Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
වටිනා කිචන් ටිප්ස් ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මාළු හෝදන කොට හාල් පිටි ටිකක් අත ගාලා හේදුවාම පිළි ගද නැති වෙනවා.

2.පරිප්පු උයන කොට සුදු ළූණු වලට අමතරව ඉගුරු කෑල්ල ක් දාන්න. අමුතු රසක් එනවා. සූදුරු දැම්මා මත් එහෙමයි.

3.Beetroot තනිව කිරට උයන කොට (අල කලවම් කරන්නේ නැතිව), බාගන්න කිට්ටුව සිනි ඇබිත්ත ක් කලවම් කිරීමෙන් රසය වැඩි කරගන්න පුළුවන්.

4.පොල් සම්බෝල වලට කරපිංචා කොළ අඹරා දැමීමෙන් වැඩි රසයක් සහ ගුණයක් ලැබෙනවා

5.අඹ, ඇඹරැල්ලා උයද්දි තෙල් ටිකක් ලිපේ තියලා ළූනු, මිරිස් දාලා, අඹ ටික දාන්න කලින් තෙලට සීනි දාන්න. එතකොට හොඳට සීනි අල්ලනවා කෑලි වලට.

6.නූඩ්ල්ස් හෝ එලවළු බත් හදද්දී එලවළු තෙම්පරාදු කරගනිද්දි තෙලට තුනපහ හැන්දක් දාන්න. හරිම රසයි.

7.කට්ලට් හදනකොට පාන් කුඩු ටිකක් දාලා බෝල හදන්න.කැඩෙන්නේ නැහැ.රසත් හොදයි.

8.අල හොදි හදනකොට දෙහි කෑල්ලක් දැම්මම හරිම රසයි වගේම හොදි ඉක්මනින් පිලුන් වෙන්නෙත් නෑ.

9.ඉන්දියන් ක්‍රමයට චිකන් හදනකොට yoghurt එකක් එකතු කලාම රසය වැඩී.

10.පොලොස් උයන කොට මුරැංගා ගහේ ඝනකම පොතු කෑල්ලක් (අඟල් දෙක තුනක් පමණ) දානවා ලස්සන රෝස පාටක් ගන්න හා මෙලෙක් වෙන්න.

11.පොලොස් හදද්දි කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුනු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා .

12.තිබ්බටු මැල්ලුම් , පලා ජාතිවලින් මැල්ලුම් හදද්දි පොල් මිශ්‍රණය ට මිටි කිරි ටිකක් දාපුවම මැල්ලුම තෙතට තියෙනවා ,මැල්ලුම් මැළෙව්වම වෙන භාජනයකට මාරු කරන්න ඕනෙ නැත්නම් පාට,රස වෙනස් වෙනවා.

13.බිම්මල් වල නැටි තලලා ගත්තම රසයි. ඒ වගේම බිම්මල් කපලා ගන්නවට වඩා ඉරලා ගත්තම රසයි .බිම්මල් උණු වතුරෙ දාල තියලා පෙරලා ආයෙ ඇල් වතුරෙන් සෝදලා මිරිකලා ගත්තම සෙවල ගතිය යනවා.

14.බෝංචි තෙල් දාද්දි ආප්ප සෝඩා පින්චක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්.

15.බෝංචි උයද්දි වතුර චුට්ටක් දාල ප්‍රෙෂර් කුකර් එකේ දාල විසිල් එකක් යනකම් ඉඳලා උණුවතුර පෙරලා ඇල් වතුරෙන් සෝදලා ගත්තමත් කොළ පාට වෙනස් වෙන්නෙ නෑ.

16.කරවිල උයද්දි උම්බලකඩ , තක්කාලි දාපුවමත් නියමයි.

17.තැල් කොළ, කංකුං ඇඹුල හදද්දි මිටි කිරි ටිකකට රතු ළූනු , මිරිස් තුනපහ, උම්බලකඩ , ගොරක, කරපිංචා ,කොච්චි, ලුනු එහෙම දාල ලිපේ තියල කිරි පැහුණම කපපු කොළ ටික එකතු කරල ටිකක් වෙලා තියල ගන්නකො බලන්න .

18.සිංහල අච්චාරු වලට මුරුංගා පොත්තක් දැම්මම හරිම රසයි .

19.තම්බපු බිත්තර කපද්දි පිහිය උණුවතුරෙ ඔබල ගත්තම කහමදේ පිහියෙ ගෑවෙන්නෙ නෑ. කේක් කපන්නත් එහෙම ගන්න ඕනෙ.

20.කිරිබත් තුනී කරද්දි පොල් කුඩු ටිකක් ශොපින් බෑග් එකකට දාල තුනී කරද්දි අත පිච්චෙන්නෙ නෑ.කිරිබත් කපද්දි පිහිය ලන්ච් ෂීට් එකක පටලල කපද්දි නීට් එකට කපන්න පුලුවන් .

21.රාබු උයලා තෙම්පරාදු කරද්දී තෙම්පරාදුව දාලා ඒකටම බිත්තරයක් කඩලා දාන්න. එතකොට රාබු ව්‍යාංජනයට අමුතු රසක් එනවා.

22.කැකිරි ඇබුල උයනකොට අන්තිමට කබලෙ බැදපු අබ ටිකක් කුඩු කරලා දාන්න. රසයි සුවදයි දෙකම වැඩි වෙනවා.

23.මේක බෙහෙතක්..තද තේ කහට වලට දෙහි බෑවක් හීනියට පෙති කපල දාල ටික වෙලාවක් වහල තියල බොන්න. දෙහි කෑලි හපල කන්නත් ඕනෙ. ඕනෙම බඩේ අමාරුවක් විනාඩි දෙකෙන් තුනෙන් ඉවරයි.

24.පොල් සම්බෝලය කොටනකොට අවසානයට දෙහි බැවේ ඇට අයින් කර සම්බෝලය සමග කොටාගන්න පැඟිරි රස හා ඇඹුල් රස මුසු වූ රසයක්.

25.රොටී වලට පිටි අනනකොට පොල් වතුර ටිකක් දාන්න. හරිම soft

26.හාල්මැස්සෝ ඔලු බැදලා කුඩු කරගෙන සම්බෝල වලට දාන්න

27.කිරට හදන එලවලු වලට සේර දැම්මාම රසයි සුවදයි දෙකම ලැබෙනවා

28.තෙල් දාලා හදන එලවලු වලට සූදුරු ඇට කීපයක් තෙලට දාන්න රසයි සුවදයි ගුනයයී ඔක්කොම ලැබෙනවා

29.කඩල තෙම්පරාදු කරද්දි... පොල් කෑලි නොදා බිත්තරයක් කඩලා දාන්න... රසම රසයි... ඒ වගේම කතුරුමුරුංගා කොළ තෙල්දාද්දිත් බිත්තරයක් එකතුකලාම රසයි..

30.ලුණු මිරිස් හදනකොට පොල්තෙල් ටිකක් එකතු කරලා කෙටුවම දෙහි ඕනත් නෑ

31.හාල්මැස්සන් තෙල් දාද්දි සියබලා දැම්මම හරිම රසයි.

32.කිරි තේ හදද්දි වතුර එකට ඉගුරු තලලා දාල උණු කරලා ගත්තම Chai Tea වගේ.

33.මැල්ලුම් හදද්දි පොල් අබරන්නම ඕන නෑ. මුලින්ම තෙලට අබ, සුදු ලුනු, අමුමිරිස් දාල, කොළ ටික දාල ටිකක් තැම්බුනාම පොල් දාල ගන්න.

34.ගෑස් එකේ බත් ඉව්වම අඩියෙ අල්ලනවනම් බාපු ගමන් විනාඩි 10ක් විතර වහල තියල කූරු ගාන්න.

35.බත් පිච්චුනාම පොල් බෑයක් නවලා වහලා ටික වෙලාවක් තියලා අයින් කරන්න. ගද නැති වෙනවා.

36.පොල් සම්බෝල හදලා කුනිස්සොත් එක්ක තෙම්පරාදු කරාම රසයි.

37.කොස් කපද්දි පිහියයි අතුයි වතුරෙන් තෙම්මල ගත්තම කොහොල්ලා ඇලෙන්නෙ නෑ (වේලෙන්න වේලෙන්න කරන්න ඕන හැබැයි).

38.ලුණු මිරිස් හදද්දි ගස් තක්කාලි ගෙඩියක් පුච්චලා දාන්න. මාර රසයි.

39.කරවල පට්ට අයින් කරන්න අමාරු නම් ඒ පැත්ත ටිකක් වෙලා පිච්චුවම ලේසියෙන්ම ඉවත් කරගන්න පුලුවන්.

40.මස් මාලු උයද්දි වසාවාසි චුට්ටක් බැදලා කුඩු කරලා දානවා. ඒකෙන් වෙනස්ම සුවඳක් එනවා.

41.හාල්මැස්සන්, කරවල බදින්න කලින් දෙහි යුෂ ටිකක් දාලා මිරිස් කුඩු දවටලා සීසන් කරලා බදිනවා. රසයි. ක්‍රිස්පි ගතියට තියෙනවා.

42.අඹ, ඇඹරැල්ලා උයද්දි සීනි ටිකක් කැරමල් කරලා දානවා

43.බත් උයද්දි වතුර වැඩියෙන් දාලා උතුරද්දි වැඩි වතුර පෙරලා අයින් කරනවා. ඒ වගේම රම්පෙ,කරපිංචා එකතු කරනවා. (ඒකෙන් හාල්වල තියන ආසනික් ප්‍රමාණය අඩුවෙනවා කියලා අහලා තියනවා)

44.බත ඉදිලා ඉවර උනාම, නිවිති ටිකක් හීනියට චොප් කරලා බතට උඩින් ඉහලා වහලා තියනවා. වෙනස් රසක් එනවා.

45.මසාලා ටී එකට සාදික්කා ටිකකුත් එකතු කරනවා. (එහෙම දැම්මම මට නම් රසයි. අනිත් අයට කොහොම වෙයිද දන්නෑ)

46.පොලොස් මාළුව හදලා අන්තිමට උලුහාල් හැන්දක් කබලේ බැදලා කුඩු කරලා එකතු කරන්න. පුදුම සුවඳක් රසක් එනවා.

47.කැකිරි උයද්දි ඇට විසිකරන්න එපා. හොඳින් අඹරගෙන කරි එකට එකතු කරන්න.හරිම රසයක් එනව වගේම මුත්රාසම්බන්ධ රෝග වලට ගුණ දායකයි

48.නෙලුම් අල උයන්න කලින් සෝදල පෙත් කපල baking powder ,salt ටිකක් දාල තම්බල උයන්න.

49.පරිප්පු මිරිසට හදන කොට සියඹලා පොඩ්ඩක් දැම්මා ම රසයි.

50.ඇබැරල්ල උයද්දි කිතුල් හකුරු ටිකක් දාපුවාම රසයි වගේම පාටත් වැඩි වෙනවා.

51.කජු ව්‍යංජනය කිරට හින්දලා හදනකොට, ඒකෙන් කජු ටිකක් අරන් බ්ලෙන්ඩ් කරලා දැමුවිට් උකු ගතිය හා රසවැඩි වීමක් වෙනවා.

52.කට්ලට් පිරවුම හදලා අවසානයේ දෙහි බින්දු තුන හතරක් දැමු විට අමුතු රසයක් හා නරක් වීමක් සිදුවන්නේ නැ.

53.කට්ලට් හදන බිත්තර බැටර් එකට කොන්ෆ්ලා දැමු විට කට්ලට් එක ලස්සන නිමාවක් වගේම බදින විට පුපුරන්නේ නැ.

54.කීරි සම්බා හාල් වගේ උයන විට පොල්තෙල් ටිකක් හා එළවලු තෙල් ටිකක් දැමු විට බත් බේරි වෙන්නේ නැතිව උයාගන්න පුළුවන්.

55.කරවල තෙල් දානවිට අවසානයේ ලිපෙන් බද්දි දෙහි බින්දු දෙක තුනක් දාන්න. හරිම රසයි.

56.හුගක් මහන්සි දවසට බොන ප්ලේන් ටී එකට දෙහි ඇඹුල් චුට්ටක් දාන්න .මහන්සිය පලවෙනි උගුරෙන්ම නිවෙන්න පටන් ගන්නවා.

57.එළබටු උයන විට, ghee මේස හැන්දක් විතර රත් වෙන්න තියලා,ඒකට තලාගත් සුදුලූණු ටිකක් දමා බැදගන්න. ඉන්පසු බටුු ටික දමා පියනකින් වසා විනාඩි 10ක් විතර ගියාම මිටිකිරි චුට්ටක් එකතු කර ගන්න. හරිම රසයි,සුවදයි .

58.තේ හදනකොට එනසාල්, කුරුඳුපොතු, කරාඹුනැටි වගේ දේවල් දානවා. තේ එක සුවඳයි වගේම රසයි.

59.කිරිබත් උයද්දි කරපිංචා කොළ කීපයක් දානවා. කිරිබත් එක සුවඳයි.

60.චිකන් උයද්දි අමුමිරිස්, ලූණු, කරපිංචා, සේර, සුදුලූණු, කුරුඳුපොතු, කරාඹුනැටි, එනසාල් ඔක්කොම පුංචියට කපාගෙන අත් වංගෙඩියක දාලා තලලා ඒක රස අහන්න තිබ්බ චිකන් එකට දාලා ඒ ටික තෙලට දාලා කිරට හෝ මිරිසට උයනවා. එතකොට මිරිස්, කරපිංචා එහෙම අපතේ යන්නෙ නෑ චිකන් එක්කම කැවෙනවා.

61.කඩල පරිප්පු, පරිප්පු ඉව්වම උඩින් අබ ටිකක් බැදලා කුඩු කරලා ඉහිනවා. ගොඩාක් රසයි.

62.කිරට මාළු හදනකොට  ලෙමන් පෙති දෙක තුනක් එකතු කරලා උයන්න.ඒකෙන් අමුතුම රසයක් එනවා.පරා හෝ තෝර මාළු වලට තමා වඩා හොඳ.ගොරකා වලට අමතරව මේකත් දාන්න.

63.බෝංචි උයනකොට මම ඔලිව් තෙල් ටිකක් අතගාලා ලාවට රත් කරලා මිටිකිරි දානවා..

පරිප්පු හදනකොට තෙල් ටිකක් රත්වෙන්න තියලා සුදු ළූණු කරපිංචා දාලා පරිප්පු දානවා.වතුර දාලා තැම්බුනාම කිරි දානවා. ගාලික් පරිප්පු හරිම රසයි.

64.චිකන් එකට අවශ්‍ය දේවල් දාලා තෙල් ටිකක් දාලා අතගාලා අඩු ගින්දරේ වහලා උයනවා. අවශ්‍ය විදියට කිරි නම් කිරි වතුර නම් වතුර දාලා උයනවා. චිකන් ටිකක් හයියට රසට තියෙනවා.

මුල් අයිතිය Garlic and Ginger

[QUOTE="dog123, post: 29321948, member: 51092"] 1.මාළු හෝදන කොට හාල් පිටි ටිකක් අත ගාලා හේදුවාම පිළි ගද නැති වෙනවා. 2.පරිප්පු උයන කොට සුදු ළූණු වලට අමතරව ඉගුරු කෑල්ල ක් දාන්න. අමුතු රසක් එනවා. සූදුරු දැම්මා මත් එහෙමයි. 3.Beetroot තනිව කිරට උයන කොට (අල කලවම් කරන්නේ නැතිව), බාගන්න කිට්ටුව සිනි ඇබිත්ත ක් කලවම් කිරීමෙන් රසය වැඩි කරගන්න පුළුවන්. 4.පොල් සම්බෝල වලට කරපිංචා කොළ අඹරා දැමීමෙන් වැඩි රසයක් සහ ගුණයක් ලැබෙනවා 5.අඹ, ඇඹරැල්ලා උයද්දි තෙල් ටිකක් ලිපේ තියලා ළූනු, මිරිස් දාලා, අඹ ටික දාන්න කලින් තෙලට සීනි දාන්න. එතකොට හොඳට සීනි අල්ලනවා කෑලි වලට. 6.නූඩ්ල්ස් හෝ එලවළු බත් හදද්දී එලවළු තෙම්පරාදු කරගනිද්දි තෙලට තුනපහ හැන්දක් දාන්න. හරිම රසයි. 7.කට්ලට් හදනකොට පාන් කුඩු ටිකක් දාලා බෝල හදන්න.කැඩෙන්නේ නැහැ.රසත් හොදයි. 8.අල හොදි හදනකොට දෙහි කෑල්ලක් දැම්මම හරිම රසයි වගේම හොදි ඉක්මනින් පිලුන් වෙන්නෙත් නෑ. 9.ඉන්දියන් ක්‍රමයට චිකන් හදනකොට yoghurt එකක් එකතු කලාම රසය වැඩී. 10.පොලොස් උයන කොට මුරැංගා ගහේ ඝනකම පොතු කෑල්ලක් (අඟල් දෙක තුනක් පමණ) දානවා ලස්සන රෝස පාටක් ගන්න හා මෙලෙක් වෙන්න. 11.පොලොස් හදද්දි කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුනු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා . 12.තිබ්බටු මැල්ලුම් , පලා ජාතිවලින් මැල්ලුම් හදද්දි පොල් මිශ්‍රණය ට මිටි කිරි ටිකක් දාපුවම මැල්ලුම තෙතට තියෙනවා ,මැල්ලුම් මැළෙව්වම වෙන භාජනයකට මාරු කරන්න ඕනෙ නැත්නම් පාට,රස වෙනස් වෙනවා. 13.බිම්මල් වල නැටි තලලා ගත්තම රසයි. ඒ වගේම බිම්මල් කපලා ගන්නවට වඩා ඉරලා ගත්තම රසයි .බිම්මල් උණු වතුරෙ දාල තියලා පෙරලා ආයෙ ඇල් වතුරෙන් සෝදලා මිරිකලා ගත්තම සෙවල ගතිය යනවා. 14.බෝංචි තෙල් දාද්දි ආප්ප සෝඩා පින්චක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්. 15.බෝංචි උයද්දි වතුර චුට්ටක් දාල ප්‍රෙෂර් කුකර් එකේ දාල විසිල් එකක් යනකම් ඉඳලා උණුවතුර පෙරලා ඇල් වතුරෙන් සෝදලා ගත්තමත් කොළ පාට වෙනස් වෙන්නෙ නෑ. 16.කරවිල උයද්දි උම්බලකඩ , තක්කාලි දාපුවමත් නියමයි. 17.තැල් කොළ, කංකුං ඇඹුල හදද්දි මිටි කිරි ටිකකට රතු ළූනු , මිරිස් තුනපහ, උම්බලකඩ , ගොරක, කරපිංචා ,කොච්චි, ලුනු එහෙම දාල ලිපේ තියල කිරි පැහුණම කපපු කොළ ටික එකතු කරල ටිකක් වෙලා තියල ගන්නකො බලන්න . 18.සිංහල අච්චාරු වලට මුරුංගා පොත්තක් දැම්මම හරිම රසයි . 19.තම්බපු බිත්තර කපද්දි පිහිය උණුවතුරෙ ඔබල ගත්තම කහමදේ පිහියෙ ගෑවෙන්නෙ නෑ. කේක් කපන්නත් එහෙම ගන්න ඕනෙ. 20.කිරිබත් තුනී කරද්දි පොල් කුඩු ටිකක් ශොපින් බෑග් එකකට දාල තුනී කරද්දි අත පිච්චෙන්නෙ නෑ.කිරිබත් කපද්දි පිහිය ලන්ච් ෂීට් එකක පටලල කපද්දි නීට් එකට කපන්න පුලුවන් . 21.රාබු උයලා තෙම්පරාදු කරද්දී තෙම්පරාදුව දාලා ඒකටම බිත්තරයක් කඩලා දාන්න. එතකොට රාබු ව්‍යාංජනයට අමුතු රසක් එනවා. 22.කැකිරි ඇබුල උයනකොට අන්තිමට කබලෙ බැදපු අබ ටිකක් කුඩු කරලා දාන්න. රසයි සුවදයි දෙකම වැඩි වෙනවා. 23.මේක බෙහෙතක්..තද තේ කහට වලට දෙහි බෑවක් හීනියට පෙති කපල දාල ටික වෙලාවක් වහල තියල බොන්න. දෙහි කෑලි හපල කන්නත් ඕනෙ. ඕනෙම බඩේ අමාරුවක් විනාඩි දෙකෙන් තුනෙන් ඉවරයි. 24.පොල් සම්බෝලය කොටනකොට අවසානයට දෙහි බැවේ ඇට අයින් කර සම්බෝලය සමග කොටාගන්න පැඟිරි රස හා ඇඹුල් රස මුසු වූ රසයක්. 25.රොටී වලට පිටි අනනකොට පොල් වතුර ටිකක් දාන්න. හරිම soft 26.හාල්මැස්සෝ ඔලු බැදලා කුඩු කරගෙන සම්බෝල වලට දාන්න 27.කිරට හදන එලවලු වලට සේර දැම්මාම රසයි සුවදයි දෙකම ලැබෙනවා 28.තෙල් දාලා හදන එලවලු වලට සූදුරු ඇට කීපයක් තෙලට දාන්න රසයි සුවදයි ගුනයයී ඔක්කොම ලැබෙනවා 29.කඩල තෙම්පරාදු කරද්දි... පොල් කෑලි නොදා බිත්තරයක් කඩලා දාන්න... රසම රසයි... ඒ වගේම කතුරුමුරුංගා කොළ තෙල්දාද්දිත් බිත්තරයක් එකතුකලාම රසයි.. 30.ලුණු මිරිස් හදනකොට පොල්තෙල් ටිකක් එකතු කරලා කෙටුවම දෙහි ඕනත් නෑ 31.හාල්මැස්සන් තෙල් දාද්දි සියබලා දැම්මම හරිම රසයි. 32.කිරි තේ හදද්දි වතුර එකට ඉගුරු තලලා දාල උණු කරලා ගත්තම Chai Tea වගේ. 33.මැල්ලුම් හදද්දි පොල් අබරන්නම ඕන නෑ. මුලින්ම තෙලට අබ, සුදු ලුනු, අමුමිරිස් දාල, කොළ ටික දාල ටිකක් තැම්බුනාම පොල් දාල ගන්න. 34.ගෑස් එකේ බත් ඉව්වම අඩියෙ අල්ලනවනම් බාපු ගමන් විනාඩි 10ක් විතර වහල තියල කූරු ගාන්න. 35.බත් පිච්චුනාම පොල් බෑයක් නවලා වහලා ටික වෙලාවක් තියලා අයින් කරන්න. ගද නැති වෙනවා. 36.පොල් සම්බෝල හදලා කුනිස්සොත් එක්ක තෙම්පරාදු කරාම රසයි. 37.කොස් කපද්දි පිහියයි අතුයි වතුරෙන් තෙම්මල ගත්තම කොහොල්ලා ඇලෙන්නෙ නෑ (වේලෙන්න වේලෙන්න කරන්න ඕන හැබැයි). 38.ලුණු මිරිස් හදද්දි ගස් තක්කාලි ගෙඩියක් පුච්චලා දාන්න. මාර රසයි. 39.කරවල පට්ට අයින් කරන්න අමාරු නම් ඒ පැත්ත ටිකක් වෙලා පිච්චුවම ලේසියෙන්ම ඉවත් කරගන්න පුලුවන්. 40.මස් මාලු උයද්දි වසාවාසි චුට්ටක් බැදලා කුඩු කරලා දානවා. ඒකෙන් වෙනස්ම සුවඳක් එනවා. 41.හාල්මැස්සන්, කරවල බදින්න කලින් දෙහි යුෂ ටිකක් දාලා මිරිස් කුඩු දවටලා සීසන් කරලා බදිනවා. රසයි. ක්‍රිස්පි ගතියට තියෙනවා. 42.අඹ, ඇඹරැල්ලා උයද්දි සීනි ටිකක් කැරමල් කරලා දානවා 43.බත් උයද්දි වතුර වැඩියෙන් දාලා උතුරද්දි වැඩි වතුර පෙරලා අයින් කරනවා. ඒ වගේම රම්පෙ,කරපිංචා එකතු කරනවා. (ඒකෙන් හාල්වල තියන ආසනික් ප්‍රමාණය අඩුවෙනවා කියලා අහලා තියනවා) 44.බත ඉදිලා ඉවර උනාම, නිවිති ටිකක් හීනියට චොප් කරලා බතට උඩින් ඉහලා වහලා තියනවා. වෙනස් රසක් එනවා. 45.මසාලා ටී එකට සාදික්කා ටිකකුත් එකතු කරනවා. (එහෙම දැම්මම මට නම් රසයි. අනිත් අයට කොහොම වෙයිද දන්නෑ) 46.පොලොස් මාළුව හදලා අන්තිමට උලුහාල් හැන්දක් කබලේ බැදලා කුඩු කරලා එකතු කරන්න. පුදුම සුවඳක් රසක් එනවා. 47.කැකිරි උයද්දි ඇට විසිකරන්න එපා. හොඳින් අඹරගෙන කරි එකට එකතු කරන්න.හරිම රසයක් එනව වගේම මුත්රාසම්බන්ධ රෝග වලට ගුණ දායකයි 48.නෙලුම් අල උයන්න කලින් සෝදල පෙත් කපල baking powder ,salt ටිකක් දාල තම්බල උයන්න. 49.පරිප්පු මිරිසට හදන කොට සියඹලා පොඩ්ඩක් දැම්මා ම රසයි. 50.ඇබැරල්ල උයද්දි කිතුල් හකුරු ටිකක් දාපුවාම රසයි වගේම පාටත් වැඩි වෙනවා. 51.කජු ව්‍යංජනය කිරට හින්දලා හදනකොට, ඒකෙන් කජු ටිකක් අරන් බ්ලෙන්ඩ් කරලා දැමුවිට් උකු ගතිය හා රසවැඩි වීමක් වෙනවා. 52.කට්ලට් පිරවුම හදලා අවසානයේ දෙහි බින්දු තුන හතරක් දැමු විට අමුතු රසයක් හා නරක් වීමක් සිදුවන්නේ නැ. 53.කට්ලට් හදන බිත්තර බැටර් එකට කොන්ෆ්ලා දැමු විට කට්ලට් එක ලස්සන නිමාවක් වගේම බදින විට පුපුරන්නේ නැ. 54.කීරි සම්බා හාල් වගේ උයන විට පොල්තෙල් ටිකක් හා එළවලු තෙල් ටිකක් දැමු විට බත් බේරි වෙන්නේ නැතිව උයාගන්න පුළුවන්. 55.කරවල තෙල් දානවිට අවසානයේ ලිපෙන් බද්දි දෙහි බින්දු දෙක තුනක් දාන්න. හරිම රසයි. 56.හුගක් මහන්සි දවසට බොන ප්ලේන් ටී එකට දෙහි ඇඹුල් චුට්ටක් දාන්න .මහන්සිය පලවෙනි උගුරෙන්ම නිවෙන්න පටන් ගන්නවා. 57.එළබටු උයන විට, ghee මේස හැන්දක් විතර රත් වෙන්න තියලා,ඒකට තලාගත් සුදුලූණු ටිකක් දමා බැදගන්න. ඉන්පසු බටුු ටික දමා පියනකින් වසා විනාඩි 10ක් විතර ගියාම මිටිකිරි චුට්ටක් එකතු කර ගන්න. හරිම රසයි,සුවදයි . 58.තේ හදනකොට එනසාල්, කුරුඳුපොතු, කරාඹුනැටි වගේ දේවල් දානවා. තේ එක සුවඳයි වගේම රසයි. 59.කිරිබත් උයද්දි කරපිංචා කොළ කීපයක් දානවා. කිරිබත් එක සුවඳයි. 60.චිකන් උයද්දි අමුමිරිස්, ලූණු, කරපිංචා, සේර, සුදුලූණු, කුරුඳුපොතු, කරාඹුනැටි, එනසාල් ඔක්කොම පුංචියට කපාගෙන අත් වංගෙඩියක දාලා තලලා ඒක රස අහන්න තිබ්බ චිකන් එකට දාලා ඒ ටික තෙලට දාලා කිරට හෝ මිරිසට උයනවා. එතකොට මිරිස්, කරපිංචා එහෙම අපතේ යන්නෙ නෑ චිකන් එක්කම කැවෙනවා. 61.කඩල පරිප්පු, පරිප්පු ඉව්වම උඩින් අබ ටිකක් බැදලා කුඩු කරලා ඉහිනවා. ගොඩාක් රසයි. 62.කිරට මාළු හදනකොට [IMG alt="🍋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb9/1/16/1f34b.png[/IMG] ලෙමන් පෙති දෙක තුනක් එකතු කරලා උයන්න.ඒකෙන් අමුතුම රසයක් එනවා.පරා හෝ තෝර මාළු වලට තමා වඩා හොඳ.ගොරකා වලට අමතරව මේකත් දාන්න. 63.බෝංචි උයනකොට මම ඔලිව් තෙල් ටිකක් අතගාලා ලාවට රත් කරලා මිටිකිරි දානවා.. පරිප්පු හදනකොට තෙල් ටිකක් රත්වෙන්න තියලා සුදු ළූණු කරපිංචා දාලා පරිප්පු දානවා.වතුර දාලා තැම්බුනාම කිරි දානවා. ගාලික් පරිප්පු හරිම රසයි. 64.චිකන් එකට අවශ්‍ය දේවල් දාලා තෙල් ටිකක් දාලා අතගාලා අඩු ගින්දරේ වහලා උයනවා. අවශ්‍ය විදියට කිරි නම් කිරි වතුර නම් වතුර දාලා උයනවා. චිකන් ටිකක් හයියට රසට තියෙනවා. මුල් අයිතිය Garlic and Ginger [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom