Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්තව_මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුර නයිට් ක්ලබ් හිමිකරු අපට කියන කතාව...

ආතල් හොඳ කොළඹට විතරද?

අනුරාධපුරයේ ඉන්නේ බයියො ද?

නුරාධපුර නගරයේ රාත්‍රි සමාජශාලාව ගැන පසුගිය සතියේ අපි හෙළිදරව් කළෙමු. අප කළ අනාවරණයෙන් පසු සිරිමා බෝධියට පෙනෙන දුරින් පවත්වාගෙන යන රාත්‍රි සමාජ ශාලාව ගැන පාර්ලිමේන්තුවේද කතාබහ කෙරිණි. එමෙන්ම එම රාත්‍රි සමාජශාලාවේ හිමිකරු අපට කතා කර 'ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද... අනුරාධපුරේ ඉන්නේ බයියෝද...' කියා අපගෙන් විමසුවේය. ඔහු කියන කතාවේ ද යම් සාධාරණත්වයක් තිබේ. එහෙයින්ම අපි ඔහුට පුවත්පත් සාකච්ඡාවකට ඇරයුම් කළෙමු. ඔහු අපේ ආරාධනාව පිළිගත්තේය. පහතින් පෙළ ගැසෙන්නේ ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි.

ඔබ කවුද...?

ඇලැක්සැන්ඩර් වසන්ත

පදිංචිය කොහේද...?

අනුරාධපුරේ.

ඒ උපන් ගමද...?

ඔව්.

පාසල් ගියේ...?

අනුරාධපුර සෙන්ට්‍රල්.

කොච්චර දුරට අධ්‍යාපනය ලැබුවද...?

උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි.

ඊට පස්සේ මොකද කළේ...?

ජොබ් කිහිපයක් කළා. අවුරුදු හතක් සීටීබී එකේ වැඩ කළා. පස්සේ එතැනින් ඉවත් වෙලා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් කළා. ඒක ටික කාලයක් කරලා එළවළු බිස්නස් එකට බැස්සා. ඒක හරි ගියෙත් නැති තැන හෝටල් රස්සාව පටන් ගත්තා.

ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක් විදිහට...?

පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක් පිහිටුවලා තියෙනවා.

මෙහෙම දක්ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්ද...?

ව්‍යාපාර සහ කරාතේ උපදේශනය.

ව්‍යාපාර මොනවද...

සංචාරක හෝටලයක් කරගෙන යනවා.

කොහේද...?

අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ...

එතැන තියෙන්නේ සංචාරක හෝටලයක් නෙමෙයි නයිට් ක්ලබ් එකක්...?

නෑ... ඒක සංචාරක හෝටලයක්.

ඔබ කොහොමද සංචාරක හෝටලයක් කියන්නේ...?

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි.

එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක් නැද්ද...?

තියෙනවා... සංචාරක හෝටලයක් තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක් විදිහට නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යන්න පුළුවන්.

රාත්‍රි සමාජශාලාවක් පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...?

අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්.

ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...?

ඔව්.

හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...?

නයිට් ක්ලබ් එකක් ඇතුළෙ ඔය මිනිස්සු කියන තරම් මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. සෙක්ස්වලට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්සු වින්දනයක් ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක් එක්ක නටලා ලොකු තෘප්තියක් ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ.

ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක් සුදුසුද...?

පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක් දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට් ක්ලබ් ඕනෑ නැද්ද.

මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්ලබ් එකක් දැම්මොත් ඔබ එකඟ වෙනවද...?

බෞද්ධයෙක් විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ.

එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්ද...?

මේ සිද්ධස්ථාන දෙක අතර වෙනසක් නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක් දුරින්.

අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...?

පූජා භූමියට මගේ විශාල ගරුත්වයක් තියෙනවා. ඒක අඹ මල් රේණුවක් තරම්වත් වෙනස් වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක් දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක් දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක් තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්සුන්ට එකක් වෙන්න ඕනෑ. කොළඹ මිනිස්සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ.

ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යනව කියලද...?

නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක් තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්කු තැබෑරුම් කීයක් තියෙනවද. මස් කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ.

පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...?

මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ.

ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...?

ඔව්...

ගුරුවරයෙක් විදිහට රාත්‍රි සමාජශාලාවක් පවත්වාගෙන යන එක සුදුසුද...?

මම මේ ව්‍යාපාරයේ වැරැද්දක් දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක් පුඩියක් ගහලා කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරලා විනෝද වෙන්න.

අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්සු. පොළව තඩිගහලා දුක්මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට් ක්ලබ් එකේදී සොච්චමක්...?

ක්ලබ් එකට එන්න කියලා අපි මිනිස්සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්සුන්ගේ කැමැත්ත අනුව නයිට් ක්ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට් ක්ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක් කියල මිනිස්සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ.

ඔබේ පන්තිවල ළමයි නයිට් ක්ලබ් එකට එන්නේ නැද්ද...?

එනවා. මම ඉන්නව දැක්කම 'සර් ෆන් එකක් ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක් එක්ක නටලා විනෝද වෙලා යනවා.

නයිට් ක්ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක් එක්ක නටලා යන එක විතරද...?

ඔව්...

නයිට් ක්ලබ් එකක් කරන එක වැරැද්දක් නෙමයිද...?

එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක් ගහලා තියෙනවා. සමාජයත් නයිට් ක්ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට් ක්ලබ් රටකට අවශ්‍ය දෙයක් කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්.

ඔබ නයිට් ක්ලබ් එක දකින කෝණය මොකක්ද...?

ලංකාවේ නීතියක් තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට් ක්ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක් එක්ක ඩි්රන්ක්ස් එකක් අරගෙන ඩාන්ස් එකක් දාන්න අවස්ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්වත් සිදුවෙන්නේ නෑ.

ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...?

ඔව්... මගේ ක්ලබ් එකෙන් කෙල්ලෙක්ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට් ක්ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක් වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්ෂාව දීලා තියෙනවා.

අඩුම තරමින් අවශ්‍ය දෙයක් ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්ෂක නිලධාරියෙක් ඇවිත් බස් එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ.

දැන් ඔබ කියන්නේ ඔබේ නයිට් ක්ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ කියලද...?

ක්ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක් කොල්ලෙක් තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක් කොල්ලෙකුගේ ඔඩොක්කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නෑ. ලංකාවේ ක්ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට් ක්ලබ්වලට රෑට එන ගෙස්ට්ව සෙට් කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක් දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා.

කාන්තාවන්ට ලොකු පඩියක් ගෙවනවා කිව්වේ කීයක් විතරද...?

රුපියල් හැත්තෑපන්දහක් විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ.

එහෙම පඩියක් ගෙවන්න ලොකු ආදායමක් ඇති...?

ආදායමක් තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි.

ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක් මේ වගේ නයිට් ක්ලබ් එකක වැඩ කළොත්...?

නයිට් ක්ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක් මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක් ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්හරි රැකියාවක් කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක් නඩත්තු කරන්න මදි. මේ රස්සාවේදී හොඳ වැටුපක් ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්සාව ඇඟ විකිණීමක් නෙමෙයි. අදටත් මගේ නයිට් ක්ලබ් එක වටලලා ගණිකාවක් අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න.

පූජා නගරයක් ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක් ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...?

එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ.

මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක් වෙනවද...?

අවුරුදු එකහමාරක් විතර වෙනවා.

ඒ කාලය පුරා කිසිම බලපෑමක් ආවේ නැද්ද...?

නෑ..

ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්...?

අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්...

එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...?

නෑ... මට කිසිම දේශපාලන බලයක් නෑ.

ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...?

කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්.

දේශපාලන බලයක් නැතුව මෙවැනි නගරයක් තුළ රාත්‍රි සමාජ ශාලාවක් කරගෙන යන්න බෑ...?

සංචාරක මණ්ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට් එක තියෙනවා නම්... නයිට් ක්ලබ් එකක් කරන්න දේශපාලන හයියක් ඕන නෑ. නයිට් ක්ලබ් එකක් කියන්නේ රටක අවශ්‍යතාවයක්. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්පා' හැම දෙයක්ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට් ක්ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා.

ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...?

විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා.

ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...?

දෙපිරිසම එනවා.

ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...?

ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ.

ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක් කරනවද...?

නෑ. කෙනෙක් දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ.

අපිත් එක්ක අවුරුදු දහහතක ළමයෙක් ගියා. ඒ ළමයාව චෙක් වුණේ නැනේ...?

අවුරුදු දහහතක් කියන්නේ ලොකු ළමයෙක්. ඒ නිසා ඇතුළු කරන්න ඇති.

එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...?

සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති.

ඔබ කසාද බැඳලාද...?

ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා.

ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...?

ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක් කරන්න අයිතිය තියෙනවා.

ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට් ක්ලබ් ගියාට ගැටලුවක් නෑ...?

කිසිම ගැටලුවක් නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ. මාව තවත් හිර කරන්නද ඔයලා හදන්නේ..

කොහෙත්ම නෑ. අපි ප්‍රශ්න කළා. ඔබ උත්තර දුන්නා. ඊට වඩා කිසිම දෙයක් මේ සටහනට එකතු වෙන්නේ නෑ.

තරංග රත්නවීර - දිනේෂ් විතාන

[QUOTE="Sadun Buwa, post: 19179195, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="5"]අනුරාධපුර නයිට් ක්ලබ් හිමිකරු අපට කියන කතාව... ආතල් හොඳ කොළඹට විතරද? අනුරාධපුරයේ ඉන්නේ බයියො ද?[/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2014/11/02/b8.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]නුරාධපුර නගරයේ රාත්‍රි සමාජශාලාව ගැන පසුගිය සතියේ අපි හෙළිදරව් කළෙමු. අප කළ අනාවරණයෙන් පසු සිරිමා බෝධියට පෙනෙන දුරින් පවත්වාගෙන යන රාත්‍රි සමාජ ශාලාව ගැන පාර්ලිමේන්තුවේද කතාබහ කෙරිණි. එමෙන්ම එම රාත්‍රි සමාජශාලාවේ හිමිකරු අපට කතා කර 'ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද... අනුරාධපුරේ ඉන්නේ බයියෝද...' කියා අපගෙන් විමසුවේය. ඔහු කියන කතාවේ ද යම් සාධාරණත්වයක් තිබේ. එහෙයින්ම අපි ඔහුට පුවත්පත් සාකච්ඡාවකට ඇරයුම් කළෙමු. ඔහු අපේ ආරාධනාව පිළිගත්තේය. පහතින් පෙළ ගැසෙන්නේ ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි. ඔබ කවුද...? ඇලැක්සැන්ඩර් වසන්ත පදිංචිය කොහේද...? අනුරාධපුරේ. ඒ උපන් ගමද...? ඔව්. පාසල් ගියේ...? අනුරාධපුර සෙන්ට්‍රල්. කොච්චර දුරට අධ්‍යාපනය ලැබුවද...? උසස් පෙළ සමත්. විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි. ඊට පස්සේ මොකද කළේ...? ජොබ් කිහිපයක් කළා. අවුරුදු හතක් සීටීබී එකේ වැඩ කළා. පස්සේ එතැනින් ඉවත් වෙලා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් කළා. ඒක ටික කාලයක් කරලා එළවළු බිස්නස් එකට බැස්සා. ඒක හරි ගියෙත් නැති තැන හෝටල් රස්සාව පටන් ගත්තා. ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක් විදිහට...? පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක් පිහිටුවලා තියෙනවා. මෙහෙම දක්ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්ද...? ව්‍යාපාර සහ කරාතේ උපදේශනය. ව්‍යාපාර මොනවද... සංචාරක හෝටලයක් කරගෙන යනවා. කොහේද...? අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ... එතැන තියෙන්නේ සංචාරක හෝටලයක් නෙමෙයි නයිට් ක්ලබ් එකක්...? නෑ... ඒක සංචාරක හෝටලයක්. ඔබ කොහොමද සංචාරක හෝටලයක් කියන්නේ...? සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි. එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක් නැද්ද...? තියෙනවා... සංචාරක හෝටලයක් තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක් විදිහට නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යන්න පුළුවන්. රාත්‍රි සමාජශාලාවක් පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...? අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්. ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...? ඔව්. හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...? නයිට් ක්ලබ් එකක් ඇතුළෙ ඔය මිනිස්සු කියන තරම් මහ ලොකු දෙයක් වෙන්නේ නෑ. සෙක්ස්වලට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්සු වින්දනයක් ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක් එක්ක නටලා ලොකු තෘප්තියක් ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ. ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක් සුදුසුද...? පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක් දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට් ක්ලබ් ඕනෑ නැද්ද. මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්ලබ් එකක් දැම්මොත් ඔබ එකඟ වෙනවද...? බෞද්ධයෙක් විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ. එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්ද...? මේ සිද්ධස්ථාන දෙක අතර වෙනසක් නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක් දුරින්. අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...? පූජා භූමියට මගේ විශාල ගරුත්වයක් තියෙනවා. ඒක අඹ මල් රේණුවක් තරම්වත් වෙනස් වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක් දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක් දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක් තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්සුන්ට එකක් වෙන්න ඕනෑ. කොළඹ මිනිස්සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ. ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යනව කියලද...? නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක් තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්කු තැබෑරුම් කීයක් තියෙනවද. මස් කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ. පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...? මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ. ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...? ඔව්... ගුරුවරයෙක් විදිහට රාත්‍රි සමාජශාලාවක් පවත්වාගෙන යන එක සුදුසුද...? මම මේ ව්‍යාපාරයේ වැරැද්දක් දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක් පුඩියක් ගහලා කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරලා විනෝද වෙන්න. අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්සු. පොළව තඩිගහලා දුක්මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට් ක්ලබ් එකේදී සොච්චමක්...? ක්ලබ් එකට එන්න කියලා අපි මිනිස්සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්සුන්ගේ කැමැත්ත අනුව නයිට් ක්ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට් ක්ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක් කියල මිනිස්සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ. ඔබේ පන්තිවල ළමයි නයිට් ක්ලබ් එකට එන්නේ නැද්ද...? එනවා. මම ඉන්නව දැක්කම 'සර් ෆන් එකක් ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක් එක්ක නටලා විනෝද වෙලා යනවා. නයිට් ක්ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක් එක්ක නටලා යන එක විතරද...? ඔව්... නයිට් ක්ලබ් එකක් කරන එක වැරැද්දක් නෙමයිද...? එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක් ගහලා තියෙනවා. සමාජයත් නයිට් ක්ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට් ක්ලබ් රටකට අවශ්‍ය දෙයක් කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්. ඔබ නයිට් ක්ලබ් එක දකින කෝණය මොකක්ද...? ලංකාවේ නීතියක් තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට් ක්ලබ් එකක් පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට් ක්ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක් එක්ක ඩි්රන්ක්ස් එකක් අරගෙන ඩාන්ස් එකක් දාන්න අවස්ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්වත් සිදුවෙන්නේ නෑ. ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...? ඔව්... මගේ ක්ලබ් එකෙන් කෙල්ලෙක්ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට් ක්ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක් වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්ෂාව දීලා තියෙනවා. අඩුම තරමින් අවශ්‍ය දෙයක් ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්ෂක නිලධාරියෙක් ඇවිත් බස් එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ. දැන් ඔබ කියන්නේ ඔබේ නයිට් ක්ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ කියලද...? ක්ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක් කොල්ලෙක් තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක් කොල්ලෙකුගේ ඔඩොක්කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නෑ. ලංකාවේ ක්ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට් ක්ලබ්වලට රෑට එන ගෙස්ට්ව සෙට් කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක් දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා. කාන්තාවන්ට ලොකු පඩියක් ගෙවනවා කිව්වේ කීයක් විතරද...? රුපියල් හැත්තෑපන්දහක් විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ. එහෙම පඩියක් ගෙවන්න ලොකු ආදායමක් ඇති...? ආදායමක් තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි. ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක් මේ වගේ නයිට් ක්ලබ් එකක වැඩ කළොත්...? නයිට් ක්ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක් මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක් ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්හරි රැකියාවක් කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක් නඩත්තු කරන්න මදි. මේ රස්සාවේදී හොඳ වැටුපක් ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්සාව ඇඟ විකිණීමක් නෙමෙයි. අදටත් මගේ නයිට් ක්ලබ් එක වටලලා ගණිකාවක් අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න. පූජා නගරයක් ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක් ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...? එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ. මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක් වෙනවද...? අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ කාලය පුරා කිසිම බලපෑමක් ආවේ නැද්ද...? නෑ.. ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්...? අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්... එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...? නෑ... මට කිසිම දේශපාලන බලයක් නෑ. ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...? කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්. දේශපාලන බලයක් නැතුව මෙවැනි නගරයක් තුළ රාත්‍රි සමාජ ශාලාවක් කරගෙන යන්න බෑ...? සංචාරක මණ්ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට් එක තියෙනවා නම්... නයිට් ක්ලබ් එකක් කරන්න දේශපාලන හයියක් ඕන නෑ. නයිට් ක්ලබ් එකක් කියන්නේ රටක අවශ්‍යතාවයක්. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්පා' හැම දෙයක්ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට් ක්ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා. ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...? විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා. ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...? දෙපිරිසම එනවා. ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...? ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ. ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක් කරනවද...? නෑ. කෙනෙක් දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ. අපිත් එක්ක අවුරුදු දහහතක ළමයෙක් ගියා. ඒ ළමයාව චෙක් වුණේ නැනේ...? අවුරුදු දහහතක් කියන්නේ ලොකු ළමයෙක්. ඒ නිසා ඇතුළු කරන්න ඇති. එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...? සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති. ඔබ කසාද බැඳලාද...? ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...? ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක් කරන්න අයිතිය තියෙනවා. ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට් ක්ලබ් ගියාට ගැටලුවක් නෑ...? කිසිම ගැටලුවක් නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ. මාව තවත් හිර කරන්නද ඔයලා හදන්නේ.. කොහෙත්ම නෑ. අපි ප්‍රශ්න කළා. ඔබ උත්තර දුන්නා. ඊට වඩා කිසිම දෙයක් මේ සටහනට එකතු වෙන්නේ නෑ. තරංග රත්නවීර - දිනේෂ් විතාන[/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/images/sdivaina_logo.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom