Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වණ්ණුපථ ජාතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*002. වණ්ණුපථ ජාතකය*

*☸කාන්තාර මාර්ගය ගැන කතාව*

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේ කතාවත් හරී ලස්සනයි. ගොඩාක් අය තමන් තුළ ඇති හැකියාව දන්නෙ නෑ. හිතෙන් කඩා වැටිලා, උත්සාහය අත්හැරලා ඔහේ නිකරුනේ කල් ගෙවනවා. නිවන් අවබෝධයට තිබුනු උත්සාහ අත්හළ භික්ෂුවක් නිසයි මේ කතාව අහන්න ලැබුනේ.

සැවැත් නුවර එක්තරා තරුණයෙක් හිටියා. ඔහුත් නිතර බණ අහන්න ජේතවනයට ගියා. ධර්මයට සිත පැහැදුනා. ගිහි ජීවිතයේ කරදර ගැන වැටහුනා. විමුක්තියට ඉතා ළං වෙන්නේ පැවිද්ද කියලත් වැටහුනා. මාපියන් ගෙන් අවසර ගෙන මොහුත් පැවිදි වුනා. ධර්ම විනයත් ගුරු ඇසුරේ පස්වසක් ම ඉගෙන ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ගෙන් භාවනා උපදෙස් ගෙන හුදෙකලා ආරණ්යයකටත් ගියා. තුන්මාසයක් ම උත්සාහයෙන් භාවනා කළා. නමුත් දිගට ම සිත විසිරෙනවා. මොහොතක චිත්ත සමාධියක් නෑ. එතකොට ඒ භික්ෂුව මෙහෙම සිතුවා.

“භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයින් සතර දෙනෙක් ගැන වදාරලා තියෙනවා. සසරේ රැස් කළ පින් බලයෙන් නුවණ මෝරා ගිය කෙනා වහා ධර්මය අවබෝධ කරනවා. ඔහුට යි උග්ඝටිතඤ්ඤූ පුද්ගලයා කියන්නේ. ධර්මය විස්තර වශයෙන් අසද්දී අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. ඔහුට යි විපඤ්චිතඤ්ඤූ කියන්නේ. තව කෙනෙක් ඉන්නවා. ඔහු නැවත නැවත ධර්මය අසන්න ඕනා. නැවත නැවත උත්සාහ කරන්න ඕනා. එතකොට යි අවබෝධ වෙන්නේ. ඔහු නෙය්‍ය පුද්ගලයා. ඔය තුන්දෙනාට යි ධර්මාවබෝධය හිමි. හැබැයි තව කෙනෙක් ඉන්නවා. මොනතරම් මහන්සි වුනත් ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ඔහුට කියන්නේ පදපරම කියලා. ඔහුට පුළුවන් ධර්මය මතක තියාගන්න විතරයි. ඒ කියන්නේ මං වගේ කෙනෙක්…. කෝ…. මාත් තුන්මාසයක් තිස්සේ මහන්සි වුනා. සිත විසිරෙනවා. කුසල් මාත්‍රයක් හටගන්නෙ නෑ….. ඉතින් මං අරණ්‍යයේ ඉඳලා ඇති ඵලේ කුමක් ද?…. දැන් උත්සාහ කරන්න හිත හදාගන්ට අමාරුයි….. මං ආපහු සැවැත් නුවර යනවා”

ඉතින් මේ භික්ෂුව මගඵල ලැබීමේ බලාපොරොත්තු අත්හැරියා. තමන් ම තමන්ව පාච්චල් කරගත්තා. බැරියෙක් කරගත්තා. දැන් ඔහේ ඉන්නවා. පිරිසත් එක්ක කතාවට වැටිලා විහිලුවෙන් ඉන්නවා. ප්‍රමාදයට පත්වෙලා ඉන්නවා. ධර්මය ඉගෙන ගන්නෙත් නෑ. එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම ඇහැව්වා.

“ඇයි ඇවත…. දැන් ඔබේ හැසිරීම් වෙනස්. හැමදෙයක් ම නිකං හෑල්ලුවට අරං වගේ….. පිරිසට ම එකතුවෙලා ඉන්නවා. සතිපට්ඨානයේ ඉන්නා බවක් පේන්න නැහැ නොවැ….. ඇයි ආරණ්‍යවාසයට ගිහින් ඉක්මනින් ම ආවේ….?”

“අනේ ඇවැත්නි…. මං අභව්‍ය පුද්ගලයෙක්. අපේ භාග්‍යවතුන් වහන්සේ පදපරම කියල මේ ජීවිතේ දී කෙතෙක් උත්සාහ කළත් මගඵල ලබන්න බැරි පුද්ගලයෙක් ඉන්නවා කියල වදාළා නොවැ. මාත් අන්න ඒ ජාතියේ එකෙක්. ඉතින් බැරි දේකට හැප්පෙන්නෙ මක්කටෙයි…. ඉතිං මාත් උත්සාහය අත්හැරල දැම්මා.”

“අනේ…. ඇවත…. එහෙම කියන්න එපා. මහා පාරමී බලයෙන් පිරිපුන්ව හිටිය අපේ භාග්‍යවතුන් වහන්සේ පවා විශ්වාස කළේ තමන්ගේම උත්සාහය ම යි. මාරයා පෙනී හිටලා ම කිව්වා වීරිය අරගෙන වැඩක් නෑ කියලා. කෝ….. උත්සාහය අත්හැරියා ද…..! දැඩි වීරියකින් සම්බෝධිය ලැබූ ශාස්තෘවරයෙකු ගේ සසුනේ ඔහොම උත්සාහ රහිතව ඉන්න එක හරි නෑ නොවැ…. යමු…. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ඔය කතාවේ ඇත්ත නැත්ත දැන ගනිමු”

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අර භික්ෂුව අකමැත්තෙන් වගේ සිටිද්දිත් භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. කරුණු සැලකළා.

“හැබෑ ද භික්ෂුව…. සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීම අත්හැරියා ද….? වීරිය අත් හැරියා ද…?”

“එහෙමයි ස්වාමීනී”

“භික්ෂුව…. ඔබ මෙබඳු සසර දුකින් එතෙර කරවන උතුම් සසුනක පැවිදි වෙලා කුසල් කියලා හිතුවේ සමාධිය පමණක් ද? ඇයි භික්ෂුව…. අල්පේච්ඡතාව…. ලද දෙයින් සතුටුවීම…. පටන්ගත් වීර්යය ඇති බව…. ධර්ම ගෞරවය… ඉවසීම…. කුසල් නොවෙයි ද?…. භික්ෂුව, ඔබ ඉස්සර ආත්මයක මහා වීර්යයකින් යුක්ත වුනා. ඔබේ තනි වීරිය නිසා මරු කතරේ ගැල් පන්සියයක මිනිස්සුත් ගවයොත් පැන් ලබා සුවපත් වුනා. ඉතින්…. දැන් මොකද වීරිය අත්හරින්නෙ…..?”

එතකොට භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ඒ අතීත ප්‍රවෘත්තිය වදාරන්න කියලා ආයාචනා කළා.

“අනේ… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දැන් අපිට මේ භික්ෂුව ගේ වීර්යය අත්හැරීම ප්‍රකට කරුණක්. නමුත් භවාන්තර ගණනකින් වැසී ගිය ඒ බලවත් වීරියෙන් මිනිසුන් සුවපත් කළ මොහු ගේ කතාව අපි දන්නෙ නැහැ. ඒ ගැන දැනගන්න අපි ගොඩාක් ආසයි. එය අපට වදාරන සේක්වා”

එතකොට මහා වීර්යයෙන් හෙබි අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ වණ්ණුපථ ජාතකය වදාළා.

“මහණෙනි, ඉතාමත් ඈත අතීත කාලෙක කසීරට බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ගැල් වෙළඳාම් කරන පවුලක උපන්නා. ඉතින් ඔහුත් තරුණ වුනාට පස්සේ ඒ ගැල් වෙළඳාම් කටයුතු සරුවට කළා.

දවසක් බෝධිසත්වයෝ පන්සියයක් වූ තම ගැල්පිරිවර ගෙන වෙළඳාමට පිටත් වුනා. මේ වතාවේ ගියේ කාන්තාර ප්‍රදේශය හරහා යි. සැට යොදුනක ප්‍රමාණයේ දුරක් මහාවාලුකා කාන්තාරය තරණය කරන්න ඕනා. ඒ කාන්තාරේ වැල්ල ගොඩාක් සියුම්. අතින් මිටක් ගත්තොත් ඇඟිලි අස්සෙන් රූරා හැලෙනවා. හිරු මුදුන් වූ වෙලාවට කියන්න බැරිතරම් රස්නෙයි. වැල්ල ගිනි රත්වෙනවා. ඒ නිසා දවල් කාලේ කාන්තාර ගමන ගොඩාක් අමාරුයි. රාත්‍රියට තරු එළියෙන් යා යුතු දිසාව සොයාගෙන ගමන් කරනවා. හිරු උදාවෙද්දි ගැල්පිරිවර රවුමට ගාල් කරනවා. මැද්දේ මණ්ඩපයක් ගහනවා. කෑම් බීම් සපයාගෙන විවේක ගන්නවා. ආයෙමත් සවස් වේගෙන එන විට පිටත් වෙනවා. මුහුදේ යාමයි කාන්තාරේ යාමයි දෙකම එකයි. මග පෙන්වන්නා ගේ අතේ තමයි වැඬේ තියෙන්නේ.

ඉතින් බෝධිසත්වයන් ගේ ගැලත් පනස් නව යොදුනක් සුවසේ ගෙවාගෙන ආවා. තව එක් රැයයි තියෙන්නේ. ඒ නිසා ජලයත් අවසන් කළා. සවස් වෙද්දී ගැල සැහැල්ලුවෙන් පිටත් වුනා. මග පෙන්වන්නාත් ආකාසේ තරු බලමින් මෙතනින් යන්න, අතනින් යන්න කියල පාර කියමින් ටිකක් හාන්සි වුනා. වෙහෙස වැඩි කමට ඔහුට නින්ද ගියා. ගොන්නු රෑ පුරාම කාන්තාරේ රවුමට කැරකිලා කලින් සිටිය තැනට ම ආවා. පාන්දර වෙද්දි මග පෙන්වන්නාට ඇහැරුනා. කලබල වෙලා ගැල නැවැත්තුවා. අහෝ…. හරි වැඬේ… හිටපු තැනට මයි ඇවිත් ඉන්නේ.

මිනිස්සු කෑගහන්න පටන් ගත්තා. “අයියෝ…. වතුර බින්දුවක් වත් නෑ…. අපිට පිපාසේ මැරෙන්නයි වෙන්නේ…. අයියෝ…. හරි විපතක් නොවැ අපට වුනේ….”

බෝධිසත්වයෝ සිත කලබල කරගත්තේ නැහැ. කාටවත් කෑ ගැසුවෙත් නෑ. මේ විපතින් බේරෙන්නේ කොහොමද කියල කල්පනා කරමින් සිටියා. වටපිටාවෙ හොඳින් ඇවිදලා බැලුවා. ඈතින් කුසතණ පඳුරක් දැක්කා.

“මේ මහා වැලි කතරේ කුසතණ පඳුරක් තියෙනවා කියන්නේ විශේෂ දෙයක්! යටින් දියපාරක් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔහු සිය පිරිවර ඇමතුවා.

“මිත්‍රවරුනි…. මේ අවස්ථාවේ අපි වීර්යය අත්හැර ගන්න එක නරකයි…. ඔය උදළු කීපයකුත් පැසි කීපයකුත් අරගෙන මෙතැනට එන්න. මේන්න … මේ…. කුසතණ පඳුර තියෙන තැන සාරමු. ලිඳක් කණිමු. කොහොමහරි අපි වතුර ටිකක් සොයාගන්න ඕනා”

හැමෝම එකතු වෙලා ලිඳ සාරන්ට පටන් ගත්තා. රියන් හැටක් යටට හෑරුවා. අන්තිමේදී ඩාං ඩාං ගාලා උදැල්ල වැදුනේ ගල් තලාවකට යි. හැමෝගෙම බලාපොරොත්තු සුන් වුනා.

“අයියෝ… අපි ඉවරයි….” කියල හති දාගෙන ඇද වැටුනා. වීරිය අත්හැරියා. බෝධිසත්වයෝ කලබල වුනේ නෑ. ඒ වලට බැස්සා. ගල මත්තේ දණ ගසාගෙන ගලට කන තියලා බැලුවා. වතුර පාරක් යන හඬක් යාන්තමින් ඇහෙනවා. ගොඩට ඇවිත් පිරිස ඇමතුවා.

“මිත්‍රවරුනේ…. කෝ අපේ අර පොඩි උපස්ථායකයා. හා…. පුත්‍රයා….. නුඹ ශක්තිවන්තයි……. නුඹට මේ වැඬේ පුළුවනි. නුඹ වීරිය අත්හැරියොත් අපි ඔක්කෝම විනාසයි. වීරිය අත්නොහැර මේ කුළු ගෙඩියෙන් එක දිගට ම ගලට ගසාපන්”

එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි….. අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ…… මේන්න දිය සීරාව උඩට මතු වුනා. “හරි…. පුත්‍රයා….. තව හයියෙන් ගසාපන්….. ඔය ගල බිඳෙන්නට ගසාපන්” කියල බෝධිසත්වයෝ කෑ ගහල කිව්වා. එතකොට ඔහු තවත් වේගයෙන් පහර දුන්නා. ගල බිඳුනා. තල් කඳක් වගේ මහා ජලකඳක් උඩට විද්දා. මහා දිය බුබුලක් පැන නැංගා. වැටී සිටිය හැමෝම නැගිට්ටා. ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නා. ළිඳ වටේ නට නටා ගියා. අර පුරුෂයා උඩට ආපු ගමන් වඩාගත්තා. මුහුණ සිපගත්තා. හැමෝට ම සතුටුයි. ඇති පදමට වතුර නෑවා. ගවයන්ට හොඳට වතුර පොවා ගත්තා. එතැන කොඩියකුත් එසෙව්වා. සවස් වෙද්දි සුවසේ පිටත් වෙලා පසුවදා වෙද්දි කාන්තාරය තරණය කළා.

ඉතින් මහණෙනි…. එදා මේ භික්ෂුව මගේ වචනය පිළිගෙන අත්නොහැර වීරිය කළා. හැමෝගෙම ජීවිත බේරුවා. දැන් මේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා කුසීතව ඉන්නවා. දුකසේ ඉන්නවා. අකුසලයට බර වෙලා ඉන්නවා. කුසල් අත්හැරලා ඉන්නවා. කලින් ආත්මයේ වීරිය කළේ වතුර ටිකක් ගන්නයි. මේ ආත්මේ වීරිය කරන්න තියෙන්නේ අමා නිවන ලබන්නයි. දැන් කෝ…. එදා තිබුනු වීරිය…. භික්ෂුව…. දැන් තමයි ගොඩාක් ම වීරිය කරන්න ඕනා….. පසුබට වෙන්න එපා…. දැඩි වීර්යයක් ගන්න….. පදපරම කෙනෙක් කියල හිතන්නවත් එපා……. මටත් පුළුවනී කියලම හිතන්න”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ අතීත ප්‍රවෘත්තිය ඇසූ ඒ භික්ෂුව තමන් සිතපු ක්රමයේ ඇති දෝෂය ගැන මහත් ලැජ්ජාවට පත්වුනා. නුවණින් තොරව මෙනෙහි කළ නිසා නේද මෙහෙම වුනේ කියල තේරුම් ගියා. බිම වැතිරී නිදා සිටිය අලස වූ ආජානෙය්ය අශ්වයෙක් හාම්පුතා ගෙන් වේවැල් පහර කාල වේගයෙන් නැගිටිනවා වගේ මේ භික්ෂුව වේගයෙන් නැගී සිටියා. මට බැහැ කියන අදහස සම්පූර්ණයෙන් ම අත්හැරියා. සතිපට්ඨානයේ මැනවින් ම සිත පිහිටියා. බෝධිපාක්ෂික ධර්මයන් ඉතා හොඳින් වැඩුනා. චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් ම අවබෝධ වුනා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බැහැ බැහැ…. කිය කිය ඉන්න නිසාම අපි රටක් වශයෙන් දියුණු වෙලාත් නෑ. ජාතියක් වශයෙන් දියුණු වෙලත් නෑ. ගුණධර්ම වශයෙන් දියුණු වෙලත් නෑ. නොපෙනෙන ග්‍රහයන්ට දියුණුව පවරලා හැම දෙයක් ම සුළු මොහොතින් සිදුවෙනකම් බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙට ණය වෙලා. අනේ අපි කවද්ද දෙපයින් නැගී සිටින මිනිස්සු වෙන්නෙ….?”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

*☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸*

*තෙරුවන් සරණයි *

[QUOTE="Ereic, post: 24984975, member: 556112"] [SIZE="5"]*🌹[B]002. වණ්ණුපථ ජාතකය*[/B] [B]*☸කාන්තාර මාර්ගය ගැන කතාව*[/B] පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කතාවත් හරී ලස්සනයි. ගොඩාක් අය තමන් තුළ ඇති හැකියාව දන්නෙ නෑ. හිතෙන් කඩා වැටිලා, උත්සාහය අත්හැරලා ඔහේ නිකරුනේ කල් ගෙවනවා. නිවන් අවබෝධයට තිබුනු උත්සාහ අත්හළ භික්ෂුවක් නිසයි මේ කතාව අහන්න ලැබුනේ. සැවැත් නුවර එක්තරා තරුණයෙක් හිටියා. ඔහුත් නිතර බණ අහන්න ජේතවනයට ගියා. ධර්මයට සිත පැහැදුනා. ගිහි ජීවිතයේ කරදර ගැන වැටහුනා. විමුක්තියට ඉතා ළං වෙන්නේ පැවිද්ද කියලත් වැටහුනා. මාපියන් ගෙන් අවසර ගෙන මොහුත් පැවිදි වුනා. ධර්ම විනයත් ගුරු ඇසුරේ පස්වසක් ම ඉගෙන ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ගෙන් භාවනා උපදෙස් ගෙන හුදෙකලා ආරණ්යයකටත් ගියා. තුන්මාසයක් ම උත්සාහයෙන් භාවනා කළා. නමුත් දිගට ම සිත විසිරෙනවා. මොහොතක චිත්ත සමාධියක් නෑ. එතකොට ඒ භික්ෂුව මෙහෙම සිතුවා. “භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයින් සතර දෙනෙක් ගැන වදාරලා තියෙනවා. සසරේ රැස් කළ පින් බලයෙන් නුවණ මෝරා ගිය කෙනා වහා ධර්මය අවබෝධ කරනවා. ඔහුට යි උග්ඝටිතඤ්ඤූ පුද්ගලයා කියන්නේ. ධර්මය විස්තර වශයෙන් අසද්දී අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. ඔහුට යි විපඤ්චිතඤ්ඤූ කියන්නේ. තව කෙනෙක් ඉන්නවා. ඔහු නැවත නැවත ධර්මය අසන්න ඕනා. නැවත නැවත උත්සාහ කරන්න ඕනා. එතකොට යි අවබෝධ වෙන්නේ. ඔහු නෙය්‍ය පුද්ගලයා. ඔය තුන්දෙනාට යි ධර්මාවබෝධය හිමි. හැබැයි තව කෙනෙක් ඉන්නවා. මොනතරම් මහන්සි වුනත් ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ඔහුට කියන්නේ පදපරම කියලා. ඔහුට පුළුවන් ධර්මය මතක තියාගන්න විතරයි. ඒ කියන්නේ මං වගේ කෙනෙක්…. කෝ…. මාත් තුන්මාසයක් තිස්සේ මහන්සි වුනා. සිත විසිරෙනවා. කුසල් මාත්‍රයක් හටගන්නෙ නෑ….. ඉතින් මං අරණ්‍යයේ ඉඳලා ඇති ඵලේ කුමක් ද?…. දැන් උත්සාහ කරන්න හිත හදාගන්ට අමාරුයි….. මං ආපහු සැවැත් නුවර යනවා” ඉතින් මේ භික්ෂුව මගඵල ලැබීමේ බලාපොරොත්තු අත්හැරියා. තමන් ම තමන්ව පාච්චල් කරගත්තා. බැරියෙක් කරගත්තා. දැන් ඔහේ ඉන්නවා. පිරිසත් එක්ක කතාවට වැටිලා විහිලුවෙන් ඉන්නවා. ප්‍රමාදයට පත්වෙලා ඉන්නවා. ධර්මය ඉගෙන ගන්නෙත් නෑ. එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම ඇහැව්වා. “ඇයි ඇවත…. දැන් ඔබේ හැසිරීම් වෙනස්. හැමදෙයක් ම නිකං හෑල්ලුවට අරං වගේ….. පිරිසට ම එකතුවෙලා ඉන්නවා. සතිපට්ඨානයේ ඉන්නා බවක් පේන්න නැහැ නොවැ….. ඇයි ආරණ්‍යවාසයට ගිහින් ඉක්මනින් ම ආවේ….?” “අනේ ඇවැත්නි…. මං අභව්‍ය පුද්ගලයෙක්. අපේ භාග්‍යවතුන් වහන්සේ පදපරම කියල මේ ජීවිතේ දී කෙතෙක් උත්සාහ කළත් මගඵල ලබන්න බැරි පුද්ගලයෙක් ඉන්නවා කියල වදාළා නොවැ. මාත් අන්න ඒ ජාතියේ එකෙක්. ඉතින් බැරි දේකට හැප්පෙන්නෙ මක්කටෙයි…. ඉතිං මාත් උත්සාහය අත්හැරල දැම්මා.” “අනේ…. ඇවත…. එහෙම කියන්න එපා. මහා පාරමී බලයෙන් පිරිපුන්ව හිටිය අපේ භාග්‍යවතුන් වහන්සේ පවා විශ්වාස කළේ තමන්ගේම උත්සාහය ම යි. මාරයා පෙනී හිටලා ම කිව්වා වීරිය අරගෙන වැඩක් නෑ කියලා. කෝ….. උත්සාහය අත්හැරියා ද…..! දැඩි වීරියකින් සම්බෝධිය ලැබූ ශාස්තෘවරයෙකු ගේ සසුනේ ඔහොම උත්සාහ රහිතව ඉන්න එක හරි නෑ නොවැ…. යමු…. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ඔය කතාවේ ඇත්ත නැත්ත දැන ගනිමු” ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අර භික්ෂුව අකමැත්තෙන් වගේ සිටිද්දිත් භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. කරුණු සැලකළා. “හැබෑ ද භික්ෂුව…. සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීම අත්හැරියා ද….? වීරිය අත් හැරියා ද…?” “එහෙමයි ස්වාමීනී” “භික්ෂුව…. ඔබ මෙබඳු සසර දුකින් එතෙර කරවන උතුම් සසුනක පැවිදි වෙලා කුසල් කියලා හිතුවේ සමාධිය පමණක් ද? ඇයි භික්ෂුව…. අල්පේච්ඡතාව…. ලද දෙයින් සතුටුවීම…. පටන්ගත් වීර්යය ඇති බව…. ධර්ම ගෞරවය… ඉවසීම…. කුසල් නොවෙයි ද?…. භික්ෂුව, ඔබ ඉස්සර ආත්මයක මහා වීර්යයකින් යුක්ත වුනා. ඔබේ තනි වීරිය නිසා මරු කතරේ ගැල් පන්සියයක මිනිස්සුත් ගවයොත් පැන් ලබා සුවපත් වුනා. ඉතින්…. දැන් මොකද වීරිය අත්හරින්නෙ…..?” එතකොට භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ඒ අතීත ප්‍රවෘත්තිය වදාරන්න කියලා ආයාචනා කළා. “අනේ… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දැන් අපිට මේ භික්ෂුව ගේ වීර්යය අත්හැරීම ප්‍රකට කරුණක්. නමුත් භවාන්තර ගණනකින් වැසී ගිය ඒ බලවත් වීරියෙන් මිනිසුන් සුවපත් කළ මොහු ගේ කතාව අපි දන්නෙ නැහැ. ඒ ගැන දැනගන්න අපි ගොඩාක් ආසයි. එය අපට වදාරන සේක්වා” එතකොට මහා වීර්යයෙන් හෙබි අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ වණ්ණුපථ ජාතකය වදාළා. “මහණෙනි, ඉතාමත් ඈත අතීත කාලෙක කසීරට බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ගැල් වෙළඳාම් කරන පවුලක උපන්නා. ඉතින් ඔහුත් තරුණ වුනාට පස්සේ ඒ ගැල් වෙළඳාම් කටයුතු සරුවට කළා. දවසක් බෝධිසත්වයෝ පන්සියයක් වූ තම ගැල්පිරිවර ගෙන වෙළඳාමට පිටත් වුනා. මේ වතාවේ ගියේ කාන්තාර ප්‍රදේශය හරහා යි. සැට යොදුනක ප්‍රමාණයේ දුරක් මහාවාලුකා කාන්තාරය තරණය කරන්න ඕනා. ඒ කාන්තාරේ වැල්ල ගොඩාක් සියුම්. අතින් මිටක් ගත්තොත් ඇඟිලි අස්සෙන් රූරා හැලෙනවා. හිරු මුදුන් වූ වෙලාවට කියන්න බැරිතරම් රස්නෙයි. වැල්ල ගිනි රත්වෙනවා. ඒ නිසා දවල් කාලේ කාන්තාර ගමන ගොඩාක් අමාරුයි. රාත්‍රියට තරු එළියෙන් යා යුතු දිසාව සොයාගෙන ගමන් කරනවා. හිරු උදාවෙද්දි ගැල්පිරිවර රවුමට ගාල් කරනවා. මැද්දේ මණ්ඩපයක් ගහනවා. කෑම් බීම් සපයාගෙන විවේක ගන්නවා. ආයෙමත් සවස් වේගෙන එන විට පිටත් වෙනවා. මුහුදේ යාමයි කාන්තාරේ යාමයි දෙකම එකයි. මග පෙන්වන්නා ගේ අතේ තමයි වැඬේ තියෙන්නේ. ඉතින් බෝධිසත්වයන් ගේ ගැලත් පනස් නව යොදුනක් සුවසේ ගෙවාගෙන ආවා. තව එක් රැයයි තියෙන්නේ. ඒ නිසා ජලයත් අවසන් කළා. සවස් වෙද්දී ගැල සැහැල්ලුවෙන් පිටත් වුනා. මග පෙන්වන්නාත් ආකාසේ තරු බලමින් මෙතනින් යන්න, අතනින් යන්න කියල පාර කියමින් ටිකක් හාන්සි වුනා. වෙහෙස වැඩි කමට ඔහුට නින්ද ගියා. ගොන්නු රෑ පුරාම කාන්තාරේ රවුමට කැරකිලා කලින් සිටිය තැනට ම ආවා. පාන්දර වෙද්දි මග පෙන්වන්නාට ඇහැරුනා. කලබල වෙලා ගැල නැවැත්තුවා. අහෝ…. හරි වැඬේ… හිටපු තැනට මයි ඇවිත් ඉන්නේ. මිනිස්සු කෑගහන්න පටන් ගත්තා. “අයියෝ…. වතුර බින්දුවක් වත් නෑ…. අපිට පිපාසේ මැරෙන්නයි වෙන්නේ…. අයියෝ…. හරි විපතක් නොවැ අපට වුනේ….” බෝධිසත්වයෝ සිත කලබල කරගත්තේ නැහැ. කාටවත් කෑ ගැසුවෙත් නෑ. මේ විපතින් බේරෙන්නේ කොහොමද කියල කල්පනා කරමින් සිටියා. වටපිටාවෙ හොඳින් ඇවිදලා බැලුවා. ඈතින් කුසතණ පඳුරක් දැක්කා. “මේ මහා වැලි කතරේ කුසතණ පඳුරක් තියෙනවා කියන්නේ විශේෂ දෙයක්! යටින් දියපාරක් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔහු සිය පිරිවර ඇමතුවා. “මිත්‍රවරුනි…. මේ අවස්ථාවේ අපි වීර්යය අත්හැර ගන්න එක නරකයි…. ඔය උදළු කීපයකුත් පැසි කීපයකුත් අරගෙන මෙතැනට එන්න. මේන්න … මේ…. කුසතණ පඳුර තියෙන තැන සාරමු. ලිඳක් කණිමු. කොහොමහරි අපි වතුර ටිකක් සොයාගන්න ඕනා” හැමෝම එකතු වෙලා ලිඳ සාරන්ට පටන් ගත්තා. රියන් හැටක් යටට හෑරුවා. අන්තිමේදී ඩාං ඩාං ගාලා උදැල්ල වැදුනේ ගල් තලාවකට යි. හැමෝගෙම බලාපොරොත්තු සුන් වුනා. “අයියෝ… අපි ඉවරයි….” කියල හති දාගෙන ඇද වැටුනා. වීරිය අත්හැරියා. බෝධිසත්වයෝ කලබල වුනේ නෑ. ඒ වලට බැස්සා. ගල මත්තේ දණ ගසාගෙන ගලට කන තියලා බැලුවා. වතුර පාරක් යන හඬක් යාන්තමින් ඇහෙනවා. ගොඩට ඇවිත් පිරිස ඇමතුවා. “මිත්‍රවරුනේ…. කෝ අපේ අර පොඩි උපස්ථායකයා. හා…. පුත්‍රයා….. නුඹ ශක්තිවන්තයි……. නුඹට මේ වැඬේ පුළුවනි. නුඹ වීරිය අත්හැරියොත් අපි ඔක්කෝම විනාසයි. වීරිය අත්නොහැර මේ කුළු ගෙඩියෙන් එක දිගට ම ගලට ගසාපන්” එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි….. අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ…… මේන්න දිය සීරාව උඩට මතු වුනා. “හරි…. පුත්‍රයා….. තව හයියෙන් ගසාපන්….. ඔය ගල බිඳෙන්නට ගසාපන්” කියල බෝධිසත්වයෝ කෑ ගහල කිව්වා. එතකොට ඔහු තවත් වේගයෙන් පහර දුන්නා. ගල බිඳුනා. තල් කඳක් වගේ මහා ජලකඳක් උඩට විද්දා. මහා දිය බුබුලක් පැන නැංගා. වැටී සිටිය හැමෝම නැගිට්ටා. ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නා. ළිඳ වටේ නට නටා ගියා. අර පුරුෂයා උඩට ආපු ගමන් වඩාගත්තා. මුහුණ සිපගත්තා. හැමෝට ම සතුටුයි. ඇති පදමට වතුර නෑවා. ගවයන්ට හොඳට වතුර පොවා ගත්තා. එතැන කොඩියකුත් එසෙව්වා. සවස් වෙද්දි සුවසේ පිටත් වෙලා පසුවදා වෙද්දි කාන්තාරය තරණය කළා. ඉතින් මහණෙනි…. එදා මේ භික්ෂුව මගේ වචනය පිළිගෙන අත්නොහැර වීරිය කළා. හැමෝගෙම ජීවිත බේරුවා. දැන් මේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා කුසීතව ඉන්නවා. දුකසේ ඉන්නවා. අකුසලයට බර වෙලා ඉන්නවා. කුසල් අත්හැරලා ඉන්නවා. කලින් ආත්මයේ වීරිය කළේ වතුර ටිකක් ගන්නයි. මේ ආත්මේ වීරිය කරන්න තියෙන්නේ අමා නිවන ලබන්නයි. දැන් කෝ…. එදා තිබුනු වීරිය…. භික්ෂුව…. දැන් තමයි ගොඩාක් ම වීරිය කරන්න ඕනා….. පසුබට වෙන්න එපා…. දැඩි වීර්යයක් ගන්න….. පදපරම කෙනෙක් කියල හිතන්නවත් එපා……. මටත් පුළුවනී කියලම හිතන්න” පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ අතීත ප්‍රවෘත්තිය ඇසූ ඒ භික්ෂුව තමන් සිතපු ක්රමයේ ඇති දෝෂය ගැන මහත් ලැජ්ජාවට පත්වුනා. නුවණින් තොරව මෙනෙහි කළ නිසා නේද මෙහෙම වුනේ කියල තේරුම් ගියා. බිම වැතිරී නිදා සිටිය අලස වූ ආජානෙය්ය අශ්වයෙක් හාම්පුතා ගෙන් වේවැල් පහර කාල වේගයෙන් නැගිටිනවා වගේ මේ භික්ෂුව වේගයෙන් නැගී සිටියා. මට බැහැ කියන අදහස සම්පූර්ණයෙන් ම අත්හැරියා. සතිපට්ඨානයේ මැනවින් ම සිත පිහිටියා. බෝධිපාක්ෂික ධර්මයන් ඉතා හොඳින් වැඩුනා. චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් ම අවබෝධ වුනා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වුනා. පින්වතුනේ, පින්වත් දරුවනේ, බැහැ බැහැ…. කිය කිය ඉන්න නිසාම අපි රටක් වශයෙන් දියුණු වෙලාත් නෑ. ජාතියක් වශයෙන් දියුණු වෙලත් නෑ. ගුණධර්ම වශයෙන් දියුණු වෙලත් නෑ. නොපෙනෙන ග්‍රහයන්ට දියුණුව පවරලා හැම දෙයක් ම සුළු මොහොතින් සිදුවෙනකම් බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙට ණය වෙලා. අනේ අපි කවද්ද දෙපයින් නැගී සිටින මිනිස්සු වෙන්නෙ….?” 👉පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ *☸ධර්ම දානය පිණිස මිතුරන් අතර share කරන්න☸* *🌹තෙරුවන් සරණයි 🌹*[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom