අධිවේගී මාර්ගවල ප්‍රවේශ පත්‍ර කවුළුවලට පොලිසිය හා හමුදාව යොදවා ප්‍රවේශ පත්‍ර නොදී කප්පම් ගන්නා ආකාරයෙන් නීති විරෝධී ලෙස මුදල් අය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
අධිවේගී මාර්ගවල සේවය කරන මුදල් අය කරන්නන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටියදී ඊට විසදුස් නොදී නීති විරෝධී ලෙස රජය විසින් හමුදාව හා පොලිසිය යොදා මුදල් අය කරමින් සිටින බවද ඔහු පැවසීය.
මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් ආරක්‍ෂක නිල ඇඳුම් අවභාවිතා කරමින් මුදල් එකතු කල නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
ආරක්ෂක අංශ නිල ඇඳුම් භාවිතය අවභාවිත වහාම නවතා අදාළ සේවක ගැටළුවට විසඳුම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව ද හෙතෙම අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් කියා සිටී.
කෙසේවෙතත් අධිවේගී මාර්ග වල වේශ පත්‍ර නිකුත් කිරීමට පොලිසිය හා යුද හමුදාව යෙදවූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අධිවේගී සේවයේ නියුතුව සිටි සේවකයන් වෙනත් අයෙකුට රාජකාරි කිරීමටද නොහැකිවන පරිදි යන්ත්‍ර සූත්‍ර උපකරණ සියල්ල ගලවා ගෙන ගොස් ඇති බවයි.
එනිසා ඒවායේ තත්ත්වය පරික්ෂා කිරීමෙන් තොරව වෙනත් කිසිදු පාර්ශ්වයකට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට ලබාදීමේ හැකියාවක් නැති බව ද, තාවකාලික ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම පැවසීය.
@2osama @nicjosh83 AKA @John Dutton
MONAWADA WESIGE PUTHO, THOPE RALIN KARANA SAKKILI WEDA