Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වකුගඩු සටන !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘වකුගඩු සටන’

ඇඟ හිිරි වැටෙන පොතක්!

(ක්රිෂ්ණ විජේබණ්ඩාර)

බොහොමයක් විද්වතුන්ට අනුව, රජරට ප්‍රදේශයෙන් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට නිශ්චිත හේතුකාරකයක් තවම සොයා ගෙන නැත! එයට ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ සහ ඒවා මහ පොළොවට ගෙන එන කෘෂි රසායන බලපාන්නේ යයි කීම, තවම තහවුරු නොවූ කතාවකි!

විද්වතුන් යයි පෙනී සිටින පිරිසක් පතුරුවන මෙම මතවාදය හරියට, ‘අසුවල් එක හංගා ගෙන වෘෂණ කෝෂ මගින් අවල කෙළියේ යෙදෙන්නේ යයි කියන’ ගමේ කතාව සිහි ගන්වයි! මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහවල ක්‍රියාකාරිත්වය බව, ලොව මහත් සම්භාවනාවට පාත්‍ර වූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවී තිබීම, ඊට හේතුව ය. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. එසේ තිබිය දීත් සමහර පිරිස් තම ‘අහවල් එක’ සඟවා ගෙන කතා කරති!

මෙබඳු පූර්විකාවක් සටහන් කරන්නට සිතුණේ, පසුගිය දා (අගෝස්තු 02 වැනි දා) නිකුත්වූ ‘වකුගඩු සටන’ ග්‍රන්ථය කියවීමෙන් පසුව ය. කෘතියෙහි කතුවරයා, ලංකාවේ කෙරුණු සුප්‍රකට වකුගඩු රෝග ඵර්යේෂණයේ නියමුවා වන ආචාර්ය චන්න සුදත් ජයසුමන සූරීහු ය. වෛද්‍යවරයෙකු ද වන හෙතෙම, රජරට විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහුගේ ග්රන්ථයෙහි පිටු සංඛ්‍යාව 478කි. එය පුරාවට සිය වකුගඩු රෝග පර්යේෂණය ගැන සවිස්තර කතා පුවත ඔහු විසින් හෙළිදරව්කර තිබේ. ‘වකුගඩු සටන’, එක හුස්මට කියවා ගෙන යා හැකි තරම් අගනා සරල ශෛලියකින් ලියැවී ඇති, පාඨකයාගේ මනස බුද්ධියෙන් පුබුදුවන දැනුම් සම්භාරයකින් හෙබි ග්රන්ථයකි. එය පළකර ඇත්තේ ‘සරසවි ප්‍රකාශකයන්’ ය.

රජරටින් ඇරඹී, රට පුරා පැතිරෙමින් යන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුකාරක කවරේදැයි විස්තර කරන අතරතුර ඔහු, අතුරු කාරණා කිහිපයක් ද අපට කියා දෙයි. ඉන් එකක් නම්, කෘෂි රසායන සම්බන්ධයෙන් වෙළෙඳ සමාගම් එල්ල කරන බලපෑම සහ ඒ පිටුපස සැඟව ඇති දේශපාලනයයි. අනෙක, කෘෂි රසායන පේ‍්‍රමී උගතුන්, ඊට එරෙහි වන අය කෙරෙහි පතුරුවන වෛරී ක්‍රියාමාර්ග සමූහයයි. ඉන් ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රය කොතෙක් දුරට කුණුවී තිබේ ද? යන කාරණය ගැන ද පාඨකයා දැනුවත් කෙරේ.

ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, ‘කෘෂි රසායන වෙළෙඳ මාෆියාව’, ආණ්ඩුවලටත් වඩා ප්‍රබල භූමිකාවක් රඟ දක්වයි!

චන්න ජයසුමනයන් සිය ග්‍රන්ථයෙන් හෙළිකරන කාරණා සම්භාරය, යමෙකුගේ ඇඟ හිරි වැටෙන තරම් ය! එය ඇත්තටම සැබෑ සටනකි.

එබැවින් නව ග්‍රන්ථය ගැන මෙන්ම, ඉන් මතු කෙරෙන කාරණා සම්බන්ධයෙන් ද යමක් ලියා තැබීම සමාජ යුතුකමක් සේ දකින්නෙමි. එය ඔහු වැනි යහපත් පර්යේෂකයන්ට ද, ඊට සහාය දුන් සැමට ද කෙරෙන ගෞරවයක් වන්නේ ය.

‘වකුගඩු සටන’ කෘතියෙහි සඳහන් වන ආකාරයට, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුලින්ම නිරීක්ෂණයවී තිබුණේ 1990 දශකය මැද භාගයේ ය. ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ගොවි ජනපද ප්‍රදේශයෙනි. ඉන් පසුව අද වන විට එය ලංකාවේ වියලි කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශ ගණනාවක පැතිරෙමින් තිබේ.

චන්න ජයසුමනයන් රැුස් කළ තොරතුරු අනුව, එදා පටන් අද දක්වා අඩු තරමින් පුද්ගලයන් 18,000ත් 22,000ත් අතර සංඛ්‍යාවක් රෝගයෙන් මියගොස් තිබේ. මේ වන විට රෝගය වැළ`දී ඇති ජන සංඛ්‍යාව 75,000කට ආසන්න බව කියනු ලැබේ. තවත් දහස් ගණනක පිරිසක් තමන්ට රෝගය වැළ`දී ඇති බවක් නො දැන ජීවත් වෙමින් සිටිති.

චන්න ජයසුමනයන් කියන හැටියට, බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ක්‍රමවේද අනුව, නිදන්ගත වකුගඩු රෝගයට කෙරෙන ප්‍රතිකාර, ‘බෝල එන හැටියට බැට් කිරීමක්’ බඳු ය. (පිටුව-51) එසේම රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය යනු, පුද්ගලයෙකු ජීවත් කරවන ප්‍රතිකාරයක් නොවේ. එය මරණය පමා කරන ක්රමවේදයකි! (පිටුව-53)

එහි තේරුම, යම් හෙයකින් රෝගය වැළඳුන හොත් මරණය ඒකාන්ත වන බවයි!

කෙසේ වෙතත්, චන්න ජයසුමනයන් කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා යම් යම් ප්‍රතිකාර ඇති බවයි. තමන් ඒවා ගැන තොරතුරු සෙවීමෙහි ද නියැලෙමින් සිටින බවයි.

පර්යේෂණ මගින් හෙළිවූ අන්දමට, රෝගය වැඩිපුරම වැළඳී ඇත්තේ ‘කිවුල් ජලය’ පානය කරන්නට සිදුවූ පිරිසට ය. ඔවුන් පානය සඳහා ජලය සපයා ගෙන ඇත්තේ නො ගැඹුරු ළිං මගිිනි. රෝගය වැළදුණු බහුතරය රටේ වියලි කලාපීය ජනපදවල වෙසෙන ගොවීන් ය.

රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික් සහ කැඞ්මියම් ඇතුළු බැර ලෝහ බව කලින් ද පැවසුවෙමු. පර්යේෂණවලින් අනාවරණය වූයේ රෝගයට ගොදුරුවූ අයගේ මුත්‍රා, හිස කෙස් සහ නියපොතු ආදියෙහි ආසනික් සහ බැර ලෝහ අන්තර්ගතව ඇති බවයි! ඒවා ශරීරයට ලැබී ඇත්තේ බැර ලෝහ සහිත පළිබෝධනාශක හ කෘතිම රසායනික පොහොර යොදා නිපදවන සහල්වල බත අනුභව කිරීමෙනි. බතින් ලැබෙන විෂ, පානය කරන කිවුල් ජලය සමග සංයෝග වීමෙන් රෝගය හට ගන්නා බව හෙළි විණි.

කරුණු මෙසේ වුව ද, ඇතැම් උගතුන් මේ කාරණා පිළිිගැනීමට කොහෙත්ම සූදානම් නැත. ඊට හේතුව වන්නේ, ඔවුන් කෘෂි රසායන වෙළෙඳ සමාගම්වල ක්‍රියාවලිය කෙරෙහි ඇති දැඩි කැමැත්තයි! කැමැත්ත හට ගෙන ඇත්තේ රුපියල් හෝ ඩොලර් ලැබීමේ පදනමිනි! විදෙස් සංචාර හෝ වෙනත් වරදාන සහ වරප්‍රසාද ලැබීමේ පදනමිනි!

ලංකාවේ කෙරුණු නිදන්ගත වකුගඩු රෝග පර්යේෂණයේ නියමුවා වූයේ චන්න ජයසුමනයන් ය. ඒ සඳහා ඔහුට, මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ සහ ප්‍රියන්තා සේනානායක ඇතුළු විද්වත් පිරිසකගේ මගපෙන්වීම ලැබිණි. ඇමරිකාවේ කැලිපෝනියාවේ කළ පර්යේෂණ කොටස් ස`දහා මහාචාර්ය සරත් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශකත්වය හිමි විය. මෙම කටයුතු සඳහා අති විශාල පිරිසක් පසුබිමෙහි සිටිමින් සහාය දී තිබේ. පර්යේෂණ කටයුතු කෙරුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ දී ය.

අනාදිමත් කාලයක් මුළුල්ලේ ලංකාවේ පැවති බහු වැදෑරුම් ක්‍රම ශිල්පයකි. එයට ආහාර විහරණය, ශාක ඖෂධ භාවිතය, රස වෙදකම, නාඩි ශාස්ත්‍රය, ආදිය මෙන්ම භෞතික ලෝකයට නො පෙනෙන බලවේගවල ශක්තිය ද යොදා ගැනුණු බව ප්‍රකට ය. යන්ත්‍ර-මන්ත්‍ර, බලි-තොවිල්, ශාන්තිකර්ම සහ ජ්‍යෝතිෂ්‍ය මෙන්ම විවිධ පුද පූජා, බුදු ගුණ කවි සහ පිරිත් ආදිය ද එයට භාවිත කෙරිණි. ‘සිංහල වෙදකම’ නමින් ප්‍රකට වූ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය, බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වන්නට පෙර රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය විය. එය බොහෝ කාලයක් මුළුල්ලේ ලක් වැසියන් සුවපත් කිරීමට යොදා ගැනුණි.

චන්න ජයසුමනයන් ඇතුළු පිරිසගේ වකුගඩු රෝග පර්යේෂණය ද, එවන් ආභාෂයක් ලැබූ බව පෙනේ. ඒ, යම් යම් කාරණා සඳහා නාථ දෙවියන්ගේ මග පෙන්වීම් ද දායකකර ගැනීමෙනි. නවීන විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා නො පෙනෙන බලවේගවල පිහිට ලබා ගැනීම අති විශාල ලෙස විවේචනයට ද ලක් විය. ‘වකුගඩු සටන’ ග්‍රන්ථයේ චන්න මෙසේ කියයි.

‘ථෙරවාදී බුදු දහම ගැන හොඳ අවබෝධයකින් පසුවූ මට දෙවියන්, බඹුන්, භූතයන් හෝ වෙනත් ඇසට නො පෙනෙන ජීව කොටසක සම්මුති පැවැත්ම ගැන ප්‍රශ්නයක් නො වීය.’ (පිටුව-100)

චන්න කියන හැටියට, කිවුල් ජලය පානය කරන ප්‍රදේශවල අයට රෝගය වැළඳීමට හේතුව ආසනික් විය හැකි බවට මුල්ම අනුමානය ලැබී ඇත්තේ එතැනිනි!

නවීන විද්‍යාත්මක පර්යේෂණයකට නාථ දෙවියන් ගාවා ගැනීම, යම් විසම්මුති බවක් ජනිත කරවන බව ඇත්ත ය. එහෙත් ආසනික් ඇතුළු බැර ලෝහ කතාව පර්යේෂණය මගින් ද සනාථ විය. එසේම නාථ දෙවියන් සමග කොහෙත්ම සම්බන්ධයක් නො පැවති ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණයෙන් ද ඒ බව සනාථ විය. දෙවියන්ගේ බැල්ම කෙසේ වෙතත්, පර්යේෂණය ඔස්සේ සත්‍යය මතුකර ගැනීම පිණිස ඉන් මහත් පිටිවහලක් ලැබුණු බව පිළිගැනීමට සිදු වේ.

නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි ‘ග්ලයිපොසේට්’ අඩංගු වල්නාශක වර්ග බලපාන බව සොයා ගැනීම, විශේෂ කාරණයක් විය. ඒ සඳහා පර්යේෂණ කෙරුණේ, ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ ද සහායෙනි. ග්ලයිපොසේට් අනාවරණයකර ගැනීම, අපේ රටේ පමණක් නොව ලෝකයේ ද මහත් ආන්දෝලනයට තුඩු දුන් බව ග්රන්ථයෙහි සඳහන් වේ. ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන නිපදවා ලෝකයට බෙදා හරින්නේ ඇමරිකාවේ ‘මොන්සැන්ටෝ’ සමාගමයි. එය ලොව කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඉතා ප්‍රබල වෙළෙඳ සමාගමකි.

ග්ලයිපොසේට් අනාවරණය වීමත් සමගම, සමාගමට හිතවත් බලවේග චන්න ජයසුමනලාට එල්ල කරන්නේ විශාල පීඩනයකි. මේ හෙළිදරව්ව බොරුවක් බව ඔප්පු කරන්නට ඔවුන් දැරූ උත්සාහය අති විශාල ය.

ග්ලයිපොසේට් යනු කොල පැහැයෙන් යුත් සියලූම ශාක විනාශකර දමන රසායනයකි. එබැවින් වගා බිම් සකස් කිරීමේ දී ඉහළ ඵලදායකත්වයක් හිමිකර ගනියි. ඒවා මුලින්ම ලංකාවේ භාවිතකර ඇත්තේ 1983 වසරේ දී පමණ ය.

චන්න සිය කෘතියේ ස`දහන් කරන ආකාරයට, පදවිය ප්‍රදේශයේ ගොවීන් 1980 දශකය මුල් භාගයේ සිට ඒවා භාවිතකර ඇත. ඒ ගැන ගොවීන් පවසා ඇත්තේ, ‘කුඹුරු පස බටර් මෙන් මෙලෙක් කරන මැජික් ද්‍රාවණයක්’ යනුවෙනි. (පිටුව-250-251) ඉන් අඩු ශ්රමයකින් බිම් සකස් කළ හැකි බව ගොවීන් අත්දැක ඇත.

පදවියේ ඇතැම් ගොවීන් උදේ කාලයේ ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන (රවුන්ඩප්) යොදා, එදාම අත් ට්‍රැක්ටරයෙන් කුඹුර මඩකර, එදිනම වී වැපිරූ අවස්ථා ද තිබී ඇති බව කතුවරයා කියයි! (පිටුව-214) රෝද දෙකේ ට්රැක්ටරයත්, ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායනත්, ‘අමුඩෙයි-පුකයි මෙන්’ ගැලපුණු බව ඔහු ගැමි වහරින්ම පවසයි.

මහවැලි බලධාරීහු 1980 දශකය මුල් භාගයේ දී, මහවැලි ‘සී’ කලාපයේ කෙත් බිම් සකස් කිරීම සඳහා ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන මහා පරිමාණයෙන් යොදා ගත් ආකාරය ද චන්න ජයසුමනයන් සිය ග්රන්ථයෙහි විස්තරකර තිබේ. 1983 වසරේ පටන් ඉන්දීය ග්ලයිපොසේට් නිෂ්පාදන රජරට ප්‍රදේශයේ අලෙවිකර ඇති බව ඔහු කියයි. (පිටුව-213)

අද මහවැලි ‘සී’ කලාපය ද (ගිරාඳුරුකොට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ආදී) නිදන්ගත වකුගඩු රෝගයේ ගොදුරු බිමකි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් ලංකාවේ වී වගා බිම් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියේ ය. එය කවුරුත් දන්නා කාරණයකි. ඊට සාපේක්ෂව පළිබෝධනාශක භාවිතය ද වේගයෙන් ඉහළ ගිය බව කෘතියෙහි සඳහන් වේ. වර්ෂ 1976ට සාපේක්ෂව, 1979 වසරේ දී පළිබොධනාශක ආනයනය සියයට 237කින් ඉහළ ගිය බව කතුවරයාගේ නිරීක්ෂණයයි. (පිටුව-154)

රසායනික බැර ලෝහ අහිතකර මාත්රාවලින් ශරීරගත වීම නිසා වකුගඩු රෝගය සෑදෙන්නට සාමාන්‍යයෙන් වසර 15ක් පමණ ගතවේ. ඒ අනුව බලන කල, රජරට වැසියන් ග්ලයිපොසේට් භාවිත කළ වකවානුවත්, ඔවුන් රෝගයට ගොදුරුවූ වකවානුවත් එකට ගැලපෙයි! ආසනික් සහ කැඞ්මියම් ආදී බැර ලෝහ මිනිස් වකුගඩුවලට උග්‍ර ලෙස විෂ සහිත වේ. (පිටුව-158)

චන්න ජයසුමනලා වකුගඩු රෝග පර්යේෂණය කරන අතරතුර, මෙරට විද්වතුන් වැඩි දෙනෙක් සිට ගත්තේ ජනතාව සමග නොවේ! ඔවුන් සිට ගත්තේ කෂිි රසායන සමාගම් සමග ය! මුලින්ම ඔවුහු ආසනික් ගැන හෙළි වෙනවාට එරෙහිව ගියහ. ඊළඟට, ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහ සාන්ද්‍රණය සහ කෘෂි රසායන අතර සම්බන්ධය හෙළි වෙනවාට එරෙහි වූහ. එයින් පසුව ‘ග්ලයිපොසේට්’ බේරා ගැනීම සඳහා සටන් කළහ. චන්න ජයසුමනලා කරන දෙයින් ලංකාවේ කෘෂි කර්මාන්තය බිඳ වැටෙතියි මතවාද පැතිර වූහ. පර්යේෂකයන් ‘ප්‍රීමා’ තිරිඟු පිටි සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරතියි තර්ක කළහ.වකුගඩු රෝග ප්රශ්නය ‘ප්ලෝරයිඩ්’ සහ ඇලූමිනියම් හැලි-වළං මත පටවන්නට උත්සාහ කළහ.

වකුගඩු මාරයා ග්ලයිපොසේට් බව හෙළි වීමත් සමගම දැන් ඔවුන් අලූත් පුහු තර්කයක් මතු කරමින් සිටිති! ‘වකුගඩු රෝගයට හේතුව, ගොවීන් අධික ලෙස හිරු රශ්මියට නිරාවරණයවී, විජලනයට පත් වීමයි’ යන්න, ඒ අලූත් කර්කයයි. කතුවරයා සඳහන්කර ඇති ආකාරයට, එය කෘෂිි රසායන සමාගම් විසින් සිය කුලී අන්තේවාසික විද්‍යාඥයන් යොදවා, බටහිර දී ගොඩ නැගූ මතවාදයකි. එය බටහිර රටවලදීම පරාජය විය. එසේ වුවත් ලංකාවේ ඇතැමුන් දැන් එය අපේ රටේ වපුරමින් සිටිති!

කෘෂි රසායන වෙළෙඳ සමාගම්වලට කුලියට කඩේ යන ලංකාවේ විද්වතුන් කොතරම් නිහීන ලෙස හැසිරුණාදැයි යන කාරණය ද, වකුගඩු රෝගය පිළිබ`ද සංවාදයේ දී හෙළිදරව් විය. ලංකාවේ පළිබෝධනාශක රෙජිෂ්ඨාර්වරයා වරක් මාධ්‍ය මගින් ප්‍රකාශකර තිබුණේ, ආසනික් යනු මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් බවයි! (පිටුව-135)

නිදහස් අධ්‍යාපනයෙන් හැදී වැඞී, විද්වතුන් වූ බොහොම දෙනෙක් රට වැසියන්ට ද්‍රෝහිවී ඇති ආකාරය මෙන්ම, සමහර මහජන නියෝජිතයන් ද, ඇතැම් මාධ්‍ය ආයතන ද, ඒ මග ගිය ආකාරය, කෘතිය මගින් නිරූපනය වේ.

x පේරාදෙණිය සරසවියේ සිටි එක්තරා මහාචාර්යවරයෙක්, වරක් ලෝක ප්‍රකට කෘෂි රසායන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කළේ ය. ඔහු ගැන රේගු පරීක්ෂණයක් ද පැවැත් විණි. හෙතෙම පසුව කාර්මික තාක්ෂණ ආයතනයේ තනතුරකට ද පත් විය! (පිටුව-132)

x වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් පත් කෙරුණු කමිටුවකට වරක් කැබිනට් ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු ද පත් කෙරිණි. හෙතෙම ලංකාවට පළිාබා්ධනාශක ගෙන්වන සමාගමක හිමිකරුවෙකි! (පිටුව-197-198)

x පේරාදෙණිය සරසවියේ එක්තරා මහාචාර්යවරයෙක්, කෘෂි රසායන ආනයන සමාගමක ද අධ්යක්ෂවරයෙකි!

x ලංකාවේ ප්රකටතම විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකාර සමාගමෙහි උප සමාගමක්, ලංකාවට ග්ලයිපොසේට් ආනයනය කරයි! නිතරම මහජනයා වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියා ගන්නා විද්‍යුත් මාධ්‍ය ආයතනය, ලංකාවේ වකුගඩු රෝගය ගැන හෝ ග්ලයිපොසේට් ප්රශ්නය ගැන කටක් අරින්නේවත් නැත!

x ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනයේ සේවය කළ අධ්යක්ෂවරයෙකුගේ පුත්‍රයා, රැකියාව කරන්නේ කෘෂි රසායන සමාගමක ය.

x චන්න ජයසුමනයන් වකුගඩු රෝගය පිළිබඳ සිය පශ්චාත් උපාධි පර්යේෂණය කරන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයෙහි ශිිෂ්යයෙක් වශයෙනි. එහෙත් ඔහුට සරසවිය ඇතුළෙන්ම බරපතල ලෙස කෙණිහිලිකම් සහ බාධා කිරීම් එල්ල වෙයි. පසුව ඔහුට ඉන් ඉවත්වී, පර්යේෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට සිදු වෙයි. (පිටුව-231-233) ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්නේ එතැනිනි.

‘වකුගඩු සටන’ ග්‍රන්ථය, අපට ලංකාවේ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ගැන බොහෝ දේවල් කියා දෙයි. එය සැබවින්ම සටනකි. එසේම, කෘෂි රසායන සමාගම් මාෆියාවට මුළු රටම බිළිවී ඇති ආකාරය ගැන ද ඉන් විස්තර කෙරේ. ගොවීන් දහස් ගණන් මියගොස් තිබියදීත් ඒ අය, කෘෂි රසායන ඊට හේතු වෙතියි පිළි ගන්නට මැලි වෙති. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ විෂ සහිත කෘෂි රසායන ආරක්ෂාකර ගැනීමට ය!

මෙය දිගින් දිගටම රටවැසි සංවාදයට ලක්විය යුතු කාරණයක් ද වන්නේ ය.

චන්න ජයසුමනයන්ගේ ග්‍රන්ථය, ‘ඇඟ හිිරි වැටෙන’ කෘතියක් යයි පැවසුවේ ඒ නිසා ය.

(ඡායාරූප-අන්තර්ජාලයෙනි)

2016/09/05.

http://walaspathi.blogspot.com/2016/09/blog-post.html?spref=fb

[QUOTE="dynamite1234, post: 20700053, member: 502516"] [IMG]https://fbcdn-photos-b-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-0/p261x260/14222302_1059580977496606_2953325669341733336_n.jpg?oh=c6c114372c9a29ff755b4443c35611b1&oe=58730BE7&__gda__=1483661291_1e51392d7c012eb64b9030dc8528a529[/IMG] [SIZE="5"][U]‘වකුගඩු සටන’ ඇඟ හිිරි වැටෙන පොත[/U]ක්! (ක්රිෂ්ණ විජේබණ්ඩාර) බොහොමයක් විද්වතුන්ට අනුව, රජරට ප්‍රදේශයෙන් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට නිශ්චිත හේතුකාරකයක් තවම සොයා ගෙන නැත! එයට ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ සහ ඒවා මහ පොළොවට ගෙන එන කෘෂි රසායන බලපාන්නේ යයි කීම, තවම තහවුරු නොවූ කතාවකි! විද්වතුන් යයි පෙනී සිටින පිරිසක් පතුරුවන මෙම මතවාදය හරියට, ‘අසුවල් එක හංගා ගෙන වෘෂණ කෝෂ මගින් අවල කෙළියේ යෙදෙන්නේ යයි කියන’ ගමේ කතාව සිහි ගන්වයි! මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහවල ක්‍රියාකාරිත්වය බව, ලොව මහත් සම්භාවනාවට පාත්‍ර වූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවී තිබීම, ඊට හේතුව ය. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. එසේ තිබිය දීත් සමහර පිරිස් තම ‘අහවල් එක’ සඟවා ගෙන කතා කරති! මෙබඳු පූර්විකාවක් සටහන් කරන්නට සිතුණේ, පසුගිය දා (අගෝස්තු 02 වැනි දා) නිකුත්වූ ‘වකුගඩු සටන’ ග්‍රන්ථය කියවීමෙන් පසුව ය. කෘතියෙහි කතුවරයා, ලංකාවේ කෙරුණු සුප්‍රකට වකුගඩු රෝග ඵර්යේෂණයේ නියමුවා වන ආචාර්ය චන්න සුදත් ජයසුමන සූරීහු ය. වෛද්‍යවරයෙකු ද වන හෙතෙම, රජරට විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහුගේ ග්රන්ථයෙහි පිටු සංඛ්‍යාව 478කි. එය පුරාවට සිය වකුගඩු රෝග පර්යේෂණය ගැන සවිස්තර කතා පුවත ඔහු විසින් හෙළිදරව්කර තිබේ. ‘වකුගඩු සටන’, එක හුස්මට කියවා ගෙන යා හැකි තරම් අගනා සරල ශෛලියකින් ලියැවී ඇති, පාඨකයාගේ මනස බුද්ධියෙන් පුබුදුවන දැනුම් සම්භාරයකින් හෙබි ග්රන්ථයකි. එය පළකර ඇත්තේ ‘සරසවි ප්‍රකාශකයන්’ ය. රජරටින් ඇරඹී, රට පුරා පැතිරෙමින් යන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුකාරක කවරේදැයි විස්තර කරන අතරතුර ඔහු, අතුරු කාරණා කිහිපයක් ද අපට කියා දෙයි. ඉන් එකක් නම්, කෘෂි රසායන සම්බන්ධයෙන් වෙළෙඳ සමාගම් එල්ල කරන බලපෑම සහ ඒ පිටුපස සැඟව ඇති දේශපාලනයයි. අනෙක, කෘෂි රසායන පේ‍්‍රමී උගතුන්, ඊට එරෙහි වන අය කෙරෙහි පතුරුවන වෛරී ක්‍රියාමාර්ග සමූහයයි. ඉන් ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රය කොතෙක් දුරට කුණුවී තිබේ ද? යන කාරණය ගැන ද පාඨකයා දැනුවත් කෙරේ. ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, ‘කෘෂි රසායන වෙළෙඳ මාෆියාව’, ආණ්ඩුවලටත් වඩා ප්‍රබල භූමිකාවක් රඟ දක්වයි! චන්න ජයසුමනයන් සිය ග්‍රන්ථයෙන් හෙළිකරන කාරණා සම්භාරය, යමෙකුගේ ඇඟ හිරි වැටෙන තරම් ය! එය ඇත්තටම සැබෑ සටනකි. එබැවින් නව ග්‍රන්ථය ගැන මෙන්ම, ඉන් මතු කෙරෙන කාරණා සම්බන්ධයෙන් ද යමක් ලියා තැබීම සමාජ යුතුකමක් සේ දකින්නෙමි. එය ඔහු වැනි යහපත් පර්යේෂකයන්ට ද, ඊට සහාය දුන් සැමට ද කෙරෙන ගෞරවයක් වන්නේ ය. ‘වකුගඩු සටන’ කෘතියෙහි සඳහන් වන ආකාරයට, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුලින්ම නිරීක්ෂණයවී තිබුණේ 1990 දශකය මැද භාගයේ ය. ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ගොවි ජනපද ප්‍රදේශයෙනි. ඉන් පසුව අද වන විට එය ලංකාවේ වියලි කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශ ගණනාවක පැතිරෙමින් තිබේ. චන්න ජයසුමනයන් රැුස් කළ තොරතුරු අනුව, එදා පටන් අද දක්වා අඩු තරමින් පුද්ගලයන් 18,000ත් 22,000ත් අතර සංඛ්‍යාවක් රෝගයෙන් මියගොස් තිබේ. මේ වන විට රෝගය වැළ`දී ඇති ජන සංඛ්‍යාව 75,000කට ආසන්න බව කියනු ලැබේ. තවත් දහස් ගණනක පිරිසක් තමන්ට රෝගය වැළ`දී ඇති බවක් නො දැන ජීවත් වෙමින් සිටිති. චන්න ජයසුමනයන් කියන හැටියට, බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ක්‍රමවේද අනුව, නිදන්ගත වකුගඩු රෝගයට කෙරෙන ප්‍රතිකාර, ‘බෝල එන හැටියට බැට් කිරීමක්’ බඳු ය. (පිටුව-51) එසේම රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය යනු, පුද්ගලයෙකු ජීවත් කරවන ප්‍රතිකාරයක් නොවේ. එය මරණය පමා කරන ක්රමවේදයකි! (පිටුව-53) එහි තේරුම, යම් හෙයකින් රෝගය වැළඳුන හොත් මරණය ඒකාන්ත වන බවයි! කෙසේ වෙතත්, චන්න ජයසුමනයන් කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා යම් යම් ප්‍රතිකාර ඇති බවයි. තමන් ඒවා ගැන තොරතුරු සෙවීමෙහි ද නියැලෙමින් සිටින බවයි. පර්යේෂණ මගින් හෙළිවූ අන්දමට, රෝගය වැඩිපුරම වැළඳී ඇත්තේ ‘කිවුල් ජලය’ පානය කරන්නට සිදුවූ පිරිසට ය. ඔවුන් පානය සඳහා ජලය සපයා ගෙන ඇත්තේ නො ගැඹුරු ළිං මගිිනි. රෝගය වැළදුණු බහුතරය රටේ වියලි කලාපීය ජනපදවල වෙසෙන ගොවීන් ය. රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික් සහ කැඞ්මියම් ඇතුළු බැර ලෝහ බව කලින් ද පැවසුවෙමු. පර්යේෂණවලින් අනාවරණය වූයේ රෝගයට ගොදුරුවූ අයගේ මුත්‍රා, හිස කෙස් සහ නියපොතු ආදියෙහි ආසනික් සහ බැර ලෝහ අන්තර්ගතව ඇති බවයි! ඒවා ශරීරයට ලැබී ඇත්තේ බැර ලෝහ සහිත පළිබෝධනාශක හ කෘතිම රසායනික පොහොර යොදා නිපදවන සහල්වල බත අනුභව කිරීමෙනි. බතින් ලැබෙන විෂ, පානය කරන කිවුල් ජලය සමග සංයෝග වීමෙන් රෝගය හට ගන්නා බව හෙළි විණි. කරුණු මෙසේ වුව ද, ඇතැම් උගතුන් මේ කාරණා පිළිිගැනීමට කොහෙත්ම සූදානම් නැත. ඊට හේතුව වන්නේ, ඔවුන් කෘෂි රසායන වෙළෙඳ සමාගම්වල ක්‍රියාවලිය කෙරෙහි ඇති දැඩි කැමැත්තයි! කැමැත්ත හට ගෙන ඇත්තේ රුපියල් හෝ ඩොලර් ලැබීමේ පදනමිනි! විදෙස් සංචාර හෝ වෙනත් වරදාන සහ වරප්‍රසාද ලැබීමේ පදනමිනි! ලංකාවේ කෙරුණු නිදන්ගත වකුගඩු රෝග පර්යේෂණයේ නියමුවා වූයේ චන්න ජයසුමනයන් ය. ඒ සඳහා ඔහුට, මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ සහ ප්‍රියන්තා සේනානායක ඇතුළු විද්වත් පිරිසකගේ මගපෙන්වීම ලැබිණි. ඇමරිකාවේ කැලිපෝනියාවේ කළ පර්යේෂණ කොටස් ස`දහා මහාචාර්ය සරත් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශකත්වය හිමි විය. මෙම කටයුතු සඳහා අති විශාල පිරිසක් පසුබිමෙහි සිටිමින් සහාය දී තිබේ. පර්යේෂණ කටයුතු කෙරුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ දී ය. අනාදිමත් කාලයක් මුළුල්ලේ ලංකාවේ පැවති බහු වැදෑරුම් ක්‍රම ශිල්පයකි. එයට ආහාර විහරණය, ශාක ඖෂධ භාවිතය, රස වෙදකම, නාඩි ශාස්ත්‍රය, ආදිය මෙන්ම භෞතික ලෝකයට නො පෙනෙන බලවේගවල ශක්තිය ද යොදා ගැනුණු බව ප්‍රකට ය. යන්ත්‍ර-මන්ත්‍ර, බලි-තොවිල්, ශාන්තිකර්ම සහ ජ්‍යෝතිෂ්‍ය මෙන්ම විවිධ පුද පූජා, බුදු ගුණ කවි සහ පිරිත් ආදිය ද එයට භාවිත කෙරිණි. ‘සිංහල වෙදකම’ නමින් ප්‍රකට වූ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය, බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වන්නට පෙර රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය විය. එය බොහෝ කාලයක් මුළුල්ලේ ලක් වැසියන් සුවපත් කිරීමට යොදා ගැනුණි. චන්න ජයසුමනයන් ඇතුළු පිරිසගේ වකුගඩු රෝග පර්යේෂණය ද, එවන් ආභාෂයක් ලැබූ බව පෙනේ. ඒ, යම් යම් කාරණා සඳහා නාථ දෙවියන්ගේ මග පෙන්වීම් ද දායකකර ගැනීමෙනි. නවීන විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා නො පෙනෙන බලවේගවල පිහිට ලබා ගැනීම අති විශාල ලෙස විවේචනයට ද ලක් විය. ‘වකුගඩු සටන’ ග්‍රන්ථයේ චන්න මෙසේ කියයි. ‘ථෙරවාදී බුදු දහම ගැන හොඳ අවබෝධයකින් පසුවූ මට දෙවියන්, බඹුන්, භූතයන් හෝ වෙනත් ඇසට නො පෙනෙන ජීව කොටසක සම්මුති පැවැත්ම ගැන ප්‍රශ්නයක් නො වීය.’ (පිටුව-100) චන්න කියන හැටියට, කිවුල් ජලය පානය කරන ප්‍රදේශවල අයට රෝගය වැළඳීමට හේතුව ආසනික් විය හැකි බවට මුල්ම අනුමානය ලැබී ඇත්තේ එතැනිනි! නවීන විද්‍යාත්මක පර්යේෂණයකට නාථ දෙවියන් ගාවා ගැනීම, යම් විසම්මුති බවක් ජනිත කරවන බව ඇත්ත ය. එහෙත් ආසනික් ඇතුළු බැර ලෝහ කතාව පර්යේෂණය මගින් ද සනාථ විය. එසේම නාථ දෙවියන් සමග කොහෙත්ම සම්බන්ධයක් නො පැවති ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණයෙන් ද ඒ බව සනාථ විය. දෙවියන්ගේ බැල්ම කෙසේ වෙතත්, පර්යේෂණය ඔස්සේ සත්‍යය මතුකර ගැනීම පිණිස ඉන් මහත් පිටිවහලක් ලැබුණු බව පිළිගැනීමට සිදු වේ. නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි ‘ග්ලයිපොසේට්’ අඩංගු වල්නාශක වර්ග බලපාන බව සොයා ගැනීම, විශේෂ කාරණයක් විය. ඒ සඳහා පර්යේෂණ කෙරුණේ, ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ ද සහායෙනි. ග්ලයිපොසේට් අනාවරණයකර ගැනීම, අපේ රටේ පමණක් නොව ලෝකයේ ද මහත් ආන්දෝලනයට තුඩු දුන් බව ග්රන්ථයෙහි සඳහන් වේ. ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන නිපදවා ලෝකයට බෙදා හරින්නේ ඇමරිකාවේ ‘මොන්සැන්ටෝ’ සමාගමයි. එය ලොව කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඉතා ප්‍රබල වෙළෙඳ සමාගමකි. ග්ලයිපොසේට් අනාවරණය වීමත් සමගම, සමාගමට හිතවත් බලවේග චන්න ජයසුමනලාට එල්ල කරන්නේ විශාල පීඩනයකි. මේ හෙළිදරව්ව බොරුවක් බව ඔප්පු කරන්නට ඔවුන් දැරූ උත්සාහය අති විශාල ය. ග්ලයිපොසේට් යනු කොල පැහැයෙන් යුත් සියලූම ශාක විනාශකර දමන රසායනයකි. එබැවින් වගා බිම් සකස් කිරීමේ දී ඉහළ ඵලදායකත්වයක් හිමිකර ගනියි. ඒවා මුලින්ම ලංකාවේ භාවිතකර ඇත්තේ 1983 වසරේ දී පමණ ය. චන්න සිය කෘතියේ ස`දහන් කරන ආකාරයට, පදවිය ප්‍රදේශයේ ගොවීන් 1980 දශකය මුල් භාගයේ සිට ඒවා භාවිතකර ඇත. ඒ ගැන ගොවීන් පවසා ඇත්තේ, ‘කුඹුරු පස බටර් මෙන් මෙලෙක් කරන මැජික් ද්‍රාවණයක්’ යනුවෙනි. (පිටුව-250-251) ඉන් අඩු ශ්රමයකින් බිම් සකස් කළ හැකි බව ගොවීන් අත්දැක ඇත. පදවියේ ඇතැම් ගොවීන් උදේ කාලයේ ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන (රවුන්ඩප්) යොදා, එදාම අත් ට්‍රැක්ටරයෙන් කුඹුර මඩකර, එදිනම වී වැපිරූ අවස්ථා ද තිබී ඇති බව කතුවරයා කියයි! (පිටුව-214) රෝද දෙකේ ට්රැක්ටරයත්, ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායනත්, ‘අමුඩෙයි-පුකයි මෙන්’ ගැලපුණු බව ඔහු ගැමි වහරින්ම පවසයි. මහවැලි බලධාරීහු 1980 දශකය මුල් භාගයේ දී, මහවැලි ‘සී’ කලාපයේ කෙත් බිම් සකස් කිරීම සඳහා ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන මහා පරිමාණයෙන් යොදා ගත් ආකාරය ද චන්න ජයසුමනයන් සිය ග්රන්ථයෙහි විස්තරකර තිබේ. 1983 වසරේ පටන් ඉන්දීය ග්ලයිපොසේට් නිෂ්පාදන රජරට ප්‍රදේශයේ අලෙවිකර ඇති බව ඔහු කියයි. (පිටුව-213) අද මහවැලි ‘සී’ කලාපය ද (ගිරාඳුරුකොට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ආදී) නිදන්ගත වකුගඩු රෝගයේ ගොදුරු බිමකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් ලංකාවේ වී වගා බිම් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියේ ය. එය කවුරුත් දන්නා කාරණයකි. ඊට සාපේක්ෂව පළිබෝධනාශක භාවිතය ද වේගයෙන් ඉහළ ගිය බව කෘතියෙහි සඳහන් වේ. වර්ෂ 1976ට සාපේක්ෂව, 1979 වසරේ දී පළිබොධනාශක ආනයනය සියයට 237කින් ඉහළ ගිය බව කතුවරයාගේ නිරීක්ෂණයයි. (පිටුව-154) රසායනික බැර ලෝහ අහිතකර මාත්රාවලින් ශරීරගත වීම නිසා වකුගඩු රෝගය සෑදෙන්නට සාමාන්‍යයෙන් වසර 15ක් පමණ ගතවේ. ඒ අනුව බලන කල, රජරට වැසියන් ග්ලයිපොසේට් භාවිත කළ වකවානුවත්, ඔවුන් රෝගයට ගොදුරුවූ වකවානුවත් එකට ගැලපෙයි! ආසනික් සහ කැඞ්මියම් ආදී බැර ලෝහ මිනිස් වකුගඩුවලට උග්‍ර ලෙස විෂ සහිත වේ. (පිටුව-158) චන්න ජයසුමනලා වකුගඩු රෝග පර්යේෂණය කරන අතරතුර, මෙරට විද්වතුන් වැඩි දෙනෙක් සිට ගත්තේ ජනතාව සමග නොවේ! ඔවුන් සිට ගත්තේ කෂිි රසායන සමාගම් සමග ය! මුලින්ම ඔවුහු ආසනික් ගැන හෙළි වෙනවාට එරෙහිව ගියහ. ඊළඟට, ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහ සාන්ද්‍රණය සහ කෘෂි රසායන අතර සම්බන්ධය හෙළි වෙනවාට එරෙහි වූහ. එයින් පසුව ‘ග්ලයිපොසේට්’ බේරා ගැනීම සඳහා සටන් කළහ. චන්න ජයසුමනලා කරන දෙයින් ලංකාවේ කෘෂි කර්මාන්තය බිඳ වැටෙතියි මතවාද පැතිර වූහ. පර්යේෂකයන් ‘ප්‍රීමා’ තිරිඟු පිටි සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරතියි තර්ක කළහ.වකුගඩු රෝග ප්රශ්නය ‘ප්ලෝරයිඩ්’ සහ ඇලූමිනියම් හැලි-වළං මත පටවන්නට උත්සාහ කළහ. වකුගඩු මාරයා ග්ලයිපොසේට් බව හෙළි වීමත් සමගම දැන් ඔවුන් අලූත් පුහු තර්කයක් මතු කරමින් සිටිති! ‘වකුගඩු රෝගයට හේතුව, ගොවීන් අධික ලෙස හිරු රශ්මියට නිරාවරණයවී, විජලනයට පත් වීමයි’ යන්න, ඒ අලූත් කර්කයයි. කතුවරයා සඳහන්කර ඇති ආකාරයට, එය කෘෂිි රසායන සමාගම් විසින් සිය කුලී අන්තේවාසික විද්‍යාඥයන් යොදවා, බටහිර දී ගොඩ නැගූ මතවාදයකි. එය බටහිර රටවලදීම පරාජය විය. එසේ වුවත් ලංකාවේ ඇතැමුන් දැන් එය අපේ රටේ වපුරමින් සිටිති! කෘෂි රසායන වෙළෙඳ සමාගම්වලට කුලියට කඩේ යන ලංකාවේ විද්වතුන් කොතරම් නිහීන ලෙස හැසිරුණාදැයි යන කාරණය ද, වකුගඩු රෝගය පිළිබ`ද සංවාදයේ දී හෙළිදරව් විය. ලංකාවේ පළිබෝධනාශක රෙජිෂ්ඨාර්වරයා වරක් මාධ්‍ය මගින් ප්‍රකාශකර තිබුණේ, ආසනික් යනු මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් බවයි! (පිටුව-135) නිදහස් අධ්‍යාපනයෙන් හැදී වැඞී, විද්වතුන් වූ බොහොම දෙනෙක් රට වැසියන්ට ද්‍රෝහිවී ඇති ආකාරය මෙන්ම, සමහර මහජන නියෝජිතයන් ද, ඇතැම් මාධ්‍ය ආයතන ද, ඒ මග ගිය ආකාරය, කෘතිය මගින් නිරූපනය වේ. [COLOR="Red"]x පේරාදෙණිය සරසවියේ සිටි එක්තරා මහාචාර්යවරයෙක්, වරක් ලෝක ප්‍රකට කෘෂි රසායන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කළේ ය. ඔහු ගැන රේගු පරීක්ෂණයක් ද පැවැත් විණි. හෙතෙම පසුව කාර්මික තාක්ෂණ ආයතනයේ තනතුරකට ද පත් විය! (පිටුව-132) x වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් පත් කෙරුණු කමිටුවකට වරක් කැබිනට් ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු ද පත් කෙරිණි. හෙතෙම ලංකාවට පළිාබා්ධනාශක ගෙන්වන සමාගමක හිමිකරුවෙකි! (පිටුව-197-198) x පේරාදෙණිය සරසවියේ එක්තරා මහාචාර්යවරයෙක්, කෘෂි රසායන ආනයන සමාගමක ද අධ්යක්ෂවරයෙකි! x ලංකාවේ ප්රකටතම විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකාර සමාගමෙහි උප සමාගමක්, ලංකාවට ග්ලයිපොසේට් ආනයනය කරයි! නිතරම මහජනයා වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියා ගන්නා විද්‍යුත් මාධ්‍ය ආයතනය, ලංකාවේ වකුගඩු රෝගය ගැන හෝ ග්ලයිපොසේට් ප්රශ්නය ගැන කටක් අරින්නේවත් නැත! x ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනයේ සේවය කළ අධ්යක්ෂවරයෙකුගේ පුත්‍රයා, රැකියාව කරන්නේ කෘෂි රසායන සමාගමක ය. x චන්න ජයසුමනයන් වකුගඩු රෝගය පිළිබඳ සිය පශ්චාත් උපාධි පර්යේෂණය කරන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයෙහි ශිිෂ්යයෙක් වශයෙනි. එහෙත් ඔහුට සරසවිය ඇතුළෙන්ම බරපතල ලෙස කෙණිහිලිකම් සහ බාධා කිරීම් එල්ල වෙයි. පසුව ඔහුට ඉන් ඉවත්වී, පර්යේෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට සිදු වෙයි. (පිටුව-231-233) ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්නේ එතැනිනි.[/COLOR] ‘වකුගඩු සටන’ ග්‍රන්ථය, අපට ලංකාවේ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ගැන බොහෝ දේවල් කියා දෙයි. එය සැබවින්ම සටනකි. එසේම, කෘෂි රසායන සමාගම් මාෆියාවට මුළු රටම බිළිවී ඇති ආකාරය ගැන ද ඉන් විස්තර කෙරේ. ගොවීන් දහස් ගණන් මියගොස් තිබියදීත් ඒ අය, කෘෂි රසායන ඊට හේතු වෙතියි පිළි ගන්නට මැලි වෙති. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ විෂ සහිත කෘෂි රසායන ආරක්ෂාකර ගැනීමට ය! මෙය දිගින් දිගටම රටවැසි සංවාදයට ලක්විය යුතු කාරණයක් ද වන්නේ ය. චන්න ජයසුමනයන්ගේ ග්‍රන්ථය, ‘ඇඟ හිිරි වැටෙන’ කෘතියක් යයි පැවසුවේ ඒ නිසා ය. (ඡායාරූප-අන්තර්ජාලයෙනි) 2016/09/05.[/SIZE] [url]http://walaspathi.blogspot.com/2016/09/blog-post.html?spref=fb[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom