Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
54 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වන්නිකරයේ සැඟවී යන දෙවියන් පිදීමේ චාරිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්නිකරයේ සැඟවී යන දෙවියන් පිදීමේ චාරිත්

වියළි කලාපයට අයත් වන්නිකරය, ශුෂ්ක කටුක එමෙන්ම ගැමි සුන්දරයත්වයෙන් හෙබි ප්රතාපවත් සංස්කෘතියකට උරුමකම් කියන්නාවූ ප්රදේශයකි.එහි ඇති, සුවිශේෂත්වය ගමත්, නගරයත් යන දෙකම ස්පර්ශ කළ අයෙකුට මනාව තේරුම් ගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි.

එහි වෙසෙන මිනිසුන් ආගම දහමට ලැදි එමෙන්ම ගස්,ගල් හා දෙවි දේවතාවුන් වන්දනාවට අතිශයින්ම යොමු වූ පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.මෙම ලිපිය තුළින් වන්නිකරයේ “දෙවියන් පිදීම්“ ආකාර ත්‍රිත්වයක් පළිබඳව සාකාච්ඡාවට බඳුන් වේ.

බත් මාලාව

කඩවර සහ කම්බිලි දෙවිවරුන් උදෙසා පවත්වනු ලබන පිදීමේ චාරිත්‍රයක් ලෙස “බත් මාලාව“ හැඳින්විය හැකි අතර මෙය වන්නිකරයට ආවේණික පිදීමක් ලෙසද නම්කල හැකිය. අසරණ වූ ගැමියාට සරණක් හා පිහිටක් බලාපොරොත්තුවෙන් තමන්ගේ නිවසේ වහළයේ හෝ අගුපිළේ පඬුරක් ගැට ගැසීම මුලින්ම සිදු කරයි.

එහිදී,පඬුර ගැටගසනු ලබන්නේ යම්කිසි කරුණක් සිත්හි තබාගෙන වන අතර ඉතා භක්තියකින් යුක්තව මේ කටයුත්ත සිදුකරනු ලබයි. එහිදී බෝවන රෝගයකින් වැළකීමට, දරුඵල අපේක්ෂාවෙන් සහ සුවපහසු එමෙන්ම අරාක්ෂාකාරී දරු උපතකට ආදී වශයෙන් බත් මාලාවකට බාර වීම සිදු වේ.

තමන්ගේ නිවසේදී යොදාගත් දිනයකදී බත් මාලාවට අවශ්‍ය කටයුතු සූදානම් කරයි. එහිදී, ගෙදර නෑදෑ පිරිස් මෙන්ම, ගම්වාසීන්ගේද උදව් උපකාර නොඅඩුව නොපිරිහෙලා ලැබේ. එකල ගැමියන්ට අපමණ බලාපොරොත්තු නොතිබූ අතර, සරල ග්‍රාමීය දිවිපෙවෙත සුන්දරව ගතකළ නිසාවෙන් අසල් වැසි සැමට උදව් උපකාර කිරීම ප්‍රශ්නයක් බවට පත්කරගෙන නොතිබුණි.

බත් මාලාවට අවශ්‍ය අඩුමකුඩුම සපයාගත් පසුව, සුදුවතින් සැරසුණු කපුමහතෙකු සන්ධ්‍යා භාගය බනවිට, බත්මාලාවට අවශ්‍ය පිදුම්, ගොටු, මල් ආසන ආදිය ගොක්කොළ සහ කෙසෙල් කොට භාවිතයෙන් සකස් කරන්නේ, මහත් වූ ගෞරවණීය කටයුත්තක් පරිද්දෙනි.

රාත්‍රී 8-9 වනවිට, ආවතේව කරුවන්ගේ හා උඩැක්කි වයන්නන්ගේ උදව්වෙන් කපු මහතා බත් මාලාවේ වැඩකටයුතු ආරම්භ කරන අතර, ගම් ගොඩේ සියළු දෙනාම එකඳු පහඳු වන්නේ ඉන් අනතුරුවය, දේව භාෂාවෙන් භාරය ඔප්පු කරන අතර, නැවත් භාරයක් වීම සිදු වේ. උයන ලද ආහාර කැවිලි, පෙවිලි සහ වන මල් පිදේනි ගොටුවල විවිධ රටාවන්ට තැබීම මෙහි විශේෂත්වයකි. එමෙන්ම, මල් සහ ආහාර සහිත පිදේනි ගොටුවක් ප්‍රධාන කඩුල්ල ලඟ තැබීම සිදුකෙරේ.

බත් මාලාවේ විශේෂත්වය වන්නේ, ගම්කරයේ බාල මහළු සැම දෙනාටම බත් මාලා ගෙදරදී රාත්‍රී ආහාරය පිළිගැන්වීමය. එය ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රී 12න් පසුවය. එහිදී, හේන මාමා හෝ රෙදි නැන්දා විසින් සෝදා පිරිසිදු කරගෙන රැගෙන ආ පිරුවට (රෙදි) එළා ඒ මත, කෙසෙල් හෝ නෙළුම් කොළ එළා සියළු දෙනාම බිම වාඩිවී ආහාර ගැනීම සම්ප්රදාය විය.

බත් මාලාව සඳහා පුහුල්, අළු කෙසෙල්, දියමස් සහ ගොඩමස් තිබීම අනිවාර්ය අංගයකි. වන්නිකරයේ මෙකී බත්මාලා කටයුත්ත නැති බැරි ඇති හැකි සැමදෙනාම විසින්, තම ආර්ථික ශක්තිය අනුව සිදුකරනු ලබන්නකි.

කිරි ඉතිරීම

වන්නිකරයේ ගම්වල දෙවියන් පුදමින් කිරි ඉතිරීම සඳහා සැකසුනු විශේෂිත ස්ථානයක් පිහිටා තිබීම විශේෂිත අංගයකි. ගමයි, පන්සලයි, වැවයි,දාගැබයි සේම කිරි ඉතුරුම් ස්ථානයටද ගම තුළ හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි.

බණ්ඩාර මුත්තාට, ගම්බාර දෙවියන් හා අයියනායක දෙවියන් ආදී ගමට, ප්‍රදේශයට අධිපති දෙවියන්ට අළුත් සහලින් කිරි ඉතිරීම සිදු කරනු ලබයි. එහිදී මහ කන්නයේ වී අස්වැන්නෙන් මුල්ම කොටස, පන්සලට ගොස් බුදුන්ට පූජා කරනු ලබන අතර ඉන් අනතුරුව දෙවියන් උදෙසා කිරි ඉතිරවීමේ කටයුත්තට ගැමියන් යොමු වීම මහත් උනන්දුවෙන් කරනු ලබන කාර්යයකි.

කිරි ඉතිරවීමේ කටයුතු ගමේ සියළුම දෙනා විසින්, එකම දිනයකදී ගමේ පොදු ස්ථානයක දී සිදුකරනු ලබයි. එහිදී, පිරිමි අය පමණක් සහභාගීවීම විශේෂත්වයකි. ගල් හෝ ගඩොල් තුනක් ලංකොට තාවකාලිකව සකසා ගත් ලිපක් මත කිරි ඉතිරීම සිදුකරනු ලබන අතර පොල් කිරි මිරිකීම, සහල් ගැරීම ආදී කටයුතු සිදු වන්නේ එකී ස්ථානයේදීමය.

රත්වන මුට්ටියේ කිරි ඉතිරෙන මොහොත ආරම්භවනවාත් සමගම, සහල් එකතු කිරීම සිදුකරනු ලබන අතර, ඉන් අනතුරුව මද ගින්නේ කිරිබත ඉදෙන්නට ඉඩ හරිනු ලබයි. අනතුරුව, සියළුම දෙනාගේ කිරිබත් මුට්ටි වලින් කිරිබත් ස්වල්පය බැගින් ගෙන, දෙවියන් උදෙසා පූජා කිරීමට කපු මහතා විසින් කටයුතු සකස් කරනු ලබන අතර, දුම්මල ගසමින් උඩැක්කි නායද සමගින් කපු මහතා දේවාරූඩයෙන් අදාළ යාඥා කරනු ලබන අතර, ගමට, රටට සහ එහි වෙසෙන සිළුම ගම් වැසියන්ට ආශිර්වාද ලබාගැනීම සිදු කරනු ලබයි.

ඉන් අනතුරුව කිරි ඉතිරුම් මංගල්‍යයට පැමිණ සිටින සියලුම දෙනාට කිරිබත් පිළිගැන්වීම සිදුකරනු ලබයි. දේව දානය අනුභව නොකර සිටීම අශුභ දෙයක්යැයි විශ්වාස කරන ගැමියන් අනිවාර්යයෙන්ම මේ දානය පිළිගැනීම කරනු ලබයි.

කිරි ඉතුරුම් මංගල්‍යයයෙන් පසු, අලුත් සහළින් කැවිලි පෙවෙලි හා බත් පිළියෙළ කර ගැනීමට ගැමියන්ට ඉඩ හසර සැළසේ.

පිටියේ පිදීම

ඉහතින් සඳහන් කරන ලද “බත්මාලා“ චාරිත්‍රයට කලින් මෙම “පිටියේ පිදීම“ යන චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරනු ලබයි. වන්නිකරයේ ගැමියන්ගේ ආහාරය ගොඩමස් හා දියමස් වලින් සපිරුණු එකකි. එය ඔවුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරන්නකි. ඒ නිසාම, සතුන් දඩයම් කිරීම සහ තම වගාවන් රැකගැනීම සඳහාත් තුව්කකුව (ගිනි බිඳිනය/ ගිනි බටය) අත්‍යවශ්‍ය උපකරණයකි. පිටියේ පිදීම යනු, තමන්ට උපකාර වන තුව්කකුවට බාරවීම ලෙස ගැමියන් අර්ථ නිරූපණය කරයි.

මේ සඳහා පවුලේ උදවිය පමණක් සහභාගී වන අතර, පඬුරු, පිදේනි ගොටු ආදිය ලබා දෙමින් කපු මහතෙකු විසින් මෙම පිටියේ පිදීම නම් චාරිත්‍රය ඉටු කරනු ලබයි. මෙම චාරිත්‍රයේදී ද ගොඩමස්, දියමස් අනිවාර්යය සේම, හාල් පිටිවලින් සකසන ලද රොටී ප්‍රධාන ආහාරය ලෙස පැමිණ සිටින අයට පිළිගැන්වීම සිදු කරයි.

මේ ලිපියට පදනම් කරගත් දෙවියන් පිදීමේ ක්‍රමවේදයන් අද වන විටද ඉතා අඩු වැඩි වශයෙන් වන්නිකරයේ ගම් තුළ සිදුවන බව නොරහසකි. එහිදී තවත් අංගයක් එකඳු පහඳු වී ඇති බව, මා මෑතක කරන ලද නිරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකි වූ අතර, එමගින් එකී, වත් පිළිවෙත් වලට කිසිඳු හානියක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව මාගේ හැඟීමයි.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23000836, member: 421102"] [b]වන්නිකරයේ සැඟවී යන දෙවියන් පිදීමේ චාරිත්[/b] වියළි කලාපයට අයත් වන්නිකරය, ශුෂ්ක කටුක එමෙන්ම ගැමි සුන්දරයත්වයෙන් හෙබි ප්රතාපවත් සංස්කෘතියකට උරුමකම් කියන්නාවූ ප්රදේශයකි.එහි ඇති, සුවිශේෂත්වය ගමත්, නගරයත් යන දෙකම ස්පර්ශ කළ අයෙකුට මනාව තේරුම් ගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. එහි වෙසෙන මිනිසුන් ආගම දහමට ලැදි එමෙන්ම ගස්,ගල් හා දෙවි දේවතාවුන් වන්දනාවට අතිශයින්ම යොමු වූ පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.මෙම ලිපිය තුළින් වන්නිකරයේ “දෙවියන් පිදීම්“ ආකාර ත්‍රිත්වයක් පළිබඳව සාකාච්ඡාවට බඳුන් වේ. [B]බත් මාලාව[/B] කඩවර සහ කම්බිලි දෙවිවරුන් උදෙසා පවත්වනු ලබන පිදීමේ චාරිත්‍රයක් ලෙස “බත් මාලාව“ හැඳින්විය හැකි අතර මෙය වන්නිකරයට ආවේණික පිදීමක් ලෙසද නම්කල හැකිය. අසරණ වූ ගැමියාට සරණක් හා පිහිටක් බලාපොරොත්තුවෙන් තමන්ගේ නිවසේ වහළයේ හෝ අගුපිළේ පඬුරක් ගැට ගැසීම මුලින්ම සිදු කරයි. එහිදී,පඬුර ගැටගසනු ලබන්නේ යම්කිසි කරුණක් සිත්හි තබාගෙන වන අතර ඉතා භක්තියකින් යුක්තව මේ කටයුත්ත සිදුකරනු ලබයි. එහිදී බෝවන රෝගයකින් වැළකීමට, දරුඵල අපේක්ෂාවෙන් සහ සුවපහසු එමෙන්ම අරාක්ෂාකාරී දරු උපතකට ආදී වශයෙන් බත් මාලාවකට බාර වීම සිදු වේ. තමන්ගේ නිවසේදී යොදාගත් දිනයකදී බත් මාලාවට අවශ්‍ය කටයුතු සූදානම් කරයි. එහිදී, ගෙදර නෑදෑ පිරිස් මෙන්ම, ගම්වාසීන්ගේද උදව් උපකාර නොඅඩුව නොපිරිහෙලා ලැබේ. එකල ගැමියන්ට අපමණ බලාපොරොත්තු නොතිබූ අතර, සරල ග්‍රාමීය දිවිපෙවෙත සුන්දරව ගතකළ නිසාවෙන් අසල් වැසි සැමට උදව් උපකාර කිරීම ප්‍රශ්නයක් බවට පත්කරගෙන නොතිබුණි. බත් මාලාවට අවශ්‍ය අඩුමකුඩුම සපයාගත් පසුව, සුදුවතින් සැරසුණු කපුමහතෙකු සන්ධ්‍යා භාගය බනවිට, බත්මාලාවට අවශ්‍ය පිදුම්, ගොටු, මල් ආසන ආදිය ගොක්කොළ සහ කෙසෙල් කොට භාවිතයෙන් සකස් කරන්නේ, මහත් වූ ගෞරවණීය කටයුත්තක් පරිද්දෙනි. රාත්‍රී 8-9 වනවිට, ආවතේව කරුවන්ගේ හා උඩැක්කි වයන්නන්ගේ උදව්වෙන් කපු මහතා බත් මාලාවේ වැඩකටයුතු ආරම්භ කරන අතර, ගම් ගොඩේ සියළු දෙනාම එකඳු පහඳු වන්නේ ඉන් අනතුරුවය, දේව භාෂාවෙන් භාරය ඔප්පු කරන අතර, නැවත් භාරයක් වීම සිදු වේ. උයන ලද ආහාර කැවිලි, පෙවිලි සහ වන මල් පිදේනි ගොටුවල විවිධ රටාවන්ට තැබීම මෙහි විශේෂත්වයකි. එමෙන්ම, මල් සහ ආහාර සහිත පිදේනි ගොටුවක් ප්‍රධාන කඩුල්ල ලඟ තැබීම සිදුකෙරේ. බත් මාලාවේ විශේෂත්වය වන්නේ, ගම්කරයේ බාල මහළු සැම දෙනාටම බත් මාලා ගෙදරදී රාත්‍රී ආහාරය පිළිගැන්වීමය. එය ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රී 12න් පසුවය. එහිදී, හේන මාමා හෝ රෙදි නැන්දා විසින් සෝදා පිරිසිදු කරගෙන රැගෙන ආ පිරුවට (රෙදි) එළා ඒ මත, කෙසෙල් හෝ නෙළුම් කොළ එළා සියළු දෙනාම බිම වාඩිවී ආහාර ගැනීම සම්ප්රදාය විය. බත් මාලාව සඳහා පුහුල්, අළු කෙසෙල්, දියමස් සහ ගොඩමස් තිබීම අනිවාර්ය අංගයකි. වන්නිකරයේ මෙකී බත්මාලා කටයුත්ත නැති බැරි ඇති හැකි සැමදෙනාම විසින්, තම ආර්ථික ශක්තිය අනුව සිදුකරනු ලබන්නකි. [B]කිරි ඉතිරීම[/B] වන්නිකරයේ ගම්වල දෙවියන් පුදමින් කිරි ඉතිරීම සඳහා සැකසුනු විශේෂිත ස්ථානයක් පිහිටා තිබීම විශේෂිත අංගයකි. ගමයි, පන්සලයි, වැවයි,දාගැබයි සේම කිරි ඉතුරුම් ස්ථානයටද ගම තුළ හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. බණ්ඩාර මුත්තාට, ගම්බාර දෙවියන් හා අයියනායක දෙවියන් ආදී ගමට, ප්‍රදේශයට අධිපති දෙවියන්ට අළුත් සහලින් කිරි ඉතිරීම සිදු කරනු ලබයි. එහිදී මහ කන්නයේ වී අස්වැන්නෙන් මුල්ම කොටස, පන්සලට ගොස් බුදුන්ට පූජා කරනු ලබන අතර ඉන් අනතුරුව දෙවියන් උදෙසා කිරි ඉතිරවීමේ කටයුත්තට ගැමියන් යොමු වීම මහත් උනන්දුවෙන් කරනු ලබන කාර්යයකි. කිරි ඉතිරවීමේ කටයුතු ගමේ සියළුම දෙනා විසින්, එකම දිනයකදී ගමේ පොදු ස්ථානයක දී සිදුකරනු ලබයි. එහිදී, පිරිමි අය පමණක් සහභාගීවීම විශේෂත්වයකි. ගල් හෝ ගඩොල් තුනක් ලංකොට තාවකාලිකව සකසා ගත් ලිපක් මත කිරි ඉතිරීම සිදුකරනු ලබන අතර පොල් කිරි මිරිකීම, සහල් ගැරීම ආදී කටයුතු සිදු වන්නේ එකී ස්ථානයේදීමය. රත්වන මුට්ටියේ කිරි ඉතිරෙන මොහොත ආරම්භවනවාත් සමගම, සහල් එකතු කිරීම සිදුකරනු ලබන අතර, ඉන් අනතුරුව මද ගින්නේ කිරිබත ඉදෙන්නට ඉඩ හරිනු ලබයි. අනතුරුව, සියළුම දෙනාගේ කිරිබත් මුට්ටි වලින් කිරිබත් ස්වල්පය බැගින් ගෙන, දෙවියන් උදෙසා පූජා කිරීමට කපු මහතා විසින් කටයුතු සකස් කරනු ලබන අතර, දුම්මල ගසමින් උඩැක්කි නායද සමගින් කපු මහතා දේවාරූඩයෙන් අදාළ යාඥා කරනු ලබන අතර, ගමට, රටට සහ එහි වෙසෙන සිළුම ගම් වැසියන්ට ආශිර්වාද ලබාගැනීම සිදු කරනු ලබයි. ඉන් අනතුරුව කිරි ඉතිරුම් මංගල්‍යයට පැමිණ සිටින සියලුම දෙනාට කිරිබත් පිළිගැන්වීම සිදුකරනු ලබයි. දේව දානය අනුභව නොකර සිටීම අශුභ දෙයක්යැයි විශ්වාස කරන ගැමියන් අනිවාර්යයෙන්ම මේ දානය පිළිගැනීම කරනු ලබයි. කිරි ඉතුරුම් මංගල්‍යයයෙන් පසු, අලුත් සහළින් කැවිලි පෙවෙලි හා බත් පිළියෙළ කර ගැනීමට ගැමියන්ට ඉඩ හසර සැළසේ. [B]පිටියේ පිදීම[/B] ඉහතින් සඳහන් කරන ලද “බත්මාලා“ චාරිත්‍රයට කලින් මෙම “පිටියේ පිදීම“ යන චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරනු ලබයි. වන්නිකරයේ ගැමියන්ගේ ආහාරය ගොඩමස් හා දියමස් වලින් සපිරුණු එකකි. එය ඔවුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරන්නකි. ඒ නිසාම, සතුන් දඩයම් කිරීම සහ තම වගාවන් රැකගැනීම සඳහාත් තුව්කකුව (ගිනි බිඳිනය/ ගිනි බටය) අත්‍යවශ්‍ය උපකරණයකි. පිටියේ පිදීම යනු, තමන්ට උපකාර වන තුව්කකුවට බාරවීම ලෙස ගැමියන් අර්ථ නිරූපණය කරයි. මේ සඳහා පවුලේ උදවිය පමණක් සහභාගී වන අතර, පඬුරු, පිදේනි ගොටු ආදිය ලබා දෙමින් කපු මහතෙකු විසින් මෙම පිටියේ පිදීම නම් චාරිත්‍රය ඉටු කරනු ලබයි. මෙම චාරිත්‍රයේදී ද ගොඩමස්, දියමස් අනිවාර්යය සේම, හාල් පිටිවලින් සකසන ලද රොටී ප්‍රධාන ආහාරය ලෙස පැමිණ සිටින අයට පිළිගැන්වීම සිදු කරයි. මේ ලිපියට පදනම් කරගත් දෙවියන් පිදීමේ ක්‍රමවේදයන් අද වන විටද ඉතා අඩු වැඩි වශයෙන් වන්නිකරයේ ගම් තුළ සිදුවන බව නොරහසකි. එහිදී තවත් අංගයක් එකඳු පහඳු වී ඇති බව, මා මෑතක කරන ලද නිරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකි වූ අතර, එමගින් එකී, වත් පිළිවෙත් වලට කිසිඳු හානියක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව මාගේ හැඟීමයි. උපුටා ගැනීම - [url]www.her.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom