මින්පසු බේබද්දන්ට තමන්ගේ රෝහල් බිල් ගෙවීම්ට සිදුවනු ඇත. – මෛත්‍රිපාල සිරිසේන, සෞඛ්‍ය ඇමැති
අනේ සුනිල් මාධව අයියේ,
මොන හෙණ ගෙඩියක්ද මේ?
විප්ලවවාදී ආණ්ඩුව, විභූති මල්ලියාගේ
ගැහුවා නේද, උඹේම බඩටත්?
සත්යවාදියාය කියලවත් බැලුවෙ නෑ!
දැන් ඉතිං පලයංකො ඉස්පිටිතාලෙ, හදිස්සියකටවත්!
විකිණෙන වැඩනෙ!
කියුබාවෙ නං එහෙම නෑ නේද බං?
ආන්න සැබෑ විප්ලවවාදී ආණ්ඩු!
සුනන්ද මහේන්ද්‍ර මහැදුරු තුමෝ, අසන්ට!
මිරිහානෙ බාර් එකට සෙට් වෙන සියල්ලන්ටම කියන්ට,
ඡන්දෙට පත්තර දැන්වීම් අස්සන් කොළාට ඵල නැත.
කඩේ ගියා කියා විශේෂ සැලකිලි නැත.
සංවේදී නායකයා – ඔන්න ඇනලා අක්මාවටම!
සිරෝසිස් හදා ගන්නව නං නෙවයි ඕං,
විහිළුවටවත්!
අනේ බුදු මහින්ද අබේසුන්දර තුමනි!
බාගයක් දාල හමාරයි නේද හවසට?
කරපු විපරම් මෙපමණ කල් භක්තියෙන්,
ගඟට කැපූ ඉණි වගෙයි
බන්දුල පද්මකුමාරගෙන්වත්,
අතමාරුවක් ඉල්ලා තියා ගන්ට
හදිසියේවත් ඉස්පිටිතාලෙකට යන්ට හෙම උනොත්
දෙයියන්ගෙම පිහිටයි ඉතින්!
ගුණදාස කපුගේ ගායකයාණනි,
ඔහේ නම් එලොව ගිය එකමයි හොඳ!
නැත්නම් තව සන්ෆ්ලවර් කැසට් එකක් ගහන්ට වෙනවා
ඉස්පිටිතාලෙ බිල ගෙවන්ට!
උන්මාද සිතුවමක් හෙම නෙවෙයි මේ!
රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්
රෝහල් බිල් ගෙවමු ඉතින්!
අනේ සුනිල් මාධව අයියේ,
මොන හෙණ ගෙඩියක්ද මේ?
විප්ලවවාදී ආණ්ඩුව, විභූති මල්ලියාගේ
ගැහුවා නේද, උඹේම බඩටත්?
සත්යවාදියාය කියලවත් බැලුවෙ නෑ!
දැන් ඉතිං පලයංකො ඉස්පිටිතාලෙ, හදිස්සියකටවත්!
විකිණෙන වැඩනෙ!
කියුබාවෙ නං එහෙම නෑ නේද බං?
ආන්න සැබෑ විප්ලවවාදී ආණ්ඩු!
සුනන්ද මහේන්ද්‍ර මහැදුරු තුමෝ, අසන්ට!
මිරිහානෙ බාර් එකට සෙට් වෙන සියල්ලන්ටම කියන්ට,
ඡන්දෙට පත්තර දැන්වීම් අස්සන් කොළාට ඵල නැත.
කඩේ ගියා කියා විශේෂ සැලකිලි නැත.
සංවේදී නායකයා – ඔන්න ඇනලා අක්මාවටම!
සිරෝසිස් හදා ගන්නව නං නෙවයි ඕං,
විහිළුවටවත්!
අනේ බුදු මහින්ද අබේසුන්දර තුමනි!
බාගයක් දාල හමාරයි නේද හවසට?
කරපු විපරම් මෙපමණ කල් භක්තියෙන්,
ගඟට කැපූ ඉණි වගෙයි
බන්දුල පද්මකුමාරගෙන්වත්,
අතමාරුවක් ඉල්ලා තියා ගන්ට
හදිසියේවත් ඉස්පිටිතාලෙකට යන්ට හෙම උනොත්
දෙයියන්ගෙම පිහිටයි ඉතින්!
ගුණදාස කපුගේ ගායකයාණනි,
ඔහේ නම් එලොව ගිය එකමයි හොඳ!
නැත්නම් තව සන්ෆ්ලවර් කැසට් එකක් ගහන්ට වෙනවා
ඉස්පිටිතාලෙ බිල ගෙවන්ට!
උන්මාද සිතුවමක් හෙම නෙවෙයි මේ!
රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්
රෝහල් බිල් ගෙවමු ඉතින්!