ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට 3 වැ&#350

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට 3 වැ&#350

    පසුගිය දන අවසන් වුනු එක්දින තරඟාවලියෙන් ශී‍්‍ර ලංකාව වෙතින් එක්දින තරග පරාජයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලන එක්දින දර්ශකයේ බංග්ලාදේශයට වඩා පහළ මට්ටමකට පැමිණ තිබේ. බංග්ලාදේශ කණ්ඩායම පසුගිය කාලය තුළ දැක්වූ දස්කම්ද ඊට ඉවහල් වී තිබේ. අයි.සී.සී. නවතම එක් දින දර්ශකයට අනුව බංග්ලාදේශයට 8 වන ස්ථානය හිමි වී ඇති අතර, 9 වන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් පිලට හිමි වී තිබේ. බංග්ලාදේශය එක්දින දර්ශකයේ 8 වන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ප‍්‍රථම වතාවටය. බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 2 ටම වර්ගීකරණය අනුව අංක 66 බැගින් හිමි වී ඇති අතර ඔවුන්ගේ ස්ථානය වෙනස් වී ඇත්තේ ලබාගත් ප‍්‍රසාද ලකුණු අනුවය. තරග 32 කදී බංගල්දේශයට ප‍්‍රසාද ලකුණු 2121 ක් හිමි වී ඇති අතර කොදෙව් පිලට තරග 20 කදී හිමිව ඇත්තේ ලකුණු 1321 ක් පමණි.
    තරග 43 කදී ප‍්‍රසාද ලකුණු 5617 ක් ලබා සිටින ඕස්ටේ‍්‍රලියාව දර්ශකයේ පෙරමුණ ගෙන සිටියි. 2 වන ස්ථානය තරග 44 කදී ප‍්‍රසාද ලකුණු 5240 ක් හිමි කර ගත් ඉන්දියාවට හිමිවී ඇති අතර තරග 35 කදී ප‍්‍රසාද ලකුණු 4148 ක් හිමි කර ගත් ශී‍්‍ර ලංකාවට 3 වන ස්ථානය හිමි වී තිබේ.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    chak de
    sFl_SRILANKA.gif