත් වෙලා හිටපු බව දන්න නිසා හොඳට අනිත් කෙනා ගැන හිතන්නට දන්නවා. ඒ නිසා කරන-කියන යුතුකම් ඇප-උපකාර වැඩිමනත් කරන්න. ඒ මගින් එයා කවදා හරි දහමට ගන්න පුළුවන් උපායක් කරගන්න. එසේ කරමින් කිසිවෙකුටත් නොරිදවා මේ ආයතන ටික හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා පටිච්චසමුප්පාදය අනුව නිතරම බලන්න. එවිට ඒ කරණ දෙයින් තමනුත් මිදෙනවා, ලෝකයට උපකාරයකුත් වෙනවා. මේ විදියට බුද්ධිමත්ව, උපායශීලීව, මේ දහම ගවේෂණය කළොත්, අපිට මේ සසර තව ගොඩාක් දුර යන්න වෙන්නේ නැති වෙයි. සමහර විට මේ ජීවිතයේ අන්තිම මොහොතේදී හරි නිවන් දැකගන්න පුළුවන් වෙයි. මේ දීර්ඝ සසරට සාපේක්ෂව මේ ජීවිතය ඇතුළේම ඉක්මනට, හෙටම කරගන්න ඕන කියලා හිතන්න එපා. මෙතැනදී හොඳ උපමාවක් මතක් කරන්නම්: “යන බස්-එකට නඟින්න. හැබැයි බස්-එක ඇතුළේ දුවන්න හදන්න එපා” කියලා. බස්-එකේ වේගයෙන් ඔබට අවශ්‍ය තැනට අරගෙන යයි. නමුත් එය අබිබවා යන්න උත්සාහ ගන්න එපා. ඒක බොහොම හොඳට ගැළපෙන උපමාවක්. ඒ වගේ දහමට එන්න. ඇවිල්ලා ඒ දහමෙහි හැසිරෙන්න. හැබැයි ඉක්මනට කරන්න ඕන කියලා ස්වාභාවික ජීවිතයෙන් පලායන්න හදන්න එපා. ඊළඟට, ගෙදර-දොර වැඩ-කටයුතු කරනකොට, අනිත් අය ඇසුරු කරන කොට, හැම වෙලාවෙම ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. නුවණ නැති කෙනකුට මේ ගමන යන්න බැහැ. ඇතුළතින් දිවෙන යටි අදහස් පවා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. මෙතැනදී පොඩි කථාවක් උදාහරණයක් විදියට කියන්නම්: ඔන්න එක ගෙදරක හිටියලු අයියයි, මල්ලියි, ආච්චියි. ආච්චි තමයි මේ අයියයි මල්ලියි හදාගත්තෙ. මේ ගෙදරම පූසෙකුත් හිටියා. ආච්චිගේ උදව් උපකාර ඇතිව හැදී වැඩුණු මේ සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාට පසු කාලෙකදී මැද පෙරදිග රැකියාවකට යන්න පුළුවන් වුණා. ඊට පස්සෙ එයා හම්බ කරලා ගෙදරට මුදල් එවනවා. මේ පවුල එකිනෙකාට හරිම ආදරෙන් හිටියේ. අයියාට වැඩ අධික වූ අවස්ථාවක, ටික කාලයක් ගෙදර සමග තොරතුරු හුවමාරු කරගන්න බැරි වුණා. මාස ගණනාවකට පස්සේ දවසක් කථා කළා. තොරතුරු අහන අතරතුර අයියා මල්ලීගෙන් ඇහුවා පූසා ගැන. මල්ලී කිව්වා ඌ මැරුණා කියලා. මේක ඇහුවාම අයියා හරියට දුක් වුණා. පස්සේ මල්ලීට කියනවා: “දුක හිතෙන පණිවිඩයක් කියන කොට ඔහොම කියන්ට එපා කෙළින්ම. ඉස්සර වෙලාම කියන්න, ‘අයියේ පූසා වහලෙ උඩට නැග්ගා.’ ඊට පස්සෙ කියන්න, ‘පූසා දවස් ගණනක් කෑම කන්නේ නැහැ’ කියලා. ඊළඟට කියන්න, ‘අයියෙ පූසා වහලෙන් වැටුණා නෙ’, කියලා. ඊළඟටයි කියන්න ඕනෑ පූසා මැරුණු බව.” “හා එහෙමද” කියලා මල්ලී ඒක හිතට ගත්තා. ඊළඟට අයියා අහනවා, “ආච්චී කොයි” කියලා. මල්ලී ගත් කටටම කිව්වලු, “අයියේ ආච්චී වහලෙ” කියලා. බලනකොට ආච්චිත් මැරිලා. නමුත් දුක හිතෙන කථාවක් එක පාරටම කියන්න එපා, කියන්න ඕන මෙහෙමයි කියලා අයියා මුලින් සඟවා කියපු ක්‍රමය මල්ලීට තේරුම් ගන්න බැරි වුණා. සඟවා කියන දෙයක අර්ථය තේරුම්ගන්න බැරි වුණොත් සිදු වන්නේ ඔන්න ඔහොම දේවල්! ඔය වගේ මේ කිව්වේ මේක නේද කියල යමක් අහන කොට තේරුම්ගන්ට පුළුවන් වෙන්න ඕන. අපි තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න දක්ෂ වුණොත් අපිට මේ ජීවිතයේදීම ගැලවෙන්න පුළුවන් බව මතක තියාගන්න ඕනෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom