Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක පරිසර දිනය (සුමිතුරෝ ) update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854)

කෙසේද ???

කෙසේද යමෙක් අහසත් උණුසුම් පොලවත් මිලට ගන්නෙ හෝ විකුණන්නේ. මේ අදහස අපට කිසියම් ලෙසකින් අමුත්තක් ගෙනදේ, කෙසේද යමෙක් තමන්ට අයිති නොවන වාතයේ ඇති නැවුම් බවත් පෙණ නගන කාන්තිය විහිදුවන පිරිසිදු ජලයත් ඔබ විසින් මිලට ගන්නේ.

මිහිතළයේ සෑම කොටසක්ම මාගේ මිනිසුන්ට නම් පූජනීයයි, ෆයින් ගස් අග දිලිසෙන සෑම කොලයක්ම, වෙරළත සෑම වැලිකැටයක්ම, මීදුමින් වැසෙන අදුරු වනළැහැබක් පාසාම, ඒවිතරක් නෙවේ මිහිතළයේ වෙසෙන සෑම කුඩා ප්රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් අත්දැකීමෙන් හා සහජ බුද්ධියෙන් පූජණීයයි. මේ මහා වනස්පතීන්ගෙන් පෝශණය වන සෑම දිය කඩිත්තක්ම රතු මිනිසුන්ගේ මතකයන් රැගෙන ගලා බසී.

සුදු මිනිසෙකු මියගිය පසු උන් උපන් මාතෘ භූමිය අමතක කර තරු අතර පවතින දෙව්ලොවකට ගියද අපගේ මිනිසෙකු මේ සුන්දර මිහිතළය අමතක නොකරති. මිහිතළය රතු මිනිසෙකුට නම සිය මව සේමය. මිහිමව අපගේ කොටසක් සේම අපද එහි කොටසකි. සුවද හමන සිනිදු මල් අපගේ සොයුරියන්ය. මුවන් අසුන් සේම ප්රතාපවත් උකුස්සන් අපගේ සොයුරන්ය, රොකී ගිරිශිඛරය, සාරවත් තණබිම් සේම මිනිසාත් එකම පවුලක දරුවන් වෙති.

ඉතින් වොෂින්ටන්හි අග්‍ර ප්‍රධානියා විසින් අපගේ බිම් මිලට ගැනීමට කැමැත්ත පලකර එවන ලද ලිපිය අප විසින් සලකා බලමු. ඒ ඔහු අපගේ පියා ( ප්‍රධානියා ) වන නිසාත් අප ඔහුගේ යටත් වැසීන් ( දරුවන් ) වන නිසාත්ය. ඔහු තවදුරටත් මේ බිම් මිලට ගත් පසු අප සදහා වාසස්ථාන ලෙස සැප පහසුව විසීමට වෙනත් තැන් සපයන බව දන්වා තිබේ. නමුත් මේ බිම හැරදා යාම අපට නම් පහසු නොවන බව දනිමි. ඒ මේ බිම අපට පුජණීය වන බැවිනි.

සුනිල දිය ගලන ගංගාවන් අපගේ පිපාසය නිවන සොයුරන්මය. ඔවුන් අපගේ ඔරු පාරු රැගෙන යති. කිසියම් ලෙසකින් අප මේ බිම් ඔබහට විකිණුවහොත් ඔබ ඔබලාගේ දරුවන්ට ගංගාවන් අපගේ මෙන්ම ඔබගේත් සොයුරන් බව කියා දිය යුතුය එසේම ඉන් මත්තට අප උන්ට දැක්වූ කරුණාව ඔබ විසින් උන්ට දිය යුතුය.

සුදු මිනිසෙකුට අපගේ චින්තනය හදුනා ගැනීමට නොහැකි බව අප දනිමු. මිහිතළයේ මේ බිම ඔවුනට නම් තවත් එක් බිමකි. ඔවුනට මෙය අත්පත් කර ගැනීම සොරෙකු විසින් රැයේ පැමිණ කිසියම් දෙයක් සොරකම් කිරීමක් වැනිය. මිහිමඩළ ඔවුනටනම් සොයුරෙකු නොව සතුරෙක් වැනිය. ඔවුන් යම් බිමක් අත්කරගත්තද ඉන් නොනැවතී තවත් ඉදිරියට යති. සිය පියාගේ මළ සොහොනත් දරු මල්ලන්ගේ ජන්ම අයිතියත් උන්හට නම් අමතක සේය. උන් මිහිමඩළ වූ සිය මවත් නිල් අහස වූ සිය සොයුරනුත් උන් විසින් මිලට ගත හැකි හෝ විකිණිය හැකි බැටළු පැටවෙකු සේ සැලකුම් ලබති. උන්ගේ මේ අතෘප්තිකර ආශාව කාන්තාරය තෙක් විහිදේ.

ඔබගේ දෘශ්ටිය අපගේ දෘශ්ටියෙන් වෙනස්වන බවක් මා නොදනිමි. නමුත් ඔබගේ නගර දර්ශණ රතු මිනිසුන්ගේ ඇස් වලට වේදනාවක් එක් කරයි. ඒ රතු මිනිසුන් මිලේච්ඡයන් වන බැවින් දැයි මා නොදනිමි.

සුදු මිනිසුන්ගේ නගරයක නිසසළ තැනක් මා දැක නැත. වසන්තයේ ගසක දිගහැරෙන පත්‍ර වලින් නැගෙන හඩක්, නැතිනම් කෘමියෙකුගේ පියාපතකින් නැගෙන සර සර නාදයක්. මා කිසිලෙසකින් එහි අසා නැත. ඒ මා මිලේච්ඡයෙක් නිසාදැයි මා නොදනිමි. එහි වී කඨෝර නාදය ඇසීමට නොහැකි තරම් වේ. වෘකයෙකුගේ දීර්ඝ කෑගැසීමක්, ගෙම්බන් දෙදෙනෙකුගේ පොකුණක් අවට නොනවතින හඩ තැලීමක් නොඇසූ ජීවිතයක් ගැන මට සිතිය නොහැක. මා රතු ඉන්දියානුවෙක්මි. මට මේ පිලිබදව නොතේරේ. විලක නිසල දියමත දගකරන සුලගින් නැගෙන නාදය හා නැවුම් සුවද රතු මිනිසෙකුට නම් මහර්ග සම්පතකි.

සුළග, රතු මිනිසෙකුට සුළග, නැවුම් වාතය නම් මහර්ඝ සම්පතකි. මිහිමඩළේ සියල්ලන්ම එකම සුළගක උරුමකරුවන් වේ. වනමෘර්ගයන්ට සේම වනස්පතීන්ටද, මිනිසාටද වෙනසක් නැතිව එකම ලෙසින් සෙනෙහසින් ප්‍රාණවායුව සපයයි. සුදු මිනිසුන්, ඔවුනද එකම ප්රාණවායුවෙන් යැපෙන්නෝ වන්හ. නමුත් එය සුදු මිනිසුන්ට නම් අමතක සේය. කිසියම් ලෙසකින් අප මේ බිම් විකිණුවහොත් මේ මද නල, සුළග අපට පූජණීය වන බව ඔබ මතක තබාගත යුතුය. මෙය අපත් අපගේ මුතුන් මිත්තනුත් ප්‍රථම ප්‍රාණ වායුව ගත් හා අවසාන සුසුම හෙලූ සුළග බව සිතේ තබාගන්න. එසේම මෙයත් මතකයේ තබාගන්න. කිසි ලෙසකින් මෙබිම් අප ඔබ හට දුනහොත්, මේ වාතලය ඔබ ආරක්ෂා කරන බව. එය සුදු මිනිසුන් වන ඔබටද පැමිණ දෙණි බිමේ වැවෙනා නෙක මල් වලින් සුවදවත් වූ සුළග රස විදිය හැකි බවද.

ඉතින් ඔබ විසින් අපගේ බිම් මිලට ගැනීමට කරන ලද ඉල්ලීම මවිසින් සලකා බලමි. එසේම එය පිළිගනිමි, නමුත් ඔබ විසින් එක් කොන්දේසියක් ඉටුකල යුතුය, ඒ මේ බිමේ වෙසෙනා සියලු සතා සීපාවාම ඔබ විසින් ඔබගේ සොයුරෙක් සේම සලකන බව මා හට පොරොන්දු විය යුතුය.

මා මිලෙච්ඡයෙක් බවත් මා හට ඇතැම් දේ නොතේරෙන බවත් මා තවදුරටත් කියා සිටිමි. තැනිතළාවන්හි නිදහසේ තණ උළාකන දහස් ගණන් ගවයන් මා විසින් දැක ඇත්තෙමි. එසේම සුදු මිනිසුන් විසින් දුම් රියෙන් ගමන් කරන විට ඔවුනට වෙඩි තබනවාද මා දැක ඇත්තෙමි. නිදහසේ වෙසෙන ගවයෙක්ට වඩා දුම් පිඹින යකඩ අශ්වයෙක් වැදගත් වූයේ කෙසේදැයි මා නොදන්නේ මා මිලේච්ඡයෙක් නිසා යැයි මා සිතමි. මේ සියල්ලක්ම එකිනෙකට බැදී පවතී. සතා සීපාවාට සිදුවන හැමදෙයක්ම මිනිසාටද ඉතා ඉක්මනින් සිදුවේ. සතා සීපාවා නොමැති කල්හි මිනිසා මහා ආත්මීය තනිකමකින් පෙලෙනු ඇත. ඉතින් සතා සීපාවා නැති කල්හි මිනිසාගෙන් ඇති පලේ කිමෙක්ද...?

ඔබ ඔබේ දරුවන්ට කියාදිය යුත්තක් තිබේ. ඒ ඔවුන් නැගී සිටින මේ මහ පොළව අපගේ මී මුත්තන්ගේ අළු දූලි මතින් ගොඩ නැගුනක් බව. එවිට ඔවුන් මේ මිහිතළයට ගරු කිරීමට ඉගෙන ගනීවි. එසේම මිහිමව අපගේ නෑදෑයන්ගෙන් පොහොසත් වූවක් බවද ඔවුනට කියාදෙන්න. ඔබ ඔබගේ දරුවන්ට අප අපගේ දරුවන්ට කියදී ඇතිදේ කියා දෙන්න. ඒ මිහිමඩළ අපගේ මව බවත් මිහිමවට සිදුවන යම්දෙයක් වේද එය ඇයගේ දරුවන් වන අපටද සිදුවන බවද කියාදෙන්න. මිනිසා ජීවිතයේ වියමන වියන ලද්දෙක් නොවේ, ඔහු ඒ වියමනේ එක් නූලක් පමණි. ඔහු විසින් වියමනට යම්දෙයක් කරයිද එය හුදෙක් ඔහු ඔහුටම කර ගත්තකි.

නො එසේනම් මරණින් මතු දෙවියන් කරා ගිය සුදු මිනිසෙකු වුවද තම දෛවයෙන් ගැල්වීමක් ලැබෙනු නැත සියල්ලටම වඩා අප එකිනෙකාගේ සොයුරන්වේ. කිසියම් දිනෙක සුදු මිනිසුන් ඔබත් අපත් අදහන්නේ එකම දෙවියෙකු බව තේරුම් ගනු ඇත. ඔබ අපගේ බිම අත්කරගන්නා බව සිතනු ඇත. නමුත් මිනිසාගේ දෙවියන් එකම ලෙසකින් සුදු හා රතු මිනිසුන්ට සලකයි. දෙවියන් වහන්සේට මේ මිහිමඩළ සම්පතකි. මෙයට කරන හානියක් ඔහුට කරන අවමානයකි. එහි එලිපත්තේ සුදු මිනිසුන් වෙසෙති. බාගදා ඔවුන් අනෙකුත් ගෝත්‍රයක් එය කිරීමට කලින් මිහිමව කෙලෙසනු ඇත. නමුත් ඔබ දෙවියන්ගේ බලයෙන් වැනසෙනු ඇත. ඒ දෙවියන් විසින් ඔබ මේ බිමට රැගෙන විත් විශේෂ බලයක්, රතු මිනිසුන් පරයන බලයක් ලබාදී ඇති බැවිනි. නමුත් ඒ දෛවය රතු මිනිසුන් වන අපට නම් සිහිනයකි. නමුත් මට මෙය නොවැටහේ, සියළු ගවයන් මරාදැමූ කල්හි, වන අසුන් හීලෑකල කල්හි, වනලැහැබේ රහස් තැන් මිනිසුන්ගේ පහස ලැබූ කල්හි, සුන්දර තුරු වදුලු කොහේ යම්ද, ප්‍රෞඩ උකුස්සන්, රාජාලීන් කොහේ නම් යම්ද ....????

[QUOTE="rocat90, post: 15085853, member: 452168"] [B][U][SIZE="6"]සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854)[/SIZE][/U][/B] [IMG]http://2.bp.blogspot.com/-l3g30XctlZE/US99yEvTAPI/AAAAAAAAA5E/i4nymbi0yhg/s320/ChiefSeattle.jpg[/IMG] [SIZE="5"] කෙසේද ??? කෙසේද යමෙක් අහසත් උණුසුම් පොලවත් මිලට ගන්නෙ හෝ විකුණන්නේ. මේ අදහස අපට කිසියම් ලෙසකින් අමුත්තක් ගෙනදේ, කෙසේද යමෙක් තමන්ට අයිති නොවන වාතයේ ඇති නැවුම් බවත් පෙණ නගන කාන්තිය විහිදුවන පිරිසිදු ජලයත් ඔබ විසින් මිලට ගන්නේ. මිහිතළයේ සෑම කොටසක්ම මාගේ මිනිසුන්ට නම් පූජනීයයි, ෆයින් ගස් අග දිලිසෙන සෑම කොලයක්ම, වෙරළත සෑම වැලිකැටයක්ම, මීදුමින් වැසෙන අදුරු වනළැහැබක් පාසාම, ඒවිතරක් නෙවේ මිහිතළයේ වෙසෙන සෑම කුඩා ප්රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් අත්දැකීමෙන් හා සහජ බුද්ධියෙන් පූජණීයයි. මේ මහා වනස්පතීන්ගෙන් පෝශණය වන සෑම දිය කඩිත්තක්ම රතු මිනිසුන්ගේ මතකයන් රැගෙන ගලා බසී. සුදු මිනිසෙකු මියගිය පසු උන් උපන් මාතෘ භූමිය අමතක කර තරු අතර පවතින දෙව්ලොවකට ගියද අපගේ මිනිසෙකු මේ සුන්දර මිහිතළය අමතක නොකරති. මිහිතළය රතු මිනිසෙකුට නම සිය මව සේමය. මිහිමව අපගේ කොටසක් සේම අපද එහි කොටසකි. සුවද හමන සිනිදු මල් අපගේ සොයුරියන්ය. මුවන් අසුන් සේම ප්රතාපවත් උකුස්සන් අපගේ සොයුරන්ය, රොකී ගිරිශිඛරය, සාරවත් තණබිම් සේම මිනිසාත් එකම පවුලක දරුවන් වෙති. ඉතින් වොෂින්ටන්හි අග්‍ර ප්‍රධානියා විසින් අපගේ බිම් මිලට ගැනීමට කැමැත්ත පලකර එවන ලද ලිපිය අප විසින් සලකා බලමු. ඒ ඔහු අපගේ පියා ( ප්‍රධානියා ) වන නිසාත් අප ඔහුගේ යටත් වැසීන් ( දරුවන් ) වන නිසාත්ය. ඔහු තවදුරටත් මේ බිම් මිලට ගත් පසු අප සදහා වාසස්ථාන ලෙස සැප පහසුව විසීමට වෙනත් තැන් සපයන බව දන්වා තිබේ. නමුත් මේ බිම හැරදා යාම අපට නම් පහසු නොවන බව දනිමි. ඒ මේ බිම අපට පුජණීය වන බැවිනි. සුනිල දිය ගලන ගංගාවන් අපගේ පිපාසය නිවන සොයුරන්මය. ඔවුන් අපගේ ඔරු පාරු රැගෙන යති. කිසියම් ලෙසකින් අප මේ බිම් ඔබහට විකිණුවහොත් ඔබ ඔබලාගේ දරුවන්ට ගංගාවන් අපගේ මෙන්ම ඔබගේත් සොයුරන් බව කියා දිය යුතුය එසේම ඉන් මත්තට අප උන්ට දැක්වූ කරුණාව ඔබ විසින් උන්ට දිය යුතුය. සුදු මිනිසෙකුට අපගේ චින්තනය හදුනා ගැනීමට නොහැකි බව අප දනිමු. මිහිතළයේ මේ බිම ඔවුනට නම් තවත් එක් බිමකි. ඔවුනට මෙය අත්පත් කර ගැනීම සොරෙකු විසින් රැයේ පැමිණ කිසියම් දෙයක් සොරකම් කිරීමක් වැනිය. මිහිමඩළ ඔවුනටනම් සොයුරෙකු නොව සතුරෙක් වැනිය. ඔවුන් යම් බිමක් අත්කරගත්තද ඉන් නොනැවතී තවත් ඉදිරියට යති. සිය පියාගේ මළ සොහොනත් දරු මල්ලන්ගේ ජන්ම අයිතියත් උන්හට නම් අමතක සේය. උන් මිහිමඩළ වූ සිය මවත් නිල් අහස වූ සිය සොයුරනුත් උන් විසින් මිලට ගත හැකි හෝ විකිණිය හැකි බැටළු පැටවෙකු සේ සැලකුම් ලබති. උන්ගේ මේ අතෘප්තිකර ආශාව කාන්තාරය තෙක් විහිදේ. ඔබගේ දෘශ්ටිය අපගේ දෘශ්ටියෙන් වෙනස්වන බවක් මා නොදනිමි. නමුත් ඔබගේ නගර දර්ශණ රතු මිනිසුන්ගේ ඇස් වලට වේදනාවක් එක් කරයි. ඒ රතු මිනිසුන් මිලේච්ඡයන් වන බැවින් දැයි මා නොදනිමි. සුදු මිනිසුන්ගේ නගරයක නිසසළ තැනක් මා දැක නැත. වසන්තයේ ගසක දිගහැරෙන පත්‍ර වලින් නැගෙන හඩක්, නැතිනම් කෘමියෙකුගේ පියාපතකින් නැගෙන සර සර නාදයක්. මා කිසිලෙසකින් එහි අසා නැත. ඒ මා මිලේච්ඡයෙක් නිසාදැයි මා නොදනිමි. එහි වී කඨෝර නාදය ඇසීමට නොහැකි තරම් වේ. වෘකයෙකුගේ දීර්ඝ කෑගැසීමක්, ගෙම්බන් දෙදෙනෙකුගේ පොකුණක් අවට නොනවතින හඩ තැලීමක් නොඇසූ ජීවිතයක් ගැන මට සිතිය නොහැක. මා රතු ඉන්දියානුවෙක්මි. මට මේ පිලිබදව නොතේරේ. විලක නිසල දියමත දගකරන සුලගින් නැගෙන නාදය හා නැවුම් සුවද රතු මිනිසෙකුට නම් මහර්ග සම්පතකි. සුළග, රතු මිනිසෙකුට සුළග, නැවුම් වාතය නම් මහර්ඝ සම්පතකි. මිහිමඩළේ සියල්ලන්ම එකම සුළගක උරුමකරුවන් වේ. වනමෘර්ගයන්ට සේම වනස්පතීන්ටද, මිනිසාටද වෙනසක් නැතිව එකම ලෙසින් සෙනෙහසින් ප්‍රාණවායුව සපයයි. සුදු මිනිසුන්, ඔවුනද එකම ප්රාණවායුවෙන් යැපෙන්නෝ වන්හ. නමුත් එය සුදු මිනිසුන්ට නම් අමතක සේය. කිසියම් ලෙසකින් අප මේ බිම් විකිණුවහොත් මේ මද නල, සුළග අපට පූජණීය වන බව ඔබ මතක තබාගත යුතුය. මෙය අපත් අපගේ මුතුන් මිත්තනුත් ප්‍රථම ප්‍රාණ වායුව ගත් හා අවසාන සුසුම හෙලූ සුළග බව සිතේ තබාගන්න. එසේම මෙයත් මතකයේ තබාගන්න. කිසි ලෙසකින් මෙබිම් අප ඔබ හට දුනහොත්, මේ වාතලය ඔබ ආරක්ෂා කරන බව. එය සුදු මිනිසුන් වන ඔබටද පැමිණ දෙණි බිමේ වැවෙනා නෙක මල් වලින් සුවදවත් වූ සුළග රස විදිය හැකි බවද. ඉතින් ඔබ විසින් අපගේ බිම් මිලට ගැනීමට කරන ලද ඉල්ලීම මවිසින් සලකා බලමි. එසේම එය පිළිගනිමි, නමුත් ඔබ විසින් එක් කොන්දේසියක් ඉටුකල යුතුය, ඒ මේ බිමේ වෙසෙනා සියලු සතා සීපාවාම ඔබ විසින් ඔබගේ සොයුරෙක් සේම සලකන බව මා හට පොරොන්දු විය යුතුය. මා මිලෙච්ඡයෙක් බවත් මා හට ඇතැම් දේ නොතේරෙන බවත් මා තවදුරටත් කියා සිටිමි. තැනිතළාවන්හි නිදහසේ තණ උළාකන දහස් ගණන් ගවයන් මා විසින් දැක ඇත්තෙමි. එසේම සුදු මිනිසුන් විසින් දුම් රියෙන් ගමන් කරන විට ඔවුනට වෙඩි තබනවාද මා දැක ඇත්තෙමි. නිදහසේ වෙසෙන ගවයෙක්ට වඩා දුම් පිඹින යකඩ අශ්වයෙක් වැදගත් වූයේ කෙසේදැයි මා නොදන්නේ මා මිලේච්ඡයෙක් නිසා යැයි මා සිතමි. මේ සියල්ලක්ම එකිනෙකට බැදී පවතී. සතා සීපාවාට සිදුවන හැමදෙයක්ම මිනිසාටද ඉතා ඉක්මනින් සිදුවේ. සතා සීපාවා නොමැති කල්හි මිනිසා මහා ආත්මීය තනිකමකින් පෙලෙනු ඇත. ඉතින් සතා සීපාවා නැති කල්හි මිනිසාගෙන් ඇති පලේ කිමෙක්ද...? ඔබ ඔබේ දරුවන්ට කියාදිය යුත්තක් තිබේ. ඒ ඔවුන් නැගී සිටින මේ මහ පොළව අපගේ මී මුත්තන්ගේ අළු දූලි මතින් ගොඩ නැගුනක් බව. එවිට ඔවුන් මේ මිහිතළයට ගරු කිරීමට ඉගෙන ගනීවි. එසේම මිහිමව අපගේ නෑදෑයන්ගෙන් පොහොසත් වූවක් බවද ඔවුනට කියාදෙන්න. ඔබ ඔබගේ දරුවන්ට අප අපගේ දරුවන්ට කියදී ඇතිදේ කියා දෙන්න. ඒ මිහිමඩළ අපගේ මව බවත් මිහිමවට සිදුවන යම්දෙයක් වේද එය ඇයගේ දරුවන් වන අපටද සිදුවන බවද කියාදෙන්න. මිනිසා ජීවිතයේ වියමන වියන ලද්දෙක් නොවේ, ඔහු ඒ වියමනේ එක් නූලක් පමණි. ඔහු විසින් වියමනට යම්දෙයක් කරයිද එය හුදෙක් ඔහු ඔහුටම කර ගත්තකි. නො එසේනම් මරණින් මතු දෙවියන් කරා ගිය සුදු මිනිසෙකු වුවද තම දෛවයෙන් ගැල්වීමක් ලැබෙනු නැත සියල්ලටම වඩා අප එකිනෙකාගේ සොයුරන්වේ. කිසියම් දිනෙක සුදු මිනිසුන් ඔබත් අපත් අදහන්නේ එකම දෙවියෙකු බව තේරුම් ගනු ඇත. ඔබ අපගේ බිම අත්කරගන්නා බව සිතනු ඇත. නමුත් මිනිසාගේ දෙවියන් එකම ලෙසකින් සුදු හා රතු මිනිසුන්ට සලකයි. දෙවියන් වහන්සේට මේ මිහිමඩළ සම්පතකි. මෙයට කරන හානියක් ඔහුට කරන අවමානයකි. එහි එලිපත්තේ සුදු මිනිසුන් වෙසෙති. බාගදා ඔවුන් අනෙකුත් ගෝත්‍රයක් එය කිරීමට කලින් මිහිමව කෙලෙසනු ඇත. නමුත් ඔබ දෙවියන්ගේ බලයෙන් වැනසෙනු ඇත. ඒ දෙවියන් විසින් ඔබ මේ බිමට රැගෙන විත් විශේෂ බලයක්, රතු මිනිසුන් පරයන බලයක් ලබාදී ඇති බැවිනි. නමුත් ඒ දෛවය රතු මිනිසුන් වන අපට නම් සිහිනයකි. නමුත් මට මෙය නොවැටහේ, සියළු ගවයන් මරාදැමූ කල්හි, වන අසුන් හීලෑකල කල්හි, වනලැහැබේ රහස් තැන් මිනිසුන්ගේ පහස ලැබූ කල්හි, සුන්දර තුරු වදුලු කොහේ යම්ද, ප්‍රෞඩ උකුස්සන්, රාජාලීන් කොහේ නම් යම්ද ....????[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom