Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයසට යද්දි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉපදීමත් සමඟ බොහෝ දේ අපට උරුම වෙනවා. ඒ අතර ලෙඩවීම, වයසට යාම, කැමැති දේ නො ලැබීම,…

ඉපදීමත් සමඟ බොහෝ දේ අපට උරුම වෙනවා. ඒ අතර ලෙඩවීම, වයසට යාම, කැමැති දේ නො ලැබීම, අකැමැති දේ ලැබීම, මරණයට පත්වීම ආදියත් උරුම බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අද අප සාකච්ඡා කරන්නේ වයසට යාම දුකක් වන්නේ කෙසේද යන්නයි.

● ස්වාමින් වහන්ස, ඉපදුන දා සිට අප වයසට යනවා. වයසට යාම දුක කුමක්ද?

ඇත්තෙන්ම වයසට යාම දුකයි. බුදුරජාණන් වහන්සේ ජරාපි දුක්ඛා කියලා වදාළේ ඒකයි. ජරා කියන්නේ වයසට යාමයි. ඉන්ද්‍රියන් දිරා යනවා, රූප කලාපය කැඩී යනවා, පැලී යනවා, හම රැළි ගැහෙනවා. මේ සියලුම දේ වයසට යාමත් සමග අපට උරුම වෙන දේවල්.

වයසින් මෝරන්න මෝරන්න මේ ඉන්ද්‍රියන් වැසෙන ස්වභාවයට පත්වෙනවා. අප දන්නවා වයසට යන්න යන්න ඇස් පේන්නේ නැතුව යනවා. කණ් ඇසෙන්නේ නැතිව යනවා. දත් වැටෙනවා. හම රැළි වැටෙනවා. කොන්ද කුදුවෙනවා. කොණ්ඩේ සුදු වෙනවා. මේ වගේ විවිධාකාරයේ ශරීරයේ විකෘතිතා ඇති වෙනවා. එය ආවේණික දුකක්. පීඩා ගෙන දෙන දුකක්. අනෙක් දුක තමයි මානසිකව ඇතිවන දුක. වයසට යන බොහෝ දෙනා අතීතය හා වර්තමානය සසඳනවා. වයසක පුද්ගලයෙක් ළඟින් තරුණ ළමයෙක් දිව්වොත් ඒ පුද්ගලයාට හිතෙනවා මමත් ඒ දවස්වල මේ වගේ දිව්ව නේ. දැන් තමයි මට බැරි. මගේ ශරීරය මට පාලනය කරගන්න බැහැනේ කියලා හිතෙනවා. එතකොට දුකයි. අතීතයට බැඳුන නිසාත්, වර්තමානයේ තිබෙන අපහසුතාත් නිසාත් ඔහුට කම්පාවක් ඇති වෙනවා. ඒ දුක එයා ඇතිකර ගන්නා ලද දුකක්. ශරීරය වයස්ගත වෙන්න වෙන්න දිරාපත් වෙනකොට පීඩාකාරී ස්වභාවයක් උරුමවම තිබෙන එකක්. ඒකත් ආවේණික දුකක්. නමුත් පෙර කී දුක ඔහු විසින් විහින් ඇතිකර ගත් දුකක්. වයසට ගියා ම මෙහෙම තමයි කියා සිතනවා නම් ඒ දුක ඇතිවෙන්නේ නැහැ. අතීතය ගැන හිතන්න පෙර කළ දේ දැන් කරන්න බැහැනේ කියලා සිතුවොත් විශාල වශයෙන් දුකට පත්වෙනවා. මේ කියන දුක අපට මුහුණ දෙන්න වෙන දුකක්. වයසට යනවා කියන දුක ඉපදුන දා සිට වෙන දෙයක්. වයසට යාම වගේ ම මරණයටත් අප ටික ටික ළං වෙනවා. ඒක ජීවිතයේ හැටි තමයි කියලා තේරුම් ගත්තා නම් අපට ඒ දුක පාලනය කරන්න පුළුවන්.

● වයසට යාමත් සමඟ අපට බොහෝ දේ අහිමි වෙනවා. අපේ සිත එවිට රැකගත යුත්තේ කොහොමද?

මෙහි දී අප හොඳින් අපගේ භූමිකාව තේරුම් ගන්න ඕනෑ. යම් දවසක සිටි අපගේ මුතුන් මුත්තන්ගේ තැන අද අප අරගෙන තිබෙනවා. ඒ වගේම අප වයසට යනකොට අපේ තැන ගන්නත් තව පිරිසක් ඉන්නවා. ඒක තමයි මේ ලෝකය ගමන් කරන රටාව. ඒ නිසා විශ්‍රාම යන වයස එනකොට විශ්‍රාම යන්නට සිත සකසාගෙන ඉන්න ඕන. මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය මම කළා. දැන් මම විශ්‍රාම යන්න ඕන කියලා හිත හදා ගන්නවා. නමුත් සමහර අය වයස යන්න යන්න බැඳෙනවා. සමහර අය ඉන්නවා යතුරු කැරළි ඉනේ ගහගෙන ඉඳලා ඒක අත තියාගෙන මැරෙන අය. අතහැරීම කියන එක වයසට ගියාම කරන දෙයක් නොවෙයි. වයසට යන්නට පෙර කළයුතු දෙයක්. වයසට ගිහිං අතහරින්න ගියාම හරිම අමාරුයි. අතහැරීම ටික ටික පුරුදු කළාම වයසට ගියාට පස්සේ අත හරින්න ලෙහෙසියි. ඒ නිසා කල් ඇතුව වයසට යාමට සූදානම් වෙන්න මහන්සි ගන්න ඕන.

සිද්ධාර්ථ කුමාරයා මහල්ලෙක් දැකල සිතුවා අනේ මටත් මෙහෙම වෙයි කියලා. ඒ නිසානේ ජීවිතයේ ම පරිවර්තනයක් ඇතිකර ගත්තේ. ඒ විදිහට අපත් සමාජයේ මිනිසුන් ජීවත්වන ආකාරය දැකලා අපගේ ජීවිතය හදාගන්න ඕන. අප එහෙම නොවෙයි. වයසට ගිය අය දැකලා ජීවිත මදය ඇතිකර ගන්නවා. අන්න අර වයසක මනුස්සය යන්නේ මේ විදිහට කියලා ඒ අයගේ අපහසුතාවලට හිනා වෙනවා. එහෙම නැතුව අනේ කවද හරි දවසක මමත් වයසට පත් වෙනව නේ මටත් මේ තත්ත්වය උරුම වෙනවානේ කියලා හිතන්නට පුරුදු වෙන්න ඕන.

දිනක් රට්ඨපාල මහරහතන් වහන්සේගෙන් රජතුමා අහනවා ඇයි ඔබවහන්සේ මහණ වුනේ කියලා. එතකොට උන්වහන්සේ වදාළා මම මහණ වුනේ මම දැක්කා මිනිසුන් වයසට යන හැටි. වයසට ගිහින් දුක් විඳින හැටි. ඒ තත්ත්වය මගේ ජීවිතයට උරුමවෙනවා කියන කාරණය මට තේරුණා. පස්සේ පසුතැවිලි වෙනවාට වඩා මේ ඉන්ද්‍රියන් හොඳට ක්‍රියාත්මක වන කාලයේ මම මගේ ජීවිතය සුවපත් කර ගන්න ඕන කියලා හිතල මම පැවිදි වුණා කියලා වදාළා.

මේ ලෝකයේ ඉපදුන අප කාටවත් වයසට යාම නතර කරන්න බැහැ. ඇඳට එක්තැන වුන වෙලාවක හරි තමන් ගතකළ ජීවිතය ගැන ආපස්සට හැරිලා සතුටුවෙන්න පුළුවන් ආකාරයට තමයි අපේ ජීවිත හැඩගස්සා ගන්න ඕන.

අපත් සමඟ වර්තමානයේ ජීවත් වන අපගේ වයසක මව්පියන් නෑදෑයන් අපට ලොකු පාඩමක් කියා දෙනවා. තව විදිහකින් කිියනවානම් මේ මැරෙන අය වයසට ගිය අය අපේ හොඳම ගුරුවරු. ඒ ගුරුවරු අපට නොකියා කියා දෙන පාඩම අප ඉගෙන ගන්න ඕන. කවදා හෝ දවසක මට උදා වූ තත්ත්වය ඔබටත් උදාවෙනවා කියලා ඒ අය අපට පාඩමක් කියා දෙනවා. ඒ පාඩම බුද්ධිමත්ව අපි ග්‍රහණය කර ගත්තොත් අප ඒ තත්ත්වයට පත් වෙන්නට කලින් අපගේ සිත හදාගන්න පුළුවන් වේවි.

● වයසට යාමේදී කායික මෙන්ම මානසික පීඩාත් වැඩියි. බුදුදහමට අනුව මෙයට ඇති විසඳුම කුමක්ද?

වයසට යාමේදී කායික පීඩා ඇතිවීම ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කියනවා සිටුතුමනි ගත ලෙඩ වුවත් සිත ලෙඩ කරගන්න එපා කියලා. ශරීරය ලෙඩ වෙන එක ස්වාභාවිකයි. ඒක කාටත් වලක්වන්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය පවා ලෙඩ වුණා. ඒ රෝග පීඩාවලට පත්වීම වයසට යාම ස්වභාවයක්. මේ ශරීරය කියන්නේ රෝග කාරක පක්ෂිනට කූඩු හදන්න පුළුවන් තැනක්. රෝග නිධානයක්. දිරාගියපු ගසක් වගේ කියනවා. දිරාගිය ගසකට කොට්ටෝරුවන්ට, මයිනන්ට බෙන හාරන්න හිල් හදන්න ලෙහෙසියි. ඒ වගේ වයසට යනවාත් සමඟ ලෙඩ රෝග හැදෙන්න තිබෙන ප්‍රවණතාවය වැඩියි. ඒක ලෝක ස්වභාවයක්. එහෙම වුනා කියලා හිත ලෙඩ කරගන්න වුවමනා නැහැ. අප කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත් සිතත් ලෙඩ වෙනවා. නැත්නම් අප කවදා හෝ ලෙඩ වෙනවා කියලා දැනගෙන ඒකත් අවබෝධ කරගෙන ලෙඩ නොවී ඉන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම ලෙඩ වූ වයසට ගිය අයට උදව් උපකාර කරගෙන ඉන්න උත්සාහ කරන්න ඕන. අප ධර්මය ඉගෙන ගනිද්දී අප දන්නවා මේ ශරීරය කියන්නේ මගේ නොවන එකක් කියලා. මට ඕන ආකාරයට පාලනය කර ගන්න බැරි එකක් කියලා. ඒ ශරීරය වයසට යාමත් සමඟ ඇතිවන මානසික පීඩා ඉදිරියේ සිත හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුත් ශරීරය මට කවදාහරි අත හරින්න වෙනවා කියලා අවබෝධ කරගෙන අනවශ්‍ය විදිහට බැඳීම් ඇතිකර නොගෙන සිටින්නට ඕන. ඒ නොබැඳී සිටීම තමයි වයස්ගත වෙනකොට තිබෙන විශාලම සැනසිල්ල. අද කාලයේ හුඟක් අය වයසට යන්න යන්න බැඳෙනවා වැඩියි. ඒ බැඳීම වැඩි නිසාම වයසට ගිහිං හිත හදාගන්න බැහැ. ඒ නො බැඳී සිටීම අතිශයින්ම වැදගත්. ඒ ආකාරයට නොබැඳී සිටීම ම ඔහුගේ මනස සුවපත් කරන්න විශාල පිටුවහලක් වෙනවා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

[QUOTE="Bad Cop, post: 19086568, member: 510706"] [SIZE=4][B]ඉපදීමත් සමඟ බොහෝ දේ අපට උරුම වෙනවා. ඒ අතර ලෙඩවීම, වයසට යාම, කැමැති දේ නො ලැබීම,…[/B] [/SIZE] [URL="http://www.facebook.com/path.nirvana/photos/a.510006802399980.1073741828.509526319114695/810709455663045/?type=1"][IMG]https://scontent.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/p130x130/1907446_810709455663045_286230777159538015_n.jpg?oh=e729e84bf6e30e961e790c29552fc799&oe=5578442B[/IMG][/URL] [SIZE=3]ඉපදීමත් සමඟ බොහෝ දේ අපට උරුම වෙනවා. ඒ අතර ලෙඩවීම, වයසට යාම, කැමැති දේ නො ලැබීම, අකැමැති දේ ලැබීම, මරණයට පත්වීම ආදියත් උරුම බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අද අප සාකච්ඡා කරන්නේ වයසට යාම දුකක් වන්නේ කෙසේද යන්නයි.[/SIZE] [B][SIZE=3]● ස්වාමින් වහන්ස, ඉපදුන දා සිට අප වයසට යනවා. වයසට යාම දුක කුමක්ද?[/SIZE][/B] [INDENT] [SIZE=3]ඇත්තෙන්ම වයසට යාම දුකයි. බුදුරජාණන් වහන්සේ ජරාපි දුක්ඛා කියලා වදාළේ ඒකයි. ජරා කියන්නේ වයසට යාමයි. ඉන්ද්‍රියන් දිරා යනවා, රූප කලාපය කැඩී යනවා, පැලී යනවා, හම රැළි ගැහෙනවා. මේ සියලුම දේ වයසට යාමත් සමග අපට උරුම වෙන දේවල්. වයසින් මෝරන්න මෝරන්න මේ ඉන්ද්‍රියන් වැසෙන ස්වභාවයට පත්වෙනවා. අප දන්නවා වයසට යන්න යන්න ඇස් පේන්නේ නැතුව යනවා. කණ් ඇසෙන්නේ නැතිව යනවා. දත් වැටෙනවා. හම රැළි වැටෙනවා. කොන්ද කුදුවෙනවා. කොණ්ඩේ සුදු වෙනවා. මේ වගේ විවිධාකාරයේ ශරීරයේ විකෘතිතා ඇති වෙනවා. එය ආවේණික දුකක්. පීඩා ගෙන දෙන දුකක්. අනෙක් දුක තමයි මානසිකව ඇතිවන දුක. වයසට යන බොහෝ දෙනා අතීතය හා වර්තමානය සසඳනවා. වයසක පුද්ගලයෙක් ළඟින් තරුණ ළමයෙක් දිව්වොත් ඒ පුද්ගලයාට හිතෙනවා මමත් ඒ දවස්වල මේ වගේ දිව්ව නේ. දැන් තමයි මට බැරි. මගේ ශරීරය මට පාලනය කරගන්න බැහැනේ කියලා හිතෙනවා. එතකොට දුකයි. අතීතයට බැඳුන නිසාත්, වර්තමානයේ තිබෙන අපහසුතාත් නිසාත් ඔහුට කම්පාවක් ඇති වෙනවා. ඒ දුක එයා ඇතිකර ගන්නා ලද දුකක්. ශරීරය වයස්ගත වෙන්න වෙන්න දිරාපත් වෙනකොට පීඩාකාරී ස්වභාවයක් උරුමවම තිබෙන එකක්. ඒකත් ආවේණික දුකක්. නමුත් පෙර කී දුක ඔහු විසින් විහින් ඇතිකර ගත් දුකක්. වයසට ගියා ම මෙහෙම තමයි කියා සිතනවා නම් ඒ දුක ඇතිවෙන්නේ නැහැ. අතීතය ගැන හිතන්න පෙර කළ දේ දැන් කරන්න බැහැනේ කියලා සිතුවොත් විශාල වශයෙන් දුකට පත්වෙනවා. මේ කියන දුක අපට මුහුණ දෙන්න වෙන දුකක්. වයසට යනවා කියන දුක ඉපදුන දා සිට වෙන දෙයක්. වයසට යාම වගේ ම මරණයටත් අප ටික ටික ළං වෙනවා. ඒක ජීවිතයේ හැටි තමයි කියලා තේරුම් ගත්තා නම් අපට ඒ දුක පාලනය කරන්න පුළුවන්.[/SIZE] [/INDENT][B][SIZE=3]● වයසට යාමත් සමඟ අපට බොහෝ දේ අහිමි වෙනවා. අපේ සිත එවිට රැකගත යුත්තේ කොහොමද?[/SIZE][/B] [INDENT] [SIZE=3]මෙහි දී අප හොඳින් අපගේ භූමිකාව තේරුම් ගන්න ඕනෑ. යම් දවසක සිටි අපගේ මුතුන් මුත්තන්ගේ තැන අද අප අරගෙන තිබෙනවා. ඒ වගේම අප වයසට යනකොට අපේ තැන ගන්නත් තව පිරිසක් ඉන්නවා. ඒක තමයි මේ ලෝකය ගමන් කරන රටාව. ඒ නිසා විශ්‍රාම යන වයස එනකොට විශ්‍රාම යන්නට සිත සකසාගෙන ඉන්න ඕන. මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය මම කළා. දැන් මම විශ්‍රාම යන්න ඕන කියලා හිත හදා ගන්නවා. නමුත් සමහර අය වයස යන්න යන්න බැඳෙනවා. සමහර අය ඉන්නවා යතුරු කැරළි ඉනේ ගහගෙන ඉඳලා ඒක අත තියාගෙන මැරෙන අය. අතහැරීම කියන එක වයසට ගියාම කරන දෙයක් නොවෙයි. වයසට යන්නට පෙර කළයුතු දෙයක්. වයසට ගිහිං අතහරින්න ගියාම හරිම අමාරුයි. අතහැරීම ටික ටික පුරුදු කළාම වයසට ගියාට පස්සේ අත හරින්න ලෙහෙසියි. ඒ නිසා කල් ඇතුව වයසට යාමට සූදානම් වෙන්න මහන්සි ගන්න ඕන.[/SIZE] [SIZE=3] සිද්ධාර්ථ කුමාරයා මහල්ලෙක් දැකල සිතුවා අනේ මටත් මෙහෙම වෙයි කියලා. ඒ නිසානේ ජීවිතයේ ම පරිවර්තනයක් ඇතිකර ගත්තේ. ඒ විදිහට අපත් සමාජයේ මිනිසුන් ජීවත්වන ආකාරය දැකලා අපගේ ජීවිතය හදාගන්න ඕන. අප එහෙම නොවෙයි. වයසට ගිය අය දැකලා ජීවිත මදය ඇතිකර ගන්නවා. අන්න අර වයසක මනුස්සය යන්නේ මේ විදිහට කියලා ඒ අයගේ අපහසුතාවලට හිනා වෙනවා. එහෙම නැතුව අනේ කවද හරි දවසක මමත් වයසට පත් වෙනව නේ මටත් මේ තත්ත්වය උරුම වෙනවානේ කියලා හිතන්නට පුරුදු වෙන්න ඕන.[/SIZE] [SIZE=3] දිනක් රට්ඨපාල මහරහතන් වහන්සේගෙන් රජතුමා අහනවා ඇයි ඔබවහන්සේ මහණ වුනේ කියලා. එතකොට උන්වහන්සේ වදාළා මම මහණ වුනේ මම දැක්කා මිනිසුන් වයසට යන හැටි. වයසට ගිහින් දුක් විඳින හැටි. ඒ තත්ත්වය මගේ ජීවිතයට උරුමවෙනවා කියන කාරණය මට තේරුණා. පස්සේ පසුතැවිලි වෙනවාට වඩා මේ ඉන්ද්‍රියන් හොඳට ක්‍රියාත්මක වන කාලයේ මම මගේ ජීවිතය සුවපත් කර ගන්න ඕන කියලා හිතල මම පැවිදි වුණා කියලා වදාළා.[/SIZE] [SIZE=3] මේ ලෝකයේ ඉපදුන අප කාටවත් වයසට යාම නතර කරන්න බැහැ. ඇඳට එක්තැන වුන වෙලාවක හරි තමන් ගතකළ ජීවිතය ගැන ආපස්සට හැරිලා සතුටුවෙන්න පුළුවන් ආකාරයට තමයි අපේ ජීවිත හැඩගස්සා ගන්න ඕන.[/SIZE] [SIZE=3] අපත් සමඟ වර්තමානයේ ජීවත් වන අපගේ වයසක මව්පියන් නෑදෑයන් අපට ලොකු පාඩමක් කියා දෙනවා. තව විදිහකින් කිියනවානම් මේ මැරෙන අය වයසට ගිය අය අපේ හොඳම ගුරුවරු. ඒ ගුරුවරු අපට නොකියා කියා දෙන පාඩම අප ඉගෙන ගන්න ඕන. කවදා හෝ දවසක මට උදා වූ තත්ත්වය ඔබටත් උදාවෙනවා කියලා ඒ අය අපට පාඩමක් කියා දෙනවා. ඒ පාඩම බුද්ධිමත්ව අපි ග්‍රහණය කර ගත්තොත් අප ඒ තත්ත්වයට පත් වෙන්නට කලින් අපගේ සිත හදාගන්න පුළුවන් වේවි.[/SIZE] [/INDENT] [B][SIZE=3]● වයසට යාමේදී කායික මෙන්ම මානසික පීඩාත් වැඩියි. බුදුදහමට අනුව මෙයට ඇති විසඳුම කුමක්ද?[/SIZE][/B] [INDENT] [SIZE=3]වයසට යාමේදී කායික පීඩා ඇතිවීම ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කියනවා සිටුතුමනි ගත ලෙඩ වුවත් සිත ලෙඩ කරගන්න එපා කියලා. ශරීරය ලෙඩ වෙන එක ස්වාභාවිකයි. ඒක කාටත් වලක්වන්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය පවා ලෙඩ වුණා. ඒ රෝග පීඩාවලට පත්වීම වයසට යාම ස්වභාවයක්. මේ ශරීරය කියන්නේ රෝග කාරක පක්ෂිනට කූඩු හදන්න පුළුවන් තැනක්. රෝග නිධානයක්. දිරාගියපු ගසක් වගේ කියනවා. දිරාගිය ගසකට කොට්ටෝරුවන්ට, මයිනන්ට බෙන හාරන්න හිල් හදන්න ලෙහෙසියි. ඒ වගේ වයසට යනවාත් සමඟ ලෙඩ රෝග හැදෙන්න තිබෙන ප්‍රවණතාවය වැඩියි. ඒක ලෝක ස්වභාවයක්. එහෙම වුනා කියලා හිත ලෙඩ කරගන්න වුවමනා නැහැ. අප කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත් සිතත් ලෙඩ වෙනවා. නැත්නම් අප කවදා හෝ ලෙඩ වෙනවා කියලා දැනගෙන ඒකත් අවබෝධ කරගෙන ලෙඩ නොවී ඉන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම ලෙඩ වූ වයසට ගිය අයට උදව් උපකාර කරගෙන ඉන්න උත්සාහ කරන්න ඕන. අප ධර්මය ඉගෙන ගනිද්දී අප දන්නවා මේ ශරීරය කියන්නේ මගේ නොවන එකක් කියලා. මට ඕන ආකාරයට පාලනය කර ගන්න බැරි එකක් කියලා. ඒ ශරීරය වයසට යාමත් සමඟ ඇතිවන මානසික පීඩා ඉදිරියේ සිත හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුත් ශරීරය මට කවදාහරි අත හරින්න වෙනවා කියලා අවබෝධ කරගෙන අනවශ්‍ය විදිහට බැඳීම් ඇතිකර නොගෙන සිටින්නට ඕන. ඒ නොබැඳී සිටීම තමයි වයස්ගත වෙනකොට තිබෙන විශාලම සැනසිල්ල. අද කාලයේ හුඟක් අය වයසට යන්න යන්න බැඳෙනවා වැඩියි. ඒ බැඳීම වැඩි නිසාම වයසට ගිහිං හිත හදාගන්න බැහැ. ඒ නො බැඳී සිටීම අතිශයින්ම වැදගත්. ඒ ආකාරයට නොබැඳී සිටීම ම ඔහුගේ මනස සුවපත් කරන්න විශාල පිටුවහලක් වෙනවා.[/SIZE] [/INDENT][SIZE=3]තෙරුවන් සරණයි! රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය[/SIZE] [SIZE=3]ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom