වන අලි කඩා වැදී ගම්මුන්ට දුෂ්කරතා

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
වන අලි කඩා වැදී ගම්මුන්ට දුෂ්කරතා

වන අලි කඩා වැදී ගම්මුන්ට දුෂ්කරතා
2015.11.20
===================

ගලේවෙල දඬුබැඳිරුප්ප ගම්මානයට පසුගිය දිනවල පැමිණි වනඅලි කීපදෙනෙක් ගැමියන්ගේ බවභෝග විනාශ කරමින් ගෙවල් දොරවල් කඩා එහි තිබූ වී අස්වැන්න විනාශ කර ගොස් ඇති අයුරු එහි ගිය අපට පසුගියදා දකින්නට ලැබිණි. මුළු ගමම භීතියට පත් කරමින් සැරිසරා ඇති මේ වන අලි කීහිපදෙනා දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට කර ඇති අලාභය සුළුපටු නොවන බව එම ගම්වාසීහු පවසති. මේ පිළිබඳ ගම්වාසීහු මෙසේ අදහස් දැක්වූහ.

ඒ.එම්. ප්‍රසන්න මහතා -
පසුගිය 11 වැනිදා රාත්‍රී 10ට පමණ මමයි බිරියයි මාස දෙකක පමණ දරුවයි ගෙදර නිදාගෙන සිටිනවිට ජනේලයක වීදුරුවක් බිඳෙන ශබ්දයක් ඇසුණා. ලයිට් දමා බැලූ විට අලි දෙන්නෙක් නිවෙස අසල සිටිනවා දුටුවා. පසුව අපි කෑ ගැසූ විට මගේ මවුපියන් සහ අසල්වාසීන් පැමිණ වනඅලි එළවා දැමුවා. පසුව බලද්දී මගේ නිවෙසේ එක් ජනේලයක් කඩා වී මිටි 4ක් කා හාල් ගෝනියක් උන් බීල තියෙනවා. මේ විදියට අවුරුදු 20ක් තිස්සේ අපි අලින්ගෙන් පීඩා විඳිනවා. වසරක් තිස්සේ හම්බ කරන දේවල් එක රැයෙන් විනාශ වෙනවා. පැලැස්තර නොදමා අලිවැටක් ඉදිකර දී මේ ගැටලුවට විසදුම් ලබා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ.ජී. ජයගුණතිලක මහතා -
පසුගියදා රාත්‍රී අලි හතරදෙනෙක් ඇවිත් මගේ ගෙවත්තේ තිබූ පොල්ගස් කීපයක බෝඩය ඇදලා කාලා ගිහින්. කෙසෙල් පැදුරු 10ක් විතර පොඩි කරලා. ගොයම් පැළ පාගලා විනාශ කරලා. හැම අවුරුද්දකම මේ විදියට අපි අලින්ගෙන් පීඩා විඳිනවා. අපේ ගමේ පවුල් 500ක් පමණ ඉන්නවා. රාත්‍රියට ලෙඩක් දුකක් හැදුනොත් එළියට බහින්න බෑ. මේ විදියට අපි තව කොයි කාලයක් දුක් විඳින්නද නිලධාරීන් එනවා බලනවා යනවා විතරයි. විසඳුමක් නෑ.

හේරත් වන්නිනායක මහතා -
මම අක්කර භාගයක පමණ ඉඟුරු වගා කර තිබෙනවා. පසුගියදා රාත්‍රීයේ අලි කීපදෙනෙක් ඇවිත් එම වගාව පාගා විනාශ කරලා ගිහින්. කෙසෙල් වගාවත් විනාශ කරලා. මීට කලින් අවුරුදුවල පොල් ගස් 30ක් විතර අලි විනාශ කරලා තියෙනවා. දැන් අපිට එදිනෙදා පාවිච්චියට පොල් ගෙඩියත් කඩෙන් ගන්න වෙලා.

මේ වනසතුන් මැද ඉතා දුක්බර ජීවිතයක් ගෙවන දඬුබැඳිරුප්ප ගම්වාසීන් වැඩි පිරිසගේ රැකියාව ගොවිතැනයි. ඉතා අහිංසකව ජීවත්වන ඔවුන්ට ගොවිතැනක් බතක් කරගෙන මරණ භයක් නැතිව සැනසිල්ලේ ජීවත් වීමට සුදුසු පරිසරයකට වනඅලින්ගෙන් ඉඩ නොලැබීම ඛේදවාචකයක්. මේ නිසා ඔවුන්ට සැනසීමෙන් ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමට පියවර ගැනීමට බලධාරීන්ගේ යුතුකම හා වගකීමයි.

මේ පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ පසුගිය දිනවල ගම්වාසීන්ද සම්බන්ධ කරගෙන තම කාර්යාලය හා වනජීවී නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් සිදු කළ බවයි. එහෙත් පලාගල ප්‍රදේශයේ විදුලි වැට සම්පූර්ණයෙන් ඉදිනොකිරීම නිසා වනඅලි ආපසු ගම් වදින බවත් ඉදිරියේදී මේ ගැටලුව විසඳීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවැසීය.

(ඡායාරූප - ගලේවෙල මධ්‍යම සමූහ)


12234996_705978576170827_35779767718810965_n.jpg


11041032_705978572837494_5227899741403599591_n.jpg