Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසන්තව_මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් කැලැත්තෑවේ සොයිසා

පිනි අහුරු හිම කැටමෙන් පොළොවට පතිතවන ඉරිමා උදෑසනක පුංචි කොලු පැටියෙක් පොත් ටිකද තුරුළු කොට අතින් ගෙන දිවගියේ පාසල් යාමට ය. හැමදාම පොල්රුප්පාව මැදින් විහිදුණු අඩිපාරේ දිවයන පොඩි එකාට එදා මුහුණ පාන්නට සිදුවන්නේ සිත් රිදවන සුළු අකරතැබ්බයකට ය.

“මීට පස්සේ මේ වත්ත උඩින් යන්න ගියොත් අඬු කඩනවා.” වැඩිහිටියාගේ තර්ජනාංගුලිය පොඩි එකා වෙත එසවෙන්නේ කෝපයෙන් යුතුව ය. කඳුළු පිරුණුු දෑසින් යුතුව තැතිගෙන ගෙදරට ආපසු දිව ගිය පොඩි එකා අම්මාගේ ඇඳීවතේ එල්ලීගෙන ඉකි බිඳින්නට වන්නේ ය. ඇයද මහත් වේදනාවෙන් තම පුත්‍රයා සිප සැනසුවාය.

“ඇයි අම්මේ මට බැන්නේ එයා” කඳුළු අතරින් දරුවා විමසුවේය.

“අපි දුප්පත් හින්දනේ පුතේ” අම්මා සුසුම් හෙළමින් ආදර බසින් සැනසුවාය.

දුප්පත්කමේ ආදීනව කොතරම් ද යන්න ඔහු බාල වියේදීම සිතට ගත්තාය.

“මම කවදාහරි පෝසත් වෙලා මේ ඉඩම් සල්ලි වලට ගන්නවා.” පුංචිකමට එතරම් දැඩි බවකින් ඒ ළපටි සිත පිරී ගියේය. පසු කලෙක ඔහු එය මිලට ගත්තේය. සොයිසා කෙනෙකුට අයත්ව තිබූ එම ඉඩම මැදින් ගිය දිනෙක ඔහු බැනුම් ඇසුවේය. ඔහුද සොයිසා කෙනෙකි. වෙනසකට තිබුණේ දුප්පත් කම පමණි. එහෙත් මෙරට සොයිසා පරපුර ඉතා ධනවත් පරම්පරාවක්ව සිටි බව කවදත් ප්රකටය.

කෙසේ වුවද නැති බැරිකම බාධකයක් කොට නොගත් මේ කොළු පැටියා අධිශ්ඨාන ශීලීව ජීවිතය ජය ගත්තේය. 1940 වසර වන විට මෙරට අධ්‍යාපනය හමාර කළ ඔහු ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඇතිවය. 1915 වසරේදී කොළඹ - මීගමුව පාරේ කඳාන නගරාසන්යේ නාගොඩ ග්‍රාමයේ උපන් එළියාදුර ඇල්ෆ්‍රඩ් සොයිසා තරුණයා යළි සිරිලකට පා තබන්නේ කෝටිපති වෛද්‍යවරයෙකු ලෙසින්ය.

වසර දෙකක් පුරා රජයේ වෛද්‍ය සේවයට තම මෙහෙවර ඉටුකළ ඔහු නොබෝ කලකින්ම රජයේ සේවයට ආයුබෝවන් කියමින් ගම්පහ දෙල්ගොඩ නගරයේ වෛද්‍ය සායනයක් ඇරඹුවේ ය. යහමින් මුදල් ඉපයීමට ආශාව ඔහු තුළ කැකෑරෙමින් තිබීම නිසාම ඔහු විසින් පෞද්ගලික ඩිස්පෙන්සරියක් මෙලෙස ආරම්භ කරන්නට සිතුවා විය හැකිය.

එලෙස වසර 16 ක් පුරාම තම වෛද්‍ය සායනය පවත්වාගෙන ගිය වෛද්‍ය සොයිසාට විවිධ තරාතිරමේ පුද්ගලයන් මෙහිදී ඇසුරු කරන්නට ලැබීම ඔහුගේ අනාගත ඉරණම සැලසුම් කරන්නට මඟ පෑදුවේ ද යන්න දෛවෝපගත සිදුවීමක් වූයේ එලෙසය. මෙවන් නානාප්‍රකාර සමාජ තරාතිරම් වල මිනිසුන් අතර ඔහුට මුණ ගැසුණු, ඒ කාලයේ නම ගිය අපරාධකරුවන් ද බොහෝමයක් විය. ගම්පහ වැලිවේරිය වැනි ප්‍රදේශ වල නම්දරා සිටි අපරාධකරුවන් හා ඇසුරට වැටී සොයිසා ඔවුන් හා කුළුපඟ ඇසුරක් ගෙන යන්නට සමත් වූහ.

ගම්පහ ඩැනී, රාගම ජයලත්, රදාවානේ ජයවර්ධන , කිරිඳිවැල නෙල්සන්, කඳානේ පොට්ට ජෝශප් වැනි එකල නම ගිය අපරාධකරුවෝ ඒ අතර සිටියහ. මෙම බොහෝ අපරාධකරුවන් කිනම් හෝ අපරාධයක යෙදී සිටියදී තුවාල ලද විට රහසිගතව සොයිසා වෙත පැමිණ ප්‍රතිකාර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු අපරාධකරුවන් හා ඇසුරට වැටුණේ එම වෛද්‍ය ප්‍රතිකාර හරහාය.

1958 වසර පමණ වන විට සැලකිය යුතු ධනස්කන්ධයකට හිමිකම් කියූ වෛද්‍ය සොයිසා ට ඒ වන විට ප්‍රසිද්ධියත් ධනයත් බලයත් ගලා එමින් තිබිණි. කෙමෙන් වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියූ ඔහු ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වීමට සිතුවේය. රේන්ද ව්‍යාපාර හෙවත් මත්පැන් තැබෑරුම් ව්‍යාපාරයට අත තැබූ ඔහුගේ ටෙන්ඩර් වෙන්දේසි පටිපාටියට ඔහුගේ ධනය හා බලය යෙදෙව්වේය. මෙවැනි ව්‍යාපාර හමුවේ ව්‍යාපාරිකයන් අතර දැඩි තරඟ කාරීත්වයක් ගොඩ නැගෙමින් තිබිණි.

ඒනිසාම ඔහු මැරයන්ගේ පිහිට පැතූහ. මේ වන විට ඉහළ සමාජයේ නම් දැරෑ සුපතල චරිතයක් වූ “ඔසී කොරයා” ගේ ඇසුර ද සොයිසා ට නොඅඩුව ලැබිණි. මෙලෙස ආ ගමන් මඟ තුළ ඇල්ෆ්‍රඩ් සොයිසා තම ව්‍යාපාරික ලෝකය දික්විජය කරමින් තිබුණු අතර රේන්ද නැතහොත් මත්පැන් ව්‍යාපාරය තුළ ඉදිරියෙන්ම සිටි ඔහුගේ තැබෑරුම් ප්‍රමාණය පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා ව්‍යාප්ත කරගෙන තිබුණේය. සෙමින් කතා කරන ප්‍රසන්න පෙනුමක් ඇති ජැන්ඩියට අඳින පළඳින සොයිසා ට කා අතරත් සුහද

පිළිගැනීමක් හා සමාජ තත්ත්වයක් නිරායාසයෙන්ම ගොඩනැගී තිබුණෙන් ඔහු විවිධාකාරයේ ව්‍යාපාර වලට අත ගැසුවේය. මෙකළ වන විට රජරට ගොවි බිම් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත මෙහෙවරක් රජය විසින් ආරම්භ කළ යුගයක් විය. මේ නිසා ඔහු කැළෑ ඇස්වැද්දීමට අවැසි ට්‍රැක්ටර් බුල්ඩෝසර් හා කැටපිලර් කිහිපයක් මිලට ගෙන ඒවා කොන්ත්‍රාත් ක්‍රමයට යොදවමින් සාර්ථක ලෙස ලාබ ලැබුවේය. කලක් ගත වන විට එම ව්‍යාපාර අනුරාධපුර, පුලියන්කුලම කැලැත්තෑව, මහවැව හා ගල්කුලම වැනි ප්‍රදේශවල ද ව්‍යාප්ත කළ ඔහු එම කැළෑ ඉඩම්වල කඳවුරු බැඳ සේවකයන් ද එහි යෙදෙව්වේ පූර්ණකාලීන ව්‍යාපාරික ලෝකයේ කිරුළ දැරීමේ අභිප්‍රාය ඇතිව ය.

කැලැත්තෑව ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 400 ක් පමණ ලබාගත් හෙතෙම එහි ගොවිපොලක් ඇරඹුවේය. අනුරාධපුර නගර මාධ්‍යයේ තිබූ ඔහුගේ තැබෑරුම අසලම ඔහු තම කාර්යාලය පවත්වාගෙන යනු ලැබිණි. පිටතට පෙනෙන්නට නීත්‍යානුකූලව කටයුතු කෙරුණත් ඔහුගේ ව්‍යාපාර අතර හොර රහසේ කසිප්පු ජාවාරම ද ගංජා වගාවද ජයටම කරගෙන ගියේය. ඔහුගේ මේ සියලු ජාවාරම් වලට හොර රහසේ අනුබලදුන් අතිජාත ගෝලබාලයන් දෙදෙනෙකු සිටීම සොයිසාට මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. ජාඩියට මූඩිය සේ පෑහුණු විලී මාමාත් කළු ඇල්බට් යන සේවකයින් දෙදෙනා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වී සිටියහ. රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ විලීමාමා සහ කැලැත්තෑව ප්‍රදේශයේ ගොවියකු වූ කළු ඇල්බට් හා එක්ව “ලොක්කාගේ” මේ සියලු අබිරහස් දිවි හිමියෙන් රැකගනිමින් සුවච කීකරු සේවක දෙපලක් ලෙස කටයුතු කරමින් සිටියහ. මේ අතර ධනයෙන් බලයෙන් හා සමාජ තත්තවයෙන් අනුරාධපුර ප්‍රදේශයේ කිරුළු නොපළන් රජකු සේ මහත් අභිමානයෙන් තම තේජස විදහා පාමින් සිටි ඇල්ෆ්‍රඩ් සොයිසා ට ප්‍රදේශයේ දේශපාලනඥයෝ මෙන්ම පොලිසියේ උසස් නිලධාරීන්ගේ ද අවනත බවක් බොහෝ විට දක්නට ලැබුණේ මේ නිසා ය.

එක්තරා දවසක රා රේන්දයක් තරඟ කාරී ලෙස වෙන්දේසි කිරීමේ දී යාපනයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු ද එයට ඉදිරිපත්ව සිටියේය.

පරාජය භාර ගැනීමට අකමැති වූ සොයිසා කළේ මුදල් දී ව්‍යාපාරිකයා නිහඬ කිරීමය. එහෙත් එම මුදල් කන්දරාව රැගෙන නිරුපද්‍රිතව ගමෙන් පිටව යාමට ව්‍යාපාරිකයාට ඉඩ ලැබුණේ නැත. තම සහචරයන් යොදා අතරමඟදී ව්‍යාපාරිකයා මංකොල්ල කෑමට ද ඔහු ඉඩ සැලැස්වූයේය. ඔහු එම මංකෝල්ලය සැලසුම් කළේ මෝටර් රථයක් සොරකම් කර එම රථය මංකොල්ලය සඳහා යොදා ගනිමිනි. එම මෝටර් රථය එකල ජනපි‍්‍රය ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වූ සී අයි සී ගුණසේකර මහතාට අයත් එකකි.

එයින් නොනැවතුණු ඔහු තම ගොවිපළේ විශාල වලක් හාරා එය තුළට මෝටර් රථය දමා වැසුවේය. තව දුරටත් ඒ මත කුඹුරක් සාදා පැලක් තැනවූයේ මෝටර් රථයත් සමඟම එම රහසද වල පල්ලට ගියේ යැයි සිතාය. තම ස්වාමියාගේ විශ්වාසය දිනූ ගෝලබාලයින් දෙදෙනා හැරුණු විට ඔහු යටතේ සිටි තවත් සේවකයෝ කිහිප පොලක් සේවයේ යෙදී සිටියහ. තලංගම පදිචිකරුවකු වූ පී.කේ.ඩී. පෙරේරා ද කොටහේනේ පදිංචිකරුවකු වූ ජූලියස් සුන්දර සාගර ද සොයිසාගේ වැඩබිම්වල සේවය කළ අය වූහ.

යම්තරමක උගත්කමක් ද ලබා තිබුණු පී.කේ. ඩී පෙරේරා යන අය ටික කලක් ගත වන විට සොයිසාගේ අපරාධ කටයුතු පිළිබඳ කිසියම් අකමැත්තකින් පසුවිය. එක්තරා දිනෙක ඔහු ගමට යාමට තම වැටුප් ඉල්ලා සිටියේය. මේ පිළිබඳව ඇති වූ යම් කතාබහකින් පසු අටදරු පියෙකු වූ පී.කේ.ඩී පෙරේරා අබිරහස් ලෙස අතුරුදන් විය. පසුව අනාවරණය වූ පරිදි ඔහුව විලී මාමාගේ වාඩියේදී කළු ඇල්බට් විසින් මෝල්ගසකින් හිසට පහර දී මරා පුළුස්සා දමන්නේ කිසිදු සාක්ෂියක් හෝ ඉතිරි නොකරමිනි. කාර්මික සහයක වූ ජූලියස් සන්දර සාගරට ද උරුම වන්නේ සාක්ෂි නැති මරණයක් පමණි. වැටුප් ඉල්ලා ගමට යාමට සූදානම් වුවහොත් කාට හෝ උරුම වන්නේ අවසන් ගමන යාමටය.

එක් අතකින් එය ඔහුගේ “රාජධානියේ” රහස් අවශේෂ ලෝකයට කාන්දුවීම වැළැක්වීමට ඔහු විසින් සිතා මතාම ගත් තීරණයක් ද විය හැකිය. “හොඳින් බැරි නම් නරකින්” යන තේමාව පෙරදැරිව දිවි ගෙවූ ඇල්ෆ්‍රඩ් සොයිසා තමන් අතින් මරණ වරෙන්තුව ලැබූ බොහෝ දෙනෙකු මරා දැමුවේ ද කිසියම් සැලසුමකට අනුවය. ඇතැම් මිනිසුන් මරා දැමුණේ සර්ප විෂ ශරීර ගත කිරීමෙනි. උග්‍ර විෂ සහිත සර්පයන් ඔහු ළඟ සිරකරගෙන සිටියේ අවශ්‍ය මොහොතකදී ප්‍රයෝජනයට ගැනීමටය.

උන්ට පහර දී ප්රකෝපකර මරා දැමීමට අවැසි කෙනෙක් වෙතොත් බලහත්කාරයෙන්ම එකී සත්වයා සිටින බඳුනට අත දැම්මවීම එක් ක්රමයකි. ඇතැම් අයකුට බලෙන් වස පොවා තිබූ අතර පසුව එල්ලා දමා තිබුණි. එවන් තිරස්චීන අපරාධයන් සිදු කරමින් “කළු අධිරාජ්‍යක” කිරුල දැල්වූ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ කල දසාව නරක් වීමට වැඩි කලක් ගත නොවීය. එම අතරතුර ඒ වාඩියේම වැඩපළ කළ නවක සේවකයකු වූ ජයසේන නමැති තරුණයා පී.කේ.ඩී. පෙරේරා තරුණයා මරාදමනු ඇස් දෙකෙන්ම දුටුවා ය. එයින් බියට පත්වූ ඔහු රැකියාව හැරදමා යාමට හිතා ගත්තේය. කෙසේ හෝ පූරුවේ පිනකට ජයසේනට ගෙදර යෑමට හැකිවූයේය. වැඩි කතාබහක් නැති තමන්ගේ පාඩුවේ කල දවස ගෙවූ ජයසේන ගැන කිසිවකු එතරම් තැකීමක් නොකළ නිසා ඔහුගෙන් තමන්ට හානියක් නොවන බවට ඇල්ෆ්‍රඩ් සොයිසා සිතන්නට ඇත. පසු කලෙක නඩු විභාග වලදී ප්‍රබල සාක්ෂියක් වූයේ ජයසේනය.

මෙලෙස තම ධනය බලය යොදවාගෙන අමු අමුවේ තමන්ට එරෙහි වූ මිනිසුන් මරා දැමූ ඇල්ෆ්‍රඩ් සොයිසා ට තම ඉරණමට තමන්ට එරෙහිව ද දිනයක් එන බව ඔහු නොදත්තේය. අනුරාධපුර ප්‍රදේශයේ නිවෙසක් තනා තම අනියම් බිරියත් සමඟ සුහද දිවියක් ගත කළ ඔහු නිතරම සුදු පැහැති කොට කලිසමකින් හා ටීෂර්ට් එකකින් සැරසී බූට් සපත්තු පැළැඳ ඩබල් බැරල් ගිනි අවිය පිටෙහි එල්ලාගෙන තම ගොවිපොළ වටා නිතර ඇවිදනු දකින්නට හැකිවිය.

පොලිසියේ ඇතැම් ලොක්කන් සොයිසා සමඟ එකට විස්කි බිව්ව ද පොලිසියට බැඳුණු අලුත් නිලධාරියෙකු සමඟ සොයිසාගේ ගැටුම ඉතා ප්‍රබල විය. නලින් දෙල්ගොඩ නම් පොලිස් නිලධාරියා සොයිසාගේ කසිප්පු ගුදමට දැල එලන තුරු කිසිවකු එයට අත නොතැබීමට තරම් ප්‍රවේසම් වූහ. මෙයින් නාගයකු සේ කිපී සිටි සොයිසා තරුණ පොලිස් නිලධාරියා වනසා දැමීම සඳහා තුන් හතර වතාවක්ම උපක්‍රම යෙදුවේය.

වරෙක ඔහුගේ යතුරු පැදිය වාහනයක ගැටීමට සලසා ඔහු මරා දැමිමට සැලසුම් කළ ද ඒ හැම එකක්ම ව්‍යවර්ථ විය. මේ වන විට මෙම අපරාධ පිළිබඳ රහස් පොලිසියට ඉව වැටී තිබුණේය. ක්‍රමයෙන් බොහෝ අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භවීමත් සමඟ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ මහා අධිරාජ්‍ය දෙදරා බිඳී යෑමට පටන් ගත්තේය. සන්දර සාගරගේත් පී.කේ.ඩී. පෙරේරාගේත් පවුල් වල අය ඔවුන් සොයමින් හැඬූ කඳුළින් පසු වෙද්දී සොයිසා කියා සිටියේ තමන්ද ඔවුන්ව සොයමින් සිටින බවයි.

කෙසේ හෝ අපරාධයක් සදා වසන් කර තැබිය නොහැකිය යන්න සනාතන දහම අනුව එකී දෙදෙනාගේ ඝාතනවලට වගකිව යුතු බව බල පරාක්‍රමයෙන් ප්‍රමුදිතව සිටි දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා පොලිස් අත්අඩංගුවට පත්වූයේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය. සොයිසා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත්වන්නේ ඔහු යටතේ සේවය කර පසුව ඉන් ඉවත්ව ගිය සේවකයන්ම වීම සුවිශේෂී කරුණක් විය. ඔහුගේ ධන බලයට ඔහු එළිපිට සිටියදී විරුද්ධවීමට බියේ සිටි සියලු මිනිසුන් පසුව ඔහුට විරුද්ධව තමන් දන්නා දේ කීමට ඉදිරිපත් වූයේ වැල නොකැඩීය.

වසර 10 ක් පුරා ආසන්න කාලයක් සිය කැලැත්තෑව රාජධානිය තුළ සිදු කළ මිනිස් ඝාතන එකිනෙක එළියට ඇදෙන්නට විය. තම සේවක පී.කේ.ඩී. පෙරේරාගේ ඝාතනය සිදුකර එතැනට ඩීසල් දමා පුළුස්සා තිබූ බවට සාධක මතුවිය. රස පරීක්ෂකවරයා විසින් එම ස්ථාන පරීක්ෂා කර බලා එහි පස හා ඩීසල් මිශ්‍රව තිබීම නිසා ඒ බව අධිකරණයට හෙළිකරන ලදී. ඒ අනුව ලබාගත් සාක්ෂි හා තොරතුරු 1966 නොවැම්බර් 18 වන දින මධ්‍යම රාත්රියේදී පී.කේ.ඩී පෙරේරා ඝාතනය කර පුළුස්සා දමන ලද බවට පැමිණිල්ල විසින් සැකයකින් තොරව හඳුනා ගන්නා ලදී.

සන්දර සාගර ඝාතනය කළ ස්ථානය සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම බලවත් වෙහෙසක් දැරූ අතර එය එතරම් සාර්ථක නොවූ නිසා නඩු විභාගයේදී එය ඔප්පු කිරීමට තිබූ බලවත්ම බාධකය වූයේ එයයි. මෙම ස්ථානයේ තිබී හමුවූ හම්පටියක කොටස් ගලපා සැදු සම්පටියකින් නිර්මාණය පෙන්වන ලදුව සාක්ෂි දෙමින් හැඬූ කඳුළින් යුතුව එය තම පියාගේ බවට හඳුනාගත්තේ පී.කේ.ඩී පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වූ සුමනදාස ය. මෙහිදී ඉතා දැඩි පරිශ්රමයන් දරා පෙරේරාගේ ඝාතනය සියැසින් දුටු “ජයසේන” සොයා ගනු ලැබුවේ 1967 අපි‍්‍රයෙල් 15 වැනි දිනකදී රත්නපුර ප්‍රදේශයේ කඩයක වැඩ කරමින් සිටියදීය. එය විමර්ශකයන්ට ප්‍රබල ජයලග්රහණයක් වූයේ ඔහුගේ සාක්ෂිය ඉතා බරපතළ එකක් වූ නිසාය.

ඒ අනුව පී.කේ.ඩී. පෙරේරා සහ ජූලියස් සන්දර සාගර යන දෙදෙනා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම, ඝාතනයට අනුබල දීම හා ඝාතනය කිරීම යන චෝදනා ගොනු කරමින් පොලිසිය විසින් විත්තිකරුවන්ට විරුද්ධව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

පහළ උසාවියේ පැවති නඩු විභාගය සඳහා සොයිසා ට විරුද්ධව සාක්ෂි 200 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබිණි. තම යටහත් සේවකයන් විසින්ම තමන්ට එරෙහිව චෝදනා ගොනු කරන අයුරු ඉතා සන්සුන් ඉරියව්වෙන් යුතුව ඇල්ෆ්‍රඩ් සොයිසා බලා සිටියේ විත්ති කූඩුවේ සිටය. ඇතැම් විට තම ධනය බලය යොදා ප්‍රබල සාක්ෂිකරුවන් තමන් අතට ගැනීමට සොයිසා සැලසුම් කළද ඒවා ව්‍යවර්ථ වූයේය. දොස්තර සොයිසාගේ බලවත්කම කෙසේද යත් ඔහු අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකළ කාලය තුළ පවා නිදැල්ලේ ගත කිරීමට ලැබුණේ නිලධා

රීන්ගේ ගැති බව නිසාය. විස්කි බ්‍රැන්ඩි බොමින් බන්ධනාගාරය තුළ ඔහු ගෙවන දිවිය අනාවරණය වීමෙන් පසු විශේෂ පරීක්ෂණයක් පවත්වා තත්ත්වය වෙනස් කිරීමට කටයුතු යෙදුණු අතර දූෂිත නිලධාරීන්ගේ සේවයද අත්හිටුවීමට සැලසීය. සොයිසාවද අනුරාධපුරයේ සිට බෝගම්බර හිරගෙදරට මාරු කරන ලදී.

1970 මැයි මස 12 වැනිදින මාස 06 ක් පුරා පැවති නඩු විභාගයකින් පසු ජූරියේද තීන්දුව මත පී.කේ.ඩී පෙරේරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් කරන ලදී. ඒ අනුව එළියාදුර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් දොස්තර සොයිසා, පියතාරගේ අරනෝලිස් නොහොත් පියදාස නොහොත් කළු ඇල්බට් ද, වැලිසරගේ විල්සන් ප්‍රනාන්දු යන විත්තිකරුවන්ට දඬුවම් නියම විය. ඔහු මහාධිකරණ තීන්දුවෙන් පසු ඇපැලක් ඉදිරිපත් කළ ද තීන්දුව එය ම විය.

ඉන්පසු අඳුරු මරණ දඬුවම් කුටිය තුළ දෙවියන් යදිමින් කාලය ගත කළ දොස්තර සොයිසා කළ පව් ඔලෝගුවද පොදි බැඳගෙන 1971 ජනවාරි 05 වැනිදා හිමිදිරි උදෑසන 08.05 ට මරණීය පෝරකයට පා තැබුවේ කතෝලික ආගමේ සුප්‍රසිද්ධ ගීතිකා ද මහ හඬින් කියමිනි. දොස්තර ඇල්බට් සොයිසා මරා දමා හරියටම දින 05 න් කළු ඇල්බට් නොහොත් අරනෝලිස් අප්පුට ද නියම කළ මරණීය දණ්ඩනය නියම විය. විලී මාමා නොහොත් වැලිසර ලියන්ගේ විලියම් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූයේ ඔහුගේ වියපත් බව හා රෝගී බව ගැන සානුකම්පිතව සලකාය. 1983 වර්ෂයේදී ඔහු අවසන් හුස්ම හෙළුවේ සිරගෙදර දඬුවම් විඳිමින් සිටියදීමය.

ධනය බලය තම ආත්මය කරගනිමින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරමින් තම අසම්මත රාජධානිය තුළ ඔටුණු පළඳිමින් ජීවිතයේ ආශ්වාදය සෙවූ දොස්තර සොයිසාට සියලු දේ අතහැර දමමින් බියකරු මරණය මතක් වෙද්දීය. කෙතරම් අපරාධ කළ ද බියගුළු මිනිසකු වූ ඔහු පොලිසිය අත්ඩංගුවට පත්වන විට ජනේලයකින් පැන දිවගොස් සැඟවුණේ අසල නිවෙසක ඇඳක් යටය. ඉන් ඉවතට ගන්නා විට මළ මුත්‍ර පහවී ඇඳුම් අපවිත්‍රවී තිබුණු බව පැවසේ.

මහත් උත්සාහයෙන් ජීවිතය ඇරඹූ දොස්තර සොයිසා ධන කුවේරයෙකු සේ ජීවිතය ජය ගත්තේය. එහෙත් ධනයම ජීවිතය කරගත් ඔහු අවසානයේ මනුශ්‍යත්වය පළවා හැරි අමනුශ්යයකු සේ වියරුව කටයුතු කිරීම නිසා ඔහුගේ අවසානය සැබෑ ලෙස ඛේදාන්තයක් විය. එවන් මිනිසකු තුළ සිදුවූ මෙවන් විපර්යාසය සමාජ විද්‍යඥයින්ට අදටත් විසඳිය නොහැකි ගැටලුවක් නොවනු නොඅනුමානය.

කැලැත්තෑවේ ද්විත්ව මිනීමැරුම හා එම මිනීමැරුම හා බැඳුණු නඩු විභාගය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්නකි. ඉතා සංවිධානාත්මකව සිදුකළ අපරාධ රැසක සුලමුල මෙමඟින් අනාවරණය වීමත් මෘත ශරීරයක් නොමැතිව මිනීමැරුම් චෝදනා අධිකරණය හමුවේ ඉදිරිපත් කර චූදිතයන් පෝරකයට රැගෙන යාමටත් මෙම අපරාධ විමර්ශනය කළ නිලධාරීන්ට හැකිවිය.

Source : Dinamina 2012 June 12

[QUOTE="Elakiri Pora, post: 19184457, member: 391404"] [COLOR="Blue"][SIZE="5"][U]දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් කැලැත්තෑවේ සොයිසා [/U][/SIZE][/COLOR] [SIZE="3"][COLOR="DarkRed"]පිනි අහුරු හිම කැටමෙන් පොළොවට පතිතවන ඉරිමා උදෑසනක පුංචි කොලු පැටියෙක් පොත් ටිකද තුරුළු කොට අතින් ගෙන දිවගියේ පාසල් යාමට ය. හැමදාම පොල්රුප්පාව මැදින් විහිදුණු අඩිපාරේ දිවයන පොඩි එකාට එදා මුහුණ පාන්නට සිදුවන්නේ සිත් රිදවන සුළු අකරතැබ්බයකට ය. “මීට පස්සේ මේ වත්ත උඩින් යන්න ගියොත් අඬු කඩනවා.” වැඩිහිටියාගේ තර්ජනාංගුලිය පොඩි එකා වෙත එසවෙන්නේ කෝපයෙන් යුතුව ය. කඳුළු පිරුණුු දෑසින් යුතුව තැතිගෙන ගෙදරට ආපසු දිව ගිය පොඩි එකා අම්මාගේ ඇඳීවතේ එල්ලීගෙන ඉකි බිඳින්නට වන්නේ ය. ඇයද මහත් වේදනාවෙන් තම පුත්‍රයා සිප සැනසුවාය. “ඇයි අම්මේ මට බැන්නේ එයා” කඳුළු අතරින් දරුවා විමසුවේය. “අපි දුප්පත් හින්දනේ පුතේ” අම්මා සුසුම් හෙළමින් ආදර බසින් සැනසුවාය. දුප්පත්කමේ ආදීනව කොතරම් ද යන්න ඔහු බාල වියේදීම සිතට ගත්තාය. “මම කවදාහරි පෝසත් වෙලා මේ ඉඩම් සල්ලි වලට ගන්නවා.” පුංචිකමට එතරම් දැඩි බවකින් ඒ ළපටි සිත පිරී ගියේය. පසු කලෙක ඔහු එය මිලට ගත්තේය. සොයිසා කෙනෙකුට අයත්ව තිබූ එම ඉඩම මැදින් ගිය දිනෙක ඔහු බැනුම් ඇසුවේය. ඔහුද සොයිසා කෙනෙකි. වෙනසකට තිබුණේ දුප්පත් කම පමණි. එහෙත් මෙරට සොයිසා පරපුර ඉතා ධනවත් පරම්පරාවක්ව සිටි බව කවදත් ප්රකටය. කෙසේ වුවද නැති බැරිකම බාධකයක් කොට නොගත් මේ කොළු පැටියා අධිශ්ඨාන ශීලීව ජීවිතය ජය ගත්තේය. 1940 වසර වන විට මෙරට අධ්‍යාපනය හමාර කළ ඔහු ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඇතිවය. 1915 වසරේදී කොළඹ - මීගමුව පාරේ කඳාන නගරාසන්යේ නාගොඩ ග්‍රාමයේ උපන් එළියාදුර ඇල්ෆ්‍රඩ් සොයිසා තරුණයා යළි සිරිලකට පා තබන්නේ කෝටිපති වෛද්‍යවරයෙකු ලෙසින්ය. වසර දෙකක් පුරා රජයේ වෛද්‍ය සේවයට තම මෙහෙවර ඉටුකළ ඔහු නොබෝ කලකින්ම රජයේ සේවයට ආයුබෝවන් කියමින් ගම්පහ දෙල්ගොඩ නගරයේ වෛද්‍ය සායනයක් ඇරඹුවේ ය. යහමින් මුදල් ඉපයීමට ආශාව ඔහු තුළ කැකෑරෙමින් තිබීම නිසාම ඔහු විසින් පෞද්ගලික ඩිස්පෙන්සරියක් මෙලෙස ආරම්භ කරන්නට සිතුවා විය හැකිය. එලෙස වසර 16 ක් පුරාම තම වෛද්‍ය සායනය පවත්වාගෙන ගිය වෛද්‍ය සොයිසාට විවිධ තරාතිරමේ පුද්ගලයන් මෙහිදී ඇසුරු කරන්නට ලැබීම ඔහුගේ අනාගත ඉරණම සැලසුම් කරන්නට මඟ පෑදුවේ ද යන්න දෛවෝපගත සිදුවීමක් වූයේ එලෙසය. මෙවන් නානාප්‍රකාර සමාජ තරාතිරම් වල මිනිසුන් අතර ඔහුට මුණ ගැසුණු, ඒ කාලයේ නම ගිය අපරාධකරුවන් ද බොහෝමයක් විය. ගම්පහ වැලිවේරිය වැනි ප්‍රදේශ වල නම්දරා සිටි අපරාධකරුවන් හා ඇසුරට වැටී සොයිසා ඔවුන් හා කුළුපඟ ඇසුරක් ගෙන යන්නට සමත් වූහ. ගම්පහ ඩැනී, රාගම ජයලත්, රදාවානේ ජයවර්ධන , කිරිඳිවැල නෙල්සන්, කඳානේ පොට්ට ජෝශප් වැනි එකල නම ගිය අපරාධකරුවෝ ඒ අතර සිටියහ. මෙම බොහෝ අපරාධකරුවන් කිනම් හෝ අපරාධයක යෙදී සිටියදී තුවාල ලද විට රහසිගතව සොයිසා වෙත පැමිණ ප්‍රතිකාර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු අපරාධකරුවන් හා ඇසුරට වැටුණේ එම වෛද්‍ය ප්‍රතිකාර හරහාය. 1958 වසර පමණ වන විට සැලකිය යුතු ධනස්කන්ධයකට හිමිකම් කියූ වෛද්‍ය සොයිසා ට ඒ වන විට ප්‍රසිද්ධියත් ධනයත් බලයත් ගලා එමින් තිබිණි. කෙමෙන් වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියූ ඔහු ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වීමට සිතුවේය. රේන්ද ව්‍යාපාර හෙවත් මත්පැන් තැබෑරුම් ව්‍යාපාරයට අත තැබූ ඔහුගේ ටෙන්ඩර් වෙන්දේසි පටිපාටියට ඔහුගේ ධනය හා බලය යෙදෙව්වේය. මෙවැනි ව්‍යාපාර හමුවේ ව්‍යාපාරිකයන් අතර දැඩි තරඟ කාරීත්වයක් ගොඩ නැගෙමින් තිබිණි. ඒනිසාම ඔහු මැරයන්ගේ පිහිට පැතූහ. මේ වන විට ඉහළ සමාජයේ නම් දැරෑ සුපතල චරිතයක් වූ “ඔසී කොරයා” ගේ ඇසුර ද සොයිසා ට නොඅඩුව ලැබිණි. මෙලෙස ආ ගමන් මඟ තුළ ඇල්ෆ්‍රඩ් සොයිසා තම ව්‍යාපාරික ලෝකය දික්විජය කරමින් තිබුණු අතර රේන්ද නැතහොත් මත්පැන් ව්‍යාපාරය තුළ ඉදිරියෙන්ම සිටි ඔහුගේ තැබෑරුම් ප්‍රමාණය පුත්තලමේ සිට අනුරාධපුරය දක්වා ව්‍යාප්ත කරගෙන තිබුණේය. සෙමින් කතා කරන ප්‍රසන්න පෙනුමක් ඇති ජැන්ඩියට අඳින පළඳින සොයිසා ට කා අතරත් සුහද පිළිගැනීමක් හා සමාජ තත්ත්වයක් නිරායාසයෙන්ම ගොඩනැගී තිබුණෙන් ඔහු විවිධාකාරයේ ව්‍යාපාර වලට අත ගැසුවේය. මෙකළ වන විට රජරට ගොවි බිම් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත මෙහෙවරක් රජය විසින් ආරම්භ කළ යුගයක් විය. මේ නිසා ඔහු කැළෑ ඇස්වැද්දීමට අවැසි ට්‍රැක්ටර් බුල්ඩෝසර් හා කැටපිලර් කිහිපයක් මිලට ගෙන ඒවා කොන්ත්‍රාත් ක්‍රමයට යොදවමින් සාර්ථක ලෙස ලාබ ලැබුවේය. කලක් ගත වන විට එම ව්‍යාපාර අනුරාධපුර, පුලියන්කුලම කැලැත්තෑව, මහවැව හා ගල්කුලම වැනි ප්‍රදේශවල ද ව්‍යාප්ත කළ ඔහු එම කැළෑ ඉඩම්වල කඳවුරු බැඳ සේවකයන් ද එහි යෙදෙව්වේ පූර්ණකාලීන ව්‍යාපාරික ලෝකයේ කිරුළ දැරීමේ අභිප්‍රාය ඇතිව ය. කැලැත්තෑව ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 400 ක් පමණ ලබාගත් හෙතෙම එහි ගොවිපොලක් ඇරඹුවේය. අනුරාධපුර නගර මාධ්‍යයේ තිබූ ඔහුගේ තැබෑරුම අසලම ඔහු තම කාර්යාලය පවත්වාගෙන යනු ලැබිණි. පිටතට පෙනෙන්නට නීත්‍යානුකූලව කටයුතු කෙරුණත් ඔහුගේ ව්‍යාපාර අතර හොර රහසේ කසිප්පු ජාවාරම ද ගංජා වගාවද ජයටම කරගෙන ගියේය. ඔහුගේ මේ සියලු ජාවාරම් වලට හොර රහසේ අනුබලදුන් අතිජාත ගෝලබාලයන් දෙදෙනෙකු සිටීම සොයිසාට මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. ජාඩියට මූඩිය සේ පෑහුණු විලී මාමාත් කළු ඇල්බට් යන සේවකයින් දෙදෙනා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වී සිටියහ. රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ විලීමාමා සහ කැලැත්තෑව ප්‍රදේශයේ ගොවියකු වූ කළු ඇල්බට් හා එක්ව “ලොක්කාගේ” මේ සියලු අබිරහස් දිවි හිමියෙන් රැකගනිමින් සුවච කීකරු සේවක දෙපලක් ලෙස කටයුතු කරමින් සිටියහ. මේ අතර ධනයෙන් බලයෙන් හා සමාජ තත්තවයෙන් අනුරාධපුර ප්‍රදේශයේ කිරුළු නොපළන් රජකු සේ මහත් අභිමානයෙන් තම තේජස විදහා පාමින් සිටි ඇල්ෆ්‍රඩ් සොයිසා ට ප්‍රදේශයේ දේශපාලනඥයෝ මෙන්ම පොලිසියේ උසස් නිලධාරීන්ගේ ද අවනත බවක් බොහෝ විට දක්නට ලැබුණේ මේ නිසා ය. එක්තරා දවසක රා රේන්දයක් තරඟ කාරී ලෙස වෙන්දේසි කිරීමේ දී යාපනයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු ද එයට ඉදිරිපත්ව සිටියේය. පරාජය භාර ගැනීමට අකමැති වූ සොයිසා කළේ මුදල් දී ව්‍යාපාරිකයා නිහඬ කිරීමය. එහෙත් එම මුදල් කන්දරාව රැගෙන නිරුපද්‍රිතව ගමෙන් පිටව යාමට ව්‍යාපාරිකයාට ඉඩ ලැබුණේ නැත. තම සහචරයන් යොදා අතරමඟදී ව්‍යාපාරිකයා මංකොල්ල කෑමට ද ඔහු ඉඩ සැලැස්වූයේය. ඔහු එම මංකෝල්ලය සැලසුම් කළේ මෝටර් රථයක් සොරකම් කර එම රථය මංකොල්ලය සඳහා යොදා ගනිමිනි. එම මෝටර් රථය එකල ජනපි‍්‍රය ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වූ සී අයි සී ගුණසේකර මහතාට අයත් එකකි. එයින් නොනැවතුණු ඔහු තම ගොවිපළේ විශාල වලක් හාරා එය තුළට මෝටර් රථය දමා වැසුවේය. තව දුරටත් ඒ මත කුඹුරක් සාදා පැලක් තැනවූයේ මෝටර් රථයත් සමඟම එම රහසද වල පල්ලට ගියේ යැයි සිතාය. තම ස්වාමියාගේ විශ්වාසය දිනූ ගෝලබාලයින් දෙදෙනා හැරුණු විට ඔහු යටතේ සිටි තවත් සේවකයෝ කිහිප පොලක් සේවයේ යෙදී සිටියහ. තලංගම පදිචිකරුවකු වූ පී.කේ.ඩී. පෙරේරා ද කොටහේනේ පදිංචිකරුවකු වූ ජූලියස් සුන්දර සාගර ද සොයිසාගේ වැඩබිම්වල සේවය කළ අය වූහ. යම්තරමක උගත්කමක් ද ලබා තිබුණු පී.කේ. ඩී පෙරේරා යන අය ටික කලක් ගත වන විට සොයිසාගේ අපරාධ කටයුතු පිළිබඳ කිසියම් අකමැත්තකින් පසුවිය. එක්තරා දිනෙක ඔහු ගමට යාමට තම වැටුප් ඉල්ලා සිටියේය. මේ පිළිබඳව ඇති වූ යම් කතාබහකින් පසු අටදරු පියෙකු වූ පී.කේ.ඩී පෙරේරා අබිරහස් ලෙස අතුරුදන් විය. පසුව අනාවරණය වූ පරිදි ඔහුව විලී මාමාගේ වාඩියේදී කළු ඇල්බට් විසින් මෝල්ගසකින් හිසට පහර දී මරා පුළුස්සා දමන්නේ කිසිදු සාක්ෂියක් හෝ ඉතිරි නොකරමිනි. කාර්මික සහයක වූ ජූලියස් සන්දර සාගරට ද උරුම වන්නේ සාක්ෂි නැති මරණයක් පමණි. වැටුප් ඉල්ලා ගමට යාමට සූදානම් වුවහොත් කාට හෝ උරුම වන්නේ අවසන් ගමන යාමටය. එක් අතකින් එය ඔහුගේ “රාජධානියේ” රහස් අවශේෂ ලෝකයට කාන්දුවීම වැළැක්වීමට ඔහු විසින් සිතා මතාම ගත් තීරණයක් ද විය හැකිය. “හොඳින් බැරි නම් නරකින්” යන තේමාව පෙරදැරිව දිවි ගෙවූ ඇල්ෆ්‍රඩ් සොයිසා තමන් අතින් මරණ වරෙන්තුව ලැබූ බොහෝ දෙනෙකු මරා දැමුවේ ද කිසියම් සැලසුමකට අනුවය. ඇතැම් මිනිසුන් මරා දැමුණේ සර්ප විෂ ශරීර ගත කිරීමෙනි. උග්‍ර විෂ සහිත සර්පයන් ඔහු ළඟ සිරකරගෙන සිටියේ අවශ්‍ය මොහොතකදී ප්‍රයෝජනයට ගැනීමටය. උන්ට පහර දී ප්රකෝපකර මරා දැමීමට අවැසි කෙනෙක් වෙතොත් බලහත්කාරයෙන්ම එකී සත්වයා සිටින බඳුනට අත දැම්මවීම එක් ක්රමයකි. ඇතැම් අයකුට බලෙන් වස පොවා තිබූ අතර පසුව එල්ලා දමා තිබුණි. එවන් තිරස්චීන අපරාධයන් සිදු කරමින් “කළු අධිරාජ්‍යක” කිරුල දැල්වූ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ කල දසාව නරක් වීමට වැඩි කලක් ගත නොවීය. එම අතරතුර ඒ වාඩියේම වැඩපළ කළ නවක සේවකයකු වූ ජයසේන නමැති තරුණයා පී.කේ.ඩී. පෙරේරා තරුණයා මරාදමනු ඇස් දෙකෙන්ම දුටුවා ය. එයින් බියට පත්වූ ඔහු රැකියාව හැරදමා යාමට හිතා ගත්තේය. කෙසේ හෝ පූරුවේ පිනකට ජයසේනට ගෙදර යෑමට හැකිවූයේය. වැඩි කතාබහක් නැති තමන්ගේ පාඩුවේ කල දවස ගෙවූ ජයසේන ගැන කිසිවකු එතරම් තැකීමක් නොකළ නිසා ඔහුගෙන් තමන්ට හානියක් නොවන බවට ඇල්ෆ්‍රඩ් සොයිසා සිතන්නට ඇත. පසු කලෙක නඩු විභාග වලදී ප්‍රබල සාක්ෂියක් වූයේ ජයසේනය. මෙලෙස තම ධනය බලය යොදවාගෙන අමු අමුවේ තමන්ට එරෙහි වූ මිනිසුන් මරා දැමූ ඇල්ෆ්‍රඩ් සොයිසා ට තම ඉරණමට තමන්ට එරෙහිව ද දිනයක් එන බව ඔහු නොදත්තේය. අනුරාධපුර ප්‍රදේශයේ නිවෙසක් තනා තම අනියම් බිරියත් සමඟ සුහද දිවියක් ගත කළ ඔහු නිතරම සුදු පැහැති කොට කලිසමකින් හා ටීෂර්ට් එකකින් සැරසී බූට් සපත්තු පැළැඳ ඩබල් බැරල් ගිනි අවිය පිටෙහි එල්ලාගෙන තම ගොවිපොළ වටා නිතර ඇවිදනු දකින්නට හැකිවිය. පොලිසියේ ඇතැම් ලොක්කන් සොයිසා සමඟ එකට විස්කි බිව්ව ද පොලිසියට බැඳුණු අලුත් නිලධාරියෙකු සමඟ සොයිසාගේ ගැටුම ඉතා ප්‍රබල විය. නලින් දෙල්ගොඩ නම් පොලිස් නිලධාරියා සොයිසාගේ කසිප්පු ගුදමට දැල එලන තුරු කිසිවකු එයට අත නොතැබීමට තරම් ප්‍රවේසම් වූහ. මෙයින් නාගයකු සේ කිපී සිටි සොයිසා තරුණ පොලිස් නිලධාරියා වනසා දැමීම සඳහා තුන් හතර වතාවක්ම උපක්‍රම යෙදුවේය. වරෙක ඔහුගේ යතුරු පැදිය වාහනයක ගැටීමට සලසා ඔහු මරා දැමිමට සැලසුම් කළ ද ඒ හැම එකක්ම ව්‍යවර්ථ විය. මේ වන විට මෙම අපරාධ පිළිබඳ රහස් පොලිසියට ඉව වැටී තිබුණේය. ක්‍රමයෙන් බොහෝ අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භවීමත් සමඟ ඇල්ෆ්‍රඩ් සොයිසාගේ මහා අධිරාජ්‍ය දෙදරා බිඳී යෑමට පටන් ගත්තේය. සන්දර සාගරගේත් පී.කේ.ඩී. පෙරේරාගේත් පවුල් වල අය ඔවුන් සොයමින් හැඬූ කඳුළින් පසු වෙද්දී සොයිසා කියා සිටියේ තමන්ද ඔවුන්ව සොයමින් සිටින බවයි. කෙසේ හෝ අපරාධයක් සදා වසන් කර තැබිය නොහැකිය යන්න සනාතන දහම අනුව එකී දෙදෙනාගේ ඝාතනවලට වගකිව යුතු බව බල පරාක්‍රමයෙන් ප්‍රමුදිතව සිටි දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා පොලිස් අත්අඩංගුවට පත්වූයේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය. සොයිසා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත්වන්නේ ඔහු යටතේ සේවය කර පසුව ඉන් ඉවත්ව ගිය සේවකයන්ම වීම සුවිශේෂී කරුණක් විය. ඔහුගේ ධන බලයට ඔහු එළිපිට සිටියදී විරුද්ධවීමට බියේ සිටි සියලු මිනිසුන් පසුව ඔහුට විරුද්ධව තමන් දන්නා දේ කීමට ඉදිරිපත් වූයේ වැල නොකැඩීය. වසර 10 ක් පුරා ආසන්න කාලයක් සිය කැලැත්තෑව රාජධානිය තුළ සිදු කළ මිනිස් ඝාතන එකිනෙක එළියට ඇදෙන්නට විය. තම සේවක පී.කේ.ඩී. පෙරේරාගේ ඝාතනය සිදුකර එතැනට ඩීසල් දමා පුළුස්සා තිබූ බවට සාධක මතුවිය. රස පරීක්ෂකවරයා විසින් එම ස්ථාන පරීක්ෂා කර බලා එහි පස හා ඩීසල් මිශ්‍රව තිබීම නිසා ඒ බව අධිකරණයට හෙළිකරන ලදී. ඒ අනුව ලබාගත් සාක්ෂි හා තොරතුරු 1966 නොවැම්බර් 18 වන දින මධ්‍යම රාත්රියේදී පී.කේ.ඩී පෙරේරා ඝාතනය කර පුළුස්සා දමන ලද බවට පැමිණිල්ල විසින් සැකයකින් තොරව හඳුනා ගන්නා ලදී. සන්දර සාගර ඝාතනය කළ ස්ථානය සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම බලවත් වෙහෙසක් දැරූ අතර එය එතරම් සාර්ථක නොවූ නිසා නඩු විභාගයේදී එය ඔප්පු කිරීමට තිබූ බලවත්ම බාධකය වූයේ එයයි. මෙම ස්ථානයේ තිබී හමුවූ හම්පටියක කොටස් ගලපා සැදු සම්පටියකින් නිර්මාණය පෙන්වන ලදුව සාක්ෂි දෙමින් හැඬූ කඳුළින් යුතුව එය තම පියාගේ බවට හඳුනාගත්තේ පී.කේ.ඩී පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වූ සුමනදාස ය. මෙහිදී ඉතා දැඩි පරිශ්රමයන් දරා පෙරේරාගේ ඝාතනය සියැසින් දුටු “ජයසේන” සොයා ගනු ලැබුවේ 1967 අපි‍්‍රයෙල් 15 වැනි දිනකදී රත්නපුර ප්‍රදේශයේ කඩයක වැඩ කරමින් සිටියදීය. එය විමර්ශකයන්ට ප්‍රබල ජයලග්රහණයක් වූයේ ඔහුගේ සාක්ෂිය ඉතා බරපතළ එකක් වූ නිසාය. ඒ අනුව පී.කේ.ඩී. පෙරේරා සහ ජූලියස් සන්දර සාගර යන දෙදෙනා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම, ඝාතනයට අනුබල දීම හා ඝාතනය කිරීම යන චෝදනා ගොනු කරමින් පොලිසිය විසින් විත්තිකරුවන්ට විරුද්ධව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී. පහළ උසාවියේ පැවති නඩු විභාගය සඳහා සොයිසා ට විරුද්ධව සාක්ෂි 200 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබිණි. තම යටහත් සේවකයන් විසින්ම තමන්ට එරෙහිව චෝදනා ගොනු කරන අයුරු ඉතා සන්සුන් ඉරියව්වෙන් යුතුව ඇල්ෆ්‍රඩ් සොයිසා බලා සිටියේ විත්ති කූඩුවේ සිටය. ඇතැම් විට තම ධනය බලය යොදා ප්‍රබල සාක්ෂිකරුවන් තමන් අතට ගැනීමට සොයිසා සැලසුම් කළද ඒවා ව්‍යවර්ථ වූයේය. දොස්තර සොයිසාගේ බලවත්කම කෙසේද යත් ඔහු අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකළ කාලය තුළ පවා නිදැල්ලේ ගත කිරීමට ලැබුණේ නිලධා රීන්ගේ ගැති බව නිසාය. විස්කි බ්‍රැන්ඩි බොමින් බන්ධනාගාරය තුළ ඔහු ගෙවන දිවිය අනාවරණය වීමෙන් පසු විශේෂ පරීක්ෂණයක් පවත්වා තත්ත්වය වෙනස් කිරීමට කටයුතු යෙදුණු අතර දූෂිත නිලධාරීන්ගේ සේවයද අත්හිටුවීමට සැලසීය. සොයිසාවද අනුරාධපුරයේ සිට බෝගම්බර හිරගෙදරට මාරු කරන ලදී. 1970 මැයි මස 12 වැනිදින මාස 06 ක් පුරා පැවති නඩු විභාගයකින් පසු ජූරියේද තීන්දුව මත පී.කේ.ඩී පෙරේරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් කරන ලදී. ඒ අනුව එළියාදුර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් දොස්තර සොයිසා, පියතාරගේ අරනෝලිස් නොහොත් පියදාස නොහොත් කළු ඇල්බට් ද, වැලිසරගේ විල්සන් ප්‍රනාන්දු යන විත්තිකරුවන්ට දඬුවම් නියම විය. ඔහු මහාධිකරණ තීන්දුවෙන් පසු ඇපැලක් ඉදිරිපත් කළ ද තීන්දුව එය ම විය. ඉන්පසු අඳුරු මරණ දඬුවම් කුටිය තුළ දෙවියන් යදිමින් කාලය ගත කළ දොස්තර සොයිසා කළ පව් ඔලෝගුවද පොදි බැඳගෙන 1971 ජනවාරි 05 වැනිදා හිමිදිරි උදෑසන 08.05 ට මරණීය පෝරකයට පා තැබුවේ කතෝලික ආගමේ සුප්‍රසිද්ධ ගීතිකා ද මහ හඬින් කියමිනි. දොස්තර ඇල්බට් සොයිසා මරා දමා හරියටම දින 05 න් කළු ඇල්බට් නොහොත් අරනෝලිස් අප්පුට ද නියම කළ මරණීය දණ්ඩනය නියම විය. විලී මාමා නොහොත් වැලිසර ලියන්ගේ විලියම් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූයේ ඔහුගේ වියපත් බව හා රෝගී බව ගැන සානුකම්පිතව සලකාය. 1983 වර්ෂයේදී ඔහු අවසන් හුස්ම හෙළුවේ සිරගෙදර දඬුවම් විඳිමින් සිටියදීමය. ධනය බලය තම ආත්මය කරගනිමින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරමින් තම අසම්මත රාජධානිය තුළ ඔටුණු පළඳිමින් ජීවිතයේ ආශ්වාදය සෙවූ දොස්තර සොයිසාට සියලු දේ අතහැර දමමින් බියකරු මරණය මතක් වෙද්දීය. කෙතරම් අපරාධ කළ ද බියගුළු මිනිසකු වූ ඔහු පොලිසිය අත්ඩංගුවට පත්වන විට ජනේලයකින් පැන දිවගොස් සැඟවුණේ අසල නිවෙසක ඇඳක් යටය. ඉන් ඉවතට ගන්නා විට මළ මුත්‍ර පහවී ඇඳුම් අපවිත්‍රවී තිබුණු බව පැවසේ. මහත් උත්සාහයෙන් ජීවිතය ඇරඹූ දොස්තර සොයිසා ධන කුවේරයෙකු සේ ජීවිතය ජය ගත්තේය. එහෙත් ධනයම ජීවිතය කරගත් ඔහු අවසානයේ මනුශ්‍යත්වය පළවා හැරි අමනුශ්යයකු සේ වියරුව කටයුතු කිරීම නිසා ඔහුගේ අවසානය සැබෑ ලෙස ඛේදාන්තයක් විය. එවන් මිනිසකු තුළ සිදුවූ මෙවන් විපර්යාසය සමාජ විද්‍යඥයින්ට අදටත් විසඳිය නොහැකි ගැටලුවක් නොවනු නොඅනුමානය. කැලැත්තෑවේ ද්විත්ව මිනීමැරුම හා එම මිනීමැරුම හා බැඳුණු නඩු විභාගය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගන්නකි. ඉතා සංවිධානාත්මකව සිදුකළ අපරාධ රැසක සුලමුල මෙමඟින් අනාවරණය වීමත් මෘත ශරීරයක් නොමැතිව මිනීමැරුම් චෝදනා අධිකරණය හමුවේ ඉදිරිපත් කර චූදිතයන් පෝරකයට රැගෙන යාමටත් මෙම අපරාධ විමර්ශනය කළ නිලධාරීන්ට හැකිවිය.[/COLOR][/SIZE] Source : Dinamina 2012 June 12 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom