Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝසක රහතන් වහන්සේගේ කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ.

ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ මිනිසුන් ඉන්න ගම්මානෙක, ලැබීමේ පිනෙන් ගොඩාක් දුර්වල දරුවෙක් උපන්නා. ඒ දරුවා පිළිසඳ ගත්තු දවසේ මේ පවුල් දහසකින් යුතු මුළු කෙවුල් ගම්මානෙට ම එකම මාළුවෙක්වත් අල්ලගන්ට බැරි වුණා. දරුවා මව්කුසේ වැඩෙද්දී ඒ ගමේ ගෙවල් සත් වතාවක් ගිනිගත්තා. රජ්ජුරුවන්ගෙනුත් හත් වතාවක් දඩ කෑවා. ක්‍රමයෙන් මුළු කෙවුල් ගම්මානය ම දුකට පත්වෙලා අසරණ වෙලා ගියා. මාළු අල්ලන ගම් ප්‍රධානීන් මේ ගැන සාකච්ඡා කළා.

“මේක හරි පුදුම දෙයක් නොවැ… එන්න එන්නම අපි නැත්තටම නැති වුණා…. මෙතෙක් කාලෙකට මෙහෙම විපැත්තියක් වුණේ නෑ…! මොකෙක් හරි කාලකන්නියෙක් මේ ගම්මානේ ඉපදිලාවත් ද…? අපි ගමේ ගෙවල් පන්සීය බැගින් දෙකට බෙදමු. එතකොට සොයාගන්ට ඇහැක් වේවි….!” කියලා ක්‍රමක්‍රමයෙන් ගෙවල් බෙද බෙදා ගියා. අර දරුවා පිළිසිඳගත් ගෙය ඉතිරි වුණා. අනිත් පවුල් ක්‍රමයෙන් දියුණු වුණා. එතකොට ගම්මු එකතුවෙලා ඒ පවුල ම ගමෙන් පැන්නුවා!

අර අම්මා ඉතා ම දුක සේ බඩකුත් උස්සාගෙන ජීවත් වුණා. පුතෙක් බිහි කළා. මේ ඒ දරුවාගේ සසර ගමනේ අවසන් ආත්මයයි. උතුම් රහත් ඵලයට පත්වීමේ වාසනාව කළයක් ඇතුළේ දැල්වෙන පහනක් වගේ තමන්ගේ සිතේ බැබළි බැබළී තිබුණා. ඒ අම්මා ඉතා ම දුක සේ මේ දරුවා පෝෂණය කළා. මේ දරුවාට ඇවිද යන්ට පුළුවන් වුණාට පස්සේ කබලක් අතට දුන්නා.

“පුතේ… ආන්න අර පේන ගෙදරට ගොහින් මොකවත් ඉල්ලාගෙන කාපන්…” කියලා දරුවා පිටත් කළා. අම්මා ළමයා දාලා පැනලා ගියා. එදා පටන් මේ දරුවා තනි වුණා. හරි හමන් කෑමක් බීමක් නෑමක් නිදීමක් මොකවත් නෑ. පාංශුපිශාචයෙක් වගේ ඉතාමත් දුක සේ ජීවත් වුණා. ගෙවල්වල වළං පිඟන් සෝදා වීසි කරන ඉඳුල් කන කපුටෙක් වගේ බත් ඇට ඇහිඳගෙන කකා අනුක්රමයෙන් දරුවා සත් හැවිරිදි වුණා.

දවසක් අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ සැවැත්නුවර පිඬු සිඟා වඩිද්දී මහා දුක්ඛිත ජීවිතයක් ගෙවන මේ දරුවා දකින්ට ලැබුණා. “දරුවෝ මෙහෙ එන්න….” කියලා මේ දරුවට කතා කළා. එතකොට මොහු ගිහින් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.

“දරුවෝ…. ඔයා කොයි ගමේ කෙනෙක් ද…? ඔයාගේ අම්මා තාත්තා කවුද….?”

“ස්වාමීනී…. මං නිසා අපේ අම්මටයි තාත්තටයි හරී කරදරයිලු…! ඉතින් එයාලා මාව දාලා ගියා….”

“දරුවෝ…. ඔයා මං වගේ පැවිදි වෙන්න කැමති ද…?”

“අනේ ස්වාමීනී…. මං වගේ කෙනෙක් මහණ කරන්නේ කවුද…?”

“ඇයි මම ඉන්නේ….? මම මහණ කරන්නම්…”

එතකොට ඒ දරුවා කැමති වුණා. සාරිපුත්තයන් වහන්සේ මේ දරුවා විහාරයට කැඳවාගෙන ගියා. සිය අතින් ම පිරිසිදු කොට වතුර නෑව්වා. කෑම බීම දුන්නා. පැවිදි කළා. විසි වයස වෙද්දි උපසම්පදාත් කළා. මේ අල්පලාභී භික්ෂුව වයසට යද්දී ‘ලෝසකතිස්ස තෙරණුවෝ’ කියලා ප්‍රසිද්ධ වුණා. සිව්පසය ලබන්ට පිනක් නැති තරම්. කොසොල් රජ්ජුරුවන්ගේ අසදෘශ මහා දානෙදිවත් කුසගිනි නැතිවෙන්ට තරම් ආහාරයක් ලැබුණේ නෑ! පිඬු සිඟා ගිහින් යාන්තම් පිරිමැහෙන්ට කැඳ ස්වල්පයක් ලැබෙනවා. මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය ආහාරවලින් පිරී තියෙනවා වගෙයි. මේ ලෝසක තෙරුන් උත්සාහයෙන් ධර්මයේ හැසිරුනා. උතුම් රහත් ඵලය සාක්ෂාත් කළා. තමන්ගේ ආයුෂ අවසන් වෙලා ක්‍රමයෙන් පිරිනිවන් පානා දවස පැමිණුනා.

එදා ලෝසක තෙරුන් පිරිනිවන් පානා බව අපගේ සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා.

“අහෝ! අද අපේ ලෝසක පිරිනිවන් පානවා…. අදවත් ඔහුට කුස පිරෙන්ට ආහාරයක් දෙන්ට වටිනවා…” කියලා එදා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් සමඟ පිඬු සිඟා වැඩියා. එදා සාරිපුත්තයන් වහන්සේට දානෙ තබා දෑත් දිගු කොට වන්දනා කරන්ටවත් සැවැත්නුවර කවුරුවත් ආවෙ නෑ. හැමෝම නොදැක්කා වගේ ගියා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන්ට විහාරයට ගොස් දාන ශාලාවේ වාඩිවෙලා ඉන්ට කිව්වා. තමන් වහන්සේ තනිවම වැඩිය ගමන් පිණ්ඩපාතෙ ලැබුණා. එතකොට සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ දානෙ වේල කෙනෙකු අත ලෝසක තෙරුන්ට දෙන්ට කියලා පිටත් කෙරෙව්වා. ඒක අතරමග දී ඔහු අනුභව කළා!

අපගේ සාරිපුත්තයන් වහන්සේ දන් වළඳා විහාරයට වැඩියා. ලෝසක තෙරුන් තවමත් දන්හලේ වැඩඉන්නවා. එතකොට ලෝසක තෙරුන් ඉක්මනට ඇවිත් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.

“ඇවැත්නි…. දානෙ වැළඳුවා නේ ද?”

“ස්වාමීනී…. ඒ අපට ලැබුණොත්නෙ…” කිව්වා.

එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා. අයියෝ! කාලය ඉක්ම ගිහින්… “කමක් නෑ ඇවැත්නි… ඔහොම ම ශාලාවේ ඉන්ට” කියලා කෙළින් ම කොසොල් රජ්ජුරුවන්ගේ මාළිගාවට වැඩියා. රජ්ජුරුවෝ මහත් සතුටට පත්ව සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය පුරවා චතුමධුර පූජා කළා.

සාරිපුත්තයන් වහන්සේ පාත්‍රය ඇතිව නැවත වැඩියා.

“තිස්ස… හරි… දැන් මේ චතුමධුර වළඳන්ට” කියා පාත්‍රය අතැතිව සිටගත්තා. තම ආචාර්යපාදයන් කෙරෙහි මහත් ගෞරවයෙන් ලෝසක තෙරුන් ලැජ්ජාවෙන් යුක්ත වුණා. වැළඳුවේ නෑ.

“නෑ තිස්ස…. මං මේ පාත්‍රය අතේ තියාගෙන මෙහෙම ඉන්නම්. ඔබ මෙතන වාඩිවෙලා මේ පාත්‍රයෙන් ගෙන වළඳන්ට. මං බැරිවෙලාවත් පාත්‍රය වෙන තැනකින් තිබ්බොත් කිසිවක් ඉතිරිවෙන එකක් නැහැ.”

එතකොට ලෝසක තෙරුන් ගුරුබසට අවනත වුණා. සෙමෙන් සෙමෙන් චතුමධුර වළඳන්ට පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේගේ ඉර්ධිබලය නිසා චතුමධුර අතුරුදහන් වුණේ නෑ. එදා ලෝසකතිස්ස තෙරණුවෝ කුස පිරෙන තාක් වැළඳුවා. එදා ම පිරිනිවන් පෑවා.

සියලු භික්ෂූන් වහන්සේලාට මෙය මහත් සංවේගදායක සිද්ධියක් වුණා. දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ලෝසකතිස්ස තෙරුන්ගේ අවාසනාවත්, අරහත් වෙන්ට ඇති වාසනාවත් ගැන කතාබස් කරමින් සිටියා. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාළා.

“මහණෙනි, ලෝසක පෙර ආත්මෙක රහත් භික්ෂුවකගේ ලාභයට අනතුරු කළා…. ඒ නිසා ලැබීම නැති වුණා. නමුත් ඒ ආත්මේ හොඳින් විදර්ශනාව පුරුදු කළා. ඒ නිසයි නිකෙලෙස් වන අයුරින් ප්‍රඥාව දියුණු ව තිබුණේ.”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ලෝසක තෙරුන්ගේ පෙර ආත්මයේ කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

පින්වත් මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන්ගේ කාලයේ ඒ සසුනේ පැවිදි වූ භික්ෂුවක් එක්තරා ගමක වාසය කළා. ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට කුටියක් කරවා දුන්නා. මොහුත් සිල්වත්ව විදර්ශනා භාවනාව පුරුදු කරමින් වාසය කළා. දවසක් එක රහත් තෙරනමක් එක් තැනක දිගට ම නොවසන නිසා අනුපිළිවෙළින් ඇවිත් අර ගම් ප්‍රධානියා ඉන්න ගමට පැමිණියා. තෙරුන් වහන්සේගේ ශාන්ත ඉරියව් දුටු ගම් ප්‍රධානියා බලවත් සේ පැහැදුනා. තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කළා.

“ස්වාමීනී… අපෙත් විහාරයක් තියෙනවා. එහෙ වඩින්ට. මං හවස් යාමයේ ඔබවහන්සේව බලන්ට එන්නම්…”

එතකොට තෙරුන් වහන්සේ ඒ විහාරයට වැඩම කොට එහි නේවාසික ව සිටි වැඩිමහලු තෙරුන්ට වන්දනා කළා.

“ආ… ඇවැත්නි… දානෙ කොහොමද අද…?”

“දානෙ වැළඳුවා ඇවැත්නි…”

“ඒ කොහෙන් ද…?”

“ඔබවහන්සේගේ මේ ගමේ ගම් ප්‍රධානියාගේ නිවසේ දී…”

නේවාසික තෙරුන් මේ ආගන්තුක තෙරුන්ට කුටියක් පිළියෙල කොට දුන්නා. ගම් ප්‍රධානියා හවස් වරුවේ සුවඳ මල්, තෙල් ආදිය ගෙන්වාගෙන තමන්ගේ විහාරයට ගියා. නේවාසික තෙරුන්ට වන්දනා කළා.

“ස්වාමීනී… එක් ආගන්තුක තෙරනමක් වැඩියා නේ ද?”

“එසේය උපාසක…”

“උන්නාන්සේ කොහේද ඉන්නේ…?”

“ආන්න අතන අර කුටියේ…”

එතකොට ඒ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් බැහැදැක වන්දනා කොට එකත්පස්ව වාඩිවෙලා බණ ටිකකුත් ඇසුවා. පහුවදා දානෙට තම නිවසට වඩින්ට කියලා දෙනමටම ආරාධනා කළා. නේවාසික තෙරුන් මෙහෙම හිතුවා.

‘අපේ දායක උන්නැහේ මං ගැන අපැහැදිලාවත් ද…? මේ ආගන්තුක භික්ෂුව දිගට ම නැවතුනොත් මාව ගණන් නොගෙනම ඉඳීවි.’ කියලා තෙරුන් කෙරෙහි අමනාප වුණා. තෙරුන් වහන්සේට එතැනින් යන්ට කටයුතු සදන්ට ඕනෑ කියලා සිතා ගත්තා.

එදා ආගන්තුක තෙරුන් නේවාසික තෙරුන්ට වත් කළා. නමුත් වචනයක් කතා කළේ නෑ. තෙරුන් වහන්සේට මේ භික්ෂුව තමන් ඉන්නවාට අකමැති බව තේරුනා. එතකොට තෙරණුවෝ නිශ්ශබ්දව තමන්ගේ භාවනා කටයුතුවල යෙදුනා. පසුවදා නේවාසික භික්ෂුව සිය නියපිටින් ගෙඩියට තට්ටු කළා. නියපිටින් දොරට තට්ටු කළා. තමන් සිවුර පොරවාගෙන දායකයාගේ නිවසට ගියා.

“අනේ ස්වාමීනී…. අපේ ආගන්තුක තෙරුන් වැඩියේ නැත්තේ ඇයි…?”

“ඔබේ කුළුපග තෙරුන් ගැන විස්තර කියන්ට මං දන්නෙ නෑ. මං ගෙඩියත් ගැහුවා. දොරටත් තට්ටු කළා. කෝ… අවදි වුණේ නෑනේ… මං හිතන්නේ ඊයේ ඔබගේ නිවසේ ප්‍රණීත දානය වළඳා දිරවා ගන්ට බැරිව නින්දට වැටෙන්ට ඇති! බලන්ට… ඔබ පැහැදුනොත් පහදින්නේ ඔය වගේ අය ගැන නොවැ…”

ඔය අතරේ ආගන්තුක තෙරණුවෝ දානය වඩින්ට වෙලාව සලකා පාසිවුරු ගෙන අහසින් ම වෙනත් පළාතකට වැඩියා. එදා දායක පින්වතා ගිතෙල් මී සකුරු ආදියෙන් යුතු ප්‍රණීත කිරිබතින් නේවාසික භික්ෂුවට දානෙ පූජා කළා.

“අනේ ස්වාමීනී…. අපගේ ආගන්තුක තෙරුන්ට ගමන් වෙහෙස ඇති. ඒකයි සැතපෙන්ට ඇත්තේ. උන්වහන්සේට මේක දෙන්ට” කියලා ඉතා හොඳින් සුවඳවත් පසුම්බියක දාලා දානය සකසා නේවාසික තෙරුන්ගේ අතට දුන්නා. මොකවත් නොකියා තෙරුන් එය ගත්තා. අරගෙන යන ගමන් කල්පනා කළා. ‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට මතුවෙනවා. බිමක දාන්ටත් බෑ. කපුටො වටවෙනවා. එතකොට දැනගන්නවා. මං මේකට මොකදෑ කරන්නේ…?’ කියලා සිත සිතා යද්දී කුඹුරක ඇවිළෙන ගින්නක් දැක්කා. එතනට ගිහින් ඒ ගින්නේ අඟුරු මෑත් කරලා එතනට අත්හැරියා. ආයෙමත් අඟුරුවලින් වැහුවා. විහාරයට ගියා. ආගන්තුක භික්ෂුව ඉන්නවා ද කියලා බැලුවා. ඒ තෙරුන් වැඩලා. එතකොටයි නේවාසික භික්ෂුවට සිහි උපන්නේ. ‘අයියෝ! ඒ රහතන් වහන්සේනමක් නොවැ. මගේ අදහස් දැනගෙන වැඩලා වගේ… ආහාරයක් නිසයි මගේ අතින් උන්වහන්සේට මේ වැරැද්ද වුණේ…’ කියලා සිත් තැවුලක් හටගත්තා. එදා සිට ඒ භික්ෂුව අසනීප වුණා. ටික දවසකින් මිය ගිහින් නිරයේ උපන්නා.

[QUOTE="asliyanage, post: 25892556, member: 8764"] පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් කෙනෙකුට යමක් ලැබෙන්ට තියෙනවා නම් කවදාවත් ඒකට අකුල් හෙලන්ට හොඳ නෑ. වළක්වන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කොට එය නැති කර දාපු හේතුවෙන් සසරේ බොහෝ කලක් දුක් වින්ද ඉතා ම ශෝචනීය කථාවක් දැන් ඉගෙන ගන්නේ. ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ. ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ මිනිසුන් ඉන්න ගම්මානෙක, ලැබීමේ පිනෙන් ගොඩාක් දුර්වල දරුවෙක් උපන්නා. ඒ දරුවා පිළිසඳ ගත්තු දවසේ මේ පවුල් දහසකින් යුතු මුළු කෙවුල් ගම්මානෙට ම එකම මාළුවෙක්වත් අල්ලගන්ට බැරි වුණා. දරුවා මව්කුසේ වැඩෙද්දී ඒ ගමේ ගෙවල් සත් වතාවක් ගිනිගත්තා. රජ්ජුරුවන්ගෙනුත් හත් වතාවක් දඩ කෑවා. ක්‍රමයෙන් මුළු කෙවුල් ගම්මානය ම දුකට පත්වෙලා අසරණ වෙලා ගියා. මාළු අල්ලන ගම් ප්‍රධානීන් මේ ගැන සාකච්ඡා කළා. “මේක හරි පුදුම දෙයක් නොවැ… එන්න එන්නම අපි නැත්තටම නැති වුණා…. මෙතෙක් කාලෙකට මෙහෙම විපැත්තියක් වුණේ නෑ…! මොකෙක් හරි කාලකන්නියෙක් මේ ගම්මානේ ඉපදිලාවත් ද…? අපි ගමේ ගෙවල් පන්සීය බැගින් දෙකට බෙදමු. එතකොට සොයාගන්ට ඇහැක් වේවි….!” කියලා ක්‍රමක්‍රමයෙන් ගෙවල් බෙද බෙදා ගියා. අර දරුවා පිළිසිඳගත් ගෙය ඉතිරි වුණා. අනිත් පවුල් ක්‍රමයෙන් දියුණු වුණා. එතකොට ගම්මු එකතුවෙලා ඒ පවුල ම ගමෙන් පැන්නුවා! අර අම්මා ඉතා ම දුක සේ බඩකුත් උස්සාගෙන ජීවත් වුණා. පුතෙක් බිහි කළා. මේ ඒ දරුවාගේ සසර ගමනේ අවසන් ආත්මයයි. උතුම් රහත් ඵලයට පත්වීමේ වාසනාව කළයක් ඇතුළේ දැල්වෙන පහනක් වගේ තමන්ගේ සිතේ බැබළි බැබළී තිබුණා. ඒ අම්මා ඉතා ම දුක සේ මේ දරුවා පෝෂණය කළා. මේ දරුවාට ඇවිද යන්ට පුළුවන් වුණාට පස්සේ කබලක් අතට දුන්නා. “පුතේ… ආන්න අර පේන ගෙදරට ගොහින් මොකවත් ඉල්ලාගෙන කාපන්…” කියලා දරුවා පිටත් කළා. අම්මා ළමයා දාලා පැනලා ගියා. එදා පටන් මේ දරුවා තනි වුණා. හරි හමන් කෑමක් බීමක් නෑමක් නිදීමක් මොකවත් නෑ. පාංශුපිශාචයෙක් වගේ ඉතාමත් දුක සේ ජීවත් වුණා. ගෙවල්වල වළං පිඟන් සෝදා වීසි කරන ඉඳුල් කන කපුටෙක් වගේ බත් ඇට ඇහිඳගෙන කකා අනුක්රමයෙන් දරුවා සත් හැවිරිදි වුණා. දවසක් අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ සැවැත්නුවර පිඬු සිඟා වඩිද්දී මහා දුක්ඛිත ජීවිතයක් ගෙවන මේ දරුවා දකින්ට ලැබුණා. “දරුවෝ මෙහෙ එන්න….” කියලා මේ දරුවට කතා කළා. එතකොට මොහු ගිහින් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා. “දරුවෝ…. ඔයා කොයි ගමේ කෙනෙක් ද…? ඔයාගේ අම්මා තාත්තා කවුද….?” “ස්වාමීනී…. මං නිසා අපේ අම්මටයි තාත්තටයි හරී කරදරයිලු…! ඉතින් එයාලා මාව දාලා ගියා….” “දරුවෝ…. ඔයා මං වගේ පැවිදි වෙන්න කැමති ද…?” “අනේ ස්වාමීනී…. මං වගේ කෙනෙක් මහණ කරන්නේ කවුද…?” “ඇයි මම ඉන්නේ….? මම මහණ කරන්නම්…” එතකොට ඒ දරුවා කැමති වුණා. සාරිපුත්තයන් වහන්සේ මේ දරුවා විහාරයට කැඳවාගෙන ගියා. සිය අතින් ම පිරිසිදු කොට වතුර නෑව්වා. කෑම බීම දුන්නා. පැවිදි කළා. විසි වයස වෙද්දි උපසම්පදාත් කළා. මේ අල්පලාභී භික්ෂුව වයසට යද්දී ‘ලෝසකතිස්ස තෙරණුවෝ’ කියලා ප්‍රසිද්ධ වුණා. සිව්පසය ලබන්ට පිනක් නැති තරම්. කොසොල් රජ්ජුරුවන්ගේ අසදෘශ මහා දානෙදිවත් කුසගිනි නැතිවෙන්ට තරම් ආහාරයක් ලැබුණේ නෑ! පිඬු සිඟා ගිහින් යාන්තම් පිරිමැහෙන්ට කැඳ ස්වල්පයක් ලැබෙනවා. මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය ආහාරවලින් පිරී තියෙනවා වගෙයි. මේ ලෝසක තෙරුන් උත්සාහයෙන් ධර්මයේ හැසිරුනා. උතුම් රහත් ඵලය සාක්ෂාත් කළා. තමන්ගේ ආයුෂ අවසන් වෙලා ක්‍රමයෙන් පිරිනිවන් පානා දවස පැමිණුනා. එදා ලෝසක තෙරුන් පිරිනිවන් පානා බව අපගේ සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා. “අහෝ! අද අපේ ලෝසක පිරිනිවන් පානවා…. අදවත් ඔහුට කුස පිරෙන්ට ආහාරයක් දෙන්ට වටිනවා…” කියලා එදා සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන් සමඟ පිඬු සිඟා වැඩියා. එදා සාරිපුත්තයන් වහන්සේට දානෙ තබා දෑත් දිගු කොට වන්දනා කරන්ටවත් සැවැත්නුවර කවුරුවත් ආවෙ නෑ. හැමෝම නොදැක්කා වගේ ගියා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන්ට විහාරයට ගොස් දාන ශාලාවේ වාඩිවෙලා ඉන්ට කිව්වා. තමන් වහන්සේ තනිවම වැඩිය ගමන් පිණ්ඩපාතෙ ලැබුණා. එතකොට සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ දානෙ වේල කෙනෙකු අත ලෝසක තෙරුන්ට දෙන්ට කියලා පිටත් කෙරෙව්වා. ඒක අතරමග දී ඔහු අනුභව කළා! අපගේ සාරිපුත්තයන් වහන්සේ දන් වළඳා විහාරයට වැඩියා. ලෝසක තෙරුන් තවමත් දන්හලේ වැඩඉන්නවා. එතකොට ලෝසක තෙරුන් ඉක්මනට ඇවිත් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා. “ඇවැත්නි…. දානෙ වැළඳුවා නේ ද?” “ස්වාමීනී…. ඒ අපට ලැබුණොත්නෙ…” කිව්වා. එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. ඉක්මනින් පියවර මැනලා කාලය බැලුවා. අයියෝ! කාලය ඉක්ම ගිහින්… “කමක් නෑ ඇවැත්නි… ඔහොම ම ශාලාවේ ඉන්ට” කියලා කෙළින් ම කොසොල් රජ්ජුරුවන්ගේ මාළිගාවට වැඩියා. රජ්ජුරුවෝ මහත් සතුටට පත්ව සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය පුරවා චතුමධුර පූජා කළා. සාරිපුත්තයන් වහන්සේ පාත්‍රය ඇතිව නැවත වැඩියා. “තිස්ස… හරි… දැන් මේ චතුමධුර වළඳන්ට” කියා පාත්‍රය අතැතිව සිටගත්තා. තම ආචාර්යපාදයන් කෙරෙහි මහත් ගෞරවයෙන් ලෝසක තෙරුන් ලැජ්ජාවෙන් යුක්ත වුණා. වැළඳුවේ නෑ. “නෑ තිස්ස…. මං මේ පාත්‍රය අතේ තියාගෙන මෙහෙම ඉන්නම්. ඔබ මෙතන වාඩිවෙලා මේ පාත්‍රයෙන් ගෙන වළඳන්ට. මං බැරිවෙලාවත් පාත්‍රය වෙන තැනකින් තිබ්බොත් කිසිවක් ඉතිරිවෙන එකක් නැහැ.” [IMG]https://mahamevnawa.lk/wp-content/uploads/2019/07/LosakaJathakaya-2.jpg[/IMG] එතකොට ලෝසක තෙරුන් ගුරුබසට අවනත වුණා. සෙමෙන් සෙමෙන් චතුමධුර වළඳන්ට පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේගේ ඉර්ධිබලය නිසා චතුමධුර අතුරුදහන් වුණේ නෑ. එදා ලෝසකතිස්ස තෙරණුවෝ කුස පිරෙන තාක් වැළඳුවා. එදා ම පිරිනිවන් පෑවා. සියලු භික්ෂූන් වහන්සේලාට මෙය මහත් සංවේගදායක සිද්ධියක් වුණා. දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ලෝසකතිස්ස තෙරුන්ගේ අවාසනාවත්, අරහත් වෙන්ට ඇති වාසනාවත් ගැන කතාබස් කරමින් සිටියා. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාළා. “මහණෙනි, ලෝසක පෙර ආත්මෙක රහත් භික්ෂුවකගේ ලාභයට අනතුරු කළා…. ඒ නිසා ලැබීම නැති වුණා. නමුත් ඒ ආත්මේ හොඳින් විදර්ශනාව පුරුදු කළා. ඒ නිසයි නිකෙලෙස් වන අයුරින් ප්‍රඥාව දියුණු ව තිබුණේ.” එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ලෝසක තෙරුන්ගේ පෙර ආත්මයේ කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා. පින්වත් මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන්ගේ කාලයේ ඒ සසුනේ පැවිදි වූ භික්ෂුවක් එක්තරා ගමක වාසය කළා. ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට කුටියක් කරවා දුන්නා. මොහුත් සිල්වත්ව විදර්ශනා භාවනාව පුරුදු කරමින් වාසය කළා. දවසක් එක රහත් තෙරනමක් එක් තැනක දිගට ම නොවසන නිසා අනුපිළිවෙළින් ඇවිත් අර ගම් ප්‍රධානියා ඉන්න ගමට පැමිණියා. තෙරුන් වහන්සේගේ ශාන්ත ඉරියව් දුටු ගම් ප්‍රධානියා බලවත් සේ පැහැදුනා. තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කළා. “ස්වාමීනී… අපෙත් විහාරයක් තියෙනවා. එහෙ වඩින්ට. මං හවස් යාමයේ ඔබවහන්සේව බලන්ට එන්නම්…” එතකොට තෙරුන් වහන්සේ ඒ විහාරයට වැඩම කොට එහි නේවාසික ව සිටි වැඩිමහලු තෙරුන්ට වන්දනා කළා. “ආ… ඇවැත්නි… දානෙ කොහොමද අද…?” “දානෙ වැළඳුවා ඇවැත්නි…” “ඒ කොහෙන් ද…?” “ඔබවහන්සේගේ මේ ගමේ ගම් ප්‍රධානියාගේ නිවසේ දී…” නේවාසික තෙරුන් මේ ආගන්තුක තෙරුන්ට කුටියක් පිළියෙල කොට දුන්නා. ගම් ප්‍රධානියා හවස් වරුවේ සුවඳ මල්, තෙල් ආදිය ගෙන්වාගෙන තමන්ගේ විහාරයට ගියා. නේවාසික තෙරුන්ට වන්දනා කළා. “ස්වාමීනී… එක් ආගන්තුක තෙරනමක් වැඩියා නේ ද?” “එසේය උපාසක…” “උන්නාන්සේ කොහේද ඉන්නේ…?” “ආන්න අතන අර කුටියේ…” එතකොට ඒ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් බැහැදැක වන්දනා කොට එකත්පස්ව වාඩිවෙලා බණ ටිකකුත් ඇසුවා. පහුවදා දානෙට තම නිවසට වඩින්ට කියලා දෙනමටම ආරාධනා කළා. නේවාසික තෙරුන් මෙහෙම හිතුවා. ‘අපේ දායක උන්නැහේ මං ගැන අපැහැදිලාවත් ද…? මේ ආගන්තුක භික්ෂුව දිගට ම නැවතුනොත් මාව ගණන් නොගෙනම ඉඳීවි.’ කියලා තෙරුන් කෙරෙහි අමනාප වුණා. තෙරුන් වහන්සේට එතැනින් යන්ට කටයුතු සදන්ට ඕනෑ කියලා සිතා ගත්තා. එදා ආගන්තුක තෙරුන් නේවාසික තෙරුන්ට වත් කළා. නමුත් වචනයක් කතා කළේ නෑ. තෙරුන් වහන්සේට මේ භික්ෂුව තමන් ඉන්නවාට අකමැති බව තේරුනා. එතකොට තෙරණුවෝ නිශ්ශබ්දව තමන්ගේ භාවනා කටයුතුවල යෙදුනා. පසුවදා නේවාසික භික්ෂුව සිය නියපිටින් ගෙඩියට තට්ටු කළා. නියපිටින් දොරට තට්ටු කළා. තමන් සිවුර පොරවාගෙන දායකයාගේ නිවසට ගියා. “අනේ ස්වාමීනී…. අපේ ආගන්තුක තෙරුන් වැඩියේ නැත්තේ ඇයි…?” “ඔබේ කුළුපග තෙරුන් ගැන විස්තර කියන්ට මං දන්නෙ නෑ. මං ගෙඩියත් ගැහුවා. දොරටත් තට්ටු කළා. කෝ… අවදි වුණේ නෑනේ… මං හිතන්නේ ඊයේ ඔබගේ නිවසේ ප්‍රණීත දානය වළඳා දිරවා ගන්ට බැරිව නින්දට වැටෙන්ට ඇති! බලන්ට… ඔබ පැහැදුනොත් පහදින්නේ ඔය වගේ අය ගැන නොවැ…” ඔය අතරේ ආගන්තුක තෙරණුවෝ දානය වඩින්ට වෙලාව සලකා පාසිවුරු ගෙන අහසින් ම වෙනත් පළාතකට වැඩියා. එදා දායක පින්වතා ගිතෙල් මී සකුරු ආදියෙන් යුතු ප්‍රණීත කිරිබතින් නේවාසික භික්ෂුවට දානෙ පූජා කළා. “අනේ ස්වාමීනී…. අපගේ ආගන්තුක තෙරුන්ට ගමන් වෙහෙස ඇති. ඒකයි සැතපෙන්ට ඇත්තේ. උන්වහන්සේට මේක දෙන්ට” කියලා ඉතා හොඳින් සුවඳවත් පසුම්බියක දාලා දානය සකසා නේවාසික තෙරුන්ගේ අතට දුන්නා. මොකවත් නොකියා තෙරුන් එය ගත්තා. අරගෙන යන ගමන් කල්පනා කළා. ‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට මතුවෙනවා. බිමක දාන්ටත් බෑ. කපුටො වටවෙනවා. එතකොට දැනගන්නවා. මං මේකට මොකදෑ කරන්නේ…?’ කියලා සිත සිතා යද්දී කුඹුරක ඇවිළෙන ගින්නක් දැක්කා. එතනට ගිහින් ඒ ගින්නේ අඟුරු මෑත් කරලා එතනට අත්හැරියා. ආයෙමත් අඟුරුවලින් වැහුවා. විහාරයට ගියා. ආගන්තුක භික්ෂුව ඉන්නවා ද කියලා බැලුවා. ඒ තෙරුන් වැඩලා. එතකොටයි නේවාසික භික්ෂුවට සිහි උපන්නේ. ‘අයියෝ! ඒ රහතන් වහන්සේනමක් නොවැ. මගේ අදහස් දැනගෙන වැඩලා වගේ… ආහාරයක් නිසයි මගේ අතින් උන්වහන්සේට මේ වැරැද්ද වුණේ…’ කියලා සිත් තැවුලක් හටගත්තා. එදා සිට ඒ භික්ෂුව අසනීප වුණා. ටික දවසකින් මිය ගිහින් නිරයේ උපන්නා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom