Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සුවෙ බුකියෙන්. Damith Kethaka තමයි ලියලා තියෙන්නෙ. මේ thread එකට වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මා.

සිරියාව සම්බන්ධයෙන් රුසියානු නායක ව්ලැඩිමිර් පුටින් සහ ඇමරිකානු නායක බැරැක් ඔබාමා අතර ශාන්ත පීටර්ස්බර්ග් නුවර කොන්ස්තන්තින් මන්දිරයේදී මේ මොහොතේ වැදගත් සාකච්ඡා මාලාවක් ඇරඹෙමින් පවතී... මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය බොහෝ විට සිරියාවේ අනාගතය තීරණය කරනු ලබන බව විචාරක මතයයි... තත්වය එසේ තිබියදී මෙම සාකච්ඡාවෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය කුමක්දැයි අප විසින් විශ්ලේෂණය කළ යුතුව ඇත... එම විශ්ලේෂණය භූමියේ යථාර්තයට මුහුණ දී කළ යුතු අතර, හැඟීම් වලට ප්‍රමුඛස්ථානය දීමෙන් තොර විය යුතු බව අපගේ මතයයි... මෙනිසා මෙයින් පසු කුමක් සිදුවේදැයි අනුමානයක් ඔබට සැපයීමට මා බලාපොරොත්තු වෙමි...

රුසියාවට අසාද් පාලනය පවත්වා ගැනීම වැදගත් වන්නේ ඇයි... ?

මෙම ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර, මහපොළවේ ඇති කඨුක යථාර්තය ගැන සරලව පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත... සිරියාවට ඇමරිකා එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වේ යැයි මොහොතකට අප සිතමු... මෙහිදී අසාද් රජය රැක ගැනීමට රුසියාවට බෙහෙවින්ම අවශ්‍යය.. එය එසේ වන්නේ පහත ප්‍රධාන කාරණා පහ සහ වෙනත් කරුණු නිසාය,

1. රුසියානු නාවික හමුදාව සතු විශාලතම "දේශයෙන් පිට නාවික හමුදා කඳවුර" වන "ටාෂස්" නාවික වරාය පිහිටා ඇත්තේ සිරියාවේ වීම... සහ ශීතල යුද සමයේ සිට මෙතෙක් කල් මධ්‍යධරණී මුහුදේ රුසියානු බලය පවත්වා ගැනීමට එම කඳවුර අතිශයින්ම ඉවහල් වීම

2. දැවැන්ත නළ මාර්ග 14 ක් මගින් සිරියාවේ තෙල් නිෂ්පාදනයේ ප්‍රවාහන අයිතිය රුසියාවේ ගැස්ප්‍රොම් නම් දැවැන්ත ඛණිජ තෙල් සහ ජීව වායු සමාගමට පැවරී තිබීම..

3. අසාද් රජය පැවති කාලය තුල සිරියාව රුසියානු ෆෙඩරේෂනයේ තුන්වැනි විශාලතම අවි ගැණුම් කරුවා ලෙස වසරකට ඩොලර් බිලියන 66 ක ආයුධ පද්ධති රුසියාවෙන් මිළයට ගැනීම...

4. ඉරානය කරා යන ස්ථාන මාර්ගික වටිනා කමකින් යුත් සිරියාවේ රුසියා හිතවාදී පාලනය ආරක්ෂා කර ගැනීම අනාගත ජාත්‍යන්තර දේශපාලනික උපක්‍රමයක් ලෙස රුසියාවට ඉරානය රැක ගැනීමේදී බෙහෙවින්ම වටිනා කමකින් යුතු වීම...

5. අවසාන වශයෙන් නැවත ලෝක බල ධ්‍රැවයක් ලෙස ඉස්මතු වීමට පෙරුම් පුරන රුසියාවට සිය "මිත්‍ර රටවල" විශ්වාසය තමන් විසින් සපයනු ලබන ජාත්‍යන්තර ආරක්ෂාව වෙත තැබිය හැකි වන ලෙස රුසියාව ක්‍රියා කළ යුතු වීම... ලෝක බල ධ්‍රැවයන් වන්නට පෙරුම් පුරන රටවලට "අලයිස්ලා" හෙවත් මිත්‍ර රටවල් ඉතාම වැදගත්ය... ඒ රටවල් මේ බල ධ්‍රැවය කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කර ගැනීම බෙහෙවින්ම වැදගත්ය...

මේ නිසා යම් හෙයකින් ඇමරිකාව ප්රමුඛ නේටෝ පාර්ශව වලින් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට පහර දුනහොත් ඉහත කරුණු කාරණා නිසා, රුසියාවට එම යුද්ධයට සෘජුව මැදිහත් වීමට තරම් හේතු යෙදේ...

නමුත් එසේ කළ හැකිද...?...

ප්‍රධානම ගැටළුව ඇත්තේ මෙතනය... ලෝක බලවතුන් වර්ගීකරණයේදී " සුපිරි බලවතුන් (Super Powers ), මහ බලවතුන් ( Great Powers), සහ කළාපීය කුඩා බලවේග ( Regional small powers ) " ලෙස කොටස් තුනකට බෙදේ.. මෙම වර්ගීකරණය ඇරඹුනේ 1955 වසරේදී වන අතර, 1991 තෙක්ම එහි ඉහළම ඛාණ්ඩය වන "සුපිරි බලවතුන්" යන ශ්‍රේණියේ රටවල් දෙකක් විය... ඒ වනාහි ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුවයි... එහෙත් 1991 වසරේදී සෝවියට් සංගමය විසිරී යාමත් සමග රුසියාවට ස්වකීය යුද බල පරාක්‍රමයෙන් 40% එකෙනෙහිම අහිමි විය... ඒ සමගම එරටට තිබුණු "සුපිරි බලවතා" ශ්‍රේණියේ සමාජිකත්වයද අහිමි වි ගියේය... මේ අනුව 1991 සිට මේ දක්වා ලෝකයට "සුපිරි බලවත්" ශ්‍රේණියේ ඉතිරිව සිටින්නේ එකම එක රටක් පමණි... ඒ ඇමරිකා එක්සත් ජනපදයයි...

සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමත් සමග නිදහස ලැබූ සෝවියට් රාජ්‍යයන් වල නවතා තිබුණු න්‍යෂ්ඨික අවි, මිසයිල්, සන්නද්ධ රථ, යුද නෞකා, සබ්මැරීන ආදී සියල්ල, ඒ, ඒ අලුතින් නිදහස ලැබූ රාජ්‍යයට හිමි වීම නිසාය... රුසියාවට ඉතිරි වූයේ එදා සුපිරි බලවේගයක් වූ සෝවියට් රතු හමුදා ශක්තියෙන් 60% පමණි... අනතුරුව 1991-2000 කාළ වකවානුව තුල රුසියාව මුහුණ පෑ උද්ධමනය, උඝ්ර මුදල් හිඟය, අස්ථාවර බව, චෙච්නියානු අර්බුදය, මොස්කව් අගනුවර ත්‍රස්ත ප්‍රහාර, සාගතය යනාදි බොහෝ කරුණු කාරණා නිසා, ඒ ඉතිරි වූ මිලිටරි බලයත් පිරිහී ගොස්, යාවත් කාළීන කර ගත නොහැකිව ඉතා අසරණ අඩියකට වැටුණු අතර, බොරිස් යෙල්ට්සින් පාලනය 2000 වසරේදී අවසන් වන විට 1975 දි කෝටිය ඉක්මවූ යෝධ රතු හමුදාවේ ශේෂය වූ රුසියානු හමුදාවට පඩි ගෙවා ගත හැකිව ඉතිරිව සිටියේ සෙබළු ලක්ෂ දෙකක් පමණි...

2000 වසරේදි ව්ලැඩ්මිර් පුටින් බලයට පැමිණ චෙච්නියාවේ ත්‍රස්තවාදය වනසා, සයිබීරියාවේ යෝධ ජීව වායු නිධි සහ ඛණිජ සම්පත් වලට ස්ථාවර මිළක් ලබාගෙන රුසියාව යළි කෙලින් සිටුවූයේය.. ව්ලැඩ්මිර් පුටින් සහ දිමිත්‍රි මෙද්වෙදෙව් යන නායකයන්ගේ මෙහෙයවීම ලද රුසියානු ජාතික පක්ෂයේ පසුගිය 13 වසරක පාලනය තුල රුසියාව යලි ආර්ථික බලවතෙකු කොට, යුදමය වශයෙන් කෙළින් කරවන ලදී.. දැන් 2000 වසරේ පැවති තරම් අසරණ තැනක රුසියාව නැති අතර, යළිත් අනාගතයේ මිලිටරි සුපිරි බලවතෙකු වීමේ සිහින දකිමින් ඉදිරි ගමනක යෙදේ...

මේ කරුණු සැකවින් සිතා ගෙන පහත කොටස දෙස බලන්න...

මේ මොහොත වන විටත් රුසියාව සතු න්‍යෂ්ඨික අවි ගබඩාව ඇමරිකා එක්සත් ජනපදයට වඩා විශාලය... මේ මොහොතේ ඇමරිකාව සතුව සජීවි න්‍යෂ්ඨික යුද ශීර්ෂ 6600 ක් සක්‍රීයව තබා තිබෙන අතර, රුසියාව සතුව ඇති ශීර්ෂ සංඛ්‍යාව 9700 කට අධිකය... එමෙන්ම ජෛව සහ රසායනික අවි ගණනය කළ නොහැකි තරම් විශාල ගබඩාවක් රුසියාවට තිබේ... එහෙත් 1945 න් පසුව යුද්දය ප්‍රධාන ශ්‍රේණි දෙකකි.. එනම් Nuclear War and Conventional Warfare " යන ශ්‍රේණි දෙකයි... මෙහිදී න්‍යෂ්ඨික යුද ශ්‍රේණියක යුද්දයක් සිරියාව වැනි රටක් නිසා ඇමරිකාව සහ රුසියාව ඇති කර ගනිතැයි සිතීම දුෂ්කරය... ඔවුන් එතරම් මෝඩයන් නොවේ... එවැනි යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති අතර, රුසියාව ඇමරිකාව මතු නොව මුලු මානව සංහතියම යළි හැරවිය නොහැකි විනාශයකට මුහුණ පානු ඇත...

එසේ නම් සිරියාව නිසා මේ බලවතුන් දෙදෙනා යුද්දයකට යම් හෙයකින් යතොත්, සිදුවිය හැක්කේ Conventional හෙවත් සාමාන්‍ය අවි ආයුධ සහ උපක්‍රම යොදාගෙන කරන යුද්දයකි... මතක තබා ගන්න.. රුසියාව නැවත නැගිටිමින් පැවතුනත්, තවමත් "සුපිරි බලවතා" ශ්‍රේණියට රුසියාව දැමීමේ හැකියාවක් නැත... තවමත් 1991 සිට ලොව සිටින එකම සුපිරි බලවතා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය පමණි... 1991 - 2000 ලෙස රුසියාව දරුණු ලෙස අඩපණ වී පසුබා පැවති වසර දහයක කාළයක් තුල Technology, Military research, recruitment, training, Military Budget ආදී අංශ රැසකින් ඇමරිකා එක්සත් ජනපදය බෙහෙවින්ම ඉදිරියට පැමිණියේය.. නිරවි යුද්දයේ අවි තරඟයෙන් පසුව ඒ පසු බෑ අවුරුදු දහයේදී සිදුවූ පාඩුව පියවා ගෙන තවමත් Conventional Weapons පැත්තෙන් ඇමරිකාව සමග කරට කර සිට ගැනීමට රුසියාවට නොහැකිය... අන්න ඒ බව රුසියානු නායකයෝ දනිති... තවමත් න්‍යෂ්ඨික අවි සහ රසායනික අවි පසෙක තබා කරන මුහුණට මුහුණ ලා යුද්දයකදී ඇමරිකාවට තදින් පහර දිය හැකි වුවත් , එවැනි යුද්දයක් ජයග්‍රහණය තෙක් ගෙන යාමට රුසියාවට හැකියාව නොමැත... එවැනි සාමාන්‍ය යුද්දයකදී වැඩි ඉඩකඩ ඇත්තේ ඇමරිකාව ප්රමුඛ මිත්‍ර බලවේග වලට ජය අත්වීමටය... ( මෙය විග්රහ කරනවා නම් අවම වශයෙන් වචන 10,000 කට වඩා දිගු සටහනක් හෝ පැය හතරක පමණ දේශනයක් අවශ්ය්ය... මේ ෆේස්බුක් ස්ටේටස් පඩංගු වලින් මෙවැනි දැවැන්ත මාතෘකා නිසි අයුරින් විග්රහ කල නොහැක.. ඉතාම කෙටියෙන් කියමි... )

ඇමරිකාවත් ඒ බව දනියි... දිගින් දිගටම ඇමරිකාව සිරියාවට පහර දීමට පුෂ් කරන්නේ ඒ නිසාය... හෙඩ් ටු හෙඩ් කවුන්ට් එකේදී වැඩි වාසිය බෙහෙවින්ම ඇත්තේ එකම සුපිරි බලවතාටය... මේ නිසා ඇමරිකාව ග්‍රවුන්ඩ්ස් ටෙස්ට් කරමින් දිගටම මිලිටරි ස්ට්‍රයික් එකකට පුෂ් කරනු ඇති අතර, රුසියාව හැකි තාක් ප්‍රෙෂර් එක යොදා, අන්තිම මොහොතේ සිරියානු රජය අතහැර පසු බසිනු ඇතැයි සිතිය හැක...

[QUOTE="Islander, post: 15563491, member: 487066"] [SIZE="5"][B]ඉස්සුවෙ බුකියෙන්. Damith Kethaka තමයි ලියලා තියෙන්නෙ. මේ thread එකට වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මා.[/B][/SIZE] සිරියාව සම්බන්ධයෙන් රුසියානු නායක ව්ලැඩිමිර් පුටින් සහ ඇමරිකානු නායක බැරැක් ඔබාමා අතර ශාන්ත පීටර්ස්බර්ග් නුවර කොන්ස්තන්තින් මන්දිරයේදී මේ මොහොතේ වැදගත් සාකච්ඡා මාලාවක් ඇරඹෙමින් පවතී... මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය බොහෝ විට සිරියාවේ අනාගතය තීරණය කරනු ලබන බව විචාරක මතයයි... තත්වය එසේ තිබියදී මෙම සාකච්ඡාවෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය කුමක්දැයි අප විසින් විශ්ලේෂණය කළ යුතුව ඇත... එම විශ්ලේෂණය භූමියේ යථාර්තයට මුහුණ දී කළ යුතු අතර, හැඟීම් වලට ප්‍රමුඛස්ථානය දීමෙන් තොර විය යුතු බව අපගේ මතයයි... මෙනිසා මෙයින් පසු කුමක් සිදුවේදැයි අනුමානයක් ඔබට සැපයීමට මා බලාපොරොත්තු වෙමි... රුසියාවට අසාද් පාලනය පවත්වා ගැනීම වැදගත් වන්නේ ඇයි... ? මෙම ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර, මහපොළවේ ඇති කඨුක යථාර්තය ගැන සරලව පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත... සිරියාවට ඇමරිකා එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වේ යැයි මොහොතකට අප සිතමු... මෙහිදී අසාද් රජය රැක ගැනීමට රුසියාවට බෙහෙවින්ම අවශ්‍යය.. එය එසේ වන්නේ පහත ප්‍රධාන කාරණා පහ සහ වෙනත් කරුණු නිසාය, 1. රුසියානු නාවික හමුදාව සතු විශාලතම "දේශයෙන් පිට නාවික හමුදා කඳවුර" වන "ටාෂස්" නාවික වරාය පිහිටා ඇත්තේ සිරියාවේ වීම... සහ ශීතල යුද සමයේ සිට මෙතෙක් කල් මධ්‍යධරණී මුහුදේ රුසියානු බලය පවත්වා ගැනීමට එම කඳවුර අතිශයින්ම ඉවහල් වීම 2. දැවැන්ත නළ මාර්ග 14 ක් මගින් සිරියාවේ තෙල් නිෂ්පාදනයේ ප්‍රවාහන අයිතිය රුසියාවේ ගැස්ප්‍රොම් නම් දැවැන්ත ඛණිජ තෙල් සහ ජීව වායු සමාගමට පැවරී තිබීම.. 3. අසාද් රජය පැවති කාලය තුල සිරියාව රුසියානු ෆෙඩරේෂනයේ තුන්වැනි විශාලතම අවි ගැණුම් කරුවා ලෙස වසරකට ඩොලර් බිලියන 66 ක ආයුධ පද්ධති රුසියාවෙන් මිළයට ගැනීම... 4. ඉරානය කරා යන ස්ථාන මාර්ගික වටිනා කමකින් යුත් සිරියාවේ රුසියා හිතවාදී පාලනය ආරක්ෂා කර ගැනීම අනාගත ජාත්‍යන්තර දේශපාලනික උපක්‍රමයක් ලෙස රුසියාවට ඉරානය රැක ගැනීමේදී බෙහෙවින්ම වටිනා කමකින් යුතු වීම... 5. අවසාන වශයෙන් නැවත ලෝක බල ධ්‍රැවයක් ලෙස ඉස්මතු වීමට පෙරුම් පුරන රුසියාවට සිය "මිත්‍ර රටවල" විශ්වාසය තමන් විසින් සපයනු ලබන ජාත්‍යන්තර ආරක්ෂාව වෙත තැබිය හැකි වන ලෙස රුසියාව ක්‍රියා කළ යුතු වීම... ලෝක බල ධ්‍රැවයන් වන්නට පෙරුම් පුරන රටවලට "අලයිස්ලා" හෙවත් මිත්‍ර රටවල් ඉතාම වැදගත්ය... ඒ රටවල් මේ බල ධ්‍රැවය කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කර ගැනීම බෙහෙවින්ම වැදගත්ය... මේ නිසා යම් හෙයකින් ඇමරිකාව ප්රමුඛ නේටෝ පාර්ශව වලින් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට පහර දුනහොත් ඉහත කරුණු කාරණා නිසා, රුසියාවට එම යුද්ධයට සෘජුව මැදිහත් වීමට තරම් හේතු යෙදේ... නමුත් එසේ කළ හැකිද...?... ප්‍රධානම ගැටළුව ඇත්තේ මෙතනය... ලෝක බලවතුන් වර්ගීකරණයේදී " සුපිරි බලවතුන් (Super Powers ), මහ බලවතුන් ( Great Powers), සහ කළාපීය කුඩා බලවේග ( Regional small powers ) " ලෙස කොටස් තුනකට බෙදේ.. මෙම වර්ගීකරණය ඇරඹුනේ 1955 වසරේදී වන අතර, 1991 තෙක්ම එහි ඉහළම ඛාණ්ඩය වන "සුපිරි බලවතුන්" යන ශ්‍රේණියේ රටවල් දෙකක් විය... ඒ වනාහි ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුවයි... එහෙත් 1991 වසරේදී සෝවියට් සංගමය විසිරී යාමත් සමග රුසියාවට ස්වකීය යුද බල පරාක්‍රමයෙන් 40% එකෙනෙහිම අහිමි විය... ඒ සමගම එරටට තිබුණු "සුපිරි බලවතා" ශ්‍රේණියේ සමාජිකත්වයද අහිමි වි ගියේය... මේ අනුව 1991 සිට මේ දක්වා ලෝකයට "සුපිරි බලවත්" ශ්‍රේණියේ ඉතිරිව සිටින්නේ එකම එක රටක් පමණි... ඒ ඇමරිකා එක්සත් ජනපදයයි... සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමත් සමග නිදහස ලැබූ සෝවියට් රාජ්‍යයන් වල නවතා තිබුණු න්‍යෂ්ඨික අවි, මිසයිල්, සන්නද්ධ රථ, යුද නෞකා, සබ්මැරීන ආදී සියල්ල, ඒ, ඒ අලුතින් නිදහස ලැබූ රාජ්‍යයට හිමි වීම නිසාය... රුසියාවට ඉතිරි වූයේ එදා සුපිරි බලවේගයක් වූ සෝවියට් රතු හමුදා ශක්තියෙන් 60% පමණි... අනතුරුව 1991-2000 කාළ වකවානුව තුල රුසියාව මුහුණ පෑ උද්ධමනය, උඝ්ර මුදල් හිඟය, අස්ථාවර බව, චෙච්නියානු අර්බුදය, මොස්කව් අගනුවර ත්‍රස්ත ප්‍රහාර, සාගතය යනාදි බොහෝ කරුණු කාරණා නිසා, ඒ ඉතිරි වූ මිලිටරි බලයත් පිරිහී ගොස්, යාවත් කාළීන කර ගත නොහැකිව ඉතා අසරණ අඩියකට වැටුණු අතර, බොරිස් යෙල්ට්සින් පාලනය 2000 වසරේදී අවසන් වන විට 1975 දි කෝටිය ඉක්මවූ යෝධ රතු හමුදාවේ ශේෂය වූ රුසියානු හමුදාවට පඩි ගෙවා ගත හැකිව ඉතිරිව සිටියේ සෙබළු ලක්ෂ දෙකක් පමණි... 2000 වසරේදි ව්ලැඩ්මිර් පුටින් බලයට පැමිණ චෙච්නියාවේ ත්‍රස්තවාදය වනසා, සයිබීරියාවේ යෝධ ජීව වායු නිධි සහ ඛණිජ සම්පත් වලට ස්ථාවර මිළක් ලබාගෙන රුසියාව යළි කෙලින් සිටුවූයේය.. ව්ලැඩ්මිර් පුටින් සහ දිමිත්‍රි මෙද්වෙදෙව් යන නායකයන්ගේ මෙහෙයවීම ලද රුසියානු ජාතික පක්ෂයේ පසුගිය 13 වසරක පාලනය තුල රුසියාව යලි ආර්ථික බලවතෙකු කොට, යුදමය වශයෙන් කෙළින් කරවන ලදී.. දැන් 2000 වසරේ පැවති තරම් අසරණ තැනක රුසියාව නැති අතර, යළිත් අනාගතයේ මිලිටරි සුපිරි බලවතෙකු වීමේ සිහින දකිමින් ඉදිරි ගමනක යෙදේ... මේ කරුණු සැකවින් සිතා ගෙන පහත කොටස දෙස බලන්න... මේ මොහොත වන විටත් රුසියාව සතු න්‍යෂ්ඨික අවි ගබඩාව ඇමරිකා එක්සත් ජනපදයට වඩා විශාලය... මේ මොහොතේ ඇමරිකාව සතුව සජීවි න්‍යෂ්ඨික යුද ශීර්ෂ 6600 ක් සක්‍රීයව තබා තිබෙන අතර, රුසියාව සතුව ඇති ශීර්ෂ සංඛ්‍යාව 9700 කට අධිකය... එමෙන්ම ජෛව සහ රසායනික අවි ගණනය කළ නොහැකි තරම් විශාල ගබඩාවක් රුසියාවට තිබේ... එහෙත් 1945 න් පසුව යුද්දය ප්‍රධාන ශ්‍රේණි දෙකකි.. එනම් Nuclear War and Conventional Warfare " යන ශ්‍රේණි දෙකයි... මෙහිදී න්‍යෂ්ඨික යුද ශ්‍රේණියක යුද්දයක් සිරියාව වැනි රටක් නිසා ඇමරිකාව සහ රුසියාව ඇති කර ගනිතැයි සිතීම දුෂ්කරය... ඔවුන් එතරම් මෝඩයන් නොවේ... එවැනි යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති අතර, රුසියාව ඇමරිකාව මතු නොව මුලු මානව සංහතියම යළි හැරවිය නොහැකි විනාශයකට මුහුණ පානු ඇත... එසේ නම් සිරියාව නිසා මේ බලවතුන් දෙදෙනා යුද්දයකට යම් හෙයකින් යතොත්, සිදුවිය හැක්කේ Conventional හෙවත් සාමාන්‍ය අවි ආයුධ සහ උපක්‍රම යොදාගෙන කරන යුද්දයකි... මතක තබා ගන්න.. රුසියාව නැවත නැගිටිමින් පැවතුනත්, තවමත් "සුපිරි බලවතා" ශ්‍රේණියට රුසියාව දැමීමේ හැකියාවක් නැත... තවමත් 1991 සිට ලොව සිටින එකම සුපිරි බලවතා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය පමණි... 1991 - 2000 ලෙස රුසියාව දරුණු ලෙස අඩපණ වී පසුබා පැවති වසර දහයක කාළයක් තුල Technology, Military research, recruitment, training, Military Budget ආදී අංශ රැසකින් ඇමරිකා එක්සත් ජනපදය බෙහෙවින්ම ඉදිරියට පැමිණියේය.. නිරවි යුද්දයේ අවි තරඟයෙන් පසුව ඒ පසු බෑ අවුරුදු දහයේදී සිදුවූ පාඩුව පියවා ගෙන තවමත් Conventional Weapons පැත්තෙන් ඇමරිකාව සමග කරට කර සිට ගැනීමට රුසියාවට නොහැකිය... අන්න ඒ බව රුසියානු නායකයෝ දනිති... තවමත් න්‍යෂ්ඨික අවි සහ රසායනික අවි පසෙක තබා කරන මුහුණට මුහුණ ලා යුද්දයකදී ඇමරිකාවට තදින් පහර දිය හැකි වුවත් , එවැනි යුද්දයක් ජයග්‍රහණය තෙක් ගෙන යාමට රුසියාවට හැකියාව නොමැත... එවැනි සාමාන්‍ය යුද්දයකදී වැඩි ඉඩකඩ ඇත්තේ ඇමරිකාව ප්රමුඛ මිත්‍ර බලවේග වලට ජය අත්වීමටය... ( මෙය විග්රහ කරනවා නම් අවම වශයෙන් වචන 10,000 කට වඩා දිගු සටහනක් හෝ පැය හතරක පමණ දේශනයක් අවශ්ය්ය... මේ ෆේස්බුක් ස්ටේටස් පඩංගු වලින් මෙවැනි දැවැන්ත මාතෘකා නිසි අයුරින් විග්රහ කල නොහැක.. ඉතාම කෙටියෙන් කියමි... ) ඇමරිකාවත් ඒ බව දනියි... දිගින් දිගටම ඇමරිකාව සිරියාවට පහර දීමට පුෂ් කරන්නේ ඒ නිසාය... හෙඩ් ටු හෙඩ් කවුන්ට් එකේදී වැඩි වාසිය බෙහෙවින්ම ඇත්තේ එකම සුපිරි බලවතාටය... මේ නිසා ඇමරිකාව ග්‍රවුන්ඩ්ස් ටෙස්ට් කරමින් දිගටම මිලිටරි ස්ට්‍රයික් එකකට පුෂ් කරනු ඇති අතර, රුසියාව හැකි තාක් ප්‍රෙෂර් එක යොදා, අන්තිම මොහොතේ සිරියානු රජය අතහැර පසු බසිනු ඇතැයි සිතිය හැක... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom