වට්ස් ඇප් හරහා ලැබුන තොරතුරක්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වට්ස් ඇප් හරහා ලැබුන තොරතුරක්

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන්න පත් කරපු විශේශ කාරක සභා වාර්තාවෙ ඇතුලත් එක කරුණක් දැක්කම මට සිනහව නවත්තගන්න බැරි උනා..

    මං හිතනවා ඔයාටත් ඒක ඇහුවම අපි ගැනම ඉදකිං අපි ! කියලා හිනා යයි කියලා 🤣

    🔴 පලමු බුද්ධි තොරතුර ලැබිලා තියෙන්නෙ අප්‍රේල් 4 වෙනිදා ..වට්ස් ඇප් හරහා ලැබුන තොරතුරක්.. ඒකම ආයි ලිඛිතව ලැබිලා අප්‍රේල් 5 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අතට

    🔻අප්‍රේල් 07 වෙනිදා ප්‍රහාරය ගැන දැනුවත් කිරීම කරනවා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ට .

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා

    🔻අප්‍රේල් 09 පොලිස්පතිට ලිඛිතව දන්වලා තිබෙනවා..ඒ ලියුමේ අතිශය රහසිගතයි කියලා කවරයෙ සදහන් කරලා තියෙනවා

    ලියුමෙ සදහන් නම අතර සහරාන් , රිල්වාන් , ශාහිර් , මිල්හාන් යන සියල්ලන්ගෙ නම් තිබෙනවා..

    🔻අප්‍රේල් 10 සහරාන් අත් අඩංගුවට ගන්න උපදෙස් ලැබිලා තියෙනවා.

    ඒ උපදෙස ලැබිලා තියෙන්නෙ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අද්‍යක්ශකට..

    හිනා යනම වැඩේ මේකයි..

    🔴 අප්‍රේල් 10 තවත් උපදෙසක් ලැබිලා තියෙනවා සහරාන්ගෙ ෆේස් බුක් පිටුව අවහිර කරන්න කියලා..

    ඒ අනුව එදිනම ක්‍රියාත්මක උන ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ටාශය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කරනවා සහාරාන්ගෙ ෆේස්බුක් පිටුව අවහිර කරන්න..

    ☑ඔන්න අප්‍රේල් 15 වෙනිදා සහරාන්ගෙ ෆේස්බුක් ගිණුම අවහිර කරනවා ෆේස්බුක් ආයතනය

    වාර්තාවෙ සදහන් ආකාරයට අප්‍රේල් 14,15,16 දින වල සහරාන් ඇතුලු පිරිස අත් අඩංගුවට ගන්න මෙහෙයුම් කරලා තියෙනවා..

    🔻අප්‍රේල් 16 කාත්තන්කුඩි වල සිදූ උන පිපීරීමක් වාර්තා වෙනවා

    🔻අප්‍රේල් 17 බුද්ධි අංශ කියනව 16 උන පිපිරුම පෙරහුරුවක් කියලා..

    🔻අප්‍රේල් 18 රාජ්‍ය බුද්ධි ප්‍රධානියා 16 කාත්තන්කුඩි පිපිරිම සහරාන් කල බවත් එය පෙරහුරුවක් බවත් සදහන් කරමින් වාර්තාවක් පොලිස්පතිට යවනවා..

    🔻අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙම සිදුවීම ගැන පලමු වතාවට හමුදා බුද්ධි අංශ දැනුවත් කරනවා..

    🔻අප්‍රේල් 20 රාජ්‍ය. බුද්ධි අංශ ප්‍රධානියාට තවත් වට්ස් ඇප් පණිවුඩයක් එනවා .. ක්‍රියාත්මක උන ඔහු තම මුලාශ්‍ර වලට මෙහෙම පණිවුඩයක් යවනවා

    " ලංකාවෙ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයෙ සහරාන් සහ ඔහුගෙ පිරිස සුදානම්ව සිටි.. ඔවුන් මේ සදහා 16 වෙනිදා කාත්තන්කුඩියේදි යතුරු පැදියක් පුපුරවා හැර පෙරහුරුවක් පවත්වා ඇත.. "

    ඊට ඔහුගෙ මූලාශ්‍රයකින් මෙන්න මෙහෙම පිලිතුරක් ලැබෙනවා

    " 2019 අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනෙක ඔවුන්ගෙ ප්‍රහාරය දියත්විය හැකියි..දේව ස්ථාන ,හෝටල් ඇතුලු ස්ථාන 08 ක් ඔවුන් තෝරාගෙන සිටිනවා"

    ⚫ අප්‍රෙල් 21 ඉරිදා උදෑසන 8.27 ට අවසන් බුද්ධි තොරතුර මෙසේ ලැබෙනවා

    ඒ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට

    ඒ මෙසේයි

    " ගරු කටයුතු මහත්මයානෙනි , සුභ උදෑසනක්! ඔවුන් අද දින පැය 0600 සිට 1000 දක්වා ක්‍රියාත්මක වීමට ඉඩ ඇත..ඔබගේ කාරුණික අවධානය පිනිසයි.. කොලබ මෙතෝ දිස්ත දෙව් මැදුර ඔවුන්ගෙ එක ඉලක්කයක්""

    8.32 ට නිලන්ත ජයවර්ධන මේ පිලිබදව පොලිස්පති හා ආරක්ශක ලේකම් දැනුවත් කර අවසානයි

    මිතුරනි,

    සියල්ල පුපුරා ගියේය

    #පලමු ප්‍රහාරය පෙ.ව 8.45 ට මීගමුව කටුවපිටිය දේවස්ථානය

    #දෙවැන්න පෙ.ව 8.45 ට කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව් මැදුර

    #තුන්වැන්න- පෙ.ව 8.47 - කොලබ කිංග්ස්බරි හෝටලය

    #හතරවැන්න පෙ.ව 8.54 කොලබ ශ්‍රැන්ගීලා හෝටලය

    #පස්වැන්න පෙ.ව 9.10 මඩකලපුව සියොන් දේවස්ථානය

    #හයවැන්න-පෙ.ව 9.12 කොලබ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය

    #හත්වැන්න- පස්වරු 1.30ට ට්‍රොපිකල් ඉන් ලගුම් හල දෙහිවල

    #අටවැන්න- පස්වරු2.25 දෙමටගොඩ නිවාස සංකීර්ණය

    කිතුනු දේවස්ථාන 3 ක් සහ හෝටල් 3 ක් ඉල්ලකර කෙරුනු මෙම මරාගෙන මැරුන ප්‍රහාර හේතුවෙන් 277 ක් ජිවිතක්ශයට පත් වු අතර 400 ක් බරපතල තුවාල ලැබීය.. මරණයට පත් වූවන් අතර විදේශිකයන් 40 ක් සහ දරුවන් 45 ක් ද වේ..

    මේ කොමිසන් වාර්තාව කියවු පසු මට දැනුන ආවේගය මෙතෙකැයි කියා නිමකල නොහැකි විය.. අපි අපිටම සිනහ විය යුතු අපි අපිටම අනුකම්පාවෙන් හැඩිය යුතු රටක ඉදගෙන අපි සියල්ලො එකිනෙකාට සිනහ වෙමින් සිටිමු..

    හිතවතුනි,,

    බෝම්බ පුපුරන්න කලින් රිහලස් කරන එකම රට මේක වෙන්නට ඇත..

    බෝම්බයෙ රිහසල් එක සාර්ථක බව කියමින් බුද්ධි ප්‍රධානින් වාර්තා හුවමාරුකරගත් එකම රට මේක වෙන්ටැතිය

    21 පුපුරන බෝම්බ වල රිහසල් එක 16 සිදුකර ඇතැයි බුද්ධි ප්‍රධානියාගෙ අතට වාර්තාවක් ලැබීමෙනුත් අනතුරුව මිනිස් ජිවිත මේ සා විශාල ගනනක් අපට අහිමි විය..

    මා මෙතෙක් සිතා සිටියෙ බෝම්බ පුපුරන එක නවත්වන්නට සමහර දියුණු රටවලටත් නොහැකි බවය..

    නමුත් බෝම්බ පුපුරන්න පෙර එහි රිහසල් පවා කරන්නට ත්‍රස්ත්‍රවාදින්ට පහසුකම් සපයාදෙන එකම රට මේ ක වෙන්නට ඇත..

    මගුල් ගෙදරට කලින් ප්‍රී සූට් එකකුත් දැක තිබියදි ඔයාලා බදින බවක් බැන්දටයි පස්සෙ දන්නෙ කියලා යමෙක්ට කිව හැකි රටක් වේ නම් ඒ මේකය.. අනිකක් නෙමේය..

    සහරාන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක බ්ලොක් කරන්නට තිබුන කුලප්පුව ප්‍රහාරය නවත්වා ගන්නට නොතිබුනේ මන්දැයි අහන්නට කෙනෙක් ඇත්නම් පපුවට ගසා කමිසයෙන් ඇද අහන්නට තරම් ඉකියක් හදවතේ ඇති වේ..

    මරාගෙන මැරෙන ප්‍රහාරයේ මහා මොලකරුගේ ෆේස්බුක් එකත් අපි ඊට දින 6 ට කලින් බ්ලොක් කරගත්තෙමු..

    21 ප්‍රහාරය සදහා 16 රිහසල් එකකුත් කර ඇති බව අපි ඊට කලින් දැන සිටියෙමු.

    නමුත් අපිට ඒ මොක දැනගෙන හිටියක් 277 ක් මැරෙනකම් කල හැකි බක්කක් තීබීද නැත.

    ශාහ් වාව් ය.. මාවලස් ය.. අපි ජිවත් වෙන්නෙ එහෙම රටක ය..!

    පලමු ප්‍රහාරය එල්ල වීමට කලින් කරන උන්ගෙ නම් පවා අපි දැනන් හිටියෙමු..

    උන් අල්ල ගැනීම කෙසේ වෙතත් අපිට කරන්න පුලුවන් උන එකම සහ ලොකුම දේ හැමදාමත් වගේ ෆේස්බුක් එක බ්ලොක් කිරීමය.. ඒ හොදටම ඇතිය..

    ඒ විතරක්ද අපි වෙලාවල් පවා දැන සිටියෙමු..

    පෙරවරු 8.45 ට මීගමුව කටුවපිටිය පල්ලියට පලමු ප්‍රහාරයෙන් පසු පෙරවරු 9.10 මඩකලපුව සියෝන් පල්ලියට ගහනකම් අපි බලා සිටියෙමු..

    පෙ. ව 8.45 සිට 9.10 දක්වා කාලය විනාඩි 25 කි..

    බුද්ධි අංශයක් නොතුබුනාම කියමු

    නමුත් අපිට දුරකථන පහසුකම්ද එදා නොතිබෙන්නට ඇත

    එක පල්ලියකට ප්‍රහාර එල්ල වී විනාඩි 25 ට පසු අනිකටත් ගහනම්

    " සියළු පාස්කු දේවමෙහෙයන් අවලංගු කර ජනතාව ආරක්ශිතව නිවෙස් කරා යවන්න" කියා එක දුරකථන ඇමතුමක් දෙන්නට එකෙක් හිටියෙ නැත

    සමහරවිට එදා ලංකාවෙ ෆෝන් වල සිග්නල් පවා අවුට් ගොස් තිබෙන්නට ඇත..

    වාර්තාව දෙස බලනකොට පෙරලි පෙරලි හැඩිය හැකි සංවේදි හද කකියවන දේ දහසකුත් එකක් ඇත..

    ඇයි මෙහෙම වෙන්න දුන්නෙ ? ඇයි ඇයි ඇයි? කියා බිම දාගෙන අහන්න එකෙක් ඇත්නම් ඒ කාගෙන්දැයි මට නිච්චි නැත..

    වාර්තාවෙ නම් කියවෙන වගකිවයුත්තො බොහොමයකි..

    ඒ සියළු දෙනාගෙන් "ඇයි? "කියා අහන්නට තිබේ නම් හොදයි කියා සිතුනත් සියල්ල අවසානයේ මම එකක් පමණක් හැඟිමි..

    සහරාන් එකෙක් පමණි!! සහරාන්ලා මහ ගොඩක් මැද අපි නග්නව සිටිමු.. ! වෙනසකට ඇත්තෙ මෙකී සහරාන්ලා ලග බෝම්බ නැත.. නමුත් ඔවුන් අපේ හදවත් පුපුරවා හැරියෙ කලින් නොදන්වාමය!! ඒ අතින් අර පෙරකී සහරාන් මේ සහරාන්ලට වඩා අවංක එකෙකි!! අහිංසක එකෙකි!

    අවසන මහ හඩින් සිනහවකි.. ඒ සිනහව අපේ අසරණකම දුටු අපිටමය!!

    චාන්‍යා හේරත් © Chanya Herath
     
    • Like
    Reactions: nnjeevana

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රිහසල් කරල බෝම්බ පුපෙුරනකම් අපේ අප්පුහාමිලා නිදි.... ඉල්ලා අස්වෙන්න ඕන මුන්...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔතන තියෙන්නෙ නිලධාරිවාදෙයි, ඔලුව ඉදිමිච්ච කමයි, කිසි පිලිවෙලක් නැතිකමයි, විෂය ගැන දැනුමක් නැති බලේ අල්ලගෙන ඉන්න ගස් ගෝතයොයි. උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. එන එකෙක්ට හදන්නත් බෑ මේක ඔඩුදුවල තියන හැටියට
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif