ලෝක බලවතුන් අතරට ගිය ලාංකීය යුවතිය ජයත්මා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    ලෝක බලවතුන් අතරට ගිය ලාංකීය යුවතිය ජයත්මා 👩‍🎓|🇱🇰 💕👌

    FB_IMG_1624244423563.jpg



    “බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස්වෙලා, විශාකා එකට ගිහින්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන, 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වෙලා, 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණු එකම කෙනා වෙලා, අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකයේ අනාගතයේ බලවත් වේ යැයි Time සඟරාව අනාවැකි පළ කරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුණේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්වපු හැමෝටම පින්.”

    ලෝකයේ වඩාත් බලගතු පුද්ගලයන් සිය දෙනා අතරට පැමිණි ජයත්මා වික්‍රමනායක තමන් ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබුණේ එලෙසිනි.

    ලෝ ප්‍රකට කීර්තිමත් ටයිම් සඟරාව ලෝකයේ මීළඟට බලගතු පුද්ගලයන් වේ යැයි අනාවැකි පළ කරන පුද්ගලයන් සිය දෙනා ලැයිස්තුගත කර තිබෙන අතර, ව්‍යාපාර, විනෝදාස්වාදය, ක්‍රීඩා, දේශපාලනය, සෞඛ්‍ය, විද්‍යාව සහ ක්‍රියාකාරකම් ඇතුළු කරැණු කිහිපයක් මුල්කර ගනිමින් ඉදිරියේ දී ලෝකයේ බලවත්ම පුද්ගලයන් සිය දෙනා ලෙස ටයිම් සඟරාව මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේ වන විට කටයුතු කරන ජයත්මා වික්‍රමනායක ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්යභාරය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තෝරාගනු ලැබ සිටී.

    2012 – 2013 කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල තරුණ නියෝජිතවරිය ලෙස ද, නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තෙවැනි ලේකම්වරිය ලෙස 2014 වසර තුළ කාලයක් කටයුතු කර ඇති ජයත්මා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 2013 – 2015 කාලසීමාව තුළ මහලේකම්වරියක හා සෙනෙට් සභිකයකු ලෙස ද කටයුතු කර ඇත.

    ලෝකයේ තරුණ කටයුතු පිළිබඳ සුවිශේෂී සේවාවක් ඉටු කරමින් සේවය කරන ජයත්මා, ලෝකයේ බොහෝ රටවල් සමඟ සම්බන්ධ වෙමින් සිය රාජකාරි කටයුතු අකුරටම ඉටු කරමින් රාජකාරියේ නියැලී සිටියි. මේ වන විටත් සිය රාජකාරි කටයුතු වෙනුවෙන් ලොව පුරා ඇති රටවල් 80කට වැඩි ප්‍රමාණයක සංචාරය කළ ඇය, සිය රාජකාරිය වෙනුවෙන් සිදු කරන ලද කැපවීම හේතුවෙන් මුළු ලෝකයේම අවධානයට පත් වූවාය.

    1990 වසරේ බෙන්තර හබුරුගල ප්‍රදේශයේ උපත ලැබූ ජයත්මා වික්‍රමනායක අලුත්ගම සංඝමිත්තා බාලිකා සහ කොළඹ විශාකා විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරුවාය. ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියක් හිමිකරගත් ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මෙන්ම තරැණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ද සිය රාජකාරී කටයුතු හෙබවීම විශේෂත්වයකි.

    වසර 2014 දී පැවැත්වුණු ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ කාර්යසාධක බළකායේ සාමාජිකයකු හා ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කළ ජයත්මා වික්‍රමනායක ‘හෑෂ්මැග් පරපුර’ නම් ශ්‍රී ලාංකික තරුණයන්ගේ සිවිල් හා දේශපාලන ව්‍යාපාරයේ නායිකාවක ලෙස ද කටයුතු කර ඇත. වයස අවුරුදු 21 සිටම ඇය මෙරටට කීර්තියක් ගෙන දෙමින් ජාත්‍යන්තර තරුණ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී සිටී. ලෝක තරුණ කුසලතා දිනය ප්‍රකාශයට පත් කිරීමට ඉවහල් වූ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ ක්‍රියාකාරීත්වයට ද ඇය සිය දායකත්වය ලබා දුන්නාය.

    සියලු තරුණයන්ට එක්සත් ජාතීන් තමන්ගේ නිවහන ලෙස දැනෙන තත්ත්වයක් නිර්මාණය කිරීමට ඇයට අවශ්‍ය බව දක්වමින් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ වෙබ්අඩවිය සමඟ පවත්වන ලද සාකච්ඡාවක සඳහන් වූ ඇගේ ගමන් මගෙහි විස්තරයක් අපි මෙලෙසින් උපුටා දක්වමු.

    “මා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසු ජාතික තරුණසේවා සභාව විසින් නැගී එන තරුණ නායකයන් වෙනුවෙන් තරගයක් පැවැත්වුවා. මා එයින් දෙවැනි තැන දිනාගත්තා. ඒ සමඟම මට අවස්ථාව ලැබුණා තරුණ කටයුතු අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධ වන්න. ඒ කාලේ කෙටුම්පත් කරමින් තිබුණු ජාතික තරුණ ප්‍රතිපත්තිය, තරුණ රැකියා ක්‍රියාකාරී සැලැස්ම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන රෝග වැළැක්වීමේ වැඩසටහන සකස් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට සහාය වන්න මට අවස්ථාවක් ලැබුණා. කෙමෙන් කෙමෙන් මා එක්සත් ජාතීන් හඳුනා ගත්තා. මා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා කණ්ඩායමෙත් සාමාජිකයකු වුණා.”

    දේශපාලන, ක්‍රීඩා, ව්‍යාපාර, සෞඛ්‍ය, විද්‍යා ආදී ක්ෂේත්‍ර මුල්කර ගනිමින් සිදුකර ඇති මෙම සමීක්ෂණයට නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන විශාල පිරිසක් තෝරාගත් අතර එහි අවසන් සිය දෙනා අතරට මෙරට කාන්තාවක් පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප ආඩම්බර විය යුතු අවස්ථාවකි.

    FB_IMG_1624244450066.jpg
    FB_IMG_1624244447467.jpg
    FB_IMG_1624244430066.jpg
    FB_IMG_1624244431827.jpg
    FB_IMG_1624244455894.jpg
    FB_IMG_1624244438944.jpg
    FB_IMG_1624244441387.jpg
    FB_IMG_1624244434237.jpg
    FB_IMG_1624244425643.jpg


    ► සටහන:- හසිත් අංජන
    Deshaya
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ අය ඉගෙනගෙන ලෝකේ බලවත් වුනාට ලංකාවේනම් බලවත් අටවත් පාස් නැති මෙයාලා.නැව් ගිල්ලවල අමතක කරවන්න දාන්නෙත් මෙයාලව...😆

    WrcNiwU.jpg

    LFydWus.jpg
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    She is a talented girl.
    I would say she also had quite a bit of luck, which is not a bad thing.

    She was the runners up in the EYLA 2012, a local youth competition. This was the catalyst for her.
    After that, she did well to grab other opportunities that came through the national youth council. like getting selected as the Sri Lankan youth representative for the UN council.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,220
    113
    පුටින්ගේ ප්‍රධාන ආරක්ෂක විදායක නිලදාරියා විදිහට වැඩ කරන්න මාතර හක්මන කොල්ලෙක්
    Source ?
    Satirical sinhala fb page ekaka nam mama oya cn eka dakka.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 2013 – 2015 කාලසීමාව තුළ මහලේකම්වරියක හා සෙනෙට් සභිකයකු ලෙස ද කටයුතු කර ඇත.
    ඔක්කොම හරි මේ මොකක්ද බන් මේ?