'වර්ණ නිකුත් වන විකට් කූරු ගැන' දන්නවා ද

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    'වර්ණ නිකුත් වන විකට් කූරු ගැන' දන්නවා ද

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නොවන මුත් එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය පිළිබඳ ඔබ දැනුවත්ද?

    160403104000_lanka_cricket_512x288_getty.jpg



    සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්‍රයෙනි.

    ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින් සමන්විත විකට් කූරු ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කොට තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ආලෝක ධාරා නිකුත් වන විකට් කූරු යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වූයේ 2013 වසරේ ජුලි මාසයේදී.

    එතැන් පටන් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා LED බල්බවලින් සමන්විත විකට් කූරු සහ බේල්ස් යොදා ගැනිණි.

    කඩුලු මත තිබෙන බේල්ස් ඉන් ගිලිහුණු විට ක්‍රීඩකයා දැවී යාමට ලක් වන අතර එවැනි සියුම් අවස්ථාවක් විනිශ්චය කිරීම ඇතැම් විටක අපහසු කටයුත්තකි.

    නමුත් 'Zings' ලෙස නම්කර ඇති අධිතාක්ෂණික විකට් කූරු සහ බේල්ස් නිසා එවැනි විනිශ්චයන් ලබා දීම තවදුරටත් දුෂ්කර නොවේ.

    බේල්ස් හා විකට් කූරු අතර වන ස්පර්ශය සම්පුර්ණයෙන් ගිලිහෙනවාත් සමග ක්ෂණයෙන් බේල්ස් හා විකට් කූරුවලට සවි කොට ඇති LED බල්බ ක්‍රියාත්මක වේ.

    ආලෝකය දැල්වෙන විකට්ටුව නිර්මාණය කිරීමේ ගෞරවය හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රොන්ටේ එකමන්ට හිමි වන අතර ඔහුට ඒ පිළිබඳ මුල්වර සිතුවිල්ලක් පහළ වන්නේ සිය දියණියගේ සෙල්ලම් බඩුවක් ඇස ගැටීමෙන් අනතුරුවයි.

    බේල්සයකට සමාන විශාලත්වයෙන් යුත් සිය දියණියගේ සෙල්ලම් බඩුවක් තුළ LED බල්බ දැල්වෙන ආකාරය ඔහුගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

    නව ක්‍රමයේදී බේල්ස් යුගලයට විදුලිය සපයනු ලබන්නේ අඩු වෝල්ටීයතාවයක් (low voltage) සහිත විදුලි කෝෂ (batteries) දෙකකිනි.

    විකට්ටුව සමග පවතින ස්පර්ශය ගිලිහුණු විට එය හඳුනා ගත හැකි ක්ෂුද්‍ර සකසන (microprocessor) බේල්ස් යුගලය තුළ සවි කොට ඇත.

    ක්ෂුද්‍ර සකසන යුගලය ඔස්සේ රේඩියෝ සංඥාවක් (radio signal ) නිකුත් කෙරෙනවාත් සමග විකට් කූරුවලට සම්බන්ධ LED බල්බ ද දැල්වේ.

    විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.

    ඒ හේතුවෙන් සිය ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩකයන් විසින් විකට් කූරු සියතට ගැනීමේ සම්ප්‍රදාය අතීතයට එක් වනු ඇත

    source
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,794
    113
    39
    Galle


    විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.

    source


    දවසකුත් දැම්ම බං. ඔය අයිටම් හදන උන් නියම ඇරමන්ට් එකක් දීල තියෙන්නේ. ඕක හදන්න ඩොලර් ලක්ෂ ගැන යන්නේ කොහොමද? සුද්දා වැද්දා කියන්නේ එක නේ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දවසකුත් දැම්ම බං. ඔය අයිටම් හදන උන් නියම ඇරමන්ට් එකක් දීල තියෙන්නේ. ඕක හදන්න ඩොලර් ලක්ෂ ගැන යන්නේ කොහොමද? සුද්දා වැද්දා කියන්නේ එක නේ.
    :D:D