Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක බැංකු ණය සහ තුන්වන ලෝකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක බැංකු ණය සහ තුන්වන ලෝකය

ලෝක බැංකු ණය සහ තුන්වන ලෝකය

තිරය පිටුපස ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ “කළමනාකරු” භූමිකාව රඟ දක්වන දුප්පත් රාජ්‍යවල නායකයෝ සිය රාජ්‍යයන්වලට පැමිණෙන ප්‍රාග්ධන පන්තිය හා එක්ව නිෂ්පාදන හා වෙළඳ ක්‍රියාවලිය පවත්වාගෙන යති. රාජ්‍ය නිලධාරිහුද ප්‍රාග්ධන පන්තියේ වරදාන හා වරප්‍රසාද වලට යටවෙමින් රාජ්‍ය පරිපාලනය ප්‍රාග්ධන පන්තියේ අවශ්‍යතාව පරිදි කරගෙන යති. රාජ්‍යයේ පුරවැසියන් ගැන කිසිම කැක්කුමක්, අනුකම්පාවක් නැත. රාජ්‍ය නිලධාරීහු, රාජ්‍ය ආයතන ප්‍රාග්ධන පන්තියට ගිලගත හැකිවන සේ සූක්ෂ්මව දිය කර හරිති.

සංවර්ධනය සඳහා යැයි පවසමින් ලෝක බැංකුව විසින් තුන්වන ලෝකයේ රාජ්‍යයන් වෙත ලබා දුන් ණය කරණකොටගෙන එකී රාජ්‍යයන්ට බරපතළ දුර්විපාක වලට මුහණ දීමට සිදුවී තිබේ. ලෝක බැංකු ණය මඟින් කළ සෑම ව්‍යාපෘතියකම යහපත් අරමුණු සියල්ලම එකී ණය ලබාදීමේ යටි අරමුණු මඟින් විනාශ වී ගියේය. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගිවිසුම් මඟින් සිදු වූයේ තුන්වන ලෝකයේ රාජ්‍යයන්වල මානව හිතවාදය ගොඩනැඟීම වෙනුවට එකී රාජ්‍යයන්වල ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය දරුණු ප්‍රපාතයකට ඇද දැමීමය.

විරැකියාව, දුප්පත්කම, මන්දපෝෂණය, නූගත්කම, සමාජ, අසහනය, ශිෂ්‍ය හා කම්කරු අරගල, කැරලි කෝලාහල, රාජ්ය්ය සම්පත් ගෝලීය ධනවතුන් විසින් මංකොල්ල කෑම, පෞද්ගලීකරණය, ගණිකාවෘත්තිය, ඒඩ්ස් වැනි වසංගත රෝග, මත්ද්‍රව්‍ය ජාවාරම, කාන්තාකරණය හා පාරිසරික ගැටලු බහුලව මෙම රාජ්‍යයන් තුළ දක්නට ලැබේ. ලෝක බැංකුවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා දිළිඳු රටවල ජාතික ආදායමෙන් සෑහෙන මුදලක් වැයවේ. මෙම රාජ්‍යයන් ණය ගෙවීම සඳහා මුදල් සොයා ගත්තේ පුරවැසියන් මත ආර්ථික පීඩනයන් යොදමිනි. ඍජු බදු හා වක්‍ර බදු ඉහළ දැමීම, මහජනතාවට ලබාදෙන සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, පෝෂණය වැනි සුබසාධන සේවා සීමා කිරීම, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීම ඒ අතර දක්නට ලැබේ.

දුප්පත් රාජ්‍යයන්වල ආර්ථිකයන් සංවර්ධනය කරමින් එම රාජ්‍යයන්වලට සාමය, සෞභාග්‍ය උදාකර දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කටයුතු කරන බව ලෝකයාට මවා පාමින් එම රාජ්‍යයන් සඳහා ඩොලර් බිලියන ගණනින් ණය පොම්ප කරයි. එම ණය යොදවා මහාමාර්ග, විදුලිය, වරාය, ගුවන් තොටුපළ හා මුල්‍ය වෙෙළඳපළ සංවර්ධනය කරන ලෙස ඔවුහු උපදෙස් දෙති. මෙම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පසු එම රාජ්‍යයන්වල ආර්ථිකයන් විවෘත කර ගෝලීය නිදහස් වෙළඳාම හා සම්බන්ධ වන ලෙස තවදුරටත් උපදෙස් ලබා දෙති. මෙම උපදෙස් එකහෙලා පිළිපදින දුප්පත් රාජ්‍යවල නායකයෝ සිය රාජ්‍යයන් සතු වටිනා පරිසර පද්ධතීන් හා සාරවත් ඉඩකඩම් විනාශ කරමින් මහාමාර්ග, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, විශාල වරායන්, ගුවන් තොටුපළවල් වැනි යටිතල පහසුකම් ගොඩනඟති. මිනිස් ශ්‍රමයෙන් හා අලි ඇතුන් යොදවා ඉදිකිරීම් කළ මෙම රාජ්‍යවල ස්වදේශික වැසියෝ සිය රාජ්‍යයන් තුළ සිදුවන මෙම කෙටි කාලීන පෙරළිය හමුවේ, “ඔබට සංවර්ධනය” යන පාලකයන්ගේ වැදි බණ අසමින් විස්මයෙන් බලා සිටිති. තවදුරටත් සිය සරල ආර්ථිකයන් විවෘත කරමින් ගෝලීය නිදහස් වෙළඳාම හා බද්ධ වෙමින් ගෝලීය බලවතුන්ගේ ප්රාග්ධනය සිය රාජ්‍යයන් තුළට කැඳවා ගනු ලබති. එසේ ගලා එන ප්රාග්ධනය මඟින් ගොඩනැඟෙන විශාල කාර්මික කලාප හා ගොවිබිම් මඟින් කෙරෙන නිෂ්පාදනය කරණ කොටගෙන සිය රටේ ආර්ථිකයත් රැකියා වෙළඳපළත් සංවර්ධනය වන බවට පුරසාරම් දොඩවති.

තුන්වන ලෝකයේ රටවල නායකයින් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගැත්තන් බවට පත් වෙමින්, සිය රාජ්‍ය හා පුරවැසියන් උකස් කොට විවිධ කොන්දේසි වලට යටත් වෙමින් ලබා ගන්නා ණය වලින් වැඩි කොටසක් අල්ලස් හා කොමිස් ලෙස “දේශානුරාගෙයන්” යුතුව ගිල දමති. ණය ක්‍රියාවලිය ආරම්භයේදීම අත්තනෝමතික ලෙස ණය ගසා කෑම නිසා යෝජිත ව්‍යාපෘති ආරම්භයේදීම අඩපණ වීමක් දක්නට ලැබේ. එමෙන්ම සිය රාජ්‍යයන් තුළට පැමිණෙන ආයෝජකයන්ගෙන් ද ඔවුහු කොමිස් ලබා ගනිමින් සිය බැංකු ගිණුම තර කර ගනිති. ලෝක බැංකුවේ උපදෙස් මඟින් පැමිණෙන ආයෝජකයන්ගේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ද ඔවුහු කටයුතු කරති. අවසානයේදී මෙම රාජ්‍යයන්වල සමාජ ක්‍රියාධරයෝ ද, රාජ්‍ය නිලධාරිහු ද, ප්‍රාග්ධන පන්තියේ ආරක්ෂකයන් හා වහලුන් බවට පත් වෙති.

තිරය පිටුපස ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ “කළමනාකරු” භූමිකාව රඟ දක්වන දුප්පත් රාජ්‍යවල නායකයෛා් සිය රාජ්‍යයන්වලට පැමිණෙන ප්‍රාග්ධන පන්තිය හා එක්ව නිෂ්පාදන හා වෙළඳ ක්‍රියාවලිය පවත්වාගෙන යති. රාජ්‍ය නිලධාරිහුද ප්‍රාග්ධන පන්තියේ වරදාන හා වරප්‍රසාද වලට යටවෙමින් රාජ්‍ය පරිපාලනය ප්‍රාග්ධන පන්තියේ අවශ්‍යතාවය පරිදි කරගෙන යති. රාජ්‍යයේ පුරවැසියන් ගැන කිසිම කැක්කුමක්, අනුකම්පාවක් නැත. රාජ්‍ය නිලධාරිහු, රාජ්‍ය ආයතන ප්‍රාග්ධන පන්තියට ගිලගත හැකිවන සේ සූක්ෂ්මව දිය කර හරිති. මෙම රාජ්‍යවල ස්වදේශික වැසියෝ සිය වගාවන්, සත්ව පාලනයන් හා හස්ත කර්මාන්තයන් අතහැර ප්‍රාග්ධන පන්තියේ විශාල ගොවිබිම් හා කර්මාන්ත ශාලා තුළට ගාල්වෙමින් ජීවත්වීම සඳහා අඩු වැටුපට සිය ශ්‍රමය බිලිදෙති. මහා පරිමාණ නිෂ්පාදකයෝ ද උපායශීලීව ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ දමා ස්වදේශිකයන් සතු ඉඩකඩම් ද මිලයට ගනිමින් තවදුරටත් ඔවුන් වහලුන් බවට සහතික කර ගනිති. නිදහස් වෙෙළඳාම ඔස්සේ විවිධ නිෂ්පාදන මෙම රාජ්‍යයන් තුළට රැගෙන එමින් ඒවාද ස්වදේශික ජනයාට අලෙවි කරන අතර එම භාණ්ඩ පරිභෝජනය කරමින් ස්වදේශික වැසියෝ තමන් දියුණු වූවා යැයි උදම් අනමින් සිහින ලෝකවල වාසය කරති.

විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය වෙනුවෙන් ණය වාරික හා පොලිය ගෙවීම සඳහා මෙම රාජ්‍යයන් සතු ආදායම් ප්‍රමාණවත් නොවේ. ණය ලබා ගෙන කරන ලද බොහෝමයක් සංවර්ධන ව්‍යාපෘති පලදායි නොවන අතර සමහරක් ව්‍යාපෘතිවලින් ආදායම් ලැබීමට දිගු කාලයක් ගතවේ. මේ නිසා ණය හා පොලිය ගෙවීම සඳහා තව තවත් ණය ලබා ගැනීමට සිදුවන අතර එනිසා “ණය උගුලක්” සිරවේ. රාජ්‍ය ආදායම තර කර ගැන්මේ අරමුණින් අය කරනු ලබන ඍජු බදු හා වක්‍ර බදු නිසා ජනතාව තවදුරටත් පීඩාවට පත්වේ. එමෙන්ම ණය ගෙවීම සඳහා රාජ්‍ය ආදායම ස්ථාවර කර ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා වන අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කරනු ලබන වියදම් කප්පාදු කිරීම නිසා සමාජ අසහනය හා නොසන්සුන්භාවය වර්ධනය වේ.

බලවත් රාජ්‍යයන් කිහිපයක අවශ්‍යතාව පරිදි කටයුතු කරන ලෝක බැංකුව දුප්පත් රාජ්යවන් ගිල ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරයි. එම රාජ්‍යයන් සතු රාජ්‍ය ව්‍යාපාර සමූහය පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලබා දෙයි. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා වන අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍ර පවා පෞද්ගලීකරණය කිරීම සඳහා බල කරයි. එමෙන් ම මෙම රාජ්‍යයන්ට දරා ගත නොහැකි අන්දමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති යෝජනා කරමින් ඒ සඳහා විශාල වශයෙන් ණය ලබා දී එම රාජ්‍යයන් සතු සම්පත් මංකොල්ල කෑමට ද සූදානම් වෙයි. එමෙන් ම ගෝලීය ප්‍රාග්ධන පන්තියේ නිෂ්පාදන, වෙළෙඳ අවශ්‍යතා ඉටු කළ හැකි පරිදි අයවැයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පවා අනියමින් මෙම රාජ්‍යයන්ට බලපෑම් කරයි. මෙම රාජ්‍යයන්වල ජනතා නැගිටීම් වැළැක්වීම සඳහා ඔවුන් ඉලක්ක කර ගත් සහන වැඩසටහන් වෙනුවෙන් ලෝක බැංකුව ණය හා ආධාර ලබා දෙයි. එමෙන්ම තම ණය මත යැපෙන රාජ්‍යයන් වල නායකයන් හා පුරවැසියන් ගැත්තන්, නිවයටන් වනවා දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ලෝක බැංකුවේ නියෝජිතයින් මෙම රාජ්‍යයන් තුළට ද රිංගා ගෙන සිය පන්තියේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඔත්තු බලති. උපදෙස් දෙති.

බලවත් රාජ්‍යයන් කිහිපයක අවශ්‍යතාවය පරිදි කටයුතු කරන ලෝක බැංකුවේ ණය ක්‍රියාවලිය හමුවේ අවසානයේදි දුප්පත් රාජ්‍යවල වැසියෝ අසරණ භාවයට පත්වෙති. සිය නායකයින් තමන්වත් තම නිජබිමත් ලෝක බැංකුවට උකස් කිරීමේ ප්‍රතිවිපාක ඔවුහු විඳවති. බීමට ජල බිඳක්වත් සොයා ගැනීමට අසීරු වන තරමටම ඔවුන්ගේ රාජ්‍යයන් විනාශ වී හමාරය. විරැකියාව, මන්දපෝෂණය, නූගත්කම, ත්‍රස්තවාදි ප්‍රශ්න, ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය ව්‍යාපාර, ශිෂ්‍ය අරගල, කම්කරු අරගල, කාන්තාරකරණය හා ප්‍රබල පාරිසරික ගැටලුවලින් ඔවුහු මිහිතලය මත දුක් විඳිති.

සී.බී.කේ. ලියනආරච්චි

silumina.lk/2016/10/30/_art.asp?fn=sl1610303

[QUOTE="dynamite1234, post: 21071384, member: 502516"] [b]ලෝක බැංකු ණය සහ තුන්වන ලෝකය[/b] [SIZE="5"][B][U]ලෝක බැංකු ණය සහ තුන්වන ලෝකය[/U][/B] තිරය පිටුපස ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ “කළමනාකරු” භූමිකාව රඟ දක්වන දුප්පත් රාජ්‍යවල නායකයෝ සිය රාජ්‍යයන්වලට පැමිණෙන ප්‍රාග්ධන පන්තිය හා එක්ව නිෂ්පාදන හා වෙළඳ ක්‍රියාවලිය පවත්වාගෙන යති. රාජ්‍ය නිලධාරිහුද ප්‍රාග්ධන පන්තියේ වරදාන හා වරප්‍රසාද වලට යටවෙමින් රාජ්‍ය පරිපාලනය ප්‍රාග්ධන පන්තියේ අවශ්‍යතාව පරිදි කරගෙන යති. රාජ්‍යයේ පුරවැසියන් ගැන කිසිම කැක්කුමක්, අනුකම්පාවක් නැත. රාජ්‍ය නිලධාරීහු, රාජ්‍ය ආයතන ප්‍රාග්ධන පන්තියට ගිලගත හැකිවන සේ සූක්ෂ්මව දිය කර හරිති. සංවර්ධනය සඳහා යැයි පවසමින් ලෝක බැංකුව විසින් තුන්වන ලෝකයේ රාජ්‍යයන් වෙත ලබා දුන් ණය කරණකොටගෙන එකී රාජ්‍යයන්ට බරපතළ දුර්විපාක වලට මුහණ දීමට සිදුවී තිබේ. ලෝක බැංකු ණය මඟින් කළ සෑම ව්‍යාපෘතියකම යහපත් අරමුණු සියල්ලම එකී ණය ලබාදීමේ යටි අරමුණු මඟින් විනාශ වී ගියේය. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගිවිසුම් මඟින් සිදු වූයේ තුන්වන ලෝකයේ රාජ්‍යයන්වල මානව හිතවාදය ගොඩනැඟීම වෙනුවට එකී රාජ්‍යයන්වල ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය දරුණු ප්‍රපාතයකට ඇද දැමීමය. විරැකියාව, දුප්පත්කම, මන්දපෝෂණය, නූගත්කම, සමාජ, අසහනය, ශිෂ්‍ය හා කම්කරු අරගල, කැරලි කෝලාහල, රාජ්ය්ය සම්පත් ගෝලීය ධනවතුන් විසින් මංකොල්ල කෑම, පෞද්ගලීකරණය, ගණිකාවෘත්තිය, ඒඩ්ස් වැනි වසංගත රෝග, මත්ද්‍රව්‍ය ජාවාරම, කාන්තාකරණය හා පාරිසරික ගැටලු බහුලව මෙම රාජ්‍යයන් තුළ දක්නට ලැබේ. ලෝක බැංකුවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා දිළිඳු රටවල ජාතික ආදායමෙන් සෑහෙන මුදලක් වැයවේ. මෙම රාජ්‍යයන් ණය ගෙවීම සඳහා මුදල් සොයා ගත්තේ පුරවැසියන් මත ආර්ථික පීඩනයන් යොදමිනි. ඍජු බදු හා වක්‍ර බදු ඉහළ දැමීම, මහජනතාවට ලබාදෙන සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, පෝෂණය වැනි සුබසාධන සේවා සීමා කිරීම, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීම ඒ අතර දක්නට ලැබේ. දුප්පත් රාජ්‍යයන්වල ආර්ථිකයන් සංවර්ධනය කරමින් එම රාජ්‍යයන්වලට සාමය, සෞභාග්‍ය උදාකර දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කටයුතු කරන බව ලෝකයාට මවා පාමින් එම රාජ්‍යයන් සඳහා ඩොලර් බිලියන ගණනින් ණය පොම්ප කරයි. එම ණය යොදවා මහාමාර්ග, විදුලිය, වරාය, ගුවන් තොටුපළ හා මුල්‍ය වෙෙළඳපළ සංවර්ධනය කරන ලෙස ඔවුහු උපදෙස් දෙති. මෙම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පසු එම රාජ්‍යයන්වල ආර්ථිකයන් විවෘත කර ගෝලීය නිදහස් වෙළඳාම හා සම්බන්ධ වන ලෙස තවදුරටත් උපදෙස් ලබා දෙති. මෙම උපදෙස් එකහෙලා පිළිපදින දුප්පත් රාජ්‍යවල නායකයෝ සිය රාජ්‍යයන් සතු වටිනා පරිසර පද්ධතීන් හා සාරවත් ඉඩකඩම් විනාශ කරමින් මහාමාර්ග, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, විශාල වරායන්, ගුවන් තොටුපළවල් වැනි යටිතල පහසුකම් ගොඩනඟති. මිනිස් ශ්‍රමයෙන් හා අලි ඇතුන් යොදවා ඉදිකිරීම් කළ මෙම රාජ්‍යවල ස්වදේශික වැසියෝ සිය රාජ්‍යයන් තුළ සිදුවන මෙම කෙටි කාලීන පෙරළිය හමුවේ, “ඔබට සංවර්ධනය” යන පාලකයන්ගේ වැදි බණ අසමින් විස්මයෙන් බලා සිටිති. තවදුරටත් සිය සරල ආර්ථිකයන් විවෘත කරමින් ගෝලීය නිදහස් වෙළඳාම හා බද්ධ වෙමින් ගෝලීය බලවතුන්ගේ ප්රාග්ධනය සිය රාජ්‍යයන් තුළට කැඳවා ගනු ලබති. එසේ ගලා එන ප්රාග්ධනය මඟින් ගොඩනැඟෙන විශාල කාර්මික කලාප හා ගොවිබිම් මඟින් කෙරෙන නිෂ්පාදනය කරණ කොටගෙන සිය රටේ ආර්ථිකයත් රැකියා වෙළඳපළත් සංවර්ධනය වන බවට පුරසාරම් දොඩවති. තුන්වන ලෝකයේ රටවල නායකයින් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගැත්තන් බවට පත් වෙමින්, සිය රාජ්‍ය හා පුරවැසියන් උකස් කොට විවිධ කොන්දේසි වලට යටත් වෙමින් ලබා ගන්නා ණය වලින් වැඩි කොටසක් අල්ලස් හා කොමිස් ලෙස “දේශානුරාගෙයන්” යුතුව ගිල දමති. ණය ක්‍රියාවලිය ආරම්භයේදීම අත්තනෝමතික ලෙස ණය ගසා කෑම නිසා යෝජිත ව්‍යාපෘති ආරම්භයේදීම අඩපණ වීමක් දක්නට ලැබේ. එමෙන්ම සිය රාජ්‍යයන් තුළට පැමිණෙන ආයෝජකයන්ගෙන් ද ඔවුහු කොමිස් ලබා ගනිමින් සිය බැංකු ගිණුම තර කර ගනිති. ලෝක බැංකුවේ උපදෙස් මඟින් පැමිණෙන ආයෝජකයන්ගේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ද ඔවුහු කටයුතු කරති. අවසානයේදී මෙම රාජ්‍යයන්වල සමාජ ක්‍රියාධරයෝ ද, රාජ්‍ය නිලධාරිහු ද, ප්‍රාග්ධන පන්තියේ ආරක්ෂකයන් හා වහලුන් බවට පත් වෙති. තිරය පිටුපස ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ “කළමනාකරු” භූමිකාව රඟ දක්වන දුප්පත් රාජ්‍යවල නායකයෛා් සිය රාජ්‍යයන්වලට පැමිණෙන ප්‍රාග්ධන පන්තිය හා එක්ව නිෂ්පාදන හා වෙළඳ ක්‍රියාවලිය පවත්වාගෙන යති. රාජ්‍ය නිලධාරිහුද ප්‍රාග්ධන පන්තියේ වරදාන හා වරප්‍රසාද වලට යටවෙමින් රාජ්‍ය පරිපාලනය ප්‍රාග්ධන පන්තියේ අවශ්‍යතාවය පරිදි කරගෙන යති. රාජ්‍යයේ පුරවැසියන් ගැන කිසිම කැක්කුමක්, අනුකම්පාවක් නැත. රාජ්‍ය නිලධාරිහු, රාජ්‍ය ආයතන ප්‍රාග්ධන පන්තියට ගිලගත හැකිවන සේ සූක්ෂ්මව දිය කර හරිති. මෙම රාජ්‍යවල ස්වදේශික වැසියෝ සිය වගාවන්, සත්ව පාලනයන් හා හස්ත කර්මාන්තයන් අතහැර ප්‍රාග්ධන පන්තියේ විශාල ගොවිබිම් හා කර්මාන්ත ශාලා තුළට ගාල්වෙමින් ජීවත්වීම සඳහා අඩු වැටුපට සිය ශ්‍රමය බිලිදෙති. මහා පරිමාණ නිෂ්පාදකයෝ ද උපායශීලීව ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ දමා ස්වදේශිකයන් සතු ඉඩකඩම් ද මිලයට ගනිමින් තවදුරටත් ඔවුන් වහලුන් බවට සහතික කර ගනිති. නිදහස් වෙෙළඳාම ඔස්සේ විවිධ නිෂ්පාදන මෙම රාජ්‍යයන් තුළට රැගෙන එමින් ඒවාද ස්වදේශික ජනයාට අලෙවි කරන අතර එම භාණ්ඩ පරිභෝජනය කරමින් ස්වදේශික වැසියෝ තමන් දියුණු වූවා යැයි උදම් අනමින් සිහින ලෝකවල වාසය කරති. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය වෙනුවෙන් ණය වාරික හා පොලිය ගෙවීම සඳහා මෙම රාජ්‍යයන් සතු ආදායම් ප්‍රමාණවත් නොවේ. ණය ලබා ගෙන කරන ලද බොහෝමයක් සංවර්ධන ව්‍යාපෘති පලදායි නොවන අතර සමහරක් ව්‍යාපෘතිවලින් ආදායම් ලැබීමට දිගු කාලයක් ගතවේ. මේ නිසා ණය හා පොලිය ගෙවීම සඳහා තව තවත් ණය ලබා ගැනීමට සිදුවන අතර එනිසා “ණය උගුලක්” සිරවේ. රාජ්‍ය ආදායම තර කර ගැන්මේ අරමුණින් අය කරනු ලබන ඍජු බදු හා වක්‍ර බදු නිසා ජනතාව තවදුරටත් පීඩාවට පත්වේ. එමෙන්ම ණය ගෙවීම සඳහා රාජ්‍ය ආදායම ස්ථාවර කර ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා වන අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කරනු ලබන වියදම් කප්පාදු කිරීම නිසා සමාජ අසහනය හා නොසන්සුන්භාවය වර්ධනය වේ. බලවත් රාජ්‍යයන් කිහිපයක අවශ්‍යතාව පරිදි කටයුතු කරන ලෝක බැංකුව දුප්පත් රාජ්යවන් ගිල ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරයි. එම රාජ්‍යයන් සතු රාජ්‍ය ව්‍යාපාර සමූහය පෞද්ගලීකරණය කිරීමට උපදෙස් ලබා දෙයි. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා වන අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍ර පවා පෞද්ගලීකරණය කිරීම සඳහා බල කරයි. එමෙන් ම මෙම රාජ්‍යයන්ට දරා ගත නොහැකි අන්දමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති යෝජනා කරමින් ඒ සඳහා විශාල වශයෙන් ණය ලබා දී එම රාජ්‍යයන් සතු සම්පත් මංකොල්ල කෑමට ද සූදානම් වෙයි. එමෙන් ම ගෝලීය ප්‍රාග්ධන පන්තියේ නිෂ්පාදන, වෙළෙඳ අවශ්‍යතා ඉටු කළ හැකි පරිදි අයවැයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පවා අනියමින් මෙම රාජ්‍යයන්ට බලපෑම් කරයි. මෙම රාජ්‍යයන්වල ජනතා නැගිටීම් වැළැක්වීම සඳහා ඔවුන් ඉලක්ක කර ගත් සහන වැඩසටහන් වෙනුවෙන් ලෝක බැංකුව ණය හා ආධාර ලබා දෙයි. එමෙන්ම තම ණය මත යැපෙන රාජ්‍යයන් වල නායකයන් හා පුරවැසියන් ගැත්තන්, නිවයටන් වනවා දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ලෝක බැංකුවේ නියෝජිතයින් මෙම රාජ්‍යයන් තුළට ද රිංගා ගෙන සිය පන්තියේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඔත්තු බලති. උපදෙස් දෙති. බලවත් රාජ්‍යයන් කිහිපයක අවශ්‍යතාවය පරිදි කටයුතු කරන ලෝක බැංකුවේ ණය ක්‍රියාවලිය හමුවේ අවසානයේදි දුප්පත් රාජ්‍යවල වැසියෝ අසරණ භාවයට පත්වෙති. සිය නායකයින් තමන්වත් තම නිජබිමත් ලෝක බැංකුවට උකස් කිරීමේ ප්‍රතිවිපාක ඔවුහු විඳවති. බීමට ජල බිඳක්වත් සොයා ගැනීමට අසීරු වන තරමටම ඔවුන්ගේ රාජ්‍යයන් විනාශ වී හමාරය. විරැකියාව, මන්දපෝෂණය, නූගත්කම, ත්‍රස්තවාදි ප්‍රශ්න, ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය ව්‍යාපාර, ශිෂ්‍ය අරගල, කම්කරු අරගල, කාන්තාරකරණය හා ප්‍රබල පාරිසරික ගැටලුවලින් ඔවුහු මිහිතලය මත දුක් විඳිති. සී.බී.කේ. ලියනආරච්චි silumina.lk/2016/10/30/_art.asp?fn=sl1610303[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom