Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක

ලංකාව ජනාවාස වීමේ ඉතිහාස කතන්දරේ කපු කැටිල්ලකින් පටන් ගන්නවා වගේ ටොයෝටා සමාගමේ කාර් හැදිල්ලේ කතාව පටන් ගන්නේ රෙදි විවිල්ලකින්.

1889 විතර එක්තරා දවසක සකීචි ටොයෝඩා කියලා කොලු ගැටයෙකුට තමන්ගේ අම්මා රෙදි වියන්න මහන්සි වෙන එක ගැන දුක හිතෙන්න ගන්නවා. ඒ කාලේ රෙදි වියනවා කියන එක තනියම ටේබල් ටෙනිස් ගහනවා වගේ වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඒක තෙහෙට්ටු වෙන, වෙලා යන, ශ්‍රමය අපතේ යන වැඩක්.

ටොයෝඩා පවුලේ කොල්ලන්ට ඔය 'අපතේ යනවා' කියන වචන දෙක ඇහුණත් නිකං සීටීබී බස් එකක් දැක්ක ප්‍රයිවට් බස් කාරයෙකුට වගේ තද වෙනවා...

ඉතිං සකීචි ටොයෝඩා 1890 දී පළවෙනි වතාවට ලී වලින් අර්ධ ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හැදුවා. එතකොට රෙදි විවිල්ල තනියම කැරම් ගහනවා වගේ ලේසි වැඩක් වුණා.

ඒ වුණාට සකීචි මල්ලි එතනින් වැඩේ නවත්තලා හන්දි ගානේ ලෑටි ගාන්න ගියේ නෑ. ආණ්ඩුව උදවු කරන්නේ නෑ කියකිය අඬ අඬා සකුරා මල් ගහන්න ගියේ නෑ. මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෑ කියකිය පත්තරවල ෆොටෝ දාගත්තේ නෑ. මොකද එයා ජපන් නේ, ශ්‍රී ලංකන් නෙමෙයි නේ. ඒ නිසා එයා මාන්නෙයි කම්මැලිකමයි පැත්තක දාලා මහන්සි වෙලා මේ යන්තරේ තව තව දියුණු කළා. 1896 වෙද්දී ජපානේ පළවෙති වතාවට ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හදන්න සකීචි ට පුළුවන් වුණා.

එක්දාස් නමසිය ගණන් වල මුල් කාලේ වෙනකොට සකීචි ගේ පුතා කීචිරෝ ටොයෝඩා ත් මේ වැඩේට එන්ටර් වෙලා හිටියේ. 1924 වෙද්දී දෙන්නා එකතු වෙලා පළවෙනි වතාවට අධිවේගී රෙදි වියන මැෂිමක් හැදුවා.

සකීචි ටොයෝඩා

මේ මැෂිම නිසා එක මැෂිමකට එක ඔපරේටර් කෙනෙක් ගානේ දාන්න වෙන අවශ්‍යතාව නැතුව ගියා (වෙන වචන වලින් කියනවා නම් සෑහෙන පිරිසකගේ බඩ ගෝස්තරේට කෙළ වුණා). එක ඔපරේටර් කෙනෙකුට මැෂින් 30 ක් විතර බොහොම පහසුවෙන් සුපර්වයිස් කරන්න පුළුවන් වුණා. මේක තමයි Model G මැෂිම කියලා හඳුන්වපු එක. මේ මැෂින් ඉතාම නිවැරදිව රෙදි වියනවා වගේම වැරදීමකින් හරි මොකක් හරි ගැටලුවක් ආවොත් වහාම නවතිනවා. ඒ නිසා අපතේ යාම බින්දුවට බැස්සා....

Toyoda Model G3

ඔය කාලේ වෙද්දී සකීචි ගේ පුතා කීචිරෝ තීරණය කළා Model G මැෂින් එකලස් කරන්න ඇමරිකාවේ වගේ මහාපරිමාණ එකලස් කිරීමේ ක්‍රමයක් ඇතිකරන්න. තාත්තයි පුතයි එකතු වෙලා, බටහිර රටවල ක්‍රම ගැනත් හොඳට හොයලා බලලා විධිමත් එකලස් කිරීමේ ක්‍රමයක් තියන ෆැක්ටරියක් දැම්මා. 1926 දී තමයි ඒ විදිහට Toyoda Automatic Loom Works පටන් ගත්තේ.

කීචිරෝ ටොයෝඩා

ඔය අතරේ 1929 දී කීචිරෝ ටොයෝඩා යුරෝපයේ සහ ඇමරිකාවේ සංචාරයකට නැව් නැග්ගා. එයා ගියේ තමන්ගේ ෆැක්ටරියේ භාවිතා වුණු තාක්ෂණයට අදාළ බලපත්‍ර වල වැඩකටයුතු කීපයකට.

ඒත් කේස් එක වුණේ මේකයි. මේ කාලේ වෙද්දී ෆෝඩ් Model T එකේ කාර් මිලියන 15 ක් විතර බිහිවෙලා ප්‍රඩක්ෂන් එක ඉවර වෙලත් තිබ්බේ. ඒ කියන්නේ ඇමරිකාවේ පඳුරකට පයින් ගැහුවම කාර් දහයක් විතර විසිවෙන තත්ත්වයක් උදාවෙලා තිබ්බා. ජපානේ ඉතිං එහෙම දෙයක් පේන අහලක තිබ්බේ නෑ නේ. ඒ කාලේ ජපන් පඳුරු වලට පයින් ගැහුවම විසිවුණේ අමු මාළු, හයිකු කවි සහ කිමෝනෝ වගේ දේවල් විතරයි.

ඉතිං කීචිරෝ ට මේවා දැකලා කීචි කැවුණා.

ඒ කලේ ඇමරිකාවේ පාරක්

ජපානෙට ආපු ගමන් කීචිරෝ කළේ අර Model G මැෂින් එකලස් කරන වැඩ යන අතරේම වාහන එන්ජින් හදන්න ප්ලෑන් කරන එකයි. කොහොම කොහොම හරි නියපොතු නැති අතින් රඹුටන් ලෙලි ගහනවා වගේ එයා කටු කාලා කටු කාලා වාහනේ පළවෙනි Prototype එක 1935 දී හදාගත්තා. ඊට පස්සේ ඒක ටෙස්ට් කරලා ඊළඟ අවුරුද්ද වෙද්දී පළවෙනි ප්‍රඩක්ෂන් කාර් එක එළියට දැම්මා.

ඒ තමයි අද අපි Toyota Model AA කියලා දන්න කාර් එක.

Toyota Model AA

ඒ කාලේ ඇඩ් එකක්  Assembly line එකේ ෆොටෝ එකක්

ටිකක් කරුණාවන්ත විදිහට කියනවා නම්, මේ කාර් එක ඒ කාලේ ඇමරිකාවේ ප්‍රචලිත වෙලා තිබුණු කාර් වලින් ආභාසය ලබලා හදපු කාර් එකක්. මාලේ කඩන්න ආපු එකාට හෑන්ඩ් බෑග් එකෙන් ගහනවා වගේ කියනවා නම් ඒ කාර් එක Chrysler (නැත්තං DeSoto) Airflow එකේ අමු කොපියක්. ඔය දෙකෙන් මොන description එකද තෝරගන්නේ කියන එක තීරණය වෙන්නේ කියවන කෙනා ටොයෝටා බ්‍රෑන්ඩ් එකට ලවු කරන ප්‍රමාණය අනුව...

Restore කරපු නැති DeSoto Airflow එකක්

Automobile Catalogue වෙබ්සයිට් එකට අනුව කාර් එකේ මූලික ලක්ෂණ මෙහෙමයි.

බොඩිය- සෙඩාන්, දොර 4

එන්ජිම- 3389 cm3 (3.4L කියලා කියන්නකෝ. ඒක ලේසියි)

ගියර්- 3 speed Manual

පවර් එක- 62hp

දිග- මිලිමීටර් 4780

වීල්බේස් එක- මිලිමීටර් 2850

ටොප් ස්පීඩ් එක- ෆැක්ටරියෙන් කියලා තිබුණු හැටියට 100kmph (එව්වා නම් මන්දා!)

මාව ෂුවර් නැත්නම් විස්තර බලන්න: www.automobile-catalog.com/make/toyota/aa/aa/1936.html

කාර් එක පොඩ්ඩ පොඩ්ඩ විකිණෙන කොට 1937 දී සමාගමට අලුත් නමක් දාන්න තරගයක් තිබ්බා. ඒකෙන් තෝරගත්තු නම තමයි Toyota Motor Co., Ltd. කියන එක. මේක ජපන් භාෂාවෙන් ලියනකොට වාසනාවන්ත විදිහට ඉරි අටකින් ලියන්න පුළුවන් නිසා මේක තෝරගත්තා කියලයි www.toyota-europe.com වෙබ් සයිට් එකේ තියෙන්නේ.

Toyota Model AA එකේ ප්‍රඩක්ෂන් එක ඉවර වුණේ 1942 දී. ඒ වෙද්දී සමාගම මේ මොඩ්ල් එකේ කාර් 1,404 ක් හදලා තිබ්බා.

පස්සේ ඉතින් ටොයෝටා එක වෙන වෙන වාහන හදලා දියුණු වුණා. ජපානේ මුළු ලෝකෙටම දෙන්න සුපිරි වාහන හදන රටක් බවට පත්වුණා. නමුත් මේ මුල්ම Toyota Model AA කාර් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ. අවුරුදු ගාණක් රට ඉඳලා ආපු එකෙකුට ඉස්සරලාම හම්බවෙච්ච චිකන් කොත්තුව වගේ කටුවක් වත් ඉතුරු නොවෙන්න කාර් ටික වැනිෂ් වෙලා ගිහිං කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. ඉතින් පස්සේ පරම්පරා වලට බලන්න මේකෙ ආකෘති හදන්න ජපානේ කෞතුකාගාර වලට පවා සිද්ධ වුණා.

ආකෘතියක්

මේ අතරේ හරි අපූරු වැඩක් වුණා. 2008 අවුරුද්දේ ආරංචියක් ආවා රුසියාවේ [FONT=&quot]Vladivostok [/FONT]කියන නගරේ මෙයින් ඔරිජිනල් කාර් එකක් තියනවා කියලා. රුසියාවේ පත්තරේක ඇඩ් එක ගිහින් තිබුණේ Chrysler Airflow එකක් විකුණන්න තියනවා කියල ලු. කාර් එකේ ලියාපදිංචි සහතික වල තිබිලා තියෙන්නෙත් එහෙමයි.

නමුත් එහෙ අවුරුදු 25 ක කොල්ලෙක්ට භාණ්ඩේ ඇත්තටම මොකක්ද කියලා මීටර් වෙලා තිබ්බා. ඒ වුණාට සාමාන්‍යයෙන් ලංකාවේ වගේ ඕන පූසෙක්ගෙ කනෙන් රිංගන පූස් මැක්කෝ ලෝකේ කොහෙත් ඉන්න නිසා කවුරුවත් මේ කතාව එච්චරම ෂුවර් කළේ නැහැ. නමුත් මේක දැනගත්ත ගමන් නෙදර්ලන්තේ [FONT=&quot]Louwman [/FONT]කෞතුකාගාරයේ කළමනාකාර අධ්යක්ෂ Ronald Kooyman අර කොල්ලට කියලා කාර් එකේ ෆොටෝස් එහෙම ගෙන්නගෙන බැලුවා. එතකොට තහවුරු වුණා මේක ඇත්තටම ජෙනුයින් Toyota Model AA එකක් බව...

මේක තිබිලා තියෙන්නේ සයිබීරියානු ගොවියෙක් ගාව. ලෝක යුද්ධ කාලේ ඉඳන්, අවුරුදු හැට ගාණක් තිස්සේ එයාගේ පවුලේ තමයි මේක තිබිලා තියෙන්නේ. හැබැයි මෙයා මේක පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් පළවෙනි ඇනිවර්සරි එකට දීපු මැටි පූසා වගේ පරිස්සමට තියාගෙන ඉඳලා තිබ්බේ නැහැ. ඇත්තටම කිව්වොත් මේක ට්‍රැක්ටරයක් හෝ ලොරියක් වගේ මඩ නාලා, බර ඇදලා තිබ්බා. ඒ වගේම යම් යම් වෙනස්කම් මේකේ කරලා තිබ්බා (ඒ මනුස්සයා කොහෙන් කියලා ස්පෙයා පාට්ස් හොයන්නද! ඇටවිල්ලං සරණං තමා!).

පස්සේ කාලෙක මේක සයිබීරියාවෙන් රුසියාවේ [FONT=&quot]Vladivostok [/FONT]නගරයට ගෙනල්ලා. ඒ නගරේ තමයි අර ගොවි මහත්තයාගේ මුණුබුරා ජීවත් වුණේ. හැබැයි කාර් එක කොයි කාලේ ආවද කියන්න එයාට වත් නිච්චියක් තිබ්බේ නැහැ (මරු මුණුබුරා!).

කොහොමෙන් කොහොම හරි කාර් එක [FONT=&quot]Louwman [/FONT]කෞතුකාගාරයට අරගෙන යන්න අවශ්‍ය කටයුතු ටික කරගන්න රුසියානු සංස්කෘතික අමාත්‍යංශයෙන් අවසර ලැබුණා. මේ වැඩ ටිකට මාස 7 ක් විතර ගතවුණා කියලා ටොයෝටා වෙබ්සයිට් එකේ තියනවා. අන්තිමට කෝච්චි වල සහ කන්ටේනර් වල නැගලා Toyota Model AA එකේ ඉතුරු එකම එක ඔරිජිනල් කාර් එක නෙදර්ලන්තයට ආවා. මේක 1936 දී හදපු මුල්ම කාර් සීයෙන් එකක් කියනවා.

කාර් එක පටවගත්තු හැටි

මේ අපූරු කතාව ඔයාලට මෙන්න මේ ලින්ක් එකට ගිහින් කෞතුකාගාරේ වෙබ්සයිට් එකෙන්ම කියවන්න පුළුවන්: www.louwmanmuseum.nl/Ontdekken/Ontdek-de-collectie/toyoda-aa

මම ටොයෝටා ෆෑන් කෙනෙක් නෙමෙයි. ටොයෝටා වාහන එක්ක කවදාවත් මගේ ලොකු බැඳීමක් තිබ්බේ නැහැ. නමුත් ටොයෝටා කියන්නේ කිසිම කාර් පිස්සෙකුට මගහැරලා යන්න බැරි අතිදැවැන්ත බ්‍රෑන්ඩ් එකක්. කාර් ක්ෂේත්රයේ ටොයෝටා කියන්නේ නිකං හෝටල් ක්ෂේත්රයේ පරිප්පු වගේ තමා. මහ ලොකු රහකුත් නැහැ, ඒ වුණත් නැතුවත් බැහැ.

මේ කතාව ඇහුව දවසට වඩා ලිව්ව දවසේ මගේ හිතේ ටොයෝටා ප්‍රේමයක් මෝදු වුණාද මන්දා...!

පට්ට ආර්ටිකල් එක නිසා බෙදා ගත්තේ

ඊමේල් එකකින් ආවෙ

[QUOTE="ZoomLine, post: 21611619, member: 561907"] [b]ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක[/b] [CENTER] [CENTER] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-L9M2VOOi9wA/WQoia1904eI/AAAAAAAADKs/yuQex4LFan42sZNwlk75LFazNethddKUACLcB/s1600/Toyoda-Model-AA-02.jpg"][IMG]https://1.bp.blogspot.com/-L9M2VOOi9wA/WQoia1904eI/AAAAAAAADKs/yuQex4LFan42sZNwlk75LFazNethddKUACLcB/s640/Toyoda-Model-AA-02.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] ලංකාව ජනාවාස වීමේ ඉතිහාස කතන්දරේ කපු කැටිල්ලකින් පටන් ගන්නවා වගේ ටොයෝටා සමාගමේ කාර් හැදිල්ලේ කතාව පටන් ගන්නේ රෙදි විවිල්ලකින්. [/SIZE] [SIZE=3] 1889 විතර එක්තරා දවසක සකීචි ටොයෝඩා කියලා කොලු ගැටයෙකුට තමන්ගේ අම්මා රෙදි වියන්න මහන්සි වෙන එක ගැන දුක හිතෙන්න ගන්නවා. ඒ කාලේ රෙදි වියනවා කියන එක තනියම ටේබල් ටෙනිස් ගහනවා වගේ වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඒක තෙහෙට්ටු වෙන, වෙලා යන, ශ්‍රමය අපතේ යන වැඩක්. [/SIZE] [SIZE=3] ටොයෝඩා පවුලේ කොල්ලන්ට ඔය 'අපතේ යනවා' කියන වචන දෙක ඇහුණත් නිකං සීටීබී බස් එකක් දැක්ක ප්‍රයිවට් බස් කාරයෙකුට වගේ තද වෙනවා... [/SIZE] [SIZE=3] ඉතිං සකීචි ටොයෝඩා 1890 දී පළවෙනි වතාවට ලී වලින් අර්ධ ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හැදුවා. එතකොට රෙදි විවිල්ල තනියම කැරම් ගහනවා වගේ ලේසි වැඩක් වුණා. [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://4.bp.blogspot.com/-3owLFMqzIPs/WQocstcE5hI/AAAAAAAADJU/KfhBZUBMbIgd3o5DKxgT6DN9MUzhDSOAACLcB/s1600/1890-Toyoda-loom.jpg"][IMG]https://4.bp.blogspot.com/-3owLFMqzIPs/WQocstcE5hI/AAAAAAAADJU/KfhBZUBMbIgd3o5DKxgT6DN9MUzhDSOAACLcB/s640/1890-Toyoda-loom.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ වුණාට සකීචි මල්ලි එතනින් වැඩේ නවත්තලා හන්දි ගානේ ලෑටි ගාන්න ගියේ නෑ. ආණ්ඩුව උදවු කරන්නේ නෑ කියකිය අඬ අඬා සකුරා මල් ගහන්න ගියේ නෑ. මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නෑ කියකිය පත්තරවල ෆොටෝ දාගත්තේ නෑ. මොකද එයා ජපන් නේ, ශ්‍රී ලංකන් නෙමෙයි නේ. ඒ නිසා එයා මාන්නෙයි කම්මැලිකමයි පැත්තක දාලා මහන්සි වෙලා මේ යන්තරේ තව තව දියුණු කළා. 1896 වෙද්දී ජපානේ පළවෙති වතාවට ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් හදන්න සකීචි ට පුළුවන් වුණා. [/SIZE] [SIZE=3] එක්දාස් නමසිය ගණන් වල මුල් කාලේ වෙනකොට සකීචි ගේ පුතා කීචිරෝ ටොයෝඩා ත් මේ වැඩේට එන්ටර් වෙලා හිටියේ. 1924 වෙද්දී දෙන්නා එකතු වෙලා පළවෙනි වතාවට අධිවේගී රෙදි වියන මැෂිමක් හැදුවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://4.bp.blogspot.com/-gwG4qrC-EL0/WQobf9wHmMI/AAAAAAAADJE/IDe9cagdwmsyxmlyMwjjH3wcdq6rndPFgCLcB/s1600/7110436d43157cb2c372bcd07d07411c_1.jpg"][IMG]https://4.bp.blogspot.com/-gwG4qrC-EL0/WQobf9wHmMI/AAAAAAAADJE/IDe9cagdwmsyxmlyMwjjH3wcdq6rndPFgCLcB/s320/7110436d43157cb2c372bcd07d07411c_1.jpg[/IMG][/URL] සකීචි ටොයෝඩා මේ මැෂිම නිසා එක මැෂිමකට එක ඔපරේටර් කෙනෙක් ගානේ දාන්න වෙන අවශ්‍යතාව නැතුව ගියා (වෙන වචන වලින් කියනවා නම් සෑහෙන පිරිසකගේ බඩ ගෝස්තරේට කෙළ වුණා). එක ඔපරේටර් කෙනෙකුට මැෂින් 30 ක් විතර බොහොම පහසුවෙන් සුපර්වයිස් කරන්න පුළුවන් වුණා. මේක තමයි Model G මැෂිම කියලා හඳුන්වපු එක. මේ මැෂින් ඉතාම නිවැරදිව රෙදි වියනවා වගේම වැරදීමකින් හරි මොකක් හරි ගැටලුවක් ආවොත් වහාම නවතිනවා. ඒ නිසා අපතේ යාම බින්දුවට බැස්සා.... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-LFFhDcQV8qA/WQod4lLhR3I/AAAAAAAADJk/O2y6u1ExK6kBNLFkhgC43Evf_uAANPM_QCLcB/s1600/20160414_164201-1024x572.jpg"][IMG]https://1.bp.blogspot.com/-LFFhDcQV8qA/WQod4lLhR3I/AAAAAAAADJk/O2y6u1ExK6kBNLFkhgC43Evf_uAANPM_QCLcB/s640/20160414_164201-1024x572.jpg[/IMG][/URL] Toyoda Model G3 [/SIZE] [SIZE=3] ඔය කාලේ වෙද්දී සකීචි ගේ පුතා කීචිරෝ තීරණය කළා Model G මැෂින් එකලස් කරන්න ඇමරිකාවේ වගේ මහාපරිමාණ එකලස් කිරීමේ ක්‍රමයක් ඇතිකරන්න. තාත්තයි පුතයි එකතු වෙලා, බටහිර රටවල ක්‍රම ගැනත් හොඳට හොයලා බලලා විධිමත් එකලස් කිරීමේ ක්‍රමයක් තියන ෆැක්ටරියක් දැම්මා. 1926 දී තමයි ඒ විදිහට Toyoda Automatic Loom Works පටන් ගත්තේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-AzPDVUaldF0/WQocDnARhCI/AAAAAAAADJQ/2XCMZNTQ4ikvaJx9TKiz7viLkXDUxjY4QCEw/s1600/8b05d4088dfa9dd4019984bde721c0ed.jpg"][IMG]https://1.bp.blogspot.com/-AzPDVUaldF0/WQocDnARhCI/AAAAAAAADJQ/2XCMZNTQ4ikvaJx9TKiz7viLkXDUxjY4QCEw/s640/8b05d4088dfa9dd4019984bde721c0ed.jpg[/IMG][/URL] කීචිරෝ ටොයෝඩා ඔය අතරේ 1929 දී කීචිරෝ ටොයෝඩා යුරෝපයේ සහ ඇමරිකාවේ සංචාරයකට නැව් නැග්ගා. එයා ගියේ තමන්ගේ ෆැක්ටරියේ භාවිතා වුණු තාක්ෂණයට අදාළ බලපත්‍ර වල වැඩකටයුතු කීපයකට. [/SIZE] [SIZE=3] ඒත් කේස් එක වුණේ මේකයි. මේ කාලේ වෙද්දී ෆෝඩ් Model T එකේ කාර් මිලියන 15 ක් විතර බිහිවෙලා ප්‍රඩක්ෂන් එක ඉවර වෙලත් තිබ්බේ. ඒ කියන්නේ ඇමරිකාවේ පඳුරකට පයින් ගැහුවම කාර් දහයක් විතර විසිවෙන තත්ත්වයක් උදාවෙලා තිබ්බා. ජපානේ ඉතිං එහෙම දෙයක් පේන අහලක තිබ්බේ නෑ නේ. ඒ කාලේ ජපන් පඳුරු වලට පයින් ගැහුවම විසිවුණේ අමු මාළු, හයිකු කවි සහ කිමෝනෝ වගේ දේවල් විතරයි. [/SIZE] [SIZE=3] ඉතිං කීචිරෝ ට මේවා දැකලා කීචි කැවුණා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://3.bp.blogspot.com/-7H9VeqpGgzE/WQodW1TKrmI/AAAAAAAADJc/3Obu74FV2EM1b3KoGTdYG5-z4XbvjN3UgCLcB/s1600/256066896-highlights1514-ford-model-t-motorcade-fordism.jpg"][IMG]https://3.bp.blogspot.com/-7H9VeqpGgzE/WQodW1TKrmI/AAAAAAAADJc/3Obu74FV2EM1b3KoGTdYG5-z4XbvjN3UgCLcB/s640/256066896-highlights1514-ford-model-t-motorcade-fordism.jpg[/IMG][/URL] ඒ කලේ ඇමරිකාවේ පාරක් ජපානෙට ආපු ගමන් කීචිරෝ කළේ අර Model G මැෂින් එකලස් කරන වැඩ යන අතරේම වාහන එන්ජින් හදන්න ප්ලෑන් කරන එකයි. කොහොම කොහොම හරි නියපොතු නැති අතින් රඹුටන් ලෙලි ගහනවා වගේ එයා කටු කාලා කටු කාලා වාහනේ පළවෙනි Prototype එක 1935 දී හදාගත්තා. ඊට පස්සේ ඒක ටෙස්ට් කරලා ඊළඟ අවුරුද්ද වෙද්දී පළවෙනි ප්‍රඩක්ෂන් කාර් එක එළියට දැම්මා. [/SIZE] [SIZE=3] ඒ තමයි අද අපි Toyota Model AA කියලා දන්න කාර් එක. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://2.bp.blogspot.com/-Bc9d96lKzlM/WQoeZDKL__I/AAAAAAAADJs/Lfs48TNilUgCzDkMpP5aGpPqMZps_uxvACLcB/s1600/1936_Toyoda_Model_AA_03.jpg"][IMG]https://2.bp.blogspot.com/-Bc9d96lKzlM/WQoeZDKL__I/AAAAAAAADJs/Lfs48TNilUgCzDkMpP5aGpPqMZps_uxvACLcB/s640/1936_Toyoda_Model_AA_03.jpg[/IMG][/URL] Toyota Model AA [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://3.bp.blogspot.com/-K3RIG7nGpJQ/WQoepT7QkLI/AAAAAAAADJw/EaQnf2YEz7oK8okicckcQ9kOYbYQb4ZOgCLcB/s1600/IMG_4240.jpg"][IMG]https://3.bp.blogspot.com/-K3RIG7nGpJQ/WQoepT7QkLI/AAAAAAAADJw/EaQnf2YEz7oK8okicckcQ9kOYbYQb4ZOgCLcB/s640/IMG_4240.jpg[/IMG][/URL] ඒ කාලේ ඇඩ් එකක් [URL="https://3.bp.blogspot.com/-kG7-wO4CUiA/WQ3HNSDxpxI/AAAAAAAADLU/_ebwDdWSi7MqRA6kCDbqlzkUf6l1vgU0wCLcB/s1600/ToyotaAA_02.jpg"][IMG]https://3.bp.blogspot.com/-kG7-wO4CUiA/WQ3HNSDxpxI/AAAAAAAADLU/_ebwDdWSi7MqRA6kCDbqlzkUf6l1vgU0wCLcB/s640/ToyotaAA_02.jpg[/IMG][/URL] Assembly line එකේ ෆොටෝ එකක් ටිකක් කරුණාවන්ත විදිහට කියනවා නම්, මේ කාර් එක ඒ කාලේ ඇමරිකාවේ ප්‍රචලිත වෙලා තිබුණු කාර් වලින් ආභාසය ලබලා හදපු කාර් එකක්. මාලේ කඩන්න ආපු එකාට හෑන්ඩ් බෑග් එකෙන් ගහනවා වගේ කියනවා නම් ඒ කාර් එක Chrysler (නැත්තං DeSoto) Airflow එකේ අමු කොපියක්. ඔය දෙකෙන් මොන description එකද තෝරගන්නේ කියන එක තීරණය වෙන්නේ කියවන කෙනා ටොයෝටා බ්‍රෑන්ඩ් එකට ලවු කරන ප්‍රමාණය අනුව... [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://3.bp.blogspot.com/-rX1eR-VSBds/WQt2smRkLfI/AAAAAAAADLE/sIIvaahokaw51S0oa1TX14-EdWzHwUlYQCLcB/s1600/25651-1936-desoto-airflow-std-c.jpg"][IMG]https://3.bp.blogspot.com/-rX1eR-VSBds/WQt2smRkLfI/AAAAAAAADLE/sIIvaahokaw51S0oa1TX14-EdWzHwUlYQCLcB/s640/25651-1936-desoto-airflow-std-c.jpg[/IMG][/URL] Restore කරපු නැති DeSoto Airflow එකක් [/SIZE] [SIZE=3] Automobile Catalogue වෙබ්සයිට් එකට අනුව කාර් එකේ මූලික ලක්ෂණ මෙහෙමයි. [/SIZE] [SIZE=3] බොඩිය- සෙඩාන්, දොර 4 එන්ජිම- 3389 cm3 (3.4L කියලා කියන්නකෝ. ඒක ලේසියි) ගියර්- 3 speed Manual පවර් එක- 62hp දිග- මිලිමීටර් 4780 වීල්බේස් එක- මිලිමීටර් 2850 ටොප් ස්පීඩ් එක- ෆැක්ටරියෙන් කියලා තිබුණු හැටියට 100kmph (එව්වා නම් මන්දා!) [/SIZE] [SIZE=3] මාව ෂුවර් නැත්නම් විස්තර බලන්න: [URL="http://www.automobile-catalog.com/make/toyota/aa/aa/1936.html"]www.automobile-catalog.com/make/toyota/aa/aa/1936.html[/URL] [/SIZE] [SIZE=3] කාර් එක පොඩ්ඩ පොඩ්ඩ විකිණෙන කොට 1937 දී සමාගමට අලුත් නමක් දාන්න තරගයක් තිබ්බා. ඒකෙන් තෝරගත්තු නම තමයි Toyota Motor Co., Ltd. කියන එක. මේක ජපන් භාෂාවෙන් ලියනකොට වාසනාවන්ත විදිහට ඉරි අටකින් ලියන්න පුළුවන් නිසා මේක තෝරගත්තා කියලයි [URL="http://www.toyota-europe.com"]www.toyota-europe.com[/URL] වෙබ් සයිට් එකේ තියෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-QYy78h8xUX4/WQogAC-mgAI/AAAAAAAADKA/IMTjxP3vorASlik5cFiN0JktPHHUdm-wgCLcB/s1600/_47370455_toyota_226.gif"][IMG]https://1.bp.blogspot.com/-QYy78h8xUX4/WQogAC-mgAI/AAAAAAAADKA/IMTjxP3vorASlik5cFiN0JktPHHUdm-wgCLcB/s640/_47370455_toyota_226.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] Toyota Model AA එකේ ප්‍රඩක්ෂන් එක ඉවර වුණේ 1942 දී. ඒ වෙද්දී සමාගම මේ මොඩ්ල් එකේ කාර් 1,404 ක් හදලා තිබ්බා. [/SIZE] [SIZE=3] පස්සේ ඉතින් ටොයෝටා එක වෙන වෙන වාහන හදලා දියුණු වුණා. ජපානේ මුළු ලෝකෙටම දෙන්න සුපිරි වාහන හදන රටක් බවට පත්වුණා. නමුත් මේ මුල්ම Toyota Model AA කාර් එකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නෑ. අවුරුදු ගාණක් රට ඉඳලා ආපු එකෙකුට ඉස්සරලාම හම්බවෙච්ච චිකන් කොත්තුව වගේ කටුවක් වත් ඉතුරු නොවෙන්න කාර් ටික වැනිෂ් වෙලා ගිහිං කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. ඉතින් පස්සේ පරම්පරා වලට බලන්න මේකෙ ආකෘති හදන්න ජපානේ කෞතුකාගාර වලට පවා සිද්ධ වුණා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://4.bp.blogspot.com/-v8izN-oiMHA/WQogTEobVyI/AAAAAAAADKE/0Bfvl95INGQcj_g9lDXd0Rv6hrQ_Uu6FACEw/s1600/IMG_4835.jpg"][IMG]https://4.bp.blogspot.com/-v8izN-oiMHA/WQogTEobVyI/AAAAAAAADKE/0Bfvl95INGQcj_g9lDXd0Rv6hrQ_Uu6FACEw/s640/IMG_4835.jpg[/IMG][/URL] ආකෘතියක් [/SIZE] [SIZE=3] මේ අතරේ හරි අපූරු වැඩක් වුණා. 2008 අවුරුද්දේ ආරංචියක් ආවා රුසියාවේ [COLOR=#333333][FONT="]Vladivostok [/FONT][/COLOR]කියන නගරේ මෙයින් ඔරිජිනල් කාර් එකක් තියනවා කියලා. රුසියාවේ පත්තරේක ඇඩ් එක ගිහින් තිබුණේ Chrysler Airflow එකක් විකුණන්න තියනවා කියල ලු. කාර් එකේ ලියාපදිංචි සහතික වල තිබිලා තියෙන්නෙත් එහෙමයි. [/SIZE] [SIZE=3] නමුත් එහෙ අවුරුදු 25 ක කොල්ලෙක්ට භාණ්ඩේ ඇත්තටම මොකක්ද කියලා මීටර් වෙලා තිබ්බා. ඒ වුණාට සාමාන්‍යයෙන් ලංකාවේ වගේ ඕන පූසෙක්ගෙ කනෙන් රිංගන පූස් මැක්කෝ ලෝකේ කොහෙත් ඉන්න නිසා කවුරුවත් මේ කතාව එච්චරම ෂුවර් කළේ නැහැ. නමුත් මේක දැනගත්ත ගමන් නෙදර්ලන්තේ [COLOR=#333333][FONT="]Louwman [/FONT][/COLOR]කෞතුකාගාරයේ කළමනාකාර අධ්යක්ෂ Ronald Kooyman අර කොල්ලට කියලා කාර් එකේ ෆොටෝස් එහෙම ගෙන්නගෙන බැලුවා. එතකොට තහවුරු වුණා මේක ඇත්තටම ජෙනුයින් Toyota Model AA එකක් බව... [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://4.bp.blogspot.com/-6eF7_aA1rYs/WQohEimc2wI/AAAAAAAADKM/fEUGOx6UJJoxg1_1Zzfd761iVEwW8TLxwCLcB/s1600/IMG_0812.jpg"][IMG]https://4.bp.blogspot.com/-6eF7_aA1rYs/WQohEimc2wI/AAAAAAAADKM/fEUGOx6UJJoxg1_1Zzfd761iVEwW8TLxwCLcB/s640/IMG_0812.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] මේක තිබිලා තියෙන්නේ සයිබීරියානු ගොවියෙක් ගාව. ලෝක යුද්ධ කාලේ ඉඳන්, අවුරුදු හැට ගාණක් තිස්සේ එයාගේ පවුලේ තමයි මේක තිබිලා තියෙන්නේ. හැබැයි මෙයා මේක පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් පළවෙනි ඇනිවර්සරි එකට දීපු මැටි පූසා වගේ පරිස්සමට තියාගෙන ඉඳලා තිබ්බේ නැහැ. ඇත්තටම කිව්වොත් මේක ට්‍රැක්ටරයක් හෝ ලොරියක් වගේ මඩ නාලා, බර ඇදලා තිබ්බා. ඒ වගේම යම් යම් වෙනස්කම් මේකේ කරලා තිබ්බා (ඒ මනුස්සයා කොහෙන් කියලා ස්පෙයා පාට්ස් හොයන්නද! ඇටවිල්ලං සරණං තමා!). [/SIZE] [SIZE=3] පස්සේ කාලෙක මේක සයිබීරියාවෙන් රුසියාවේ [COLOR=#333333][FONT="]Vladivostok [/FONT][/COLOR]නගරයට ගෙනල්ලා. ඒ නගරේ තමයි අර ගොවි මහත්තයාගේ මුණුබුරා ජීවත් වුණේ. හැබැයි කාර් එක කොයි කාලේ ආවද කියන්න එයාට වත් නිච්චියක් තිබ්බේ නැහැ (මරු මුණුබුරා!). [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://2.bp.blogspot.com/-Rg8qyJUHW10/WQoha2SljbI/AAAAAAAADKY/yLoJ4kDyw1Mi8leWRtYINiPWJPGv1A3UACLcB/s1600/Toyoda-Model-AA-07.jpg"][IMG]https://2.bp.blogspot.com/-Rg8qyJUHW10/WQoha2SljbI/AAAAAAAADKY/yLoJ4kDyw1Mi8leWRtYINiPWJPGv1A3UACLcB/s640/Toyoda-Model-AA-07.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://4.bp.blogspot.com/-9cZj8vr_kkU/WQohbYim_iI/AAAAAAAADKc/nA1PdymT2dAjO5IXyCkaKmLNnC1du6HvACLcB/s1600/Toyoda-Model-AA-08.jpg"][IMG]https://4.bp.blogspot.com/-9cZj8vr_kkU/WQohbYim_iI/AAAAAAAADKc/nA1PdymT2dAjO5IXyCkaKmLNnC1du6HvACLcB/s640/Toyoda-Model-AA-08.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://3.bp.blogspot.com/-7rJNsLI6YGc/WQohZ319OgI/AAAAAAAADKU/0hxJQ1aA5foUdMO45lbVjg6LuHOdv2f1ACLcB/s1600/Toyoda-Model-AA-13.jpg"][IMG]https://3.bp.blogspot.com/-7rJNsLI6YGc/WQohZ319OgI/AAAAAAAADKU/0hxJQ1aA5foUdMO45lbVjg6LuHOdv2f1ACLcB/s640/Toyoda-Model-AA-13.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-o1KnPMev43A/WQohsaQBLgI/AAAAAAAADKg/rrEQJfxSzhEEDQ7LXvzvxb2n21wx6qc3gCLcB/s1600/a-rare-find.jpg"][IMG]https://1.bp.blogspot.com/-o1KnPMev43A/WQohsaQBLgI/AAAAAAAADKg/rrEQJfxSzhEEDQ7LXvzvxb2n21wx6qc3gCLcB/s640/a-rare-find.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] කොහොමෙන් කොහොම හරි කාර් එක [COLOR=#333333][FONT="]Louwman [/FONT][/COLOR]කෞතුකාගාරයට අරගෙන යන්න අවශ්‍ය කටයුතු ටික කරගන්න රුසියානු සංස්කෘතික අමාත්‍යංශයෙන් අවසර ලැබුණා. මේ වැඩ ටිකට මාස 7 ක් විතර ගතවුණා කියලා ටොයෝටා වෙබ්සයිට් එකේ තියනවා. අන්තිමට කෝච්චි වල සහ කන්ටේනර් වල නැගලා Toyota Model AA එකේ ඉතුරු එකම එක ඔරිජිනල් කාර් එක නෙදර්ලන්තයට ආවා. මේක 1936 දී හදපු මුල්ම කාර් සීයෙන් එකක් කියනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="https://4.bp.blogspot.com/-M1pjlgdKI8Q/WQoh5Z5onSI/AAAAAAAADKk/ZbxqFk4Ju6UceATlO7CKQ5GoQxHeVaucwCLcB/s1600/hqdefault.jpg"][IMG]https://4.bp.blogspot.com/-M1pjlgdKI8Q/WQoh5Z5onSI/AAAAAAAADKk/ZbxqFk4Ju6UceATlO7CKQ5GoQxHeVaucwCLcB/s640/hqdefault.jpg[/IMG][/URL] කාර් එක පටවගත්තු හැටි මේ අපූරු කතාව ඔයාලට මෙන්න මේ ලින්ක් එකට ගිහින් කෞතුකාගාරේ වෙබ්සයිට් එකෙන්ම කියවන්න පුළුවන්: [URL="http://www.louwmanmuseum.nl/Ontdekken/Ontdek-de-collectie/toyoda-aa"]www.louwmanmuseum.nl/Ontdekken/Ontdek-de-collectie/toyoda-aa[/URL] [/SIZE] [SIZE=3] මම ටොයෝටා ෆෑන් කෙනෙක් නෙමෙයි. ටොයෝටා වාහන එක්ක කවදාවත් මගේ ලොකු බැඳීමක් තිබ්බේ නැහැ. නමුත් ටොයෝටා කියන්නේ කිසිම කාර් පිස්සෙකුට මගහැරලා යන්න බැරි අතිදැවැන්ත බ්‍රෑන්ඩ් එකක්. කාර් ක්ෂේත්රයේ ටොයෝටා කියන්නේ නිකං හෝටල් ක්ෂේත්රයේ පරිප්පු වගේ තමා. මහ ලොකු රහකුත් නැහැ, ඒ වුණත් නැතුවත් බැහැ. [/SIZE] [SIZE=3] මේ කතාව ඇහුව දවසට වඩා ලිව්ව දවසේ මගේ හිතේ ටොයෝටා ප්‍රේමයක් මෝදු වුණාද මන්දා...! =================================== [B]පට්ට ආර්ටිකල් එක නිසා බෙදා ගත්තේ ඊමේල් එකකින් ආවෙ[/B] =================================== [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom