ලෝකෙ කොහෙවත් නැති මැණිකක් බළන්ගොඩ මානවයග

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ලෝකෙ කොහෙවත් නැති මැණිකක් බළන්ගොඩ මානවයග

ලංකාවට අභිමානයක්! ලෝකෙ කොහෙවත් නැති මැණිකක් බළන්ගොඩ මානවයගෙ මහපොළොවෙන් මතුවෙයි


ලෝකයේ ජීවය පහළ වන්නටත් පෙර ජීවය පහළවන්නට හේතු පාදක වූ ජල අංශු, වායු අංශු හා මුල්ම ජලජ ජීවීන්ගේ ශේෂයන් අන්තර්ගත වූ ලෝකයේ මෙතෙක් කිසිදු දේශයකින් හමුවී නොමැති අති දුර්ලභ මැණිකක් හමුවී ඇති බවට ලද තොරතුරක් මත අපි පසුගියදා මීගමුව ප්‍රදේශයට ගියෙමු.
මෙම මැණිකේ උරුමක්කාරයා වන්නේ මුතුහෙට්ටිගමගේ පියසේන මහතාය. අපි ඔහු සමඟ ‍ෙදාඩමලු වූයෙමු. මෙයට වසර 48කට පෙර එනම් 1968 වසරේදී ගුරු වෘත්තියට පිවිසි පියසේන මහතා පුරා වසර 23ක්ම ගුරුවරයකු මෙන්ම ගුරු උපදේශකවරයකු ලෙසද සේවය කළේය.
තමා උපන් දකුණු පළාත හැර දමා පියසේන මහතා රටේ අග නගරය වන කොළඹ බලා එන්නේද ගුරු වෘත්තියේ නියැළෙන්නටමය.


කොළඹට පැමිණි පියසේන මහතාගේ ගුරු වෘත්තිය පමණක් නොව ඔහුගේ ජීවන රටාවම දෛවය විසින් වෙනස් කරනු ලැබුවේ අනපේක්‍ෂිත අයුරිනි.
සිය ගුරු වෘත්තියේ දිගු ගමනක් යෑමට කොළඹ අග නගරයට පැමිණි පියසේන මහතා අද වන විට මැණික් පිළිබඳ හසළ දැනුමක් ඇති විශේෂඥයෙකි. මෙරට මැණික් ක්‍ෂේත්‍රයේ අද වන විට ඉහළම හිණිපෙත්තට නැඟ සිටින මේ අපූරු මිනිසා වටා ගෙතී ඇති කතා වස්තුව එක හුස්මට කියවිය හැකි නවකතාවක් වැනි යැයි කිවහොත් එය අතිශයෝක්තියක්ද නොවේ.


අප ජීවත්වන ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේම මෙතෙක් විවර නොවූ පැතිකඩක් විවර කර දෙන්නට සමත් ලොව දුර්ලභම මැණිකක් අතැතිව සිටින ඒ අපූරු ප්‍රසන්න මිනිසා සොයා 'මව්බිම' ගිය ගමනේදී ඔහු අපට කී කතාව ඔහුගේ වදන්වලින්ම අපි මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.
'මා ගුරුවරයකු වශයෙන් සිටියදී 1977 වසරෙදි කොළඹ අග නගරයට ආවේ. ඒ ආ ගමනෙදි මගේ විනෝදාංශය වුණේ මැණික් පිළිබඳ සොයා බැලීමයි. මට මැණික් පිළිබඳ සොයා බැලීමේ ආසාව ඇතිවුණේම ඒ පිළිබඳ මා තුළ තිබූ විනෝදාංශ හැඟීමමයි.


ඒ කාලෙ මාසයක් ගුරු සේවයෙ වැඩ කරල ගන්න වැටුපෙන් මැණික් ගලක් මිලදී ගෙන පොඩි ගාණක් තියාගෙන ගුරු මණ්ඩලයේම ගුරුවරයකුට විකුණන පුරුද්දක් මට ඇති වුණා.
ඔය අතරෙදි කතරගම ප්‍රදේශයෙත් මැණික් ලැබෙන්න වුණා. ගුරු වැටුපෙන් මැණික් ගලක් දෙකක් අරගෙන අලෙවි කිරීමට පුහුණු වී සිටි මා 1984 වසරෙ එක්තරා දවසක කතරගමට ගියා. ඒ වන විට මගේ අතේ තිබුණු ලොකු මුදල වූ රුපියල් පනස්දහසකුත් (රු.50,000) රැගෙන තමයි කතරගමට ගියේ.
මා අරගෙන ගිය රුපියල් පනස්දහසේ මුදලින් එදා කතරගමින් මැණිකක් මිලට ගෙන ආවා. කතරගමින් එදා රුපියල් පනස්දහසක් වැයකර මා ලබාගෙන තිබුණේ සැබෑ මැණිකක් නොවන බව පසුව දැනගත්තා. කොටින්ම කීවොත් මා මිලට ගත් මැණික ඉමිටේෂන් මැණිකක් වුණා. එය ජීවිතයේ අමතක කරන්න බැරි සිද්ධියක්.
එදා තමයි මගේ දෛවය වෙනස් වෙන්න පටන් ගත්තෙ. එතැන් පටන් මැණික් ගැන සෙවීමේ සැබෑ ඕනෑකමක් මට ඇතිවුණා. ඊට පස්සෙ මා මැණික් ගැන හෙව්ව. අපේ රටට පිටරටවලින් ඉමිටේෂන් මැණික් ගල් ගෙන්වන වෙළෙන්‍ෙදා හමුවෙලා ඒවා පිළිබඳ කතා කරලා ඉමිටේෂන් මැණික් පවා ඉතාම ඕනෑකමින් පරීක්‍ෂා කළා.


ඔය කාලෙදි මරදානෙ සහිරා කොලීජියෙ මැණික් පිළිබඳ පන්ති පැවැත්වුණා. එහි මැණික් ඩිප්ලෝමා පාඨමාලාවක්ද තිබුණා. පසුව මා සහිරා කොලීජියෙ මැණික් ඩිප්ලෝමාව හැදෑරුවා. ඒ පාඨමාලාව තුළින් මා මැණික් ගැනත් ඒවාවල තියරි ගැනත් හොඳට ඉගෙන ගත්තා. මා මෙවැනි ක්‍ෂේත්‍රයකට යොමු වුණේ ගුරු සේවය නැවැතුණු නිසයි.
මැණික් පිළිබඳ මා එලෙස හදාරමින් සිටියදී වරක් ජපානයට ගියා. එසේ ජපානයට යන විට මා ගුරුවරයකු වශයෙන් සේවය කළ ස්ථානයට නිවාඩු ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලයි ගියේ.
එහෙත් ජපානයේ සිට මෙරටට පැමිණෙන විට ගුරු සේවය කළ තැනට දී තිබූ නිවාඩු ඉල්ලුම් පත්‍රයයි, ගුරු සේවයේ ලිපි ගොනුවයි දෙකම අස්ථාන ගතවී තිබුණා.
1967 වසරේදී ශිෂ්‍ය ගුරුවරයකු ලෙසයි මා ගුරු සේවය ඇරැඹුවේ. එවකට බළපිටිය ගුරු විද්‍යාලයේ පුහුණුවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධියත් ලැබුවා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේදී පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත් ලබා සිටියත් ගුරු නිවාඩු ඉල්ලුම් පත්‍රයත් සේවා ලිපි ගොනුවත් අහිමි වීම මගේ දෛවය වෙනස් කිරීමට ප්‍රබල පිටුබලයක් ලැබුණා. ඉහත සිද්ධියෙන් පස්සේ මා ගුරු සේවයට නැවත ගියේම නැහැ.


එතැන් පටන් එතෙක් මා ළඟ තිබූ මැණික් දැකීමේ, මිලට ගෙන අලෙවි කිරීමේ විනෝදාංශය එදා සිටම ජීවන උපාය කරගත්තා.
මේ වගේ වටිනා ගල් දැක්කම ඒවයෙ ඉතිහාසය හොයාගෙන ගිහිල්ලා විශිෂ්ට සේවයක් කිරීමට ලැබෙන එක වැදගත්. මේ වගේ ගල් ලෝකෙට හඳුන්වාදීමට ලැබෙන එකත් වටින සේවයක්.
මැණික් හමුවන ප්‍රදේශ ගැන අවදියෙන් සිටියදී පසුගිය දිනයක බළන්ගොඩ ප්‍රදේශයේ මැණික් අලෙවි කරන අයකු ළඟ වතුර බින්දුවක් තිබෙන ගලක් තිබෙන බව මගේ හිතවතුන් දෙදෙනකු පැමිණ කීවා.
පසුව මා මැණික බලන්න ගියා. මා එවිට දැක්කා එහි ගර්භය තුළ අමුතු පිහිටීමක් තිබෙන බව. එම සුවිශේෂීකම නිසාම මා මැණික රැගෙන ආවා.
පසුව මා එය කොරන්ඩම් පවුලෙ මැණික් ගලක් බව දැනගත්තා. ඒ විතරක් නෙවෙයි කොරන්ඩම් මැණික් ගලක ඉතිහාසයත් මා දැන සිටියා. ඒ අනුව එය රැගෙන විත් පරීක්‍ෂා කළාම තමයි එය සුවිශේෂී මැණික් ගලක් බව දැනගත්තෙ.


මේකෙ නම නැචුරල් කොරන්ඩම් සැෆයර් ජෙම් ස්ටෝන් (ව්චබභපචත ඛ්ධපභදඤභථ ඉචනනඩඪපඥ ට්ඥථ ඉබධදඥ) මෙය කහ පැහැයට හුරු සුදු නිලක්. ඉංග්‍රීසියෙන් කියන්නෙ එඩඪබඥ ඉචනනඩඪපඥ කියල. කෙටියෙන් මේ මැණික් ගල හැඳින්නුවොත් කොරන්ඩම් සැෆයර් (ඛ්ධපභදඤභථ ඉචනනඩඪපඥ) කීවම හරි. මැණික් පවුලෙ නම තමයි කොරන්ඩම්. (ඛ්ධපභදඤභථ) කියන්නෙ. මෙය කොරන්ඩම් මැණික් පවුලටත් අයිති මැණික් සැෆයර් එකක්.
මෙහි බර කැරට් 16.43යි. මිලිග්‍රෑම් 3286යි. මේ මැණික ෆැන්සියක් හැටියට නොවෙයි එහි අන්තර්ගතය නිසා තමයි අසීමිත වටිනාකමක් තියෙන්නෙ.
මේ මැණික තුළ ඇති අන්තර්ගතයන් අති දුර්ලභ ඒවා නිසාම මේ මැණිකේ මිල අද ගණනය කළ නොහැකි තරම් ඉහළ ගොස් තිබෙන්නෙ. මේ මැණික තුළ ඇති ජල අංශු, වායු අංශු මෙම මැණික පිහිටන අවස්ථාවේම මැණිකට ඇතුළත් වී ඇති බව ස්ථිරව නිගමනය කළ හැකියි.




මෙවැනි මැණික් නිර්මාණය වන්නේ පෘතුවි පර්වත තුළයි. මීට වසර මිලියන, මිලියන් ගණනකට ලෝකයේ ජීවය පහළ වන්නටද පෙර පර්වතයන් තුළ මෙවැනි මැණික් පෘථිවි පර්වතය ලිහිල්වීම නිසා පෘථිවියේ වැලි නිර්මාණය වීමත් සමඟම මෙවැනි තද පාෂාණ කි¼දා බැස පෘථිවිය මත තැන්පත් වීමෙන් තමයි මැණික් ඉල්ලම් නිර්මාණය වන්නෙ.
මෙම මැණික තුළ ඇති ද්‍රාවණය හා ඒ සමඟ ඇති වායු බුබුළද වසර බිලියන බිලියන ගණනක් පැරැණි බව අවිවාදිතයි. මේ වායු බුබුළ සහිත ද්‍රාවණය තුළ ගලාහැලෙන කුඩා අංශු, පෘථිවියේ ජලය තුළ නිර්මාණය වූ මුල්ම ජලජ ජීවීන්ගේ ශේෂයන් විය යුතුය.
මේ අනුව මෙම මැණික තුළ ඇති ජල අංශු, වායු අංශු පෘථිවියේ ජීවය පහළ වන්නට පෙර නිර්මාණය වූ බවත් පෘථිවියේ ජීවය පහළ වන්නට හේතු පාදක වූ මුල්ම ජල අංශු සහ වායු අංශුවලින් අද ශේෂවී ඇති විශිෂ්ට සංකේතයක් ලෙසද මේ මැණික තුළ ඇති ජල අංශු හා වායු අංශු සැලකිය හැකියි.


ජලය තුළ පාවෙන සියුම් කොටස් ජලයේ ආරම්භක ජලජ ජීවීන් ලෙසද නිගමනය කළ හැකියි. ලෝකයේ ජලජ ශාකවත් පවා නොමැති අතීතයකදී තමයි ගල් පර්වතයක මෙය නිර්මාණය වී තිබෙන්නෙ.
එසේම ලොව කිසි තැනකින් මෙවැන්නක් හමුවෙන්න බෑ. එසේම මේ දුලබ මැණික ශ්‍රී ලංකාව වැනි අපගේ රට තුළින් හමුවීමත් ඉතාමත් වැදගත්.
මෙයට වසර 36,000කටත් පැරැණිම මානවයා සිටි ශ්‍රී ලංකාවේ බළන්ගොඩ ප්‍රදේශයෙන් මේ වස්තුව හමුවීම අප රටටම මහඟු ආඩම්බරයක්. මේ මැණික තුළ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක ඉතිහාසයක් ගැබ්ව ඇති බවද පෙනෙනවා.


මෙම මැණික පිළිබඳ මේ රටේ පැරැණිම මැණික් පරීක්‍ෂණ ආයතනය වන ඇකුවා ජෙම් ලැබෝටරි පරීක්‍ෂණ (මැණික් සහ ඛනිජ) මධ්‍යස්ථානයේ මැණික් පිළිබඳ උපදේශක නීලමනී ද සිල්වා මහතා මෙය ඇමෙරිකාවට ගෙන යන ලෙස මට උපදෙස් දුන්නා." එසේම එම ආයතනය මේ පිළිබඳ පරීක්‍ෂණ සහතිකයකුත් නිකුත් කර ඇත. එහි මෙසේ සඳහන් වෙයි.
"මෙම මැණික ස්වාභාවික සුදු සැෆයර් එකක්. (මෙය ඉතා දුලබ වර්ගයක්) පිරමීඩාකාර හැඩැති, මුහුණු තුනක් සහිත මැණික් ගර්භයේ අර්ධ ද්‍රාවණය සහිතය. ඛනිජ කොටස් මෙන්ම වායු බුබුළක්ද ඇත.


පියසේන මහතා අපට මෙසේද කීවේය. "මගේ විශ්වාසයේ හැටියට පාවෙන ජලය ඇති මැණිකක් ලොව කොතැනකවත් තිබිය නොහැකියි. මෙය ඇතුළත දිය ඇල්ලක් කඩා හැලෙන අයුරුද දැකිය හැකියි. මෙය අතිශය ලොවම මවිත වන මැණිකක් වන්නේද ඒ නිසයි. මෙම මැණික පිළිබඳ වැඩිදුර විමැසුමට නම් ඩී.එන්.ඒ. පරීක්ෂාවකටත් එහා ගිය පරීක්‍ෂාවකට යා යුතු බවයි මගේ විශ්වාසය."


මේ අරුම පුදුම මැණිකේ යටගිය වසර බිලියන ගණනක ඉතිහාසය ලොව හමුවේ තැබීම පියසේන මහතාගේ ඒකායන අරමුණය. ඒ වෙනුවෙන් අද වන විට නවීන ලෝකයේ ඉහළම පෘථිවියේ මෙන්ම හඳේ පවා පර්යේෂණවල නියැළි ඇමෙරිකාව වැනි රටක සහාය අපේක්‍ෂා කරන බවද එවැනි ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් තමා ඉදිරිපත් කරන පුරාවිද්‍යා සිතුවිල්ල පිළිගන්නේ නම් මෙකී මැණිකේ පවත්නා අන්තර්ගතයන් පරීක්‍ෂා කර බැලීමට සාධාරණ මිලකට මැණික ලබාදීමට වුවද අකැමැති නොවන බවද මේ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයකට අවසර ලබා දීමට තමා ඉතාම කැමැත්තෙන් සිටින බවද අවධාරණය කළ පියසේන මහතා එයින් අපගේ මවුබිමට ඉහළම පිළිගැනීමක්, ගෞරවයක් අත්පත් විය හැකි බවද කීවේය.
 
  • Like
Reactions: Thoppi_Chaminda

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    "මෙම මැණික පිළිබඳ වැඩිදුර විමැසුමට නම් ඩී.එන්.ඒ. පරීක්ෂාවකටත් එහා ගිය පරීක්‍ෂාවකට යා යුතු බවයි මගේ විශ්වාසය."

    මැණික් වල dna තියෙනවද වස්තුවේ ? :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    5967d7b696415ce3e1a4b0c84707eafd.jpg