Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වතුර යට දිවි ගෙවන මකුළුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර වර්ගීකරණවල හැටියට මකුළුවා කෘමියෙක් නෙමෙයි.ඒ වුනාට ඌ හුස්ම ගන්නේ කෘමීන්ට සමාන විදියට.උන්ගේ බඩේ තියෙනවා පොඩි පොඩි හිල්,මේ හිල් නාලිකාවලට විවෘත වෙලා තියෙන්නේ.මේ නාලිකා කෙලින්ම උන්ගේ සෛලවලට සම්බන්ධ වෙනවාලු.වාතයේ තියෙන ඔක්සිජන් හිල් හරහා ඇතුල් වෙලා මේ නාලිකාවලින් සෛල වෙනකම් යනවා.

ඒත් කෘමීන්ට නැති අමතර ශ්වසන අවයවයක් සමහර මකුළුවන්ට තියෙනවා.මේකට කියන්නේ බුක් ලන්ග් -book lung කියලා.මේ අවයවයට කියන වචනේ වැටිලා තියෙන්නේ ඒක පොතක් වගේ නිසා.ඒ කියන්නේ ඔය අවයවයේ දික් කැපුමක් දැම්මොත් පේන්නේ හරියට පොතක පිටු තියෙනවා වගේ.මකුළුවා ඇවිදන් යද්දී වාතයට සිදුරක් හරහා ඔය අවයවය තුලට ඇතුල් වෙනවා.ඊට පස්සේ අර කලින් කිව්ව පොතක පිටු වගේ කොටස් වල ගැටෙන කොට මකුළුවගේ ලේවලට ඔක්සිජන් උරා ගන්නවා.

ඔය රූපයේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ ඔය කියපු අවයවය.වරද්ද ගන්න එපා.මේ කියන්නේ ඔය book lung කියලා කොටුව ඇතුලේ හයිලයිට් කරපු එක

මකුළුවාගේ ලේ අපේ වගේ රතු පාට නෑ.ඒක නිල් පාටයි.අපේ ලේ වලට රතු පාට ලැබෙන්නේ යකඩ අඩංගු හීමොග්ලොබින් කියන ප්‍රෝටීන් එකෙන්.ඔය ප්‍රෝටීන් එකෙන් තමයි ඔක්සිජන් අපේ ඇගේ හැම තැනටම අරන් යන්නේ.මකුළුවට ඒ වැඩේ කරගන්න වෙනම ප්‍රෝටීන් එකක් තියෙනවා.උගේ ප්‍රෝටීන් එකේ තියෙන්නේ යකඩ වෙනුවට තඹ.ඒ හින්දලු උගේ ලේ නිල් පාට.

මේ තියෙන්නේ කලින් කිව්ව මකුළුවගේ ශ්වසන අවයවය.බැලූ බැල්මටම පේනවානේ පොතක පිටු වගේ කියලා.වාතය ඇතුල් වෙන සිදුර(1),පිටු වගේ කොටස් පිරිලා තියෙන්නේ ලේවලින්(2) ,පිටු වගේ ව්‍යුහ(3)

මුලදී කිව්වා වගේ හුගක් මකුළුවන්ට ක්‍රම දෙකට ශ්වසනය කරන්න පුලුවන්.සමහර විශේෂවලට එක්කෝ කෘමීන්ට වගේ සිදුරු විතරක් තියෙනවා,නැත්නම් කලින් කිව්ව පෙනහළු වගේ අවයවයක් හෝ දෙකක් පිහිටනවා.ඔය කාන්තාරවල එහෙම ඉන්නවා පොඩි මකුළු ජාති.වතුරවලින් එහෙම උන්ට පරිස්සම් වෙන්න වෙනවා..මොකද අර පොඩි සිදුරු වැහිලා ගියොත් යටියන්තොට තමයි.

මේ කාලයේ කිමිදුම්කරුවෝ ඔක්සිජන් සිලින්ඩර් අරන් ගියාට ඉස්සර මිනිස්සු ගැඹුරට කිමිදෙන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ සීනු/ඝණ්ඨා හැඩති උපකරණයක්.

මේවා ලණු ආධාරයෙන් යටට යවන්නේ.ඒක ඇතුලේ ඉන්න කෙනා හුස්ම ගන්නේ ඇතුලේ හිර වෙලා තියෙන වාතයෙන්.මේ වගේ කිමිදුම් ඝණ්ඨා ඇරිස්ටෝටල් හිටපු කාලේ ඉදලා පාවිච්චි කලා කියනවා.

දන්නවාද මේ වගේ කිමිදුම් ඝණ්ඨාවක් පාවිච්චි කරලා කිමිදෙන මකුළුවෙකුත් ඉන්න බව.මූට කියන්නේ ඩයිවින් බෙල් ස්පයිඩර් කියලා.කිමිදෙන මකුළු විශේෂ අතරින් මූ සුවිශේෂී එකෙක්.එහෙම වෙන්නේ,දැනට හොයාගෙන තියෙන විදියට සම්පූර්ණ ජීවිත කාලයම වගේ වතුර යට ගෙවා දමන්නේ මූ විතරයි.ඔව්...මූ ගොදුරු අල්ල ගන්නේ,කන්නේ,සංවාසයේ යෙදෙන්නේ,බිත්තර දාන්නේ එතකොට විවේකයෙන් ගත කරන්නේ වතුර යට.

මේ ඉන්නේ අපි කතා කරන්න යන කිමිදුම්කරුවා..පස්ස පැත්ත ටිකක් අමුතුයි නේද

දැන් ඉතින් මතක් වෙන්න ඕනේ මකුළුවා හුස්ම ගන්න විදිය ගැන කියපු දේවල්.මූ කොහොමද වතුර ඇතුලේදී හුස්ම ගන්නේ.වාතයේ තියෙන ඔක්සිජන් ගන්න නේද උගේ ශ්වසන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ?

ඒ වැඩේට තමයි ඌ අර කිව්ව කිමිදුම් ඝණ්ඨාව පාවිච්චි කරන්නේ.තේරුණේ නැත්නම් මේ රූපේ බලන්න.පේනවා නේද පස්ස පැත්ත වසාගෙන තියෙන දිය බුබුල.පස්ස පැත්ත කිව්වට මේක තමයි උගේ බඩ,නැත්නම් උදරය.

උදර වටේ තියෙන සියුම් රෝම වටේ වායු ස්ථරයක් රදව ගන්න මූට පුලුවන්.ඔය පේන්නේ එක වටේ තියෙන දිය බුබුල

මේ මකුළුවා දිය යටදී හුස්ම ගන්න ප්‍රයෝජනයට ගන්නේ මේ බුබුල ඇතුලේ හිර වුන වාතය.පස්ස පැත්ත විතරක් වහගන්න බුබුලකින් වැඩි වෙලා මූට වතුර යට ඉන්න බෑනේ.වතුර යට මූට හුගක් කාලයක් ජීවත් වෙන්න නම් මීට වඩා ලොකු බුබුලක් හදාගන්න වෙනවා.ඉතින් මේ මකුළුවා ජලය මතුපිටට ගිහින් ඔය වගේ බුබුළු කිහිපයක්ම තමන්ගේ උදරයත් ,පස්ස කකුල්වල තියෙන සියුම් රෝමත් අතර රදවාගෙන කිමිදිලා ඇවිත් වතුර යට තියෙන ජලජ ශාකයක කොළයට යටි පැත්තේ රඳවනවා.මේ වැඩේට ඌ කීප වාරයක් වතුර මතුපිටට යනවා.ජල පෘෂ්ඨය යටට ගිහින් පස්ස පැත්ත විතරක් එලියට දාලා සියුම් රෝම වටේ වායු ස්ථරයක් පටලවගෙන ආපහු වතුර ඇතුලට ඇදගන්නවා.

ටිකෙන් ටික දිය බුබුල් අරන් මෙහෙම එකතු කරලා..

මේ වගේ තමන්ට රිංගගන්න පුලුවන් සයිස් එකක් හදාගන්නවා

මේ වීඩියෝ ක්ලිප් එකෙන් බලාගන්න පුලුවන් ඌ මේ වැඩේ කරන අපූරුව.

[MEDIA=youtube]JqyhhSzv4Hs[/MEDIA]

මෙහෙ අරන් එන බුබුළු එකතු කරලා ඌ හදනවා ලොකු බුබුලක්.අන්න ඒ බුබුලේ ඌට මුළු ශරීරයටම හරියන ඉඩක් ලැබෙනවා.දැන් ඉතින් සෑහෙන කාලයට ඔය බුබුලේ තියෙන වාතය ඇති මූට හුස්ම ගන්න.ඔය ඔක්සිජන් සැපයුම අලුත් කරගන්න තමයි ඌ ආයෙත් ජලය මතුපිටට යන්නේ.නැත්නම් අල්ල ගත්තු ගොදුරක් මතුපිටට ගෙනියන්න තමයි.

වතුර මතුපිටින් අරන් එන දිය බුබුළු එකතු කරලා ලොකු බුබුලක් හදන හැටි

මේ ජාතියේ මකුළුවෝ දකින්න ලැබෙනවා කියන්නේ යුරෝපයේ සහ උතුරු ආසියාවේ.මුන් ජීවත් වෙන්නේ ජලජ ශාක බහුල විල්,පොකුණු,ඇළවල් ආදියේ.නැත්නම් හෙමින් ජලය ගලාගෙන යන ජල මාර්ගවල.

පොඩියට හිටියට මූගේ විෂත් තියෙනවා.දෂ්ඨ කලොත් ඉදිමිලා,වමනේ ගිහින් උණ ගැනෙන්න වුනත් පුලුවන්ලු.මේකේ පොඩියට ඉන්නේ ගෑණු සතා

මුන්ගේ ගැණු සතා,පිරිමි සතාට වඩා පොඩියි.මුන් දඩයම් කරන්නේ වතුර යටදී.වතුරේ ජීවත් වෙන කෘමි සත්තු,කීටයෝ වගේ පොඩි පොඩි සත්තු තමයි උන්ගේ කෑම වේල බවට පත් වෙන්නේ.

මුන්ගේ ගැණු පිරිමි දෙපක්ෂයම වතුර යට ජීවත් වෙන්නේ.දෙගොල්ලොම කිමිදුම් ඝණ්ඨාවල තමයි ඉන්නේ.ගෑණු සතාගේ නිවස්නය පිරිමි සතාගේ එකට වඩා ලොකුයි.ඒ හින්දා පිරිමි සතාට නිතරම ඔක්සිජන් සැපයුම අලුත් කරන්නවා.මුන් සංවාසයේ යෙදෙන්නේ ගෑණු සතා හදන ලොකු බුබුල ඇතුලේ.

මුන් ජීවත් වෙන දිය බුබුල ගැන කරලා තියෙන පර්යේෂණවලට අනුව ඒ පිටිපස්සේ සංකීර්ණ කතාවක් තියෙන්නේ.මිනිස්සු කිමිදුම් ඝණ්ඨාවලට නල මාර්ගයෙන් වාතය සපයනවා වගේ නෙමෙයි,මේ මකුළුවන්ගේ බුබුළු.උන්ගේ දිය බුබුළුවල කාබන්ඩයොක්සයිඩ්,ඔක්සින් වායු හුවමාරුව අති විශිෂ්ඨ විදියට කාර්යක්ෂමයි කියලා හොයාගෙන තියෙන්නේ.ඒ කියන්නේ මේ දිය බුබුලට පුලුවන් වතුරේ තියෙන ඔක්සින් වායුව ඇතුලට ඇද ගන්න.මුලදි හොයාගෙන තිබුණේ මේ දිය බුබුලුවල ඔක්සිජන් සැපයුම පැය භාගයකට සැරයක්වත් අලුත් කරන්න ඕනේ කියලා.නමුත් අලුත් පර්යේෂණයකට අනුව මේ වැඩේ දවසකට එක සැරයක් කලත් ඇතිලු.ඒ ගැන තේරුම් ගන්න නම් විද්‍යාව පැත්තෙන් තරමක් දුරට හදාරලා තියෙන්න ඕනේ.ඒ හින්දා කතාව මෙතනින් නතර කරනවා.

[MEDIA=youtube]TsXN7ZMi7mE[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 26124274, member: 549909"] බටහිර වර්ගීකරණවල හැටියට මකුළුවා කෘමියෙක් නෙමෙයි.ඒ වුනාට ඌ හුස්ම ගන්නේ කෘමීන්ට සමාන විදියට.උන්ගේ බඩේ තියෙනවා පොඩි පොඩි හිල්,මේ හිල් නාලිකාවලට විවෘත වෙලා තියෙන්නේ.මේ නාලිකා කෙලින්ම උන්ගේ සෛලවලට සම්බන්ධ වෙනවාලු.වාතයේ තියෙන ඔක්සිජන් හිල් හරහා ඇතුල් වෙලා මේ නාලිකාවලින් සෛල වෙනකම් යනවා. ඒත් කෘමීන්ට නැති අමතර ශ්වසන අවයවයක් සමහර මකුළුවන්ට තියෙනවා.මේකට කියන්නේ බුක් ලන්ග් -book lung කියලා.මේ අවයවයට කියන වචනේ වැටිලා තියෙන්නේ ඒක පොතක් වගේ නිසා.ඒ කියන්නේ ඔය අවයවයේ දික් කැපුමක් දැම්මොත් පේන්නේ හරියට පොතක පිටු තියෙනවා වගේ.මකුළුවා ඇවිදන් යද්දී වාතයට සිදුරක් හරහා ඔය අවයවය තුලට ඇතුල් වෙනවා.ඊට පස්සේ අර කලින් කිව්ව පොතක පිටු වගේ කොටස් වල ගැටෙන කොට මකුළුවගේ ලේවලට ඔක්සිජන් උරා ගන්නවා. ඔය රූපයේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ ඔය කියපු අවයවය.වරද්ද ගන්න එපා.මේ කියන්නේ ඔය [B]book lung[/B] කියලා කොටුව ඇතුලේ හයිලයිට් කරපු එක [IMG]https://i.imgur.com/f80eSIa.png[/IMG] මකුළුවාගේ ලේ අපේ වගේ රතු පාට නෑ.ඒක නිල් පාටයි.අපේ ලේ වලට රතු පාට ලැබෙන්නේ යකඩ අඩංගු හීමොග්ලොබින් කියන ප්‍රෝටීන් එකෙන්.ඔය ප්‍රෝටීන් එකෙන් තමයි ඔක්සිජන් අපේ ඇගේ හැම තැනටම අරන් යන්නේ.මකුළුවට ඒ වැඩේ කරගන්න වෙනම ප්‍රෝටීන් එකක් තියෙනවා.උගේ ප්‍රෝටීන් එකේ තියෙන්නේ යකඩ වෙනුවට තඹ.ඒ හින්දලු උගේ ලේ නිල් පාට. මේ තියෙන්නේ කලින් කිව්ව මකුළුවගේ ශ්වසන අවයවය.බැලූ බැල්මටම පේනවානේ පොතක පිටු වගේ කියලා.වාතය ඇතුල් වෙන සිදුර(1),පිටු වගේ කොටස් පිරිලා තියෙන්නේ ලේවලින්(2) ,පිටු වගේ ව්‍යුහ(3) [IMG]https://i.imgur.com/RydQ0AA.png[/IMG] මුලදී කිව්වා වගේ හුගක් මකුළුවන්ට ක්‍රම දෙකට ශ්වසනය කරන්න පුලුවන්.සමහර විශේෂවලට එක්කෝ කෘමීන්ට වගේ සිදුරු විතරක් තියෙනවා,නැත්නම් කලින් කිව්ව පෙනහළු වගේ අවයවයක් හෝ දෙකක් පිහිටනවා.ඔය කාන්තාරවල එහෙම ඉන්නවා පොඩි මකුළු ජාති.වතුරවලින් එහෙම උන්ට පරිස්සම් වෙන්න වෙනවා..මොකද අර පොඩි සිදුරු වැහිලා ගියොත් යටියන්තොට තමයි. මේ කාලයේ කිමිදුම්කරුවෝ ඔක්සිජන් සිලින්ඩර් අරන් ගියාට ඉස්සර මිනිස්සු ගැඹුරට කිමිදෙන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ සීනු/ඝණ්ඨා හැඩති උපකරණයක්. [IMG]https://resize.hswstatic.com/u_0/w_480/gif/diving-bell-1.jpg[/IMG] මේවා ලණු ආධාරයෙන් යටට යවන්නේ.ඒක ඇතුලේ ඉන්න කෙනා හුස්ම ගන්නේ ඇතුලේ හිර වෙලා තියෙන වාතයෙන්.මේ වගේ කිමිදුම් ඝණ්ඨා ඇරිස්ටෝටල් හිටපු කාලේ ඉදලා පාවිච්චි කලා කියනවා. දන්නවාද මේ වගේ කිමිදුම් ඝණ්ඨාවක් පාවිච්චි කරලා කිමිදෙන මකුළුවෙකුත් ඉන්න බව.මූට කියන්නේ ඩයිවින් බෙල් ස්පයිඩර් කියලා.කිමිදෙන මකුළු විශේෂ අතරින් මූ සුවිශේෂී එකෙක්.එහෙම වෙන්නේ,දැනට හොයාගෙන තියෙන විදියට සම්පූර්ණ ජීවිත කාලයම වගේ වතුර යට ගෙවා දමන්නේ මූ විතරයි.ඔව්...මූ ගොදුරු අල්ල ගන්නේ,කන්නේ,සංවාසයේ යෙදෙන්නේ,බිත්තර දාන්නේ එතකොට විවේකයෙන් ගත කරන්නේ වතුර යට. [B][IMG width="529px"]https://i.imgur.com/b6aFhl1.jpg[/IMG] මේ ඉන්නේ අපි කතා කරන්න යන කිමිදුම්කරුවා..පස්ස පැත්ත ටිකක් අමුතුයි නේද[/B] දැන් ඉතින් මතක් වෙන්න ඕනේ මකුළුවා හුස්ම ගන්න විදිය ගැන කියපු දේවල්.මූ කොහොමද වතුර ඇතුලේදී හුස්ම ගන්නේ.වාතයේ තියෙන ඔක්සිජන් ගන්න නේද උගේ ශ්වසන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ? ඒ වැඩේට තමයි ඌ අර කිව්ව කිමිදුම් ඝණ්ඨාව පාවිච්චි කරන්නේ.තේරුණේ නැත්නම් මේ රූපේ බලන්න.පේනවා නේද පස්ස පැත්ත වසාගෙන තියෙන දිය බුබුල.පස්ස පැත්ත කිව්වට මේක තමයි උගේ බඩ,නැත්නම් උදරය. [IMG]https://i.imgur.com/YuhGSUF.jpg[/IMG] [B]උදර වටේ තියෙන සියුම් රෝම වටේ වායු ස්ථරයක් රදව ගන්න මූට පුලුවන්.ඔය පේන්නේ එක වටේ තියෙන දිය බුබුල[/B] මේ මකුළුවා දිය යටදී හුස්ම ගන්න ප්‍රයෝජනයට ගන්නේ මේ බුබුල ඇතුලේ හිර වුන වාතය.පස්ස පැත්ත විතරක් වහගන්න බුබුලකින් වැඩි වෙලා මූට වතුර යට ඉන්න බෑනේ.වතුර යට මූට හුගක් කාලයක් ජීවත් වෙන්න නම් මීට වඩා ලොකු බුබුලක් හදාගන්න වෙනවා.ඉතින් මේ මකුළුවා ජලය මතුපිටට ගිහින් ඔය වගේ බුබුළු කිහිපයක්ම තමන්ගේ උදරයත් ,පස්ස කකුල්වල තියෙන සියුම් රෝමත් අතර රදවාගෙන කිමිදිලා ඇවිත් වතුර යට තියෙන ජලජ ශාකයක කොළයට යටි පැත්තේ රඳවනවා.මේ වැඩේට ඌ කීප වාරයක් වතුර මතුපිටට යනවා.ජල පෘෂ්ඨය යටට ගිහින් පස්ස පැත්ත විතරක් එලියට දාලා සියුම් රෝම වටේ වායු ස්ථරයක් පටලවගෙන ආපහු වතුර ඇතුලට ඇදගන්නවා. [IMG]https://i.imgur.com/vDu2MDj.jpg[/IMG] [B]ටිකෙන් ටික දිය බුබුල් අරන් මෙහෙම එකතු කරලා..[/B] [IMG width="323px"]https://i.imgur.com/OldL8fY.jpg[/IMG] [B]මේ වගේ තමන්ට රිංගගන්න පුලුවන් සයිස් එකක් හදාගන්නවා[/B] මේ වීඩියෝ ක්ලිප් එකෙන් බලාගන්න පුලුවන් ඌ මේ වැඩේ කරන අපූරුව. [MEDIA=youtube]JqyhhSzv4Hs[/MEDIA] මෙහෙ අරන් එන බුබුළු එකතු කරලා ඌ හදනවා ලොකු බුබුලක්.අන්න ඒ බුබුලේ ඌට මුළු ශරීරයටම හරියන ඉඩක් ලැබෙනවා.දැන් ඉතින් සෑහෙන කාලයට ඔය බුබුලේ තියෙන වාතය ඇති මූට හුස්ම ගන්න.ඔය ඔක්සිජන් සැපයුම අලුත් කරගන්න තමයි ඌ ආයෙත් ජලය මතුපිටට යන්නේ.නැත්නම් අල්ල ගත්තු ගොදුරක් මතුපිටට ගෙනියන්න තමයි. [IMG width="689px"]https://i.imgur.com/wsKqIeP.png[/IMG] [B]වතුර මතුපිටින් අරන් එන දිය බුබුළු එකතු කරලා ලොකු බුබුලක් හදන හැටි[/B] මේ ජාතියේ මකුළුවෝ දකින්න ලැබෙනවා කියන්නේ යුරෝපයේ සහ උතුරු ආසියාවේ.මුන් ජීවත් වෙන්නේ ජලජ ශාක බහුල විල්,පොකුණු,ඇළවල් ආදියේ.නැත්නම් හෙමින් ජලය ගලාගෙන යන ජල මාර්ගවල. [IMG]https://am23.mediaite.com/tms/cnt/uploads/2011/06/Argyroneta_aquatica_Paar-550x359.jpg[/IMG] [B]පොඩියට හිටියට මූගේ විෂත් තියෙනවා.දෂ්ඨ කලොත් ඉදිමිලා,වමනේ ගිහින් උණ ගැනෙන්න වුනත් පුලුවන්ලු.මේකේ පොඩියට ඉන්නේ ගෑණු සතා[/B] මුන්ගේ ගැණු සතා,පිරිමි සතාට වඩා පොඩියි.මුන් දඩයම් කරන්නේ වතුර යටදී.වතුරේ ජීවත් වෙන කෘමි සත්තු,කීටයෝ වගේ පොඩි පොඩි සත්තු තමයි උන්ගේ කෑම වේල බවට පත් වෙන්නේ. [IMG width="608px"]https://i.imgur.com/5ImLHqU.jpg[/IMG] මුන්ගේ ගැණු පිරිමි දෙපක්ෂයම වතුර යට ජීවත් වෙන්නේ.දෙගොල්ලොම කිමිදුම් ඝණ්ඨාවල තමයි ඉන්නේ.ගෑණු සතාගේ නිවස්නය පිරිමි සතාගේ එකට වඩා ලොකුයි.ඒ හින්දා පිරිමි සතාට නිතරම ඔක්සිජන් සැපයුම අලුත් කරන්නවා.මුන් සංවාසයේ යෙදෙන්නේ ගෑණු සතා හදන ලොකු බුබුල ඇතුලේ. මුන් ජීවත් වෙන දිය බුබුල ගැන කරලා තියෙන පර්යේෂණවලට අනුව ඒ පිටිපස්සේ සංකීර්ණ කතාවක් තියෙන්නේ.මිනිස්සු කිමිදුම් ඝණ්ඨාවලට නල මාර්ගයෙන් වාතය සපයනවා වගේ නෙමෙයි,මේ මකුළුවන්ගේ බුබුළු.උන්ගේ දිය බුබුළුවල කාබන්ඩයොක්සයිඩ්,ඔක්සින් වායු හුවමාරුව අති විශිෂ්ඨ විදියට කාර්යක්ෂමයි කියලා හොයාගෙන තියෙන්නේ.ඒ කියන්නේ මේ දිය බුබුලට පුලුවන් වතුරේ තියෙන ඔක්සින් වායුව ඇතුලට ඇද ගන්න.මුලදි හොයාගෙන තිබුණේ මේ දිය බුබුලුවල ඔක්සිජන් සැපයුම පැය භාගයකට සැරයක්වත් අලුත් කරන්න ඕනේ කියලා.නමුත් අලුත් පර්යේෂණයකට අනුව මේ වැඩේ දවසකට එක සැරයක් කලත් ඇතිලු.ඒ ගැන තේරුම් ගන්න නම් විද්‍යාව පැත්තෙන් තරමක් දුරට හදාරලා තියෙන්න ඕනේ.ඒ හින්දා කතාව මෙතනින් නතර කරනවා. [MEDIA=youtube]TsXN7ZMi7mE[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom