Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයව සහ ඇය සන්තකයෙ තිබුණා යැ කියන පාත්‍රා ධාතුව සත්ද්‍රවිඩ ප්‍රධානීන් හමුවට පමුණුවනු ලබනවා,

මම පොඩිකාලෙ කියවපු පොතකට අනුව මෙතැනදි සත්ද්‍රවිඩයො ඇය ඔවුන්ගේ රජතුමාගෙ මියගිය දියණිය වගේ කියල පුදුමයෙන් වගේ කියනව,

ඒක අහන සෝමා දේවිය තමන් ඇගේ පුනරුත්පත්තියක් බව කියමින් රංගනයක යෙදෙනවා,

සත්ද්‍රවිඩ ප්‍රධානීන්ගෙන් කෙනෙක් ඇයව අරගෙන ඉන්දියාවට යනව, තවකෙක් පාත්‍රා ධාතුව අරගෙන යනව,

දැන් අර ආපු හත්දෙනාගෙන් ලංකාවෙ ඉතුරුවෙන්නෙ පස්දෙනයි,

එතැනින් පස්සෙ ගතවෙන අවුරුදු 14ක කාලපරාසය පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර, දාඨිය කියන මේ ආක්රමණිකයින් පස්දෙනා ජනයා පෙළමින්, රටේ රීරිමාංසය උරාබොමින් අනුරාධපුරය පාලනය කරනව,

මේ අවුරුදු 14ක කාලය පලාගිය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො ගතකරන්නෙ කොහොමද?

රජ්ජුරුවො පලාගියාට මොකද ආක්‍රමණිකයො රජ්ජුරුවන්ව හොයන එක නැවැත්තුවෙ නෑ, මොකද කවමහරි දවසක පලාගිය රජ්ජුරුවො සේනා සංවිධානය කරගෙන තමන්ට කෙළින්න එන බව එයාල දැනං හිටියා,

ඒ නිසාම අනුරාධපුර ඉඳන් මායා රටට, ඒ කියන්නෙ මලය රටට සහ රුහුණට රහසිගත ඝාතක කණ්ඩායම්, හමුදා කණ්ඩායම් නිරන්තරයෙන්ම ආවා, එයාල රජ්ජුරුවො ඉන්න පුළුවන් කියල සැක හිතුණු හැමතැනක්ම වගෙ පීරුවා, ඒත් උන්ට රජ්ජුරුවන්ගෙ මයිලක්වත් හොයාගන්න ලැබුණෙ නෑ,

මොකද මහා සංඝරත්නය ප්රමුඛ පොදු ජනතාව රජ්ජුරුවන්ට ආදරය කරා, රජ්ජුරුවන්ව දිවිහිමියෙන් ආරක්ෂා කරා,

කොයිතරම් රහසිගතව ආක්රමණික ලුහුබඳින්නන් මලය රටට ආවත් ඒ පැමිණීම ගැන රජ්ජුරුවො මිනිස්සුන්ගෙ මාර්ගයෙන් ඉක්මනින්ම දැනගත්තා, ඒ නිසා හැංගිලා උන්නු තැනින් තවත් තැනකට මාරුවෙන්න කාලවේලාව හම්බුණා,

මේ කාලෙ රජ්ජුරුවො සහ රජපවුල හිටියෙ මාලිගාවල නෙවෙයි, මහා වනාන්තර මැද්දෑවෙ තිබුණු ගල්ගුහා, පන්සල්, ගම් ප්‍රධානීන්ගෙ නිවස්න තමයි එයාලට මාලිගා වුණේ,

ඒ වගෙම වැදගත්ම දේ මේ කියන කාලෙ රටක් විදිහට අපිට කම්ෆටබල් වුණේ නෑ, ඒ ආක්රමණිකයින් සෙට් එකක් රට පාලනය කරපු නිසා නම් නෙවෙයි,

පුරා අවුරුදු 12ක කාලයක් පැවතුණු 'බැමිණිතියා සාය' කියන දරුණු සාගතය නිසා!

මේක ඇවිල්ල ලංකා ඉතිහාසයෙ අපිට හමුවෙන දරුණුතම ස්වභාවික ව්‍යසනයක්,

ස්වභාවික කිව්වට මේකට ආක්රමණිකයින් ආපු ගමන්ම කරපු වැව් අමුණු විනාශකිරීම වගෙ සාධකත් හේතුවක්,

දරාගත නොහැකි කාස්ඨකේ හමුවේ මහපොළොව ඉරිතලනව, ඇළදොළ, ගංගා, මහාවැව්, දිය උල්පත් හැමෙකක්ම වගෙ හිඳිල යනව, ඒ නිසාම රටේ ආහාර නිෂ්පාදනය අඩාළ වෙනව, මිනිසා ඇතුළු සකලවිධ ප්‍රාණීන්ට මෙතුවක් කාලයක් කන්න බොන්න ඵලවැළ දුන්නු ගස්කොළං මහා නියඟෙ ඉස්සරහ කේඬෑරි වෙලා යනව,

මේක මහ දරුණු ව්‍යසනයක්, මේ ව්‍යසනය රටේ හැම ප්‍රාණියකුටම වගෙ බලපානව, සියගණනින් දහස්ගණනින් මිනිස්සු ඇතුළු සතාසීපාවා මියැදෙනව,

බලන බලන අත දකින්න ලැබුණෙ විනාශය හැර වෙන කිසිවක්ම නෙවෙයි,

ඇවිදින ඇටසැකිළි වගෙ මිනිස්සු, කේඬැරිවෙලා ගිය ගස්කොළං, පත්ලටම හිඳිල ගියපු ඇළදොළ ගංගා වැව් ආදී ජල මූලාශ්රයන්,

ඒ අස්සෙ ගම්නියම්ගම් සිසාරා පැතිරෙන නේකවිධ වසංගත රෝග,

දරාගත නොහැකි බඩගින්න ඉස්සරහ මිනිස්සු මිනිස්සු අතර ආහාර වෙනුවෙන් සිදුවුණු අඬදබර සහ ආරවුල්, ඒ වගෙම සොරකම්,

බඩගින්න කොයිතරම් ද කියනව නම් ඇතැම් අය පණ රැකගන්න මිනීමස් පවා අනුභව කරපු බව රසවාහිනියෙ, සීහලවත්ථුවෙ සඳහන් වෙනව,

මේක මහ භීෂණකාරී යුගයක්, කිසිදා නොවූ විරූ ලෙසින් රටම එකම අපායක් බවට පත්වෙලා තිබුණෙ!

ඒ අපායේ අපහසුවෙන් පණ රැකගත්තු හැම ප්‍රාණියෙක් හිටියා නම් ඔවුන් හැමකෙක් මතටම මරණයේ සහ විනාශයේ හෙවණැල්ල වැටිල තිබුණා!

“මෙම ලංකාද්වීපයෙහි එක් සමයෙකැ බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂයක් දොළොස් අවුරුද්දක් පැවැත්තේය.ඒ දොළොස් අවුරුද්ද මුළුල්ලෙහි මෙම ලංකාද්වීපයෙහි වැසි පොදකුත් නො හෙලීය.එසේ හෙයින් දුර්භික්ෂය විය.අහර නොලැබීමෙන් උපදෘත වූ මනුෂ්‍යයින්ට රෝග භය විය. එකලැ ශරීරයෙහි ලෙහෙ මස් සිදී අස්තිචර්මවශේෂ වූ මනුෂ්‍යයෝ ඉතා දුඃඛිත වූහ.”

සද්ධර්මලංකාරයෙ වත්ථුලපබ්බත වස්තුව කොටසෙ මේ ව්‍යසනකාරී තත්වය ගැන එහෙම කියනව,

මේ ව්‍යසනය හමුවේ සිල්වත් භික්ෂූන් වහන්සේ විශාල වශයෙන් අපවත් වෙනව,

මහාසාය දරාගත නොහැකිව ඇතැම් භික්ෂූන් වහන්සේලා දඹකොළ පටුනින් නැව් නැඟ දඹදිවට ගමන්කරනව,

ඒ, ව්‍යසනය අවසන් වුණු පසු ආයෙ එන බලාපොරොත්තුවෙන්, ඒක ශාසනයෙ පැවැත්ම වෙනුවෙන් ඒ මොහොතේ ගත්තු නුවණැති පියවරක්,

තවත් පිරිසක් සිවුරු අතෑරල යනව,

ඒ අතරෙ අරම දඹදිවට යන්න තීරණය කරපු තවත් භික්ෂූන් වහන්සේල හැටක පිරිසක් ඒ තීරණය වෙනස් කරල මලය රටේ කඳුකරයට පැනල ගිහින් ගස්වල කොළ සහ පොතු අනුභව කරමින්, බොහොම දුක්ඛිත ජීවිත ගෙවමින් සිඳීගිය ගංගාවන්හි ඉවුරුවලට වෙලා තමන් කටපාඩමින් දැන උන්නු ත්‍රිපිටක ධර්මය මතකයෙන් ගිලිහී යන්න නොදී ඒවා ආයෙ ආයෙත් සජ්ඣායනා කරනව,

මේ වෙනකල් ධර්මය පැවතගෙන ආවෙ මුඛ පරම්පරාගතව, ඒ නිසා ඒ ධර්මය දැනගෙන උන්නු ධර්මධර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා වීම සහ ඒ ධර්මය ආරක්ෂා වීම බුදුදහමේ අනාගත පැවැත්මට අතිශයින්ම වැදගත් වුණා,

අද බුද්ධ ධර්මය මේ මට්ටමට ඉතුරුවෙලා තියෙන්නෙ තමන් කටපාඩමින් දරාගෙන උන්නු ධර්මය ආරක්ෂා කරගන්න නේකවිධ දුක්ඛදෝමනස්සයන් විඳිමින් තමන්ගෙ ජීවිත රැකගත්තු ඒ භික්ෂූන් වහන්සේල නිසාවෙන්,

අන්න ඒ දේ අපි මතකයෙ තියාගන්ඩෝනි,

ඉතින් මේ කියපු බැමිණිතියා සාය පුරා අවුරුදු 12ක් පවතිනව,

මේකෙ අවසන් කාලෙ අනුරාධපුර පාලනය කරන්නෙ ඉතුරුවුණු පංච ද්‍රවිඩයින් එකිනෙකා මරාගෙන අවසානෙටම රජවෙන දාඨිය කියන ආක්රමණිකයා,

'මේක තමයි වෙලාව'

පුරා වසර 14ක් මලය රටේ කඳුකරයේ සහ රෝහණයේ තැනින් තැන සැඟව, එකතැනක ලොකු කාලයක් නොරැඳී පලායමින්, තමන් පසුපස ලුහුබඳින මාරයා හා ඔට්ටුවෙමින්, රජෙකුට නොතරම් වූ නොවිඳිනා දුක්ගැහැට විඳිමින්, බැමිණිතියා සායෙන් බැටකමින්, ඒත් මොන දේ වුණත් දකුණු ඉන්දීය ආක්රමණිකයින්ගෙන් අනුරාධපුරය මුදාගෙන රට එක්සේසත් කරන තමන්ගෙ ඒකායන අරමුණ අත්නොහැරපු වළගම්බා රජ්ජුරුවො තීරණය කරනව,

ගම්නියම්ගම් සිසාරා ඒ බලාපොරොත්තුවේ, නිදහසේ පණිවුඩය පැතිරෙනව,

මෙතුවක් කාලයක් පුරාවටම ආක්රමණිකයින්ගෙන් සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බැටකාපු ජාතියක් තමන් බැඳදාල උන්නු බැමිවලින් නිදහස් වීමේ අභිලාෂයෙන් එක්සත් ව, එක්සිත් ව අවදිවෙනව,

රහසිගතව සේනා සංවිධානය වෙනව,

ආයුධයක් දරන්න තරම් ඇඟේ හයියහත්තිය තිබුණු හැම මනුස්සයෙක්ම වගෙ ඒ සේනාවන්ට එක්කාසුවෙලා දිවා රෑ නොබලා අවිහරඹ පුහුණුවෙනව,

ලෝකුරු කර්මාන්තයෙ යෙදුණු ලෝකුරුවන්ට උදාවෙන්නෙ තරමක බිසී කාලයක්,

ඔවුන් අතින් අසිපත්, පොරෝතල, තෝමර, ඊතල ආදී අවිආයුධ නිර්මාණය වෙනව,

ඒවා පත්වෙන්නෙ අර සේනාවන්ගෙ අතට,

ඒ ආයුධ දරාගත්තු මහා සේනාව 'මහා කළු සිංහලයා' හෙවත් වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො පෙරටුකරගනිමින්, මාර සේනවක් විලසින්, රණබෙර වයමින්, ධජපතාක ලෙළවමින්, මුවින් ඔල්වරසන් හඬ නඟමින් අනුරාධපුර දිහාවට ඇදෙනව,

ඒ,

තමන්ගෙ රටට අනවසරයෙන් ගොඩබැහැල ඒ රටේ රීරිමාංසය උරාබොමින් උන්නු ආක්රමණිකයින් මුලිනුපුටා දැමීමේ අරමුණෙන්,

දෙපක්ෂයේ සේනාවන් මුහුණට මුහුණ හමුවෙනව,

මහා සටනක් ඇරඹෙනව,

අසිපතට අසිපත, හෙල්ලයට හෙල්ල ගැටෙනව,

ඉරිතැලුණු මහපොළොව දෙපක්ෂයෙම ලෙයින් තෙත්වෙනව, මළසිරුරු ගොඩගැහෙනව, පිරිසක් බරපතළ තුවාල ලැබ පණ අදිනව,

යුද්ධයක් වුණාම එහෙමයි,

හෝරා ගණනාවකට පස්සෙ ලේ, සුසුම් සහ දහඩිය මතින් ඇදුණු, දේශයක දෛවය, අනාගත දිශානතිය තීරණය කරපු ඒ තීරණාත්මක සටන අවසන් වෙනව,

ඒ, වළගම්බා රජ්ජුරුවො ප්රමුඛ සිංහල සේනාවන්ගෙ ජයග්රහණයෙන්,

ආක්රමණිකයින් පරාජය කරමින් ආයෙ වතාවක් මුළු රටම එක්සේසත් කරන වළගම්බා රජ්ජුරුවො දෙවැනි වරටත් රාජ්‍යත්වයට පත්වෙලා දොළොස් අවුරුද්දක් පුරාවටම රාජ්‍ය විචාරනව,

රජ්ජුරුවන්ගෙ මුල්ම වැඩේ වෙන්නෙ එදා ආක්රමණික ලුහුබඳින්නන් තමන් පසුපස හඹා ආපු වෙලාවෙ තමන්ගෙ සහ රජපවුලෙ සාමාජිකයින්ගෙ ජීවිත ආරක්ෂා කරන්න දෙපාරක් නොහිතා කරත්තයෙන් පැනපු, ආක්රමණික අත්අඩංගුවට පත්වෙලා ඔවුන්ගෙ රටට ගෙනියපු සෝමා දේවිය ව ආයෙමත් ලංකාද්වීපයට ගෙන්නගන්න එක,

රජ්ජුරුවො පසුකාලීනව ඇයට ගෞරවයක් විදිහට 'සෝමාරාමය' නිර්මාණය කරනව,

එදා රජ්ජුරුවො පලායනකොට "මහා කළු සිංහලයා පලායනවෝ!" කියල මහ හයියෙන් බෙරිහන් දුන්නු ගිරි නිඝණ්ඨ මහත්තයවත් රජ්ජුරුවන්ට අමතක වෙන්නෑ,

මිනිහට මිනිහා ඩිසර්ව්ඩ් ඉරණම හිමිවෙනව,

නිඝණ්ඨාරාමය මහපොළොවට සමතලා වෙනව,

වළගම්බා රාජයුගයෙ සිදුවුණු විශ්වකර්ම නිමැවුම වුණු, අදටත් අනුරාධපුර ගියහම දැකබලාගෙන වන්දනාමාන කරන 'අභයගිරිය' නිර්මාණය වෙන්නෙ එතැන,

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක මෙතැන සමවත් සුවයෙන් වැඩ උන්නු බවත් කියැවෙනව,

මේ 'අභයගිරිය' නම හැදෙන්නෙ රජ්ජුරුවන්ගෙ නම වුණු 'අභය' සහ නිඝණ්ඨයගෙ නම වුණු 'ගිරි' එක්කාසුවෙලා,

මේ මහා සෑය ඇතුළෙ ගවයෙක්ගෙ හැඩයට නිර්මාණය වුණු කරඬුවක් තුළ බුදුන්වහන්සේගෙ සර්වඥ ධාතු තැන්පත් කරනු ලබනව,

ඒ වගෙම විහාර කර්මාන්තය අවසන් වුණහම අභයගිරි විහාරය පූජා කෙරෙන්නෙ රජ්ජුරුවො මලය රටේ හැංගිලා උන්නු කාලයෙ රජ්ජුරුවන්ට අපමණ උදව් උපකාර කරපු කුපික්කල මහා තිස්ස හාමුදුරුවන්ට,

අභයගිරිය 'ධර්මරුචි නිකාය' හෙවත් 'අභයගිරි නිකාය' කියල හඳුන්වන මහාවිහාරික නිකායට ප්රතිපක්ෂ නිකායක මූලස්ථානය බවට පත්වෙනව,

අභයගිරිය, අභයගිරි නිකාය, නිකායන් දෙක අතර පැනනැඟුණු අර්බුද සහ මතභේද කියන්නෙ වෙනම ම කතාකරන්න පුළුවන් මාතෘකාවක්, සටහන අනවශ්‍ය විදිහට දිග්ගැස්සෙන නිසා ඒ ගැන පස්සෙ වෙනම ම කතාකරන්නම්,

පුරා අවුරුදු 14ක් තමන් හැංගිලා උන්නු මලය රටේ සහ රුහුණෙ ගල් ලෙන් ආදිය විහාර බවට පත්කරන්න රජ්ජුරුවො අමතක කරන්නෙ නෑ,

වාරණ, මැද්දේපොළ, දෝව සහ යුනෙක්ස්කෝ ලෝක උරුමයක් වුණු දඹුල්ල රජමහා විහාරයන් අදටත් ඒ බව සාක්ෂ්‍ය සපයනව,

වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ සිදුවෙන ශාසනික වශයෙන් වැදගත්ම සිදුවීමක් තමයි මෙතුවක් කාලයක් පුරාවටම මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආපු ත්‍රිපිඨක ධර්මය ග්‍රන්ථාරූඪ කරන එක, මේක සිදුවෙන්නෙ මාතලේ අළුවිහාරයෙදි,

ඉතින්,

මේ තමයි ලංකා ඉතිහාසයෙ අන්ඩරේටඩ් ම රජ කෙනෙක් වුණු වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො ගැන විස්තරේ,

වළගම්බා රජ්ජුරුවන්ගෙ කතාව හුදෙක් තවත් එක් රජකතාවක් නොවන වග සහ රජ්ජුරුවන්ගෙ මාවත සුවඳ මල් යහනාවන් මතින් වැටුණු එකක් නොවන බව පැහැදිලිවම පේනව ඇති කියල මං හිතනව,

තමන්ව විනාශකරන්න මානබලමින් උන්නු මාරක ලුහුබඳින්නන් කෙරෙන් පලායමින්, ගල්ගුහා, මහා වනාන්තර ආදී තැන්වල වාසය කරමින්, නොවිඳිනා දුක්ඛදෝමනස්සයන් විඳිමින්, ඒ අස්සෙ ආපු බැමිණිතියා සාය කියන මහා ව්‍යසනයට පවා මුහුණදෙමින්, මොන දේ වුණත් එක්සේසත් රටක් ගැන තමන්ගෙ අරමුණ අත්නොහැරපු, ඒ වෙනුවෙන් දිවාරෑ නොබලා මහන්සිවුණු වළගම්බා රජ්ජුරුවන්ට මීටවඩා තැනක් හිමිවෙන්න ඕනි, රජ්ජුරුවො ගැන මීටවඩා කතිකාවක් ඇතිවෙන්න ඕනි සහ මේ චරිත, ඔවුන් විසින් කළ කී දෑ ගැන මතකය අමතක නොවී චිරාත් කාලයක් පවතින්න ඕනි කියල මං විශ්වාස කරනව,

මූලාශ්‍ර පරිශීලනය කරමින්, වෙලාව අරගෙන, ඕනිම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදිහට මෙහෙම ලියන එකේ එක අරමුණක් ඒක,

එහෙනම්, තවත් මේ වගෙම සටහනකින් සෙට්වෙමු!

~ | විකුම්...

#WIKUM #history #srilanka

[QUOTE="හෙළයෙක්, post: 31507384, member: 503645"] ඇයව සහ ඇය සන්තකයෙ තිබුණා යැ කියන පාත්‍රා ධාතුව සත්ද්‍රවිඩ ප්‍රධානීන් හමුවට පමුණුවනු ලබනවා, මම පොඩිකාලෙ කියවපු පොතකට අනුව මෙතැනදි සත්ද්‍රවිඩයො ඇය ඔවුන්ගේ රජතුමාගෙ මියගිය දියණිය වගේ කියල පුදුමයෙන් වගේ කියනව, ඒක අහන සෝමා දේවිය තමන් ඇගේ පුනරුත්පත්තියක් බව කියමින් රංගනයක යෙදෙනවා, සත්ද්‍රවිඩ ප්‍රධානීන්ගෙන් කෙනෙක් ඇයව අරගෙන ඉන්දියාවට යනව, තවකෙක් පාත්‍රා ධාතුව අරගෙන යනව, දැන් අර ආපු හත්දෙනාගෙන් ලංකාවෙ ඉතුරුවෙන්නෙ පස්දෙනයි, එතැනින් පස්සෙ ගතවෙන අවුරුදු 14ක කාලපරාසය පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර, දාඨිය කියන මේ ආක්රමණිකයින් පස්දෙනා ජනයා පෙළමින්, රටේ රීරිමාංසය උරාබොමින් අනුරාධපුරය පාලනය කරනව, මේ අවුරුදු 14ක කාලය පලාගිය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො ගතකරන්නෙ කොහොමද? රජ්ජුරුවො පලාගියාට මොකද ආක්‍රමණිකයො රජ්ජුරුවන්ව හොයන එක නැවැත්තුවෙ නෑ, මොකද කවමහරි දවසක පලාගිය රජ්ජුරුවො සේනා සංවිධානය කරගෙන තමන්ට කෙළින්න එන බව එයාල දැනං හිටියා, ඒ නිසාම අනුරාධපුර ඉඳන් මායා රටට, ඒ කියන්නෙ මලය රටට සහ රුහුණට රහසිගත ඝාතක කණ්ඩායම්, හමුදා කණ්ඩායම් නිරන්තරයෙන්ම ආවා, එයාල රජ්ජුරුවො ඉන්න පුළුවන් කියල සැක හිතුණු හැමතැනක්ම වගෙ පීරුවා, ඒත් උන්ට රජ්ජුරුවන්ගෙ මයිලක්වත් හොයාගන්න ලැබුණෙ නෑ, මොකද මහා සංඝරත්නය ප්රමුඛ පොදු ජනතාව රජ්ජුරුවන්ට ආදරය කරා, රජ්ජුරුවන්ව දිවිහිමියෙන් ආරක්ෂා කරා, කොයිතරම් රහසිගතව ආක්රමණික ලුහුබඳින්නන් මලය රටට ආවත් ඒ පැමිණීම ගැන රජ්ජුරුවො මිනිස්සුන්ගෙ මාර්ගයෙන් ඉක්මනින්ම දැනගත්තා, ඒ නිසා හැංගිලා උන්නු තැනින් තවත් තැනකට මාරුවෙන්න කාලවේලාව හම්බුණා, මේ කාලෙ රජ්ජුරුවො සහ රජපවුල හිටියෙ මාලිගාවල නෙවෙයි, මහා වනාන්තර මැද්දෑවෙ තිබුණු ගල්ගුහා, පන්සල්, ගම් ප්‍රධානීන්ගෙ නිවස්න තමයි එයාලට මාලිගා වුණේ, ඒ වගෙම වැදගත්ම දේ මේ කියන කාලෙ රටක් විදිහට අපිට කම්ෆටබල් වුණේ නෑ, ඒ ආක්රමණිකයින් සෙට් එකක් රට පාලනය කරපු නිසා නම් නෙවෙයි, පුරා අවුරුදු 12ක කාලයක් පැවතුණු 'බැමිණිතියා සාය' කියන දරුණු සාගතය නිසා! මේක ඇවිල්ල ලංකා ඉතිහාසයෙ අපිට හමුවෙන දරුණුතම ස්වභාවික ව්‍යසනයක්, ස්වභාවික කිව්වට මේකට ආක්රමණිකයින් ආපු ගමන්ම කරපු වැව් අමුණු විනාශකිරීම වගෙ සාධකත් හේතුවක්, දරාගත නොහැකි කාස්ඨකේ හමුවේ මහපොළොව ඉරිතලනව, ඇළදොළ, ගංගා, මහාවැව්, දිය උල්පත් හැමෙකක්ම වගෙ හිඳිල යනව, ඒ නිසාම රටේ ආහාර නිෂ්පාදනය අඩාළ වෙනව, මිනිසා ඇතුළු සකලවිධ ප්‍රාණීන්ට මෙතුවක් කාලයක් කන්න බොන්න ඵලවැළ දුන්නු ගස්කොළං මහා නියඟෙ ඉස්සරහ කේඬෑරි වෙලා යනව, මේක මහ දරුණු ව්‍යසනයක්, මේ ව්‍යසනය රටේ හැම ප්‍රාණියකුටම වගෙ බලපානව, සියගණනින් දහස්ගණනින් මිනිස්සු ඇතුළු සතාසීපාවා මියැදෙනව, බලන බලන අත දකින්න ලැබුණෙ විනාශය හැර වෙන කිසිවක්ම නෙවෙයි, ඇවිදින ඇටසැකිළි වගෙ මිනිස්සු, කේඬැරිවෙලා ගිය ගස්කොළං, පත්ලටම හිඳිල ගියපු ඇළදොළ ගංගා වැව් ආදී ජල මූලාශ්රයන්, ඒ අස්සෙ ගම්නියම්ගම් සිසාරා පැතිරෙන නේකවිධ වසංගත රෝග, දරාගත නොහැකි බඩගින්න ඉස්සරහ මිනිස්සු මිනිස්සු අතර ආහාර වෙනුවෙන් සිදුවුණු අඬදබර සහ ආරවුල්, ඒ වගෙම සොරකම්, බඩගින්න කොයිතරම් ද කියනව නම් ඇතැම් අය පණ රැකගන්න මිනීමස් පවා අනුභව කරපු බව රසවාහිනියෙ, සීහලවත්ථුවෙ සඳහන් වෙනව, මේක මහ භීෂණකාරී යුගයක්, කිසිදා නොවූ විරූ ලෙසින් රටම එකම අපායක් බවට පත්වෙලා තිබුණෙ! ඒ අපායේ අපහසුවෙන් පණ රැකගත්තු හැම ප්‍රාණියෙක් හිටියා නම් ඔවුන් හැමකෙක් මතටම මරණයේ සහ විනාශයේ හෙවණැල්ල වැටිල තිබුණා! “මෙම ලංකාද්වීපයෙහි එක් සමයෙකැ බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂයක් දොළොස් අවුරුද්දක් පැවැත්තේය.ඒ දොළොස් අවුරුද්ද මුළුල්ලෙහි මෙම ලංකාද්වීපයෙහි වැසි පොදකුත් නො හෙලීය.එසේ හෙයින් දුර්භික්ෂය විය.අහර නොලැබීමෙන් උපදෘත වූ මනුෂ්‍යයින්ට රෝග භය විය. එකලැ ශරීරයෙහි ලෙහෙ මස් සිදී අස්තිචර්මවශේෂ වූ මනුෂ්‍යයෝ ඉතා දුඃඛිත වූහ.” සද්ධර්මලංකාරයෙ වත්ථුලපබ්බත වස්තුව කොටසෙ මේ ව්‍යසනකාරී තත්වය ගැන එහෙම කියනව, මේ ව්‍යසනය හමුවේ සිල්වත් භික්ෂූන් වහන්සේ විශාල වශයෙන් අපවත් වෙනව, මහාසාය දරාගත නොහැකිව ඇතැම් භික්ෂූන් වහන්සේලා දඹකොළ පටුනින් නැව් නැඟ දඹදිවට ගමන්කරනව, ඒ, ව්‍යසනය අවසන් වුණු පසු ආයෙ එන බලාපොරොත්තුවෙන්, ඒක ශාසනයෙ පැවැත්ම වෙනුවෙන් ඒ මොහොතේ ගත්තු නුවණැති පියවරක්, තවත් පිරිසක් සිවුරු අතෑරල යනව, ඒ අතරෙ අරම දඹදිවට යන්න තීරණය කරපු තවත් භික්ෂූන් වහන්සේල හැටක පිරිසක් ඒ තීරණය වෙනස් කරල මලය රටේ කඳුකරයට පැනල ගිහින් ගස්වල කොළ සහ පොතු අනුභව කරමින්, බොහොම දුක්ඛිත ජීවිත ගෙවමින් සිඳීගිය ගංගාවන්හි ඉවුරුවලට වෙලා තමන් කටපාඩමින් දැන උන්නු ත්‍රිපිටක ධර්මය මතකයෙන් ගිලිහී යන්න නොදී ඒවා ආයෙ ආයෙත් සජ්ඣායනා කරනව, මේ වෙනකල් ධර්මය පැවතගෙන ආවෙ මුඛ පරම්පරාගතව, ඒ නිසා ඒ ධර්මය දැනගෙන උන්නු ධර්මධර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා වීම සහ ඒ ධර්මය ආරක්ෂා වීම බුදුදහමේ අනාගත පැවැත්මට අතිශයින්ම වැදගත් වුණා, අද බුද්ධ ධර්මය මේ මට්ටමට ඉතුරුවෙලා තියෙන්නෙ තමන් කටපාඩමින් දරාගෙන උන්නු ධර්මය ආරක්ෂා කරගන්න නේකවිධ දුක්ඛදෝමනස්සයන් විඳිමින් තමන්ගෙ ජීවිත රැකගත්තු ඒ භික්ෂූන් වහන්සේල නිසාවෙන්, අන්න ඒ දේ අපි මතකයෙ තියාගන්ඩෝනි, ඉතින් මේ කියපු බැමිණිතියා සාය පුරා අවුරුදු 12ක් පවතිනව, මේකෙ අවසන් කාලෙ අනුරාධපුර පාලනය කරන්නෙ ඉතුරුවුණු පංච ද්‍රවිඩයින් එකිනෙකා මරාගෙන අවසානෙටම රජවෙන දාඨිය කියන ආක්රමණිකයා, 'මේක තමයි වෙලාව' පුරා වසර 14ක් මලය රටේ කඳුකරයේ සහ රෝහණයේ තැනින් තැන සැඟව, එකතැනක ලොකු කාලයක් නොරැඳී පලායමින්, තමන් පසුපස ලුහුබඳින මාරයා හා ඔට්ටුවෙමින්, රජෙකුට නොතරම් වූ නොවිඳිනා දුක්ගැහැට විඳිමින්, බැමිණිතියා සායෙන් බැටකමින්, ඒත් මොන දේ වුණත් දකුණු ඉන්දීය ආක්රමණිකයින්ගෙන් අනුරාධපුරය මුදාගෙන රට එක්සේසත් කරන තමන්ගෙ ඒකායන අරමුණ අත්නොහැරපු වළගම්බා රජ්ජුරුවො තීරණය කරනව, ගම්නියම්ගම් සිසාරා ඒ බලාපොරොත්තුවේ, නිදහසේ පණිවුඩය පැතිරෙනව, මෙතුවක් කාලයක් පුරාවටම ආක්රමණිකයින්ගෙන් සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බැටකාපු ජාතියක් තමන් බැඳදාල උන්නු බැමිවලින් නිදහස් වීමේ අභිලාෂයෙන් එක්සත් ව, එක්සිත් ව අවදිවෙනව, රහසිගතව සේනා සංවිධානය වෙනව, ආයුධයක් දරන්න තරම් ඇඟේ හයියහත්තිය තිබුණු හැම මනුස්සයෙක්ම වගෙ ඒ සේනාවන්ට එක්කාසුවෙලා දිවා රෑ නොබලා අවිහරඹ පුහුණුවෙනව, ලෝකුරු කර්මාන්තයෙ යෙදුණු ලෝකුරුවන්ට උදාවෙන්නෙ තරමක බිසී කාලයක්, ඔවුන් අතින් අසිපත්, පොරෝතල, තෝමර, ඊතල ආදී අවිආයුධ නිර්මාණය වෙනව, ඒවා පත්වෙන්නෙ අර සේනාවන්ගෙ අතට, ඒ ආයුධ දරාගත්තු මහා සේනාව 'මහා කළු සිංහලයා' හෙවත් වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො පෙරටුකරගනිමින්, මාර සේනවක් විලසින්, රණබෙර වයමින්, ධජපතාක ලෙළවමින්, මුවින් ඔල්වරසන් හඬ නඟමින් අනුරාධපුර දිහාවට ඇදෙනව, ඒ, තමන්ගෙ රටට අනවසරයෙන් ගොඩබැහැල ඒ රටේ රීරිමාංසය උරාබොමින් උන්නු ආක්රමණිකයින් මුලිනුපුටා දැමීමේ අරමුණෙන්, දෙපක්ෂයේ සේනාවන් මුහුණට මුහුණ හමුවෙනව, මහා සටනක් ඇරඹෙනව, අසිපතට අසිපත, හෙල්ලයට හෙල්ල ගැටෙනව, ඉරිතැලුණු මහපොළොව දෙපක්ෂයෙම ලෙයින් තෙත්වෙනව, මළසිරුරු ගොඩගැහෙනව, පිරිසක් බරපතළ තුවාල ලැබ පණ අදිනව, යුද්ධයක් වුණාම එහෙමයි, හෝරා ගණනාවකට පස්සෙ ලේ, සුසුම් සහ දහඩිය මතින් ඇදුණු, දේශයක දෛවය, අනාගත දිශානතිය තීරණය කරපු ඒ තීරණාත්මක සටන අවසන් වෙනව, ඒ, වළගම්බා රජ්ජුරුවො ප්රමුඛ සිංහල සේනාවන්ගෙ ජයග්රහණයෙන්, ආක්රමණිකයින් පරාජය කරමින් ආයෙ වතාවක් මුළු රටම එක්සේසත් කරන වළගම්බා රජ්ජුරුවො දෙවැනි වරටත් රාජ්‍යත්වයට පත්වෙලා දොළොස් අවුරුද්දක් පුරාවටම රාජ්‍ය විචාරනව, රජ්ජුරුවන්ගෙ මුල්ම වැඩේ වෙන්නෙ එදා ආක්රමණික ලුහුබඳින්නන් තමන් පසුපස හඹා ආපු වෙලාවෙ තමන්ගෙ සහ රජපවුලෙ සාමාජිකයින්ගෙ ජීවිත ආරක්ෂා කරන්න දෙපාරක් නොහිතා කරත්තයෙන් පැනපු, ආක්රමණික අත්අඩංගුවට පත්වෙලා ඔවුන්ගෙ රටට ගෙනියපු සෝමා දේවිය ව ආයෙමත් ලංකාද්වීපයට ගෙන්නගන්න එක, රජ්ජුරුවො පසුකාලීනව ඇයට ගෞරවයක් විදිහට 'සෝමාරාමය' නිර්මාණය කරනව, එදා රජ්ජුරුවො පලායනකොට "මහා කළු සිංහලයා පලායනවෝ!" කියල මහ හයියෙන් බෙරිහන් දුන්නු ගිරි නිඝණ්ඨ මහත්තයවත් රජ්ජුරුවන්ට අමතක වෙන්නෑ, මිනිහට මිනිහා ඩිසර්ව්ඩ් ඉරණම හිමිවෙනව, නිඝණ්ඨාරාමය මහපොළොවට සමතලා වෙනව, වළගම්බා රාජයුගයෙ සිදුවුණු විශ්වකර්ම නිමැවුම වුණු, අදටත් අනුරාධපුර ගියහම දැකබලාගෙන වන්දනාමාන කරන 'අභයගිරිය' නිර්මාණය වෙන්නෙ එතැන, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක මෙතැන සමවත් සුවයෙන් වැඩ උන්නු බවත් කියැවෙනව, මේ 'අභයගිරිය' නම හැදෙන්නෙ රජ්ජුරුවන්ගෙ නම වුණු 'අභය' සහ නිඝණ්ඨයගෙ නම වුණු 'ගිරි' එක්කාසුවෙලා, මේ මහා සෑය ඇතුළෙ ගවයෙක්ගෙ හැඩයට නිර්මාණය වුණු කරඬුවක් තුළ බුදුන්වහන්සේගෙ සර්වඥ ධාතු තැන්පත් කරනු ලබනව, ඒ වගෙම විහාර කර්මාන්තය අවසන් වුණහම අභයගිරි විහාරය පූජා කෙරෙන්නෙ රජ්ජුරුවො මලය රටේ හැංගිලා උන්නු කාලයෙ රජ්ජුරුවන්ට අපමණ උදව් උපකාර කරපු කුපික්කල මහා තිස්ස හාමුදුරුවන්ට, අභයගිරිය 'ධර්මරුචි නිකාය' හෙවත් 'අභයගිරි නිකාය' කියල හඳුන්වන මහාවිහාරික නිකායට ප්රතිපක්ෂ නිකායක මූලස්ථානය බවට පත්වෙනව, අභයගිරිය, අභයගිරි නිකාය, නිකායන් දෙක අතර පැනනැඟුණු අර්බුද සහ මතභේද කියන්නෙ වෙනම ම කතාකරන්න පුළුවන් මාතෘකාවක්, සටහන අනවශ්‍ය විදිහට දිග්ගැස්සෙන නිසා ඒ ගැන පස්සෙ වෙනම ම කතාකරන්නම්, පුරා අවුරුදු 14ක් තමන් හැංගිලා උන්නු මලය රටේ සහ රුහුණෙ ගල් ලෙන් ආදිය විහාර බවට පත්කරන්න රජ්ජුරුවො අමතක කරන්නෙ නෑ, වාරණ, මැද්දේපොළ, දෝව සහ යුනෙක්ස්කෝ ලෝක උරුමයක් වුණු දඹුල්ල රජමහා විහාරයන් අදටත් ඒ බව සාක්ෂ්‍ය සපයනව, වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ සිදුවෙන ශාසනික වශයෙන් වැදගත්ම සිදුවීමක් තමයි මෙතුවක් කාලයක් පුරාවටම මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආපු ත්‍රිපිඨක ධර්මය ග්‍රන්ථාරූඪ කරන එක, මේක සිදුවෙන්නෙ මාතලේ අළුවිහාරයෙදි, ඉතින්, මේ තමයි ලංකා ඉතිහාසයෙ අන්ඩරේටඩ් ම රජ කෙනෙක් වුණු වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජ්ජුරුවො ගැන විස්තරේ, වළගම්බා රජ්ජුරුවන්ගෙ කතාව හුදෙක් තවත් එක් රජකතාවක් නොවන වග සහ රජ්ජුරුවන්ගෙ මාවත සුවඳ මල් යහනාවන් මතින් වැටුණු එකක් නොවන බව පැහැදිලිවම පේනව ඇති කියල මං හිතනව, තමන්ව විනාශකරන්න මානබලමින් උන්නු මාරක ලුහුබඳින්නන් කෙරෙන් පලායමින්, ගල්ගුහා, මහා වනාන්තර ආදී තැන්වල වාසය කරමින්, නොවිඳිනා දුක්ඛදෝමනස්සයන් විඳිමින්, ඒ අස්සෙ ආපු බැමිණිතියා සාය කියන මහා ව්‍යසනයට පවා මුහුණදෙමින්, මොන දේ වුණත් එක්සේසත් රටක් ගැන තමන්ගෙ අරමුණ අත්නොහැරපු, ඒ වෙනුවෙන් දිවාරෑ නොබලා මහන්සිවුණු වළගම්බා රජ්ජුරුවන්ට මීටවඩා තැනක් හිමිවෙන්න ඕනි, රජ්ජුරුවො ගැන මීටවඩා කතිකාවක් ඇතිවෙන්න ඕනි සහ මේ චරිත, ඔවුන් විසින් කළ කී දෑ ගැන මතකය අමතක නොවී චිරාත් කාලයක් පවතින්න ඕනි කියල මං විශ්වාස කරනව, මූලාශ්‍ර පරිශීලනය කරමින්, වෙලාව අරගෙන, ඕනිම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදිහට මෙහෙම ලියන එකේ එක අරමුණක් ඒක, එහෙනම්, තවත් මේ වගෙම සටහනකින් සෙට්වෙමු! 💖 . ~ ✍️| විකුම්... . . . . . #WIKUM #history #srilanka [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom