Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
වංගෙඩිගල කඳවුරු බැදීම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වංගෙඩිගල කඳවුරු බැදීම....

[FONT=&quot]මේ ගමන ගියේ මීට මාස දෙක තුනකට ඉහතදී.දිනේ කිවුවොත් හරියටම අගොස්තු 12-13. මේකත් හරියටම බාලගිරි දෝසේ වගේම එකක් තමයි. මොකද මේ ගමන යන්න ලෑස්ති උනේ මැයි මාසයේ.. මැයි මාසේ මුලින්ම යන්න හිතුවට යන්න උනේ අගෝස්තු මාසේදි..[/FONT][FONT=&quot][FONT=&quot]හිතාගනිල්ලකෝ ගමන ප්ලෑන් කිරිල්ල.[/FONT]ඒකට නම් ගොඩක් හේතු තිබුණා..වැස්ස හා ගමන් සගයන්ගේ හේතුත් ඒකට මුල් උනා.

[/FONT] [FONT=&quot]තැන කොතනද කියලා කිවුවොත් බඹරකන්ද වංගෙඩිගල....යනකල්ම දැනගෙන හිටියේ නෑ මේක මොනවගේ තැනක් ද කියලා වත්..කට්ටිය යමු කිවුව නිසා ගියා ඔන්න ඔහේ....

[/FONT]

[FONT=&quot]මෙන්න ගමන් මාර්ගය....

[/FONT] [FONT=&quot]ගමන යන්න මම නම් ලෑස්ති වුනේ 11 වෙනිදා ඉදලාමයි..පේනවා නේ බෑග් එක...[/FONT]

[FONT=&quot]11 වෙනිදා රෑ 11 ට විතර මම යාළුවෙක්ගේ මාලඹේ තියෙන බෝඩිමකට සෙට් උනා..ගමන පිටත් වෙන්න හිතාගෙන හිටියේ පාන්දර 3ට...බෝඩිමට ගිහින් ටිකක් ඇලවෙන්නම් කියලා හිතා ගත්තත් ඒකට නම් ඉඩක් ලැබුනේම නෑ..පාන්දර 2 ට ගමන යන වෑන් එක එනකල්ම සිංදු කිය කිය හිටියා..

[/FONT] [FONT=&quot]කොහොමින් කොහොම හරි යාළුවෝ ටිකත් එකතු කරගෙන ගමන යන්න පිටත් උනා කියමුකො..ගමනට සහභාගී උනේ දහ දෙනයි..තව දෙන්නෙක් බෙලිහුල්ඔයෙන් සෙට් වෙන්නයි ප්ලෑන් කරන් හිටියේ..[/FONT]

[FONT=&quot]රත්නපුර මහ සමන් දේවාලයට එනකොට උදේ 6ට කිට්ටුයි. සමන් දෙයියන්ගේ ආශිර්වාදයත් සමගින් අපි ගමන ආරම්භ කලා.[/FONT]

[FONT=&quot][FONT=&quot]ඊට පස්සේ අපි උදේ කෑම කන්න නන්ෆෙරියල් වතුයාය මාර්ගයේ ඇති නාන තොටුපලක් වෙත සේන්දු උනා.ඒ ලගින්ම හමුදා කදවුරකුත් තියෙනවා.(ඒක මොන කෑම්ප් එකක් ද කියලා නම් හරියට මතක නැතෝ...)[/FONT]

[FONT=&quot]

[/FONT]

[/FONT]

[FONT=&quot]මාස ගානක් හරියකට කෑමක් කාල නැති උන් වගේ විනාඩි ගානට පාන් රාත්තල් 5ක් ගිල දැමූ අප අවුරුදු ගානක් නාලා නැති උන් වගේ නා කියා ගන්න පටන් ගත්තේ නැතෑ.... කොහොමහරි පැය දෙකක් විතර නා ගත්ත අපි 12 වෙද්දි වංගෙඩිගල නැගීමට පටන් ගත යුතු යැයි තිර අදිටනින් යුතුව දියෙන් ගොඩට ආවෙමු..නැවතත් නන්ෆෙරියල් වතු මාර්ගයෙන් ප්‍රධාන පාරට පිවිසි අපගේ දැන් අරමුණ වන්නේ කෙසේ හෝ කළුවර වැටීමට පෙරාතුව වංගෙඩිගල මුදුනේ කඳවුරු බැදීමය.

[/FONT] [FONT=&quot]ප්‍රධාන මාර්ගයේ පැමිණ කළුපහන හංදියෙන් වමට හරවා දැන් අප ගමන් කරන්නේ තරමක් සීඝ්‍ර නැග්මක් සහිත මාර්ගයක ය. කීප විටක් ම ඉදිරියෙන් පැමිණෙන වාහනයට ඉඩ දී අපගේ වාහනය පසු පසට ගමන් කරවූයේ අපගේ රියදුරු මහතාගේ ඇති පරාර්ථකාමී ගුණය නිසාම ය.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]හදිසියේම වෑන් රථයේ ගමන කුඩා කඩයක් අසල නතර විය.. සිහින් වූත් අලංකාර වූත් බඹරකන්ද ලළනාවිය අප ඉදිරියේ මහත් වූ උජාරුවෙන් ඇයගේ සුදුවන් සළුපට අපට පෙන්වන්නාක් මෙන් සුදුවන් වූ දිය දහරාව පහළට ගලා හැලේ..[/FONT]

[FONT=&quot]බඹරකන්ද දිය ඇල්ල මීටර් 200ක් පමණ දුරින් අපිට දර්ශනය වේ.එහි මනස්කාන්ත බව නම් වචන වලට පෙරලීමට තරම් මා සිංහල භාෂාව පිළිබද හසල දැණුමක් ඇත්තකු නොවන බැවින් ඒ ගැන කිසිවක් නොකියන්නට මම වග බලා ගනිමි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පේනවා නේ අපේ උන්ට මොනවා දැක්කත් පොටෝ කෑල්ලක් නොගහ ඉන්නම බෑ නේ අප්පා....[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අමාරුවෙන් හරි දවල් කෑම ටිකත් ගිල්ල අපි ඊලගට අපේ බෑග් වල ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කලේ නිකන් බොරුවට බර උස්සන් යාම, අපගේ කදු නැගීමේ සීඝ්‍රතාවය පහල බස්සන නිසාවෙනි..[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]හැබැයි කිවයුතුම දෙය වන්නේ කන්දේ ඉහල වැසිකිලි කැසිකිලි පහසු කම් කිසිවක් නොමැති අතර ජලය ලබා ගැනීමට ද ඇත්තේ කුඩා දිය පාරක් පමණි. ඉන් වතුර මෙගා බෝතලයක් පුරවා ගැනීමට හැකි පුද්ගලයෙකු නම් ඔහු ඉතාම හොදින් ඉවසීම පුරුදු කළ අයෙකු විය යුතුම ය. සිරුරේ බර මෙම කඩය අසලින් සැහැල්ලු කර දැමීමට සිදු වන අතර පානීය ජලය ලබා ගත හැකි හොදම ස්ථානයද මෙය වේ.

[/FONT] [FONT=&quot]ගමනට අවශ්‍ය අඩුම කුඩුම මෙන්ම කදවුරු උපකරණ ද එකිනෙකා සමග බෙදා ගනිමින් බෑග් වල හා අතේ තබා ගෙන සියළු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව සමගින් ගමන ආරම්භ කළෙමු.[/FONT]

[FONT=&quot]වාහනය නතර කළ ස්ථානයේ සිට මද දුරක් මාර්ගයේම පහලට පැමිණි අප එතැන් සිට දකුණු පසට විහිදුණු පඩි පෙලක් දිගේ ගමන් ඇරඹුවෙමු.

[/FONT] [FONT=&quot]මෙම මාර්ගයේ දෙපස අතරින් පතර කුඩා ගෙවල් ද දක්නට ලැබිණ. අපගේ ඝෝෂාවට අහල පහල බල්ලන්ගෙන් ද හොද හොද සංග්‍රහයන් ලැබිණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපි එද්දිම සුදු නංගිලා මල්ලිලා සෙට් එකකුත් බැස්සේ නැද්ද...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බෑවුම් නම් ඉතාම අවදානම් සහිත වන අතර ආරක්ෂාව පිලිබදව නම් තමාම වගබලා ගත යුතු ය.[/FONT]

[FONT=&quot]පල්ලම බැස්ස පසු අපට ඉතා අලංකාර දිය දහරාවක් දැක ගන්නට පිලිවන් විය..[/FONT]

[FONT=&quot]අත්හැර දැමූ සංගිලි පාලමෙන් පැහැදිලි වන්නේ ඉතාමත් ඈත අතීතයේ දී මෙහි මිනිසුන් වාසය කළ ගමක් තිබුණ බවට ය.[/FONT]

[FONT=&quot]මෙම දිය පහර තරණය කළ අප පිවිසුනේ ඉතාම මනරම් මඩ ගොහොරුවකට ය.[/FONT]

[FONT=&quot]මාර්ග තත්ත්වය සිතා ගන්න පුළුවන් නේද???[/FONT]

[FONT=&quot]මඩ උනත් සුන්දරත්වයක් නැතුවාම නොවෙයි...[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]ආරංචියේ හැටියට නම් මෙම මඩ සහිත මාර්ග කොටස අතීතයේ කුඹුරකි..මඩ හරිය ඉවර වන්නේ තරමක් උස් ගල් බැම්මක් සහිත වැටියකිනි.මින් ඉදිරියට ඇත්තේ වන තීරයකි..[/FONT]

[FONT=&quot]කොහොමද කට්ට....[/FONT]

[FONT=&quot]වන තීරයෙන් පසු අප නැවත පිවිසෙන්නේ ෆයිනස් වගා කර ඇති බිමකට ය..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගල උඩ ගිමන් හරිමින්....[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙහිදි අප ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ දුනි.ඒ ඉතාම කුරිරු ධාරාණිපාත වර්ෂාවකට අපව ලක් වීම ය.[/FONT]

[FONT=&quot]කොහොමද කැලේ...හරියට ෂර්වුඩ් වනාන්තරය වගේ නේද???

[/FONT]

[FONT=&quot]අප සැම දෙනාම දෙවෙනි වතාවටත් හොදට නා ගත්තෙමු..තෙත බරිත වූයේ ඇදුමි පමණක් නොව..අපගේ බෑග් ඇතුලත ඇති සබ්බ සකල මනාවම වර්ෂාවට ගොදුරු විය..වටිනා කියන දෑ පමණක් සිලි සිලි මළු තුල සගවා ගත් අප අනික් සියළු දෑම වැසි දෙවියන්ට උවමනා පරිදි තෙමෙන්නට හැරියෙමු..[/FONT]

[FONT=&quot]අධික වර්ෂාව හේතුවෙන් පිංතුර ගැනීම මදකට අමතක කළ අප ඉහලට නැගුනේ තෙත ඇදුම් පිටින්ම සීතලේ ගැහෙමින් ය.[/FONT]

[FONT=&quot]වර්ෂාව තුරල් වන පාටක් නොවූයෙන් අප වර්ෂාව මධ්‍යයේම ඉදිරිය බලා ධාවනය කලෙමු..[/FONT]

[FONT=&quot]පැයකට පමණ පසු වර්ෂාව අඩු වුවත් පොද වැස්ස ගතිය නම් තවමත් අපව තෙමමින් පවතින්නේ ය. වර්ෂාව හා අධික මීදුම ගතිය හේතුවෙන් වැඩි දුරක් දර්ශනය නෙවේ..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙම ෆයිනස් කැලය අවසානයේ ඉතා බෑවුම් සහිත ගල් තරණය කළ යුතු වන අතර යන්තම් වත් පය ලිස්සා ගිය හොත් ඉමක් නෙපෙනෙන බෑවුමක සැතපෙන්නට වන බව නම් සිකුරු ය.[/FONT]

[FONT=&quot]කුඩා දරුවන් හා වයස් ගත වැඩිහිටියන් නම් මෙම කන්දට නොපැමිණෙන්නට වග බලා ගන්නවා නම් නඩයේ අනෙකුත් සාමාජිකයන්ගේ හිතට බරක් නොමැතිව ගමනේ යෙදිය හැකිය.[/FONT]

[FONT=&quot]කන්ද තරණය නම් ඉතාම දුශ්කර වූ කටයුත්තක් වූයේ වර්ෂාව සමග මාර්ගය මඩ සහිත වූ නිසාම ය. අනෙක් කරුණ වන්නේ වැස්සට තෙමීම නිසා සෙරෙප්පු සපත්තු පාවිච්චි කිරීමට නොහැකි බැවින් උල් ගල් යටි පතුල පසාරු කරගෙන යාමට තැත් කිරීම ය.[/FONT]

[FONT=&quot]කෙසේ හෝ සවස 5 පමණ වන විට කදු මුදුන ඉතා ආසන්නයටම පැමිණෙන්නට අපට හැකි විය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතාම මීදුම් සහත වූයෙන් අවට පරිසරය දැක ගැනීමේ භාග්‍ය අපට නොමැති වීම හේතුවෙන් කණ්ඩායමේ බොහෝ දෙනා තරමක් කනස්සල්ලෙන් පසු වූවත් මේ වන විට වර්ෂාව අතුරුදන් වීම නිසා තරමක් සතුටකින් සිටි බවත් කිව යුතුම ය.[/FONT]

[FONT=&quot]අප දැන් කදු මුදුනේ තැනිතලා කොටසකට පැමිණ ඇත.මෙහි සුදුසු ස්ථානයක් බලා කඳවුරු බැද ගැනීම අපගේ මීලග කාර්යය විය. අප එන විට වෙනත් කණ්ඩායම් දෙක තුනක්ම මෙහි කදවුරු බැද අවසන්ය.[/FONT]

[FONT=&quot]කෙසේ හෝ කදවුරු බැද අවසන් කරන විට නම් හාත්පස හොදටම කළුවර වැටී තිබිණ.. අප 12 දෙනාට කූඩාරම් 4ක් අප විසින් අටවන ලදී.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතාම අසීරුවෙන් ගිණි මැලයක් ගැසූ අප එමගින් ඇදුම් වේලා ගැනීම හා සීතලෙන් ආරක්ෂා වීම යන වැඩ දෙකම කරගත්තේ ය. අප කිසිවකු වැඩිපුර ඇදුම් ගෙන නොආවේ රැගෙන ඒමට ඉතා වැඩි බරක් තිබූ නිසාමය. අප නොසිතූ විරූ ලෙස වර්ෂාව ඇද හැලුනු නිසා අපගේ සැලසුම් ව්‍යර්ථ විය..කෙසේ හෝ ස්වභාව ධර්මයා විසින් ලබා දුන් වර්ෂාව ආශිර්වාදයක් ලෙස සලකා කටයුතු කරන්නට අපගේ කණ්ඩායමට හැකි විය.. මෙම ප්‍රදේශයට මාස ගණනාවක් වැසි නොලැබ වර්ෂාව මහපොළවට ඇද හැලුනේ ද අදම ය.[/FONT]

[FONT=&quot]රාත්‍රී ආහාර ලෙස නූඩ්ල්ස් පිසදුන් අපගේ සොයුරියන්ට අපගේ ප්‍රණාමය....[/FONT]

[FONT=&quot]මහන්සියත් සමග ආහාර රුචියකුත් නොතිබූ අතර ගමන් වෙහෙස නිවෙන්නටත් එක්ක සිංදුවක් දෙකක් කීවේ වන සතුන් පැමිනීම වැලැක්වීමට ය.මක්නිසාද යත් අපගේ ගී මිහිරියාව නිසා වන සතුන් කැලේ කඩාගෙන දිවීම නිසා අපට ඔවුන්ගෙන් හානියක් සිදු නොවේ..[/FONT]

[FONT=&quot]රාත්‍රී 10 පමණ වන විට නින්දට යාමට තීරණය කල අපට රාත්‍රී නිදා ගැනීම ද එක්තරා අභියෝගයකි.එකක් තෙමුණු ඇද ඇතිරිලි, අනෙක කූඩාරම් තුලට ගලා ආ ජලය..සවස් කාලයේ තෙමුණු ඇදුම් හා කොන්ඩ මේ වන තෙක්ම වේලී නොමැත...කොන්ඩ නිසා මහත් අසීරුතාවට පත් වූයේ අපගේ සොයුරියන් ය.[/FONT]

[FONT=&quot]කෙසේ හෝ තෙත් වූ කූඩාරම් තුලට වී සිටි අපට නිදාගන්නටත් බැරිය...මහන්සිය නිසා ඇහැරී සිටින්නටත් බැරිය..කරන්නට කිසිවක් නොවූයෙන් තෙත කූඩාරම් වලම අප ගුලි වී නිදන්නට පටන් ගත්ත ද අප කිසිවකුට නින්ද කියන වචනය ලග පාතකට වත් පැමිණියේ නැත...එකක් සීතල...අනෙක කූඩාරම් තුලට පැමිණි ජලය හේතුවෙන් කූඩාරම් පතුල තෙත්වී පැවතීම.අනෙක ගල් ඇනීම ය.[/FONT]

[FONT=&quot]හෙට දින එළිවන්නේ කොයි වේලේදෝ සිතමින් සිටි එදින තරම් දිගු රාත්‍රියක් මා හට කෙදිනක වත් උදා වී නොමැත.ගමනේ සුන්දර මතකයන් සිහියට නගමින් සිටියදී මෙහි දිවියන් සැරිසරනවා යැයි මාගේ මිත්‍රයෙකු තවකෙකුට කියනවා මා හට ඇසින..ඇත්ත වශයෙන්ම මෙහි දිවි සිටිනවා දැයි මම නොදනිමි.නමුත් බඹරකන්ද දිය ඇල්ලට වතුර ලැබෙන්නේ හෝර්ටන් තැන්නේ සිට පටන් ගන්නා දිය ධාරාවන්ගෙන් ය. දිය ඇල්ලට එපිටින් ඇත්තේ හොර්ටන් තැන්න ය..එහි නම් දිවියන්ගේ තෝතැන්නකි.. ඇතැම් විටක මෙහිද දිවියන් සිටින්නට පුළුවන යන්න මගේ සිතෙහි රැව් දෙන්නට විය.ගල මුදුනට පැමිණෙනතාක් ම අපට කිසිදු සතෙකු සර්පයෙකු දැක ගන්නට නම්[/FONT][FONT=&quot] නොහැකි[/FONT] [FONT=&quot]විය.[/FONT]

[FONT=&quot]කෙමෙන් කෙමෙන් උදා හිරු නැගෙන හිරු අහසෙන් මෝදු වීමට පටන් ගැනීමට පෙර අප සියල්ල අවදි වූයේ හාත් පස තරමක් අන්දකාරයේ පැවතෙන විටදී ය.සියල්ලටම කූඩාරම් ඇතුලට වී සිටීමට වඩා එලියේ සීතලේ සිටිම සුවදායක ය.[/FONT]

[FONT=&quot]කෙමෙන් කෙමෙන් හිරු එළිය විහිදීමට පටන් ගැන්මත් සමගම අධික මීදුම සමග චමත්කාර වූ දර්ශනයක් මවා පායි.මාගේ දිවියේ ලස්සනම උදෑසන එය වීම නම් නොඅනුමාන ය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කට්ටිය හිරු නැගෙන තුරු....[/FONT]

[FONT=&quot]රාත්‍රියේ පැවතී සීතලට වඩා මහත් වූ සීතලක් උදෑසන නම් පැවතුනු නිසා සියල්ලන්ටම සීත කබා වල පිහිට පැතීමට සිදුවිය.නමුත් ඒ සීතල වූ නැවුම් සුලග අපට ගෙන දුන්නේ මහත් වූ ආශ්වාදයකි.[/FONT]

[FONT=&quot]අපගේ මීලග අරමුණ වූයේ උදෑසන තේ පානය කිරීම ය. තේ පානයෙන් පසු අප සියල්ලන්ගේම තම කැමරා පහරවල් එක එක අතට එල්ල කරන්නට විය.කෙසේ හෝ හිරු කිරිණ දැඩිව පතිත වීමත් සමග අප අපගේ උදෑසන ආහර පිලියෙල කිරීමට යුහුසුලු විය.[/FONT]

[FONT=&quot]උදෑසන පාන් සමග ජෑම්....නමුත් මා හට මෙන්ම අනෙක් අයට ද එය වෙනදා කනවාට වඩා නම් රසවත් විය.

[/FONT] [FONT=&quot]රාත්‍රියේ අපට සෙවන දුන් කූඩාරම් නැවතත් බෑග් මළු තුලට යැවීම සඳහා අප සියලු දෙනාම සහයෝගය දුන් අතර ඊලග කර්තව්‍ය වූයේ අපි සිටි ස්ථානය තිබුණු තත්ත්වයටම පත් කිරීම ය.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපේ කුණු මල්ල....[/FONT]

[FONT=&quot]අප සිටි ස්ථානයට බඹරකන්ද දිය ඇල්ල දර්ශනය වන ආකාරය...[/FONT]

[FONT=&quot]මා හට ඇති පුදුමය නම් කන්ද නැගීමට පටන් ගැන්මේදී ඉතාමත් උසින් පිහිටි මහත් වූ යෝධයෙකු මෙන් පෙනුන බඹරකන්ද යෝධයා දැන් ඉතාමත් පහලින් කුඩාවට දර්ශනය වීම ය.[/FONT]

[FONT=&quot]රැගෙන ආ සියල්ලම ගමන් මළු තුලට ඔබා ගත් අප නැවතත් පහලට බැසීම ආරම්භ කළෙමු.

[/FONT] [FONT=&quot]මද දුරක් පහලට බැසගත් අපට වංගෙඩිගල කියන ගල මුණ ගැසින.ඇත්තටම මෙය එක ගලක් නොවේ.ගල් ගොඩකි.මෙම ස්ථානයට වංගෙඩිගල කියා නම ලැබී ඇත්තේ අතීතයේ මෙම ස්ථානයේ රත්තරං වංගෙඩියක් නිධන් කර තීබූ බවට වන ජන ප්‍රවාදයක් හේතුවෙනි.[/FONT]

[FONT=&quot]පහලින් පොඩියට පේන්නේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයයි.[/FONT]

[FONT=&quot]මෙම ස්ථානයට හාත්පස ඉතාම පැහැදිලිවත්ව හා අලංකාරවත්ව දැක ගැනීමට හැකිය..ඔහිය බොරලන්ද බෙරගල හපුතලේ ආදී ස්ථාන ද මෙම ස්ථානයට දැක ගන්නට හැකිය.[/FONT]

[FONT=&quot]සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙල....මාගේ ජීවිතයේ ඇති ලොකුම හීනය නම් යකාගේ පඩිපෙළ දිගේ ගමන් කිරීම ය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපේ කට්ටියගේ ෆොටෝ ෂූට් එක අවසන් වූ පසු නැවතත් අප පල්ලම් බැසීම ආරම්භ කළෙමු.[/FONT]

[FONT=&quot]පේනවානේ අපේ බඩු තොගේ...[/FONT]

[FONT=&quot]පහලට පේන වංගෙඩිගල...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙතනදි නම් අපි පුදුම දෙයක් දැක්කා..ඒ තරමක් දුරින් කුඩා දුමක් මතු වෙමින් පැවතීම ය.එය ඇති වූයේ කෙසේද යන්න අප සියල්ලටම ඇති ප්රශ්නයකි.අපේ සගයෙක් එයට වතුර දමා නිවා දැමුවා.[/FONT]

[FONT=&quot]මෙහි ඇත්තේ නම් ඉතාම සීඝ්‍ර බෑවුම්..එම නිසා ෆොටෝ ගැනීමට ගොස් මරණය තෝරා ගන්නවාට වඩා ජීවිතය රැකගැනීම සුදුසු යැයි සිතමින් කිසිවකු ෆොටෝ ගැනීමට යුහුසුලු නොවීය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙම ගස් නොතිබුනා නම් අපට පහලට බැසීමට නම් හැකියාවක් නොතිබිනි. පහලට බැසීමේදී පහල ඇති ගසක් අල්ලා ගැනිමට හැකිවන සේ පහලට බැසීම සිදු කලෙමු. මක් නිසා ද යන්තම් හෝ ගසක් අල්ලා ගැනීමට නොහැකි වුව හොත් අඩි සිය ගනනක් පහලින් නතර වීමට සිදු වන බැවිනි.මේ වැඩේ හරියට පොඩි කාලේ කරපු ගස් මාරු වගේ තමයි.[/FONT]

[FONT=&quot]කට්ටිය මේකට නමකුත් දා ගත්තා...ගස් බ්රේක්....[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

මේ ගසේ නම් දන්න එකෙක් කියපල්ලා...

[/FONT] [FONT=&quot]මට නම් මාරම ලස්සනයි මේ ගහ.[/FONT]

[FONT=&quot]කොහොමින් කොහොම හරි අපේ කට්ටිය කන්ද පහලට බැහැ ගත්තා.. කට්ටියගේම හොද පන ගිහින් තිබ්බේ.නමුත් පෙර දිනයේ මෙන් අප කටුක අද්දැකීම් වලට මුහුණ දීමට සිදු නොවීම කට්ටියට තරමක අස්වැසිල්ලක් විය.[/FONT]

[FONT=&quot]ඊට පස්සේ තිබ්බ ලොකුම වැඩේ නම් සිරුර සැහැල්ලු කර ගැනීම ය.ඒකට නම් ඉතිං වේටින් ලිස්ට් එකක ඉන්නම උනා.තිබ්බේ එකම එක තැනයි නේ...[/FONT]

[FONT=&quot]ඊට පස්සේ දවල්ට කාලා ආයෙත් ගියා බඹරකන්ද දිය ඇල්ල බලන්නත්... කට්ටියට අමාරුයි..ඒත් ගියා..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇල්ල බලලා වෑන් එක ලගට එදිදි නම් අපේ කස්ටියට පාං කියා ගන්නවත් පණ නෑ...[/FONT]

[FONT=&quot]ඊට පස්සේ කට්ටිය ගියේ ආයෙත් ඊයේ නාන්න ගිය ස්පොට් එකටමයි.ඒකේ පැය ගානක් නාලා කරලා ආපහු ගෙවල්දොරවල් බලා පිටත් වෙන්න තීරණය කලා...[/FONT]

[FONT=&quot]ඔන්න අපේ සෙට් එක..[/FONT]

[FONT=&quot]සියළුම බාධක ජයගෙන එකාවන්ව සිටිමින් සහෝදරත්වයෙන් බැදෙමින් ගැහැනු පිරිමි භේදයකින් තොරව අභියෝගය ජය ගැනීමට ඒකාත්මික වූ [/FONT][FONT=&quot][FONT=&quot]සොහොයුරු සොහොයුරියන්ට මාගේ [/FONT]ප්‍රණාමය..

[/FONT][FONT=&quot]මේ ඉන්නේ මම....[/FONT]

[FONT=&quot]අවසානයේ මේ දේ නම් කිව යුතුමය..මෙම ස්ථානයට මේ දක්වා පැමිණ ඇති දේශීය විදේශීය සංචාරකයින් මෙම සම්පත ඉතාම හොදින් රැකගෙන ඇත. සතුටුදායකම කාරණය වන්නේ වංගෙඩිගල මුදුනේ ටොපි කොලයක් වත් දක්නට නොලැබීම ය.එය නම් මහත් වූ භාග්‍යකි..මින් ඉදිරියටත් මෙම ස්ථානය මේ ආකාරයෙන්ම රැක ගැනීම රටටත් මෙවැනි උරුමයන් වලටත් ආදරය කරන ලාංකිකයන්ගේ වගකීම හා යුතුකම වේ.මෙවැනි උරුමයන් නැසී ගියහොත් නැසී යනුයේ සදහටම ය. මේවා නැවත ප්‍රති නිර්මාණය කිරීමට තියා සිතීමට වත් මිනිසාට කළ හොහැක.කළ හැක්කේ ඉදිරි පරම්පරාවට මේ උරුමයන් මේ ආකාරයටම දායාද කිරීමට අද දවසේ ඒවා හොදින් රැක ගැනීම පමණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="ravinperera206, post: 22389684, member: 454468"] [b]වංගෙඩිගල කඳවුරු බැදීම....[/b] [FONT="][SIZE=3]මේ ගමන ගියේ මීට මාස දෙක තුනකට ඉහතදී.දිනේ කිවුවොත් හරියටම අගොස්තු 12-13. මේකත් හරියටම බාලගිරි දෝසේ වගේම එකක් තමයි. මොකද මේ ගමන යන්න ලෑස්ති උනේ මැයි මාසයේ.. මැයි මාසේ මුලින්ම යන්න හිතුවට යන්න උනේ අගෝස්තු මාසේදි..[/SIZE][/FONT][FONT="][SIZE=3][FONT="][SIZE=3]හිතාගනිල්ලකෝ ගමන ප්ලෑන් කිරිල්ල.[/SIZE][/FONT]ඒකට නම් ගොඩක් හේතු තිබුණා..වැස්ස හා ගමන් සගයන්ගේ හේතුත් ඒකට මුල් උනා. [/SIZE][/FONT] [SIZE=3][FONT="]තැන කොතනද කියලා කිවුවොත් බඹරකන්ද වංගෙඩිගල....යනකල්ම දැනගෙන හිටියේ නෑ මේක මොනවගේ තැනක් ද කියලා වත්..කට්ටිය යමු කිවුව නිසා ගියා ඔන්න ඔහේ.... [/FONT][/SIZE] [FONT="][SIZE=3]මෙන්න ගමන් මාර්ගය....[/SIZE] [IMG]https://i.imgur.com/Xcx0XTOh.jpg[/IMG] [/FONT] [FONT="][SIZE=3]ගමන යන්න මම නම් ලෑස්ති වුනේ 11 වෙනිදා ඉදලාමයි..පේනවා නේ බෑග් එක...[/SIZE][/FONT] [IMG]https://i.imgur.com/WWKC0SSh.jpg[/IMG] [SIZE=3][FONT="]11 වෙනිදා රෑ 11 ට විතර මම යාළුවෙක්ගේ මාලඹේ තියෙන බෝඩිමකට සෙට් උනා..ගමන පිටත් වෙන්න හිතාගෙන හිටියේ පාන්දර 3ට...බෝඩිමට ගිහින් ටිකක් ඇලවෙන්නම් කියලා හිතා ගත්තත් ඒකට නම් ඉඩක් ලැබුනේම නෑ..පාන්දර 2 ට ගමන යන වෑන් එක එනකල්ම සිංදු කිය කිය හිටියා.. [/FONT][/SIZE] [SIZE=3][FONT="]කොහොමින් කොහොම හරි යාළුවෝ ටිකත් එකතු කරගෙන ගමන යන්න පිටත් උනා කියමුකො..ගමනට සහභාගී උනේ දහ දෙනයි..තව දෙන්නෙක් බෙලිහුල්ඔයෙන් සෙට් වෙන්නයි ප්ලෑන් කරන් හිටියේ..[/FONT][/SIZE] [SIZE=3][FONT="]රත්නපුර මහ සමන් දේවාලයට එනකොට උදේ 6ට කිට්ටුයි. සමන් දෙයියන්ගේ ආශිර්වාදයත් සමගින් අපි ගමන ආරම්භ කලා.[/FONT][/SIZE] [FONT="][SIZE=3][FONT="]ඊට පස්සේ අපි උදේ කෑම කන්න නන්ෆෙරියල් වතුයාය මාර්ගයේ ඇති නාන තොටුපලක් වෙත සේන්දු උනා.ඒ ලගින්ම හමුදා කදවුරකුත් තියෙනවා.(ඒක මොන කෑම්ප් එකක් ද කියලා නම් හරියට මතක නැතෝ...)[/FONT][/SIZE] [FONT="] [/FONT] [IMG]https://i.imgur.com/W0FRKBZh.jpg[/IMG] [/FONT] [IMG]https://i.imgur.com/z80jKTjh.jpg[/IMG] [IMG]https://i.imgur.com/y30Xslih.jpg[/IMG] [IMG]https://i.imgur.com/Z2KLppbh.jpg[/IMG] [IMG]https://i.imgur.com/E5gl8Avh.jpg[/IMG] [IMG]https://i.imgur.com/8fHQoCIh.jpg[/IMG] [IMG]https://i.imgur.com/Z4gaLw2h.jpg[/IMG] [SIZE=3][FONT="]මාස ගානක් හරියකට කෑමක් කාල නැති උන් වගේ විනාඩි ගානට පාන් රාත්තල් 5ක් ගිල දැමූ අප අවුරුදු ගානක් නාලා නැති උන් වගේ නා කියා ගන්න පටන් ගත්තේ නැතෑ.... කොහොමහරි පැය දෙකක් විතර නා ගත්ත අපි 12 වෙද්දි වංගෙඩිගල නැගීමට පටන් ගත යුතු යැයි තිර අදිටනින් යුතුව දියෙන් ගොඩට ආවෙමු..නැවතත් නන්ෆෙරියල් වතු මාර්ගයෙන් ප්‍රධාන පාරට පිවිසි අපගේ දැන් අරමුණ වන්නේ කෙසේ හෝ කළුවර වැටීමට පෙරාතුව වංගෙඩිගල මුදුනේ කඳවුරු බැදීමය. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ප්‍රධාන මාර්ගයේ පැමිණ කළුපහන හංදියෙන් වමට හරවා දැන් අප ගමන් කරන්නේ තරමක් සීඝ්‍ර නැග්මක් සහිත මාර්ගයක ය. කීප විටක් ම ඉදිරියෙන් පැමිණෙන වාහනයට ඉඩ දී අපගේ වාහනය පසු පසට ගමන් කරවූයේ අපගේ රියදුරු මහතාගේ ඇති පරාර්ථකාමී ගුණය නිසාම ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][FONT="]හදිසියේම වෑන් රථයේ ගමන කුඩා කඩයක් අසල නතර විය.. සිහින් වූත් අලංකාර වූත් බඹරකන්ද ලළනාවිය අප ඉදිරියේ මහත් වූ උජාරුවෙන් ඇයගේ සුදුවන් සළුපට අපට පෙන්වන්නාක් මෙන් සුදුවන් වූ දිය දහරාව පහළට ගලා හැලේ..[/FONT][/SIZE] [SIZE=3][FONT="]බඹරකන්ද දිය ඇල්ල මීටර් 200ක් පමණ දුරින් අපිට දර්ශනය වේ.එහි මනස්කාන්ත බව නම් වචන වලට පෙරලීමට තරම් මා සිංහල භාෂාව පිළිබද හසල දැණුමක් ඇත්තකු නොවන බැවින් ඒ ගැන කිසිවක් නොකියන්නට මම වග බලා ගනිමි.[/FONT][/SIZE] [FONT="] [/FONT] [IMG]https://i.imgur.com/jQ43f8zh.jpg[/IMG] [SIZE=3][FONT="]පේනවා නේ අපේ උන්ට මොනවා දැක්කත් පොටෝ කෑල්ලක් නොගහ ඉන්නම බෑ නේ අප්පා....[/FONT][/SIZE] [FONT="] [/FONT] [IMG]https://i.imgur.com/1URDoZUh.jpg[/IMG] [IMG]https://i.imgur.com/6ht3Csch.jpg[/IMG] [IMG]https://i.imgur.com/tjDT1sph.jpg[/IMG] [IMG]https://i.imgur.com/7bJZqe7h.jpg[/IMG] [SIZE=3][FONT="]අමාරුවෙන් හරි දවල් කෑම ටිකත් ගිල්ල අපි ඊලගට අපේ බෑග් වල ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කලේ නිකන් බොරුවට බර උස්සන් යාම, අපගේ කදු නැගීමේ සීඝ්‍රතාවය පහල බස්සන නිසාවෙනි..[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][FONT="]හැබැයි කිවයුතුම දෙය වන්නේ කන්දේ ඉහල වැසිකිලි කැසිකිලි පහසු කම් කිසිවක් නොමැති අතර ජලය ලබා ගැනීමට ද ඇත්තේ කුඩා දිය පාරක් පමණි. ඉන් වතුර මෙගා බෝතලයක් පුරවා ගැනීමට හැකි පුද්ගලයෙකු නම් ඔහු ඉතාම හොදින් ඉවසීම පුරුදු කළ අයෙකු විය යුතුම ය. සිරුරේ බර මෙම කඩය අසලින් සැහැල්ලු කර දැමීමට සිදු වන අතර පානීය ජලය ලබා ගත හැකි හොදම ස්ථානයද මෙය වේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ගමනට අවශ්‍ය අඩුම කුඩුම මෙන්ම කදවුරු උපකරණ ද එකිනෙකා සමග බෙදා ගනිමින් බෑග් වල හා අතේ තබා ගෙන සියළු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව සමගින් ගමන ආරම්භ කළෙමු.[/FONT][/SIZE] [SIZE=3][FONT="]වාහනය නතර කළ ස්ථානයේ සිට මද දුරක් මාර්ගයේම පහලට පැමිණි අප එතැන් සිට දකුණු පසට විහිදුණු පඩි පෙලක් දිගේ ගමන් ඇරඹුවෙමු. [IMG]https://i.imgur.com/2R5SWflh.jpg[/IMG] [IMG]https://i.imgur.com/sgkxa7Rh.jpg[/IMG] [IMG]https://i.imgur.com/ZKGe0krh.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙම මාර්ගයේ දෙපස අතරින් පතර කුඩා ගෙවල් ද දක්නට ලැබිණ. අපගේ ඝෝෂාවට අහල පහල බල්ලන්ගෙන් ද හොද හොද සංග්‍රහයන් ලැබිණි.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/FIv7ldIh.jpg[/IMG] [SIZE=3][FONT="]අපි එද්දිම සුදු නංගිලා මල්ලිලා සෙට් එකකුත් බැස්සේ නැද්ද...[/FONT][/SIZE] [FONT="] [/FONT] [IMG]https://i.imgur.com/TifxFcRh.jpg[/IMG] [SIZE=3][FONT="]බෑවුම් නම් ඉතාම අවදානම් සහිත වන අතර ආරක්ෂාව පිලිබදව නම් තමාම වගබලා ගත යුතු ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]පල්ලම බැස්ස පසු අපට ඉතා අලංකාර දිය දහරාවක් දැක ගන්නට පිලිවන් විය..[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/YlFU2vYh.jpg[/IMG] [IMG]https://i.imgur.com/eaeDqksh.jpg[/IMG] [IMG]https://i.imgur.com/ZOU7FEmh.jpg[/IMG] [SIZE=3][FONT="]අත්හැර දැමූ සංගිලි පාලමෙන් පැහැදිලි වන්නේ ඉතාමත් ඈත අතීතයේ දී මෙහි මිනිසුන් වාසය කළ ගමක් තිබුණ බවට ය.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/TOEWxtth.jpg[/IMG] [SIZE=3][FONT="]මෙම දිය පහර තරණය කළ අප පිවිසුනේ ඉතාම මනරම් මඩ ගොහොරුවකට ය.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/WaVYmKrh.jpg[/IMG] [SIZE=3][FONT="]මාර්ග තත්ත්වය සිතා ගන්න පුළුවන් නේද???[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/9YecOAvh.jpg[/IMG] [SIZE=3][FONT="]මඩ උනත් සුන්දරත්වයක් නැතුවාම නොවෙයි...[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][FONT="]ආරංචියේ හැටියට නම් මෙම මඩ සහිත මාර්ග කොටස අතීතයේ කුඹුරකි..මඩ හරිය ඉවර වන්නේ තරමක් උස් ගල් බැම්මක් සහිත වැටියකිනි.මින් ඉදිරියට ඇත්තේ වන තීරයකි..[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/ZuPlXyqh.jpg[/IMG] [IMG]https://i.imgur.com/7GaegaEh.jpg[/IMG] [IMG]https://i.imgur.com/crucTd5h.jpg[/IMG] [IMG]https://i.imgur.com/mdROk1Bh.jpg[/IMG] [SIZE=3][FONT="]කොහොමද කට්ට....[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/JrIOoUoh.jpg[/IMG] [IMG]https://i.imgur.com/ukAXNmOh.jpg[/IMG] [SIZE=3][FONT="]වන තීරයෙන් පසු අප නැවත පිවිසෙන්නේ ෆයිනස් වගා කර ඇති බිමකට ය..[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/yiRbX0Uh.jpg[/IMG] [IMG]https://i.imgur.com/rjW94aIh.jpg[/IMG] [IMG]https://i.imgur.com/oSBm9cOh.jpg[/IMG] [IMG]https://i.imgur.com/tzn0ql3h.jpg[/IMG] [SIZE=3][FONT="]ගල උඩ ගිමන් හරිමින්....[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/3wd6VXih.jpg[/IMG] [SIZE=3][FONT="]මෙහිදි අප ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ දුනි.ඒ ඉතාම කුරිරු ධාරාණිපාත වර්ෂාවකට අපව ලක් වීම ය.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/DCMVYuoh.jpg[/IMG] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කොහොමද කැලේ...හරියට ෂර්වුඩ් වනාන්තරය වගේ නේද??? [/FONT][/SIZE] [SIZE=3][FONT="]අප සැම දෙනාම දෙවෙනි වතාවටත් හොදට නා ගත්තෙමු..තෙත බරිත වූයේ ඇදුමි පමණක් නොව..අපගේ බෑග් ඇතුලත ඇති සබ්බ සකල මනාවම වර්ෂාවට ගොදුරු විය..වටිනා කියන දෑ පමණක් සිලි සිලි මළු තුල සගවා ගත් අප අනික් සියළු දෑම වැසි දෙවියන්ට උවමනා පරිදි තෙමෙන්නට හැරියෙමු..[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/dVQxyEFh.jpg[/IMG] [SIZE=3][FONT="]අධික වර්ෂාව හේතුවෙන් පිංතුර ගැනීම මදකට අමතක කළ අප ඉහලට නැගුනේ තෙත ඇදුම් පිටින්ම සීතලේ ගැහෙමින් ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]වර්ෂාව තුරල් වන පාටක් නොවූයෙන් අප වර්ෂාව මධ්‍යයේම ඉදිරිය බලා ධාවනය කලෙමු..[/FONT][/SIZE] [SIZE=3][FONT="]පැයකට පමණ පසු වර්ෂාව අඩු වුවත් පොද වැස්ස ගතිය නම් තවමත් අපව තෙමමින් පවතින්නේ ය. වර්ෂාව හා අධික මීදුම ගතිය හේතුවෙන් වැඩි දුරක් දර්ශනය නෙවේ..[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/7ukTa2Dh.jpg[/IMG] [IMG]https://i.imgur.com/nZde7tsh.jpg[/IMG] [SIZE=3][FONT="]මෙම ෆයිනස් කැලය අවසානයේ ඉතා බෑවුම් සහිත ගල් තරණය කළ යුතු වන අතර යන්තම් වත් පය ලිස්සා ගිය හොත් ඉමක් නෙපෙනෙන බෑවුමක සැතපෙන්නට වන බව නම් සිකුරු ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කුඩා දරුවන් හා වයස් ගත වැඩිහිටියන් නම් මෙම කන්දට නොපැමිණෙන්නට වග බලා ගන්නවා නම් නඩයේ අනෙකුත් සාමාජිකයන්ගේ හිතට බරක් නොමැතිව ගමනේ යෙදිය හැකිය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කන්ද තරණය නම් ඉතාම දුශ්කර වූ කටයුත්තක් වූයේ වර්ෂාව සමග මාර්ගය මඩ සහිත වූ නිසාම ය. අනෙක් කරුණ වන්නේ වැස්සට තෙමීම නිසා සෙරෙප්පු සපත්තු පාවිච්චි කිරීමට නොහැකි බැවින් උල් ගල් යටි පතුල පසාරු කරගෙන යාමට තැත් කිරීම ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කෙසේ හෝ සවස 5 පමණ වන විට කදු මුදුන ඉතා ආසන්නයටම පැමිණෙන්නට අපට හැකි විය.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/sr28Jqch.jpg[/IMG] [IMG]https://i.imgur.com/V7TYw66h.jpg[/IMG] [IMG]https://i.imgur.com/xHdwSHjh.jpg[/IMG] [SIZE=3][FONT="]ඉතාම මීදුම් සහත වූයෙන් අවට පරිසරය දැක ගැනීමේ භාග්‍ය අපට නොමැති වීම හේතුවෙන් කණ්ඩායමේ බොහෝ දෙනා තරමක් කනස්සල්ලෙන් පසු වූවත් මේ වන විට වර්ෂාව අතුරුදන් වීම නිසා තරමක් සතුටකින් සිටි බවත් කිව යුතුම ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]අප දැන් කදු මුදුනේ තැනිතලා කොටසකට පැමිණ ඇත.මෙහි සුදුසු ස්ථානයක් බලා කඳවුරු බැද ගැනීම අපගේ මීලග කාර්යය විය. අප එන විට වෙනත් කණ්ඩායම් දෙක තුනක්ම මෙහි කදවුරු බැද අවසන්ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කෙසේ හෝ කදවුරු බැද අවසන් කරන විට නම් හාත්පස හොදටම කළුවර වැටී තිබිණ.. අප 12 දෙනාට කූඩාරම් 4ක් අප විසින් අටවන ලදී.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/SRowZnxh.jpg[/IMG] [SIZE=3][FONT="]ඉතාම අසීරුවෙන් ගිණි මැලයක් ගැසූ අප එමගින් ඇදුම් වේලා ගැනීම හා සීතලෙන් ආරක්ෂා වීම යන වැඩ දෙකම කරගත්තේ ය. අප කිසිවකු වැඩිපුර ඇදුම් ගෙන නොආවේ රැගෙන ඒමට ඉතා වැඩි බරක් තිබූ නිසාමය. අප නොසිතූ විරූ ලෙස වර්ෂාව ඇද හැලුනු නිසා අපගේ සැලසුම් ව්‍යර්ථ විය..කෙසේ හෝ ස්වභාව ධර්මයා විසින් ලබා දුන් වර්ෂාව ආශිර්වාදයක් ලෙස සලකා කටයුතු කරන්නට අපගේ කණ්ඩායමට හැකි විය.. මෙම ප්‍රදේශයට මාස ගණනාවක් වැසි නොලැබ වර්ෂාව මහපොළවට ඇද හැලුනේ ද අදම ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]රාත්‍රී ආහාර ලෙස නූඩ්ල්ස් පිසදුන් අපගේ සොයුරියන්ට අපගේ ප්‍රණාමය....[/FONT][/SIZE] [SIZE=3][FONT="]මහන්සියත් සමග ආහාර රුචියකුත් නොතිබූ අතර ගමන් වෙහෙස නිවෙන්නටත් එක්ක සිංදුවක් දෙකක් කීවේ වන සතුන් පැමිනීම වැලැක්වීමට ය.මක්නිසාද යත් අපගේ ගී මිහිරියාව නිසා වන සතුන් කැලේ කඩාගෙන දිවීම නිසා අපට ඔවුන්ගෙන් හානියක් සිදු නොවේ..[/FONT][/SIZE] [SIZE=3][FONT="]රාත්‍රී 10 පමණ වන විට නින්දට යාමට තීරණය කල අපට රාත්‍රී නිදා ගැනීම ද එක්තරා අභියෝගයකි.එකක් තෙමුණු ඇද ඇතිරිලි, අනෙක කූඩාරම් තුලට ගලා ආ ජලය..සවස් කාලයේ තෙමුණු ඇදුම් හා කොන්ඩ මේ වන තෙක්ම වේලී නොමැත...කොන්ඩ නිසා මහත් අසීරුතාවට පත් වූයේ අපගේ සොයුරියන් ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කෙසේ හෝ තෙත් වූ කූඩාරම් තුලට වී සිටි අපට නිදාගන්නටත් බැරිය...මහන්සිය නිසා ඇහැරී සිටින්නටත් බැරිය..කරන්නට කිසිවක් නොවූයෙන් තෙත කූඩාරම් වලම අප ගුලි වී නිදන්නට පටන් ගත්ත ද අප කිසිවකුට නින්ද කියන වචනය ලග පාතකට වත් පැමිණියේ නැත...එකක් සීතල...අනෙක කූඩාරම් තුලට පැමිණි ජලය හේතුවෙන් කූඩාරම් පතුල තෙත්වී පැවතීම.අනෙක ගල් ඇනීම ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]හෙට දින එළිවන්නේ කොයි වේලේදෝ සිතමින් සිටි එදින තරම් දිගු රාත්‍රියක් මා හට කෙදිනක වත් උදා වී නොමැත.ගමනේ සුන්දර මතකයන් සිහියට නගමින් සිටියදී මෙහි දිවියන් සැරිසරනවා යැයි මාගේ මිත්‍රයෙකු තවකෙකුට කියනවා මා හට ඇසින..ඇත්ත වශයෙන්ම මෙහි දිවි සිටිනවා දැයි මම නොදනිමි.නමුත් බඹරකන්ද දිය ඇල්ලට වතුර ලැබෙන්නේ හෝර්ටන් තැන්නේ සිට පටන් ගන්නා දිය ධාරාවන්ගෙන් ය. දිය ඇල්ලට එපිටින් ඇත්තේ හොර්ටන් තැන්න ය..එහි නම් දිවියන්ගේ තෝතැන්නකි.. ඇතැම් විටක මෙහිද දිවියන් සිටින්නට පුළුවන යන්න මගේ සිතෙහි රැව් දෙන්නට විය.ගල මුදුනට පැමිණෙනතාක් ම අපට කිසිදු සතෙකු සර්පයෙකු දැක ගන්නට නම්[/FONT][FONT="] නොහැකි[/FONT] [FONT="]විය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කෙමෙන් කෙමෙන් උදා හිරු නැගෙන හිරු අහසෙන් මෝදු වීමට පටන් ගැනීමට පෙර අප සියල්ල අවදි වූයේ හාත් පස තරමක් අන්දකාරයේ පැවතෙන විටදී ය.සියල්ලටම කූඩාරම් ඇතුලට වී සිටීමට වඩා එලියේ සීතලේ සිටිම සුවදායක ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කෙමෙන් කෙමෙන් හිරු එළිය විහිදීමට පටන් ගැන්මත් සමගම අධික මීදුම සමග චමත්කාර වූ දර්ශනයක් මවා පායි.මාගේ දිවියේ ලස්සනම උදෑසන එය වීම නම් නොඅනුමාන ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/Hds02G4h.jpg[/IMG] [IMG]https://i.imgur.com/kzXsv1lh.jpg[/IMG] [IMG]https://i.imgur.com/m7Hnr2yh.jpg[/IMG] [SIZE=3][FONT="]කට්ටිය හිරු නැගෙන තුරු....[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/VvoNp2ch.jpg[/IMG] [SIZE=3][FONT="]රාත්‍රියේ පැවතී සීතලට වඩා මහත් වූ සීතලක් උදෑසන නම් පැවතුනු නිසා සියල්ලන්ටම සීත කබා වල පිහිට පැතීමට සිදුවිය.නමුත් ඒ සීතල වූ නැවුම් සුලග අපට ගෙන දුන්නේ මහත් වූ ආශ්වාදයකි.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/KrdMLxUh.jpg[/IMG] [IMG]https://i.imgur.com/ZJcOpn5h.jpg[/IMG] [IMG]https://i.imgur.com/bdCuf5Jh.jpg[/IMG] [IMG]https://i.imgur.com/YrBWckYh.jpg[/IMG] [IMG]https://i.imgur.com/ejGQuSih.jpg[/IMG] [IMG]https://i.imgur.com/wxGm1qzh.jpg[/IMG] [SIZE=3][FONT="]අපගේ මීලග අරමුණ වූයේ උදෑසන තේ පානය කිරීම ය. තේ පානයෙන් පසු අප සියල්ලන්ගේම තම කැමරා පහරවල් එක එක අතට එල්ල කරන්නට විය.කෙසේ හෝ හිරු කිරිණ දැඩිව පතිත වීමත් සමග අප අපගේ උදෑසන ආහර පිලියෙල කිරීමට යුහුසුලු විය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]උදෑසන පාන් සමග ජෑම්....නමුත් මා හට මෙන්ම අනෙක් අයට ද එය වෙනදා කනවාට වඩා නම් රසවත් විය. [IMG]https://i.imgur.com/O3aYGFFh.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]රාත්‍රියේ අපට සෙවන දුන් කූඩාරම් නැවතත් බෑග් මළු තුලට යැවීම සඳහා අප සියලු දෙනාම සහයෝගය දුන් අතර ඊලග කර්තව්‍ය වූයේ අපි සිටි ස්ථානය තිබුණු තත්ත්වයටම පත් කිරීම ය.[/FONT][/SIZE][SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/RSBjrhDh.jpg[/IMG] [IMG]https://i.imgur.com/Yd0xxXjh.jpg[/IMG] [IMG]https://i.imgur.com/qWgZITrh.jpg[/IMG] [SIZE=3][FONT="]අපේ කුණු මල්ල....[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/zHTaoiwh.jpg[/IMG] [SIZE=3][FONT="]අප සිටි ස්ථානයට බඹරකන්ද දිය ඇල්ල දර්ශනය වන ආකාරය...[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/2GW0pD9h.jpg[/IMG] [IMG]https://i.imgur.com/9qtBwAXh.jpg[/IMG] [SIZE=3][FONT="]මා හට ඇති පුදුමය නම් කන්ද නැගීමට පටන් ගැන්මේදී ඉතාමත් උසින් පිහිටි මහත් වූ යෝධයෙකු මෙන් පෙනුන බඹරකන්ද යෝධයා දැන් ඉතාමත් පහලින් කුඩාවට දර්ශනය වීම ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]රැගෙන ආ සියල්ලම ගමන් මළු තුලට ඔබා ගත් අප නැවතත් පහලට බැසීම ආරම්භ කළෙමු. [IMG]https://i.imgur.com/D1JudjUh.jpg[/IMG] [IMG]https://i.imgur.com/7IwxjGah.jpg[/IMG] [IMG]https://i.imgur.com/BLThnreh.jpg[/IMG] [IMG]https://i.imgur.com/epkRHNph.jpg[/IMG] [IMG]https://i.imgur.com/iPDhy0ph.jpg[/IMG] [IMG]https://i.imgur.com/GUacXXPh.jpg[/IMG] [IMG]https://i.imgur.com/F0JAUCMh.jpg[/IMG] [IMG]https://i.imgur.com/UM9pdlSh.jpg[/IMG] [IMG]https://i.imgur.com/I8tRyQ3h.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මද දුරක් පහලට බැසගත් අපට වංගෙඩිගල කියන ගල මුණ ගැසින.ඇත්තටම මෙය එක ගලක් නොවේ.ගල් ගොඩකි.මෙම ස්ථානයට වංගෙඩිගල කියා නම ලැබී ඇත්තේ අතීතයේ මෙම ස්ථානයේ රත්තරං වංගෙඩියක් නිධන් කර තීබූ බවට වන ජන ප්‍රවාදයක් හේතුවෙනි.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/XCLzvCnh.jpg[/IMG] [IMG]https://i.imgur.com/rd1uFQch.jpg[/IMG] [IMG]https://i.imgur.com/3oFpvJUh.jpg[/IMG] [IMG]https://i.imgur.com/o2ygzBkh.jpg[/IMG] [SIZE=3][FONT="]පහලින් පොඩියට පේන්නේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයයි.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/tRUpEFlh.jpg[/IMG] [SIZE=3][FONT="]මෙම ස්ථානයට හාත්පස ඉතාම පැහැදිලිවත්ව හා අලංකාරවත්ව දැක ගැනීමට හැකිය..ඔහිය බොරලන්ද බෙරගල හපුතලේ ආදී ස්ථාන ද මෙම ස්ථානයට දැක ගන්නට හැකිය.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/ZqPI3yYh.jpg[/IMG] [FONT="][SIZE=3]සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙල....මාගේ ජීවිතයේ ඇති ලොකුම හීනය නම් යකාගේ පඩිපෙළ දිගේ ගමන් කිරීම ය[/SIZE].[/FONT] [FONT="] [/FONT] [IMG]https://i.imgur.com/CtuH4sth.jpg[/IMG] [IMG]https://i.imgur.com/icaLDneh.jpg[/IMG] [IMG]https://i.imgur.com/7IwxjGah.jpg[/IMG] [IMG]https://i.imgur.com/yWrmOgEh.jpg[/IMG] [SIZE=3][FONT="]අපේ කට්ටියගේ ෆොටෝ ෂූට් එක අවසන් වූ පසු නැවතත් අප පල්ලම් බැසීම ආරම්භ කළෙමු.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/xMYFrHFh.jpg[/IMG] [SIZE=3][FONT="]පේනවානේ අපේ බඩු තොගේ...[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/dv9tWFxh.jpg[/IMG] [SIZE=3][FONT="]පහලට පේන වංගෙඩිගල...[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][IMG]https://i.imgur.com/7jBdq6ph.jpg[/IMG] [IMG]https://i.imgur.com/wGKmwluh.jpg[/IMG] [SIZE=3][FONT="]මෙතනදි නම් අපි පුදුම දෙයක් දැක්කා..ඒ තරමක් දුරින් කුඩා දුමක් මතු වෙමින් පැවතීම ය.එය ඇති වූයේ කෙසේද යන්න අප සියල්ලටම ඇති ප්රශ්නයකි.අපේ සගයෙක් එයට වතුර දමා නිවා දැමුවා.[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/39RRKith.jpg[/IMG] [SIZE=3][FONT="]මෙහි ඇත්තේ නම් ඉතාම සීඝ්‍ර බෑවුම්..එම නිසා ෆොටෝ ගැනීමට ගොස් මරණය තෝරා ගන්නවාට වඩා ජීවිතය රැකගැනීම සුදුසු යැයි සිතමින් කිසිවකු ෆොටෝ ගැනීමට යුහුසුලු නොවීය.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/e6RhMi5h.jpg[/IMG] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මෙම ගස් නොතිබුනා නම් අපට පහලට බැසීමට නම් හැකියාවක් නොතිබිනි. පහලට බැසීමේදී පහල ඇති ගසක් අල්ලා ගැනිමට හැකිවන සේ පහලට බැසීම සිදු කලෙමු. මක් නිසා ද යන්තම් හෝ ගසක් අල්ලා ගැනීමට නොහැකි වුව හොත් අඩි සිය ගනනක් පහලින් නතර වීමට සිදු වන බැවිනි.මේ වැඩේ හරියට පොඩි කාලේ කරපු ගස් මාරු වගේ තමයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කට්ටිය මේකට නමකුත් දා ගත්තා...ගස් බ්රේක්....[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/XZw4nBWh.jpg[/IMG] [SIZE=3][FONT="] මේ ගසේ නම් දන්න එකෙක් කියපල්ලා... [IMG]https://i.imgur.com/PABQBjmh.jpg[/IMG] [/FONT] [/SIZE][SIZE=3][FONT="]මට නම් මාරම ලස්සනයි මේ ගහ.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කොහොමින් කොහොම හරි අපේ කට්ටිය කන්ද පහලට බැහැ ගත්තා.. කට්ටියගේම හොද පන ගිහින් තිබ්බේ.නමුත් පෙර දිනයේ මෙන් අප කටුක අද්දැකීම් වලට මුහුණ දීමට සිදු නොවීම කට්ටියට තරමක අස්වැසිල්ලක් විය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඊට පස්සේ තිබ්බ ලොකුම වැඩේ නම් සිරුර සැහැල්ලු කර ගැනීම ය.ඒකට නම් ඉතිං වේටින් ලිස්ට් එකක ඉන්නම උනා.තිබ්බේ එකම එක තැනයි නේ...[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඊට පස්සේ දවල්ට කාලා ආයෙත් ගියා බඹරකන්ද දිය ඇල්ල බලන්නත්... කට්ටියට අමාරුයි..ඒත් ගියා..[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/3vmQwqXh.jpg[/IMG] [IMG]https://i.imgur.com/6ht3Csch.jpg[/IMG] [IMG]https://i.imgur.com/0dMKvvuh.jpg[/IMG] [IMG]https://i.imgur.com/1sXJzpRh.jpg[/IMG] [SIZE=3][FONT="]ඇල්ල බලලා වෑන් එක ලගට එදිදි නම් අපේ කස්ටියට පාං කියා ගන්නවත් පණ නෑ...[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඊට පස්සේ කට්ටිය ගියේ ආයෙත් ඊයේ නාන්න ගිය ස්පොට් එකටමයි.ඒකේ පැය ගානක් නාලා කරලා ආපහු ගෙවල්දොරවල් බලා පිටත් වෙන්න තීරණය කලා...[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඔන්න අපේ සෙට් එක..[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/3MlYYBhh.jpg[/IMG] [SIZE=3][FONT="]සියළුම බාධක ජයගෙන එකාවන්ව සිටිමින් සහෝදරත්වයෙන් බැදෙමින් ගැහැනු පිරිමි භේදයකින් තොරව අභියෝගය ජය ගැනීමට ඒකාත්මික වූ [/FONT][/SIZE][SIZE=3][FONT="][FONT="]සොහොයුරු සොහොයුරියන්ට මාගේ [/FONT]ප්‍රණාමය.. [/FONT][/SIZE][SIZE=3][FONT="]මේ ඉන්නේ මම....[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/1BRs3tPh.jpg[/IMG] [B][SIZE=3][FONT="]අවසානයේ මේ දේ නම් කිව යුතුමය..මෙම ස්ථානයට මේ දක්වා පැමිණ ඇති දේශීය විදේශීය සංචාරකයින් මෙම සම්පත ඉතාම හොදින් රැකගෙන ඇත. සතුටුදායකම කාරණය වන්නේ වංගෙඩිගල මුදුනේ ටොපි කොලයක් වත් දක්නට නොලැබීම ය.එය නම් මහත් වූ භාග්‍යකි..මින් ඉදිරියටත් මෙම ස්ථානය මේ ආකාරයෙන්ම රැක ගැනීම රටටත් මෙවැනි උරුමයන් වලටත් ආදරය කරන ලාංකිකයන්ගේ වගකීම හා යුතුකම වේ.මෙවැනි උරුමයන් නැසී ගියහොත් නැසී යනුයේ සදහටම ය. මේවා නැවත ප්‍රති නිර්මාණය කිරීමට තියා සිතීමට වත් මිනිසාට කළ හොහැක.කළ හැක්කේ ඉදිරි පරම්පරාවට මේ උරුමයන් මේ ආකාරයටම දායාද කිරීමට අද දවසේ ඒවා හොදින් රැක ගැනීම පමණි.[/FONT][/SIZE][/B] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom