වටිනා කතාවක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Shantha Ranabahu

    JrsrtSunepohu 2dg atn 8:fc0ft5thcd soSPgrnedMe ·
    Shared with Public

    මනෝහර් පරිකාර් කියන්නේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ හිටිය ප්‍රබලතම කැබිනට් අමාත්‍යවරයක්. ඔහු රටේ ආරක්ෂක ඇමතිවරයායි. ඔහුගේ තිබෙන නිහතමානි කම නිසාම ඔහු රජයේත්, විපක්ෂයේත්, රටේ ජනතාව අතරේත් බොහෝම ජනප්‍රිය පුද්ගලයෙක්. පෙර කිසිම දේශපාලන පසුබිමක් නොතිබුණත් ඔහුට තම රටේ මෙතරම් බාරදූර තනතුරක් ලැබෙන්නේ ඔහුගේ තිබෙන උගත්කම හා කාර්‍ය්ශූරත්වය නිසාමයි.
    ඉන්දියාවේ දුෂ්කර ගමකින්, සාමාන්‍ය පවුලකින් පැවත එන ඔහුගේ ගමන් මගේ මෙතෙක් ආ ගමන දෙස හැරී බැලූවිට රසවත් ජීවන අත්දැකීම්වලින් පිරී තිබෙන බව ඔහු පවසන්නේ නිහතමානිවය. සමාජයට වැදගත් පණිවිඩයක් දීමට හැකි යමක් ඔහුගේ ජීවන කතාවලින් ගත හැකිනම් ඒවා සමාජය හමුවේ තැබීමට ඔහු කිසිවිටෙකත් පැකිළෙන්නේ ද නෑ.
    ඉන්දියාවේ ගෝවා හි පාරා කියන ගමේ ඉපදී හැදුණු වැඩුණු ඔහු, එම ගමෙහි වාර්ෂිකව පවත්වනු ලබන කොමඩු සැනකෙළියක් පිළිබඳව හරි අපූරු කථාවක් එරට පැවැත්වුණු අධ්‍යාපන සම්මන්ත්‍රණයකදී එරට ළමුන්ගේ අධ්‍යාපනය හා සම්බන්ධකරමින් ඉදිරිපත් කළා.
    මේ ඒ කතාවයි....
    මම පාරා ගමේ එපදී එහිම හැදී වැඩුණු කෙනෙක්. ඒ නිසා තමයි අපිව පරිකාර් කියලා හදුන්වන්නේ. මගේ ගම හරි ලස්සනයි ඒ වගේම මගේ ගම, රටේ තියෙන හොදම කොමඩු වර්ගය වගාකරන ගම්මාන අතරින් එකක් විදියට හරි ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණා. හැම අවුරුද්දකම මැයි මාසයේ තමයි මේ කොමඩු අස්වනු නෙලන්නේ. මේ අස්වැන්න නෙලීමෙන් පස්සේ ගමේ ගොවි මහත්තුරු ටික ඔක්කොම එකතුවෙලා ගමේ කොමඩු සැනකෙළියක් පවත්වනවා. මේකේ නායකත්වය ගන්න එක් ගොවි මහත්තයෙක් ඉන්නවා. ඔහු තමයි මේ හැමදෙයක්ම සංවිධානය කරන්නේ. ගමේ ඉන්න හැම ළමයෙක්ම මේ සැනකෙළියට කැඳවනවා. අස්වැන්නෙන් ලබාගන්නා කොමඩු සමඟ එක එක ජාතියේ තරඟ මෙහිදී පවත්වනවා. ඒ වගේම මෙයට සහභාගි වන ළමයින්ට හිතේ හැටියට කොමඩු කන්නත් ඔවුන් ඉඩ ලබා දෙනවා. අපේ ගමේ ළමයින් වගේම වැඩිහිටි සියළුදෙනාත් මේ සැනකෙළිය දවසේ ඉතාමත් සතුටින් දවස ගතකරනවා.
    ඉතිං ඔහොම අවුරුදු ගානක් ගියාට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මාව ඉංජිනේරු විද්‍යාව කරන්න මුම්බායිවල විශ්ව විද්‍යාලයකට තේරෙනවා. අවුරුදු ගානක් මම එහි ඉංජිනේරු විද්‍යාව හදාරලා උපාධියත් අරගෙන අවුරුදු 6 1/2 පස්සේ ආපහු ගමට පැමිණෙනවා.
    ගමට ආවට පස්සේ මට අතීතය මතක්වෙලා ආපහු ගමේ කොමඩු කන්න ආසාවක් ඇතිවෙනවා. මම කොමඩු හොයාගෙන වෙළඳපොලට යනවා. වෙළෙදපොලට ගිහින් දැක්කම මට ලොකු කණගාටුවක් ඇතිවෙනවා. අපි පොඩි කාළේ තිබුණ කොමඩු වෙළෙඳපොල දැන් එතන පේන්න නෑ. ඒ හිටිය වෙළෙන්දන් දැන් එතන නෑ. අතරින් පතර කොමඩු විකුණන තැන් කීපයක් තිබුණත් ඒ තිබුණ කොමඩු ගෙඩි ඉස්සරවගේ ලොකුවට සාරවත්ව වැඩිලා නෑ වගේම ප්‍රමාණයෙනුත් කුඩා ගෙඩි තමයි විකුණන්න තියෙන්නේ. මම ගෙඩියක් මිළදී අරගෙන කපා අහාරයට ගත්තා. පුදුමයි මේ අපේ ගමේම හැදෙන කොමඩු, ඒත් අපි පොඩි කාලේ කාපු කොමඩුවලට වඩා මේවා කොච්චර වෙනස්ද කියලා මට දැණුනා..? ගෙඩි කුඩාවෙලා තියෙනවා මදිවට ඉස්සර තිබුණු රස දැන් මේවගෙන් නැතිවෙලා.
    මේක මට හරිම ප්‍රශ්ණයක් වුනු නිසා මම තීරණය කළා ඉස්සර කොමඩු සැනකෙළිය පවත්වන්න මූලිකත්වය ගත්ත ඒ ගොවි මහතා හම්බවෙන්න යන්න. මම යනකොට ඒ ගොවි මහත්තයා මම විශ්ව විද්‍යාලයට ගිය මුල් කාලේම මරුමුවට පත්වෙලා. දැන් එයාගේ පුතා තමයි මේ කොමඩු ගොවිතැන කරගෙන යන්නේ. ඒ වගේම ගමේ ඉස්සර හිටිය අනෙකුත් ගෝවි මහත්වරුත් දැන් කොමඩු ගොවිතැනෙන් අයින්වෙලා වගේම ඔවුන්ගේද දරුවන් එකතුවෙලා තමයි දැන් මුළු ගමේම කොමඩු ගොවිතැන කරගෙන යන්නේ.
    පියවරුන්ගෙන් දරුවන්ට මේ ගොවිතැන මාරුවෙලා තිබුණත්, ඔවුනුත් ඉස්සර වගේම වසරක් පාසා කොමඩු සැනකෙළිය දිගටම කරගෙන යමින් පැවතුණා. නමුත් එය පැරණි සැනකෙළිය වගේම උනාට කරගෙන යන ක්‍රමවේදයන්ගේ යම් යම් වෙනස්කම් දකින්නට තිබුණා.
    අපි පොඩි කාළේ කොමඩු සැනකෙළියේ තියෙන හැම තරඟයටම වගේ සහභාගි වෙනවා. ඒ තරඟ වලදි, විශේෂයෙන්ම කොමඩු ආහාරයට ගන්නා හැම තරඟයකදීම ඔවුන් අපිට කුඩා භාජනයක් ලබාදෙනවා. අපි කන හැම කොමඩු කටකම තියෙන ඇට පළුදු නොකර අර දෙන කුඩා භාජනය දමා අවසානයේ එය ඔවුන්ට බාරදිය යුතුයි. ඒක තරඟ නීතියක්. ඇට පළුදු වී තිබෙන්නත් බෑ. ඒකත් එක් තරඟ නීතියක්.
    ඒ වගේම ඔවුන් මේ තරඟ සඳහා ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ අස්වැන්නේන් ලබාගත් ලොකුම වගේම හොඳම කොමඩු ගෙඩියි. මෙය ඔවුන් කරන උපක්‍රමයක්. ඔවුන් මෙම සැනකෙළිය පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ හා ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ඊළග අස්වැන්න වගා කිරීම සඳහා හොඳ බීජ මෙමගින් එකතු කර ගැනීමයි. මෙදා අස්වැන්නේ හොදම ගෙඩි අපිට කන්න දීලා ඔවුන් ඒවාගේ බීජ එකතුකර ගන්නවා. ඇත්තම කියනවානම් ඒ අවස්ථාවේ ගමේ අපි, ළමයි ටික ඒ සැනකෙළියේ වැටුප් නොළබන ළමා ශ්‍රමිකයන් කිව්වොත් නිවැරදියි. ඔවුන්ගේ එකම අරමුණ මේ වසරේ හොදම කොමඩුවල බීජ ඔවුන් ලබාගෙන ඊටත් වඩා හොද තත්වයේ ලොකු කොමඩු අස්වැන්නක් ඊළග වසරේ ලබාගැනීමයි. ඒ ක්‍රමවේදයන් ඔවුන් පරම්පරා ගානක් තිස්සේ හොදින් කරගෙන ආවා.
    ඒත් ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන් මේ ක්‍රමවේදයන් වෙනස් කරන්න පටන්ගත්තා. ඔවුන් කරන්නේ අස්වැන්නෙන් ලැබෙන විශාල කොමඩු ගෙඩි සඳහා වෙළෙඳපොලේ ඉතා හොඳ මිලක් ලැබෙන නිසා, එම විශාල හොද ගෙඩි වෙළඳපොලට විකිණීමට යවා අස්වැන්නෙන් ලැබෙන පොඩි ගෙඩි සහ බාල ගෙඩි වසරේ සැනකෙළිය සඳහා යොදා ගැනීමයි. ඉතිං ඔවුන් මෙසේ කිරීමේදී ඔවුන් නොදැනීම ඒ සැනකෙළියේදී පොඩි ගෙඩි වළින් ලබාගන්නා ඇට වලින් ඊළග අවුරුද්දේ ඔවුනට ලැබෙන්නේ ඊටත් වඩා කුඩා හා තත්වයෙන් බාල ගෙඩියි. ඊළග අවුරුද්දේ සැනකෙළියේදීත් එසේ කළාම අනික් අවුරුද්ද වෙනකොට ඒ ලැබෙන ගෙඩි තවත් තත්වයෙන් බාල වෙලා තවත් කුඩා වෙනවා.
    සාමාන්‍යයෙන් කොමඩු ගෙඩියක පරම්පරාව පවතින්නේ වසරක කාළයක් පමණයි. මේ විදියට වසර හතක් ගියාම පාරා ගමේ තිබුණු උසස් කොමඩු පරම්පරාව දැන් ඉවරවෙලයි තියෙන්නේ. අපේ පැරැන්නන් කළේ මේ උසස් ජානය වසරින් වසර ආරක්ෂා කරපු එකයි. නමුත් අලුත් පරම්පරාවට ඒක ඔළුවට ගත්තේ නෑ. එයාලා එදා ලාභය ගැන හිතුවා මිසක් කොමඩු පරම්පරාව රකින්න එයාලට ඕන කමක් තිබ්බේ නෑ. දැන් අපිට පාරා වල තිබුණු ඒ හොඳම කොමඩු දකින්න නෑ. ඒක එයාලා වැඩිදුර හිතන්නේ නැතුව කළ ක්‍රියාවක් නිසා නැත්තටම නැති වෙලා. ඒක ලොකු අපරාදයක්.
    දැන් පොඩ්ඩක් හිතන්න ඒ මම කිව්වේ අපේ ගමේ සිද්ධියක් වුවත් අපේ මිනිස් පරම්පරාවත් ඒ හා සමානයි. අපේ මිනිස් පරම්පරාව තියෙන්නේ අවුරුදු 25යි. ඊට පස්සේ පරම්පරාවන් වෙනස් වෙනවා. අපි අපේ දරුවන්ට ලබාදෙන දැණුම ගුරුහරුකම් වල ප්‍රතිඵලය, ඔවුන්ට ඉගැන්වීමේදී අපි කළ හරි වැරැද්ද වටහාගන්න, බලාගන්න අපිට තව අවුරුදු 200 ක් වත් බලාගෙන ඉන්න සිද්ධවෙනවා. ඒ වෙනකොට අපි ජීවතුන් අතර නෑ. අපි අපේ ඊළඟ පරම්පරාව පුහුණු කිරීම සඳහා අප අපගේ උපරිම ක්‍රම වේදයන් යොදා ගන්නේ නැත්නම්, අපට සිදුවිය හැක්කේත් කොමඩු වලට සිද්ධවෙච්ච දේම තමයි. ගුරු වෘත්තියට මෙය බෙහෙවින් අදාලයි, කොමඩු කතාව වගේ අපි අපේ ළමුන්ට, ඔවුන්ගේ පරම්පරාව වෙනුවෙන් දෙන්න ඕනි කරන හොඳම දේ වටහාගෙන එය ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන් ලබාදිය යුතුයි...
    Copied from
    - ධම්මික සමරතුංග -
    #DhammikaSamaratunga..
    මම උපුටා ගත්තෙ >>>>
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුලින්ම විජේවීර ඇවිල්ල කාලකන්නි ටිකක් හදල ගියා. ඊට පස්සෙ මහින්ද ඇවිල්ල බයියො හදල ගියා. රනිල් ටොයියො හදල ගියා. උන්ගෙන් පැවතෙන වහල්ලු තමයි ඊලඟ පරම්පරාවෙ ඉතුරුවෙන්නෙ. කොමඩු සීන් එකම තමා මෙහෙත් වෙලා තියෙන්නෙ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarath ohoma wenna tiba tabuttegama dorak nathi gedara hitiyanam Ireland gewal nogena :D :yes: :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    පාරම්පරික දැනුමේ වටිනාකම.
    පාරම්පරික දැනුමම කියන්න බැහැ
    ඕක scientifically යූස් කරනවා බන්, Selective breading කියලා තියනවා, එහෙම කරලා අපිට ඕන ලක්ශන තියන ගස් හදාගන්න පුලුවන්
    ගෝව, කොල ගෝවා, cauliflower, broccoli,Brussels sprouts එහෙම එකම wild plant එකක් වෙන වෙන ලක්ශන ඉස්රහට ගෙනිහින් හදපු ගස් වර්ග. දැනටත් ගොඩක් අලුත් ශාක ප්‍රභේද හදුන්වාදෙනවා කියල කරන්නෙ එහෙම selective bread කරපුවා තමයි. අපිට උනත් කරන්න පුලුවන් ගෙදරදිම
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලෝකෙ පුරා පරම්පරා ගානක් මිනිස්සු සයන්ස් නොදැන ඕවා කලා. අපේ රටේ උනත් කොච්චර පාරම්පරික හාල් ජාති තියෙනවද උසස් ලක්ශන තියෙන. පස්සෙ ඉතින් හරිත විප්ලවයක් ගෙනාවනෙ වවාගෙන කනවට වඩා හම්බ කරන එක ලොකුවෙලා. දැන් ආපහු පුක බිම ඇනුනට පස්සෙ back to nature.