Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්

(වකුගඩු රෝග පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සදහා ඔබට මෙම ලිපියට අමතරව අපි Doctor CARE page එක හරහා පෙරදී ඉදිරිපත් කල වකුගඩු සම් බ න් ධ නොයෙකුත් රෝගී තත්ව ගැන පල කල ලිපිත් කියවා දැනුවත් වන්න පුලුවන් )

රුධිරය පිරිසිදු කරගැනීමට වත්කමක් නැති වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්

පිළිකා රෝගීන්ටත් ඒඩ්ස් රෝගීන්ටත් වඩා භයානක රෝගියකු බවට වර්තමානයේ වකුගඩු රෝගීහු පත්ව සිටිති. වකුගඩු රෝගය නිසා වසරකට ශ්‍රී ලංකාවේ මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3000 ක් පමණ වෙතැයි අනාවරණය වී තිබේ. වකුගඩු රෝගීන් බහුලව ජීවත්වන ගිරාඳුරුකෝට්ටේ වකුගඩු මාවත නමින් මාර්ගයක්ද නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ මේ තරම් වකුගඩු රෝගීන් බහුල වීමට හේතුව කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකි මුත් වකුගඩු රෝග ඇතිවීමට බලපාන හේතු සාධක රැසකට ශ්‍රී ලාංකිකයෝ මුහුණදී සිටිති.

ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, ෆ්ලෝරයිඩ් අධික කිවුල් ජලය පානය කිරීම, වසවිස සහිත ආහාර පාන බහුලව ගැනීම, ප්‍රොaටීන් අධික ආහාර ගැනීම, දිනකට සිරුරට අවශ්‍ය කරන වතුර ලීටර් දෙකක් පමණ වූ ප්‍රමාණය පානය නොකිරීම, කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම පානය සහ මෑතක සිට පවසන ආසනික් නමැති රසායනික ද්‍රව්‍ය ආහාර පාන මගින් ශරීරගත වීමද දැක්විය හැකිය. මෙම හේතු නිසා ඇතිවන වකුගඩු රෝගය රෝග කාරකය නිශ්චිතව හඳුනානොගත් වකුගඩු රෝග (Chronic Kidney Disease) ලෙස හඳුන්වයි. මෙය වර්තමානයේ බහුලව දක්නට ලැබේ.

මීට අමතරව වකුගඩු තුළ හටගන්නා ආසාධන නිසාද (IGA Nephropathy) වකුගඩු අක්‍රිය වේ.

වකුගඩු අක්‍රිය වූ පුද්ගලයකු නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් එම පුද්ගලයා ඉතා කෙටි කාලයකින් මරණයට පත්වේ. එය මාස තුනක් පමණ කාලයක් විය හැකිය.

ඊට හේතු වන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා ඉන් සිදුවන ක්‍රියාවලිය වන ශරීරයේ ඇති නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුනොවේ. ශරීරයේ ඇති වැඩිපුර ජලය මුත්‍රා මගින් පිටවීම සිදුනොවේ. රුධිරයේ රතු රුධිරානු පාලනය කරන Erythropoiention නමැති හෝමෝනය නිපදවීම වකුගඩුවලින් සිදුවීම නතර වේ. අස්ථිවල පෝෂණයට අවශ්‍ය විටමින් ඩී 3 නිපදවීම ඇනහිටී.

මෙලෙස වකුගඩුවලින් සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය සිදු නොවීමෙන් ශරීරය තුළ විෂ සහිත බව වැඩිවී රුධිරය අපිරිසිදු වේ. අපිරිසිදු රුධිරය ශරීරය තුළ ඉහළ යැමෙන් රෝගියා ඉතා ඉක්මනින් මරණයට පත්වේ.

මෙම අවාසනාවන්ත මරණයෙන් වකුගඩු රෝගියා බේරාගැනීමට නම් එම රෝගියාට ඖෂධ ප්‍රතිකාර ලබාදීම හෝ රුධිර කාන්දුකරණය (Dialysis) හෝ වකුගඩුවක් බද්ධ කිරීමක් සිදුකළ යුතුය.

ඖෂධ ප්‍රතිකාර මගින් වකුගඩු රෝගය පාලනය කළ හැක්කේ රෝගය මුල් අවස්ථාවේදීය. නමුත් වකුගඩු දෙකම අක්‍රිය වී ඇති විට ප්‍රතිකාර ලෙස රුධිර කාන්දුකරණය හෙවත් රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩුවක් බද්ධ කිරීම කළ යුතුය.

රුධිරය පිරිසිදු කිරීම සිදුකරන්නේ නම් එය සතියකට දෙවරක් කළ යුතුය. රජයේ රෝහලකින් එය නොමිලයේ සිදුකළත් ඒ සඳහා එක් වරකට රුපියල් පන්දහසක් පමණ වැයවේ. පෞද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරය ලබාගැනීමේදී එක්වරකට අවම තරමින් රුපියල් හත්දහසක් පමණ වැයවේ. සතියකට දෙවරක් රුධිරය පිරිසිදු කරමින් ජීවත්වන මුළු කාලය තුළම අඛණ්ඩව එය සිදුකිරීම ආර්ථික වශයෙන් පහසු කාර්යයක් නොවේ.

වකුගඩුවක් බද්ධ කිරීම සඳහා ඊට ගැලපෙන නිරෝගී වකුගඩුවක් සොයා ගැනීමද දුෂ්කරය.

මේ අනුව වකුගඩු රෝගියකුට ඇති එකම විසඳුම මියයැමද? කියා දැන් ඔබට සිතෙනු ඇත.

නැත... එසේ වකුගඩු රෝගීන් මියයා යුතු නැත. ඒ සඳහා විසඳුම් දෙන්නට මහනුවර මහරෝහලේ වකුගඩු රෝග ඒකකය ඉදිරිපත් වී සිටී. ඒ සම්බන්ධව එම රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා අප සමඟ මෙසේ පැවැසීය.

වස විෂ වලින් තොර ආහාර ගත්තත් අධිරුධිර පීඩනය, දියවැඩියාව පාලනය කළත් වකුගඩු තුළ හටගන්නා ආසාදන නිසා වකුගඩු අක්‍රියවීම අපට පාලනය කරන්න බැහැ. කළ හැක්කේ එවැනි රෝගීන්ට රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරය හෝ වකුගඩුවක් බද්ධ කිරීමේ ප්‍රතිකාරයක් සිදුකිරීමයි. එම ප්‍රතිකාර මගින් රෝගියාට වසර 15 ක් 20 ක් පමණ ජීවත්විය හැකියි. එපමණ කලක් ජීවත් විය හැක්කේ නිරෝගී සෞඛ්‍ය පුරුදු මත දිවි ගෙවීමෙනි.

මහනුවර මහ රෝහලේ ඉදිකර තිබෙන වකුගඩු ඒකකය තුළ රුධිර පිරිසිදු කිරීමේ යන්ත්‍ර 35 ක් තියෙනවා. දවසකට රෝගීන් 80 ක් පමණ දෙනාගේ රුධිරය පිරිසිදු කරනවා. එක් රෝගියකුගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා පැය හතරක් පමණ යනවා. නමුත් දිනපතා අප වෙතට එන වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා. එනිසා නව රුධිර පිරිසිදු කිරීමේ ඒකකයක අවශ්‍යතාවය තදින්ම දැනී තිබෙනවා. එසේම ප්‍රාදේශීය මට්ටමින් රුධිරය පිරිසිදු කිරීමේ ඒකක පිහිටුවීමත් වර්තමානයේ අත්‍යවශ්‍ය පහසුකම් බවට පත්වෙමින් පවතිනවා.

මෙවැනි ප්‍රතිකාර ඒකකවල ඇති පහසුකම් මගින් රෝගියකුට ඉතා සහනදායී මිලකට ප්‍රතිකාර ලබාදිය හැකියි. නමුත් මෙය අපට තනිවම හෝ රජයේ ආධාර මත කරන්න බැහැ. එබැවින් අප මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ මහනුවර වකුගඩු ආරක්ෂක සංගමය එක්වී නව ප්‍රාදේශීය රුධිර කාන්දුකරණ ඒකකයක් (Satellite Dialysis Unit) පිහිටුවන්න සැලසුම් කර තිබෙනවා. එමගින් වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණ පහසුකම් සහ වකුගඩු බද්ධ කිරීමේ පහසුකම් ඉතා සහනදායී මිලකට සැලසීමට පියවර ගන්නවා. වකුගඩු බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශීලීන් හොයාගන්න අමාරුයි. එනිසා හදිසි අනතුරකින් සිදුවන මොළයේ මරණයට පත්වූ අයගෙන් වකුගඩු අරගෙන බද්ධ කිරීමත් දැනට අප සිදුකරනවා. එවැනි වකුගඩු බද්ධ කිරීම් 27 ක් සාර්ථකව සිදුකර තිබෙනවා.

රුධිරය පිරිසිදු කිරීමට වඩා වකුගඩු බද්ධ කිරීම ඉතා සංකීර්ණ ප්‍රතිකාරයකි. ඒ ගැන මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී. කේ. හරිස්චන්ද්‍ර මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

කුමන හේතුවක් නිසා හෝ වකුගඩු අක්රියවූ විට එවැනි රෝගීන්ට වකුගඩුවක් බද්ධ කළොත් එම තැනැත්තා තම ජීවිත කාලයම ඉතා සැලකිලිමත්ව ජීවිතය ගත කළ යුතුයි. මොකද වකුගඩුවක් බද්ධ කළ රෝගියාගේ සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකළ යුතුයි. එසේ කරන්නේ අලුතින් බද්ධ කළ වකුගඩුවට එරෙහිව සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් එල්ලවන බලපෑම් අවම කිරීමටයි. එනිසා ඔවුනට ඉතා පහසුවෙන් ආසාධන රෝග වැළඳිය හැකියි. මෙම තත්ත්වය නිසා වකුගඩු බද්ධ කළ රෝගීන් සාමාන්‍ය ගමන් බිමන් යන විට විෂබීජ ශරීර ගතවීම වළක්වා ගැනීමට මුව ආවරණයක් පැළඳගෙන යැම කළ හැකියි. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.

වකුගඩු අක්‍රිය බව හදුනා ගන්නා හැටි

වකුගඩු අක්‍රිය වීම හඳුනාගත හැක්කේ මුත්‍රා පරීක්ෂාවක් සිදු කිරීමෙනි. යම් පුද්ගලයකුගේ මුත්‍රා පිටවීමේ අක්‍රමවත් බවක් ඇතිවීම, කෑම අරුචිය, හුස්ම ගැනීමේ අපහසුතාව, ශරීරය ඉදිමුම, ඇවිදින විට හතිය ඇතිවීම වැනි රෝග ලක්ෂණ මතුවන්නේ නම් එම තැනැත්තා වකුගඩු අක්‍රිය වීමේ තත්ත්වයට පත්ව ඇතැයි අනුමාන කළ හැකිය. එය තහවුරු කර ගැනීමට වෛද්‍ය උපදෙස් මත මුත්‍රා සහ රුධිර පරීක්ෂාවක් සිදුකිරීමෙන් පිළිවන.

වකුගඩු රැකගැනීම

දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇත්නම් එය මනාව පාලනය කරගත යුතුය. තෙල්, ලුණු සහ සීනි භාවිතය අවම කර එළවළු පලතුරු ආදිය වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය. ප්‍රොaටීන් බහුල ආහාර අධිකව ගැනීමෙන් වැළකිය යුතුය. දිනකට වතුර වීදුරු 10 ක් 15 ක් පමණ පානය කිරීම අවශ්‍යය. කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම, ක්ෂණික ආහාර ගැනීමෙන් වලකින්න. තමාට ගැලපෙන පහසු ශාරීරික ව්‍යායාම් වල යෙදෙන්න. උසට සරිලන බරක් (BMI) පවත්වාගෙන යන්න. මනස සැහැල්ලුව තබාගන්න. මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් වලකින්න. මාස 06 කට වරක්වත් රුධිර පීඩනය රුධිරයේ සීනි සාන්ද්‍රණය මැනගන්න. සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයකට (UFR) යොමුවන්න.

වකුගඩු රෝගීන්ට හිතකර ආහාර

වකුගඩු රෝගීන්ට වඩාත් සුදුසු ආහාර වර්ග වනුයේ බත්, පාන්, ඉදිආප්ප, රොටි, පිට්ටු, අල, බතල, මඤaෙඤdක්කා වැනි ආහාර වර්ගය.

සුළු වශයෙන් ගත හැකි ආහාර

පුඩින්, වටලප්පන්, අයිස්ක්‍රීම්, සීනි, පැණි දමා සාදන ලද කෑම වර්ග, කෝන් පිටි, කස්ටඩ් වර්ග වලින් සාදන ආහාර කෙසෙල් ගෙඩි, දිවුල්, දූරියන්, අලිගැට පේර, බටර්, චීස්, එළගිතෙල්, මීකිරි, හරක් මස්, ඌරුමස්, කුකුළු මස්, පීකුදු, සොසේජස්, බේකන් වර්ග බිත්තර කහමද, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, පොකිරිස්සෝ, ගොටුකොළ, නිවිති වැනි පළා වර්ග දිනකට මේස හැන්දක් පමණ ආහාරයට ගන්න.

නොගත යුතු ආහාර

අධික ලුණු සහිත ආහාර වර්ග වන අච්චාරු, ලුණුදෙහි, චට්නි, සුප්කැට, සුප් පැකට්, සෝස් වර්ග, මාමයිට්, කරවල, ජාඩි වර්ග, ටින් කරන ලද පලතුරු වර්ග, ටින් කරන ලද මාළු මස්, එළවළු වර්ග, පොප් කෝන්, ලුණු සහිත බිස්කට් වර්ග ලුණු එකතු කරන ලද ඇටවර්ග, අමු එළවළු වර්ග, එළවළු සලාද, එළවළු සුප්, තැඹිලි, කුරුම්බා, ක්ෂණික පලතුරු බීම, බෝතල් බීම, චොක්ලට් වර්ග, දොඩම්, නාරං, දෙහි, මෝල්ටඩ්, මිශ්‍ර කිරි, උකු කිරි, බීම වර්ග, ඉරමුසු, පොල්පලා, කසාය වැනි කොළ වර්ග තම්බාගත් වතුර ආහාරයට නොගත යුතුය.

එළවළු සුප් පානය කිරීමට අවශ්‍ය නම් ඒවා හීනියට කපාගෙන උණු වතුරේ පැයක් පමණ දමා ඉන්පසු වතුර ඉවත්කර ආහාරයට ගැනීම සුදුසුය.

මහනුවර ඉදිකිරීමට යෝජිත Satellite Dialysis Unit සම්බන්ධව වැඩිදුර තොරතුරු www.kandykps.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර

වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර

උපාලි ද සේරම්

DIVAINA

[QUOTE="ඇම්ඩගේ තාත්ත, post: 16306599, member: 477839"] [b]වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්[/b] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1653624_517858494996714_1743871002_n.jpg[/IMG] [SIZE="4"](වකුගඩු රෝග පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සදහා ඔබට මෙම ලිපියට අමතරව අපි Doctor CARE page එක හරහා පෙරදී ඉදිරිපත් කල වකුගඩු සම් බ න් ධ නොයෙකුත් රෝගී තත්ව ගැන පල කල ලිපිත් කියවා දැනුවත් වන්න පුලුවන් ) රුධිරය පිරිසිදු කරගැනීමට වත්කමක් නැති වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක් පිළිකා රෝගීන්ටත් ඒඩ්ස් රෝගීන්ටත් වඩා භයානක රෝගියකු බවට වර්තමානයේ වකුගඩු රෝගීහු පත්ව සිටිති. වකුගඩු රෝගය නිසා වසරකට ශ්‍රී ලංකාවේ මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3000 ක් පමණ වෙතැයි අනාවරණය වී තිබේ. වකුගඩු රෝගීන් බහුලව ජීවත්වන ගිරාඳුරුකෝට්ටේ වකුගඩු මාවත නමින් මාර්ගයක්ද නම් කර ඇත. ශ්‍රී ලංකාවේ මේ තරම් වකුගඩු රෝගීන් බහුල වීමට හේතුව කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකි මුත් වකුගඩු රෝග ඇතිවීමට බලපාන හේතු සාධක රැසකට ශ්‍රී ලාංකිකයෝ මුහුණදී සිටිති. ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, ෆ්ලෝරයිඩ් අධික කිවුල් ජලය පානය කිරීම, වසවිස සහිත ආහාර පාන බහුලව ගැනීම, ප්‍රොaටීන් අධික ආහාර ගැනීම, දිනකට සිරුරට අවශ්‍ය කරන වතුර ලීටර් දෙකක් පමණ වූ ප්‍රමාණය පානය නොකිරීම, කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම පානය සහ මෑතක සිට පවසන ආසනික් නමැති රසායනික ද්‍රව්‍ය ආහාර පාන මගින් ශරීරගත වීමද දැක්විය හැකිය. මෙම හේතු නිසා ඇතිවන වකුගඩු රෝගය රෝග කාරකය නිශ්චිතව හඳුනානොගත් වකුගඩු රෝග (Chronic Kidney Disease) ලෙස හඳුන්වයි. මෙය වර්තමානයේ බහුලව දක්නට ලැබේ. මීට අමතරව වකුගඩු තුළ හටගන්නා ආසාධන නිසාද (IGA Nephropathy) වකුගඩු අක්‍රිය වේ. වකුගඩු අක්‍රිය වූ පුද්ගලයකු නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් එම පුද්ගලයා ඉතා කෙටි කාලයකින් මරණයට පත්වේ. එය මාස තුනක් පමණ කාලයක් විය හැකිය. ඊට හේතු වන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා ඉන් සිදුවන ක්‍රියාවලිය වන ශරීරයේ ඇති නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුනොවේ. ශරීරයේ ඇති වැඩිපුර ජලය මුත්‍රා මගින් පිටවීම සිදුනොවේ. රුධිරයේ රතු රුධිරානු පාලනය කරන Erythropoiention නමැති හෝමෝනය නිපදවීම වකුගඩුවලින් සිදුවීම නතර වේ. අස්ථිවල පෝෂණයට අවශ්‍ය විටමින් ඩී 3 නිපදවීම ඇනහිටී. මෙලෙස වකුගඩුවලින් සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය සිදු නොවීමෙන් ශරීරය තුළ විෂ සහිත බව වැඩිවී රුධිරය අපිරිසිදු වේ. අපිරිසිදු රුධිරය ශරීරය තුළ ඉහළ යැමෙන් රෝගියා ඉතා ඉක්මනින් මරණයට පත්වේ. මෙම අවාසනාවන්ත මරණයෙන් වකුගඩු රෝගියා බේරාගැනීමට නම් එම රෝගියාට ඖෂධ ප්‍රතිකාර ලබාදීම හෝ රුධිර කාන්දුකරණය (Dialysis) හෝ වකුගඩුවක් බද්ධ කිරීමක් සිදුකළ යුතුය. ඖෂධ ප්‍රතිකාර මගින් වකුගඩු රෝගය පාලනය කළ හැක්කේ රෝගය මුල් අවස්ථාවේදීය. නමුත් වකුගඩු දෙකම අක්‍රිය වී ඇති විට ප්‍රතිකාර ලෙස රුධිර කාන්දුකරණය හෙවත් රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩුවක් බද්ධ කිරීම කළ යුතුය. රුධිරය පිරිසිදු කිරීම සිදුකරන්නේ නම් එය සතියකට දෙවරක් කළ යුතුය. රජයේ රෝහලකින් එය නොමිලයේ සිදුකළත් ඒ සඳහා එක් වරකට රුපියල් පන්දහසක් පමණ වැයවේ. පෞද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරය ලබාගැනීමේදී එක්වරකට අවම තරමින් රුපියල් හත්දහසක් පමණ වැයවේ. සතියකට දෙවරක් රුධිරය පිරිසිදු කරමින් ජීවත්වන මුළු කාලය තුළම අඛණ්ඩව එය සිදුකිරීම ආර්ථික වශයෙන් පහසු කාර්යයක් නොවේ. වකුගඩුවක් බද්ධ කිරීම සඳහා ඊට ගැලපෙන නිරෝගී වකුගඩුවක් සොයා ගැනීමද දුෂ්කරය. මේ අනුව වකුගඩු රෝගියකුට ඇති එකම විසඳුම මියයැමද? කියා දැන් ඔබට සිතෙනු ඇත. නැත... එසේ වකුගඩු රෝගීන් මියයා යුතු නැත. ඒ සඳහා විසඳුම් දෙන්නට මහනුවර මහරෝහලේ වකුගඩු රෝග ඒකකය ඉදිරිපත් වී සිටී. ඒ සම්බන්ධව එම රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා අප සමඟ මෙසේ පැවැසීය. වස විෂ වලින් තොර ආහාර ගත්තත් අධිරුධිර පීඩනය, දියවැඩියාව පාලනය කළත් වකුගඩු තුළ හටගන්නා ආසාදන නිසා වකුගඩු අක්‍රියවීම අපට පාලනය කරන්න බැහැ. කළ හැක්කේ එවැනි රෝගීන්ට රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරය හෝ වකුගඩුවක් බද්ධ කිරීමේ ප්‍රතිකාරයක් සිදුකිරීමයි. එම ප්‍රතිකාර මගින් රෝගියාට වසර 15 ක් 20 ක් පමණ ජීවත්විය හැකියි. එපමණ කලක් ජීවත් විය හැක්කේ නිරෝගී සෞඛ්‍ය පුරුදු මත දිවි ගෙවීමෙනි. මහනුවර මහ රෝහලේ ඉදිකර තිබෙන වකුගඩු ඒකකය තුළ රුධිර පිරිසිදු කිරීමේ යන්ත්‍ර 35 ක් තියෙනවා. දවසකට රෝගීන් 80 ක් පමණ දෙනාගේ රුධිරය පිරිසිදු කරනවා. එක් රෝගියකුගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා පැය හතරක් පමණ යනවා. නමුත් දිනපතා අප වෙතට එන වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා. එනිසා නව රුධිර පිරිසිදු කිරීමේ ඒකකයක අවශ්‍යතාවය තදින්ම දැනී තිබෙනවා. එසේම ප්‍රාදේශීය මට්ටමින් රුධිරය පිරිසිදු කිරීමේ ඒකක පිහිටුවීමත් වර්තමානයේ අත්‍යවශ්‍ය පහසුකම් බවට පත්වෙමින් පවතිනවා. මෙවැනි ප්‍රතිකාර ඒකකවල ඇති පහසුකම් මගින් රෝගියකුට ඉතා සහනදායී මිලකට ප්‍රතිකාර ලබාදිය හැකියි. නමුත් මෙය අපට තනිවම හෝ රජයේ ආධාර මත කරන්න බැහැ. එබැවින් අප මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ මහනුවර වකුගඩු ආරක්ෂක සංගමය එක්වී නව ප්‍රාදේශීය රුධිර කාන්දුකරණ ඒකකයක් (Satellite Dialysis Unit) පිහිටුවන්න සැලසුම් කර තිබෙනවා. එමගින් වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණ පහසුකම් සහ වකුගඩු බද්ධ කිරීමේ පහසුකම් ඉතා සහනදායී මිලකට සැලසීමට පියවර ගන්නවා. වකුගඩු බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශීලීන් හොයාගන්න අමාරුයි. එනිසා හදිසි අනතුරකින් සිදුවන මොළයේ මරණයට පත්වූ අයගෙන් වකුගඩු අරගෙන බද්ධ කිරීමත් දැනට අප සිදුකරනවා. එවැනි වකුගඩු බද්ධ කිරීම් 27 ක් සාර්ථකව සිදුකර තිබෙනවා. රුධිරය පිරිසිදු කිරීමට වඩා වකුගඩු බද්ධ කිරීම ඉතා සංකීර්ණ ප්‍රතිකාරයකි. ඒ ගැන මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී. කේ. හරිස්චන්ද්‍ර මහතා පැහැදිලි කළේ මෙලෙසිනි. කුමන හේතුවක් නිසා හෝ වකුගඩු අක්රියවූ විට එවැනි රෝගීන්ට වකුගඩුවක් බද්ධ කළොත් එම තැනැත්තා තම ජීවිත කාලයම ඉතා සැලකිලිමත්ව ජීවිතය ගත කළ යුතුයි. මොකද වකුගඩුවක් බද්ධ කළ රෝගියාගේ සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකළ යුතුයි. එසේ කරන්නේ අලුතින් බද්ධ කළ වකුගඩුවට එරෙහිව සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් එල්ලවන බලපෑම් අවම කිරීමටයි. එනිසා ඔවුනට ඉතා පහසුවෙන් ආසාධන රෝග වැළඳිය හැකියි. මෙම තත්ත්වය නිසා වකුගඩු බද්ධ කළ රෝගීන් සාමාන්‍ය ගමන් බිමන් යන විට විෂබීජ ශරීර ගතවීම වළක්වා ගැනීමට මුව ආවරණයක් පැළඳගෙන යැම කළ හැකියි. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. වකුගඩු අක්‍රිය බව හදුනා ගන්නා හැටි වකුගඩු අක්‍රිය වීම හඳුනාගත හැක්කේ මුත්‍රා පරීක්ෂාවක් සිදු කිරීමෙනි. යම් පුද්ගලයකුගේ මුත්‍රා පිටවීමේ අක්‍රමවත් බවක් ඇතිවීම, කෑම අරුචිය, හුස්ම ගැනීමේ අපහසුතාව, ශරීරය ඉදිමුම, ඇවිදින විට හතිය ඇතිවීම වැනි රෝග ලක්ෂණ මතුවන්නේ නම් එම තැනැත්තා වකුගඩු අක්‍රිය වීමේ තත්ත්වයට පත්ව ඇතැයි අනුමාන කළ හැකිය. එය තහවුරු කර ගැනීමට වෛද්‍ය උපදෙස් මත මුත්‍රා සහ රුධිර පරීක්ෂාවක් සිදුකිරීමෙන් පිළිවන. වකුගඩු රැකගැනීම දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇත්නම් එය මනාව පාලනය කරගත යුතුය. තෙල්, ලුණු සහ සීනි භාවිතය අවම කර එළවළු පලතුරු ආදිය වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය. ප්‍රොaටීන් බහුල ආහාර අධිකව ගැනීමෙන් වැළකිය යුතුය. දිනකට වතුර වීදුරු 10 ක් 15 ක් පමණ පානය කිරීම අවශ්‍යය. කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම, ක්ෂණික ආහාර ගැනීමෙන් වලකින්න. තමාට ගැලපෙන පහසු ශාරීරික ව්‍යායාම් වල යෙදෙන්න. උසට සරිලන බරක් (BMI) පවත්වාගෙන යන්න. මනස සැහැල්ලුව තබාගන්න. මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් වලකින්න. මාස 06 කට වරක්වත් රුධිර පීඩනය රුධිරයේ සීනි සාන්ද්‍රණය මැනගන්න. සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයකට (UFR) යොමුවන්න. වකුගඩු රෝගීන්ට හිතකර ආහාර වකුගඩු රෝගීන්ට වඩාත් සුදුසු ආහාර වර්ග වනුයේ බත්, පාන්, ඉදිආප්ප, රොටි, පිට්ටු, අල, බතල, මඤaෙඤdක්කා වැනි ආහාර වර්ගය. සුළු වශයෙන් ගත හැකි ආහාර පුඩින්, වටලප්පන්, අයිස්ක්‍රීම්, සීනි, පැණි දමා සාදන ලද කෑම වර්ග, කෝන් පිටි, කස්ටඩ් වර්ග වලින් සාදන ආහාර කෙසෙල් ගෙඩි, දිවුල්, දූරියන්, අලිගැට පේර, බටර්, චීස්, එළගිතෙල්, මීකිරි, හරක් මස්, ඌරුමස්, කුකුළු මස්, පීකුදු, සොසේජස්, බේකන් වර්ග බිත්තර කහමද, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, පොකිරිස්සෝ, ගොටුකොළ, නිවිති වැනි පළා වර්ග දිනකට මේස හැන්දක් පමණ ආහාරයට ගන්න. නොගත යුතු ආහාර අධික ලුණු සහිත ආහාර වර්ග වන අච්චාරු, ලුණුදෙහි, චට්නි, සුප්කැට, සුප් පැකට්, සෝස් වර්ග, මාමයිට්, කරවල, ජාඩි වර්ග, ටින් කරන ලද පලතුරු වර්ග, ටින් කරන ලද මාළු මස්, එළවළු වර්ග, පොප් කෝන්, ලුණු සහිත බිස්කට් වර්ග ලුණු එකතු කරන ලද ඇටවර්ග, අමු එළවළු වර්ග, එළවළු සලාද, එළවළු සුප්, තැඹිලි, කුරුම්බා, ක්ෂණික පලතුරු බීම, බෝතල් බීම, චොක්ලට් වර්ග, දොඩම්, නාරං, දෙහි, මෝල්ටඩ්, මිශ්‍ර කිරි, උකු කිරි, බීම වර්ග, ඉරමුසු, පොල්පලා, කසාය වැනි කොළ වර්ග තම්බාගත් වතුර ආහාරයට නොගත යුතුය. එළවළු සුප් පානය කිරීමට අවශ්‍ය නම් ඒවා හීනියට කපාගෙන උණු වතුරේ පැයක් පමණ දමා ඉන්පසු වතුර ඉවත්කර ආහාරයට ගැනීම සුදුසුය. මහනුවර ඉදිකිරීමට යෝජිත Satellite Dialysis Unit සම්බන්ධව වැඩිදුර තොරතුරු [url]www.kandykps.org[/url] වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. [/SIZE] [I][B]වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර වකුගඩු බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර උපාලි ද සේරම් DIVAINA [/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom