Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වප් පොහොය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වප්_පොහොය..

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පොහොය..

බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි.

කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්‍යෝත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි.

වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස් විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා වස් පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය.

බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස් කාලය ගත කොට නැවත දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය.

මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත. ඒවා නම්,

බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම

මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම

සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්රදානය කිරීම

සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම

ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව

ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම

වස් පවාරණය කිරීම ආදී වශයෙනි

සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තුන් මසක් ගත කළ සේක. එහි දී සිය මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කළහ. උන් වහන්සේ මෙම තෙමස ගත කළ අන්දම ඉතා සිත්ගන්නා සුළුය.

බුද්ධත්වයෙන් සත් වන වස එළඹි ඇසළ පුන් පෝදා සැවැත්නුවර ජේතවනාරාම අසළ ගන්ධබ්බ රුක් මුලදී යමාමහ පෙළහර පාමින් සිටි බුදුරජාණන් වහන්සේ එක් වරම අතුරුදහන් වූ හෙයින්, පුදුමයට පත් වැසියෝ ඒ ගැන සැරියුත් තෙරුන් විමසූහ.

උන්වහන්සේ තමන් කාරණය දන්නේ නමුදු, අන් තෙරනුන්ගේ ගුණය ප්‍රකට කරනු වස් අනුරුද්ධ තෙරුන් විමසා දැන ගන්නැයි කී හෙයින්, බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩමවා මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කරමින් ඉදිරි වස් තුන් මස එහි ගත කොට වස් පවාරණ දින ආපසු වඩනා බව අසා දැන ගත් වැසියෝ බුදුහිමි නැවත වඩිනා තෙක් කඳවුරු බැඳ ගත්හ.

සැවැත්නුවර වැසි චුල්ල අනාථ පිණ්ඩික සිටාණෝ එම තෙමසම වැසියනට ආහාර පාන හා බුලතින් සංග්‍රහ කළහ. මේ කාලය තුළ බුදුරදුන්ගේ උපදෙස් පරිදි මුගලන් තෙරණුවෝ එම වැසියන්ට දහම් දෙසු සේක. ඒ අතර බුදුරදුන් තව්තිසා දෙව් ලොව සිට මාතෘ දෙව් පුත් ප්රමුඛ දෙවියනට දහම් දෙසු සේක. එසේ දහම් දෙසූ අයුරුද ඉතා අපූරුය.

සෑම දිනකම පිණ්ඩපාත වෙලාව දක්වා දෙවියන්ට අභිධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ කිසිවකුටත් නොදැනෙන පරිදි තමන් වහන්සේ හා සමාන විස්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා , පිඬු සිඟා යනු පිණිස හිමාලයට වැඩ උතුරු කුරු දිවයිනෙහි සැරිසරා, ඉන්පසු අනෝතප්ත විලෙන් පැන් පහස නිවා ගෙන දන් වළඳන සේක.

එම වෙලාවට එහි වඩින සැරියුත් හිමියෝ බුදුරදුන්ට වත් පිළිවෙත් කරති. දන් වළඳ අවසන් වූ කල තව්තිසාවේ දෙවියන්ට දෙසු ධර්මය සැරියුත් හිමිට ඉගැන්විණි. ඉන් අනතුරුව යළි තව්තිසා දෙව්ලොවට වඩින බුදු හිමියෝ විස්මිත බුදුරුව අතුරුදන් කොට තමන් වහන්සේ ම එතැන් සිට දහම් දේශනා කරන මෙම ක්‍රියා පිළිවෙත එම තුන් මස ගෙවනා තුරුම දිනපතා සිදුවූවක්ම විය. දහම් දෙසුම් අවසානයේ මාතෘ දෙව් පුත් සෝවාන් ඵලයේ පිහිටි අතර, දහම් ඇසු කෝටියක් දෙවියෝද බ්‍රහ්මයෝ ද ධර්මාභිසමය ලැබු බව දැක්වේ. වස් පවාරණයට දින හතක් තිබියදී බුදුරජාණන් වහන්සේ සැරියුත් හා මුගලන් හිමිවරු අමතා අදින් සත්වන දවස එනම් වප් මස පුර පසළොස්වක පෝ දා දඹදිව සංකස්ස නුවරින් මිහිකතට වඩින බව සැළ කළහ. මෙම ආගමණය දේවාවරෝහණය නම් වේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සිට දෙව් බඹුන් විසින් පිරිවරන ලදුව, අහස් කුස සිට රන් හිණි මගකින්, පරසතු මදාරා මලින් පුදමින් ශක්‍ර දෙවි හා සහම්පති දෙදෙනාගේ මූලිකත්වයෙන් පැවති මහා පෙරහරකින්, හාත්පස ඒකාලෝක කරමින් රැස්ව සිටි ජනයාගේ සාධුකාර මධ්‍යයේ වප් පුර පසලොස්වක පෝය දින සංකස්ස නගර ද්වාරයෙන් මිහිකතට වැඩි බව දේවාවරෝහණ වර්ණනාවේ දැක්වේ. මෙම අසිරිමත් පෙරහර පින් පිරුණු ජනයාට දැකිය හැක්කේ එක් බුද්ධෝත්පාද කාලයකට එක් වරක් පමණක් වීමද විශේෂ කරුණකි. මේ අවස්ථාවේදී තම දිවිය තුළ පළමු වරට බුදු අසිරිය දුටු මහ සැරියුත් තෙරුණුවෝ.

“ න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - නස්සුතො උදකස්මි

එවං වග්ගු වදෝ සත්ථා – තුසිතා ගණිමා ගතා “

යන ගාථා රත්නය දේශනා කොට බුදු සිරි පතුල් වැඳ ප්‍රණාමය පළ කළහ. එහිදි බුදුරජාණන් වහන්සේ බුදුවරු විසින්ම විසඳිය හැකි ප්‍රශ්න කීපයක් විචාරා ඊට නිසි පිළිතුරු දුන් හෙයින් සැරියුත් තෙරුන් වහන්සේ සියලු ප්‍රාඥයින් අතරින් අගතැන් පත් වූ අය ලෙස නම් කරනු ලැබූසේක.

මෙම පෙළහර දුටු බොහෝ දෙනා බුදුබව ප්‍රාර්ථනා කළහ. මෙහිදී සිදුවු තව වැදගත් සිද්ධියක් වූයේ, දෙව් බඹුන් එනිනෙකාවත්, මිනිසුන්ට දේව බ්‍රහ්ම සමූහයාත්, අපායගාමී සත්වයිනට එකිනෙකාවත් බුද්ධ අධිෂ්ඨානයෙන් දැක ගත හැකි වීමය. මේ අසිරිය දුටු පෙර සිට පෙරුම් පුරා බෝධි සම්භාර ඇති මෛත්‍රී බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදිව එදිනම උපසම්පදා ලැබූසේක.

ධර්මාශෝක මහ රජුගේ ආශිර්වාදය මත බුදු සසුන ඇරඹුනද, කාන්තාවන් සඳහා භික්ෂුණී ශාසනයට ඇතුල්වීමට අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් නිසි අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සදහා මෙරටට භික්ෂුණීන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලුප් නුවර වෙත පිටත් කර හැරියේද මෙම වප් පොහෝ දිනයේදීය.

මෙසේ විවිධ ශාසනික දායාදයන් ලබා අවසන දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ‘ලක්දිව බුදු සසුන් පිහිටියේදැ? යි විමසු විට උන් වහන්සේ ප්‍රකාශ කළේ ලක්දිව සීමා මාලකයක් තනා එහිදී මහණ උපසම්පදාවක් කළ යුතු බවයි.

ඒ සඳහා සියලු සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිටකය සංගායනා කරන ලද්දේ ද අද වැනි වප් පොහෝ දිනයකදීය.ඇසළ පෝය දින සිට පුරා තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටිමින් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව පිණිසත්, සැදැහැතියන්ගේ ගුණ දහම් වර්ධනය උදෙසා කටයුතු කරමින් සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේද අද දිනයි. ඒ අනුව චිවර මාසය ආරම්භ වන්නේද අද දින සිටය.

මෙම අසිරිමත් සිදුවීම් සිහියට නගා ගනිමින් අද වැනි දිනෙක බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ කදම්භය මෙනෙහි කිරීම බෞද්ධ අපගේ යුතුකම වන්නේය

උපුටා ගැනීම ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව

AJYU චතු මහත්මා ගේ ලිපියක් ඇසුරෙනි.

[QUOTE="maxboysl, post: 17230488, member: 346679"] [b]වප්_පොහොය..[/b] [SIZE="6"][U][COLOR="DarkRed"][B]කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පොහොය..[/B][/COLOR][/U][/SIZE] [SIZE="5"][COLOR="Red"]බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි.[/COLOR][/SIZE] [IMG]https://scontent-a.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10388651_10152498311988687_5604450717082127875_n.jpg?oh=c2cf0d31e7e9972c5cca27b2336ae6b5&oe=54CB4D31[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"][COLOR="Purple"][SIZE="4"]කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්‍යෝත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස් විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා වස් පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය. බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස් කාලය ගත කොට නැවත දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය. මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත. ඒවා නම්, බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්රදානය කිරීම සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම වස් පවාරණය කිරීම ආදී වශයෙනි[/SIZE][/COLOR][/COLOR][/SIZE] [IMG]https://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-xap1/v/t1.0-9/1173726_10152498311788687_5376702168848504562_n.jpg?oh=a994e6ea9ea0a7a1f6317908e7b238d0&oe=54C7A4F5&__gda__=1420730572_0a5099d0ab4983891009338bc2e56abf[/IMG] [IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-xap1/v/t1.0-9/10690150_10152498311968687_1535583458270069816_n.jpg?oh=b003a89753bc520334013f323a2f7f54&oe=54C93366&__gda__=1421262131_78f1a61acd4ed79c1c1ce03a1978b476[/IMG] [SIZE="4"][COLOR="Purple"]සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තුන් මසක් ගත කළ සේක. එහි දී සිය මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කළහ. උන් වහන්සේ මෙම තෙමස ගත කළ අන්දම ඉතා සිත්ගන්නා සුළුය. බුද්ධත්වයෙන් සත් වන වස එළඹි ඇසළ පුන් පෝදා සැවැත්නුවර ජේතවනාරාම අසළ ගන්ධබ්බ රුක් මුලදී යමාමහ පෙළහර පාමින් සිටි බුදුරජාණන් වහන්සේ එක් වරම අතුරුදහන් වූ හෙයින්, පුදුමයට පත් වැසියෝ ඒ ගැන සැරියුත් තෙරුන් විමසූහ. උන්වහන්සේ තමන් කාරණය දන්නේ නමුදු, අන් තෙරනුන්ගේ ගුණය ප්‍රකට කරනු වස් අනුරුද්ධ තෙරුන් විමසා දැන ගන්නැයි කී හෙයින්, බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩමවා මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කරමින් ඉදිරි වස් තුන් මස එහි ගත කොට වස් පවාරණ දින ආපසු වඩනා බව අසා දැන ගත් වැසියෝ බුදුහිමි නැවත වඩිනා තෙක් කඳවුරු බැඳ ගත්හ. සැවැත්නුවර වැසි චුල්ල අනාථ පිණ්ඩික සිටාණෝ එම තෙමසම වැසියනට ආහාර පාන හා බුලතින් සංග්‍රහ කළහ. මේ කාලය තුළ බුදුරදුන්ගේ උපදෙස් පරිදි මුගලන් තෙරණුවෝ එම වැසියන්ට දහම් දෙසු සේක. ඒ අතර බුදුරදුන් තව්තිසා දෙව් ලොව සිට මාතෘ දෙව් පුත් ප්රමුඛ දෙවියනට දහම් දෙසු සේක. එසේ දහම් දෙසූ අයුරුද ඉතා අපූරුය. සෑම දිනකම පිණ්ඩපාත වෙලාව දක්වා දෙවියන්ට අභිධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ කිසිවකුටත් නොදැනෙන පරිදි තමන් වහන්සේ හා සමාන විස්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා , පිඬු සිඟා යනු පිණිස හිමාලයට වැඩ උතුරු කුරු දිවයිනෙහි සැරිසරා, ඉන්පසු අනෝතප්ත විලෙන් පැන් පහස නිවා ගෙන දන් වළඳන සේක. එම වෙලාවට එහි වඩින සැරියුත් හිමියෝ බුදුරදුන්ට වත් පිළිවෙත් කරති. දන් වළඳ අවසන් වූ කල තව්තිසාවේ දෙවියන්ට දෙසු ධර්මය සැරියුත් හිමිට ඉගැන්විණි. ඉන් අනතුරුව යළි තව්තිසා දෙව්ලොවට වඩින බුදු හිමියෝ විස්මිත බුදුරුව අතුරුදන් කොට තමන් වහන්සේ ම එතැන් සිට දහම් දේශනා කරන මෙම ක්‍රියා පිළිවෙත එම තුන් මස ගෙවනා තුරුම දිනපතා සිදුවූවක්ම විය. දහම් දෙසුම් අවසානයේ මාතෘ දෙව් පුත් සෝවාන් ඵලයේ පිහිටි අතර, දහම් ඇසු කෝටියක් දෙවියෝද බ්‍රහ්මයෝ ද ධර්මාභිසමය ලැබු බව දැක්වේ. වස් පවාරණයට දින හතක් තිබියදී බුදුරජාණන් වහන්සේ සැරියුත් හා මුගලන් හිමිවරු අමතා අදින් සත්වන දවස එනම් වප් මස පුර පසළොස්වක පෝ දා දඹදිව සංකස්ස නුවරින් මිහිකතට වඩින බව සැළ කළහ. මෙම ආගමණය දේවාවරෝහණය නම් වේ. බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සිට දෙව් බඹුන් විසින් පිරිවරන ලදුව, අහස් කුස සිට රන් හිණි මගකින්, පරසතු මදාරා මලින් පුදමින් ශක්‍ර දෙවි හා සහම්පති දෙදෙනාගේ මූලිකත්වයෙන් පැවති මහා පෙරහරකින්, හාත්පස ඒකාලෝක කරමින් රැස්ව සිටි ජනයාගේ සාධුකාර මධ්‍යයේ වප් පුර පසලොස්වක පෝය දින සංකස්ස නගර ද්වාරයෙන් මිහිකතට වැඩි බව දේවාවරෝහණ වර්ණනාවේ දැක්වේ. මෙම අසිරිමත් පෙරහර පින් පිරුණු ජනයාට දැකිය හැක්කේ එක් බුද්ධෝත්පාද කාලයකට එක් වරක් පමණක් වීමද විශේෂ කරුණකි. මේ අවස්ථාවේදී තම දිවිය තුළ පළමු වරට බුදු අසිරිය දුටු මහ සැරියුත් තෙරුණුවෝ. “ න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - නස්සුතො උදකස්මි එවං වග්ගු වදෝ සත්ථා – තුසිතා ගණිමා ගතා “ යන ගාථා රත්නය දේශනා කොට බුදු සිරි පතුල් වැඳ ප්‍රණාමය පළ කළහ. එහිදි බුදුරජාණන් වහන්සේ බුදුවරු විසින්ම විසඳිය හැකි ප්‍රශ්න කීපයක් විචාරා ඊට නිසි පිළිතුරු දුන් හෙයින් සැරියුත් තෙරුන් වහන්සේ සියලු ප්‍රාඥයින් අතරින් අගතැන් පත් වූ අය ලෙස නම් කරනු ලැබූසේක. මෙම පෙළහර දුටු බොහෝ දෙනා බුදුබව ප්‍රාර්ථනා කළහ. මෙහිදී සිදුවු තව වැදගත් සිද්ධියක් වූයේ, දෙව් බඹුන් එනිනෙකාවත්, මිනිසුන්ට දේව බ්‍රහ්ම සමූහයාත්, අපායගාමී සත්වයිනට එකිනෙකාවත් බුද්ධ අධිෂ්ඨානයෙන් දැක ගත හැකි වීමය. මේ අසිරිය දුටු පෙර සිට පෙරුම් පුරා බෝධි සම්භාර ඇති මෛත්‍රී බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදිව එදිනම උපසම්පදා ලැබූසේක. ධර්මාශෝක මහ රජුගේ ආශිර්වාදය මත බුදු සසුන ඇරඹුනද, කාන්තාවන් සඳහා භික්ෂුණී ශාසනයට ඇතුල්වීමට අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් නිසි අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සදහා මෙරටට භික්ෂුණීන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලුප් නුවර වෙත පිටත් කර හැරියේද මෙම වප් පොහෝ දිනයේදීය. මෙසේ විවිධ ශාසනික දායාදයන් ලබා අවසන දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ‘ලක්දිව බුදු සසුන් පිහිටියේදැ? යි විමසු විට උන් වහන්සේ ප්‍රකාශ කළේ ලක්දිව සීමා මාලකයක් තනා එහිදී මහණ උපසම්පදාවක් කළ යුතු බවයි. ඒ සඳහා සියලු සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිටකය සංගායනා කරන ලද්දේ ද අද වැනි වප් පොහෝ දිනයකදීය.ඇසළ පෝය දින සිට පුරා තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටිමින් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව පිණිසත්, සැදැහැතියන්ගේ ගුණ දහම් වර්ධනය උදෙසා කටයුතු කරමින් සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේද අද දිනයි. ඒ අනුව චිවර මාසය ආරම්භ වන්නේද අද දින සිටය. මෙම අසිරිමත් සිදුවීම් සිහියට නගා ගනිමින් අද වැනි දිනෙක බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ කදම්භය මෙනෙහි කිරීම බෞද්ධ අපගේ යුතුකම වන්නේය[/COLOR][/SIZE] [IMG]https://m.ak.fbcdn.net/sphotos-e.ak/hphotos-ak-xpa1/v/t1.0-9/1620611_10152498312318687_8070835599886601782_n.png?oh=f1f15027bdf662bce4f82e0020b77ff2&oe=54B9326B&__gda__=1421840129_f9867bf03c09bb6fe0d45fe59ccf04e4[/IMG] [SIZE="4"]උපුටා ගැනීම ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව AJYU චතු මහත්මා ගේ ලිපියක් ඇසුරෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom