Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
වසර 2600කට පෙර බුදුන් වැඩිය මියුගුණ පුදබිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 2600කට පෙර බුදුන් වැඩිය මියුගුණ පුදබිම

බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාවෘත්ත, ජනප්‍රවාද, ලේඛන හා පාරම්පරික මතකවලට ද ලැබුණේ ප්රමුඛ ස්ථානයකි.

සිදුහත් කුමරු ගිහිගෙය කළකිරි බුදු බව සොයා ගියේය. බුදුවී නම වැනි මාසයෙහි දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළහ. මහා වංශයෙහි සඳහන් වන පරිදි ඒ ප්‍රථම ලංකා ගමනයේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ.

උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැගි පෙළහර පෑ බවද අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සඳහන් වේ.

අපි දැන් මහා වංශයට යොමුවෙමු. ශත්රැ මර්දනය කරන ශීලිවූ සර්වඥතෙම උරුවෙල් කස්ප් නම් ජටිලයාගේ මහායාගය එළැඹ සිටි කල්හී තමන් නොර්මෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනැවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක්හි ලංකාද්වීපය, ශුද්ධ කරනු පිණිස, ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනැකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයින් බැහැර කටයුතු යැයි ද දක්නා ලදී.

ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය.

ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මයියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාකාන්ධකාරය මැවූ සේක භීතියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුනට මෙසේ වදාළ සේක.

”යක්ෂයනි තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතැන්හිම හිඳිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද?

නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලූම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැයි ඒ සියලූම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ.

ඔවුන්ගේ බිය ද, ශීතය ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අකුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක්කොට හාත්පසින් විශාල කළ සේක.

ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්නයෙහි හාත්පසින්ම සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන් රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වත්කළ තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලූ සේක. (එකල්හි දෙවියෝ සර්වඥයන් වහ්නසේ කරා පැමිණියෝය.) ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීන තිසරණ පන්සිල්හි පිහිටියෝය යනුවෙන් මහාවංශයේ සඳහන්වේ.

එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති.

ඔහු මෙසේ පවසයි. යක්ෂ කියන්නේ ගෝත්‍රයක්. අපේ මියයන අය යක්ෂයන් වී උපදින බව අපේ විශ්වාසයයි. ඒ අපේ නෑයකුන්. ඔවුන් අදහන්න පුදන්න අප පුරුදුවී සිටිනවා. ඔවුන් දත් විළිස්සූ භයානක පිරිසක් නොවෙයි. මිනිසුන් කොටසක්. බුදුන් වහන්සේ වැඩි කාලයේත් යක්ෂ, නාග ආදී ගෝති‍්‍රකයන් ඇසුරේ හිටියා.

මහියංගණය ප්‍රදේශයේ විශාල වශයෙන් අපේ නෑ යකුන් ඉඳල තියෙනවා. එම කාන්තාවන් පවා විලිවහන්න ඇඳුම් ඇඳගත් ශිෂ්ට පිරිසක් බව විහාරයේ චිත්රවලින්ම පෙනෙනවා. ආගන්තුකයෙක්, නාඳුනන කෙනෙක් තම ප්‍රදේශයට ආවම සැකයෙන් බලන එක ඕනෑම කෙනකුගේ සිරිතක්. අවසරයක් නැතිව ආව බුදුන් වහන්සේට (යක්ෂ ගෝති‍්‍රකයන්) අපේ අය විරෝධය පාල තියෙන්නේ ඒ නිසයි. එවිට බුදුන් වහන්සේ තමා කව්දැයි දැන ගැනීම සඳහා පෙළහර පාලා තියෙනවා.

ඒ උත්තමයා කව්දැයි තේරුම් ගැනීමෙන් පසු අපේ අයත් බණ අහල මහවැලි ගෙඟන් එගොඩවෙලා ඔවුන් ජීවත්වූ කඳු මුදුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව බුදුන් වහන්සේ අපේ අය බයට පත්කරල ගිරිදිවයිනකට පළවා හැරියයි කියන කතාව අපි නම් විශ්වාස කරන්නේ නැහැ.

මොකද? බුදුන් වහන්සේ කාටවත් හිරිහැර කළ කෙනෙක් හෝ බියට පත්කළ කෙනෙක් නොවෙයි. තමා ඝාතනයට පැමිණි අංගුලිමාලට මෙන්ම නාලාගිරි ඇතා ද බියට පත්කළේ නැහැ. බොහොම කරුණාවෙන් ඒ අයට කරුණු අවබෝධ කර දුන්නා. අපි නෑයකුන් අදහන පිරිසක්. ඒ වගේම බුදුන් වහන්සේත් අදහනවා. අපි පන්සල් යනවා බුදුන් වඳිනවා. දානය දෙනවා.

මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති මමයි. වැදි අනන්‍යතාවය ඇති පස් දෙනෙක් ”මාවරගල”දී පැවිදිවෙලා තියෙනවා යැයි ද වන්නියලැ ඇත්තෝ පැවැසූහ.

මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික (ඇසළ) පෙරහර අවසන් දිනයේ අලූයම් කාලයේ මහියංගණ චෛත්‍යය වැඳ පුදා ගැනීමට වැදි ජනයා පෙරහරින් පැමිණෙති. ඔවුන් අත දිග රිටි දක්නට ඇත. රිටි උඩට විසිකරමින් ඒ මේ අත සහ පොළොවේ ගසමින්. ආවේශ වූ පිරිසක් මෙන් රංගනයක යෙදෙති. එසේ රඟමින් චෛත්‍යය වටේට ද පන්සල් භූමියේ ද සැරිසරා රිටි කෑලි කෑලිවලට කැඩුන පරිදි අලූයම් කාලයේ මහවැලි ගඟට පැන එගොඩ පීනා යති. මේ අනුව මහා වංශයේ සඳහන් පුරාවෘත්තයට වැදි ජනයාගේ මේ හැසිරීම සාක්ෂියක් බව සමහරු කියති. බුදුන් වහන්සේ අහස්කුස වැඩසිට අන්ධකාරයක් මවා යක්ෂයන් දමනය කිරීම හා ඔවුන් දමනය කොට ගිරි දිවයිනට පළවා හැරීම මේ නිරූපනය බව ද කියති.

වැදිනායක වන්නියලැඇත්තෝ පවසන්නේ නාඳුනන පුද්ගලයකු වූ බුදුන් වහන්සේට විරෝධපෑම මෙහිදී සංකේත වුවත් ගිරිදිවයිනට පළවා හැරීමක් නොවූ බවයි. ඔහු යළිත් අවධාරණය කළේ දහම් අසා යක්ෂ ගෝති‍්‍රකයන්. මහවැලි ගෙඟන් එගොඩව තමන් විසූ කඳු මුදුන්වලට ගිය බව මෙතුළින් සංකේතවත් කරන බවයි.ලංකාවේ පළමු වැනි චෛත්‍යය ගොඩනංවා ඇත්තේ කතාබහට ලක්වූ මෙම ස්ථානයේය.

මහියංගණ චෛත්‍යය ඉදිවූයේ කෙසේද?

සමන්තකූට පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ දෙවිරජ තෙමේ බුදු රජාණන් වහන්සේගෙන් පූජා කිසිවක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රත්තරන් කරඬුවකින් එය පිළිගත් දෙව්රජ බුදුන් වහන්සේ වැඩ සිටි තැන සත් රියන් දිග අවට එක්විසි රියන් ඇති රුවන් රැසෙක තබා එය ඉන්ද්රඛීල චෛත්‍යයකින් වැසීය.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වඥ නම් සමිඳුන් සඳුන් දර සෑයෙන් සර්වඥ ගී‍්‍රවා ධාතුව ගෙන දොළොස් රියන් සෑයක් කළේය. දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා වූ උද්ධචූලාභය මේ චෛත්‍යය තිස්රියන් කොට මියුගුණ සෑය කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු දුටු ගැමුණු රජු විසින් මෙම සෑය තවත් විශාල කරවා ඇත.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් මහියංගණයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.

සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුදන ලද්දේ මේ බෝ සෙවණේදීය. ”ස්වාමීනී මාගේ මේ කුමරුවා මහා සංඝයා වහන්සේගේද බෝධීන් වහන්සේගේ ද සරණ යන්නේයි. කුමරතෙම මෙතැන් පටන් සංඝබෝධි නම් වේවායි” පවසා සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුද ලැබ තිබේ. කුමරු හොවා තැබූ ගල් පුවරුව අදත් මේ බෝ සෙවණේ දැකිය හැකිය. පිය රජුගේ අභාවයෙන් පසු සත් හැවිරිදි සඟබෝකුමරු සිය මාමා වූ නන්ද මහ තෙරුන් ඇසුරෙහි වැඩුණේය.

වෝහාර තිස්ස රජුගෙන් බේරීමට ඔහුට මහියංගණ විහාරය හොඳ ස්ථානයක් විය. සිරිසඟබෝ රජු මේ බෝ සෙවණේ දී සියලූ ආභරණ ගලවා දමා සිවුරු පොරවා තිබේ.

පළමුවැනි විජයබාහු රජු සොළීන් සමග සටන් කරන කාලයේ දී මහියංගණයේ කඳවුරු බැඳ සිටියේය. එවකට මහියංගන දාගැබ නටබුන්ව පැවැතියේය. රජතුමා ජයග්රහණයෙන් පසු දාගැබ පිළිසකර කරවා ගම්බිම් පුදා ඇත. පොළොන්නරු යුගයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු මියුගුණ මහ වෙහෙර ප්‍රතිසංස්කරණය කළේය. දෙවැනි විමලධර්මසූරිය රජ දවස (කි‍්‍ර.ව. 1687-1707 ඕලන්ද හමුදාව මියුගුණ වෙහෙර කොල්ල කෑ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

මහියංගණ විහාරස්ථානයේ පාලන තනතුරට භික්ෂුන් වහන්සේ නමක් පත් කිරීම අස්ගිරි මහා පරපුරෙන් සිදුවේ. 1851 දී අධිපතිධුරයට පත්වූ අතිගරු ඉඳමළුගොඩ ධම්මපාල හිමියෝ මහියංගණ සෑය පිළිසකර කරවා ගර්භය සාදවා ධාතු නිධානය ද කරවා ඇත. එම ප්‍රතිසංස්කරණයේ දී දුටු ගැමුණු රජු විසින් කරවූ රන් මුවා සධාතුක කරඬුව ද මෙහිදී හමුවී ඇත.

1949 වනවිට ගර්භයේ උඩකොටස කඩා වැටී පැවතිණ. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්ත්වයකට පත්විය. ලංකාවට නිදහස ලැබුණහොත් ලංකාවේ ප්‍රථම ස්තූපය වූ මහියංගන දාගැබ ප්‍රතිසංස්කරණය කරන බවට ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා අධිෂ්ඨාන කරගත් බව කියති.

ඒ අනුව ලංකාවට නිදහස ලැබූ අගමැතිවරයාගේ ප්‍රථම කාර්ය වූයේ මෙම සෑයේ ප්‍රතිසංස්කරණ ඇරැඹීමයි.

එම ප්රතිසංස්කරණයෙන් පසු 1961 සැප්තැම්බර් මස 21 වන දින ඞී.එස්. සේනානායක මහතා විසින් කොත පළඳවා තිබේ.

එදා මෙදා තුර මෙම විහාරස්ථානයේ නාහිමිවරුන් හා භාරකාර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරවා ඇත. මෑත භාගයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුදීම රක්ඛිතාභිධාන මා හිමියන්ගේ හා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගණ විහාරයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීම යටතේ ඉතිහාසයේ නොවූ තරම් වූ සංවර්ධනයක් සිදුකර තිබේ.

බුදුන් වහන්සේ මියුගුණ පුද බිමට වැඩම කර වසර 2600ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පින්කම් මාලාව මේ මස 7, 8, 9 යන දිනයන්හි පැවැත්වේ. (8 වනදා) දුරුතු පෝය දා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.

http://www.lankadeepa.lk/index.php/articles/21131

[QUOTE="Wild Cat, post: 19918235, member: 557050"] [b]වසර 2600කට පෙර බුදුන් වැඩිය මියුගුණ පුදබිම[/b] [SIZE="4"]බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාවෘත්ත, ජනප්‍රවාද, ලේඛන හා පාරම්පරික මතකවලට ද ලැබුණේ ප්රමුඛ ස්ථානයකි. සිදුහත් කුමරු ගිහිගෙය කළකිරි බුදු බව සොයා ගියේය. බුදුවී නම වැනි මාසයෙහි දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළහ. මහා වංශයෙහි සඳහන් වන පරිදි ඒ ප්‍රථම ලංකා ගමනයේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ. උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැගි පෙළහර පෑ බවද අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සඳහන් වේ. අපි දැන් මහා වංශයට යොමුවෙමු. ශත්රැ මර්දනය කරන ශීලිවූ සර්වඥතෙම උරුවෙල් කස්ප් නම් ජටිලයාගේ මහායාගය එළැඹ සිටි කල්හී තමන් නොර්මෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනැවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක්හි ලංකාද්වීපය, ශුද්ධ කරනු පිණිස, ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනැකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයින් බැහැර කටයුතු යැයි ද දක්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය. ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මයියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාකාන්ධකාරය මැවූ සේක භීතියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුනට මෙසේ වදාළ සේක. ”යක්ෂයනි තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතැන්හිම හිඳිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද? නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලූම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැයි ඒ සියලූම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ. ඔවුන්ගේ බිය ද, ශීතය ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අකුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක්කොට හාත්පසින් විශාල කළ සේක. ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්නයෙහි හාත්පසින්ම සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන් රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වත්කළ තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලූ සේක. (එකල්හි දෙවියෝ සර්වඥයන් වහ්නසේ කරා පැමිණියෝය.) ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීන තිසරණ පන්සිල්හි පිහිටියෝය යනුවෙන් මහාවංශයේ සඳහන්වේ. එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති. ඔහු මෙසේ පවසයි. යක්ෂ කියන්නේ ගෝත්‍රයක්. අපේ මියයන අය යක්ෂයන් වී උපදින බව අපේ විශ්වාසයයි. ඒ අපේ නෑයකුන්. ඔවුන් අදහන්න පුදන්න අප පුරුදුවී සිටිනවා. ඔවුන් දත් විළිස්සූ භයානක පිරිසක් නොවෙයි. මිනිසුන් කොටසක්. බුදුන් වහන්සේ වැඩි කාලයේත් යක්ෂ, නාග ආදී ගෝති‍්‍රකයන් ඇසුරේ හිටියා. මහියංගණය ප්‍රදේශයේ විශාල වශයෙන් අපේ නෑ යකුන් ඉඳල තියෙනවා. එම කාන්තාවන් පවා විලිවහන්න ඇඳුම් ඇඳගත් ශිෂ්ට පිරිසක් බව විහාරයේ චිත්රවලින්ම පෙනෙනවා. ආගන්තුකයෙක්, නාඳුනන කෙනෙක් තම ප්‍රදේශයට ආවම සැකයෙන් බලන එක ඕනෑම කෙනකුගේ සිරිතක්. අවසරයක් නැතිව ආව බුදුන් වහන්සේට (යක්ෂ ගෝති‍්‍රකයන්) අපේ අය විරෝධය පාල තියෙන්නේ ඒ නිසයි. එවිට බුදුන් වහන්සේ තමා කව්දැයි දැන ගැනීම සඳහා පෙළහර පාලා තියෙනවා. ඒ උත්තමයා කව්දැයි තේරුම් ගැනීමෙන් පසු අපේ අයත් බණ අහල මහවැලි ගෙඟන් එගොඩවෙලා ඔවුන් ජීවත්වූ කඳු මුදුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව බුදුන් වහන්සේ අපේ අය බයට පත්කරල ගිරිදිවයිනකට පළවා හැරියයි කියන කතාව අපි නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද? බුදුන් වහන්සේ කාටවත් හිරිහැර කළ කෙනෙක් හෝ බියට පත්කළ කෙනෙක් නොවෙයි. තමා ඝාතනයට පැමිණි අංගුලිමාලට මෙන්ම නාලාගිරි ඇතා ද බියට පත්කළේ නැහැ. බොහොම කරුණාවෙන් ඒ අයට කරුණු අවබෝධ කර දුන්නා. අපි නෑයකුන් අදහන පිරිසක්. ඒ වගේම බුදුන් වහන්සේත් අදහනවා. අපි පන්සල් යනවා බුදුන් වඳිනවා. දානය දෙනවා. මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති මමයි. වැදි අනන්‍යතාවය ඇති පස් දෙනෙක් ”මාවරගල”දී පැවිදිවෙලා තියෙනවා යැයි ද වන්නියලැ ඇත්තෝ පැවැසූහ. මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික (ඇසළ) පෙරහර අවසන් දිනයේ අලූයම් කාලයේ මහියංගණ චෛත්‍යය වැඳ පුදා ගැනීමට වැදි ජනයා පෙරහරින් පැමිණෙති. ඔවුන් අත දිග රිටි දක්නට ඇත. රිටි උඩට විසිකරමින් ඒ මේ අත සහ පොළොවේ ගසමින්. ආවේශ වූ පිරිසක් මෙන් රංගනයක යෙදෙති. එසේ රඟමින් චෛත්‍යය වටේට ද පන්සල් භූමියේ ද සැරිසරා රිටි කෑලි කෑලිවලට කැඩුන පරිදි අලූයම් කාලයේ මහවැලි ගඟට පැන එගොඩ පීනා යති. මේ අනුව මහා වංශයේ සඳහන් පුරාවෘත්තයට වැදි ජනයාගේ මේ හැසිරීම සාක්ෂියක් බව සමහරු කියති. බුදුන් වහන්සේ අහස්කුස වැඩසිට අන්ධකාරයක් මවා යක්ෂයන් දමනය කිරීම හා ඔවුන් දමනය කොට ගිරි දිවයිනට පළවා හැරීම මේ නිරූපනය බව ද කියති. වැදිනායක වන්නියලැඇත්තෝ පවසන්නේ නාඳුනන පුද්ගලයකු වූ බුදුන් වහන්සේට විරෝධපෑම මෙහිදී සංකේත වුවත් ගිරිදිවයිනට පළවා හැරීමක් නොවූ බවයි. ඔහු යළිත් අවධාරණය කළේ දහම් අසා යක්ෂ ගෝති‍්‍රකයන්. මහවැලි ගෙඟන් එගොඩව තමන් විසූ කඳු මුදුන්වලට ගිය බව මෙතුළින් සංකේතවත් කරන බවයි.ලංකාවේ පළමු වැනි චෛත්‍යය ගොඩනංවා ඇත්තේ කතාබහට ලක්වූ මෙම ස්ථානයේය. මහියංගණ චෛත්‍යය ඉදිවූයේ කෙසේද? සමන්තකූට පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ දෙවිරජ තෙමේ බුදු රජාණන් වහන්සේගෙන් පූජා කිසිවක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රත්තරන් කරඬුවකින් එය පිළිගත් දෙව්රජ බුදුන් වහන්සේ වැඩ සිටි තැන සත් රියන් දිග අවට එක්විසි රියන් ඇති රුවන් රැසෙක තබා එය ඉන්ද්රඛීල චෛත්‍යයකින් වැසීය. බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වඥ නම් සමිඳුන් සඳුන් දර සෑයෙන් සර්වඥ ගී‍්‍රවා ධාතුව ගෙන දොළොස් රියන් සෑයක් කළේය. දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා වූ උද්ධචූලාභය මේ චෛත්‍යය තිස්රියන් කොට මියුගුණ සෑය කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු දුටු ගැමුණු රජු විසින් මෙම සෑය තවත් විශාල කරවා ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් මහියංගණයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ. සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුදන ලද්දේ මේ බෝ සෙවණේදීය. ”ස්වාමීනී මාගේ මේ කුමරුවා මහා සංඝයා වහන්සේගේද බෝධීන් වහන්සේගේ ද සරණ යන්නේයි. කුමරතෙම මෙතැන් පටන් සංඝබෝධි නම් වේවායි” පවසා සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුද ලැබ තිබේ. කුමරු හොවා තැබූ ගල් පුවරුව අදත් මේ බෝ සෙවණේ දැකිය හැකිය. පිය රජුගේ අභාවයෙන් පසු සත් හැවිරිදි සඟබෝකුමරු සිය මාමා වූ නන්ද මහ තෙරුන් ඇසුරෙහි වැඩුණේය. වෝහාර තිස්ස රජුගෙන් බේරීමට ඔහුට මහියංගණ විහාරය හොඳ ස්ථානයක් විය. සිරිසඟබෝ රජු මේ බෝ සෙවණේ දී සියලූ ආභරණ ගලවා දමා සිවුරු පොරවා තිබේ. පළමුවැනි විජයබාහු රජු සොළීන් සමග සටන් කරන කාලයේ දී මහියංගණයේ කඳවුරු බැඳ සිටියේය. එවකට මහියංගන දාගැබ නටබුන්ව පැවැතියේය. රජතුමා ජයග්රහණයෙන් පසු දාගැබ පිළිසකර කරවා ගම්බිම් පුදා ඇත. පොළොන්නරු යුගයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු මියුගුණ මහ වෙහෙර ප්‍රතිසංස්කරණය කළේය. දෙවැනි විමලධර්මසූරිය රජ දවස (කි‍්‍ර.ව. 1687-1707 ඕලන්ද හමුදාව මියුගුණ වෙහෙර කොල්ල කෑ බවත් ඉතිහාසයේ සඳහන් වේ. මහියංගණ විහාරස්ථානයේ පාලන තනතුරට භික්ෂුන් වහන්සේ නමක් පත් කිරීම අස්ගිරි මහා පරපුරෙන් සිදුවේ. 1851 දී අධිපතිධුරයට පත්වූ අතිගරු ඉඳමළුගොඩ ධම්මපාල හිමියෝ මහියංගණ සෑය පිළිසකර කරවා ගර්භය සාදවා ධාතු නිධානය ද කරවා ඇත. එම ප්‍රතිසංස්කරණයේ දී දුටු ගැමුණු රජු විසින් කරවූ රන් මුවා සධාතුක කරඬුව ද මෙහිදී හමුවී ඇත. 1949 වනවිට ගර්භයේ උඩකොටස කඩා වැටී පැවතිණ. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්ත්වයකට පත්විය. ලංකාවට නිදහස ලැබුණහොත් ලංකාවේ ප්‍රථම ස්තූපය වූ මහියංගන දාගැබ ප්‍රතිසංස්කරණය කරන බවට ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා අධිෂ්ඨාන කරගත් බව කියති. ඒ අනුව ලංකාවට නිදහස ලැබූ අගමැතිවරයාගේ ප්‍රථම කාර්ය වූයේ මෙම සෑයේ ප්‍රතිසංස්කරණ ඇරැඹීමයි. එම ප්රතිසංස්කරණයෙන් පසු 1961 සැප්තැම්බර් මස 21 වන දින ඞී.එස්. සේනානායක මහතා විසින් කොත පළඳවා තිබේ. එදා මෙදා තුර මෙම විහාරස්ථානයේ නාහිමිවරුන් හා භාරකාර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරවා ඇත. මෑත භාගයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුදීම රක්ඛිතාභිධාන මා හිමියන්ගේ හා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගණ විහාරයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීම යටතේ ඉතිහාසයේ නොවූ තරම් වූ සංවර්ධනයක් සිදුකර තිබේ. බුදුන් වහන්සේ මියුගුණ පුද බිමට වැඩම කර වසර 2600ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පින්කම් මාලාව මේ මස 7, 8, 9 යන දිනයන්හි පැවැත්වේ. (8 වනදා) දුරුතු පෝය දා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.[/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/DSC06874.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/DSC06873.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/DSC06862.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/DSC06863.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/DSC06857.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2012/01/DSC06866.jpg[/IMG][/CENTER] [URL="http://www.lankadeepa.lk/index.php/articles/21131"]http://www.lankadeepa.lk/index.php/articles/21131[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom