වර්තමාන ආදරය හා Room පෙම්වතුන්

applex

Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    වර්තමාන ආදරය හා Room පෙම්වතුන්

    " මන් ඔයාට ආදරෙයි නංගි "
    " මාත් මගේ පණ වගේ ඔයාට ආදරෙයි අයියේ "
    ආදරයේ මුල්ම කතා බහ ඔයාට මන් ආදරෙයි මට කැමතී ද යන්නයි... ඔබ හොයා ගන්නා ආදරයයේ හරි හැටි නම් ගම් වත් නොදැන තමන්ගේ සියලු දුක්, සතුට බෙදා ගැනීමට උත්සුක වන සෙල්ලක්කාර ආදරය මෙයයි.. නමුත් සමාජයේ සිටින සෑම ආදරයක්ම රැවටීමේ පරමාර්ථය මුල් කරන් සිදු කරනවා කියා කියන්න බෑ.. ඒත් බහුතරයකගේ පරමාර්ථය මෙය විය හැක.. ඒ බහුතරය හදුනා ගැනීම තුලින් ගොඩනගා ගත හැක්කේ ඔබේ ආරක්ෂාව පමණි..
    ගෙවී යන්නේ සති 2,3 ක කාලයකි.. කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ හිත දිනා ගැනීමට කල හැකි දෑ අපමණයි.. මේ කාලය ඇතුලත අදින්න ලස්සන ඇදුම් , කන්න ආස දේවල් , හිත් ගන්නා කතා බහ , ඕනවාට වඩා පරිස්සම් කරනවා කියන හැගීම , සොයා බැලීම , නීති දැමීම වැනි දෑ තුලින් කෙල්ලෙකුගේ හිතකට හොදින් ලන් වී විශ්වාසයක් ගොඩනගා ගත හැක..
    මේ විශ්වාසය නිසාම ඔබට ලන් වීමට බොහෝ සෙයින් අවස්ථාව උදා වන්නේය..
    ඔබ පාසල් යන අයෙකු නම් ඔබ පාසලේ දී තම පෙම්වතිය හෝ පෙම්වතා ගැන අන් අය සමග කතා කිරීමට පසුබට වන්නේ නැත... ඒ හේතුව නිසාම නොදැනුවත්වම ඔබ අන් අය අතර පොරක් වීමට ක්‍රියා කරයි...
    හිතන්න පාසල් යන වයසේ ඉන්න ඔබ කෙල්ලෙකු සොයා ගන්නවා ආදරය කිරීමට කියා.. ඒ ආදරය තුල ඇත්තේ ඇත්තම ආදරයක් ද?
    ඇතැම් විට ඇත්තම ආදරයක් වන්නේ නෑ.. ඔබ වයසෙහි ලිංගිකත්ව ආශාව ඇති වීමට ඇති ඉඩකඩ ඉහළයි.. ඒ නිසාම ආදරය තුලින් ඔබ ඔබේ හැගීම් අවුස්සවා ගැනීමටත් ආශාවන් ඉටු කිරීමට පමණක් ආදරය පාවිච්චි කරනවා විය හැක.. මේ ආශාව දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීමට කිසියම් බියක් දක්වයි මොකද සමහරවිට මේ දේ පැවසීම තුලින් සම්බන්ධය කැඩෙයි ද කියන බිය ඔබ තුල ඇති වන නිසාවෙන්.. මේ කතා බහට මුල් පුරන එක මල් කතාවක් තියනවා..
    " පැටියෝ මට දවසක ඕනේ ඔයා වගේ ලස්සන කෙල්ලෙක්.. මට දෙනවා නේද? "
    මෙයයි ආරම්භය.. කෙල්ලෙකුව වර්ණනා කලහොත් ඈ තුල ඇති සෙනෙහස තවත් උද්දීපනය වනවා.. ඇය ලස්සන උනත් කැත උනත් ඇයව වර්ණනා කරන හේතුව ඈව නොදැනුවත්වම මුලා කරන නිසා...
    එතැන් සිට ලිංගික ආශාව දෙදෙනා අතරම හුවමාරු කර ගැනීමට පටන් ගන්නවා..
    මුලින්ම මේ සදහා සමාජ ජාල භාවිතා කලත් ඉන් පසු හමුවීමට ආශාවක් ඇති කර ගන්නවා.. කොහෙන් හෝ සොයාගත් රුපියල් 1000 , 2000 බිත්ති හතරකට කෙල්ලෙකුගේ පතිවත් බිදිමින් අවුරුදු ගානක ආරක්ෂාව පැයක සතුටක් වෙනුවෙන් සින්න කරනවා...
    ඉන් පසුව තමන් පොරක් යැයි සිතා තම යහලුවන් අතරේ මේ කතා බහ ගෙන යාමෙන් යහලුවන් අතරද ආශාවක් හට ගන්නවා.. ඒ ආශාව නිසාම ඇතැම් විට ඒ කෙල්ලම තෝරා ගැනීමට ඉඩ තිබෙනවා.. පතිවත් බිදූ පිරිමි හිතට දැන් අවශ්‍ය වන්නේ කෙල්ලගෙන් බේරීම නිසා අනිත් යහලුවන් අතරේ ඇයව හුවමාරු කිරීමට උත්සුක වෙනවා.. මෙහි සම්පූර්ණ වැරැද්ද දෙපාර්ශවයෙම වුවත් අන්තිමට ඇගිල්ල දික් කරනුයේ පිරිමි පාර්ශවය වෙත පමණී.. එය තමයි සමාජය මෙවන් කාරණා වරදවා ගන්නා මුල් ස්ථානය...
    හිතලා බලන්න පාසල් යන කෙල්ලෙකුට අවශ්‍ය වූයේ ආදරය නම් ආදරයේදී කතා බහ කරන්න සියල්ල නීත්‍යානුකූලව සිදු වූ මංගල්ලයක ආශාවන් නම් එතන ආදරයක් තියනවා කියා සිතූ ඇය මෝඩියකි.. එහෙත් කොල්ලෙකු අතින් වැරැද්දක් සිදු වුවහොත් ඔහුට ඇයව භාර දීම සම්ප්‍රදායයි.. නමුත් ඇත්තටම වැරැද්ද කාගෙ ද? රැවටීම ලෝකයේ සිදු වන සාමාන්‍ය දෙයකි නමුත් දැන දැන රැවටීමට හසු වීම සාමාන්‍ය කරුණක් වන්නේ නැත...
    සිදු වූ දේ නැවත් පෙර තත්වයෙන් ලබා ගත නොහැකි නිසාම පාසල් යන කාලය තුලම ඇය මවක් බවටත් ඔහු පියෙක් බවටත් පත් වනවා.. නමුත් අද සමාජයේ එම වරද පිලිගෙන ක්‍රියා කරන පිරිස අඩුයි.. ඒ නිසාම නූපන් කළලය විනාස කර ඈගේ නම්බුව ආරක්ෂා කර ගැනීමට උත්සහ කරනවා..
    ඒත් හිතලා බලන්න විනාශ කල කළලය තුල වූ නුපන් දරුවාගේ විනාශයට හේතුව නොදැනනුවත්කම නොවෙද කියා...
    ඔබ කොපමණ පිරිසිදු යැයි සමාජයට ඒත්තු ගන්වා නිසි කාලය තුල නීත්‍යානුකූල විවාහ වී දැරුවෙකුගේ සිනහව දුටුවහොත් ඔබට මතක් වනුයේ ඔබ විසින්ම මරාගත් නූපන් දරුවා නොවෙයිද?
    දරුවා අම්මා කියන වාරයක් පාසා ඔබව මානසිකව වට්ටාවි... කොපමණ හිත දැඩි කර ගත්තත් එය ඔබව විනාශ කරාවි... පෙර කල ක්‍රියාව නිසා දැන් ඔබේ නම්බුව ආරක්ෂා වුවා ද කියා ඔබම හිතින් දුක් වේවි..
    හිතන්න ඔබ පාසල් යන වයසේ කොල්ලෙක් නම් ඔබ විසින් විනාශ කල මල් ගාන ගැන.. ඔබ සමාජයට පොරක් වෙන්න මල් පොඩි කරන්න ඇති.. ඒත් තමා නමින් දරුවෙකු දුටු දිනක ඒ තලපු මල් සියල්ලෙහිම වේදනාව එක විට ඔබට දැනේවී.. එමෙන්ම ඔබේ දරුවා තාත්තා කියා කතා කල මුල් දිනයේ දීම ඔබව අතීතයට ඇදගෙන යාවී... ඔබ එදා පොඩි කල මල් ඔබ වන් තාත්තෙකුගේ යැයි ඔබට දැනෙන්නට ගනී වී.. ඔබේ දියණියව ඇස් වගේ බලා ගන්න උත්සහ කරාවී.. එහෙත් ඔබ කල වරදෙහි දඩුවම දිනක ඔබේ දියණියට ලැබී ඔබ විදවාවී..
    ඔබම හිතා බලන්න වර්තමාන ආදරයේ තත්වය.. ඔබ වැරදි හන්ගා කාසාදයකදී හොයන්නේ පිරිසිදු කතක් නම් ඔබේ වාසනාවට ඇතැම් විට එය සිදු වේවි නමුත් පිරිසිදු කත අපිරිසිදු වන ඔබේ ශරීරය දිනක ඇයට සියල්ල පෙන්වාවි... තමා නමින් වැදු දරුවා වෙනුවෙන් ඔබම සමාව ඉල්ලාවී..
    නමුත් අවශ්‍ය වන්නේ පසු තැවීම නොව මෙතැන් සිට සමාජයේ ඔබ ඔබව දැකීමයි..
    හුදෙක් මේ කතා බහ සමාජය තුල ඔබෙන් වෙන හෝ නොවෙන වැරදි ඔබට පෙන්වා දීම හෝ මතු තත්වය ඔබට පෙන්නා දීමම පමණක් නොව සමාජය තුල යහපත් පුද්ගලයන් පිරිසක්ගේ අනන්‍යතාව එක්කාසුවක් මේහා එක් කිරීමයි...
    " බොහෝදෙනා අතරේ හුවමාරු වූ කෙල්ලෙක් වුවත් යශෝධරාව මෙන් බලා ගන්නා කොල්ලෙකු ඇයට හම්බෙයි නමුත් මල් පොඩි කල ඔබේ නමින් දරුවෙකු වැදීමට මවක් ලැබුනත් සිගිති හිනාවක් සදහටම ඔබට අහිමි වේවි "
    හුදෙක් මේ කතා බහ සමාජය තුල ඔබෙන් වෙන හෝ නොවෙන වැරදි ඔබට පෙන්වා දීම හෝ මතු තත්වය ඔබට පෙන්නා දීමම පමණක් නොව සමාජය තුල යහපත් පුද්ගලයන් පිරිසක්ගේ අනන්‍යතාව එක්කාසුවක් මේහා එක් කිරීමයි...


    උපුටා ගැනීම : https://www.facebook.com/hitheketutattoo/posts/330250717398907
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක කියවනකොට මට මුලින්ම හිතට ආවේ මෙහෙම දෙයක්. කලින් ත්‍රේඩ් එකකත් මේ වගේම එකක් ගියා. ඒත් මේකේ කතාව ටිකක් වෙනස් නිසා අදහසක් ලියලා යන්න හිතුනා. අපි හිතන ක්‍රමයෙයි මචන් මෙතන වැරැද්ද තියෙන්නේ. මමත් පිලිගන්නවා අසම්මත හො අස්තිර ප්‍රේමයකින් කාමාශාව වෙනුවෙන් නූපන් දරුවෙකු හො කලලයක් පලි නැ. නමුත් කතාවේ අපි සෙක්ස්=දරුවෙක් කියන එකයි වැරැද්ද. හැම ලින්ගික එක්වීමකම ප්‍රතිපලේ පිලිසිද ගැනීමක් කියන තැන ඉදන් බලන එක වැරදියි. අපි ජීවත් වෙන ලොකේ පිලිසිද ගැනීමක් නොවෙන්න සෙක්ස් කරන්න බැරි කමක් නැනේ. දරුවෙක් නම් හරහට හිටින්නේ සෙක්ස් ජීවිතේට, පිලිතුර බදිනකන් සෙක්ස් නොකර ඉදලා ඇරියස් අල්ලලා ගැනි මරන් කන එක නෙමෙයි. ලින්ගිය ජිවිතයේ යතා අවබොදය තුලින් අපිට පුලුවන් අනවශ්ය ගැබ් ගැනිම් වලින් තොරව සන්වාසේ යෙදෙන්න. අපි කවුරුත් ඉටි පන්දම් හදුන් කූරු කන්නේ නැනේ. අනික කෙල්ලො සෙක්ස් කරන්නේ කොල්ලො ඉල්ලන නිසාම නෙමෙයි. දෙපාර්ශවයම සන්තර්පනය වෙන ක්‍රියාවලියක් මිසක, කෙල්ලගෙන් කොල්ලා පමනක් සැප ගන්න ක්‍රියාවලියක් නෙමෙයි සෙක්ස්. ඒ නිසා, අයියා ඇයි මට මෙහෙම කලේ කියලා කොල්ලගෙන් අහන්න කෙල්ල රේප් කලොත් තමා. ඒක නම් වැරදියි ඉතින්..
     
    • Like
    Reactions: D T